෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මේකේ හිටිය රෝස කැකුල මධුවා...මධුවා...
    පොස්ට්ස් වලින් එක ගත්තේ මධුවා...මධුවා...
    අපිත් එක්ක අමනාපෙන්ද මධුධුධුවා....
    මධුවා නැතුව හරි පාලුයි මධුවා....
    ;)

    Uta kiyanne nethuwa henry ya meka denma kiyala u tharaha wela
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව්.ජීවනුයි දිමුත් කරුණාරත්නයි හිටියනම් මේ match එක ගේමක් නෑ අපිට :yes::yes:

    :yes:ඡිවන් මෙන්ඩිස් වගේ ක්‍රිඩකයෙක් ගේ හිනාවත් වටිනවා .අපිට ඌ නැති එක ලොකු අඩුවක් හදිස්සියකට කැච් එකක් වත් අතඅරින්න එකෙක් නෑ නේ.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඡිවන් මෙන්ඩිස් නැති එක ලොකු අඩුවක් ..

    aththa_logo.jpg


    Uta kiyanne nethuwa henry ya meka denma kiyala u tharaha wela

    palayan yanna boru nokiya..:lol:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් හිතන්නේ හේරත් හෙට ගහයි මුන් මේ මයින්ඩ් ගේම් එකක් කරන්නේ බොරැවට ආබාධ කියල කුසල්ව ඔපන් එන කතා කියලා වෙන ගේමක් යන්නේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes:ඡිවන් මෙන්ඩිස් වගේ ක්‍රිඩකයෙක් ගේ හිනාවත් වටිනවා .අපිට ඌ නැති එක ලොකු අඩුවක් හදිස්සියකට කැච් එකක් වත් අතඅරින්න එකෙක් නෑ නේ.

    අපේ වාසනාව ගෙනාපු එවුන් ඔක්කොම එළියේ :(
    ජීවන්,දිමුත්,චන්දිමාල් :(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කුලසේකර ය නම් හරියන්නේ නෑ ස්කොට් ලන්තෙට වැඩ දැම්මට 120 ට දාල දකුණු අප්‍රිකාවේ විකට් ගන්න නම් බෑ .මාලිංග,ලක්මාල්,චමීර දැම්මොත් හොදයි .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඩිල්ශාන් ඔවර් දහයම දාන්න ඔනේ බොලේ ස්වින්‍ග් වෙන්නේ නැතිනම් පලවෙනි ඔවර් පහ ඇතුලත ඩිල්ශාන්ව ගේන්න ඔනේ හැබැයි අම්ලට බැට් කරන්න සේට් කරන්න නෙවෙයි ඩී කොක්ට බොල් දාන්න ඩිවිලියර්ස්ට සොලෝ බොල් තමා හරියන්නේ මැතිව්ස් තමා එකට හරියන්නේ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ මේ වන විට සිටින ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා ඔහුය. නිතරම කටහඬ අවදි නොකරන නමුත් අවශ්‍යම මොහොතේදී කණ්ඩායමට නිසි මග පෙන්වා දෙමින් ලෝක කුසලානය සොයා ඇදෙන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පරිණතම පිතිකරුවා වන මහේල ජයවර්ධන මේ සහභාගි වන්නේ තමන්ගේ අවසන් අන්තර්ජාතික තරගාවලියටයි.

    ටෙස්ට් සහ විස්සයි:20 තරග වලින් දැනටමත් සමුගෙන සිටින මහේල ජයවර්ධන, මෙම ලෝක කුසලාන තරගාවලිය නිමාවේදී එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන්ද සමුගැනීමට තීරණය කර අවසානය.

    වසර 18 ක් පුරා අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ අස්සක් මුල්ලක් නෑර කරක් ගැසූ මහේල 2007 දී ලෝක කුසලාන තරගාවලියේදීත් 2012 දී විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදීත් ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මහ තරග දෙකකට කැඳවාගෙන ගිය නායකයාද වූයේය.

    දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව තීරණාත්මක අර්ධ අවසන් පූර්ව තරගය අත පොවන මායිමේ තිබියදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උත්සාහය, ආකල්ප සහ අභියෝග සම්බන්ධයෙන් මහේල සමගින් කළ පිළිසඳරක් මෙසේ සටහන් වෙයි.

    ප‍්‍රශ්නය :
    ඉතාමත් තීරණාත්මක තරගයක්. ඒත් ඇෆ්ඝනිස්ථානයත් එක්ක තිබ්බ තරගයේදී ලබාගත් ශතකයෙන් පස්සේ ඔබට වැඩිපුර යමක් කරන්න බැරිවුණා. සිඞ්නි පිටියේදී මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

    මහේල
    :
    මේක තවත් එක තරගයක් වගේ තමයි සලකන්නේ. ඒ දවස උදාවෙනකම් බලාගෙන ඉන්නවා. මා දන්නවා ඇෆ්ඝනිස්ථානයත් එක්ක තිබ්බ තරගයෙන් පස්සේ මට එච්චර දෙයක් කරන්න ලැබුණේ නෑ තමයි. ඒත් පිතිකරු ලයිස්තුවේ මට උඩින් එන අය ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නානේ. ඒක නිසා ප‍්‍රශ්නයක් නෑ. ඒක දිගටම වෙනවා නම් හොඳයි. ඒත් ඔවුන් අසාර්ථක වුණොත් වගකීම ආයෙත් මගේ කරපිට පැටවෙනවා. මම ඒකට සූදානම්.

    මේ වගේ විශාල තරගාවලිවලදි, විශාල තරග වලදි, අපි ඉතාමත් හොඳින් කී‍්‍රඩා කරනවා. හැම දෙනාම එකාවගේ සෙල්ලම් කරනවා. මේ තරගයේදීත් කරන්න තියෙන්නේ එච්චරයි. වැදගත්ම දේ තමයි කලබල වෙන්නේ නැතිව, අපි සකස් කරන සැලැස්ම නිවැරදිව කි‍්‍රයාත්මක කිරීමයි.

    ප‍්‍රශ්නය :

    ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ පුරුද්දක් තමයි ඔවුන් හරියටම අවශ්‍ය තැනදි (මේ වගේ විශාල තරග වලදී* හිස එසවීම. මේ තත්ත්වය ඇතිකරගන්න විශේෂ උපක‍්‍රමයක් තියෙනවාද?

    මහේල
    :
    අපි අපව විශාල පිඩනයකට තල්ලූකරගන්නේ නෑ. අපි අප දන්නා කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වෙනවා. ඒත් අපි අපිවම පීඩනයකට තල්ලූ කරගත්තොත් ඒ කී‍්‍රඩාව සැහැල්ලූවෙන් කරගෙන යන්න බෑ. එය අපේ මනසට බලපානවා. ඒ නිසා අප හිතන විදිහ සහ ඒ ඒ අවස්ථාවේදී කි‍්‍රයාත්මක වන ආකාරය වෙනස් වෙනවා.

    අපි දැනටමත් කී‍්‍රඩකයන්ට කියලා තියෙන්නේ තරගයට ගිහින් තමන් දන්නා කි‍්‍රකට් කී‍්‍රඩාව සතුටෙන් විනෝදයෙන් කරන්න කියලයි. අවසාන ප‍්‍රතිඵලය මොකක් වුණත් ඒ ගැන එච්චර හිතන්න නරකයි. අපි හොඳට තරග කරනවා නම් එයින් පස්සේ ප‍්‍රතිඵලය ගැන කතාකළ හැකියි. ඒත් අපි දිනුම ගැනම හිතන්න හිතන්න අපට මේ වැඬේ අමාරු වෙනවා.

    අපි දීර්ඝ කාලයක් කළේ ඒ දේම තමා. එයින් අපට ඉතාමත් සාර්ථක ප‍්‍රතිඵල ලැබුණා. ඒ මිසක වෙනත් රහසක් මෙතන නෑ. අපි කළේ ඒ වෙලාවේ තිබෙන තත්ත්වය පාලනය කරගෙන එන දේට මුහුණ දීමයි. පීඩනය දරා ගන්නවා කියන්නේ ඒකයි. අපි ඒක අනෙක් අයට වඩා හොඳින් කරලා තියෙනවා.

    ප‍්‍රශ්නය :
    එක්දින තරග 447 ක් හා ටෙස්ට් තරග 100 කට වැඩි ප‍්‍රමාණයක් කී‍්‍රඩා කරලත් ඔබ මේ තරමට කි‍්‍රකට් කී‍්‍රඩාව කෙරේ ඔබේ අවධානය රඳවාගෙන ඉන්නේ කොහොමද ?

    මහේල
    :
    කී‍්‍රඩා කරමින් වින්දනයක් ලැබීමත් දිගින් දිගටම දස්කම් දැක්වීමට තියෙන ආශාවත් තමයි මාව මේ තරම් කි‍්‍රකට් කී‍්‍රඩාව වෙත රඳවා ගන්නේ. ඒත් එහෙම විනෝද වෙන්නත්, දස්කම් දැක්වීමට ආශාවකුත් නැත්නම් කී‍්‍රඩාව නවත්වන එක තමයි වඩාත් හොඳ. ඒත් මා මෙච්චර කාලයක් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වුණේ මට එහෙම එපා වීමක් තිබුණේ නැති නිසා. ඒත් මේ තරගාවලියෙන් පස්සේ මම නවතින්න යන්නේ මම කී‍්‍රඩා කිරීම නවත්වන්න කාලය හොඳයි කියලා මටම හිතෙන නිසා.

    අනෙක අපේ වයසත් ටිකෙන් ටික වැඩිවෙනවානේ. ඒ නිසා ඊළ`ග පරම්පරාවේ කී‍්‍රඩකයන් මේ වගකීම් බාරගන්න ඕනේ. ඒත් ඔවුන් එයින් කිසියම් වින්දනයක් ලබන්නේ නැත්නම්, දිගින් දිගටම දස්කම් දක්වන්න තදබල ආශාවක් නැත්නම්, මා හිතන්නේ ඔවුනුත් ඉක්මනින්ම කි‍්‍රකට් ගහන එක නැවැත්වුවොත් හොඳයි. අපි මේ තරග වල තවමත් යමක් කරනවා නම් ඒ ඒකට තියෙන තදබල ආශාව නිසයි. මා හෙට පැවැත්වෙන තරගයේදීත් එවැනි දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    ප‍්‍රශ්නය :

    පිළිමළුන් පිටුදැකීමේ තරග ජයගන්නා ආකාරය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් හොඳින්ම දන්නවා. ඒත් දකුණු අපි‍්‍රකානුවන්ට නම් ඒ ගැන කිසිම වැටහීමක් නැති පාටයි. ඔවුන් මෙතෙක් සහභාගි වූ සෑම ලෝක කුසලාන තරගාවලියකම පිළිමළුන් පිටුදැකීමේ වටයේදී අසාර්ථක වෙලා තියෙනවා. මේ තරගයේදී ඒ වගේ තොරතුරුත් වැදගත් වේවිද?

    මහේල
    :
    ඒක ඒගොල්ලන්ගේ ඔලූවේ තියෙන ප‍්‍රශ්නයක්. ඒත් අපි නම් ඒක ඔලූවට දාගෙන නෑ. අපි කණ්ඩායම ඇතුළේ කතා වෙන්නේ දකුණු අපි‍්‍රකාවත් එක්ක තරග කරනවා කියන එක ගැන විතරයි. ඔවුන් ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඔවුන්ට ඉතාමත් දක්‍ෂ කී‍්‍රඩකයන් ඉන්නවා.

    ඒ නිසා අපි හිතන්න ඕනෑ එක දෙයයි. ඔවුන් ඔවුන්ගේ හොඳම ආකාරයෙන් තරග කරාවි. ඒ හින්දා අපි ඒකට මුහුණ දෙන්න ඕනෑ. අපි හොඳම විදිහෙන් කී‍්‍රඩා කරන්න ඕනෑ. ඒත් ඔවුන් ඒ දේ කරන්න අසමත් වුණොත් ඒක ඔවුන්ගේ ප‍්‍රශ්නයක්. ඒ ගැන අපට කතාකරන්න බෑ. අපි හිතන්නේ අපි ගැන විතරයි. අපි අපේ හොඳම ආකාරයෙන් කී‍්‍රඩා කරනවා කියන එක ගැන විතරයි. මේක ලොකු තරගයක්. අපි ගැන විශාල අවධානයක් යොමුවන අවස්ථාවක්. ඒ නිසා අපි අපේ උපරිමයෙන් කී‍්‍රඩා කරන්නත් ඕනෑ. එයින් වින්දනයක් ලබන්නත් ඕනෑ. එච්චරයි

    ප‍්‍රශ්නය :

    සංගා මේ වන විටත් පිට පිටම ලෝක කුසලාන ශතක 4 ක් ලබාගෙන තියෙනවා. සංගා ගැන ඔබට මොනවද හිතෙන්නේ ?

    මහේල
    :
    එයා හැමදාමත් තමන්ගේ දස්කම් එකම මට්ටමක පවත්වාගත් කෙනෙක්. මා හිතන්නේ පළමු අවුරුදු තුනේදී හැර වගේ. එයා තමන්ගේ කී‍්‍රඩාවෙන් නියම වින්දනයක් ලබනවා. අපි දෙන්නාම දන්නවා අපි මේ තරගාවලියෙන් පස්සේ එක්දින අන්තර්ජාතික තරග කී‍්‍රඩා කරන්නේ නෑ කියා. ඒක අපට කරදරයක්වත් බරක් වත් නෙමේ. ඒ හින්දා අපි ගිහින් අපට පුළුවන් ආකාරයට විනෝදෙන් කී‍්‍රඩා කරනවා.

    මා හිතන්නේ නෑ සංගා ඒ ශතක හතර බලාගෙන කී‍්‍රඩා කළා කියලා. ඒත් ඒකට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම පළමු තරග දෙකේදී ඔහු ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් කී‍්‍රඩා කළා. එංගලන්තයට සහ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලබාගත් ශතක අති විශිෂ්ටයි. ඉන් පස්සේ, ස්කොට්ලන්තයත් එක්ක පැවැති තරගයේදී ඔහුට හොඳ ආරම්භයක් ලැබුණා. එයා ඒක හොඳින් අවසන් කළා.

    මේ සාර්ථකත්වයට හේතුව යහපත් ආකල්පයයි කැපවීමයි මිස වෙනත් දෙයක් නෙමේ. ඒ වගේ කී‍්‍රඩකයන් එක්ක එකට කී‍්‍රඩා කරන්නත් වාසනාවක් තියෙන්න ඕනේ. පසුගිය අවුරුදු 12 ක 15 ක කාලයේදී අප කණ්ඩායමක් වශයෙන් මේ තරම් සාර්ථක වෙනනෙත් ඒන නිසාම තමයි. අපට ඉතාමත් විශිෂ්ට කී‍්‍රඩකයන් සිටියා.

    ප‍්‍රශ්නය :

    සංගා පස්වැනි ශතකයත් ලබාගත්තොත් ඔබට වැඩ අඩුවෙනවා. මොකද කියන්නේ ?

    මහේල :
    ඇත්තටම ඔව්. ඉතිං හොඳයි නේ. මගේ බලාපොරොත්තුව පිතිකරු ලයිස්තුවේ මට ඉහළින් ඉන්න හැම කෙනාම ලකුණු ලබාගනීවි කියලයි. මට පන්දුවට පහර දෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ කියලා මගේ කණගාටුවක් නෑ. අපි තරග දිනනවා නම් එච්චරයි. මට ඕනෑ කරන්නේ අපි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නයි.

    ප‍්‍රශ්නය :

    මාලිංග නැවතත් සුපුරුදු දස්කම් අතරට ඇවිල්ලා වගේ නේද ?

    මහේල
    :
    නියමිත රිද්මය ලබාගත්න, පසුගිය සති තුන හතරේදී එයා ගොඩාක් මහන්සි වුණා. එයාගේ කකුළේ වළලූකර සැත්කමකට ලක්කරලා තියෙද්දීත් එයා ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කළා. ඒ ගැන එයාට ගොඩාක් ප‍්‍රශංසා කළ යුතුයි. මේ වගේ විශාල තරගාවලියක් වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න විශාල කැපකිරීමක් උවමනා කරනවා. එයා ඉතාමත් අසීරුවෙන් ඒ දේ කළා. හොඳින් පන්දු යැව්වා.

    ලොකුම දේ තමයි ඒ කකුළ 100 %ක්ම පොළොවේ තබන්න ඔහු මනස සූදානම් කරගත්ත එක. එතැන වේදනාවක් නැත්නම් ඔහු හොඳින් පන්දු යවාවි. මා හිතන්නේ ඕස්ටේ‍්‍රලියාවට සහ එංගලන්තයට එරෙහිව පැවැති තරග දෙකේම අවසන් හරියේදී ඔහු ඉතාමත් හොඳින් පන්දු යැව්වා. ඒ තරග දෙකේදීම එයාගේ පන්දු වල විවිධත්වයත් හොඳයි.

    අනෙක් කාරණාව තමයි මාලිංග හොඳින් පන්දු යවන කොට අනිත් පන්දු යවන්නන් පවා ධෛර්වයත් වෙන එක. මාලිංග හොඳින් පන්දු යවන්නේ නැතිනම් අනෙක් පන්දු යවන්නන් පවා අධෛර්ය වෙනවා. ඉතින් මේ දක්වා නම් තත්ත්වය හොඳයි. ඒත් නියමිත වෙලාවට කලින් හොඳම දස්කම් පෙන්නලා වැඩක් නෑ. දස්කම් ඕනෑ වෙන්නේ ඒවායේ උපරිම වටිනාකම තියෙන වෙලාවටයි.

    ප‍්‍රශ්නය :

    මීට කලින් පැවැති විශාල වැදගත්කමක් සහිත තරග වලදී දැක්වූ දස්කම් සිහිපත් වන විට ඔබ ධෛර්යවත් වෙනවාද ?

    මහේල :
    ඒකත් හරියට කණ්ඩායමක් එකතු වෙලා හදාපු බැංකු ගිණුමක් වගේ. අපි එක එක්කෙනාට පුළුවන් අපි ඒ ඒ අවස්ථාවලදී කරපු දේවල් දිහා හැරිලා බලමින් කිසියම් ධෛර්යයක් ලබාගන්න. ඒත් තරගයට ගිහිල්ලා නියම විදිහට ඒකට මුහුණ දෙන එක තමයි වඩා වැදගත් දේ. ඒ කියන්නේ කණ්ඩායම වෙනුවෙන් කරන්න ඕන දේ අවශ්‍ය අවස්ථාවේදී කරන එක.

    මේ අතීත වාර්තා නැත්නම් ලකුණු පිළිබඳ වාර්තා හොඳයි තමයි. ඒත් තරගයකට ගිහින් අවශ්‍ය වෙලාවේදී යමක් කරන්න බැරිනම් ඒ කිසිම දේකින් වැඩක් වෙන්නේ නෑ. කි‍්‍රකට් කී‍්‍රඩාව කෙරෙන්නේ මේ තියෙන කීර්තිය එක්කයි.

    ප‍්‍රශ්නය :

    දකුණු අපි‍්‍රකාවට එරෙහිව තියෙන්නේ ඉතාමත් වැදගත් තරගයක්. මේ තරගයේදී ශී‍්‍ර ලංකා පිලේ කී‍්‍රඩකයන් මුුහණ දෙන අභියෝගය ජයගැනීම සම්බන්ධයෙන් ඔබට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද ?

    මහේල :
    අපේ හැම අංශයක්ම ක‍්‍රමාණුකූලව දියුණු වූවා. පන්දුවට පහර දීම හොඳයි. අපි දිගින් දිගටම හොඳින් ලකුණු ලබාගත්තා. පන්දු යැවීම තරගයෙන් තරගයට දියුණු වුණා. පන්දු රැුකීම නම් තරමක් අඩාල වුණා තමයි. ඒත් අවශ්‍ය වෙලාවෙදි ඒක හොඳට හිටී කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    මේ වගේ වැදගත් තරගයකදී හැම දේම නිවැරදිව කරගන්න පුළුවන් කියා මා විශ්වාස කරනවා. අපේ පුහුණුවීම් බැලූවත්, කී‍්‍රඩකයන්ගේ කාමරයේ තියෙන වාතාවරණය දිහා බැලූවත් අපි හැම දෙනාම මේ තරගය දිනන්න පුදුමාකාර උනන්දුවකින් ඉන්නේ. කණ්ඩායමේ ආකල්ප, කලබල නොවන බව මේවා ඉතාමත් හොඳයි. හැමෝම තම තමන්ගේ වැඩ කොටස කරනවා.

    ඒත් ඒ හැම දෙයක්ම තිබුණත් ඇතැම් වෙලාවල අප කාටත් වරදිනවා. එහෙම වුණොත් ඒක අපේ සූදානම් වීමේ වත් ආකල්ප වල වැරැුද්දක්වත් නෙමේ. හෙට තරගයට ගිහිල්ලා මුහුණ දෙනා ආකාරය අනුව තමයි ජයග‍්‍රහණය රැුඳී තියෙන්නේ. ඒත් අපේ දස්කම් ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් මදි නම් ඒක මදි.

    අනෙක තමයි මේ වගේ තරගාවලියකදි දකුණු අපි‍්‍රකාව නෙමෙයි කවුරුන් හම්බ වුණත් ඒ අයත් එක්ක තරග කරන්න අප සූදානම් වෙන්න ඕනෑ. මෙතැන අපි කැමති ප‍්‍රතිවාදීන් හොය හොයා ඉන්න බෑ. මෙක ලෝක කුසලාන තරගවලියක්. මෙතැන තියෙන්නේ ඉන්න හොඳම කෙනා කවුද එයාව පරද්දාගෙන ඉස්සරහට යන එකයි. එහෙම ඉස්සරහට ගිහින් ඕනෑ කුසලානයක් දිනන්න. එහෙම නැතිව වංගු දම දමා, කෙටි පාරවලින් ගිහින් ලෝක කුසලාන දිනන්න බෑ. එහෙම දිනන කුසලානයකින් අපට ඇති වැඩකුත් නෑ. අපි හැමෝගෙම තියෙන්නේ අන්න ඒ වගේ ආකල්පයක්

    ප‍්‍රශ්නය :

    ඔබ ආසියානු කුසලානය දිනාගත්තා. ඉන් පස්සේ විස්සයි:20 ලෝක කුසලාන දිනාගත්තා. දැන් මේ ලෝක කුසලානයත් දිනාගත්තොත් සියල්ල සම්පූර්ණ වෙනවා. ඒ ගැන තියෙන බලාපොරොත්තුව කොහොමද?

    මහේල
    :
    බලමු. මම ඒ ගැන ඕනෑවට වඩා හිතන්න යන්නේ නෑ. මොන ක‍්‍රමයකින් හරි ඒ දේවලට දායක වෙන්න මට පුළුවන් නම්, මා කියන්නේ අඩුතරමේ උඩපන්දුවකින් නැත්නම් දුවද්දී දවාගැනීමකින් හරි, මට වැදගත් එච්චරයි. කොහොම වුණත් අපි මේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා ඇවිත් තියෙනවා. අපිට එතැනින් එහාටත් යන්න ලැබුණොත් ඒක නියම ගමනක් වේවි.


    දමින්ද විජේසූරිය සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ සිට
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Ranagana fitness nathuwa awath wedak wenne na anthima mohothe hari tharindu kaushal danawa nam thamai hoda balamu
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනං න‍මෝ විත්තියෙං හෙට දිනන්න තියෙන මැච් එක තවත් හොදට දිනා ගන් නලැබේන නකියලා අපේ කොල්ලන්ට දෙමු කට්ටුය එකතු වෙලා හොද හූවක්......
    හූ....................................හූ ඌඌඌඌඌඌහූ....................................හූ ඌඌඌඌඌඌ :cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං න‍මෝ විත්තියෙං හෙට දිනන්න තියෙන මැච් එක තවත් හොදට දිනා ගන් නලැබේන නකියලා අපේ කොල්ලන්ට දෙමු කට්ටුය එකතු වෙලා හොද හූවක්......
    හූ....................................හූ ඌඌඌඌඌඌහූ....................................හූ ඌඌඌඌඌඌ :cool:

    :D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කීවේ "කණ්ඩායම් දෙකම ඉන්නේ චකිතයෙන්" බවයි.

    ඇයි අපි :D:D:D