෴♥ ඒ මගේ මලයි 2 ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-05.jpg


    05.png


    පිණිමුතුව අදුනනවද කියලා නෙත්මිගෙන් අහන්න හිතන් හිටියත් මේ ඇතිවෙලා තියෙන වර්තමාන තත්වය ඒකට කිසිම ඉඩක් දෙන්නෑ කියලා මට තේරුණා.. ඒත් මගෙත් එක්ක නෙත්මි කතා කරද්දි එයාගෙ හිතෙ අයියා ගැන ලොකු උනන්දුවක් තියෙන බව මං දැක්කා.. නෙත්මිගෙ උනත් කියන්න තරම් අවුල් සහගත බවක් පේන්න නෑ.. ඒත් පිණිමුතු කොහොම කෙනෙක්ද කියලා මං දැකලවත් තිබුණෙ නෑ.. එතකොට එයා ගැන තීරණයක් මට ගන්න බෑ.. හැබැයි පිණිමුතු හුගාක් ලස්සනයි කියල අක්කා කීප සැරයක්ම කියනවා මට ඇහිලා තිබුණා.. එකපාරක් එයා ඔය මොකක්දෝ එකක බියුටි කුවින් කෙනෙකුත් උනාලු..

    "බන්ටි මල්ලි.. ඇයි මේ ලෝකෙම එපාවෙලා වගේ..?"


    ගෙට හැරෙන වැලි පාර ළගම මොරීන් අක්කා.. මෙයා මේ කවුරු එනකල්ද මංදා කෙකර ගගා දගලන්නේ..?


    "එපාවෙන්න ලෝකයක් තියෙන්න ඕනනේ මොරීන් අක්කේ.. ඇයි ඔයා අද බෙහෙත් ගන්න ගියේ නැද්ද..?"


    "නෑ.."


    "ඇයි ඒ..? වෙද මහත්තයා නැද්ද..?"


    "වෙද මහත්තයා නම් ඇති මල්ලි.. මං ගියේ නෑ.. මේ ප්‍රේමය වෙනුවෙන්, වේදනාව දරාගන්න මං තීරණේ කලා.."


    "ඇත්තටම ඔයාට පිස්සු.. ඔයා හිතනවද අපේ අයියා ඔයාට කැමති වෙයි කියලා..?"


    "මට දැන් එයා කැමති උනත් නැතත් එකයි.. ප්‍රේමය වෙනුවෙන් මං බැල්කනි එකෙනුත් බිමට ඇදන් වැටුණා.. ඒත් රසිකට කිසිම ගානක් නෑ.. බලන්න බන්ටි මල්ලි.. එයාට තියෙන්නෙ කොයි තරම් කැත හදවතක්ද..? ඒ අතින් ඔයා කොයි තරම් හොදද..?"


    "මගේ හොද මට තිබුණාවේ.. ඔන්න ඔය හිතේ තියෙන මනස්ගාත අතෑරලා දාලා වෙන අතක් බලාගන්න මොරීන් අක්කේ.. මූදෙ ඉන්නෙ එක හාල්මැස්සද..? නෑ.. අලිපත තල්මස්සුත් ඉන්නවා.."


    "මං තල්මස්, මස් කන්නෑ මල්ලි.."


    අම්මප මේවට තමයි කියන්නෙ නයි කයිද රෝස් පාන් කියලා.. තවත් මෙයා එක්ක කතා කෙරුවොත් මගේ මොලෙත් කොලොප්පන් වෙනවා..


    "හැබැයි මං එයාගෙ රූප සුන්දරීට නම් හොද දෙකක් කියනවා අහුවෙච්ච වෙලාවක.."


    "මොන සුන්දරීටද..?"


    "ඔයා ඒකවත් දන්නැද්ද..? ඇයි අර ෂැම්පු ප්‍රෝගෑම් එකේ බියුටි ක්වින් උනේ.. ඔයාගෙ රසික අයියා එයාගෙ ලස්සනට රැවටිලා.. මට දුකයි ඒ ගැන.."


    අනේ අනිච්චේ.. ප්‍රේමතී ජයාතී සෝකෝ විමලෝ සුමනෝ කියලා කිව්වෙ කට කහනවට නෙමේනේ.. ඒත් ඉතිං ප්‍රේමයක් උනේ නැති උනත් මයේ හිතේ පොඩි දුකක් තිබුණා.. ඒ තමයි අපේ අයියා ගැන අදහස මොරීන් අක්කගෙ හිතට මුලින්ම දැම්මෙ මමයි කියනෙක..


    "දැන් මොරීන් අක්කා මෙතෙන්ට වෙලා මොකද කරන්නේ..?"


    "මට කරන්න කිසිම දෙයක් නෑ මල්ලි.. හිතුනොත් මං මේ හැම දෙයක්ම දාලා යන්න යනවා.."


    "දාලා යනවා.. ඔයා කොහේ යන්නද මොරීන් අක්කේ..?"


    "මං දන්නෑ බන්ටි මල්ලි.. රසික කියන්නෙ මට කවදාවත් ලැබෙන වස්තුවක් නෙමෙයි.. මං ඒක දන්නවා.. ඒත් මගේ හිත ඒක පිළිගන්නෑ.. ආදරේ හැටි එහෙම තමයි.. ඔයත් කවදහරි ආදරේ කරපු දවසක, ගෑනු ළමයෙක්ව ළං කරගත්තු දවසක ආදරේ වේදනාව ඔයාට දැනෙයි.. එතකොට ඔයා කාටවත් කියන එකක් නෑ, හිත හදාගන්න.. මූදෙ ඉන්නෙ එක හාල්මැස්සද කියලා.."


    මොරීන් අක්කගෙ ඇස් වලට කදුළු ඇවිල්ලා තිබුණා.. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මට මං ගැන මහා කාලකණ්නි හැගීමක් දැනුණා.. ඒ අහිංසක ගෑනියෙක්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරා කියනෙක, මගේ පපුව කඩාගෙන ඇතුළට වැදුණා.. විහිලුවකට උනත් මං කරලා තියෙන්නෙ කොයි තරම් පහත් වැඩක්ද..?


    "සොරි මොරීන් අක්කේ.."


    "නෑ මල්ලි.. පිටින් බලන් ඉන්න හැමෝටම පේන්නෙ එකම විදියට.. ඒ මගේ බාහිර ප්‍රතිරූපෙ විතරයි.. ඒත් මගේ හිත කොයි තරම් ලස්සනද කියලා කවුරුත් දන්නෑ.. ඒ වගේම තමයි ඔය බාහිරින් පේන ලස්සනට ඉන්න අයගෙ හිත ඇතුළෙ කොයි තරම් කැතද කියලා කවුරුවත් දන්නෑ. මොනව උනත් මේ හැමදේම තව ටික කාලයයි..
    "

    "ඒ.. ඒ කිව්වෙ මොරීන් අක්කේ..?"


    "අපි ජීවත් වෙන පුංචි කාලෙටනෙ මල්ලි මේ හැමදේම.. ඒ පුංචි කාලෙදිත් දවසකට පැය හයක් හතක් අපි කරන්නෙ නිදාගන්න එකනේ.. එතනින් ඉතුරු ටිකනේ ඔය සතුටයි දුකයි හැමදේම රැදෙන්නේ.. මං ඒකයි එහෙම කිව්වේ.."


    මං කවදාවත් හිතලා තිබුණෙ නැති ලස්සන පැත්තක් ගැන මොරීන් අක්කා කතා කරන්න ගත්තා.. ඇත්තමයි මට පුදුමත් හිතුණා.. එයා මේ තරම් සීරියස් වෙලා කතා කරනකොට..


    "කොහොම උනත් මගේ ජීවිතේට ආයෙම සන්තෝසයක් උදාවෙන එකක් නෑ බන්ටි.. අර මුලින් මං හිතේ දුකට කිව්ව තමයි, රසිකගෙ රූප සුන්දරීට දෙකක් කියනවා කියලා.. ඒත් මං කවදාවත් එහෙම දෙයක් කරන්නෑ.. මං එහෙම දෙයක් කරන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි.."


    "ඔයා ඔහොම කතා කරනකොට මටත් අප්සට්.. මොනවද මොරීන් අක්කේ.. අර ඉස්සර ඉදපු විදියට ඉන්නකෝ.."


    "ආදරේ වේදනාව දැනිලා නැති කෙනෙකුට.. මේ වේදනාව දැනෙන්නෙ නෑ බන්ටි.. අද මගේ මේ වේදනාව ඔයාට තේරෙන්නෙ ඔයාටත් මේ වගේ දෙයක් උනොත්.. එහෙම නැත්නම් ඔයාට ආදරේ කරන හැමෝම ඔයාව දාලා ගියොත්.."


    මොරීන් අක්කගෙ වචන විෂ පොවපු ඊතල වගේ මගේ පපුව ඇතුළටම වැදුණා.. 'ඔයාට ආදරේ කරන හැමෝම ඔයාව දාලා ගියොත්..' කියන වචන ටිකේ හිතන්න ඕන දේවල් මහ හුගාක් තිබුණා.. ඇත්තටම මට ඒ වගේ දෙයක් වෙයිද..? එහෙම දෙයක් වෙන්න පුළුවන්ද..? අම්මා, තාත්තා, අයියා, අක්කා, බේබි නැන්දා.. මේ තමයි මං ආදරේ කරන අය.. ඒ ටික කියන්න කියලා හිතාන මං ඔලුව ඉස්සුවත් මොරීන් අක්කා ඒ වෙනකොට මං ගාවින් ඈතට ගිහින් තිබුණා..


    ****************************


    මහා හිස් හැගීමක් එක්ක ගෙට ගොඩවෙද්දි ගේ ඇතුළෙ කිසිම සද්දයක් තිබුණෙ නෑ.. පොතේ හැටියට නම් මේ වෙලාවෙ ගෙදර ඉන්න ඕන බේබි නැන්දා විතරයි..


    "බේබි නැන්දේ.. මොනවා හරි බොමුද..?"


    දෙපාරක් තුන්පාරක් කතා කරත් කිසිම සද්දයක් ආවෙ නෑ.. මං කුස්සියටත් එබිලා බැලුවා.. ඒත් නෑ.. අම්මප කවුරු හරි ඇවිත් බේබි නැන්දව උස්සන් ගිහින් වත්ද..?


    "බේබි නැන්දේ.. ඔයා කොහේද..? මේ ගෙදර ඉන්න බාලම කොල්ලා ගෙදර ආවා.. ඌව පිළිගන්නෙ නැද්ද.."


    ම්හු.. කිසිම සද්දයක් නෑ.. මුළු ගේ ඇතුළෙම බලලා වගතුවක් නැති හින්දා මං කුස්සිය පැත්තෙන් එළියට බැස්සා.. බේබි නැන්දා ගෙදර ඉන්නවා නම් තව ඉන්න ඕන එක තැනක විතරයි.. ඒ තැන නැත්නම් එයා ගෙදර නෑ.. ලොකු වතුර ටැංගිය ළග පුංචි බංකු කෑල්ලක් හයි කරලා තිබුණා.. බේබි නැන්දා ඉන්නවා නම් ඉන්න ඕන එතන තමයි.. මොකද එයා හුගක් වෙලාවට හිටියෙ ඒ බංකු ලෑල්ල උඩ..


    මං හිතුව වගේම ඒ බංකුව උඩ බේබි නැන්දා වාඩිවෙලා හිටියා.. හැබැයි එයා හිටියෙ මහා විශාල කල්පනා සාගරේක අතරමං වෙලා..


    "ඔන්න බේබි නැන්දෙ.. මං ආවා.."


    මගේ සද්දෙට බේබි නැන්දා උඩ ගිහින් බිම වැටුණා.. එයාට තවත් විහිලුවක් කරන්න හදනකොට තමයි මං දැක්කෙ ඒ වියපත් ඇස්වල තිබ්බ කදුළු කන්දරාව..


    "මේ.. මේ මොකද බේබි නැන්දේ..?"


    එකපාරටම මාව දැකපු ගමන් බේබි නැන්දා කළබල වුණා.. එයා හැදුවෙ ඇස් වලින් ගලන්න ගියපු කදුලු ටික මට පේන්නෙ නැතිවෙන්න පිහිදා ගන්න.. ඒත් ඒ හැමදෙයක්ම යස අපූරුවට බන්ටි දැකලා තිබුණා..


    "ඇ.. ඇයි බේබි නැන්දෙ ඔයා අඩන්නේ..?"


    "න්.. නෑ.. මේ.. නිකං.."


    "නිකං අඩන්නෙ පිස්සොනේ.. මට කියන්න මොකද උනේ කියලා.. අපේ අම්මවත් ඔයාට බැන්නද..?"


    "නෑ.. නෑ.. නෑ.. බන්ටි මහත්තයෝ.. එහෙම දෙයක් නෙමෙයි.."


    "එහෙනම් කොහොම දෙයක්ද..?"


    "කොහොම දේකුත් නෙමෙයි.. බන්ටි මහත්තයා මේ ගැන වැඩිය හිතන්න ඕන නෑ.. මේක මගේ ප්‍රශ්නයක්.."


    "ඔයාගෙ ප්‍රශ්නයක් නම් ඒක මගෙත් ප්‍රශ්නයක් බේබි නැන්දේ.. ඔයාට ඒ විත්තිය අමතක උනාද..? මීට කලින් ඔයාට ප්‍රශ්න එද්දි මං ඔයා ළග හිටියෙ නැද්ද..? ඇයි දැන් මේ පස්ස ගහන්නේ.. ඕනම තැනකදි ඕනම වෙලාවකදි මං ඔයා වෙනුවෙන් කතා කරනවනේ.."


    "මං ඒක දන්නවා රත්තරං මහත්තයෝ.. මං මහත්තයව හෑල්ලු කරන්න හිතාගෙන කිව්ව දෙයක් නෙමෙයි.."


    "හරි.. හරි.. දැන් ඒවා වැඩක් නෑ.. මොකද උනේ කියන්නකෝ.."


    "විශේෂ දෙයක් නෑ බන්ටි මහත්තයෝ.."


    "එහෙනම් ඇයි ඇඩුවේ..? අපි කාගෙන් හරි වැරැද්දක් උනාද..?"


    "නෑ මහත්තයො නෑ.. මං නිකන් කල්පනා කර කර ඉන්නකොට මට කදුළු ආවා.."


    "බේබි නැන්දා හිතන්නෙ මං ඔය කතාව පිළිගනියි කියලද..? හරි කමක් නෑ.. මං අම්මා ආවහම අහන්නම්කෝ.. බේබි නැන්දගෙ හිත රිදෙන්න මොනවද කිව්වෙ කියලා.. අම්මනේ සාමාන්‍යයෙන් බේබි නැන්දගෙ හිත රිද්දන්නේ.."


    "දෙයියනේ.. බන්ටි මහත්තයා මොනවද මේ කියන්නේ..? ලොකු නෝනට ඕවා ඇහුනොත් මටත් එක්ක සෝලි තියයි.."


    මොනවම හරි හංගන්න හදන අපූරු උත්සාහයක් බේබි නැන්දගෙ මූණෙන් දැක්කා.. ඒත් මගෙන් හංගන්න හදන දේ මොකක්ද..? අනික බේබි නැන්දට අඩන්න තරම් දෙයක් සිද්ධ උනාද..? උනා නම් ඒ කොයි වෙලාවෙද..? මං වෙලාව දිගට, හරහට, පහළට බෙදලා බැලුවෙ කොයි අවස්ථාවෙදිද යම්කිසි සිද්ධියක් වෙන්න ඉඩක් ලැබුණෙ කියලා.. ඒත් මගේ හිතට මෙලෝ අදහසක් ආවෙ නෑ..


    "ලොකු නෝනට ඇහෙන්න.. ලොකු නෝනා ගෙදර ඉන්න එපාය.. ඇත්තටම මට කියන්න මොකද උනේ කියලා බේබි නැන්දේ..?"


    "මුකුත් නෑ දෙයියනේ.. මුකුත් නෑ.. බේබි මහත්තයට මං කියන ඒවා විශ්වාස නැද්ද..?"


    "නෑ.. ඔයා මට මොනවම හරි හංගනවා.. හරි.. කමක් නෑ.. ඔයාට ඕන වෙලාවක ඕන දෙයක් මට කීමේ නිදහස බේබි නැන්දට තියෙනවා.. මං ආයෙ ඒ ගැන අහන්නෑ.. හැබැයි ඉතිං පරක්කු වෙලා කියල ඇක්ෂන් එකක් ගනිද්දිත්, පරක්කු වෙලා මොන හරි සයිඩ් ඉෆෙක්ට් එකක් උනාට බන්ටි වග කියන්නෙ නම් නෑ.. ඒක බේබි නැන්දගෙ වගකීම.."


    බේබි නැන්දා තව මොනවා හරි කියයි කියලා හිතුවත් ඒක එහෙම උනේ නෑ.. ඒක හන්දා බේබි නැන්දා බංකුව උඩ ඉද්දිම මං ගේ ඇතුළට ඇවිත් පඩිපෙල නැග්ගා.. ඇත්තටම මගේ බේබි නැන්දා ඇයි ඇඩුවේ..? ඒ ප්‍රශ්නය එදා මුළු දවස පුරාම මගේ හිතේ තිබුණා.. වෙනදට අහපු ගමන් ඕනම දෙයක් මට කියන මනුස්සයා අද මේ විදියට වෙනස් වෙලා හිටියෙ ඇයි..? මට හිතාගන්න බැරිවුණ එකම දේ ඒකයි..


    ****************************


    අපේ ගෙදරට මේ ටෙලිෆෝන් දන්ඩක් අරගෙන තියෙන මල වදේ ගැන කියලා නිම කරන්න බෑ.. කොයි වෙලාවෙත් මාර ලතෝනි දෙනවා.. මේ පහුවෙච්චි පැය බාගෙට කෝල්ම ආවා විස්සක් විතර.. හුගාක් වෙලාවට ඒ විස්සෙන් දහයක් විතර මොරීන් අක්කගෙන් වෙන්නැති.. අයියා ගෙදර ඇවිල්ලද කියලා බලන්න එයා කෝල් කරනවා ඇති.. එයාගෙ හිත සනසගන්න කරන වැඩෙන් මෙහේ මල ඇනයක් වෙලා.. ඇත්තටම මහා කරදරයක්.. අම්මප ග්‍රැහැම් බෙල් උනත් හිතන්නෙ නැතුව ඇති මේක මේ තරම් මල වදයක් වෙයි කියලා.. එහෙම උනා නම් මිනිහා ඕක හොයාගන්නෙ නෑ.. වෙන මොකක් හරි හොයා ගන්නවා ඇරෙන්න..


    "බන්ටි.. බින්දුගෙන් කෝල් එකක්.."


    විසි එක්වෙනි පාරටත් ෆෝන් එක වදිද්දි මං කන්දෙකේ ඇගිලි ගහගත්තා.. ඒත් පස්සෙ බැලුවාම කෝල් එක ඇවිත් තියෙන්නෙ මට.. හුග දවසකට පස්සෙ බින්දුවට මාව මතක් වෙලා..


    "ඉතිං කියපං.. මොනවද අලුත් ආරංචි..?"


    "හුගාක් තියෙනවා බන්ටි. නිරෝෂි අදත් මේහේ ආවා.. මම නම් දැන් පුදුම සතුටකින් ඉන්නේ.."


    බින්දුගෙ කටහඩේ සතුට කියන දේ උපරිමේටම තිබුණා.. ඒත් ඒ වචන මට සතුටක් ගෙනාවෙ නෑ.. බින්දුට ආදරේ කරන ගමන් නිරෝෂි, ඇටකිච්චටත් ආදරේ කරානේ.. ඇටකිච්චා, නිරෝෂි හින්දා ගුටි කාලා වැලේ වැල් නැතුව හොස්පිට්ල් එකේ ඉද්දි ඒකි බින්දුත් එක්ක මධුසමය ගතකරන්න නාවලපිටි ගිහින්.. ඉතිං ඇත්තටම මං කොහොමස සංතෝස වෙන්නේ..


    "උඹ කවද්ද එන්නේ..?"


    "මං අනිද්දා එනවා බන්ටි.. පුංචි අම්මට දැන් හොදටම හොදයි.. මගෙත් එක්ක මෙහේ ඉදන් නුවර යන්න නිරෝෂිත් අනිද්දා උදෙන්ම නාවලපිටි එනවා කිව්වා.."


    "ආ.. ඇත්තද..? උඹ එහෙනම් පරිස්සමට වරෙන්.. අපි ඇවිල්ලා කතා කරමු.. පුංචි අම්මව මතක් කරා කියපං.."


    මං ෆෝන් එක තියන්නයි හැදුවේ.. ඒත් එහා පැත්තෙන් යාන්තමට වගේ බන්ටි කියලා කියන හඩ මට ඇහුණා..


    "ඇයි බින්දු..?"


    "උඹ හුගක් වෙනස් වෙලා බන්ටි.. මං නුවර ඉදන් නාවලපිටි ආවට පස්සෙ උඹේ සෑහෙන ලොකු වෙනසක් මට පේනවා.. ඇයි බන්ටි ඒ..?"


    බින්දුගෙ කටහඩට මොනවදෝ වෙලා තිබුණා.. අර කලින් තිබ්බ සංතෝසෙ උගේ කටහඩේ බින්දුවක්වත් නෑ.. හැබැයි දැන් මගේ හිතට සංතෝසයක් ආවෙ ඌට මගේ වෙනස ගැන තේරුණ හන්දා..

    "ඒ උඹට දැනෙන හැටි.."


    "නෑ.. නෑ.. කොල්ලො හැම එකාටම වැඩිය මට උඹේ හැගීම් තේරෙනවා.. උඹ මොකක් හරි අවුලකද ඉන්නේ..?"


    "උඹට ඒක දැන්ද තේරුණේ..?"


    "බ.. බන්ටි.."


    "උඹ ඉස්සෙල්ලා නුවර වරෙන්.. ඊට පස්සෙ අපි කතා කරමු.. ෆෝන් එකෙන්ම හැමදේම කියන්න බෑනේ.."


    "මට තේරෙනවා බන්ටි.. මට තේරෙනවා.. උඹට ඔහේ අවුලක් නම්, මං මෙච්චර දවසකුත් මෙහේ හිටපු එක වැරදියි.. ම.. මං හෙට උදේම නුවර එන්නම්.."


    "නෑ.. නෑ.. උඹ නිරෝෂිත් එක්කම වරෙන්.. ඒකි අනිද්දා උදේට නාවලපිටි එනවනේ.. ඒවා කතා කරගත්තු විදියට කරගනිල්ලා.. මං තියනවා.."


    ෆෝන් එක තියලා ඉවරවෙලා මං කාමරේට ආවා.. බින්දුත් එක්ක කතා කරපු විදිය ඒ තරම් හොද නැති උනත් ඒක මගෙ හිතට ඒ තරම් දැනුණෙ නෑ.. මොන දේට උනත් මෙච්චර දවසක් බින්දු නාවලපිටියටම වෙලා ඉදපු එක ගැන මගේ හිතෙ ඒ තරම් පැහැදීමක් තිබුණෙ නෑ.. පුංචි අම්මටත් හොද වෙලා තියෙද්දි ඌට යුතුකමක් තිබුණා දවසකට හරි නුවර ඇවිත් අපිව බලලා යන්න.. ගෙදර ගියොත් ආයෙත් නාවලපිටි යන්න දෙන්නැත්නම් සුරේන්ලගෙ ගෙදර හරි නවතින්න තිබුණනේ.. බලන් ගියාම බින්දුත් අර පැනි හැලියට වැටිච්ච ඇඹලයා වගේ තමයි.. නිරෝෂි ළග ඉන්නවා නම් ඌට උගේ මොකක් හරි අවයවේක කෑල්ලක් ගලවන් ගියත් ප්‍රශ්නයක් නෑ.. ආදරේ කරා කියලා ආදරේට ඔය තරම් වහල්වෙන්න ඕන්නෑ කියලයි බන්ටිට නම් හිතෙන්නේ..


    ****************************


    "ලොකු පුතේ.. ඇයි උඹ අරූට බැන්නේ..?"


    පහුවෙනිදා ජෝයි බෝට් යාඩ් එක ළගට ඇවිදගෙන එන අතරෙ චාමික මගෙන් ඇහුවා.. මේ වෙනකොට නෙත්මි ඇවිල්ලද දන්නෙත් නෑ.. එයා එනවා කියපු වෙලාවටත් තව විනාඩි පහළොවක් විතර තියෙනවා..


    "කාටද..?"


    "කාටද කියන්නේ..? බින්දුට.."


    "මං ඌට බැන්නේ නෑ.. ඇයි ඌ මොනවද උඹට කිව්වේ..?"


    "උඹ හරියට කතා කලේ නෑ කිව්වා.. ඌව වරදකාරයෙක් විදියට ඇගෙව්වලු.. අඩුගානෙ නිරෝෂි ගැනවත් වචනයක් ඇහුවෙ නෑලු.."


    "මං මොකටද බං නිරෝෂි ගැන අහන්නේ..? නිරෝෂි මගේ කවුද..? අනික අපි ඌ වෙනුවෙන් මෙහේ වදවෙනවා.. අඩුගානෙ ඌ එක දවසක් අපිව බලලා යන්න නුවර ආවද..? කොටින්ම දැන් උගේ හිතේ අමාරුවත් හොද වෙලානේ.. දැන්නෙ පෙම් කෙලින්න පටන් අරන් තියෙන්නේ.."


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ලොකු පුතේ.. උඹ තරහෙන් නේද කතා කරන්නේ.. උගේ ලව් එක ගැන අපිට වඩා ඌනේ දන්නේ.. අපිට මුකුත් කියන්න බෑනේ.."

    "වෙන්න ඇති චාමික.. ඌට මෙහේ ඉන්න බැරිවුණේ පුංචි අම්මගෙ අසනීපෙ හින්දා නම්.. දැන් ඒක හොද උනාම වත් මෙහේ එන්න ඕනනේ.. ඌ තවත් නාවලපිටියට වෙලා ඉන්නෙ පුංචි අම්මව බලන්න නෙමේනේ.."


    "උඹේ කේන්තිය මට තෙරෙනවා.. මං උඹට එක දෙයක් කියන්නම්.. ලොකු පුතේ.. හැම එකාම අවස්ථාවාදියො.. තමන්ගෙ වැඩේ කෙරෙනකන් විතරයි කවුරුත්.. හයිය ඇති වෙලාවෙ කවුරු කවුරුත් අපිව අල්ලගෙන හිටියත් අපිට බැරි වුණ ගමන් හැමෝම අපිව දාලා යනවා.."


    "ඕවා ගැන කතා කරලා වැඩක් නෑ චාමික.."


    "නැත්තෙ නෑ ලොකු පුතේ.. හැමදේම සිද්ධ වෙන්නෙ ඒ ධර්මෙට අනුව තමයි.. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.. අපි ඒ පැත්තෙන් බින්දුට සමාව දෙන්න ඕන.."


    "මොන පැත්තෙන්ද..?"


    "නිරෝෂි, ඇටකිච්චා එක්ක යාලුවෙලා කියලා අපි විතරනේ දන්නේ.. ඒක බින්දුවා දන්නෑ.. ඉතිං ඌ නිරෝෂි ගැන ආදරෙන් බොක්ක පුරවගෙන කතා කරනකොට අපිට කේන්ති ගියත්, ඌ ගැන කේන්ති ගන්න නරකයි.. නිරෝෂිගෙ ඇත්ත තත්වෙ ගැන බින්දු එක දශමයක්වත් දන්නෑ.. අපි ඒ පැත්තෙන් ඌට සමාව දෙන්නෝන.. උගේ ආදරේ බේරගන්න ඉස්සරහින්ම ඉදගෙන කට්ට කෑවෙ උඹ කියලා කියන්න අපි හැමෝම දන්නවා.. ඒකෙ කට්ට තාම කනවා කියනෙකටත් උදාහරණයක් තමයි මේ දැන් යන ගමනත්.. ඒත් අපි මේවා කාට කියන්නද ලොකු පුතේ.."
    චාමිකගෙ කතාවෙ සීයට දෙසීයක් විතර ඇත්ත තිබුණා.. හිත පිළිගන්න අකමැති වුණත් කතාවෙ ඇත්ත තත්වෙ මේකයි..

    "කියන්න කවුරුත් නැති එක ඇත්ත.. ඒවා කොහොම උනත් නෙත්මි තාම ඇවිල්ලා නෑනෙ.."


    "උඹේ ඇස්වල හොටුද ලොකු පුතේ.. අර බලපංකො පාරෙන් එහා පැත්තෙ දිලිසි දිලිසි ඉන්නෙ කවුද කියලා.."


    ඇත්තටම චාමික පෙන්නනකම්ම මං නෙත්මිව දැක්කෙ නෑ.. අද එයා සාමාන්‍යයෙන් අදින පැටර්න් එක වෙනස් කරලා.. ටිකක් කොට ස්කර්ට් එකකුයි, ටිකක් දිග බ්ලවුස් එකකුයි ඇදලා.. හරියට නිකං විද්‍යා බාලන් වගේ.. ඕවා එහෙම චාමිකයට කිව්වොත් ඌ පස්සෙනුත් හිනාවෙයි..


    "විනාඩි දෙකක් පරක්කුයි.."


    අපි එනවා දැකලා පාර පැනපු නෙත්මි කිව්වා..

    "සොරි.. මායි, චාමිකයි කතාවක් දාගෙන ආවේ.."


    "කෝ ඔයාගෙ චැලිය..?"


    "ඒකෙ ප්‍රෙට්‍රල් ඉතුරු කරගන්න ගෙදර දාලා ආවා.."


    එහෙනම් කෙල්ලට මගේ හුටු හුටු යන්තරෙත් මතකයි.. වැඩේ කියන්නේ.. ඒක අපේ ගෙදර තියෙද්දි දැක්තොත් තමයි.. මීට පස්සෙ මොරීන් අක්කා බිමට ඇදන් වැටුණ උදුපියලිය පාත්තිය පැත්තෙන්වත් දාන්න ඕන..


    "රන්දික.."


    මං මෙච්චර වෙලා කෙල්ල දිහා බලලා භාවනා කරලද කොහෙද..? චාමික වලාකුලු බැම්මට හේත්තු වෙලා ඈතින් පේන මාළිගාව දිහා බලන් ඉන්නවා..


    "මොනවද ඔය තරම් කල්පනා කරන්නේ..? ආයෙත් මං එක්ක රංඩුවක් අල්ලන්නද..?"


    "අපොයි නෑ.. අපි දැන් වෙන්න යාලුවොනේ.. තව ටික දවසකින් යාලුවො වෙයි.."


    "ඔයාට එහෙම හිතෙනවද..?"


    "ඔව්.. හුගක් වෙලාවට එහෙම වෙයි.. ඒක නෙමේ.. ඔයාට ක්ලාස් කීයටද..?"


    "තව වෙලා තියෙනවා.."


    "එහෙනම් ඉතිං මං අහපු දේට උත්තරයක් දෙන්න දැන් වෙලා තියෙනවනේ.."


    එතැන ඉදලා විනාඩියක් විතර යනකන් කෙල්ල නිශ්ශබ්ද උනා.. මෙච්චර වෙලා කසාද බැදපු ගෑනි වගේ මගෙත් එක්ක කතා කරලා එකපාරටම එයා සයිලන්ස් උනේ ඇයිද කියලා මට හිතාගන්න බැරිවුණා..


    "ඔයා ඇහුවේ, ඇයි මං නලින්දට ගහන්න කියලා, ඔයාට කිව්වෙ කියලා නේද..? ඒක ඔයාට ලොකු ප්‍රශ්නයක් උනා නේද..?"


    "ප්‍රශ්න දෙකටම උත්තරේ ඔව් කියන එක.."


    "නලින්දයි, මමයි හුගාක් ළගින් ආශ්‍රය කලේ.."


    "ඔයාලා ලවර්ස්ලද..?"


    "ඔයාට පිස්සුද රන්දික.. නලින්ද මගේ කසින් කෙනෙක්.. මං එයාගෙ ආදරේට සපෝර්ට් කරපු එක විතරයි කරේ.. නලින්දට ගෙදරින් හුගාක් ප්‍රශ්න තිබුණා.. එයාට මමයි, ඩැඩියි ගෙදරින් එළියටවත් බහින්න දුන්නෑ.. ඒකට හේතුවත් මං දැනගත්තෙ හුගාක් පහුවෙලා.. එයා හුගාක් ගර්ල්ස්ලව ආශ්‍රය කරන කෙනෙක්.. එයාට ආදරේ කරන්න හුගාක් ගර්ල්ස්ලා හිටියා.."


    "එතකොට ඔයා එයින් එක ආදරේකට විතරක් සපෝර්ට් කලේ ඇයි..? නලින්ද ඔයාගෙ යාලුවා නම් ඔයාට තිබ්බනේ නලින්දගෙ හැම ලව් එකකටම සපෝර්ට් කරන්න.."


    කෙල්ලගෙ මූණ ඇදවෙලා ගියේ මම බිම බලාගෙන ඉද්දිම.. කරන්න දෙයක් නෑ බබා.. මට මේ කතන්දරේ හරියටම දැනගන්න ඕන.. ඊට පස්සෙ මට පුළුවන් නිරෝෂිගෙ ඇත්ත විස්තරේ පත්තරේට හරි දාගන්න..

    "ඔයා මං ගැන හිතන් ඉන්න හැටි හුගාක් වැරදියි රන්දික.. සමහර විට ඒ අපි දේනනා දැක්ක පලවෙනි දවසෙ ඉදලම රංඩු කරපු හින්දා වෙන්නැති.. ඒත් ඒ රංඩුවෙලා ගෙදර ගියාට පස්සෙ මට දැනුණෙ ලොකු පසුතැවිල්ලක්.. හරියට මගේ ළගම කෙනෙක් එක්ක රංඩු උනා වගේ.."


    "ඔයා එහෙම කතාවක් ඊට පස්සෙ කිව්වෙ නෑනේ.."


    "කියන්නෙ කොහොමද දෙයියනේ.. ඔයා මගෙත් එක්ක එන්නෙම රංඩුවටනේ.."


    "මම නෙමෙයි රංඩු වුණේ.. එදා මං නලින්දට ගහලා ඒකටත් ඔයානේ රංඩුවට ආවේ.."


    "හරි.. හරි.. අපි ඒ කතාව නවත්තමු.. ඔහොම ගියොත් අපිට ආයෙත් රංඩු වෙන්නයි වෙන්නේ.."


    යාංතමට හිනාවෙවී නෙත්මි කිව්වා.. අම්මප කෙල්ලො කියන ජාතිය නම් මේ ලෝකෙ විනාස උනත් තේරුම් ගන්න බෑ.. කරගෙන ගියපු කතාවෙ ට්‍රැක් එකෙන් එළියට එයාම පැනලා දැන් මට අඩ ගහනවා ආයෙත් ට්‍රැක් එකට එන්න..


    "ඇයි ඔයා නලින්දගෙ මේ එෆෙයාර් එකට සප් එක දුන්නේ.. ඒ ගර්ල් ඔයාගෙ යාලුවෙක්ද..?"


    "නෑ.. එයා මගෙ යාලුවෙක් නෙමෙයි.."


    අම්මපා මේක නම් හතර බීරි කතාවක්නේ.. කෙල්ල මෙයාගෙ යාලුවෙකුත් නෙමෙයිලු.. කොල්ලා මෙයාගෙ කසින් කෙනෙක්ලු..

    "මං ඉස්සෙල්ලත් කිව්වෙ රන්දික.. මං නලින්දව ආශ්‍රය කරාට එයා ගැන කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ.. එයා මගෙන් උදව් ඉල්ලලත් නෑ.. එයා ඉල්ලපු එකම උදව්ව ඒ ගර්ල්ව හම්බවෙන්න යන්න විතරයි.. ඇත්තටම ඒ ගර්ල් තමා මං දැකපු අහිංසකම කෙල්ල.. ඒක නම් පුදුම අහිංසකකමක්.. ඔන්න ඔයා වගේ කෙනෙක් රන්දික නපුරු විදියට බැලුවොත් හෙම කෙල්ල මැරෙයි.. එයා ඒ තරම් සංවේදියි.. හරියට ඇහෙන්නවත් වචනයක් කතා කරන්නෙ නෑ.. බිම බලාගෙන කතා කරන්නෙ.. ලැජ්ජාව කියන දේ උපරිමේටම තියෙනවා.. ඇත්තමයි.. මං කොල්ලෙක් උනා නම් නලින්දට එයාව දෙන්නෑ.. මං මගේ කරගන්නවා.."


    නෙත්මි මේ කියවන්නෙ නිරෝෂි ගැන.. දෙයිහාමුදුරුවනේ.. නිරෝෂිගෙ ඇක්ටින් පාර කොයි තරම් සිරාවිදියට ඇටකිච්චයි, මෙයාටයි දීලා තියෙනවද කියනව නම් බන්ටිගෙ ඇග කිලි පොලා යනවා..


    "ඉතිං ඒ ගර්ල් ගැන මොනවදෝ කියවගෙන ඔයා ආවම මට හරියට තරහා ගියා.. මං හොදටම දන්නවනේ එයා ඒ වගේ පහත් වැඩ කරන්නෑ කියලා.."


    "හරි ඒක පැත්තකින් තියමුකෝ.. දැන් කතාව කියන්න.."


    නිරෝෂිගෙ පහත් වැඩේ ගැන දැන් නම් මෙතන කියලා වැඩක් නෑ.. කොහොම කිව්වත් ඒක නෙත්මි පිලිගන්නෑ.. ඒක හන්දා බඩුත්තෙක්කම හොරු අතට අල්ලලා දෙනවා කියලා මං හිතාගත්තා.. කතාවට වැඩිය ක්‍රියාව කොහොමටත් හොදයිනේ.. බින්දුයි, නිරෝෂියි ආදරේ කරන වෙලාවක, මට තියෙන්නෙ නෙත්මිව එක්කගෙන ඇවිල්ලා දර්ශනේ පෙන්නන්න විතරනේ.. මෙයා එතකොට දැන ගනියි තමන්ගෙ අහිංසක යාලුවගෙ වැඩ කිඩ ගැන..


    "ඔයා නලින්දට ගහලා කියලා දැනගත්තම මට හරියට තරහා ගියා.. ඇත්තමයි මට ඔයාව මරන්න තරම් හිතුණා.. හොස්පිට්ල් එකේදි නලින්ද මගේ අත බදාගෙන අඩද්දි මට පොලීසියට ගිහින් කම්ප්ලේන් එකක් පවා කරන්න හිතුණා.. මට හිතුණෙම ඔයා නලින්දගෙ ලව් එක බ්රේක් කරන්න හදනවා කියලා.. නලින්දට තව ගර්ල්ස්ලා ඉන්නවා කියලා කියද්දිත් මං ගණන් නොගත්තෙත් ඒකයි.."


    "ඉතිං ඔයා ඇත්ත දැනගත්තෙ කොහොමද..?"


    "ඔයා කියපු කතාව ඒ වෙලාවෙ බොරු කියලා හිතුවත් පස්සෙ කල්පනා කරද්දි ඒකෙ මොනවම හරි ඇත්තක් ඇති කියලා මට හිතුණා.. ඒ ගැන හොයලා බලද්දි තමයි මට නලින්දගෙ හුගාක් දේවල් අහුවුනේ.. එයා මේ වෙද්දි ගර්ල්ස්ලා එක්කයි, ගෑනු එක්කයි දිගටම සම්බන්ධකම් පවත්වලා තිබුණා.. අර අහිංසක කෙල්ල හැපීගෙන ආදරේ කරද්දි මේ ජරා මනුස්සයා වෙන ගෑනු ළගට ගිහිල්ලා තිබුණා.."


    "ඊට පස්සේ..?"


    මේක හරියට චිත්‍රපටියක කතාවක් වගේනේ.. අනික ඇටකිච්චා කරලා තියෙන දේවල් ගැන ඇහුවාම මට නිකං අදහගන්නත් බැරිවුණා.. යකෝ.. මේකා මනුස්සයෙක්ද..? බලන් ගියාම කොහේදෝ යන අවජාතක දණ්ඩෙක්නේ.. හැබැයි ඉතිං නිරෝෂිටත් පඩිසන් දෙන එක අඩුවක් නැතුවම හම්බවෙලා තියෙනවා.. තමන්ට පැලෙනකන් ආදරේ කරන බින්දු වගේ අහිංසකයෙක් ඉද්දි.. ඇටකිච්චගෙ රූපෙට රැවටිලා ආදරේ කරන්න ගියාට ඒකිටත් හොද වැඩේ.. හොදම වැඩේ..

    "මං හරියට පසුතැවුණා රන්දික.. ආදරේ ගැන මට අත්දැකීම් නෑ.. ඒත් මිනිස්සු ආදරේ කරල කියන්නෙ එකපාරට හතර පස් දෙනෙකුට ආදරේ කරන එකටද..? නැත්නම් හැමෝටම හොරෙන් මල්වත්තෙ පාලු තැනකට යන එකද..? මට නම් තේරෙන්නෑ.."


    "ඔයා පසුතැවුනෙ මොනවටද..?"


    නෙත්මි හිටපු ගමන් ට්‍රැක් එකෙන් පනින හන්දා ආයෙත් ට්‍රැක් එකට දාගන්න දැඩි අවධානයෙන් ඉන්නෝන.. මොකද ඒ වෙලාවෙ බන්ටිත් ට්‍රැක් එකෙන් පැන්නොත් මේ කෙරීගෙන යන ද්වී පාර්ශවික සාම සාකච්ඡාවලට ඇපත් නැතිවෙනවා..


    "නලින්දට උදව් කරපු එකට.. එයා මොනව කරගත්තත් මට කමක් නෑ.. ඒත් අර අහිංසක කෙල්ල හරි පව්.. ඒ ආදරේට ඒ තරම් කාලෙකුත් නෑ.. කෙල්ල මේ අසමජ්ජාතියට රැවටිලා.. මට දැන් ඒ ළමයගෙ මූණවත් බලන්න බෑ.. ඇයි ඉතිං මං නලින්ද ගැන පුදුම ගැරන්ටියක්නේ දුන්නේ.. මගේ ඇස් ඉස්සරහම නලින්ද ඒ හැම එකක්ම කඩලා බිදලා දැම්මයින් පස්සෙ මං කොහොමද ඒ ළමයා එක්ක කතා කරන්නෙවත්.."


    නෙත්මිගෙ කටහඩේ පළමු වතාවට වේදනාවකුත් එකතුවෙලා තියෙනවා මං දැක්කා.. ඒත් එයා ඒ වේදනාව විදින්නෙ නිරෝෂි පව් කියලා නම් ඒ වේදනාවට ආයුෂ ඒ තරම් නෑ කියලත් මං දැනන් හිටියා.. ඒක සුව කරන එක බන්ටිට බොහොම සුලු වැඩක්..


    "අර තරම් ගැටි කාලා ඉද්දිත් හොස්පිට්ල් එකෙ ඇද උඩටත් වෙලා ඉදගෙන නලින්ද කෙරුවෙ ගෑනු ළමයි එක්ක සංතෝස වෙන එක.. මං මගෙ ඇස් දෙකින්ම දැක්ක.. අර ඔයාට මාව හම්බවුණේ, අන්න එදත් උදෙයි, දවාලෙයි දෙකේම මං නලින්දගෙ චරිතෙ හුගාක් වැරදි තැන් දැක්කා.. ඇත්තමයි මට මහා පුදුම තරහක් ඇවිල්ලා තිබුණා.. ඒකයි ඔයාව දැක්ක ගමන් මට කියවුනේ නලින්දට තව පාරක් ගහන්න කියලා.."


    හැමදේම අකුරක් නෑරම පැහැදිලි කරලා ඉවරවෙලා නෙත්මි ලොකු හුස්මක් පල්ලෙහාට දැම්මා.. සමහර විට එයාගෙ හිත සැහැල්ලුවෙන්න ඇකි.. ඒත් කලින් දවසක අපි කොල්ලො ටික කතා කරපුව කොයි තරම් ඇත්තද කියලා මට හිතුණා.. මේ සිද්ධිය වෙන්නෙ ඇත්තෙ මෙහෙමයි කියලා අමිල බලන් හිටියා වගේ කිව්වනේ..


    "දැන් එතකොට නලින්දගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් මේ ගැන දන්නවද..?"


    "මං හිතන විදියට දන්නවා.. මුලින් මුලින් එයා හොස්පිට්ල් එකට ආවත් ඊට පස්සෙ ඇවිත් තිබුණෙ නෑ.. එයාටත් හැමදේම ආරංචි වෙලා ඇති.. නලින්ද ගුටි කාලා තියෙන්නෙ ගෑනු හුටපටේකට කියලයි හැමතැනම ප්‍රසිද්ධ උනේ.."


    "ඒ කියන්නෙ දැන් මට කොන්ත්‍රාත්තුව බාරගන්නයි වෙන්නේ..?"


    කතාව ඉවරයි වගේ තේරුණ හින්දා මං ඒ සුදු මූණ මැදට එබුණා.. හරිම විරාගික ලස්සනක් ඒ මූණෙ තිබුණා.. කලින් මෙයා මගෙත් එක්ක රංඩුවෙන හැටියට මේ වගේ සිරියාවන්තකමට දකින්න ලැබේවි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ..


    "ඒක තමයි දැන් මටත් තියෙන ප්‍රශ්නේ..?"


    "ඒ කියන්නෙ ඔයා අදහස වෙනස් කරගත්තද..?"


    "මංදා.. ඔයා රසික අයියා දන්නවා කිව්වම, මට ඒ වගේ දෙයක් ගැන ඔයාට කියන්න බෑ.. අපි ඒක අතෑරලා දාමු රන්දික.. මං ඒ වගෙ යෝජනාවක් කරේ නෑ කියලා ඔයා අමතක කරලා දාන්න.. නලින්දට එයා කරපු පව් වලට කොයි වෙලාවෙ හරි ආයෙ පඩිසන් දේවි.."


    "රසික අයියගෙයි, මේ කතන්දරෙයි අතරෙ තියෙන සම්බන්දෙ මොකක්ද..?"


    බලන් ගියාම අපේ උණහපුලු පැටියත් නොගෑවෙන තැනක් නෑ.. ඒකයි මං අරහෙම ඇහුවේ..


    කෙල්ලගෙ මූණ මැදට ආයෙත් හිනා ඇබිත්තක් ආවා..

    "සම්බන්ධයක් නෑ.. ඒත් එයා දැනගත්තොත් හොද නෑ නේද..?"


    "ඇයි හොද නැති වෙන්නේ..?"


    "අයියෝ රන්දික.. ඔයත්තෙක්ක නම් කතා කරලා බේරෙන්න බෑ.. කොහෙන් හරි ප්‍රශ්නයක් අහනවා.."


    "ඒ කියන්නෙ ඔයා රන්දිකට ආදරේ කරනවා.. එහෙම නේද..?"


    නෙත්මිගෙ මූණ ලොකු ලැජ්ජාවකින් රතුවෙලා ගියා.. කෙල්ල පිට කරගන්න බැරි ආදරේ හිතේ තියාගෙන ඇඹරෙන හැටි මං හොදටම දැක්කා..

    "ඒක අනාගතේට බාර ප්‍රශ්නයක් රන්දික.. දැන්මම ඒකට උත්තරයක් ඔව් හරි නෑ කියලා හරි දෙන්න බෑ.."


    "ඔයා කියන දේ හරි නෙත්මි.. හැබැයි මටයි, චාමිකටයි ඊයෙ තේරුණා ඔයා රසික අයියට ආදරේ කරනවා කියලා.. ඒ ආදරෙත් හිතේ තියාගෙන රසික අයියා ගැනත් හොයලා බලන්න.. එතකොට හැම දෙයක්ම හුගක් හොද වේවි.."


    "ඒ.. ඒ කියන්නෙ රසික අයියා කාත් එක්ක හරි යාලුයිද..?"


    "මං දන්න තරමින් නම් නෑ.. කෝකටත් හැමදෙයක් ගැනම හරියට දැනගෙන බලාපොරොත්තු තියාගන්නෙක හොදයි.. මොකද එතකොට දුක කියන දේ අඩුවෙන් ලැබෙන නිසා.."


    "තෑන්ක්ස් රන්දික.. ඔයා හොද උත්තරයක් මට දුන්නෙ.. එහෙනම් මං යන්නද..? මගේ ක්ලාස් එක පටන් ගන්න වෙලාවත් දැන් ඇවිල්ලා.."


    "හදිස්සියෙවත් ඕනකමක් උනොත් මං ඔයාව කන්ටැක්ට් කරගන්නෙ කොහොමද..?"


    "ඔයාගෙ ටෙලිෆෝන් නම්බර් එකක් නැද්ද රන්දික..?"


    "මට නම් නෑ.. මං කියන්නද වැඩක්.. ඔයාගෙ නම්බර් එක මට දෙන්න.. අවශ්‍ය උනු වෙලාවක මං ඔයාට කෝල් කරන්නම්.."


    ආයෙ දෙපාරක් හිතුවෙ නෑ.. මං කෙලින්ම කියලා දැම්මා.. කොහොමටත් නිරෝෂිගෙ කල්කිරියාව පෙන්නන්න මෙයා ගෙන්න ගන්නම ඕනෙනේ... මං කිව්ව වගේම නෙත්මින් හැරෙන තැපෑලෙන් මට නම්බර් එක දුන්නා.. ඔය තියෙන්නේ.. දැන් ඉතිං මොනවා කරන්න බැරිද..


    "එහෙනම් ලොකු පුතේ.. උඹ අන්තිමට කෙල්ලගෙ නම්බර් එකත් ඉල්ල ගත්තා.. ඇත්තටම මං දැන් කියන්න ඕන අපේ ගැන්සියෙ කොල්ලන්ට උඹව ආදර්ශෙට ගන්න කියලා.. උඹ ඒ තරම් තාත්තවිකව ඒ දර්ශනේ රගපෑවා.."


    නෙත්මි ගියා විතරයි චාමික වක්කඩේ ඇරියා.. ඔව් ඉතිං මෙච්චර වෙලා මේකා කට වහගෙන ඉන්න ඇත්තෙ පුදුම තරමෙ අමාරුවකින් වෙන්නැති..


    "මොන දර්ශනේද..?"


    "මොන දර්ශනේද ඇහුවා.. ඇයි උඹ රසික අයියට කටුව ගහන්නනේ යන්නේ.. හැබැයි ඉතිං සහෝදරයට කපලා හරි කමක් නෑ.. මේ ලමිස්සිව යාලු කරගන්න පුළුවන් නම්.. ඒ තරම් සිරියාවයි බං.. මට කැමති උනා නම් මං අදම ගෙදරට එක්කන් යනවා බන්ටි.."


    "උඹට පිස්සුද..? උඹ මොනවද ඔය කියවන්නේ.. මං කවදාවත් ඒ වගේ දෙකයි පනහෙ වැඩ කරන්නෑ.. අපේ අයියගෙ ප්‍රේම කතා තිබුණාවේ.. හැබැයි චාමික මට මේ කෙල්ල ගැන දුකයි.."


    "උඹ දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැත්නම් ඇයි උඹ මේ කෙල්ල ගැන දුක් වෙන්නේ..? උඹට පාඩුවෙ ඉන්න පුළුවන් නේ.."


    "පාඩුවෙ නම් ඉන්න පුළුවන්.. ඒත් මං උඹට ඊයෙත් කිව්වෙ අපේ අයියගෙ හිතේ ඉන්නෙ පිණිමුතු කියලා අපේ අක්කගෙ යාලුවෙක් කියලා.. ඒ කෙල්ල මේ බියුටි ක්වින් තරගෙකටත් ගිහින් ෆස්ට් ප්ලේස් ගහපු කෙල්ලෙක්.. එහෙම බැලුවොත් මේ අහිංසක කෙල්ලට කැමතිත් නෑ චාමික.."


    "දැන් උඹ මොකද කරන්න යන්නේ..?"


    "ඉස්සෙල්ලම නිරෝෂිගෙ චර්යාව නෙත්මිට පෙන්නලා ඉන්න ඕන.. මං නම්බරේ ඉල්ල ගත්තෙ ඒකයි.."


    "ඊට පස්සේ..?"


    "කතන්දර ගොඩක් තියෙනවා චාමික.. මට හිතුණොත් මං අයියට ලං කරවන්නෙ මේ කෙල්ලව.. මං මේකි මගේ නෑනා වෙනවා නම් කැමතියි.. බලපංකො තකට තකනේ.. මට ඕන වෙලාවක වලියක් අල්ලන්න පුළුවන්.."


    "දාපං ලොකු පුතේ පහට පහක්.. උඹ මාර ග්‍රේඩ් පොරක්.. අපි උඹව අදහන එක වැරදි නෑ කියලා උඹ නිතරම ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා.. එහෙනම් අපි මේ කෙල්ලට ඒකිගෙ ආදරේ ජයගන්න සපෝර්ට් කරමු.. ඒ මහගු පුණ්‍ය කර්මයෙන් උඹටයි, මටයි ගෑනු ළමයි දෙන්නෙක් හරි හතර දෙනෙක් හරි ලංවේවිනේ.."


    හොද වැඩකට යෝජනාවක් ස්තීර කරන ගමන් චාමික අපත කතාවක් කිව්වා.. බලමුකෝ.. මට නම් ගෑනු ළමයි නොලැබුනත් කමක් නෑ.. නෙත්මිගෙයි, අපේ අයියගෙයි කතන්දරේ කොයි තරම් දුරට ගෙනියන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගමුකෝ..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-06.jpg


    06.png


    එදා කෑම මේසෙදි මෙච්චර දවසක් එහෙන් මෙහෙන් ඇදි ඇදි තිබ්බ කතාන්දරයක් එළියට ආවා.. මුලින්ම කතාව පටන් ගත්තෙ අම්මා.. හැබැයි ඒ දේ ගෙදර හැමෝම වගේ සාකච්ඡා කරලා තියෙනවා කියලා මට තෙරුණා පස්සේ..

    "දැන් බන්ටි මොනවද කරන්න හිතන් ඉන්නේ..?"


    "මුකුත් නෑ අම්මේ.. දෙන දෙයක් කාලා ඔහේ ගෙදරට වෙලා ඉන්නවා.."


    මගේ උත්තරෙන් අම්මගෙ මූණ සම්පූර්ණයෙන්ම සවුත්තු උනා..


    "මොනවද බන්ටි ඔය කියවන්නේ.. දෙන දෙයක් කාලා කියන්නේ.. ඇයි මෙච්චර දවසක් අපි ඔයා කැමති ඒවා නෙමේද දුන්නේ.. බලන්නකො අනේ මෙයාගෙ කතාවල හැටි විතරක්.. හොදටම සවුත්තු විදියටයි කතා කරන්නේ.."


    "හොදයි අම්මේ.. අම්මා කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"


    "ඇත්තමයි බන්ටි.. මට ඔයත්තෙක්ක කතා කෙරුවොත් හරියට කේන්ති යනවා.. ඔයාට කතා කරන්න තේරෙන්නෑ.. අනිත් කෙනාගෙ හිත රිද්දලයි කතාව පටන් ගන්නෙම.."


    "දැන් මම අම්මට මොනවද කිව්වේ..? අම්මා අහපු දේවල් වලටනේ උත්තර දුන්නේ.. බලන් ගියාම අම්මත් මහ පුදුම කතානේ කියන්නේ.."


    අම්මගෙයි, මගෙයි කතාව ටිකෙන් ටික රත්වෙද්දි තමයි ගෙදර අනිත් අය කතාවට සම්බන්ධ උනෙ.. මොන කතාවකට ගියත් අම්මා කේන්ති අරන් ඉන්නෙ ඇයිද කියලා මට හිතාගන්න බැරිවුණා.. ඊගාවට අම්මා කලේ, තාත්තට ඇගිල්ල දික් කරපු එක..


    "බලන්න බන්ටි කතා කරන විදිය.. මෙයත් එක්ක පවුලෙ දෙයක් කතා කරන්න පුළුවන්ද..? ඔයා තමයි මේ හැමදේටම වග කියන්න ඕන.. බන්ටි කියන කියන පදේට නැටුවා මිසක අපිට ඕන දේ මෙතන වෙන්නෑනේ.."


    "දැන් ඔයාට ඕන දේ මොකක්ද..? අපි එදත් ලොකු පුතත් එක්ක මේ ගැන කතා කලානේ.. බන්ටිගෙන් අපිට තාම ගැටලුවක් නෑනෙ.. ඉස්කෝලෙන් අවුට් වෙලත් ගිහින් තියෙන්නෙ කොයි තරම් ඩිංග කාලයක්ද..?"


    "ඔය හැමදේම හරි තාත්තේ.. ඒත් මෙයා මෙහෙම කිසිම වැඩක් නැතුව එහෙට මෙහෙට පාවෙවී හිටියොත් මං හොදටම දන්නවා මේ නුවර ඉන්න අංක එකේ රස්තියාදුකාරයා අපේ බන්ටි වෙනවා කියලා.."


    "ලොකු පුතා කියන දේ හරියටම හරි.. හැබැයි ලොකු පුතේ ඔයාට තේරෙන දේ තාත්තට නොතේරෙන එකයි වැරැද්ද.."


    "අනිත්තෙක මෙයාට රටේ නැති යාලුවො.. බැලුවොත් කොයි වෙලාවෙවත් ගෙදර නෑ.. අර බයිසිකල් ලඩියත් අරගෙන හැම වෙලාවෙම රස්තියාදුවේ.."


    "අයියෙ මේ.. කට තිබ්බ පලියට මගේ බයිසිකලේට මුකුත් කියන්නෙපා හරිද..? ඔයාගෙ ඕන තරම් පජාත ගමන් ඕකෙන් ගිහින් නැද්ද..? තමන්ගෙ දේවල් කරගන්නකොට මගේ බයිසිකලේ ෆුල් ඕප්ෂන්.. දැන් තමයි ලඩිය වෙලා තියෙන්නේ.. එනවකෝ.. හදිස්සියක් නෙමේ.. මරණෙකටවත් මං ඕක ආයෙ ඔයාට දෙන්නෑ.."


    "බන්ටි.. කට වහගෙන ඉන්න.. අපියි මෙතන කතා කරන්නේ.. ඔයා මේ ගෙදර බාලම කෙනා.. අනිත් අය කියන හැමදේම ඔයා අහන්න ඕන.."


    මේක මාර අවනඩුවක්නේ.. මුලින් කතාව පටන් ගත්තෙ කොහොමද..? දැන් ඉවර වෙන්නෙ කොහොමද..? බලන් ගියාම මෙයාලා වගේ කැත මිනිස්සු ටිකක් කොහේවත් නෑ.. මෙයාලට හැමදේම රුවිතෙටයි පේන්නේ..


    "මං බාලම කෙනා කියලා ඔයාලා කියන වැරදි දෙයක් උනත් අහන්න ඕනද..? පුදුම කතානේ ඕගොල්ලො කියන්නේ.."


    "බන්ටි.. මාව කේන්ති ගස්සන්න එපා.. අපි කියන විධියට ඔයා වැඩ කරන්නෝන.. ඔයාට ඕන ඕන විදියට නටන්න දෙන්න බෑ.."


    මෙච්ච වෙලා මාව යටවෙලා පෑගෙද්දි තාත්තා වචනයක්වත් කතා කෙරුවෙ නෑ.. එයා කෙරුවෙ අම්මගෙ මූණ දිහා බලන් ඉදපු එක.. හරි නම් තාත්තටවත් තේරෙන්න ඕන මෙතන කතාව ගියපු විදිය.. අම්මට කේන්ති යන්න තරමෙ දෙයක් මං කිව්වෙ නෑනේ.. වෙනදට මං ඔයිට වැඩිය දේවලුත් කියන්නේ.. කොහොම හරි මට හිතිච්ච විදියට අම්මගෙ කතාව නැගලා ගියේ අයියා දීපු තල්ලුවෙන්නේ.. එයා පැත්තක ඉදන් ගානට මාව කපලා දැම්මා.. මං හිතන්නෙ උන්දට අද රෑට හොදට නින්ද යයි.. අම්මප මෙහෙමත් කැත සහෝදරයෝ.. අපි මේ උදව් කරනවා කියලා හිතන් ඉන්නෙ මෙයාලටනේ.. උදව් නෙමේ මෙයාලට කරන්නෝන..


    "දැන් මෙතන මේ තරම් කෑගහන්න තරම් ඇතිවෙච්ච ප්‍රශ්නෙ මොකක්ද..? අපි කලින් දවසෙ කතා කරගත්තු කිසිම දෙයක් මෙතන කතා වුණේ නෑනේ.."


    හුගාක් වෙලා ගියාට පස්සෙ තාත්තා කතාව පටන් ගත්තා.. හැබැයි එතකොට පෙරහැර ගිහින් ඉවරයි.. හරි නම් තාත්තටනේ මේ කතාව පටන් ගත්ත තිබ්බේ.. එයා හැමදේම අම්මට බාර දීලා පැත්තකට උන හන්දනේ මේ තරම් කෑගහන්න සිද්ද උනේ.. ගෙදර තමන්ගෙ පාට් එක මොකක්ද කියලා තාත්තට ඩිංගෙන් ඩිංග අමතක වෙනවවත්ද කියලා මට හිතුණා..


    "කතා වෙන්නෙ කොහොමද..? දැක්කනේ ඔයාගෙ පුත්ත්‍රරයා කතා කරපු විදිය.. කිසිම වැදගත්කමක් නැති රස්තියාදුකාරයෙක් විදියටනේ හැසිරුනේ.. මෙයා මේ විදියට ගියොත් කොහෙන් නතර වෙයිද කියලා කියන්න කව්ද දන්නේ..? මෙයා මේ තරම් උඩ පනින්නෙ ඔයයි, බේබියි හින්දා.."


    කතාව ආයෙත් පුරුදු තැනට එද්දි මං පුටුවෙන් නැගිට්ටා.. දැන් මේකට අර කොහේවත් ඉන්න අහිංසක බේබි නැන්දවත් පටලවගෙන.. තව ටික වෙලාවක් යනකොට කිලෝ මීටර් බාගයක් විතර එහායින් ඉන්න මොරීන් අක්කවත් අල්ල ගනියිද දන්නෑ..


    "අර බැංකුවලට දාහක් ගන්න එකේ අපි බන්ටිව එතෙන්ට දාගන්න බලමු.. නේද අම්මි.. එතකොට අපේ බන්ටිගෙ ඔය දග වැඩ නවතියිනේ.."


    කතාවට මොනව හරි එකතු කරන්න ඔන් හින්දා ඒ වගේ දෙයක් කිව්ව උනත් ඒකෙ හරි හමන් වැටහීමක් අක්කට තිබුණෙ නෑ.. පාඩුවෙ කෑවයින් නොකෑවයින් මෙතනින් නැගිටින එක හොදයි.. නැත්නම් වෙන්නෙ මරාගන්න.. ඇයි අප්පා මගේ අඩුපාඩු විතරද මේ ගෙදර මිනිස්සුන්ට පේන්නේ.. ඇයි මගේ එක හොදක්වත් නැද්ද..? බන්ටි කරන්නෙම නරක වැඩද..? පුටුවත් පස්සට කරලා දාලා මං නැගිට්ටා..


    "ඔයා කොහේ යන්නද ඔය නැගිට්ටේ..?"


    "කාමරේට.."


    "ඔව් ඉතිං.. ගැලවීම තියෙන එකම තැන එතනනේ.. ඕන වෙලාවක කතාව මගෑරලා කාමරේට පැනලා දුවන්නනේ හදන්නේ.."


    "මං පැනලා දිව්වේ නෑ.."


    "පැනලා දිව්වෙ නැත්නම් වාඩිවෙන්න.."


    "නෑ.. මෙහෙම හොදයි.."


    "ඔව් ඉතිං.. කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑනෙ.. ඌ බහින්නෙම මඩට.."


    "විනීතා.. ඔයා මොනවද ඔය දරුවට කියවන්නේ.. අපි කතා කරන්න හිතන් ඉදපු දේවල් ද ඒවා..?"


    මෙච්චර වෙලා කතාවට අඩුවෙන් දායක වෙච්ච තාත්තා කතාව මැද්දට පැන්නා.. හැබැයි ඉතිං මට නම් හිතුණෙ ඒත් පරක්කු වැඩියි කියලා..


    "ඔව් ඉතිං.. බන්ටිට මොනවා හරි කිව්වාම ඔයාට හරි අමාරුයිනේ.."


    "ඇයි ඔයාට අමාරු නැද්ද..?"


    "ඇයි මං ඒක අමාරුවක් කරගන්නේ..?"


    ඒ පාර මේ දෙන්නා දෙමහල්ලො මං හින්දා මරාගන්නවා.. හොද වෙලාවට බේබි නැන්දවත් පේන්න නැත්තේ.. නැත්නම් එයාවත් මේකට බලෙන්ම පටල ගන්නවා.. මං දන්නවනේ අම්මගෙ හැටි.. බේබි නැන්දා පලාතෙවත් නැති එක හොදයි..


    "ඒක නම් මං දන්නෑ.. බැහැයි ඉතිං දරුවෙකුට දෙයක් කියනකොට ඒක අහන්න පුළුවන් විදියට කියන්න.."


    "ඇයි මං දැන් කිව්වෙ අහං ඉන්න බැරි කතාද..? මට බන්ටිට මුකුත් කියන්නත් බැරිද..? ඔයයි, බේබියි විතරද බන්ටිගෙ බාරකාරයෝ..?"


    "විනීතා.. ඇයි ඔයා මේ නිකරුනේ කේන්ති අරගන්නේ.. මං එහෙම කතාවක්ද ඔයාට කිව්වේ.. ඇයි ඔයා නිතරම බේබි මෙතෙන්ට ගාව ගන්නේ.. ඒ මනුස්සයා කොහේවත් ඉන්නේ.. නැති ප්‍රශ්න ඇති කරන්නෙපා.. මං ඔයාගෙන් ඉල්ලන්නෙ එච්චරයි.."


    "නැති ප්‍රශ්න ඇති කරන්න.."


    තාත්තගෙන් එහෙම අහද්දි අම්මගෙ මූණට ආවෙ මහා කැතම කැත හිනාවක්.. ඒ හිනාව මැද්දෙන් කියන ලොකු කේන්තිය මං දැක්කා.. ඒත් අම්මට ඔය තරම් කෙන්ති යන්න තරමෙ දෙයක් මෙතන සිද්ධ වුණේ නෑනෙ..


    "ඇති.. විනීතා ඇති.. ඔය කතාව දැන් නවත්තමු.. අපි මේ කතාව පටන් ගත්තෙ හරි වෙලාවෙ නෙමෙයි.."


    "ඔව්.. ඒක මටත් පේනවා.."


    මං දිහා ඔරවලා බලන ගමන් අම්මා කෑම මේසෙන් නැගිටලා ගියා.. මොන අවනඩුවක්ද දෙයියනේ මේක.. අම්මගෙ පිටිපස්සෙන් තාත්තත් නැගිටලා ය්දදි මං අයියයි, අක්කයි දිහා බැලුවා..


    "බලනවා බන්ටි.. ඔයා හින්දා අම්මයි, තාත්තයි රණ්ඩු වෙනවා.. මොකක්ද හලෝ තමුසෙගෙ ඔය ජීවිතේ.. හරියට මනුස්සයෙක් වගේ ඉන්නවකෝ.."


    අම්මා ගියා විතරයි දැන් අයියා ටකේ හොල්ලන්න ගත්තා.. මං කතා කෙරුවොත් මේ කතාව ඉවර වෙන්නෙ සහෝදරකමුත් නැතිවෙලා කියලා මට තේරුණ හන්දා මං පාඩුවෙ හිටියා..


    "දැන් කියනවා බලන්න දවස තිස්සෙ ගහන රස්තියාදු ගැහිල්ලෙ තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා.. අඩුගානෙ මනුස්ස ජීවිතයක් ලැබුවා නම් ඒකෙන් රටටවත් වැඩක් කරනවා.. පිං බතා වගේ එහෙට මෙහෙට පාවෙන්නේ.."


    හිතේ රිදෙන සියුම්ම තැනට දැනුවත්ව හරි නොදැනුවත්ම හරි අයියා පහර දීලා තිබුණා.. වැදිච්ච පාර සැරකමට මං පුටු ඇන්ද තද කරලා අල්ල ගත්තා.. ඒත් මට කේන්තියක් ආවේ නෑ.. කේන්තියක් ආවා නම් මං මේ පුටුවයි අයියගෙ ඔලුවට අතාරින්නේ..


    "මොනවද ලොකු ඔයා මේ කියවන්නේ..? ඇයි බන්ටිට ඔය තරම් කැක කතා කියන්නේ..? එයාගෙ ප්‍රශ්නෙ අම්මයි, තාත්තයි බලාගනියි.. අපි ඒවට මැදිහත්වෙන්න ඕන්නෑ.."


    එතන ඉදලා අපි අතරෙ කතාවක් බහක් සිද්ධ වුණේ නෑ.. පිංබතා කියන ගෞරව නාමයත් අරගෙන මං හෙමින් සීරුවෙ පඩිපෙල නැග්ගා.. ඒ නගිනකොට තමයි මං දැක්කෙ බේබි නැන්දා පහල කාමරේ ඔලුවස්සකට හේත්තු වෙලා බලන් ඉන්නවා.. ඒ මූණෙ ඇදිලා තිබ්බ දුක, කලකිරීම, සංතාපය කියන හැගීම් එකින් එක තේරුම් ගන්න මට පුළුවන් උනා..


    "බන්ටි මහත්තයෝ.."


    බේබි නැන්දගෙ කටහඩ බිදිලා කියලා මට තේරුණා.. එයා මෙතන වෙච්ච මුළු කතාවම අහගෙන ඉන්නැති..


    "මගේ රත්තරං මහත්තයො දුක් වෙන්නෙපා.. ඔය හැමදේම හිතින් අතෑරලා ගිහින් නිදාගන්න.."


    කාමරේ ළග ඉදලා පඩිපෙළ පහළට ආපු බේබි නැන්දා මගේ ළගට ආවා..

    "හිතින් අතාරින්න පුළුවන් දේවලුත් තියෙනවා.. බැරි දේවලුත් තියෙනවා.."


    "අනේ ඕවා කල්පනා කරන්නෙපා බන්ටි මහත්තයෝ.."


    බේබි නැන්දා පඩිපෙල පහල ඉන්දේදදි මං තවත් පඩි දෙක තුනක් උඩට නැග්ගා.. ඒ නැගලා බහිද්දිත් බේබි නැන්දා පඩිපෙලේ ඇන්ද අල්ලගෙන නතර වෙලා හිටියා..

    "ම.. මං පිං බතෙක්ද බේබි නැන්දේ..?"


    ගැහුවත් අඩන්නෙ නැති මගේ ඇස් දෙකට පුංචි කදුළු බින්දු දෙකක් එද්දි මං ඇහුවා.. එතකොටයි මං දැක්කෙ බේබි නැන්දට පිටිපස්සෙන් අම්මයි, තාත්තයි කෑම කාමරේට ඇතුල්වෙන දොර ගාව අයියයි, අක්කයි ඉන්න බව..


    "දෙ.. දෙයියනේ මගේ රත්තරං මහත්තයා මොනවද මේ අහන්නේ..?"


    "මුකුත් නෑ බේබි නැන්දේ.. මුකුත් නෑ.. මට අද හරි සන්තෝස දවසක්.. ම.. මං අදයි දැනගත්තෙ මේ ගෙදර අයට මාව බරක් කියලා.. ඒක මට මෙච්චර දවසක් දැනුණෙ නෑ.. ඒ මගෙ හිත අනිත් අයගෙ හිත් වගේ කුණුවෙලා නැති හින්දා.. මේ ගෙදර අයගෙ හිත්වල තිබ්බ කහට මට නොතේරුණේ මං මහා බොළද විදියට මේ ලෝකෙ දැකපු හින්දා වෙන්නැති.. රස්සාවක් කියන දේ මට හොයාගන්න පුළුවන්.. ඒත ඒ දේට මං උනන්දු නොවුණෙ මේ පවුලට මාව බරක් කියලා මං තේරුම් නොගත්ත හින්දා.. ඒත් දැන් මං දන්නවා මෙයාලට මාව බරක් කියලා.."


    "දෙ.. දෙයියන්ගෙ නාමෙට ඔය කතාව නවත්තන්න මහත්තයෝ.."


    "නවත්තන්න දෙයක් නෑ බේබි නැන්දේ.. මේ පවුල ඇතුළෙ මං හුගාක් සංතෝසෙන් ජීවත් වුණා.. ඒ සංතෝසෙ නැති කරන්න මට උවමනා නෑ.. මේ හැමෝම කියන්නෙ මට රස්සාවක් හොයාගන්න කියලා නම් මං ඒ දේ කරන්නම්.."


    කාමරේට යන්න ඉතිරි පඩියත් නගින ගමන් මං කිව්වා..


    "ඔයාට කිසිම බලකිරීමක් නෑ බන්ටි.. ඔයාට කන්න අදින්න දෙන්න තාම මට පුළුවන්.. රස්සාවක් ගැන අපි හිමීට හිතමු.. හදිසියක් නෑ.."


    කාමරේට ඇතුල්වෙලා දොර වහගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තාත්තගෙ කටහඩ ඇහුණා.. ඒත් ඒ කියපු වචන දිගේ මං බිදුවක්වත් හිතන්න ගියේ නෑ.. කොහොම හරි ජීවිතේට මූණ දෙනවා කියලා විතරයි මං හිතාගත්තේ.. බිමට වැටිලා පෑගිලා චුරු වෙලා ඉද්දි මට එල්ලෙන්න පිදුරු ගහක්වත් නොදැම්ම තාත්තගෙ කතාව මට අප්පිරියම උනා.. දැන් මොන දේ කිව්වත් වැඩක් නෑ තාත්තේ.. බන්ටිගෙ හිත රිදිලා ඉවරයි..


    ****************************


    පහුවෙනිදා එකොළහ දොළහ වෙනකන්ම මං කාමරෙන් එළියට බැස්සෙ නෑ.. ගෙදර කට්ටිය සැරින් සැරේට ඇවිල්ලා කර්ට්න් එක එහා පැත්තෙ ඉදගෙන මගේ දිහා හොරෙන් බලල යන හැටි මං දැක්කා.. අර ඊයෙ වීරයා වගේ දිගට හරහට කතා කෙරුවෙ.. දැන් එයාලගෙ කතා පෙට්ටියයි, ඒ වීරකමුයි කොහෙද දන්නෑ..


    "බන්ටි මහත්තයෝ.. මොනවා හරි කමුකෝ.."


    "මට එපා බේබි නැන්දේ.. මට කන්න තරම් ප්‍රියක් නෑ.. අනික ඕවා කාලා මට බඩ යයිද දන්නෑ.."


    "දෙයියනේ.. මගේ රත්තරං මහත්තයෝ.. මොනවද මේ කියවන්නේ.. හොද මහත්තයා වගේ ඕවා අමතක කරලා දාන්න.."


    "අමතක කරලා දාන්න.. ඔව් බේබි නැන්දෙ.. අපි ඕක අමතක කරලා දාමු.. හැබැයි ඒ වචනෙට විතරයි.. ඔයාවත් මට කියන්න ඇයි මේ මිනිස්සු මට වද දෙන්නෙ කියලා.. මං මොනවද මෙයාලට කරේ..?"


    "මහත්තයා මුකුත් කරේ නෑ.. අනේ දෙයියනේ.. මේවා බලන් ඉන්න මමයි පවුකාර.. හ්ග්.. හ්ග්.."


    තත්පරයක් ගියේ නෑ බේබි නැන්දා අඩාගෙන කාමරෙන් යන්න ගියා.. බේබි නැන්දගෙ පිටිපස්සෙන් දුවලා යන තරමෙ බොළද සිතුවිල්ලක් හිතට ඇවිල්ලා ආයෙත් ඒක පේන්නැති වෙලාම ගියා.. කිසිම දෙයක් හිතාගන්න බැරි කාලකණ්නියෙක්ගෙ ගති ලක්ෂන පහල කරගෙන මං ඇදටම වෙලා හිටියා..


    "ඔ.. ඔයා හරිම කැතයි ලොකූ ඊයෙ බන්ටිට කතා කරපු විදිය.. මොනවද ඒ කියපු කැත වචන.. බන්ටිට කොයි තරම් දුක හිතෙන්න ඇද්ද..?"


    තවත් පැයක් විතර ගෙවිලා යද්දි කාමරේට එළියෙන් සුපුරුදු කුටු කුටුව මට ඇහුණා.. අපේ අම්මගෙයි, තාත්තගෙයි ලොකු ළමයයයි, දෙවනි ළමයයි එකතු වෙලා බර කතාවක්.. මාත් ඉතිං නිකං තියෙන කනනේ කියලා ඒ පැත්තට හරව ගත්තා..


    "අනේ නිකං ඉන්න.. බන්ටිට කොහෙද දුක හිතෙන්නේ.. මිනිහා ඕක මේ කනින් අහලා අනිත් කනින් එළියට දාවි.. අනික මිනිහා කිසිම දෙයක් ගණන් ගන්න තාලෙ කෙනෙක් නෙමේනේ.."


    එහෙනම් අයියා මං ගැන හිතන් ඉන්නෙ එහෙමයි.. ඔව් ඉතිං ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.. ඇයි කොයි වෙලාවෙත් මගේ දුක මං පෝස්ටර් ගහලා පෙන්නන්න ගියේ නෑනේ.. බලන් ගියාම ඒකත් මහ පුදුම විදියට අවාසියිනේ අප්පා.. තමන්ට දැනෙන හැමදේටම හොට්ට පෙරාගෙන අඩලා කෑගහලා තිබ්බ නම් ඒක තමයි ගණන් ගැනීම.. බන්ටිට පේන විදියට ඒක තමයි ලෝක සදාචාරය..


    "මම නම් එක් පිළිගන්නෙ නෑ ලොකූ.. බන්ටි ඔය ඔහොම හිටියට එයාගෙ හිත හරිම සංවේදියි.. ඩිංග ඇත්නම් රිද්ද ගන්නවා.. අන්තිමට අපි හැමෝටම පේන්නෙ එයාගෙ හිනාව විතරයි.. ඒත් ඒ හිනාවට යටින් විසිරිලා තියෙන මහා දුක අපි කාටවත් පේන්නෑ.."


    "අපි ඔය කතාව නවත්තලා දාමු නංගි.. අපිට ඔයිට වඩා වැදගත් කතන්දරයක් තියෙනවා කතා කරන්න.."


    "ඒ මොකක්ද ලොකූ..?"


    දෙන්නගෙ කටහඩවල් හුගාක්ම හෙමින් තමයි පාවිච්චි කෙරුණෙ.. බන්ටිටත් වචන ඇහුණෙ අතරින් පතර වගේ.. අර දෙයක් පිළිබදව විමසිල්ලෙන් ඉන්න හන්දා ඒ අඩු වචන වලට ගැළපෙන වචන දාලා මං කතාව හදාගත්තා..


    "අපි ටිකක් පහලට යමුද..?"


    "නෑ.. නෑ.. මෙතන තමා හොදම තැන.. ඉතිං කියන්න ලොකූ..?"


    "මං ඉන්නෙ පිණිමුතුව හම්බවෙන්න.."


    "පිණිමුතුව..?"


    "ඔව්.. ඇයි ඔයා බයවෙලා වගේ..?"


    "න්..නෑ.. ඇ.. ඇයි ඔයා මේ හදිස්සියෙ පිණිමුතු බලන්න යන්නේ..? එයා මෙහේ ආවම ඕන නම් හම්බවෙන්න පුළුවන් නේ.."


    "එයා මෙහේ එන දවසට මං ගෙදර නෑනේ.. මෙහෙම බලන් හිටියොත් මට එයාව හම්බවෙන්න වෙන්නෙත් නෑ.. මට තවත් බලන් ඉන්නත් බෑ.."


    අයියගෙ කතාවෙන් මගේ හැම කලකිරීමක්ම, දුකක්ම පැත්තකට තල්ලු වෙලා ගිහින් මොකක්දෝ අමුතු ගතියක් මුළු ඇග පුරාම පැතිරිලා ගියා.. එහෙනම් මෙ කැලෑ සතා ගේමට බහින්නයි යන්නේ.. හැබැයි මෑන්ට ඔලුව තියෙනවා.. ඒක හන්දා බහින්න කලින් මුට්ටිය දාලා බලයි.. මුට්ටිය බිදෙන්න පොලු පාරක් වැදුනොත් මිනිහා සද්ද නැතුව ඉදියි.. එහෙම උනේ නැත්නම් කිසිදු අවුලකින් තොරව ෂපාන් එකේ මිනිහා ආදරේ කරන ඔය දවසට කීයක් හරි හම්බ කරගෙන පාඩුවෙ ඉන්න උත්සාහ කරයි..


    "බලන් ඉන්න බෑ කිව්වේ..?"


    අපේ අක්කටත් කිසිම දෙයක් තේරෙන්නෑ.. මේ හාල් දන්ඩා ඔය වටේ කැරකෙන්නෙ සම්පූර්ණයෙන්ම ආදරෙන් මත්වලො කියාල ඇයි තේරුම් නොගන්නේ.. බන්ටිට නම් ඕවා ඒ ටූ ඉසෙඩ් යනකල්ම තේරෙනවා..


    "බලන් ඉන්න බෑ කියලා කිව්වෙ බලන් ඉන්න බැරි නිසා.. ඔයාට බැරිද නංගි මට එයාව හම්බවෙන්න අවස්ථාවක් හරිගස්සලා දෙන්න.. මතකනේ යා කලින් දවසක මට පොරොන්දු උනා ඕන උදව්වක් ඒ සම්බන්ධව කරනවා කියලා.."


    "හරි.. හරි.. ලොකූ.. මට ඒවා අමතක නෑ.. මං මේ කල්පනා කරේ එලියෙ එයාව හම්බවෙනවට වැඩිය හොදයි මේ ගේ ඇතුළෙ හම්බවෙන එක.. අනික ඔය අපේ බන්ටි ගැන ආරංචි මෙහෙට එනවා වගේ ඊගාවට ඔයා ගැනත් ආරංචි එන්න ගනියි.."


    "අපොයි නංගි.. ඒක නම් වෙන්න දෙන්න බෑ.. අම්මා මං ගැන කොහොමද හිතන් ඉන්නේ.. ඒකට එහා ගිහින් මුකුත් කරන්න මට බෑ.. කොටින්ම මගේ කාඩ් එක කුඩු කරගන්න මං කැමති නෑ.. ඔය බන්ටි වගේ ඕන දෙයක් උනාවෙ කියලා හිතන් වැඩ කරන්න මට බෑ.. මං දෙයක් කරනවා නම් ඒකෙ යම්කිසි පිළිවෙලක් තියෙන්න ඕන.."


    මේං බලපල්ලා හොද ළමයි.. ආදරේ කරන්න කලින්ම පස් මහ බැලුම් බලන හැටි.. ඇත්තමයි.. මට නම් අයියා ගැන තියෙන පැහැදීම ඩිංගෙන් ඩිංගම අඩුවෙන්න ගත්තා..


    "මං ඔයාට උදව් කරන්නම් ලොකූ.. හැබැයි ඔයා මට පොරොන්දුවක් වෙන්නෝන.."


    "ඒ මොකක්ද නංගි..?"


    "පිණිමුතු කියන්නෙ හුගක් හොද ගෑණු ළමයෙක්.. එයා කවමදාකවත් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධකම් පවත්වල නෑ.. පුදුම තරම් අහිංසක ළමයෙක්.. මට තියෙන එකම බය එයාවයි, ඔයාවයි ගැළපේවිද කියලා.."


    "ඇයි ඔයා එහෙම කියන්නේ..?"


    "අපේ බන්ටි වගේම පිණිමුතු කියන්නෙත් හුගාක් සංවේදී කෙල්ලෙක්.. කොච්චර වීරයා වගේ කතා කරත් ඩිංග ඇත්නම් අඩනවා.. ඒ වගේම යාළුවන්ට ඕනම උදව්වක් කරනවා.. එයා නිතරම නිදහස ප්‍රිය කරන කෙනෙක්.. එයාට ඔය අපේ බන්ටිට වගේසැහැල්ලුවෙන් ඉන්නයි ඕන.. එයාගෙ ඒ සැහැල්ලුවයට බාධා කරනවට පිණිමුතු ඩිංගක්වත් කැමති වෙන එකක් නෑ.."



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අක්කා කියාගෙන කියාගෙන ගියපු විදිට පිණිමුතු ළග තිබේබෙ හුගාක්ම මං ආස කරපු ගතිගුණ.. ඇත්තටම මොන දේ නැතිවුණත් ජීවිතයට නිදහස කියන දේ තියෙන්න ඕන.. එහෙම නැති උනොත් ඒ ජීවිතේ මහා පල් ගුහාවක් වෙනවා.. අපට වෙන්නෙ පල් ගද ගගහ මැරි මැරී ජීවත් වෙන්න.. ෂිහ්.. අම්මපා.. ඊට වැඩිය හොදයි විරේකයක් කරගෙන එතන ඉන්න එක..

    "හරි නංගි හරි.. මොකක්ද මං වෙන්න ඕන පොරොන්දුව කියලා කියන්නකෝ.. ඔයා දාන ඕන කොන්දේසියක් මං පිළිගන්නම්.. මට කොහොම හරි පිණිමුතුව මුණගස්සලා දෙන්න.."


    පිණිමුතුව හම්බවෙන්න අයියට තියෙන තදියම ගැන ආයෙ කියන්න දෙයක් කියන්න තිබුණෙ නෑ.. මගේ කන් දෙකට ඇහිච්ච ඒ වචන ටිකෙන්ම ඒක හොදට ඔප්පු උනා..


    "ඔයා කවදාවත් පිණිමුතුට දුකක් දෙන්නෙ නෑ කියලා.."


    "අයියෝ.. ඕකද පොරොන්දුව.. සිම්පල්නේ.. මං හිතුවෙ ඔයා කියපු විදියට මහා බරපතල එකක් කියලා.."


    "ඇයි මේක බරපතල නැද්ද ලොකූ.. දුකක් දෙන්නෑ කියනෙක ඔය තරම් සැහැල්ලුවට හිතන්නෙපා.. ඒක ඉෂ්ඨ කරන්න හරිම අමාරු දෙයක්.. විශේෂයෙන්ම පිණිමුතු වගේ සංවේදී ගෑනු ළමයෙක් හරි ඉක්මනට දේවල් වලට දුක් වෙනවා.. තරහා යනවා.. ඔයා ඒ හැමදේම මැනේජ් කරන්නෝන.."


    ඇත්තටම මට මගේ අක්කා ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.. එයා උදව්වක් උනත් කරන්න හදන්නෙ ආවට ගියාට නෙමෙයි.. හුගාක් දුරට හිතලා මතලා.. තමන්ගෙ යාලුවා ගැන අක්කා කොයි තරම් ලොකු වැටහීමකින්ද ඉන්නෙ කියලා තේරුම් ගන්න, අක්කා කියපු වචන ටිකම ඇති.. ඒත් මට තිබ්බ ප්‍රශ්නෙ අයියා මේ කතන්දරේ සීරියස් ගනීද නැද්ද කියනෙකයි.. මොකද ඔය මනුස්සයා මේ දැන් කියන වචනෙ තව විනාඩි දහයකින් වෙනස් කරන ජාතියෙ අමුතු සත්වයෙක්.. මේ කතාවටත් ඒක එහෙම බලපෑවොත් පිණිමුතුට වගේම අපේ අක්කටත් සම්මා සම්බුදු සරණයි..


    "ඔයා කිව්වනේ පිණිමුතු ගාව තියෙන්නෙ බන්ටි ගාව තියෙන ගතිගුණ කියලා.."


    "ඔව්.."


    "ඉතිං.. බන්ටිව හැන්ඩ්ල් කරන මට පිණිමුතුව හැන්ඩ්ල් කරන්න බෑ කියලා හිතනවද..? ඒක මං බන්ටිව කන්ට්‍රෝල් කරනවට වැඩිය ලේසියෙන් කරන්නම්.."


    අනේ අම්මපා.. මූද.. අපේ පවුලෙ ලොකුම දරුවා.. ඉලෙක්ට්‍රික් උපකරණයක් පාවිච්චි කරන තාලෙට මේ වෙල් කක්කුට්ටා පිණිමුතුව පාවිච්චි කරන්න හදන්නේ..


    "ඔයා හිතන්නෙ ලොකූ.. බන්ටි ඔයාට කන්ට්‍රෝල් කියලද..?"


    "ඔව්.. ඇයි ඒක ඔයාට අවිශ්වාසද.?"


    "ඔව්.. මං ඒ කතාව විශ්වාස කරන්නෑ.. මට හිතෙන විදියට බන්ටි ඔයාට කන්ට්‍රෝල් නෑ.. එයා, ඔයාව ප්‍රතික්ෂේප කරනවා.."


    "මාව..? බන්ටි කොහොමද මාව ප්‍රතික්ෂේප කරන්නේ..? මිනිහා ඉන්නෝන මං කියන දේවල් අහගෙනනේ.."


    "අනේ ලොකූ.. ඔන්න ඔය ඔයා හිතන විදිය ඩිංගක් වෙනස් කරගන්න.. මම නම් හිතන්නෑ ඔය විදියට ඔයාට බන්ටිව නෙමෙයි පිණිමුතුටවත් ළංවෙන්න පුලුවන් කියලා.."


    "ලංවෙන්න පුළුවන්ද බැරිද කියලා මං පෙන්නන්නම්.. ඔයා මට පිණිමුතුව මීට් වෙන්න උදව් දෙන්න.."


    "හරි.. මං ඔයාට පොරොන්දු වේච්ච විදියට එයාව මුණ ගස්සන්නම්.. හැබැයි ලොකූ මං ආයෙත් ඔයාගෙන් ඉල්ලන්නෙ මගේ කෙල්ලට දුක්ක දෙන්නෙපා කියලා.."


    "ඔයාට මාව ෂුවර් නැද්ද..?"


    උඹ නම් පුතේ සත පහකටවත් විශ්වාස කරන්න පුළුවන් තරමෙ එකෙක් නෙමෙයි.. එතනින් එහාට එයාලා දෙන්නා කතා කරපුවා මට වැඩිය ඇහුණෙ නෑ.. සමහර විට එයාලා කටහඩ තව ටිකක් අඩු කරන්න ඇති.. මට ඉතිං ඒකෙ ඇති ප්‍රශ්නයක් නෑ.. උවමනා දේ මං යස අගේට අහගත්තනේ..

    "බන්ටි මහත්තයෝ.."


    ඩිංගක් වෙලා නිදහසේ හිටියා විතරයි.. ඕන් ආයෙත් බේබි නැන්දා කතා කරා.. ඉතිං බලපල්ලකෝ.. හැම වෙලාවෙම මගේ සයිවරීභාවයට හානි වෙන හැටි..


    "ඇයි බේබි නැන්දේ.. ඔයත් මට වද දෙන්නේ.. අඩු ගානෙ කාමරේ ඇතුලට වෙලාවත් මට ඉන්න බැරිද..?"


    "අනේ මං මහත්තයට කරදරයක් කරන්න හිතුවෙ නෑ.. ආන් අරහෙ කෝල් එකක් ඇවිල්ලා.. මහත්තයා යන්න අකමැති නම් මං ගෙදර නෑ කියලා කියන්නම්.. මං ඒත් කියලයි ආවෙ දැන් ඩිංගකට කලින් නම් හිටියා එළියට ගිහිල්ලද දන්නෑ කියලා.."


    මගේ වචන වලින් බේබි නැන්දගෙ මූණ මැලවිලාම ගියා..


    "කවුද බේබි නැන්දේ..?"


    "අර බින්දු කියන ළමයනේ.."


    "බින්දුගෙන්..?"


    "ඔව්.. එ ළමයගෙන් තමයි.."


    බින්දු ඇයි මේ වෙලාවෙ කතා කරන්නේ..? අර කලින් කිව්වත් වගේ නිරෝෂිත් එක්ක නුවර ඇවිල්ලද..? නැත්නම් තාම නාවලපිටියෙද..? මං රිසිවරේ අතට ගත්තා..


    "බන්ටි.. මං ආවා.."


    බින්දුගෙ කටහඩේ සංතෝසෙ කියන දේ උපරිමේටම තියෙනවා කියනෙක මට දැනුණා.. ඒ කටහඩ අස්සෙන් මට චාමිකගෙ කටහඩත් ඇහුණා.. එහෙනම් බින්දු ලොකු පුතාලහ වෙන්න ඕන ඉන්නේ..


    "උඹ ආපු එක ගැන නම් හුගාක් සංතෝසයි.. උඹ කවදද මාව බලන්න එන්නේ..?"


    "ම්.. හෙට හවස එන්නම් බන්ටි.."


    "ඇයි හෙට හවස වෙනකන් ඉන්නේ.. සරිගමයත් එක්ක හෙට උදේ අපේ ගෙදර වරෙන්.. මේ දවස්වල මට වැඩිය ගෙදරින් එළියට බහින්න බෑ.. මංඩලේ කචල් වෙලා.."


    ඒත් මං කියපු දේට එහා පැත්තෙන් කිසිම හා හූවක් ආව නෑ.. යකෝ ඒ පාර මූට මොනවා වෙලාද..?


    "බින්දු.. මං කිව්ව දේ උඹට ඇහුණද..?"


    සමහර මිනිස්සුන්ට වාසියට දේවල් ඇහෙන්නෙ නෑනේ.. ඒත් අපේ බින්දුට එහෙම එකක් නෙමේනේ..


    "ඇහුණා බන්ටි.. ඒත් මට උදේ එන්න වෙන්නෑ.."


    "හෙට උදේ එන්න වෙන්නෑ.. ඇයි ඒ..? උඹ කොහේ හරි යනවද..?"


    "ඔව් බන්ටි.. මං හෙට උදේ නිරෝෂිත් එක්ක ගාඩ්න් යන්න හිතන් ඉන්නේ.. ඒක ඉවරවෙලා මං ලොකු පුතා හරි සරිගමයා හරි අඩගහගෙන උඹලහ එන්නම්.."


    "ඇයි බන්ටි.. උඹ නාවලපිටි ඉදන් ආවෙ නිරෝෂිත් එක්ක නේද..?"


    "ඔව් බන්ටි.. ඇයි උඹ එහෙම ඇහුවේ..?"


    "නෑ.. නෑ.. නිකං.."


    යාලුකම කියලා කියන්නෙ මේකටද බන්ටි.. මං මගෙන්ම අහගත්තා.. ආදරේ කරාට කමක් නෑ.. ඒත් ඒක බෙල්ලෙ එල්ලගෙන කරන්න ඕන නෑ.. එතකොට කරදර වැඩියි.. කොටින්ම මෙච්චර දවසක් නිරෝෂිත් එක්ක ගත කරලා ඉවර වෙලා නුවර ආවහම උනත් බින්දුට ඕන උනේ නෑ මාව හම්බවෙන්න.. බලන් ගියාම මිනිස්සුන්ගෙ හිත් මොන තරම් ආත්මාර්ථකාමියිද..? මොන තරම් හොද යාලුවෙක් උනත් තමන්ගෙ වැඩේ හරියට කෙරුනට පස්සෙ ඒ යාලුකමට කලින් දීපු වටිනාකමවත් දෙන්න උත්සාහ ගන්නෑ.. ඒකයි සහතික ඇත්ත.. හුගාක් අයට ඒකට චැලේන්ජ් කරන්න පුලුවන් ඇති.. ඒත් ඇත්ත කතාව ඒකයි.. අපිට ඒ ධර්මතාවයෙන් පිට පනින්න බෑ..


    "උඹ දැන් හෙට කීයටද ගාඩ්න් එකට යන්නේ..?"


    "මං නිරෝෂිට එන්න කිව්වෙ දහයට විතර.. එයා හරියට ඒ වෙලාවට එයි.. උඹ දන්නවනේ එයා කවදාවත් කණු තියන ජාතියෙ කෙනෙක් නෙමෙයි කියලා.."


    ඔව්.. ඔව්.. මේ බන්ටි හිටියෙ නැත්නම් නිරෝෂි උඹගෙ ජීවිතේටම පරාල සයිස් කණුවක් තියලා සද්ද නැතුව මාරුවෙයි.. උඹට වෙන්නෙ සදාකාලික කාලකණ්නියෙක් වෙන්න.. දැනටමත් නිරෝෂි මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නෑ..

    "හරි.. උඹ එහෙනම් කරන්න තියෙන හැමදේම ඉවර වෙලා මං බලන්න වරෙන්.. මං එනකල් බලන් ඉන්නම්.."


    "බ..න්..ටී.."


    මං කිව්ව දේවල් සැර වැඩිද මන්දා.. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ.. මේ බන්ටි කියලා කියන්නෙ හිතෙ එකයි, බඩේ එකයි තියාගනෙ කතාකරන එකෙක් නෙමෙයි කියනෙක හැමෝම දන්නවා..


    "බන්ටි උඹ මගෙත් එක්ක තරහෙන්ද කතා කරන්නේ..?"


    "නෑ.. නෑ.. උඹත්තෙක්ක මගේ ඇති තරහක් නෑ.. මට උඹට කියන්න දේවල් ඩිංගක් තියෙනවා.. උඹ නිරෝෂි හම්බවෙලා ආවට පස්සෙ මං කියන්න ඕන ටික කියන්නම්.."


    "එහෙනම් මං උදේ උඹව හම්බවෙලා, හවස නිරෝෂිව මීට් වෙන්නම්.."


    "එපා ඕන්නෑ.. උඹ ඔය විදියට ප්ලෑන් කරගත්තෙ නිරෝෂිත් එක්ක කතා කරගෙන නේ.. ඒවා ඒ විදියටම කරන් පලයං.. අපි පස්සෙ හම්බවෙමු.."


    "ඇයි බන්ටි උඹ ඔහොම කතා කරන්නේ.. නිරෝෂියි, මායි හිතන් හිටියෙ හවස ඇවිත් උඹව මීට් වෙන්න.. නිරෝෂිට ඕන කිව්වා උඹත් එක්ක කතා කරන්න.."


    "නිරෝෂිට..?"


    බින්දුගෙ කතාව මට ඒ තරම් දිරෙව්වෙ නෑ.. හිටපු ගමන් ගාල කඩාගත්තු එළ වැස්සි වගේ නිරෝෂි ඇයි මාව මුණගැහෙන්න එන්නේ..? කොටින්ම මටයි, නිරෝෂිටයි කතාවක් නෑනේ.. ඒකිගෙ කතාව තිබ්බෙ ඇටකිච්චයි, බින්දුයි එක්කනේ..


    "ඔව්.. මං හිතන විදියට පුංචි අම්මා, උඹ ගැන හුගක් හොද නිරෝෂි එක්ක කියලා.. මගෙනුත් එයා හරියට විස්තර ඇහුවා උඹේ ජීවිතේ ගැන.."


    ඇත්තම කියනවා නම් බින්දුගෙ ඒ කතාවට මගේ හිතේ ඒ තරම් කැමැත්තක් තිබුණෙ නෑ.. කොටින්ම බින්දුත් එක්ක නිරෝෂි යාලුවෙලා ටික කාලයක් උනත් ඒකිට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ අපි ගැන දැනගන්න.. අපේ කොල්ලො සෙට් එකම ඒකි ගැන හිතන් හිටියෙ මාර අලි උනකින් ඉන්න කෙල්ලෙක් විදියට.. නිරෝෂිගෙ හැසිරීම් රටාවෙත් තිබුණෙ ඉහල මධ්‍යම පන්තියෙ කෙල්ලෙක්ගෙ දිරවන්නෙ නැති දර්ශන තමයි.. ඇත්තටම අපේ කොල්ලො සෙට් එකටත් ඒකිව දිරෙව්වෙ නෑ.. ඒකියි, අපියි සම්බන්ධ වෙච්චි එකම පිදුරු ගහ උනේ බින්දු..


    "හරි කමක් නෑ.. හවස උඹ නිරෝෂිව එක්ක වරෙන්.. මං ගෙදර ඉන්නවා.."


    "උඹලගෙ ගෙදරන් ප්‍රශ්නයක් වෙන එක්ක නැද්ද..?"


    "හරි.. මං ඒවා බලාගන්නම්.. උඹලා වරෙන්කෝ.."


    මං රිසිවරේ තිබ්බා.. ඒ තිබ්බ උනත් මගේ හිතේ සෑහෙන්න නොසන්සුන් කමක් පිරිලා තිබ්බා.. ඇටකිච්චගෙ ප්‍රශ්නෙ අදම කතා කරලා ඉවරයක් කලොත් නරකද කියලා මං තුන් හතර පාරක්ම කල්පනා කලා.. සාක්ෂිත් එක්කම කතාකරොත් නිරෝෂිට ඇඩ්‍රස් නැති වෙනවා.. ඒත් එතකොට බින්දුට මොකද වෙන්නේ..? බින්දු මවාගෙන ඉන්න හීන ලෝකෙට මොකද වෙන්නේ..? ඇටකිච්චගෙ කතාව බින්දුට නොකියන එකෙන් ලොකුම අවාසිය වෙන්නෙත් බින්දුට.. ඒත් ඒක කියන්නෙ කොහොමද..? කිව්වා උනත් නිරෝෂි හැමදේටම නෑ.. නෑ.. කියයි.. සමහර විට ඒකෙන් මේකෙන් මෙච්චර කාලයක් යස අගේට තිබ්බ බින්දුගෙයි, අපෙයි ෆ්‍රෙන්ඩ්ෂිප් එකත් නැතිවෙලා යයිද මංදා.. අනික මේ ප්‍රශ්නෙ මං සාකච්ඡා කරන්නෙ කාත් එක්කද..? මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒකයි..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැයක්, පැය එකහමාරක් විතර එක දිගටම කල්පනා කරලා මං ආයෙත් ෆෝන් එක ළගට ආවා.. දැන් ඉතිං කරන්න තියෙන එකම දේ මෙච්චරයි.. මේ කතාවට මීට එහා විකල්පයක් නෑ.. එහෙම විකල්ප තිබුණ නම් මීට කලින් මට කල්පනා වෙනවා..

    "චාමික.. මං බන්ටි කතා කරන්නේ.."


    "පිස්සු හැදෙනවා ලොකු පුතේ.. අද ජාත්‍යයන්තර දුරකතන දවසද මංදා.. උඹට කියන්නෙ ඇමතුම්ම දහයක් දොළහක් උදේ ඉඉදන්ම ආවනේ.."


    "රෝන් නම්බර් වෙන්නැති.."


    ලොකු පුතාට අපි ඇරෙන්න වෙන කවුද අප්පේ කතා කරන්න ඉන්නේ.. ඒකයි මම එහෙම කිව්වේ..


    "ඔය බලපං ඉතිං.. උදේ පාන්දරම උඹ මගේ මුළු මූඩ් එකම කෑවා.. හරි කමක් නෑ.. මොකක්ද හදිස්සිය ලොකු පුතේ..?"


    කන්න ඉතිං මුගේ මූඩ් එකක් තියෙන්න එපැයි.. හැමදාම තිබ්බෙ එකම කුණු මූඩ් එකනේ..


    "බින්දු, නිරෝෂිත් එක්ක අපේ ගෙදර එනවා කිව්වා.."


    "මං දන්නවා ලොකු පුතේ.. ඌ දැන් විනාඩි පහකට විතර කලින් මට කතා කලා.. මං ඒත් කිව්වා උඹ බන්ටිලහ ගියොත් බන්ටිට ගෙදරින් අවුලක් වේද දන්නෑ කියලා.. ඒ පාර ඌ කිව්වා බන්ටිට අවුලක් නෑ කියලා.. උඹට අවුලක් නැද්ද බන්ටි..?"


    "නැත්තෙ නෑ.. තියෙනවා.."


    "එහෙනම් ඌටයි, නිරෝෂිටයි එන්න එපා කියමු.."


    "ඒකෙ අවුලක් නෑ චාමික.. ගෙදරින් ප්‍රශ්නයක් ආවොත් මං බලාගන්නම්.. ඒත් මට තියෙන ප්‍රශ්නෙ නිරෝෂිගෙ මේ ඩබල් ඇක්ටින් එක බින්දුට කියන්නෙ කොහොමද කියලා.. අන්තිමට චාමික, මොනවා හරි ප්‍රශ්නයක් වෙලා බින්දු අනාථ උනොත් මේවා ඔක්කොම දැනගෙන ඉදලා ඌට කිව්වෙ නැති එකේ වගකීම අපි හැමෝටම ගන්න වෙනවා.."


    "උඹ ඔහොම කිව්වාම මාව හීතල වෙලා යනවා ලොකු පුතේ.. ඇයි උඹ මාව ඔය තරම් බය කරන්නේ..?"


    "පිස්සු කියවන්නැතුව ඉදපං චාමික.. මේ ප්‍රශ්නෙ බරපතලකම උඹට තේරෙන්නෙ නැද්ද..?"


    "තේරෙනවා බන්ටි තේරෙනවා.. ඒත් අපි ඇටකි්චචට ගහලා මේ ප්‍රශ්නෙ ඉවර කලා නේද..? දැන් ඌට ආයෙ විහිලුවටවත් නිරෝෂිට ලංවෙන්න බෑනෙ.. අර ඌට සප් එක දීපු කෙල්ලත් දැන් ඌත් එක්ක ඔරොප්පුනේ.. කොටින්ම කියනවා නම් ඇටකිච්චා දැන් අලුත් කොල්ලෙක් එක්කත් යාලුයිනේ.. ඉතිං ඌ මේ කතන්දරෙන් කැපිලා ඉවරයි.."


    "ඒත් තාම මේ කතාවෙ නිරෝෂි ඉන්නවා.."


    "උඹ කියන්නෙ නිරෝෂිවත් අයින් කරලාදාන්න කියලද..? එතකොට අපේ බින්දුගෙ ආදරේට මොකද වෙන්නෙ ලොකු පුතේ..?"


    "දැන් ඔය තත්වෙන්ම කතාව යන්න දුන්නොත් බින්දුගෙ ආදරේට මොකද වෙන්නෙ කියලා උඹ මට කියනවද..?"


    "ඒක නම් ප්‍රශ්නයක් තමයි.. නිරෝෂි කියන්නෙ කවුද කියලා දැනගන්නැතුව අපේ බින්දුවා ජීවිත කාලමෙ රැවටිලා ඉදියි.."


    "මාත් මේ තරම කට කැඩෙනකල් කියන්නෙ ඒක තමයි.. අපිට බලන් ඉන්න බෑ චාමික.. බලන් ඉන්න වෙලාවකුත් නෑ.. මොනවම හරි කරන්න වෙනවා.."


    "මොනවම හරි කිව්වට අපි මොනවද කරන්නෙ ලොකු පුතේ.. මම නම් නහය ගාවටම එරිලයි ඉන්නේ.. මට කිසිම අදහසක් නෑ.."


    "උඹේ අදහසක් එපා.. බින්දු අද දහයට නිරෝෂිත් එක්ක ගාඩ්න් යනවා.. ඒක උඹ දන්නවද..?"


    "ඔව්.. ඌ මගෙත් එක්ක කිව්වා.."


    "හරි.. උඹ එහෙනම් උදේ දහය වෙද්දි අමිලය එක්ක ගාඩ්න් එක ළගට වරෙන්.. මං එතන ඉන්නම්.."


    "උඹ මොනවද කරන්න හදන්නේ..?"


    "කරන්න ඕන මොනවද කියලා මං තීරණේ කරලා ඉවරයි.. වරදින්නෙ නැතුව වෙලාවට එතන ඉදපං.."


    මං ෆෝන් එක තිබ්බා.. එහෙනම් ඒකත් හරි.. දැන් තියෙන්නෙ ඊළග කොටස පටන් ගන්න.. මං රිසිවරේ ආයෙත් අතට ගත්තා.. ඕන කරන නම්බරේ ඩයල් කරාම හුග වෙලාවක් යනකල් කවුරුවත් ෆෝන් එක ඉස්සුවෙ නෑ.. ඒ කියන්නෙ මෙයා ගෙදර නැද්ද..? බන්ටි පුතේ.. එහෙම උනොත් නම වැඩේ අල වෙනවා.. කතන්දරේ සියලු සාර්ථකත්වය රැදිලා තියෙන්නෙ මෙයාගෙ කතාව මත.. දෙපාරක් තුන් පාරක් ඩයල් කරත් එහා පැත්තෙ රින්ග්ස් ගියා විතරයි.. ඒ කියන්නෙ මට හම්බවෙලා තියෙන්නෙ ඇත්ත නම්බර් එකක් නෙමෙයිද..? මට දීලා තියෙන්නෙ මාව අන්දන්නවත් නොම්මරයක්ද..? එහෙම උනොත් ලොකු පුතයි, අමිලයි ඇවිල්ලත් වැඩක් නැති වෙනවා.. කෝකටත් මං ලාස්ට් වන් කියලා තව පාරක් ඩයල් කරා.. ඔන්න දෙයියනේ කියලා ඒ පාර නම් හරි වගේ.. එපා පැත්තෙන් රිසිවර් එක උස්සන සද්දෙ මට ඇහුණා..


    "හෙලෝ.."


    "මට නෙත්මිට කතා කරන්න පුළුවන්ද..?"


    "නෙත්මි තමයි මේ කතා කරන්නේ.. කවුද මේ..?"


    "මං රන්දික කියලා කෙනෙක්.. අදුනනවද දන්නෑ.."


    "ආ..නේ සොරි රන්දික.. මට ඔයාගෙ කටහඩ අදුනගන්න බැරිවුණා.."


    වෙන්න ඇති.. මොකෝ මීට කලින් මායි නෙත්මියි කතා කරලා නෑනේ.. ඔන්න අදින් පස්සෙ නම් අවුලක් නෑ..


    "නෙත්මි.. මං පොඩි වැඩකට කතා කලේ.."


    "හදිසි වැඩක් නම් මං අහන් ඉන්නම්.. නැත්තම් මං පස්සෙ ඔයාට ගන්නම්.. මොකද මං තාම බාත් ටවල් එක පිටින් ඉන්නේ.. කෝල් එකේ සද්දෙට බාත්රූම් එකේ ඉදලයි ආවේ.."


    කෙල්ල මට ගත්තොත් මාර වැඩේ තමයි වේනනේ.. අපේ ගෙදර නම්බර් එක කෙල්ලට කට පාඩම් ඇති.. කෙල්ලට මං නම්බර් එක දුන්නු ගමන් කෙල්ල ඒක අදුන ගන්නවා.. ආයෙ ඒකෙ දෙක්ක නෑ.. ඒක හන්දා නාලා නෙමේ ඇදුම් නැතුව හිටියත් කමක් නෑ.. මං කතාව කියනවා..


    "මේක හදිසි වැඩක් තමා නෙත්මි.."


    "හරි ඔයා කියන්න.. මං අහගෙන ඉන්නම්.."


    "ඔයා නලින්ද වෙනුවෙන් අර ගර්ල් ඉස්සරහා ගැරන්ට් කරාට හොදටම පසුතැවුනා නේද..?"


    "ඔව්.. මං ඒ කතාව ඔයාට කිව්වනේ රන්දික.."


    "ඔව්.. ඔයා මට කිව්වා.. හැබැයි නෙත්මි දැන් නම් ඔයාට එහෙම පසුතැවීමක් වෙන්න ඕන නෑ.."


    "ඒ කිව්වේ..?"


    "ඔයා කිව්වනේ ඒ ගර්ල් හරිම අහිංකසයි, පුදුම තරම් පව්.. අරකයි, මේකයි කියලා.. ඒ සේරම බොරු නෙත්මි.. ඒ ගර්ල්ට, නලින්ද ඇරුණහම තව බෝයි කෙනෙක් ඉන්නවා.."


    "මොනවා..?"


    "ඔව් නෙත්මි.. ඔයාට මතකද මම මුලින්ම ඔයා එක්ක රණ්ඩු වුණේ.. ඒ ගර්ල් එක්ක යාලුවෙලා හිටිය මගේ යාලුවා වෙනුවෙන්.. ඒ යාලුවගෙ ආදරේ වෙනුවෙන්..
    "

    "දෙ.. දෙයියනේ.. ඔයා මොනවද මේ කියන්නේ.. මං මෙච්චර දවසක් හිතන් හිටියෙ ඔයා නලින්දගෙ ගර්ල් එක්ක යාලුවෙන්නයි මේ හැමදේම කරන්නෙ කියලා.. මං ඒත් පස්සෙ හුගක් සංතෝස උනා නලින්ද ජරා මිනිහෙක් කියලා තේරුම් ගත්තාම.. එතකොට ඔයාගෙ අදහස ඉෂ්ඨ වෙනවනේ කියලා..
    "

    "ඔයා හුගක් පටලගෙන නෙත්මි.. මගේ එහෙම අදහසක් තිබුණෙ නෑ.. මට ඕන උනේ මගේ යාලුවගෙ ආදරේ රැක ගන්න.. මං නලින්දව ට්‍රැක් එකෙන් අයින් කලෙත් ඒකයි.."


    "දැන් මොනවද රන්දික ඔයා මට කියන්න හදන්නේ..?"


    "මං කියපු දේ ඔයාට ඔප්පු කරලා පෙන්නන්න.."


    "ඒ කිව්වේ..?"


    නලින්දගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්, මගේ යාලුවත් එක්ක යාලුයි කියලා.. ඒ එෆෙයාර් එක තාමත් තියෙනවා කියලා..


    "ඔයා මොනවද මේ කියන්නෙ රන්දික..?"


    "මං කියන්නෙ ඇත්ත.. ඔයාට ඕනෙ නම් මං ඒ කතාව ඔප්පු කරලා පෙන්නන්නම්.."


    "ඔප්පු කරලා.. ඒ කියන්නෙ ඔයා ගාව එයාලගෙ ෆොටෝස්වත් තියෙනවද..?"


    "නෑ නෙත්මි.. මං මේ ඔප්පු කරන්න හදන්නෙ ඔයාගෙ ඇස් දෙකට.. මොකද කියන්නෙ තව පැයකින් ගාඩ්න් එකට එන්න පුළුවන්ද..?"


    "ගාඩ්න් එකට කිව්වෙ පේරාදෙණියටද..?"


    "ඔව්.. ඇයි නිකං ඔයාට බයයි, බයයි වගේ හිතුණද..?"


    "අපෝ මං ඔයාට නම් බය නෑ.."


    "මට බය නැති උනාට කමක් නෑ.. මොකද කියන්නෙ නෙත්මි ඔයා එනවද..?"


    එතන ඉදලා තත්පර දහයක දොළහක කාලයක් සද්ද නැතිව ගෙවිලා ගියා.. මෙච්චර කාලයක් ගන්නෙ නෙත්මි එන්න බෑ කියලවත් කියන්නද..? එහෙම උනොත් බන්ටිට වෙන්නෙ ගගක හරි මූදක හරි පනින්න..


    "ම්.. හරි මං එන්නම්.."


    හිතට සැනසීමක් එක් කරපු ඒ වචන ටික නෙත්මි ගෙන් පිට උනාට පස්සෙ මං බොහොම සැහැල්ලුවෙන් ෆෝන් එක තිබ්බා..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-07.jpg


    07.png


    දහය වෙන්න පැය බාගයක් විතර තියෙද්දි මං මගේ ෆුල් ඔප්ෂන් චැලිය අරන් ගෙදරින් පැනගත්තා.. අම්මප දවල් කාලය කොයි තරම් සුන්දරද..? ගෙදර ඉන්නෙ බෙබි නැන්දා විතියි.. වගකිව යුතු සියලු පුද්ගලයෝ ගෙදරින් පිට ගිහින්.. ඉතිං බන්ටිට, බන්ටිගෙ නිදහස අප්‍රමාණව භුක්ති විදීමේ නිදහස හැම තැනම තියෙනවා.. ෂිහ්.. හැමදාම දවල් වෙලා තියෙනවා නම්..

    ඒත් අද නම් නිදහස රැදිලා තිබ්බෙ අපේ ගෙදරට එන වැලි පාර, තාර පාරයට යා වෙන තැනට වෙනකන් විතරයි.. මැරිච්ච මිනිහෙක්ව මතක් වෙන්න හදපු ස්මාරකයක් වගේ එතන දිලිසි දිලිසි හිටගෙන හිටියෙ මොරීන් අක්කා..

    "හෝව්.. හෝව්.. හෝව්.."

    වතුරෙ ගිලෙන මිනිහෙක් අත් දෙක උඩට උස්සගෙන කෑගහන්නෙ.. අන්න ඒ වගේ ඇක්ෂන් එකක් දාගෙන මොරීන් අක්කා මගේ ඉස්සරහට ආවා..

    "මොනවද මොරීන් අක්කෙ.. මේක ගොන් කරත්තයක් කියලා හිතුවද..? හෝව්.. හෝව්.. හෝව්.. ගාන්නේ.. ටිකක් වැදගත් විදියට හැසිරෙන්නකෝ.. ඔයා වැඩිහිටියෙක් නේද..? තව පොඩ්ඩෙන් මං බයික් එකෙනුත් වැටෙනවා.."

    "අනේ.. සොරි බන්ටි මල්ලි.. ඔයාව දැක්කම මට වාවන්නෙ නැතුව ගියා.."

    "අර මොකද අප්පෙ ඒ..?"

    "ඔයාව දැක්කම මට මැවිලා පේන්නෙ රසිකව.. එතකොට මට ඒ සුන්දර සමනල් සමය ඇස් ඉස්සරහ චිත්‍රපටියක් වගේ මැවෙනවා.. මං ඒකයි රසික් නැතිවුණත් ඔයාව දකින්න කැමති.."

    හුටා.. මේ ජම්බෝලෙ ඒ පාර එන්න හදන්නෙ මොකාටද..? කෝකටත් කියලා මං චැලිය ටිකක් රේස් කරා..

    "පිස්සු නටන්නෙපා මොරීන් අක්කේ.. මාව දැක්කොත් කැදත් නෑ කියලා අපේ අයියා සෑහෙන පාරක් කියලා තියෙනවා.. ඔයා මේ බයිලා ගහනවා.."

    "ඒක නමේ ඔයා මේ ලස්සනට ඇදගෙන කොහෙද යන්නේ..? යාලු කෙල්ල බලන්න නේද..? මාත් එන්නද සපෝර්ට් එකට..?"

    "එපා මොරීන් අක්කේ.. තාම ඔයාටවත් අපේ අයියව සෙට්ල් කරගන්න බැරිවුන එකේ මට කොහොමද ඔයා සපෝර්ට් කරන්නේ..?"

    "හා.. හා.. එහෙම කියන්නෙපා මල්ලි.. මං මගේ එක්ස්පීරියන්ස් එකෙනුයි ඔයාට උදව් කරන්න හදන්නේ.."

    ඔව් ඉතිං.. ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.. ඇයි දෙවියනේ.. කොල්ලොම කී දෙනෙකුට නම් මොරීන් අක්කා ට්‍රයි කරන්න ඇත්ද..? කරුමෙ කියන්න ඒ හැම අපතයම මෙයාව එපා කිව්වනේ.. මෙයා කොච්චර කැමති උනත් වැඩක් නෑ.. උං මෙයාව එපා කියනවා..

    "මාත් මේකෙ නගින්නද බන්ටි මල්ලි..?"

    "ඔයාට පිස්සුද මොරීන් අක්කේ.. ඔයා නැග්ගොත් හෙම ටයර් දෙකේම හුලං යයි.. මට මගේ ගමනවත් යන්න වෙන්නෑ.."

    "හරි කමක් නෑ.. මං හිතන්නෙ ඔයාට ලැජ්ජ ඇති මාව ඕකෙ තියාගනෙ යන්න.. ඒකනේ ඔය තරම් අදි මදි කරන්නේ.. හුලං බහිනවා කියලා බොරු කරන්නේ.."

    "එහෙම කෙහෙල් මලක් නෑ මොරීන් අක්කේ.. මං මේ ඉතා හදිසි ගමනක් යන්නේ.. ඔයාව පස්සෙ දවසක එක්කං යන්නම්.."

    යාන්තං වදෙන් පොරෙන් බොරු පොරොන්දු දෙක තුනක් දීළා මං ගැලවුණා.. අම්මපා මේ ප්‍රේම කරන ඈයො නම් මාර වාත කේස් තමයි.. උං දන්නෑ අවට සමාජෙට උං කොයි තරම් වදයක්ද දෙන්නෙ කියලා.. ඇයි එක පාරක් අපේ ධර්මරාජෙ ක්‍රිකට් ටීම් එකේ හිටපු මලින්දයා, කෙල්ලෙක් එක්ක පේරාදෙණියෙ කාඩ්න් එකේ තිබ්බ මල් ගහක කොල ඔක්කොමහ ටික කඩලා දැම්මනේ.. උංගෙ ආදරේ ඒ තරම් බලවත් උනා.. අන්තිමට සිකියුරිටි එකෙන් ඇවිත් බලද්දි මල් ගහේ අතු ටික විතරයි.. මුං දෙන්නා ආදරේට කියවන ගමන් කොල ටික ඔක්කොම කඩලා දාලා.. පස්සෙ ඌ පොලීසි නොගිහින් බේරුනේ අනූ නවයෙන්..

    ගාඩ්න් එකට ඉස්සරහින් චැලිය නවත්තලා දාලා මං අඩියට දෙකට පාර පැන්නා.. ලොකු පුතයි, අමිලයි නම් පෙන්න ඉන්නවා.. ඒත් කෝ නෙත්මි..?

    "උඹ මොකද ලොකු පුතේ මේ කරන්න හදන්නේ..? ආයෙත් ඇටකිච්චට ගහන්නවත්ද..?"

    මාව දැකපු ගමන් චාමික වක්කඩේ ඇරියා.. අමිල ටිකක් විතර කල්පනාකාරීව වටපිට බලන ගමන් මං දිහා බැලුවා..

    "ප්‍රශ්නෙ මොකක්ද බන්ටි..?"

    "නෑ අමිල.. මං අද හදන්නෙ නිරෝෂිගෙ පොරවගෙන ඉන්න බැටලු හම ගලවන්න.."

    "මට නම් උඹ කියන කිසි දෙයක් තේරෙන්නෑ ලොකු පුතේ.. කරුණාකරලා මගේ මොලේ කොලොප්පං නොකර කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපං.. උඹ දන්නවනේ මට අංඩර දෙමළ බෑ කියලා.."

    "නෙත්මිගෙ කතාව උඹලා දෙන්නම දන්නවනේ.. අද මං ඒකිටත් එන්න කිව්වා.."

    "දැන් නම් චාමිකට වගේම මටත් තේරෙන්නෙ නෑ උඹ මොකද කරන්න හදන්නෙ කියලා.. කතාවෙ අපැහැදිලි තැන් ගොඩයි බන්ටි.."

    "මොනවද අමිල උඹට තියෙන අපහැදිලි තැන්..?"

    "කොටින්ම ඇයි නෙත්මි මෙතෙන්ට ගෙන්නුවෙ කියන එක.. අනිත් එක උඹ අම්බ ඔරොප්පුවකින්නෙ හිටියේ.. මේ පහුවෙච්ච සතියට උඹ කොහොමද වෙනස් වුණේ..?"

    "ඒ කියන්නෙ උඹ පහුවුණු විස්තර දන්නැද්ද..?"

    "නැත්තෙ නෑ දන්නවා.. ඒත් මට උඹේ වෙනස්වීම හිතාගන්න බෑ.. උඹ සාමාන්‍යයෙන් ලේසියෙන් සමාව දෙන ජාතියෙ එකෙක් නෙමේනේ.. එත් උඹ මේ කෙල්ලට සමාව දීලා තියෙනවා කිසිම ඇටෑක් එකක් කරන්නැතුවම.. එතනයි මට ප්‍රශ්නෙ තියෙන්නේ.."

    "මේ වෙනස්වීම මටත් හිතාගන්න බෑ අමිල.. ඒත් ඒකි මාව ඩිංගක් හරි වෙනස් කරලා කියන දේ මට පිළිගන්න වෙනවා.. හරි.. ඒ කතා වැඩක් නෑ.. නෙත්මි මෙතෙන්ට ගෙන්නුවෙ ඇද කියලා මං උඹට කියන්නම්.."

    මං එහෙම කියද්දි පාරෙන් එහා පැත්තෙ ඉදගෙන මේ පැත්තට පාර පනින්න බලන් ඉන්න නෙත්මිව මං දැක්කා.. එහෙනම් මේ කෙල්ලත් මං වගේම අකුරට, වෙලාවට වැඩ කරන කෙනෙක්..

    "මට ඕන උනා නෙත්මි ඔය තරම් වර්ණනා කරන නිරෝෂිගෙ ඇත්ත තත්වෙ නෙත්මිට පෙන්නන්න.. මොකද එයා හිතුවෙ මං මුල ඉදන්ම නිරෝෂි ලබා ගැනීමේ උවමනාව පිට හැමදේම කරනවා කියලා.."

    "ඒ කියන්නෙ උඹට දැන් ඕන නෙත්මි ඉස්සරහ සුදු චරිතයක් වෙන්න.. මම කාටවත් ආදරේ කරන්නෑ.. මගේ හිතේ ඉන්නෙ ඔයා විතරයි කියලා පෙන්නන්න.. ආ බන්ටි.. උඹට දැන් ඕන ඒ දේ කරන්නද..?"

    "මට තේරෙන්නෑ අමිල.. අපි ඔය කතාව දැන් නවත්තමු.. අන්න නෙත්මි පාර පැන්නා.."

    කෙල්ලෙකුට තියෙන්න ඕන හැම ලස්සනක්ම හරි අපූරුවට නෙත්මිගෙ ඇගේ පිහිටලා තිබ්බා.. හැම දෙයක්ම ගානට.. වැඩිත් නෑ.. අඩුත් නෑ..

    "ඔන්න රන්දික මං වෙලාවට ආවා.. තත්පරයක්වත් පරක්කු නෑ.."

    "වෙරි ගුඩ්.. එන්න අපි අර පැත්තට යමු.."

    ලොකු පුතාට ඉස්සරහ ඉන්න කියලා.. මායි, නෙත්මියි, අමිලයි ගාඩ්න් එක ඇතුළට ඇවිදගෙන ආවා.. ඒ වෙනකොට මං අපේ ගේතයෙ දෙන්නට කියලා තිබුණෙ බෙල්ල මිරිකුවත් බන්ටි කියලා නම් කතා කරන්නෙපා කියලා..

    "රන්දික මට පරක්කු වෙන්න නම් බෑ.. තව පුංචි ගමනකුත් යන්න තියෙනවා.. ඔයාට ෂුවර්ද නලින්දගෙ ගර්ල් අද මෙතෙන්ට එනවා කියලා.."

    "ඔව්.. මගේ යාලුවෙක් එක්ක.."

    මායි, නෙත්මියි එක්ක එකට ආවටටිකක් දුර යද්දි අමිල ටිකක් පහුබැස්සා.. අපිට නිදහස දෙන්න හිතාගෙන ඌ ඒක කරාද මංදා.. ඒත් ඉතිං දෙනෝ දාහක් ගැවසෙන මේ හරියෙ කොහෙන්ද අප්පා නිදහසක්.. නෙත්මි උනත් ඉන්නෙ බයකින් කියලා මට තේරුණා.. වීරයා වගේ ආවට අදුනන එකෙක් දැක්කොත් හෙම බුදු සරණයි කියලා එයාට හිතෙන්නැති..

    "ඔ.. ඔයා බයවෙලා නේද ඉන්නේ..?"

    "න්.. නෑ.. හ්.."

    නෑ කියලා කිව්වෙ බොරුවක් උනත් ඒ සියුමැලි මූණෙ තිබ්බ අව්‍යාජ ගතිය මගේ හිත පත්ලෙම තැන්පත් උනා.. ඇත්තටම කෙල්ලෙක් ලාවට වගේ බයවෙලා ඉද්දි කොයිතරම් ලස්සනද කියලා බන්ටිට පේන්නෙ දැන් තමයි.. ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම නුවර ලස්සන කෙල්ලො දිහා බැලුවා උනත්, ඒ එක කෙල්ලෙක්වත් මගේ හිත ඇතුළෙ රැදුනෙ නෑ.. මං කැමති උනේ උංගෙ ලස්සනට විතරයි.. ඒත් මේ මං ගාවින්, හෙමින් සීරුවෙ ඇවිදගෙන යන මේ පුංචි කෙල්ල ගැන, ඊට එහා ගියපු ලොකු කැමැත්තක් මගේ හිතේ ඇතිවෙලා තිබුණා.. ඒත් ඇත්තටම වචනවලින් විස්තර කරන්න බැරි දෙයක්.. මං හිටියේ ඒ විස්තර කරන්න බැරි දේ අතරෙ අතරමං වෙලා..

    "ලොකු පුතේ.. උඹ කොහෙද බං..?"

    ගාල කඩාගත්තු කේප්ප වස්සෙක් වගේ චාමික අපි ඉස්සරහට කෙලගෙන ආවා.. මූ එන හැටියට මොනවම හරි නස්පැත්තියක් වෙලා තමයි..

    "කෑගහන්නෙපා චාමික.. මොකද වෙලා තියෙන්නේ..?"

    "මුකුත් වෙලා නෑ.. බින්දුයි, නිරෝෂීයි ආවා.. දැන් තව ටිකකින් ඇතුළට එයි.. කෝ අමිලයා..?"

    මේකව මැරුවත් හිත් වදින්නෙ නෑ.. ෂිහ්.. දුවගෙන ආපු හැටි මූද ගොඩ ගලනවා වගේ.. මං හිතුවෙ බාල්දියක්ම තමා කියලා..

    "අමිල අර පැත්තට ගියා.. එන්න නෙත්මි අපි අර පැත්තට යමු.."

    නෙත්මිගෙ අතින් ඇදගෙන මං ඊට ඩිංගක් එහා තිබ්බ නම දන්නැති ලොකු මල් ගහක් ළගට ගියා..

    "ඔයා නම් හොද නෑ රන්දික.."

    මගෙත් අත මුදවා ගන්න ගමන් උරහිසට පාරක් ගහලා නෙත්මි මගේ මූණට එබුනා..

    "ඒ ඇයි..?"

    "ඇයි කියන්නෙ.. ඔයා මාව ඇදගෙන දුවන් ආවෙ සතෙක් ඇදන් එනවා වගේනේ.. මේ බලන්න.. මගේ අතත් රතුවෙලා තියෙන හැටි.."

    සියුමැලි මලක් වගේ තියෙනව අතක, මගේ දරදඩු ඇගිලි පාරවල් වැදිලා රතුවෙලා තියෙන හැටි මං දැක්කා..

    "සොරි නෙත්මි.. මං ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි.. කෝ ඔයාගෙ අත දෙන්න.."

    මං නෙත්මිගෙ අත ඉල්ලුවෙ ඇත්තටම අත අතගාන්න.. එයා මගේ දිහාට හෙමින් සීරුවෙ අත දික් කරත්, එයාගෙ මූණ හුගාක් ඉක්මනට වෙනස් වුණා.. මට දික් කරපු අතත් එයා ආපහු ඇදලා ගත්තා..

    "දෙ.. දෙයියනේ.. මට නම් අදහාගන්නත් බෑ.."

    ඒ හැම ක්‍රියාවකටමයි, හැම වචනෙකටමයි හේතුව මගෙයි, නෙත්මිගෙයි ඇස් ඉස්සරහ තිබුණා.. අපිටටිකක් විතර එහායින් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම පෙම් යුවල වගේ ඇවිදගෙන ගියේ නිරෝෂියි, බින්දුයි.. දෙයියනේ.. ගෑනු කියන්නෙ මොන තරම් චපල සත්ව කොට්ටාශයක්ද..? දැන් ටික දවසකට කලින් එකෙක් එක්කං ගාඩ්න් එකට ඇවිත් ඌට ඉස්පිරිතාලෙටම යන්න වැඩ සිද්ධ කරා.. ඌ එක්කම අත්වැල් පටලගෙන ආපු මේ කෙල්ල අද කිසිම හිරිකිතයක් නැතුව අපේ බින්දුගෙ දකුණු අතේ එල්ලිලා හින්දි ෆිල්ම් රගපානවා..

    "දැනුත් ඔයා ඒ ගර්ල් ගැන, මට ගැරෙන්ට් කරනවද..?"

    තාමත් බයවෙලා වගේ බින්දුයි, නිරෝෂියි දිහා බලන් ඉන්න නෙත්මිගෙන් මං ඇහුවා.. ලෝකෙ තියෙන ලොකුම පුදුමෙ තමන්ගෙ ඇස් ඉස්සරහ තියෙනවා වගේ ලොකු පුදුමෙකින් එයා බලන් හිටියා..

    "මො... මොකක්ද රන්දික ඔයා ඇහුවේ..?"

    "මං කිව්ව දේවල් බොරු නෙමේ නේද..? දැන් ඔයාට තේරෙනවා මං නලින්දට ගැහුවෙ ඇයි කියලා.. ඔය එෆෙයාර් එකට දැන් අවුරුද්දකටත් වැඩියි.. එහෙම තියෙද්දි තමයි මෙයා නලින්ද එක්ක රවුම් ගැහුවේ.."

    "දෙයියනේ.. මේක නම් කීයටවත් වෙන්න බෑ.. අනික මට විශ්වාස කරන්නත් බෑ.."

    "ඇස් දෙකට මේ තරම් දෙයක් දැකලත් ඔයා කියන්නෙ විශ්වාස කරන්න බෑ කියලද..? අර විදියට ජෝඩුදාලා තුරුල් වෙලා යන එකත් ඔයාට විශ්වාස කරන්න බැරිද..?"

    බලන් ගියාම නෙත්මි කියන්නෙ අරුමප පුදුම කතානේ.. ඇයි දෙයියනේ.. ඇස් ඉස්සරහින් බයිස්කෝප් ඇට් කර කර යන නිරෝෂියි, බින්දුයි දැකලා විශ්වාස කරන්න බෑ කියන්නෙ.. ඇස්වල හොටුද මන්දා..?

    "ලොකු වැරදීමක් වෙලා රන්දික.."

    නෙත්මි මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා.. කලින් රෝස පාටට ජම්බු ගෙඩියක් වගේ තිබ්බ මූණ තත්පරෙන් තත්පරේ සුදුමැලි පාට වෙන හැටි මං දැක්කා..

    "වැරදීමක් වෙලා..? කාටද..? ඔයාටද..? මටද..? ඔයා මේ කියවන්නෙ මොනවද නෙත්මි..? අර යන බින්දුවා මට අදුනගන්න බැරිද..? මං ඌව කොයි තරම් කාලයක් තිස්සෙ ඉදන්ද දන්නේ..?"

    මං අහපු දේට, කියපු දේට කිසිම දෙයක් කියන්නැතුව නෙත්මි මගේ මූණ දිහා බලන් හිටියා.. ඇහිපිල්ලමක්වත් ගහන්නෙ නැතුව එයා බලන් ඉන්නකොට මේ හැම දෙයක්ම වෙනස් නොවී කාලය ඔහොම්ම නතර වෙනවා නම් කියලා මට හිතුණා.. කොයි තරම් කලබලකාරී අවස්ථාවක උනත් ඒ සුන්දර හැගීම් උඩ ජීවිතේ කිසිම වග විභාගයක් නැතුව දිය කරලා දාන්න පුළුවන් තරමෙ හැගීමක් මට තිබුණා..

    "රන්දික.."

    "ඇයි..?"

    "මේ මං දිහා බලන්න.."

    වෙලාවකට නෙත්මි කියන්නෙ මහ පුදුම දේවල්.. මෙච්චර වෙලා එයයි, මමයි දෙන්නම කරේ මුණින් මූණ බලන් ඉදපු එක.. දැන් කියනවා එයා දිහා බලන්නලු..

    "මං ඔයා දිහා තමා බලන් ඉන්නේ.."

    "ඒ උනාට ඔහොම බලන්නෙපා.. හරි අමුතුයි.."

    "මටත් අමුතුයි තමා.. මොකද මං මීට කලින් කෙල්ලෙක් ළග ඉදගෙන ඔහොම බලන් ඉදලම නෑනෙ.."

    නෙත්මිගෙ සුදුමැලි වෙච්ච මූණ, ලා රෝස පාටට ආයෙත් හැරුණා.. එයාට ලැජ්ජ හිතුණා කියලා මට තේරුණා.. මේ කතාව මෙහෙම ගියොත් කොහෙන් කෙලවර වේවිද මංදා.. ජීවිතේටවත් හිතුවෙ නැති දෙයක් තමයි එතනින් එහාට දිගෑරෙන්නේ..

    "ඔයා දන්නවද රන්දික මං පුදුම උනේ ඇයි කියලා..?"

    කරගෙන ගියපු කතාව සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා, කලින් කතාව නතර කරපු තැනින් නෙත්මි ආයෙත් කතාව පටන් ගත්තා..

    "ඔව්.. මං දන්නවා.."

    "හොදයි.. කියන්න බලන්න.."

    ඒ වෙනකොට බින්දුයි, නිරෝෂියි අපි ගාවින් හුගක් ඈතට ගිහින් තිබුණා.. නෙත්මිගෙ මූණෙ කලින් තිබ්බ කලබල ගතිය මේ වෙනකොට ඩිංගක්වත් තිබුණෙ නෑ.. එයා ඉන්නෙ හොදටම සන්සුන්වෙලා කියනෙක මට තෙරුණා.. ඒ කියන්නෙ නෙත්මි, මං කියන දේ පිලිගන්නෙ නෑ කියනෙකද..? මගේ ඔලුව පුරාම තිබ්බෙ ප්‍රශ්න පත්තරයක්..

    "ඔයා මේ තරම් ගැරන්ට් කරපු නලින්දගෙ, ගර්ල්ගෙ ඩබල් ඇක්ටින් එක ඇස් දෙකෙන්ම දැක්කා නේද..?"

    "නෑ.. ඒක නෙමෙයි.."

    "එහෙනම්..?"

    "ඒ එතන හිටියෙ නලින්දගෙ ගර්ල් නෙමෙයි හින්දා.."

    "මොනවා..?"

    නෙත්මි කියන්න හදන්නෙ මොනවද..? කිව්වෙ මොනවද කියලා මට හිතාගන්න බැරිවුණා.. ඒ වෙනකොට අමිලයි, චාමිකයි අපි ඉන්න තැනට ඇවිල්ලා තිබුණා..

    "කෝමද ජෝඩුව.. ෆිල්ම් එකක් ඇට් කරන්න වගේ මෙතෙන්ට පාවුන හැටි.. මිස්.. ඔයා ඇස් දෙකෙන්ම දැක්කා නේද..? දැන් වෙන මොනවාද කියන්නේ..? අපේ යාලුවගෙ කතාව ඇත්ත නේද..?"

    නෝන්ඩි හිනාවක් දාලා අමිල, නෙත්මිගෙන් ඇහුවා.. ලොකු පුතා උනත් හිටියේ හෙණ අලි උනකින්.. මොකද උං දෙන්නම දන්නවා මේ සිරියාවන්ත දර්ශනේ දැක්කට පස්සෙ නෙත්මි, නිරෝෂිත් එක්ක ජන්මන්තර වෛරයක් පටන් ගන්න බව.. එතකොට උංගෙ බන්ටි නිදහස් වරිතයක්නේ..

    "යාලුවගෙ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි අමිල.."

    "වැරදියි.. ඒ කොහොමද එහෙම වෙන්නේ..? ඇයි දැන් මෙතනින් ජෝඩු දාලා ගියපු ජෝඩුව, ඔයා දැක්කෙ නැද්ද..? ඔයා කොයිද බලන් හිටියේ..?"

    "මං බලන් හිටියෙත් ඔයාලා බලන් ඉදපු දිහා තමයි.. ඒත් ඔයාලගෙ යාලුවත්තෙක්ක ජෝඩු දාලා ගියේ, නලින්දගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයි.."

    "මොනවද ලොකු පුතේ මෙයා මේ කියවන්නේ..? අපේ ඇස්වල හොටු කියලද මෙයා මේ කියන්නෙ..?"

    "ඔයා කියන දේ අපිට තේරෙන්නෑ නෙත්මි.. දැන් බින්දුත් එක්ක ඇවිදන් ගියේ නිරෝෂි නෙමෙයි නම් වෙන කවුද..?"

    "ඔයා හරි රන්දික.. දැන් ඔය ගියේ නිරෝෂි වෙන්න ඇති.. ඒත් නලින්ද එක්ක යාලුවෙලා හිටියෙ නිරෝෂි නෙමෙයි.."

    "මෙයාගෙ ඔලුව කොහේ හරි හැප්පිලා ලොකු පුතේ.. අපිට මුල්ලේරියාවෙ යන්න වේවිද..?"

    ලොකු පුතා මගේ කණට කරලා කියද්දි, නෙත්මි තරහෙන් වගේ ඌ දිහා බැලුවා.. චාමික පටස් ගාලා බිම බලාගත්තා..

    "මං කියන දේ තේරුම් ගන්න.. මට තේරෙන විදියට මෙතන ලොකු වැරදීමක් වෙලා.."

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "වැරදීමක් වෙලා නම් මං අහන්නෙ මොකක්ද ඒ ලොකු වැරදීම කියලා..?"

    "නලින්ද එක්ක යාලුවෙලා හිටියෙ ශලනි.. මං එයාව දන්නවා.. එයාට නිරෝෂි කියලා නමක් නෑ.. අනික මං මේ දැකපු ගර්ල්ට වැඩිය ශලනිගෙ කොන්ඩෙ දිගයි.. එයා ඔය විදියට කොටට අදින්නෙ නෑ.."

    "හත්තිලව්වේ.. මොකක්ද මේ ලොකු පුතේ මේ කතාව..?"

    "මටත් හිතාගන්න බෑ.."

    "එතකොට නෙත්මි කියන්නෙ, නිරෝෂි වගේ තවත් ගර්ල් කෙනෙක් ඉන්නවා කියලද..?"

    "ඔව්.. මං මේ දැන් දැකපු ගර්ල් ශලනි නෙමේනේ.. මං මුලින් පුදුම උනේ ශලනිගෙයි, මේ දැන් දැකපු ගර්ල්ගෙයි සමානකම් දැකලා.. මුලින්ම මටත් මුකුත් හිතාගන්න බැරිවුණා.. ඒත් තවත් හොදින් බලද්දි මේ ශලනි නෙමෙයි කියලා මට තේරුණා.."

    "ඒ කියන්නෙ මේ දෙන්නා ට්වින්ස්ලා වෙන්න ඕන.."

    ඇග පත, බඩ, පපුව, දාගෙන යද්දි මගේ කටින් පිටවුණා.. කවුද හත්දෙයියනේ මෙහෙව් වින්නැහියක් දන්නේ.. නිරෝෂියි, මේ ශලනි කියන ගෑනු ලමයයි එක වගේ කියලා අපි කොහොමද හත්තිලව්වෙ දන්නේ..

    "ඔව් රන්දික.. මේ දෙන්නා හුගාක් දුරට ට්වින්ස්ලා වෙන්න ඇති.. ඒත් මට කවදාවත් නලින්ද ඔය වගේ කතාවක් කියලා තිබ්බෙ නෑ.. අඩු ගානෙ ශලනිවත් නිකමටවත් ඇගෙව්වෙ නෑ.. එයාගෙ නිවුන්නෙක් ඉන්නව කියලා.."

    "පිස්සු හැදෙනවා ලොකු පුතේ.. දැන් නම් මගෙ ඇගේ මාලු නටනවා.. ඇයි අපේ බින්දුවා මේ කුණුහරුප අපට කලින් කිව්වෙ නැත්තේ..? මූ හින්දා තව ඩිංගෙන් මොන අවමගුලක් වෙන්න තිබ්බද..?"

    "ඔව් තව නූලෙන් ඇටකිච්චා මැරුම් කනවා.. හයියෝ.. මේක මාර පටලැවිල්ලක් උනානේ.."

    නෙත්මි කිව්ව දේ නම් හරි නම් සිද්ධ වෙලා තියෙන පටලැවිල්ලෙ බරපතලකම මට හොදටම තේරුණා.. බින්දුගෙ ආදරේ නැති කරා කියලා අපි මේ කොහේවත් ඉන්න ඇටකිච්චෙක් අල්ලං තඩිබෑවා.. අර අමිල කිව්වත් වගේ තව ඩිංගෙන් ඌ ගුටිකාලා මැරෙනවා.. ෂිහ්.. මොන තරම් අවුලක්ද මේ වෙලා තියෙන්නේ.. මං පණ දාගෙන වෙච්ච මහන්සියෙ ප්‍රතිඵලේ ගගට කකපු ඉණි වගේ තමයි.. විහිලුවටවත් ගන්න ඉන්නක් නෑ..

    "දැන් ඉතිං මොකෝ කරන්නේ..?"

    මං ආයෙත් නෙත්මි දිහාට හැරුණා.. අමිලයි, ලොකු පුතයි ඒ අතරෙ විවිධ දේ කියනවා.. උංට වගේ තමයි මටත් මේ වෙච්චි දේ අදහාගන්න බෑ..

    "කරන්න කිසිම දෙයක් නෑ රන්දික.. අපි යමු.."

    නෙත්මි ඉස්සර උනා.. ඒත් මට එයත් එක්ක යන්න තරම් හිතට නිදහසක් තිබුණෙ නෑ.. වෙච්ච වැඩේ හින්දා මං හිටියෙ අතරමං වෙලා වගේ..

    "ඔයා යන්න නෙත්මි.. අපි තව ටිකක් ඉදලා එන්නම්.."

    "ඔයා හුගක් අවුල් වෙලා රන්දික.. ඕක වැඩිය ගණන් ගන්නෙපා.. හැමදේම වෙන්නෙ හොදටනේ.. බලන්න ඔයා අද මට බින්දුලව පෙන්නන්න ආවෙ ඔය නිරෝෂිගෙ හැටි පෙන්නන්න නේ.. ඒත් ඒකෙන් අපි කවුරුවත් දන්නැති දෙයක් අපිට අහු උනානේ.. අඩු ගානෙ ඒ ගැනවත් හිතන්නකෝ.. මූණ එල්ලගෙන ඉන්නැතුව.. අපි පස්සෙ ශලනි එක්ක කතා කරලා විස්තරේ දැනගනිමු.. නිරෝෂියි, එයාගෙයි සම්බන්ධෙ මොකක්ද කියලා.."

    "ඔව් ඉතිං.. එහෙමවත් කරමු.."

    "ඇයි රන්දික ඔයා තවත් හිතේ අමාරුවෙන් ඉන්නේ..?"

    "මේ කෙහෙල්මල් හින්දා මං අර කොහේවත් ඉන්න කොල්ලෙකුට හොදටම ගැහුවනේ නේතමි.. එක්කො අපිට හරියට හොයාලා බලන්න තිබුණා.. එහෙම කරන්නෙ නැතුව අපි ඌට ඉස්පිරිතාලෙ යනකන් ගහපු එක වැරදියි.."

    "මම නම් කියන්නෙ ඔයා ඒ කරපු වැඩේ හරි කියලා.."

    හිටපු ගමන් නෙත්මි කිව්වෙ පුදුම කතාවක්.. වෙච්ච දේ අදහගන්නත් බැරුව මං මේ විකාරෙන් කියවනවා.. මෙයා වොලී බැස්ටියන්ගෙ බයිලා ගහනවා..

    "මං කරපු වැඩේ හරි..?"

    "ඔව්.. නැත්තං මංවත්, ශලනිවත් දන්නෑ නලින්ද කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා.. වැරදීමකින් හරි ඒ දේ ඒ විදියට සිද්ධ වුණ එක හොදයි.. හිතේ දුක කොයි තරම් පිරුණත් ශලනි, නලින්දගෙන් ගැලවුණානේ.. ඒ පිනම ඇති රන්දික ඔයාට ලස්සන ගර්ල් කෙනෙක් හම්බවෙන්න.."

    නෙත්මි හදන්නෙ කතාවෙ ට්‍රැක් එක මාරු කරන්න කියලා මට තේරුණා.. මොනවා නැතත් මේ කෙල්ලට හුගාක් දේ තේරෙනවා.. අඩුගානෙ කෙනෙක්ව අවුල් වෙලා ඉන්නකොට ඒ අවුල ලිහල දාන්නෙ කොහොමද කියලා..

    "ඇයි මට ගර්ල් කෙනෙක් හම්බවෙන්නේ..?"

    "ඔයාට ගර්ල් නෙකෙන් නැති හන්දා රන්දික.."

    "එහෙනම් ඉතිං මේ පිනෙන් කොටසක් ඔයාටත් අයිතිනේ.. ඔයත් මේ කතාවට සෑහෙන්න දායක උනානේ.. ඒක හන්දා ඔයාටත් ලස්සන බොයි කෙනෙක් හම්බවෙයි.. මේ කරපු දේවල්වල ආනිසංසයෙන්.. නැද්ද චාමික.."

    "මේ.. මේ.. උඹයි, නෙත්මියි මරු කියවගෙන අන්තිම හරියට මාව දාගන්නෙපා.. ඒකත් උඹලම බේරගනිල්ලා.. බලපං අමිල.. මෙච්චර වෙලා දෙන්නා තනියෙම කියවගෙන එනවා අපිව ගාගන්න.."

    "හරි.. හරි.. උඹගෙ පන්ඩිතකම වහගනිං.. ඕකෙ සද්දෙට නෙත්මිගෙ කන් අඩි පැලෙයි.. හරියට නිකං අලියෙක් කෑගහනවා වගේ.."

    "රන්දික.. මාව ගේට් එක ළගට ගිහින් දානවද..?"

    ලොකු පුතා හොඩේ වන වනා කෑගහද්දි නෙත්මි මට ලංවෙලා ඇහුවා.. ඒ ඇස් දෙක ටීක් බෝල දෙකක් වගේ.. ඉර එළියට දිලිසෙනවා..

    "යං.."

    අමිලයි, ලොකු පුතයි එතනම ඉද්දි මං ඉස්සර උනා.. උන් දෙන්නටත් යනවා කියාගෙන මං එක්ක නේතමි පෙලට සෙට් උනා..

    "දැන් ඉතිං ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේද රන්දික..?"

    "ඉවරමත් නෑ.. ශලනියි, නිරෝෂියි ගැන විස්තර තව ටිකක් හොයාගන්න ඕන.."

    "මං දන්නවා.. ඔයා විස්තර හොයන්නෙ ඇයි කියලා..?"

    "ඒක ඉතිං ඕන කෙනෙකුට කියතැහැකිනේ නෙත්මි.. වෙන මුකුත් නෙමේ මේ පටලැවිල්ල පටන් ගත්තෙ කොහෙන්ද කියලා හොයාගන්න.."

    "නෑ.. නෑ.. ඒක නෙමේ.."

    "එහෙනම්..?"

    "දැන් ශලනිව වේකන්ට් වෙලා තියෙන හන්දා.. ඔයාට දැන් එයාට ලංවෙන්න පුළුවන් හින්දා.."

    නෙත්මිගෙ කතාවෙන් මං ගැස්සුනා. ඇත්තටම මට දැන් ඕන වෙලා තියෙන්නෙ ඒ දේද..?

    "නෑ.. මගේ හිතේ එහෙම දෙයක් නෑ.."

    "නැත්තෙ නෑ මට තෙරෙනවා.."

    "ඒක නිකං ඔයා රසික අයියව හිතේ තියන් ඉන්නවා වගෙ දෙයක් කියලද ඔයා කියන්නේ..?"

    මං අහපු දෙයින් කෙල්ලගෙ මූණ රතු වුණා.. ඒ රතු වෙච්ච මූණෙන් එයා අමුතු විදියට මං දිහා රවලා බැලුවා..

    "රසික අයියා ගැන ඔයා හිතන විදියෙ දෙයක් මගේ හිතේ නෑ රන්දික.. ඒක නිකං සාමාන්‍ය හැගීමක් විතරයි.."

    "ඔය ගෑනු ළමයින්ගෙ හැගීම් ගැන මං දන්නෑ නෙත්මි.. එයාලගෙ හුගක් හැසිරීම් මට තේරෙන්නෙ නෑ.."

    "අපොයි.. ඒක නම් මහම මහ පචයක්.. ඔයාට හොදට තේරෙනවා.."

    "මට තේරෙනවා.. ඒ කවුරු ගැනද..?"

    "කවුරු ගැනද කියලා කල්පනා කරලා බැලුවොත් තේරෙයි.. එහෙනම් මං යන්නද..?"

    "හොදයි.."

    "එ පාර මූණ බෙරි කරගත්තා.. අනේ මං දැන් යන්න ඕනනේ රන්දික.."

    "හරි.. හරි යන්න.. මං ඔයාව අල්ලන් හිටියෙ නෑනේ.."

    "ඔයා නම් හරි නරකයි.. මහ කටු අත්තක්.. කොයි තරම් හොදින් හිටියත් පැටලෙන්නමයි බලන්නේ.."

    "පැටලුනා නම් කමක් නෑ.."

    "ඇයි ඒ..?"

    "පැටලෙන්නෙ ඔයත්තෙක්ක නේ.."

    ඒ පාර නම් නෙත්මිගෙ මූණ මැදට ලොකු හිනාවක් ආවා.. ඒ හිනාවෙන්ව එයා මගේ පිටට හෙමීට පාරක් ගැහුවා..

    "හරි.. දැන් මම යන්නද..?"

    "හොදයි ගිහිල්ලා එන්න.."

    "ගිහින් එන්න කිව්වේ, ආයෙ ගාඩ්න් එකටද..?"

    "ඔව්.. එහෙම උනත් කමක් නෑ.. ඔයා එනවා නම් මාත් එන්නම්.."

    "ඔයා නම් මහ පිස්සු කොල්ලෙක්.. ඇත්තටම ඔයාට කියන්න වෙන මුකුත්ම නැද්ද..?"

    "තියෙනවා.."

    "ඉතං කියන්නකො රන්දික.. මට දැනටමත් හුගාක් පරක්කු වෙලා.. ප්ලීස්.."

    "ඔයා මට දීපු සහයෝගෙ මං අගය කරනවා නෙත්මි.. සමහර විට ඔයා හිටියෙ නැත්නම් මේ බින්දුලගෙ කතාව තව සීරියස් වෙන්න තිබුණා.. ඔයා වෙලාවට ආවේ.. ඒ වගේම ඔයා, මාව විශ්වාස කරපු එක ගැනත්, මට හුගක් ආඩම්බරයි.. ඒ ආඩම්බරකම හැමදාම මගේ හිතේ තියේවි.. ඒ වගේම.. ඒ වගේම ඔයා හොද ගෑනු ළමයෙක් එක්ක දවස් කීපයක ලස්සන මතකයක් හැමදාටම මගේ හිතේ රැදිලා තියේවි.. එහෙනම් ගුඩ් බායි කිව්වා.."

    "අනේ.. ඔයා මොනවද මේ කියවන්නෙ රන්දික.. ඔයා හදන්නෙ මාව අඩවන්නද..? මේ බලන්න ඔයාගෙ කතාවට මගෙ ඇස්වලට කදුළුත් ආවා.. මං මොනවා හරි කියන්න කිව්වෙ ඔය වගේ දෙයක් අහන්න නෙමේනේ.."

    ඇත්තටම නෙත්මිගෙ ඇස් වලට කදුළු ඇවිල්ලා තිබුණා.. බන්ටිගෙ වැඩ එහෙමයි.. සීරියස් වෙන්න ඕන තැනදි සීරියස් වෙලා සංවේදී වෙන්න ඕන තැනදි සංවේදි වෙනවා..

    "ඒ උනාට මට කියන්න තියෙන්නෙ ඒ ටිකනේ.."

    "ඔයා කතා කරන්නෙ අපි ආයෙ හම්බවෙන්නෑ වගේ.."

    "ඒක ඉතිං අනාගතේට බාරදෙන්න නෙත්මි.."

    "හරි.. කමක් නෑ.. මං ඔයාට තව දෙයක් කියන්නයි හිටියේ.."

    "ඒ මොකක්ද..?"

    "මං හෙට ඔයාගෙ අම්මව බලන්න යනවා.. අම්මට මං මොනවා හරි ගෙනියන්නද..?"

    වෙන්වෙලා යන්න අන්තිම තත්පරේදි අපහු දෙයින් මං උඩ ගිහින් බිම වැටුණා.. දෙයියො සාලේ.. මං පේරාදෙණියෙ ගාඩ්න් එකෙ.. මේ මොනවද යකෝ මේ වෙන්නේ..? නෙත්මිට කියපු පච කන්දරාව දැන් ආයෙත් ගොඩ ගලන්නයි හදන්නේ.. විහිලුවට වගේ මං කියපුවයෙ ප්‍රතිඵලය නම් විහිලු නෙමෙයි..

    "ඕනනෑ නෙත්මි.. එයා කවුරුවත් දෙන දේවල් ගන්නෑ.. ඇරැත් එයා බලාවි හිටපු ගමන් මොකද මේ කියලා.."

    "ඒකත් ඇත්ත තමයි.. එහෙනම් මං යනවා රන්දික.. යාලුවොන්ව මතක් කරා කියන්න.."

    පාර දිගේ ගස් පේලිය අයිනෙන් නේතමි ඈතින් ඈතට පේන්නැති වෙලා යනකන්ම බලන් ඉදලා මං ආපහු හැරුණා.. එතකොට තමයි මං දැක්කෙ ගේට් එක ළග චාමිකයයි, අමිලයයි ඉන්නවා..

    "ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ නේද බන්ටි..?"

    පිටට තට්ටුවක් දාන ගමන් අමිලයා කිව්වා..

    "ඒ කතාව නම් ඇත්ත අමිල.. එයා හරිම හොද කෙල්ලෙක්.. කෙල්ලෙකුට තියෙන්න ඕන හැම ගුණාංගයක්ම අඩුවක් නැතුව එයා ළග තියෙනවා.. ඕනවට වැඩිය වැඩිත් නෑ.. ඕනවට වැඩිය අඩුත් නෑ.."

    "මේන් බලපං ලොකු පුතේ.. ජීවිතේට කෙල්ලෙක් ගැන විග්‍රහ නොකරපු අපේ බන්ටිට වෙලා තියෙන දේ.. මට නම් පේන්නෙ ඒකි උඹේ හිත අරන් ගිහින් වගේ බන්ටියා.."

    "එහෙම දෙයක් නෑ චාමික.. එයාගෙ හිතේ ඉන්නෙ අපේ අයියව.. අයියයි, නෙත්මියි අතරෙ මං පුංචි තඹ කාසියක් විතරයි.."

    "අයියාකාරයා ට්‍රයි කරන්නෙ වෙන කෙල්ලෙකුට කියලා උඹ කිව්වනේ බන්ටි.. එතකොට අයියා කාරයා මේ ගෑනු ළමයි දෙන්නවම යාලු කරගන්නද හදන්නේ..?"

    "මං දන්නෑ අමිල.. අයියා, පිණිමුතු කියලා කෙල්ලෙකුට කැමතියි.. එයා අපේ අක්කගෙ යාලුවෙක්.. හැබැයි ඉතිං නෙත්මිගෙ හිතේ අපේ අයියා ඉන්න හින්දා මං කැමතියි එයාට අපේ අයියව හම්බවෙනවා නම්.. නෙත්මි කියන්නෙ පවුලකට සම්බන්ධ කරගන්න පුළුවන් හොද ගතිගුණ තියෙන ලස්සන කෙල්ලෙක්නේ.."

    "හරි.. අපි ඔය කතාව ටිකක් පස්සට දාමු.. සිද්ධ වෙන දෙයක් හොද විදියට සිද්ධ වෙයිනේ.. දැන් මේ වැටිච්ච මරාලෙට මොකද කරන්නෙ බන්ටි..?"

    අමිල කරගෙන ගියපු කතාව මග නවත්තපු එක හොදයි.. මොකද නෙත්මි ගැන කතා කරද්දි මම ලොකු අපහසුතාවයකට පත්වෙලයි හිටියේ.. මොකක්දෝ නිකං කියාගන්න බැරි අමුතු කාන්සියක් මට දැනෙන්න පටන් අරන් තිබුණා.. හදුනාගන්න බැරි වේදනාවක අංශු මාත්‍රයකුත් ඒ කාන්සියෙ වැටිලා තිබුණා..

    "කරන්න තියෙන්නෙ එකම දෙයයි.."

    "ඒ මොකක්ද ලොකු පුතේ..?"

    "ඉස්සෙල්ලම මේ විස්තරේ නිරෝෂිගෙන් අහන්න ඕන.. බින්දු ඉස්සරහම, ඇටකිච්චට ගහපු කතාව අපට කියන්න වෙනවා.. මොකද අපි දන්නෑ අමිල, නිරෝෂිය අර ශලනියි අතරෙ තියෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා.."

    "ඒ කියන්නෙ උං ට්වින්ස්ලා නෙමෙයි කියලද ලොකු පුතේ.."

    "නෑ චාමික.. එයාලා ට්වින්ස්ලා වෙන්න ඇති.. ඒත් එයාලා දෙන්නා එකට නැත්තෙ ඇයි..? කොටින්ම එක වගේ හැඩහුරුකම් තියෙන ගෑනු ළමයි දෙන්නෙක් මේ නුවර එහෙට මෙහෙට දවසක් දෙකක් හරි ඇවිද්දා නම් අපිට මාට්ටු වෙනවනේ.. ඉතිං එහෙම දෙයක් උනේ නැති එකෙ.. මට නම් හිතෙන්නෙ එයාලා දෙන්නා අතරෙත් ගැටලු තියෙනවා කියලයි.."

    "හරියටම හරි බන්ටි.. උඹ ඒක ලස්සනට විග්‍රහ කලා.. මොකද හැම වෙලාවෙම නිරෝෂියි, ශලනියි වෙන වෙනම තමයි අපේ කොල්ලො දැක්කේ.. එයාලා දෙන්නා එකට ඉන්නවා කවුරුත් දැකලා නෑ.. අඩුම ගානෙ දවසෙ පැය විසි හතරම මහ පාරෙ ඉන්න අපේ රවීන්වත් එහෙම දෙයක් දැකලා තිබුණෙ නෑ.."

    "හුගාක් වෙලාවට අමිල.. අපේ කොල්ලො සෙට් එක එක වගේම, මමත් දැක්කෙ ශලනියි කියලා මට හිතෙන්නේ.. නිරෝෂි ඒ දවස්වල විහිලුවකට ගෙදරින් එළියට බහින්නෙ නැතුව ඇති.. හැබැයි ඉතිං ඒකෙන් උනේ අර අහිංසක ඇටකිච්චා නැව් ගානට ගුටි කාපු එක.."

    "දැන් නම් බන්ටි.. මට නිරෝෂිගෙ මූණවත් බලන්න ලැජ්ජයි. අපි මොන තරම් පහත් විදියටද එයා ගැන හිතාන හිටියේ.."

    "ඒක තමයි බං මාත් කියන්නේ.. හැබැයි ඉතිං අපි අහපු ආරංචි අනුව, අපි දැකපු දේ අනුව අපි ක්‍රියාත්මක වුණා.. ඒක අපේ වැරැද්දක් නෙමෙයි.. අපි ඒක බින්දුට පහදලා දෙමු.."

    "එහෙනම් ඉතිං යමු.. මං දැක්කා උං පිට්ටනිය පැත්තට යනවා.."

    ලොකු පුතාට ඕන දේ ඉක්මනට ඉවරයක් කරන්න.. මගේ හිතටත් ඒ දේ කරන්න ලොකු ඕන කමක් තිබ්බත් මං හිටියෙ ලොකු පීඩනයකින්.. මොකද බින්දු වෙනුවෙන් මේ අද දක්කා මං කරපු හැම දෙයක්ම වතුරෙ ගියා කියලා මං ඒ වෙනකොට දැනන් හිටියා..

    "හැබැයි චාමික.. බින්දුයි, නිරෝෂියි අපේ ගෙදර හවස එනවා කිව්වනේ.."

    "ඔව්.. ඒකත් ඇත්ත තමා.. එහෙනම් අපි හවසට ආයෙ සෙට් වෙමු.. මං සුරේන්ටයි, රවීන්ටයි පණිවිඩේ දෙන්නම්.."

    "ඒක හොදයි.. අපි දැන් මෙතෙන්ට ආවා කියලා බින්දුට කියන්න ඕන නෑ.. කතාව යන පැත්ත බලලා අපි ක්‍රියාත්මක වෙමු.. එහෙම හොදයි නේද ලොකු පුතේ..?"

    "එහෙම හොදයිද බන්ටි..?"

    "ඔව්.. එහෙම හොදයි.. හවස ටිකක් කලින් වරෙල්ලා.. ගෙදර වත්තෙ බංකු උඩ අපි සෙට් වෙමු.."

    දැන් ආයෙ බින්දුයි, නිරෝෂියි ළගට ගිහිල්ලා වැඩක් නෑ.. උං දෙන්නා පිට්ටනියෙ මැද්දට වෙලා පට්ට අව්වෙ යස අගේට ප්‍රේම කරනවා ඇති.. මොනව උනත් අද නෙත්මිව මෙතෙන්ට එක්කං ආපු එක නම් දෙයියො බැලුවා වගේ දෙයක් තමයි.. නැත්තං තව ඉස්සරහට බින්දු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගිහිල්ලා මං කන පරිප්පුව ගැන ලියන්න විශ්ව කෝෂෙකුත් ඕන වෙනවා.. අනික තමයි ඇටකිච්චට තව එෆෙයාර් එකක් තිබ්බ එක.. එහෙම නොවුනා නම් ඇටකිච්චා යාලුවෙලා හිටිය ශලනි එක්ක විතරයි නම්, ඒ ආදරේ කඩලා දාන්න සම්මාදන් උනා කියලා මට පුදුම පාප කර්මෙකුයි වෙන්නේ.. එහෙනම් ඉතිං මං ඇදගෙන නාන හැටි මටවත් හිතාගන්න බෑ.. ඔක්කොම වෙන්නෙ හොදටයි කියලා කතාවකුත් තියෙනවනේ..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-08.jpg


    08.png


    යක්කු දෙන්නෙක් විතර කන්න හිතාගෙන මං ගෙදර ආවා.. ඒ තරමට බඩගිනියි අප්පා.. ඇයි ඉතිං උදේට කෑවෙ උඩින් පල්ලෙන්නෙ.. අම්මප දවල්ට මොනවද දන්නෑ බේබි නැන්දා උයලා තියෙන්නේ.. මං හිමීට කුස්සියට එබුණා.. ම්හු.. මෙලෝ වගතුවක් නෑ.. බේබි නැන්දගෙ හෙවණැල්ලක්වත් නෑ..

    "බේබි නැන්දේ.. අපි මොනවා හරි කමුද..?"


    ම්හු.. ඒත් කිසිම සද්දයක් නෑ.. හත්තිලව්වේ බේබි නැන්දව කවුරු හරි උස්සගෙනවත් ගිහින්ද..? තව ටික වෙලාවක් ඇතුළෙ කැරකිලා මං බේබි නැන්දගෙ කාමරේට එබුණා.. සමස්ථයක් වශයෙන් ගත්තාම එයා කාලයෙන් වැඩිම කොටසක් ගත කරන්නෙ ඒක ඇතුළෙනේ.. මං හිතුවා හරි.. ඔය ඉන්නෙ ඇද උඩ පතබරියං වෙලා.. අඩේ.. අපි අද දවල්ට කන්නෙ නැද්ද..?


    "බේබි නැන්දේ.."


    මගේ කටහඩට බේබි නැන්දා කොයි තරම් බයවුණාද කියලා කියනවා නම් එයා තව පොඩ්ඩෙන් ඇදෙනුත් බිමට වැටෙනවා.. මාව දැකපු ගමන් එයා මළමිනියක් වගේ සුදුමැලි උනා..


    "බ.. බන්ටි මහත්තයා කොයි වෙලාවෙද ආවේ..?"


    "බේබි නැන්දා මොකද මේ බයවෙලා..?"


    අමාරුවෙන් වගේ ඇදෙන් නැගිටින්න හදන බේබි නැන්දගෙ මුළු මූණම පිරිලා තිබ්බෙ, මහා අදුරු පාටකින්.. මාව දැකපු ගමන් සුදුමැලි වෙන්නයි, දැන් අදුරු පාට වෙන්නයි හේතුව මට හිතාගන්න බැරිවුණා..


    "න්.. නෑ.. බන්ටි මහත්තයෝ.. ම.. මං ටිකක් හාන්සි වෙලා හිටියා.."


    එතකොටයි මං දැක්කෙ බේබි නැන්දගෙ වම් අතේ තිබිච්ච ෆොටෝ එක.. එයා ඒක මගෙන් හංගන්න අසාර්ථක උත්සාහයක් ගන්න හැටි මං දැක්කා..


    "ඔය අතේ තියෙන්නෙ මොකක්ද බේබි නැන්දේ.. ෆොටෝ එකක් නේද..?"


    "ආ.. නෑ.. නෑ.. ඔව්.. ඔව්.. මේක ෆොටෝ එකක්.."


    "කාගෙන බේබි නැන්දේ.. කෝ දෙන්න මටත් බලන්න.."


    මං කාමරේ ඇතුළට අඩිය තිබ්බා.. අදුරු වෙච්ච මූණ කලින්ටත් වැඩිය සුදුමැලි කරගෙන බේබි නැන්දා ඒ ෆොටෝ එක පපුවට තද කරගත්තා.. ඒක අගල් හයේ හතරෙ විතර ඡායාරූපයක්..


    "නෑ.. බන්ටි මහත්තයා.. මේක වැඩක් ඇති එකක් නෙමෙයි.. මං මේක නිකං බල බලයි හිටියේ.."


    "හරි.. හරි.. කෝ ඉතිං මටත් දෙන්නකෝ බලන්න.. මං බැලුවා කියලා ඕක ගෙවෙන්නෙ නෑනේ.."


    "කිව්වම අහන්නකො බන්ටි මහත්තයෝ.. මං ඕන්නෑ කියන්නෙ ඕන්නැති හන්දා.."


    බේබි නැන්දා ඔච්චර අදිමදි කරන එක ගැන ඒ වෙනකොට මට සාධාරණ සැකයක් ඇවිල්ලා තිබුණා.. මගෙත් එක්ක ඕනම දෙයක් කියන මනුස්සයා.. කිසිම රහසක් හිතේ තියන් ඉන්නැති මනුස්සයා ඇයි දැන් මෙහෙම කරන්නේ.. මේකෙ මොකක් හරි රහසක් තියෙන්න ඕන..


    "හරි.. කමක් නෑ.. ඔයාට පෙන්නන්න බැරි නම් තියා ගන්න.. ඔය ආඩම්බර ෆොටෝ එක මට බලන්න ඕනත් නෑ.. ඔයාට හොද හන්දනේ ඔයා තද කරන් ඉන්නේ.."


    "අනේ ඔහොම හිතන්නෙපා බන්ටි මහත්තයෝ.."


    "නෑ.. එහෙම හිතන්න වෙනවා.. ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි.. හරියට වෙනස් වෙලා.."


    "ම.. මං වෙනස් වෙලා..?"


    "ඔව්.. මං ගැන කිසිම සැලකීමක් නෑ.. අඩු ගානෙ අද දවල්ට මට කන්න දෙයක්වත් නෑ.. ඔයා හොදටම දන්නවනේ මං බඩගිනි වෙලා ගෙදර එන්නෙ කියලා.. ඒත් ඔයාට ගානක්වත් නෑ.. මගේ අම්මගෙනුත් ලැබෙන්නෙ නැති ආදරේ පුංචි කාලෙ ඉදළම මට දුන්නෙ ඔයා.. අම්මා මට කියවන හැම වෙලාවෙම මාව ආරක්ෂා කලේ ඔයා.. අම්මට නපුරුකම් කරන්න දීලා, ඔයා මාව කවදාවත් දාලා ගියේ නෑ.. ඒ හැමදේම මට මතකයි.. ඒත් අද වෙනකොට ඒ හැමදේම වෙනස් වෙලා.. ඔයා දැන් බලාගත්තු අතේ බලන් ඉන්නවා.."


    "නෑ.. නෑ.. බන්ටි මහත්තයෝ.. මං කවදාවත් එහෙම හිතුවෙ නෑ.. ඔයත් මං ගැහ ඔහොම හිතන්නෙපා.. මට හුගක් දුක හිතෙනවා.."


    "ඔයා හිතන්නෙ මට දුක නෑ කියලද..? මටත් හැමදේම හොදට දැනෙනවා බේබි නැන්දේ.."


    "දෙයියන්ගෙ නාමෙට ඔය කතාව නවත්තන්න.. මං මහත්තයගෙ හිත රිද්දන්න කැමති නෑ.. ආ.. මෙන්න.. මහත්තයට ඕන මේ පිංතූරෙ බලන්න නේ.. ආ.. ඉතිං අරන් බලන්න.."


    "මට එපා බේබි නැන්දේ.. ඔයා මුලින් දෙන්න බෑ කිව්වේ, මං දකින්න හොද නැති දෙයක් හින්දා වෙන්නැතිනේ.. ඒක හන්දා ඔය ෆොටෝ එක මට එපා.. ඔයාම තියාගන්න.."


    හුගාක් වෙලාවට ඔය ෆොටෝ එකේ ඉන්නවා ඇත්තෙ පිරිමියෙක්.. සමහර විට බේබි නැන්දා යාලුවෙලා හිටපු කෙනා වෙන්න ඇති.. ඒ ගෙවිලා ගියපු කාලය මතක් වෙන්න ෆොටෝ එක ළගින් තියාගෙන ඇති.. මට හිතුණෙ එහෙමයි.. බේබි නැන්දට ඒක පෙන්නන්න ලැජ්ජා හිතෙන්න ඇති.. පව්.. මමත් මාර ගොන් වැඩනේ කරන්නේ.. අහිංසක මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරනවා..


    "අ.. අනේ රත්තරං මහත්තයෝ.. මගෙත් එක්ක තරහා නොවී මේක බලන්නකෝ.. ඔහොම පිටුපාල යද්දි මට දරාගන්න බෑ.. මහත්තයා බේබි නැන්දට ඔහොම කරන්නෙපා.."


    බේබි නැන්දගෙ දුක්බර කටහඩ පිටිපස්සෙන් ඇහදේදි සාලෙ පැත්තට යන්න හිටපු මං ආපහු හැරුණා.. ඒ වෙද්දි බේබි නැන්දා මගේ ළගට ඇවිල්ලා ඉවරයි..


    "ආ.. මෙන්න.. මේකට අපි දෙන්නා රණ්ඩු වෙන්න ඕන නෑ.."


    බේබි නැන්දා පිංතූරෙ මං දිහාට දික් කලා..


    "මම නම් දන්නවා මේ කවුද කියලා..?"


    පිංතූරෙ දිහා බලන්නෙ නැතුව මං බේබි නැන්දගෙ මූණට එබුණා.. ඒ මූණෙ අර මුලින් තිබ්බ සුදුමැලි ගතිය නම් එහෙම්මයි.. මොනවද අප්පේ අද බේබි නැන්දට මේ වෙලා තියෙන්නේ..?


    "කවුද..?"


    "මේ තමයි බේබි නැන්දගෙ ලස්සන අතීතය.."


    එහෙම කියන ගමන් මං පිංතූරෙ දිහා බැලුවා.. ඒත් මං කියපු දේ ගැන, හිතපු දේ ගැන ඒ මොහොතෙම දහස් වාරයක් පසුතැවුනා.. පිංතූරෙ හිටියෙ අවුරුදු විසි ගානක් විතර උනු ලස්සන ගෑණු ළමයෙක්.. ඒ මුළු පිංතූරෙ පුරාම මට දැනුනෙ නිකං හිතට හුරු පුරුදුයි වගේ ගතියක්..


    "කවුද බේබි නැන්දෙ මේ..? හරිම ලස්සන ගෑනු ළමයෙක්.. බලන්නකෝ කොන්ඩෙ දිග.."


    බේබි නැන්දගෙ ඇස් දෙකට ඒ වෙනකොට කදුළු ඇවිල්ලා තිබුණා.. ඒත් ඒ ඇයිද කියලා මට හිතාගන්න බැරිවුණා.. මගේ කටින් වැරදි මොනවත් කියවුණාද මන්දා..


    "ආ.. බේබි නැන්දේ.. මෙයා කවුද.. ඇත්තමයි.. හරිම සිරියාවයි.. මට නිකං දැනෙනවා.. මෙයා කොහේදි හරි දැකලා පුරුදුයි වගේ කියලා.. ඉදා.. මොකද බේබි නැන්දෙ අඩන්නේ..?"


    වියපත් මූණ දිගේ කදුළු පේලි කීපයක්ම ගලා ගෙන යන්න පටන් අරන් තිබුණා.. හිතාගන්නවත් බැරි තරමෙ දුක්බර බවක් ඒ අසරණ මූණ පුරාම රැදිලා තිබුණා..


    "ම.. මගෙන් අහන්නෙපා රත්තරං මහත්තයෝ.. හ්..ග්..හ්.. මහත්තයා මං ගැන අහිතක් හිතන්නෙපා.. හ්ග්.. මං මහත්තයට හුගක් ආදරෙයිනේ.. "


    "මං ඒක දන්නවා බේබි නැන්දේ.. හරි.. හරි.. මං මුකුත් අහන්නෑ.. එහෙම අහලා ඔයාට වද දෙන්නෙ නෑ.. දැන් ඉතිං හොද බේබි නැන්දා වගේ නාඩා ඉන්නකෝ.."


    "මහත්තයා මගෙත් එක්ක තරහා නෑ නේද..?"


    "පිස්සුද බේබි නැන්දේ.. මට ඔයත්තෙක්ක තරහා වෙන්නෙ පුළුවනිද..? අනික මං මේ ගෙදරින් වැඩියෙන්ම ආදරේ කරන්නෙ ඔයාටනේ.. මගේ හැමදේටම ඉන්නෙ ඔයානේ.."


    කදුළු අතරින්ම, පුංචි හිනාවක් බේබි නැන්දගෙ කොනට හිනාවක් ඇදිලා ආවා. ඒ හිනාවෙ තිබ්බ අව්‍යාජකම හිත පතුළටම ගන්න මං බේබි නැන්දගෙ කාමරෙන් එළියට ආවා..


    "බන්ටි මහත්තයට හුගක් බඩගිනියි නේද..?"


    "ඒක නම් එහෙම තමා.. කමක් නෑ.. බේබි නැන්දා හිමීට උයන්නකෝ.. මං ඔය බිස්කට් මොනවා හරි කන්නම්.. කිරි එකක් බිව්වාම බඩට ලාවට ෂේප් එකක් දාගන්න පුළුවන් වෙයි.. ඒක නෙමේ බේබි නැන්දේ.. තව පොඩි වැඩක් තියෙනවා.."


    "
    මොකක්ද මහත්තයෝ..?"

    "අද හවසට මගේ යාලුවො තුන් හතර දෙනෙක් එනවා.. බේබි නැන්දා දන්නවනේ බින්දුව.. බින්දුත් එනවා එයාගෙ ගෑනු ළමයත් එක්ක.. එයාලට කන්න ඔය රෝල්ස් මොනවා හරි හදන්න හොදේ.."


    "දෙයියනේ.. ලොකු නෝනගෙන් බැනුම් අහන්න වෙන වැඩක්නේ ඔය කරලා තියෙන්නේ.. යාලුවො ගෙදරට ගෙන්න ගන්නෙපා කියලා ලොකු නෝනා කියලා තියෙනවා නේද..?"


    "බේබි නැන්දත් මහ පුදුම කතානේ කියන්නේ.. ඇයි බේබි නැන්දේ.. මට මගේ යාලුවෙක්වත් මේ ගෙදෙට්ට ගේන්න බැරිද..? මගේ යාලුවො මං ගැන මොනවද නොහිතන්නේ..?"


    "මේක මගේ ගෙයක් උනා නම් බන්ටි මහත්තයට, මහත්තයගෙ යාලුවො ඔක්කොම උනත් එක්කං එන්න දෙනවා.. ඒත් ලොකු නෝනා එපා කියපු දෙයක් කරලා ආයෙත් රංඩු කර ගන්නද හදන්නේ..?"


    "මේක නම් හරිම අසාධාරණයි බේබි නැන්දේ.. ඇත්තමයි අපේ අම්මට නම් කිසිම හිතක් පපුවක් නෑ.. ඇයි මටම විතරක් මෙහෙම කරන්නේ.. මට දැනෙන විදියට අම්මා මට වැඩිය අයියටයි, අක්කටයි ආදරෙයි බේබි නැන්දෙ.. ඒක මට හොදට තේරෙනවා.. මේ ගෙදර මගෙ පැත්තට හැමදාම ඉන්නෙ, හැමදාම හිටියෙ බේබි නැන්දයි, තාත්තයි විතරයි.."


    මං කියවන් ගියපු දේට බේබි නැන්දා මුකුත්ම කිව්වෙ නෑ.. වෙනදා නම් නෑ මහත්තයා, අම්මා ගැන ඔහොම කතා කරන්නෙපා හොද නෑ කියලවත් කියනවා.. ඒ කියන්නෙ මං කියපුවා හරියි කියනෙකද..? අද ඇයි බේබි නැන්දා මං කියපුවා ගැන වචනයක්වත් නොකියන්නේ..?


    "දැන් බන්ටි මහත්තයගෙ යාලුවො අද අනිවාර්යෙන්ම එනවද..?"


    "ඔව් බේබි නැන්දෙ.. උං කණු පොලු තියන ජාතියෙ අය නෙමෙයි.. කිව්වොත් කිව්වා.. ටක්කෙටම එයි.."


    "එහෙනම් මෙහෙම කරමු.. කට්ටිය ඔහේ ආවාවේ.. ලොකු නෝනා එන්න කලින් අපි එයාලව යවමු.."


    "ගුඩ් අයිඩියා.. වෙරි ගුඩ් අයිඩියා.. බේබි නැන්ද නම් මාරයි.. ඔන්න ඔහොමනේ දෙයියනේ ඉන්න ඕන.."


    "බන්ටි මහත්තයගෙ හිත රිද්දනවා කියන්නෙ මට හීනෙකින්වත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මතක තියාගන්න.. මහත්තයා වෙනුවෙන් මම පණ වුනත් දෙනවා.. කවුරු හරි මහත්තයගෙ හිත රිද්දනවා නම් ඒ කෙනා තමයි බේබි නැන්දගෙ ජන්මාන්තර වෛරක්කාරයා.."


    වානේ පන්නරය ලැබුවා වගේ ඒ වචනවල තිබ්බෙ විශ්වාස කරන්නත් බැරි තරමෙ සවි ශක්තියක්.. නිකං හරියට කාට හරි තර්ජනය කලා වගේ දෙයක්.. ඒත් ඒ ගැන එතනින් එහාට අහන්න තරමෙ කැමැත්තක් මගේ හිතේ තිබුණෙ නෑ.. බේබි නැන්දගෙ මූණත් තිබ්බෙ ඒ හැගීමමයි කියලා මට තෙරුණා..


    ****************************


    හවස තුන විතර වෙද්දි ඉස්සෙල්ලම ගෙදරට ආවෙ අමිලයි, චාමිකයි, සුරේනුයි..


    "අමිල.. කෝ පොඩි එකා..?"


    "රවීන්ට අද වෙන වැඩක් බන්ටි.. ඌ පස්සෙ ඇවිත් උඹව හම්බවෙන්නම් කිව්වා.."


    "කෝ තාම කපල් එක ඇවිත් නෑ වගේ.."


    "උං දෙන්නා ගාඩ්න් එකෙන් කීයට ගියාද දන්නෑ.."


    "සමහර විට උං මේ වෙනකල්ම ගාඩ්න් එකේ ඉදලා කෙලින්ම මෙහේ එයි ලොකු පුතේ.. ප්‍රේම කරද්දි ඈත්වෙලා ඉන්න බෑ කියලා කවුද විධායක ශ්‍රේණියෙ නිලධාරියෙක් කියලත් තිබුණා.."


    "විධායක ශ්‍රේණියෙ නිලධාරියා..? කවුද අපේ බන්ටිගෙ අයියාකාරයද..? අනේ ඌට තේරෙන ආදරේ.. අර ලස්සන කෙල්ලෙක් මේ තරම් ඇවිල්ලා ආන්සර් කරද්දි ඇක්ෂන් එකක් ගන්න තරමෙ කොන්දක් නෑ.. ඒකා කොහෙදෝ යන පින්නක් අල්ලගෙන මැරෙන්න හදනවා.."


    කොහොමටත් මුං ටික එකතු උනාම අපේ අයියාකාරයාව බයිට් එකට ගන්නවා.. හැබැයි ඒ නැති තැන.. ඌට අර්සස් අමාරුව කියලා මුං හැමෝම කියන්නේ.. මං නෑ කියලා කිව්වම මුං කියනවා හොරෙන් හොරෙන් පස්ස කහ කහ බෙහෙත් ගන්න යනව ඇතිලු.. ඔව්.. ඔව්.. ඒවා නම් කියන්න බෑ.. බන්ටිගෙ හැම වැඩක්ම ඕපන් උනාට මෑන්ගෙ හැම වැඩක්ම හැංගිලානේ..


    "ඒක නෙමේ බන්ටි.. ශිහාන්කාරයට මොකද කරන්නේ..?"


    "උඹ කියන්නෙ චාමික, ඌ විහිලුවටවත් මං දැක්කෙ නෑනේ.."


    "ඌ කොළඹ ගිහින්ලු ලොකු පුතේ.. මොකක්ද කෝස් එකක් කරන්න.. ළගකදි නම් එන පාටක් නෑ.."


    "කමක් නෑ.. ඌ කවදම හරි ඒවිනේ.. එදාට කැත නැතුව දෙක තුනක් ඇනලා කතාව පටන් ගමු.."


    වත්ත පල්ලෙහා බංකුව ළගට ඇවිදගෙන යන ගමන් මං කිව්වේ.. මේ බංකුව අවට ප්‍රදේශය කියලා කියන්නෙ හරියට බන්ටි ඉපදුන තැන වගේ.. ඒ තරමට බන්ටි මේ නිස්කලංක තැනට කැමතියි..


    "ආ.. මේ එන්නෙ ජෝඩුව.."


    අපි බංකුව ළගට යනවත්තෙක්කම වගේ නිරෝෂියි, බින්දුයි ගේට් එකෙන් මතුවුණා.. මේ වෙලාව වෙනකොට බේබි නැන්දගෙ ඇස් දෙක හතර වටේ කරකැවෙනව ඇති කියලා මං හිතාගත්තා.. සමහර විට බේබි නැන්දට හිතෙන්න පුළුවන්නේ මං, මගෙ ගෑනු ළමයව ගෙදරටම එක්කගෙන ඇවිද්ද දන්නෑ කියලා..


    "බන්ටි.. කොහොමද මචං..?"


    මෙච්චර වෙලා නිරෝෂිගෙ අතින් අල්ලං ඉදපු බින්දු ඒ අත අතෑරලා දාලා මගේ අත අල්ල ගත්තා.. වත්තට ඇතුල්වෙච්ච තැන ඉදන්ම මතුවෙච්ච හිනාව තාමත් මූණ පුරාම තියාගෙන නිරෝෂි අපි දිහා බලන් හිටියා..


    "වරදක් නෑ.. උඹ අපිව සදහටම අමතක කරලා දාලනේ හිටියෙ.. ෂිහ්.. උඹ වගේ කැත යාලුවෙක්.."


    මං බින්දුගෙ මූණට කියද්දි උගේ මූණ බෙරිවුණා..

    "වාඩිවෙන්න නිරෝෂි ඔය හතර පස් පොලකින්ම.. මං කොහොමටත් ඔයාව හම්බ වෙන්නයි හිටියේ.."


    බින්දු බයවෙලා වගෙ මං දිහා බැලුවා.. අම්මපා මූ වගේ හාල් දණ්ඩෙක්.. මේ තරම් බයවෙලා ජීවත්වෙන්නෙ කොහොමද..? මේකද මුගේ අති සාර්ථක පවුල් ජීවිතේ..

    "ලොකු පුතේ.. ටිකක් සවධානව කතා කරපං.. මුං දෙන්නම බයවෙලා ඉන්නේ.."


    "අ.. අපි.. බ.. බය නෑ .. නැද්ද නිරෝෂි..?"


    "ඉතිං අපිට කියපල්ලා ඊගාවට උඹලා මොනවද කරන්නෙ කියලා.. මං මේ නිකමට අහන්නේ.. දැනගන්න.. නිකං හැමතැනම ඇවිදලා කාලෙ කාලා දානවද.. එහෙමත් නැත්නම් වැදගත් මොකක් හරි කරනවද..?"


    "බ.. බන්ටි.."


    මගේ නම කියලා ඉවරවෙලා නිරෝෂි කතාව නැවැත්තුවා.. ඒ ඇස්වල තියෙන යටහත් පහත්කම මම හොදටම දැක්කා.. ගෑනු ළමයෙක් උනාම තියෙන්න ඕන සංවරකම, අඩුවක් නැතුවම නිරෝෂි ළග තිබුණා.. පිටින් ඉදගෙන බලලා දාහක් දේ කිව්වත් ළගින් ආශ්‍රය කරද්දි කතාබහ කරද්දි, අර කිව්ව දේවල් කොයි තරම් දුරට වැරදිද කියලා මට තේරුණා..


    "කියන්න නිරෝෂි.. මං අහගෙන ඉන්නේ..?"


    "ඔ.. ඔයා අහන්න ඉන්න හැම ප්‍රශ්නෙකටම හරියන එක උත්තරයක් මං දෙන්නම්.. මං කවදාවත් බින්දුව අතෑරින්නෑ බන්ටි.. බින්දුගෙන් එහා මට ලෝකයක් නෑ.. මං හිතනවා ඔයාලා මාව විශ්වාස කරයි කියලා.."


    මං හිතුවට වැඩිය නිරෝෂි සෑහෙන්න සංවේදියි කියලා මට තේරුණා.. මං අන්තිමට අහන්න හිටපු ප්‍රශ්නෙන්ම කතාව පටන් අරන් එයා උත්තරෙත් දුන්නනේ.. බලන් ගියාම කෙල්ලගෙ ටැලන්ට් එක මං හිතුවට වැඩිය හුගාක් හොදයි..

    "දැන් නම් විශ්වාස කරන්න පුළුවන්.. ඒත් දවස් දෙක තුනකට කලින් නම් සොරි තමයි.. නැද්ද ලොකු පුතේ..?"


    හිටපු ගමන් කතාව මැදට පැනලා කෑගහපු චාමිකගෙ කතාවෙන් හැමදේම අවුල් උනා.. බින්දුගෙයි, නිරෝෂිගෙයි මූඩ් දෙකම සම්පූර්ණයෙන්ම වෙනස් උනා.. මූටත් අම්මපා හිකනලා වගේ මැද්දෙන් පනින්නැතුව ඉන්න බෑනේ..


    "ඒ කියන්නෙ පහුවුණු දවස් දෙක තුනක් වෙනකල්ම ඔයාලා මාව අවිශ්වාස කලා..?"


    ඇස් දෙක ලොකු කරන් නිරෝෂි ලොකු පුතාගෙන් ඇහුවා..


    "මො.. මොකක්ද චාමික ඒ කියපු කතාවෙ තේරුම..?"


    නිරෝෂිගෙ ප්‍රශ්නෙට කාගෙන්වත් උත්තරයක් හම්බ උනේ නැති හින්දා බින්දුත් කට ඇරියා.. ඒත් තවත් ඩිංගක් වෙලා යනකන් සද්ද වහලා ඉන්න මං තීරණේ කලා..


    "මට ඒත්.. බින්දු අද උදෙත් කිව්වා.. බන්ටිට කේන්ති ගිහිල්ලා ඉන්නේ.. නාවලපිටියට වෙලා මෙච්චර දවසක් හිටපු හන්දා.. ඒකට මොනව හරි කරලා බන්ටිගෙ හිත හදන්න ඕන කියලා.. ඇත්තටම බින්දු මෙයාලව අමතක කරේ නෑ.. එතන තිබ්බ අවශ්‍යතාවයට අනුව එයාට එහේ ඉන්න වුණා.. ඒත් බින්දු එහේ හිටියත් වැඩක් නෑ බන්ටි සල්ලි එව්වෙ නැත්තං.. ඇත්තමයි බන්ටි.. ඔයාට තරහ යන එක සාධාරණයි.. ඒත් මේ දේ ඔයා ඉස්සරහ, ඔයාගෙ මූණටම මට කියන්න ඕන.. ඔයා හරිම ග්‍රේඩ් යාලුවෙක්.. මොකද මං අදහන දෙයක් තමයි කරදරයකදි ළග ඉන්න කෙනා තමයි හොදම යාලුවා කියලා.."



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බින්දුගෙ ප්‍රශ්නෙන් පස්සෙ නිරෝෂි කියවගෙන කියවගෙන ගියා.. ඒ වචනවල තිබ්බ ශක්තිමත් කම හින්දා මං දැනගත්තා නිරෝෂි ඒ ටික කිව්වෙ අවංකවම කියලා.. කොහොම උනත් ඇටකිච්චගෙ කතාව මෙතනට ගලප ගන්න හොදම වෙලාව මේක තමා කියලා මට හිතුණා.. මොකද චාමිකගෙ කතාවෙන්, මං කතා කරන්න යන දේට හොද ප්‍රෙව්ශයක් ලැබුණනේ.. හුගාක් වෙලාවට නෙත්මි, ශලනිව හම්බවෙලා කතාව දැනගන්න කලින් මට අද නිරෝෂිගෙන් ඒ හැමදේම දැනගන්න පුළුවන්..

    "දැන් දවස් දෙක තුනකට කලින් වෙනකන් නෙමෙයි.. අද උදේ වෙනකනුත් අපි ඔයාව අවිශ්වාස කලා නිරෝෂි.."


    අදහගන්න බැරි දෙයක් මගෙන් කියවුණා වගේ නිරෝෂි බයවෙලා වගේ මං දිහා බැලන් හිටියා.. බින්දුගෙත් කට බලන් ඉද්දිම ඇරුණා..

    "ඇ.. ඇයි.. ඒ..?"


    "මං ඒකට උත්තරේ දෙන්නම්.. ඊට කලින් ඔයා මට කියන්න නලින්ද කියලා කෙනෙක්ව දන්නවද කියලා.."


    "නලින්ද..?"


    නිරෝෂි කල්පනා කරන්න ගත්තා.. කතාවෙ විකාශන අයිතිය මටම බාර දීලා අමිලයි, සුරේනුයි, චාමිකයි සද්දෙ වහගෙන බලන් හිටියා..


    "ම්හු.. මං දන්නෑ නෙ බන්ටි.."


    "එහෙම නම් මට මුළු කතාවම කියන්න වෙනවා.. ආ.. මෙන්න අපේ බේබි නැන්දා එනවා ඔයාලට සංග්‍රහයකුත් අරගෙන.."


    රෝල්සුයි, කිරියි මෙතෙන්ට එවන්න කියලා මං කලින්ම බේබි නැන්දට කියලයි තිබුණෙ.. දැන්මම ඒවා ගෙනාපු එකත් හොදයි.. එතකොට කාගෙන්වත් බාධාවක් නැතුව කතාව දිගටම කරගෙන යතෑකි.. කෑම ජාති ටික තියලා බේබි නැන්දා ටිකක් දුරට යනකල් මං ඉවසන් හිටියා.. නැත්නම් ඉතිං මේවා දැනගත්තොත් එයා හොදටම කලබල වෙනවා කියලා මං අත්දැකීමෙන් දන්නවා..


    "බින්දු නාවලපිටි ගිහින් සති ගානක් හිටියනේ.. ඔය අතරෙ තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ.. හරියටම බින්දු නාවලපිටි ගියා විතරයි.. අපි කීප දෙනෙකුටම නෝට් උනා නිරෝෂි තව කොල්ලෙක් එක්ක හැම තැනම ඇවිදිනවා.."


    "මේ.. මම..?"


    "ඉන්න.. මම කතාව ඉවර කරනකල්.. කලබල වෙලා කොරොස් කටෙත් අත දාගන්න බෑනේ.. බින්දුත් කලබල නැතුව මේ කතාව අහගෙන ඉන්න ඕන.."


    බින්දුගෙ මූණ කජු ලෙල්ලක් වගේ වෙලා තිබුණා.. ඔව් ඉතිං.. මොන කෙල්ලද කැමති තමන්ගෙ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගැහුවා කියලා අහන්න..


    "වැඩිය ඕන්නෑ.. මමත් මගේ ඇස් දෙකෙන්ම දැක්කා නිරෝෂි තව කොල්ලෙක් එක්ක වලාකුලු බැම්ම ළග ඉන්නවා.. තව අපේ රවීන් මල්ලි දැකලා තිබුණා.. නිරෝෂි ඒ කොල්ලත් එක්ක වෙම්බ්ලි හෝල් එකට පවා යනවා.. ඔය වගේ කතා හත අටක්ම ඒ දවස්වල ආවා.."


    "දෙයියනේ.. බින්දු බලන්නකෝ මේ බන්ටි කියන දේවල්.. අනේ ප්ලීස් බන්ටි.. ඔයා මොනවද මේ කියන්නේ..? මං කවදාවත් වෙම්බ්ලි හෝල් එකට ගිහින් නෑ.."


    "නිරෝෂි.. ඔයා කලබල නොවී බන්ටිට කතාව කියන්න ඉඩ දෙන්නකෝ.. බන්ටි මුලින්ම කිව්වනේ කතාව අහගෙන ඉන්න කියලා.."


    මූණ අවුල් කරගෙන උනත් බින්දු කතාව මැද්දට පැන්නා.. ආයෙ දෙකක් නෑ.. උගේ හදවතේ තියෙන දේවල් මුණෙන් ලස්සනට පේනවා.. කොහොමද මේ නිව්ස් එක මුලින්ම දැනගත්ත ගමන්ම බින්දුට කිව්වා නම්.. එහෙනම් ඉතිං මුගේ ලයිෆ් එකම සදා සොත්ති වෙනවා..


    "අපිට ඊගාවට ලොකු ප්‍රශ්නයක් ආවා මේ දැනගත්තු ආරංචිය බින්දුට කියනවද නැද්ද කියලා.. පස්සෙ අපේ කට්ටිය එකතුවෙලා තීරණයක් ගත්තා බින්දුට කිව්වොත් බින්දු කලබල වෙන නිසා අපිම මේක ඉවරයක් කරලා දාමු කියලා"


    "ඉ.. ඉතිං ඔයාලා මගෙන් මුකුත් ඇහුවෙන නෑනේ බන්ටි..?"


    "අපිට ඔයාගෙන් අහන්න අයිතියක් නෑනේ නිරෝෂි.. අනික බින්දුත් ළගපාතක හිටියෙ නෑනේ.. ඒක හන්දා අපි කතාව ඇහුවෙ නලින්දගෙන්.."


    "නලින්ද කියලා කිව්වේ..?"


    නිරෝෂිගෙ මූණෙ මතුවෙච්ච ඉරියව්වලින්ම මං තේරුම් ගත්තා එයා කවදාවත් නලින්ද කියලා කෙනෙක් දන්නෑ කියලා..


    "නලින්ද කියලා කිව්වෙ අපි හිතුව විදියට ඔයා එක්ක යාලු කෙනා.. පහුවුණු දවසක පේරාදෙණිය ගාඩ්න් එකේදි ඔයත්තෙක්ක නලින්ද ඉන්නකොට, ඔයා පොඩ්ඩක් එහාට මෙහාට කරලා අපි නලින්දට අල්ලං තඩිබෑවා.. මිනිහා සතියක් විතර ඉස්පිරිතාලෙ ඉදියා.."


    "දෙ.. දෙයියනේ.."


    "මට නම් මේ මුකුත් තේරෙන්නෑ බන්ටි.. නිරෝෂි කීයටවත් ඔය වගේ ගමන් යන්නෑ.. මට නම් මේක මහා පටලැවිල්ලක්.. මගේ ඔලුවත්තෙක්ක රිදෙනවා.."


    "අපි මේ හැම දෙයක්ම කලේ බින්දු වෙනුවෙන්.. බින්දුගෙ අහිංසක ආදරේ වෙනුවෙන්.. ඒත් දැන් අපිට තියෙන ප්‍රශ්නෙ, මේ නලින්ද කියන හාදයත් එක්ක හිටියෙ නිරෝෂි නෙමේ නම් ඒ ගැනු ළමයා කවුද කියනෙකයි.. මොකද එතන හිටපු ගෑණු ළමයගෙ රූපෙ නිරෝෂිගෙ වගේමයි.. ඒකෙ ආයෙ කිසි ඇදක් කුදක් නෑ.."


    "දෙ.. දෙයියනේ.. එහෙනම් ශලනි ආපහු ඇවිල්ලද දන්නෑ.."


    නිරෝෂිගෙ කටින් ඒ නම පිටවුන ගමන්ම මට නෙත්මි කිව්ව හැම දෙයක්ම ඇත්ත කියලා තේරුණා.. මොනවා නැතත් නිරෝෂී, ශලනිව දන්නවනේ.. දැන් ඉතිං කතාවෙ තුන් කාලක්ම විසදලා ඉවරයි.. අමිලයි, චාමිකයි මගේ දිහාට මාපටැගිලි උරුක්කලේ වැඩේ නැගලා යනවා කියලා කියන්න.. සුරේන් නම් මාපටැගිලි දෙකම ඉස්සුවා.. බින්දු මං දිහා බලන් හිටියෙ තාමත් හීනෙන් බයවෙලා වගේ.. ඌ වගේ ලාමක හිතක් තියෙන එකෙකුට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න සෑහෙන වෙලාවක් යනවා කියලා මං දැනන් හිටියා..


    "කවුද නිරෝෂි.. ශලනි කියන්නේ..?"


    අපි හැමෝම අහන්න ඕන ප්‍රශ්නෙ ඇහුවෙ බින්දු.. වටපිට බලන ගමන් හොද හුස්මක් අරන් පිට කරලා නිරෝෂි කතාව පටන් ගත්තා..


    "ශලනියි, මමයි නිවුන්නු.. අපි දෙන්නා හුගක් දුරට එක වගෙයි.. ළගටම ඇවිල්ලා බැලුවොත් මිසක එයාවයි, මාවයි අදුනගන්න බෑ.. පුංචි දවස්වල අම්මයි, තාත්තටයිත් පවා මාවයි එයාවයි මාරු උනා.."


    "ඔ.. ඔයා ඔය වගේ කතාවක් නිකංවත් ම.. මට කියලා නෑනේ.. මෙ.. මෙච්චර ලොකු දෙයක් ඔයාගෙ ජීවිතේ තියෙනවා කියලා, මං ඩිංගක්වත් දන්නෑනේ.. මේ.. මේ අපේ බන්ටිලා මෙච්චර දේවල් දැන ගද්දිත් මං මුකුත්ම දන්නෑනේ.. ඔයා.. ඔයා ඇයි නිරෝෂි, මට ඔය ශලනි ගැන කිව්වෙ නැත්තේ..? ඇයි ඔයා ඔය වගේ දෙයක් මගෙන් හැංගුවේ..?"


    ඔන්න.. ඔන්න.. ඒ පාර බින්දු අදෝවැඩියාව පටන් ගත්තා.. උගේ මූණ දැන් මළගේකට අඩන්න අරගෙන යන්න හොදයි.. මේ සිද්ධිය මුලින්ම බින්දුට කිව්වා නම් මේකා පපුව පැලිලා මැරෙනවා දුක උහුල ගන්න බැරිව.. ඒ අතින් අපි ගත්තු තීරණේ කොයි තරම් නිවැරදිද කියලා මට හිතුණා..


    "හංගන්න මට දෙයක් තිබ්බෙ නෑ බින්දු.."


    "ඇයි නැත්තේ..? ඔයාගෙ ජීවිතේ ඔයාගෙ සහෝදරියක් ඉන්නවා කියලා මං අද වෙනකන් දන්නෑනෙ.. මගෙත් එක්ක කාපු බීපු දේවල් පවා කියවන ඔයාට ඔය දේ මගෙත් එක්ක කියන්න බැරිවුණාද..?"


    "බින්දු මේ.. නිකං මැට්ටෙක් වගේ උඩ පනින්නෙපා බං.. උඹට නොකිය ඉන්න තරම් හේතු නිරෝෂිට ඇති.. එයාට කතා කරන්න දීපං.."


    "බලන් ගියාම මේකා මහ කුණු ගොඩක්නේ.. අපරාදෙ අපට තිබ්බෙ මේ ප්‍රශ්නෙ නිරෝෂි හම්බවෙලා විසදගන්න.."


    "ඔව්.. ඔව්.. උඹලා නිරෝෂි හම්බවෙලා විසදගනිල්ලා.. උඹලට ඔක්කොම කෙරුවෙ නිරෝෂිනේ.. මම උඹලගෙ කවුරුවත් නෙමේනේ.. මං මෙතනට ඕන නෑනෙ.. උඹලා මට මුකුත් කිව්වෙ නෑනේ.."


    ඒ පාර අමිලයි, සුරේනුයි කියපු දේවල් වලට තද වෙලා බින්දු හිටපු තැනින් නැගිට්ටා.. බලන් ගියාම මූ මහ කක්කා පැකට් එකක්නේ.. බින්දුට රවන ගමන් මං නිරෝෂි දිහා බැලුවා.. එයාගෙ ඇස්වලට කදුළු උනලා තිබුනා.. දැන් නම් මෙතන පොතේ හැටියට අවමගුලක් වෙන්නයි යන්නේ.. ඒක හන්දා තියෙන වැඩ කටයුතු ඉතා ඉක්මනින් ඉවර කෙරුවොත් හොදයි කියලා මට හිතුණා..


    "බින්දු.. උඩ පනින්නෙ නැතුව වාඩිවෙයං.. පිළිවෙලකට ආවා නම් පිළිවෙලකට ඉදපං.. සතෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.. උඹ කියනවා වගේ මුලින්ම මේ කතාව උඹට කිව්වා නම් මෙතන මරණ දෙක තුනක් වෙලා.. මොකද උඹ ප්‍රශ්නෙකදි හැසිරෙන්නෙ මොලේ තියෙන එකෙක් වගේ නෙමේනේ.. නිකං කුලප්පු වෙලා කෑගහනවා.. ඔයා කතාව කියන්න නිරෝෂි.. මේකා කියන ඒවා ගණන් ගන්න එපා.."


    මට ටිකක් සැරට කිව්වා.. මගේ වචන බින්දුගෙ පපුව මැදටම යන්න ඇති.. ඌ ගල් ගිල්ලා වගේ නිරෝෂි දිහා බලන් හිටියා.. උගේ හිතේ තියෙන වේදනාව හරි අපූරුවට කැඩපතක් වගේ උගේ මූණෙන් පෙනුනා.. ඒත් ඉතිං මෙතන වේදනා විදින්න තරම් දෙයක් සිද්ධ උනේ නෑනේ.. ඇත්තටම මේ ආදරේ කරන හැම එකාටම පිස්සු.. උං හිතන්නෙ උං ගැනම විතරයි.. පුදුම තරම් ආත්මාර්ථකාමියි..


    "අපේ පවුලෙ හිටියෙ මායි, ශලනියි විතරයි.. ඒත් අපි පුංචි දවස්වලම අම්මයි, තාත්තයි වෙන්වුණා.. මට මතක තියෙන හැමදාම වගේ අම්මයි තාත්තයි රණ්ඩු වුණා.. මරාගත්තෙ නැති එක විතරයි.. අන්තිමට තාත්තා ශලනිව අරගෙන රට ගියා.. මායි, අම්මයි විතරයි ලංකාවෙ ඉතුරු උනේ.."


    "ඔය සීන් එක මේ ළගදි වෙච්ච දෙයක්ද..?"


    "නෑ බන්ටි.. එතකොට මට අවුරුදු හත අටක් විතර ඇති.."


    එහෙනම් මේ කතාව සෑහෙන පරණ එකක්.. ඒත් දැන් ආයෙත් අතීතය, වර්තමානයට ඇවිල්ලා තියෙනවා.. ඒකයි මේ ප්‍රශ්න හැම එකක්ම ඇරඹිලා තියෙන්නේ..


    "ශලනිවත් අරගෙන තාත්තා ලංකාවෙන් ගිහින් දැන් අවුරුදු පහළොවක් විතර ඇති.. ඒ ගියාට පස්සෙ එයාලා දෙන්නා කවදාවත් ලංකාවට ආවෙ නෑ.. එයාලා දෙන්නා මාවයි, අම්මවයි අමතක කරා වගේම මායි, අම්මයි එයාලා දෙන්නව අමතක කරා.. මං හිතුවා කවදාවත්ම ආයෙ ශලනි ලංකාවට එන එකක් නෑ කියලා.. කොටින්ම මගේ හිතේ තාත්තයි, එයයි ගැන පුංචි තරහකුත් ඇවිල්ලා තිබුණා.. ඇයි මාව බලන්නවත් ලංකාවට ආවෙ නැත්තෙ කියලා.. ඒත් දැන් දැන් මගේ හිත කියනවා මට එයාව දකින්න ඕන කියලා.. ඔයාලා ඔය කියන විදියට එයා මං වගේම ඇති.. මටත් වැඩිය ලස්සන ඇති.."


    කතාවෙ අන්තිම හරියට යද්දි නිරෝෂි හැගීම්බර උනා..


    "ලස්සනද, කැතද කියලා නම් අපි දන්නෑ.. ඒත් එයා නම් ඔයාගෙ කපාපු පලුවක් තමයි.."


    "දැන් තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි ශලනි හදිසියෙන්ම ලංකාවට ආවෙ කියලා.."


    "ආවෙ ඇයිද කින්ද මන්ද කියලා නිරෝෂිට හොයාගන්න පුළුවන් වේවිනේ.. අපි ඒවට අත දානන් හොද නෑ.. නේද ලොකු පුතේ..?"


    එතැන ඉදලා ටිකක් වෙලා යනකන් අපි හැමෝම අතරෙ ලොකු නිහඩතාවයක් පැතිරිලා ගියා.. ඇත්තටම කවුරුවත් කතා කරන්න උත්සාහ කලේ නෑ.. තම තමන්ගෙ කල්පනා ලෝකවල සැතපිලා වැතිරිලා හිටියා..


    "දැන් එතකොට ශලනි කියලා හිතාගෙන නලින්ද, නිරෝෂි පස්සෙන් ඒවිද දන්නෑ.."


    "ඔව්.. ඔව්.. ඒවා කියන්න බෑ.."


    අමිලගෙ කතාවෙන් බින්දුගෙ ඇස් උඩ ගියා.. පව්.. මේ අහිංසකයා නිකං බය වෙනවා.. අතෑරලා යන්නෑ කියලා නිරෝෂි මේ තරම් දිවුරුම් දීලා තියෙද්දිත් බින්දු අවුල් වෙන එකනේ වැඩේ..


    "ශලනි එනවා නම් එන්න ඇත්තෙ තාත්තත් එක්ක.. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ එයාලා දෙන්නා කොහේද ඉන්නෙ කියලා.. අනේ බන්ටි.. ඔයාට පුළුවන් නේද මට උදව් කරන්න.."


    "මොකක්ද නිරෝෂි..?"


    "මට ශලනියි, තාත්තයි ඉන්න තැන හොයාගන්න ඕන.. එයාලා හම්බවෙලා කතාකරන්නෝන.. අම්මට එයාල දෙන්නව මුණ ගස්සවන්න ඕන.. හිතන්න බන්ටි.. අපිට පවුලක් විදියට මොන තරම් සන්තෝසෙන් ඉන්න තිබ්බද කියලා..?"


    "ඔයා කියනෙක හරි නිරෝෂි.. මොන තරම් ප්‍රශ්න තිබුණත් කසාද බැදපු දෙන්නෙක් වෙන්වෙන එක නෙමේ හරි දේ.. තමන්ගෙ දරුවා වෙනුවෙන් හරි වෙන් නොවී ඉන්නෙක.. වෙන් වෙනවා නම් ඉතිං ළමයි ලැබෙන්න කලින් වෙන්වෙන්න තිබුණා.. දැන් ඔය වෙච්ච වැඩෙන් සම්පූර්ණයෙන්ම තැලිලා පොඩිවෙලා ගියේ ඔයයි, ශලනියි.."


    කතාව ගලාගෙන ගියේ මායි, නිරෝෂියි අතරෙ විතරයි.. අඩුම ගානෙ බින්දු හ්ම් කියන්නවත් ආවෙ නෑ.. නියම මූකලන් බස්සෙක්ගෙ ප්‍රතිරූපයක් හිතේ තියාගෙන ඌ පැත්තකට වෙලා බුම්මගෙන හිටියා..


    "ඔයා කියන දේ සෑහෙන්න ඇත්තක් තියෙනවා බන්ටි.. මෙතන ඉදලා මං කරන්න ඕන දේ මොනවද කියලා ඔයා මට කියනවද..?"


    "අලුතෙන් හිතන්න දෙයක් නෑ නිරෝෂි.. ඔයා අදම වැඩ පටන් ගන්න.."


    "වැඩ..?"


    "ඔව්.. අවුරුදු ගානකට කලින් ඈත්වෙලා ගියපු අය ආයෙත් එකතු කරන්න.. හැබැයි ඒ දේ බොහොම ඉක්මනට කරන්න වෙනවා.. මොකද කොයි තරම් කාලෙකටද දන්නෑනේ එයාලා ලංකාවට ඇවිත් ඉන්නේ.. සමහර විට අපි ප්‍රමාද උනොත් එයාලා ආපහු ගිහිල්ලා තියෙන්න පුළුවන්.. අනික ආදරේ බිදිල හින්දා ශලනි ඉන්නෙත් හිතේ අමාරුවෙන් වෙන්න පුළුවන්.. ඒ හිතේ අමාරුවම එයාට ආපහු යන්න තල්ලුවක් දේවි.."


    "ඔයා කියන දේවල් ඔක්කොම මට තේරෙනවා බන්ටි.. අනේ ඒත් කොහොමද මං එයාලව හොයාගන්නේ.. ඔයාට බැරිද බන්ටි මට උදව් කරන්න..?"


    නිරෝෂි කෙලින්ම කතා කලේ මට.. මං කෙලින්ම බැලුවෙ බින්දු දිහා.. උගේ මූණ පුරවලාම තිබ්බෙ පැහැදිලි ඊර්ෂ්‍යාවක ලකුණු.. ඇත්තටම මේ ආදරේ කරන ඈයො නම් මාර වාතයක්.. තමන් යාලුවෙලා ඉන්න එකා වෙන එකෙක්ට සහෝදරකමට හරි ලංවෙන එක පෙන්නන්න බෑ.. එහෙම ලංවෙන්න සාධාරණ හේතු තිබ්බත්, මුං මැරෙන්න හදනවා.. මේකත් හරියට ඒ වගේ තමයි.. හරියට නිකං මං, නිරෝෂිත් එක්ක පැනලා යයි කියලා වගේ..


    "උදව් කිරීමෙ ප්‍රශ්නයක් බන්ටිට නම් බෑ.. ඒත් අපිට පේන විදියට බින්දුට නම් ප්‍රශ්නයක් තියෙනවා වගේ.."


    මෙච්චර වෙලා පැත්තක ඉදන් හැමදේම අහගෙන ඉදපු සුරේන් කතාවට දායක උනා.. එහෙනම් මට තේරිච්ච, දැනිච්ච හැමදේම ඌත් තේරුම් අරන් වගේ..


    "බන්ටි මේ වැඩේට බැහැපු එකට උඹට මොකක් හරි ප්‍රශ්නයක්ද බින්දු..?"


    ලොකු පුතා කෙලින්ම බින්දුගෙන් ඇහුවා..


    "න්.. නෑහ්.. මට කිසිම ප්‍රශ්නයක් නෑ.."


    "ප්‍රශ්නයක් නැත්තෙ නෑ.. උඹේ හිතේ කුණක් තියෙනවා බින්දු.. ඒක නොතේරෙන්න මං බබෙක් නෙමේනේ.. මං මේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලම බැස්සෙ උඹ හින්දා.. මොනව නැතත් අන්න ඒ දේවත් තේරුම් ගනිං.."


    "මං හින්දා බැස්සා නම් ඇයි මේවා මට කලින් නොකිව්වෙ බන්ටි..?"


    බලන්න අප්පා මේ වහුකුණා අහන ප්‍රශ්නවල හැටි.. යාලුවෙක් නමෙයි නම්, බන්ටි දෙන්නෙ මූට හතරගාතෙ දාලා වැටෙන්න.. ෂිහ්.. මොන තරම් කැත හිතක්ද මූට තියෙන්නේ..


    "කලින් කියන්න ඕන මං නාවලපිටියට ඇවිල්ලද..? ආ බින්දු.. නිකං මැටි කතා කියන්නෙපා.. උඹට ඒ වෙලාවෙ තිබ්බ ප්‍රශ්න වල හැටියට මේකත් උඹේ ඔලුව උඩට දාලා මට ගතියක් ගන්න කියලද උඹ කියන්නේ..? අනික මේ දේ මුලින්ම උඹට කිව්වා නම් උඹේ ඔය මෝඩ මොළෙන් ගන්න තීරණ එක්ක අද මෙතන නිරෝෂි නැතිවෙන්න තිබුණා.."


    "හරියට හරි ලොකු පුතේ.. මූ නිකං අද ඉපදිලා වගේනෙ කතා කරන්නේ.. අනික පහුවෙලා මේවා දැනගත්තා කියලා මූට පාඩුවක් උනේ නෑනෙ.. මූට මොනවද නැතිවුණේ..?"


    "තොගේ ඔය කතාව අන්තිම වැරදියි බින්දු.. අපේ බන්ටි කරපු දේවල් ඔය තරම් අඩු ලන්සුවට දාන්නෙපා.. අපිටත් තද වෙනවා.. මොකද උඹ දන්නැති උනාට අපි හොදටම දන්නවා උඹ වෙනුවෙන් බන්ටි කොයි තරම් කැපවීමක් කරාද කියලා.. උඹේ ආදරේ රැකගන්න අපි හැමෝටම වැඩිය කැක්කුමක් තිබ්බෙ බන්ටිට.."


    "උඹ දන්නවද බින්දු.. උඹ වීරයා වගේ කතා කලාට අපේ බන්ටි මේ ගෙදරින් කාපු පරිප්පු තොගේ ගැන.. අර ශිහාන් කාරයා මාර ගින්නක් දීලා බන්ටිගෙ අම්මට.. අන්තිමට බන්ටිව ගෙදරින් එලෙව්වෙ නැති එක විතරයි.. ඇයි අපේ සුරේන්ගෙ ගෙදරටත් ඌ ඒ වගේ ඔත්තුවක් දීලා.."


    "ඕවා දැන් කියලා වැඩක් නෑ අමිල.. තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් තේරුම් ගනියි.. මට නම් දැන් අන්තිමට හිතෙන්නෙ කාට උනත් හොද කරන්න නරකයි කියලා.."


    මං කෙලින්ම බින්දු දිහා බලාගෙන කිව්වා.. ඇත්තනේ අප්පා.. හොද කරන්න ගිහින් මං මොකටද පරිප්පු කරන්නේ..


    "සො.. රි.. බන්ටි.."


    "උඹේ සොරිය තියාගනිං බින්දු.. මට ඕක එපා.. හොදට මතක තියාගනිං.. කෙනෙක්ගෙ හිත රිද්දලා ඉවර වෙලා ඔය හොරි කියලා වැඩක් නෑ.. කොටින්ම මට මෙතන පෙනුණ දේ මෙච්චරයි.. මම, උඹේ කොයි තරම් ළග යාලුවෙක් උනත් මේ වැඩේට මේ තරම් බැහැපු එක ගැන උඹේ හිතේ ලොකු කහටක් තියෙනවා.. හරියට නිකං නිරෝෂි ඉස්සරහ උඹ ඉද්දි මං පොර උනා කියලා.. නැද්ද අමිල.."


    "හරියට හරි බන්ටි.. මේකා හිතුවද දන්නෑ, බන්ටි එන්නෙ නිරෝෂිව කසාද බදින්න වත්ද කියලා.."


    "අ..නේ ඔයාලා මොනවද මේ කියවන්නේ..?"


    නිරෝෂිගෙ මූණ ලැජ්ජාවෙන් රතුවෙලා ගියා.. බින්දු තාමත් මුල් ඉරියව්වෙන්ම විරෝපට්ටන් ගහගෙන හිටියා..


    "කියන්නෙ ඉතිං හිතෙන දේ තමයි.. ඒත් ඉතිං අපි හොදටම දන්නවා අපේ බන්ටි අනුන්ගෙ කිරි ටොෆි කන්නෑ කියලා.."


    "හැබැයි ඉතිං ආදරේ වැඩි වුණොත් නොකා ඉන්නෙකකුත් නෑ, නැද්ද ලොකු පුතේ.."


    කතාවෙ අන්තිමට චාමික මහ අපත කතාවක් කිව්වා.. මමත් එතනින් එහාට මුකුත් කියන්න ගියේ නෑ.. මාව තේරුම් ගන්නෙක නොගන්නෙක බින්දුගෙ වැඩක්..


    මේක මෙහෙමයි, අරක මෙහෙමයි කියලා ඇගිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න තරමෙ උනක් මට තිබ්බෙ නෑ.. ළගම යාලුවෙක් නම් බින්දු ඒක තේරුම් ගන්න ඕන.. මොකද අපි ආශ්‍රය කරන්න ගත්තෙ අද ඊයෙ නෙමේනේ.. මොනව උනත් බින්දු මොනවා හිතුවත් නිරෝෂි ඉල්ලපු උදව්ව කරන්න මං හිතාගත්තා.. වෙන්වෙලා තියෙන පවුලක් එකට එක්කහු කරන එක ලොකු පිනක්නේ..


    ****************************


    "ආ.. බන්ටි මල්ලි.. දැන් ගෑනු ළමයව ගෙදරටම එක්කං එනවා වගේ.."


    නිරෝෂිවයි, බින්දුලාවයි වැලි පාර ළගට ඇරලවලා එද්දි මට මොරීන් අක්කා හම්බ උනා.. මෙයාගෙ ගෙදර ඉස්සරහ ජනේලය බයිනො කියුලර් එකක්වත් හයි කරලා තියෙනවද මංදා.. මං මෙතනින් කොහොම ගියත් මේ මස් පර්වතේ අතටම අහුවෙනවා..


    "නෑ මොරීන් අක්කේ.. ඒ මගේ යාලුවො වගයක්.."


    "ඒ සීදේවිපාට ගෑනු ළමයා නම් මට දැකලා පුරුදුයි.. අපේ රසිකවත් හම්බවෙන්න ආපු කෙනෙක්ද..?"


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා බන්ටිට කියලා දෙන්න කවුරුවත් ඕන නෑ.. දැන් මොරීන් අක්කට ඕන මේ ගෑනු ළමයට අපේ අයියගෙ කෑල්ලක් හරි ගෑවිලා තියෙද කියලා බලන්න..

    "නෑ.. නෑ.. මේකට අපේ අයියා සම්බන්ධයක් නෑ.. ඒ ආපු ගෑනු ළමයා ගිය අවුරුද්දෙ මිස් ශ්‍රී ලංකා උන කෙනානේ.."


    "න්.. නෑහ්.."


    මොරීන් අක්කා ඉහළට ඇදලා ගත්තු හුස්ම ටික එහෙමම නතර කර ගත්තා.. මං හිතුවෙ හිරවුණා කියලා..


    "නැත්තෙ මොකෝ.. එයා ලබන සතියෙ රටත් යනවා.."


    "ඔයාලගෙ ගෙදරට වද්ද ගන්නෙ ඔය රූප සුන්දරියො විතරමද බන්ටි මල්ලි.. අර රසිකගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් මොකක්දෝ රූප සුන්දරී තරගෙක පළවෙනියා උනා නේද..? ෂිහ්.. මාත් ඉදිරිපත් වෙලා බලන්න ඕන.."


    ඉදිරිපත් වෙන්න බැරි නම් ඕන කෙහෙල් මලක් කරගන්න.. මොරීන් අක්කට ඉඩ දීලා මං ගෙදර ආවා.. අඩුගානෙ මිනිස්සුන්ට අවබෝධයක් තියෙන්න ඕන රූපො මොන වගේද කියලවත්, නිකං නෝන්ඩි නොවී ඉන්න..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-09.jpg


    09.png


    ශලනි ඉන්නෙ කොහෙද කියලා දැනගන්න නම් මට හම්බවෙන්න තියෙන එකම කෙනා නෙත්මි කියලා මං දැනගෙන හිටියා.. මොකද මේ වෙලාවෙ වෙනකොට ශලනිව ආශ්‍රය කරන්නෙ එයා විතරනේ.. පහුවෙනිදා උදේ නැගිටිනකොටත් මගේ ඔලුවෙ තිබුණෙ ඒ ප්‍රශ්නේ.. මේ කෙහෙල්මල විසදගන්නෙ නැතුව අද දවසෙ මෙලෝ දෙයක් කරන්න වෙන්නෑ.. නෙත්මිට කතා කරලා එයත්තෙක්ක ශලනිව හම්බවෙන්න යන්න මං හිතාගත්තා.. ඇදෙන් නැගිට්ට මං කෙලින්ම ආවෙ ෆෝන් එක ළගට.. රිසිවර් එක උස්සලා නෙත්මිගෙ අංකෙ ඔබනොකටම අක්කගෙ කාමරේ දිහායින් ඇහිච්ච කටහඩෙන් මං උඩ ගිහින් බිම වැටුණා..

    "කියන්න හුගක් දේ තියෙනවා සමුදි.."


    දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ.. මේ නෙත්මි නේද..? තව නූලෙන් බන්ටිගෙ පටි හතම රෝල් තමා.. වැරදිලාවත් දැක්ක නම් කෙල්ල බලයි බේබි නැන්දගෙ පුතා කොහොමද මේ ගේ ඇතුළෙ ඉන්නෙ කියලා..


    "ඇ.. ඇයි ඔයා අර කොල්ලත් එක්ක රණ්ඩු උනාද..?"


    "නෑ.. නෑ.. ඉන්නකො මං ඔයාට විස්තරේ කියනකල්.. මහ පුදුම වැඩක් වෙලා තියෙන්නේ.."


    එතන ඉදන් කුටු කුටු ගගා ඊයෙ වෙච්ච සීන් එක සම්පූර්ණයෙන්ම අක්කා ඉස්සරහ නෙත්මි දිගෑරියා.. පුදුමෙකට පත්වෙන ශබ්දය, බය හිතුණම දාන ශබ්දය ඇතුළු අනේක විධ සද්ද කතාව කෙරීගෙන යද්දි අක්කගෙන් පිටවුණා.. පිටවුණේ නැත්තෙ ඈනුම් යන ශබ්දෙ විතරයි..


    "එතකොට බලන් ගියාම බේබි නැන්දගෙ පුතා කියන කෙනා හරිම හොදයිනේ.."


    "ඔව් සමුදි.. එයා හිතාගන්නවත් බැරි තරම් හොදයි.. මං මොන තරම් වැරදි විදියටද එයා ගැන හිතන් හිටියේ.."


    "ඒක නම් ඇත්ත තමා.. ඒ ළමයා හින්දා ඔයා අපේ බේබි නැන්දත් එක්ක තරහෙන්නෙ හිටියේ.."


    "මට ඒ ගැන මහ හුගක්ම දුකයි.. මං එහෙම හිතුව කියල හිතනකොටත්... හැබැයි සමුදි.. මං එයාට කිව්වා හෙට මං ඔයාලගෙ අම්මා බලන්න යනවා.. මොනවා හරි අරන් ගිහින් ඕනද කියලා.."


    "ඉතිං..?"


    "මුකුත් එපා කිව්වනේ.. බලන්න එයා කොයි තරම් හොදද කියලා.."


    "_____________"


    අක්කා හිමීට තවත් මොනවදෝ කිව්වත් මට හරියට ඇහුණෙ නෑ.. මං තවත් ටිකක් එයාගෙ කාමරේට ලංවුණා.. හැබැයි ඉතිං මේ තමා උපරිම ලංවීම.. මෙතනින් එහාට ගියොත් මාත් අක්කගෙ කාමරේ ඇතුළටම යයි..


    "ඔයා මොනවද කියන්නෙ සමුදි..?"


    "මම කියන්නෙ මට දැනෙන දේ.. ඒ ළමයා කවුද කියලා නම් මං දන්නෙ නෑ.. හැබැයි මට හිතෙන්නෙ එයා, ඔයාගෙ හිත හොරකම් කරලයි කියලා.."


    අක්කටත් පිස්සු.. අපේ අයියා ඉද්දි මං කොහොමද නෙත්මිගෙ හිත හොරකම් කරන්නේ.. එයාගෙ හිතෙත් ඉන්නෙ අපේ අයියනේ..


    "නෑ සමුදි.."


    "නැත්තෙ නෑ.. මට ඔයාගෙ කතාවෙන් තේරෙනවා.. වෙනදට ඔයා කිසිම බෝයි කෙනෙක් ගැන ඔය තරම් සංවේදිව කතා කරලා නෑ.. ඔය තරම් ආඩම්බරේකින් විස්තර මගෙත්තෙක්ක කියලා නෑ.. ඒ බෝයි ගැන කතා කරද්දි ඔයාගෙ මූණ ලොකු සංතෝසෙකින් පිරෙනවා.. ඒක ඔයා කොයි තරම් නෑ කියලා කිව්වත් මං හංගන්න බෑ කෙල්ලේ.."


    අපේ අක්කා නොදැන හරි මේ සපෝර්ට් කරන්නෙ එයාගෙ මල්ලිට කියලා එයා දැනගත්තා නම් අක්කට මොනවා හිතේවිද..?


    "ම.. මට තේරෙන්නෑ සමුදි..?"


    "මට ඇත්ත කියන්න.. ඔයාගෙ හිතේ ඒ බෝයි ගැන අදහසක් තියෙනවා නේද..?"


    බලන් ගියාම අපේ අක්කත් එලකිරි පොරක්නේ.. කිසිම ඇදක් කුදක් නෑ.. කෙලින්ම කතන්දරේ මුලටම බැස්සා.. දැන් බලමුකෝ මේ සිදේවි පාට ගෑනු ළමයා මොනවද කියන්නෙ කියලා..


    "ම.. මං දන්නෑ සමුදි.. මට හිතාගන්න බෑ.. ඇයි.. ඇයි ඔයා ඔහොම මගෙන් අහන්නේ..?"


    "මං ඔයාට ආදරේ හින්දා කෙල්ලේ.. ඔයා මගේ නෑනා කරගෙන මං ගාවින් තියාගන්න පුළුවන් නම් මං ඒකත් කරනවා.. ඒත් ඉතිං ඔයාගෙ හිතේ ඉන්න කෙනා ගැන දන්නෙ ඔයානේ.."


    "දෙ.. දෙයියනේ ඔයා මේ මොනවද කියන්නේ.. මං ඔයාගෙ නෑනා කරගන්නවා.."


    "ඔව්.. මම නම් හුගාක් කැමතියි ඒ දේට.. ඒත් ඒක වෙන එකක් නෑ කියලා මට හිතෙනවා.."


    "ඇ.. ඇයි ඒ..?"


    "ඔයාගෙ හිතේ වෙන කෙනෙක් ඉන්නවා කියලා මට හිතෙන හන්දා.. අපේ රසික අයියට දැන් අවස්ථාවක් නෑ කියලා මට තේරෙන හන්දා.."


    එතන ඉදලා ටිකක් වෙලා යනකන් පුංචි නිහැඩියාවක් ගෙවිලා ගියා.. දැන් බලමුකො නෙත්මි මොනවද කියන්නෙ කියලා.. හැබැයි ඉතිං ඕන නම් අක්කගෙ ආසාව ඉෂ්ඨ කරගන්නත් පුළුවන්.. නෙත්මි, අයියට අකමැති නම්, පැත්තකින් මේ බන්ටිත් ඉන්නවනේ.. නෙත්මි කැමති නම් ඉතිං බන්ටි ළගන එන්නත් පුළුවන් නේ..


    "මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද..?"


    "හ්ම්.."


    "ඔයා අපේ බේබි නැන්දට ඇදුමුත් අරන් ඇවිල්ලා.. බේබි නැන්දා ගැන හුගාක් ලොකු ආදරේකිනුයි කතා කරන්නේ.. ඒත් කලින් දවසෙ ඔයිට වඩා හුගාක් වෙනස් විදියටයි ඔයා මං ඉස්සරහ හැසිරුණේ.. ඔයා හිටියෙත් මහ විසාල කේන්තියකින්.. ඒත් මේ දවස් දෙකට ඔයා සෑහෙන්න වෙනස් වෙලා.. ඔයාගෙ අදහසුත් වෙනස්වෙලා.. ඒක ඔයා පිළිගන්නවද..?"


    "ඔව්.. ඒක ඇත්ත.. මටවත් තේරෙන්නෑ මේ මොකද උනේ කියලා.. ඔයා කියන්නෙ මට ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ.. මගේ දැන් ඔලුවත්තෙක්ක රිදෙනවා.."


    "ඒ කියන්නෙ අපේ බේබි නැන්දගෙ පුතා කියන පිරිම ළමයා ඔයාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවලා කියලා.."


    "ඔව් සමුදි.. ඔයා දන්නවනේ මං කාටවත් යටත් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි කියලා.. ඒත් මට එයා ගාවදි දැනෙන්නෙ හරිම වෙනස් විදියෙ දෙයක්.. එයා කියන හැමදේම මට අහන්න හිතෙනවා.. ඒ වගේව ඒවා කියන්නත් හිතෙනවා.. ඔයා දන්නෑ.. මං ගාඩ්න් එක ගාවදි යනවා කියලා හැරුණාම එයා මූණ එල්ල ගත්තා පුංචි එකෙක් වගේ.. ඇත්තටම මට එයාව දාලා යන්න ලෝබ හිතුණා.."


    "පේන විදියට නම් ඒ කොල්ලා, අපේ කෙල්ලව සෑහෙන්න අල්ලගෙන වගේ.. ආයෙ නම් ගලවගන්නත් බෑ වගේ.."


    "මට තෙරෙන්නෑ සමුදි.."


    කෙල්ල, බේබි නැන්දට ඇදුමුත් අරන් ඇවිල්ලා, අක්කගෙ කටින් පිටවුණාම මට, නෙත්මි ගැන ලොකු හැගීමක් දැනුණා.. එයා කොයි තරම් හොද කෙනෙක්ද කියලා.. ඒත්.. අපේ අයියා ට්‍රයි කරන්නෙ, පිණිමුතුට කියලා දැන දැනත් අක්කා ඇයි නෙත්මිට අයියා ගැන කියන්නේ..? ඔය දැන් අයියා ගැන කිව්ව දේවල්, හරි නම් අක්කා කියන්න ඕන පිණිමුතු එක්කනේ.. මොන දේ තේරුම් ගියත් මට ඒ ගැන නම් තේරුණේම නෑ.. ඒ කියන්නෙ මීට කලින් නෙත්මි, අපේ අක්කත් එක්ක අයියා ගැන කතා කරලා තියෙනවා කියනෙකද..? එහෙත් නැත්නම් නෙත්මියි, පිණිමුතුයි දෙන්නවම යාලු කරල දෙන්න කියලා අයියා, අක්කත් එක්ක කියලා තියෙනවා කියනෙකද..? ඒත් අක්කා කවදාවත් දෙකේ පන්තියෙ වැඩ කරන්නෑ කියලා මං දන්නවා.. අයියා කෙසේ වෙතත් අක්කා, නෙත්මිට නම් හුගාක් ආදරෙයි කියලා මට දැනුණා..


    "දැන් ඔයා මේ ඇදුම් වලට මොනවද කරන්නේ..?"


    "ඒක තමයි.. මං මේවා බේබි නැන්දට දෙන්නද..?"


    "මම නම් කියන්නෙ එපා කියලයි.."


    "ආ..නේ.. ඇයි ඒ..?"


    "එකපාරටම මේවා දුන්නොත් බේබි නැන්දා බලයි මේ මොකද කියලා.. ඔයාට තේරෙනවනේ බබා.. කවදාවත් කතා කරලා තියා හිනාවෙලාවත් නැති කෙනෙක්, තෑග්ගක් දුන්නොත් අපි උනත් බලනවනේ මේ මොකද කියලා.."


    "ඔයා කියනෙකත් ඇත්ත තමා.."


    "අනික, එතකොට ඔයාට කියන්න වෙනවා බේබි නැන්දගෙ පුතා, ඔයා දන්නවා කියලා.. ඔයා, ඔය කියන විදියට බේබි නැන්දා ඒක රහසක් විදියට තියන් ඉන්න දෙයක් නම්, පුතත් එක්ක ලොකු කේන්තියක් යයි, ඒ හැමදේම ඔයා එක්ක කිව්වා කියලා.."


    "මං ඒ වගේ පැත්තක් ගැන ඩිංගක්වත් හිතුවෙ නෑ.. ඔව්.. එහෙම උනොත් එයා ලොකු අමාරුවක වැටෙනවා.."


    "හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.."


    "ඒ මොකක්ද..?"


    "බේබි නැන්දා, එයාගෙ අම්මා කියලා කියන්නෙ ඔය පිරිමි ළමයනේ.."


    "ඔව්.."


    "අපි මේ හැමදෙයක්ම කතාබහ කරන්නෙ ඒ පදනමේ ඉදගෙනනේ බබා.. වැරදිලාවත් ඒක බොරුවක් උනොත්..?"


    අක්කා අඩිය තියන්න හදන්නෙ කොහේටද කියලා මට ඉවෙන් වගේ තේරුණා.. දැන් ඉතිං බන්ටිට වෙන්නෙ ඇදගෙන නාන්නද..?


    "ඒ.. ඒ කිව්වේ..?"


    "ඔයා ඔය කියන පිරිමි ළමයා, බේබි නැන්දගෙ පුතා උනේ නැත්නම්..? බේබි නැන්දට පුතෙක් හිටියෙ නැත්නම්..? ඩිංගක් බලන්නකෝ බේබි නැන්දගෙ වයස දිහා.. මට නම් විශ්වාස කරන්නත් අමාරුයි.. අපේ වයසෙ ළමයෙක් එයාට ඉදියි කියලා.. අනික තමන්ගෙ දරුවා නොබලා බේබි නැන්දා මාස ගාණක් මේ ගේ ඇතුළට වෙලා ඉන්නෙ කොහොමද..?"


    "දෙ.. දෙයියනේ ඔයා මාව බය කරනවා සමුදි.."


    "නෑ බබා.. මං මට තේරෙන දේයි ඔයාට කිව්වේ.."


    "ඒ කියන්නෙ බේබි නැන්දා මේ ගෙදරින් එළියට යන්නෙම නැද්ද..?"


    කතාව එන්න එන්නම සීරියස් වෙනවා කියලා මට තෙරුණා.. මෙහෙම ගියොත් නම් මේ බන්ටිට ඇපත් නැතිවෙනවා.. ඇප දෙන්නත් කවුරුවත් එක එකක් නෑ..


    "යනවා.. හැබැයි ඒ බන්ටිත් එක්ක.. බන්ටි තමයි එයාගෙ එකම විශ්වාසවන්තයා.. බන්ටිටත් එහෙමයි.."


    "මට දැන් මුකුත් හිතාගන්න බෑ.."


    මං හිතුවෙ මගේ නම ඇදිලා ආවමහ නෙත්මි ඒ ගැන තව ටික්ක අහයි කියලා.. 'මං තාමත් බන්ටිව දැකලා නෑනේ' කියලවත්.. ඒත් මේ වෙලාවෙ නෙත්මි ඉන්නෙ අවුල් වෙලා කියලා මට තේරුණා..


    "කොහොමටත් අපි මේ ගැන ටිකක් හොයමු.. ඔයා මට හෙට අනිද්දම ඔය බේබි නැන්දගෙ කියන පුතාව මුණ ගස්සවන්නකෝ.. එතකොට මේ ප්‍රශ්නෙ හුගාක් දුරට විසදගන්න පුළුවන් වෙයි.."


    මට ඇප නැතිවෙනවා කියලා මං හිතපු දේ හරි.. අන්තිමට ඔය වෙලා තියෙන්නේ..


    "ඔයා මොනවද කරන්න යන්නෙ සමුදි..?"


    "අපි මොනවම හරි කරමුකෝ.. ඔක්කොටම කලින් මං අර ඉස්සෙල්ලා කිව්ව වගේ බේබි නැන්දගෙ පුතා කියලා කියාගන්න ළමයව හම්බවෙමු.. වැඩි ටිකක් බරපතලයි කියලා තේරෙනවා නම් අපි රසික අයියට කියමු.. එයා අපිට උදව් කරාවිනේ.."


    ඔන්න.. ඔන්න ඉතිං.. ගෑනුන්ගෙ මොලේ තරම කියන්නෙ හැදි මිටේ දිගයි කියනෙක තමා අක්කා ඔය ඔප්පු කරන්න හදන්නේ.. අයියාකාරයා මෙතෙන්ට ගාව ගන්නවා කියන්නෙ, හැමදේම විනාසයි කියන එකේ සරල සිංහල තේරුමනේ.. මෙයාලට ඕකවත් තේරෙන්නැද්ද අප්පා..


    "බ.. බන්ටි මහත්තයෝ.."


    පිටිපස්සෙන් ඇහුණු කටහඩෙන් මං උඩ ගිහින් බිම වැටුණා.. ෂිහ්.. බේබි නැන්දත් කිසි දෙයක් නොතේරෙන බබා වගේනේ.. ඔහොමත් මිනිස්සු බය කරනවද අප්පා.. තව ටිකෙන් මං හර්දය වස්තුව පුපුරලා මැරෙනවා..


    "බේබි නැන්දා මොකෝ මෙතන කරන්නේ..?"


    මං රහසින් ඇහුවා.. දැන් ඉතිං තවත් මෙතන ඉන්නෙක තේරුමක් නෑ.. බේබි නැන්දවත් අඩගහගෙන මං කුස්සිය පැත්තට ආවා..


    "මාත් බන්ටි මහත්තයගෙන් ඒ ප්‍රශ්නෙම ඇහුවොත්..? මහත්තයා මොකක්ද දෙන උත්තරේ..?"


    "ආ.. මමද..? මම පොඩි රහස් පරීක්ෂක වැඩක් කලා.."


    "ඒ මොකක්ද මහත්තයෝ..?"


    "දැන් ඔය අක්කගෙ කාමරේ ඇතුළෙ ගැණු ළමයෙක් ඉන්නේ.. ඔයා, එයාව දන්නවද..?"


    "ඔව්.. මං දන්නවා.. සමුදිනී නෝනා හම්බවෙන්න කීප සැරයක්ම එයා මෙහේ ආවනේ.. අපරාදෙ කියන්න බෑ සීදේවි ගෑණු ළමයා.."


    "හරි.. එහෙනම් මෙන්න මේ ටික හොදින් අහගන්න බේබි නැන්දේ.. මොකද මේවා මතු පරපුර සදහා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.. එයාගෙ නම තමයි නෙත්මි.."


    "බන්ටි මහත්තයට හොදටම ෂුවර්ද..?"


    "මොකක්ද..?"


    "ඒ ගෑනු දැරිවිගෙ නම ඕකයි කියලා..?"


    "ඔව්.. මට සීයට පන්සීයක් විතර සුවර්.. ඇයි බේබි නැන්දා එහෙම ඇහුවේ..?"


    "නෑ.. මට නම් ඇහුනෙ වෙන නමක්.. මේ.. මේ මොකක්දෝ අමුතු නමක්.."


    "බේබි නැන්දත් මොනවා කියනවද මංදා.. නෙත්මි කියලා කියන්නෙ එයාගෙ උප්පැන්න සහතිකේ නම.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. අනික බේබි නැන්දට ඇහුණෙ වෙන නමක් කියලා කියන්නෙ කොහොමද..? බේබි නැන්දා එයාගෙන් නම ඇහුවද..?"


    "නෑ.. සමුදි නෝනා කතා කරනවා මට ඇහුණා.. මහත්තයට ඕනම නම් මං නෝනගෙන් නම අහලා කියන්නම්.. හැබැයි මට නම් හොදට විශ්වාසයි, ඒ ගෑනු දැරිවිට කියන්නෙ මහත්තයා කියපු නම නෙමෙයි කියලා.."


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බේබි නැන්දත් මොනවා කියනවද මංදා.. එයත් සමහර වෙලාවට ෂර්ලොක් හෝම්ස් වෙන්න යනවනේ.. මට වෙන්නෙ වොට්සන් වගේ හැම දෙයක්ම අහගෙන ඉන්න..

    "බන්ටි මහත්තයා දැන් මොකක්ද කියන්න ගියේ..?"


    "ඒකනේ.. ඒ කතාව මග නතර වුණා.. මේ නමේ හුටපටේ හින්දා. බේබි නැන්දට කියන්න.. මං ඔය ගෑනු ළමයට අලි පචයක් කිව්වා.."


    "පචයක්..?"


    "ඔව්.. ඔයාට හිතන්න පුළුවන්ද මොකක්ද කියලා..?"


    "මොකක් හරි දග වැඩක් වෙන්නැති.. මං දන්නවනේ ඉතිං බන්ටි මහත්තයගෙ වැඩ ගැන.."


    "මං එයාට කිව්වා බේබි නැන්දා කියන්නෙ මගේ අම්මා කියලා.. කෙල්ල ඒ කතාව නියමෙට ගිල්ලා.. දැන් ඔන්න ඔයාට ඇදුමුත් අරන් ඇවිල්ලා.. හැබැයි බේබි නැන්දෙ එයා හරිම සංවේදියි.. ඔය බාහිරින් පේන බටහිර ගතිය එයාගෙ ඇතුළෙ බින්දුවක්වත් නෑ.. හරිම හොදයි.. හැමදේම ගැන හිතනවා.."


    කතාව කරගෙන යද්දි බේබි නැන්දගෙ මූණ සුදුමැලි වෙලා තියෙනවා මං දැක්කා.. හරියට නිකං මළ මිණියක් වගේ.. මෙච්චර වෙලා මගේ කතාවට දක්වපු උනන්දුව දැන් ඒ මුණෙ ඩිංගක්වත් තිබ්බෙ නෑ..


    "ඇ.. ඇයි බේබි නැන්දේ මේ..?"


    "ම.. මහත්තයා ඇයි ඒ වගේ කතාවක් කිව්වේ..? ඇයි ඒ වගේ භයානක විහිලුවක් කරේ..?"


    "මට තෙරෙන්නෑ.."


    "මං, බන්ටි මහත්තයගෙ අම්මා කියලා කියපු එක ගැනයි මං මේ කතා කරන්නේ.. ඕවා ලොකු නෝනටයි, මහත්තයයි ළගට ගියොත් මොකද වෙන්නෙ දෙයියනේ..? මාව අන්තිමට මේ ගෙදරින් එළවලා දායි.. මහත්තයට අයිතිවාසිකම් කියන්න ආවා කියලා.. දන්නවනේ ලොකු නෝනගෙ හැටි.."


    "බේබි නැන්දා මොනවද මේ කියවන්නේ..? ඔයාට ඔය තරම් අවුල් වෙන් තරමෙ දෙයක් මං කිව්වෙ නෑනේ.."


    "ඒ උනාට, ඔය විහිලුව නම් ඇස් රතුවෙන විහිලුවක් මහත්තයෝ.. ඔය වගේ ඒවා නිකංවත් කරන්නෙපා.. ලොකු නෝනට වැරදිලාවත් ආරංචි උනොත් මොන තරම් දුකක් දැනේවිද..?"


    "මේ කතා අම්මට කියන්නෙ කවුද බේබි නැන්දේ..? මේවා දන්නෙ ඔයයි, මායි විතරනේ.. තව ඕන නම් නෙත්මි, අපේ අක්කට කියයි.."


    මං මොනවා කිව්වත්, බේබි නැන්දගෙ මූණෙ තිබ්බ මලානික ගතියයි, සුදුමැලි ගතියයි නම් මැකිලා ගියේ නෑ.. එයා හිටියෙ ඇත්තටම බයවෙලා වගේ.. හරියට මං මේ කියපු කතාව අදහගන්න බැරිව වගේ..


    "බන්ටි මහත්තයගෙ ඔලුවට ඔය වගේ දේවල් කොහෙන් එනවද මංදා.. අනේ ඕක ඉක්මනට බේරුමක් කරලා දාන්නකෝ.."


    "බේරුමක් කරන්න කිව්වේ..?"


    "මහත්තයා.. අර ගෑනු දැරිවිට කියපු දේවල්.."


    "ඇයි බේබි නැන්දේ.. ඔයාට සංතෝස නැද්ද, මං ඔයාගෙ පුතා කියලා නිකං හරි කියපු එක ගැන.. ඇත්තමයි මං නම් හිතුවෙ ඔයා හුගාක් සංතෝස වෙයි කියලා.. වෙනදත් මං ඔය වගේ වැඩ කරලා ඇවිත් ඔයා එක්ක කියලා හිනාවෙනවනේ.. ඔයත් ඇති පදන් හිනා වෙනවනේ.. 'මහත්තයා නම් පුදුම දෙවල් තමයි කරන්නෙ' කියලා.. ඒත් මේ වගේ දෙයක් කිව්වා කියලා ඇයි ඔයා අවුල් වෙන්නේ.. ඇත්තටම ඔයා මගේ අම්මා වගේ තමයි.. සමහර විට ඊටත් එහා.. කොටින්ම අපේ අම්මට වැඩිය ඔයා මට හුගක් ආදරෙයි කියලා මං දන්නවනේ.. අනික ඇත්තත් ඒකනේ.. ඉතිං ඒ වගේ දෙයක් කිව්ව එක ගැන මම නම් පසුතැවෙන්නෑ.. තව සංතෝස වෙනවා මිසක.."


    බේබි නැන්දා මොනවදෝ කියන්න කට හැදුවත්, කුස්සිය පැත්තට කවුරු හරි එන සද්දෙ ඇහිලා කට වහගත්තා.. මං ගැන මොලෝ දෙයක් කියන්නෙපා කියන සංඥාව දීලා, තත්පරේට දෙකට මං පැන්ට්‍රියෙ යට කබඩ් එකක් ඇතුළට රිංග ගත්තා..


    "බේබි නැන්දා අපිට බොන්න මුකුත්ම ගෙනාවෙ නෑනේ.."


    "අනේ.. මට අමතක වුණා සමුදි නෝනා.. ඉන්න මං ඉක්මනට හදලා දෙන්නම්.."


    "එපා බේබි නැන්දේ.. මං මේ නිකං කිව්වේ.. ඒක නෙමෙයි මට ඇහුණා බේබි නැන්දා කාත් එක්කදෝ කතා කරනවා වගේ.. කවුද බේබි නැන්දෙ මෙතන හිටියේ.. අපේ බන්ටිවත්ද..?"


    අක්කා කලාවට, සිරිතට තාලෙ අරන්, ගානට වල් ආසියෙක් දමලා ඇද්දා.. හොද වෙලාවට ඌ තුරුම්පු ආසියා උනේ නැත්තේ.. නැත්නම් ඉතිං බන්ටිට ඇඩ්‍රසුත් නැති වෙනවා.. කොටින්ම කියනවා නම් යන තැනක්වත් හොයාගන්න බැරි වෙනවා..

    "න්.. නෑහ්.. කවුරුවත් නෑ සමුදි නෝනා.. මං මේ තනිවම ශ්ලෝකයක් කියව කියව හිටියේ.. බැහෑට බන්ටි මහත්තයා උදේ ගිය ගමන තාම ආවෙ නැද්ද..? කාලත් නෙමේනෙ ගියේ.. පව් බඩගිනිත් ඇති.."


    බලන් ගියාම බේබි නැන්දගෙ රගපෑම් නම් ඉතා අනර්ඝයි.. අපිට හැරෙන්නවත් බෑ.. ප්‍රශ්නෙ ආවෙ කොතනින්ද..? ගානට ඒක එතනින් ඉවර කලා..


    "බලන්නකො බේබි නැන්දේ.. මගේ මේ යාලුවා එන කවදාවත් බන්ටි ගෙදර නෑනේ.."


    "අර මක්කටද නෝනා..?"


    "අදුන්වලා දෙන්න බේබි නැන්දේ.. අඩුගානෙ මට මෙන්න මේ වගේ දග මල්ලක් ඉන්නවා කියලවත්.."


    "ඒක නම් හොදයි තමා.. හැබැයි ඉතිං මේ නෝනට රෑකටවත් මෙහෙ එන්න වෙයි.."


    "ඒ මොකටද බේබි නැන්දේ..?"


    "නැත්තං ඉතිං බන්ටි මහත්තයා යන එන වෙලාවක් ගැන කාටද දෙයියනේ කියන්න පුළුවන්.. මේ හිටියා.. මේ නෑනේ.. දවල්ට කොහොම උනත් රෑට නම් ලොකු නෝනා එන්න කලින් ගෙදර එනවනේ.."


    බේබි නැන්දත් ඒ පාර මොනවා කියනවද මන්දා.. මං මේ කබඩ් එක අස්සට වෙලා ඉන්නෙත් පුදුම අමාරුවෙන්.. ඇයි දෙයියනේ බේබි නැන්දට මේ අට ලෝ දහම නොතේරෙන්නෙ..


    "ඔන්න බබා.. ඔයාට දැන් තීරණයක් ගන්න වෙනවා.. අපේ බන්ටිව බලන්න නම් මෙහේ නයිට් එකක් ඉන්න වෙයි.. දැන් ඔයාට තේරුණානේ තත්වේ.. එයා නිකං නෑ කොයි වෙලාවෙත්.. අතිශය කාර්යය බහුලයි.."


    "මාත් ආසයි සමුදි මෙහේ දවසක් ඉන්න.. ඒත් අම්මයි, තාත්තයි මොනවා කියයිද දන්නෑ.. ඒක නෙමේ.. ඔයාගෙ බන්ටි, රසික අයියා වගේද..? ඒ හැඩරුවද..?"


    මෙච්චර වෙලා වැහිලා තිබ්බ නෙත්මිගෙ කට දැන් තමයි අරුණෙ.. අම්මපා මං හිතුවෙ එයාට නින්ද ගිහින් කියලා.. කෙල්ල දන්නවා නම් හෙම මේ වෙලාවෙ, මං එයාට අඩි තුන හතරක් ළගින් බිංකුංඩෙක් වගේ හැංගිලා ඉන්නවා කියලා.. මොනවා හිතේවිද අප්පා.. සමහර වෙලාවට සිහිමුර්ජා වෙයි.. මොකක්ද බං මුර්ජාව කියන්නේ..? අම්මපා ඇත්තමයි මං දන්නෑ..


    "අ..පෝ.. රසික මහත්තයට වැඩිය කොයි තරම් ලස්සනද අපේ බන්ටි මහත්තයා.. බලන්න එපෑය හිනා වෙනකොට හෙම තියෙන සිරියාව.. ඔයාට කියන්න නෝනා.. මේ මුලු ගෙදරම සංතෝසෙ පිරිලා තියෙන්නෙ බන්ටි මහත්තයා හින්දා.. කවද හරි දවසක බන්ටි මහත්තයා මේ ගෙදරින් එළියට බැස්සොත් මේ ගෙදර වහගන්න කළුවර කාටවත් අයින් කරන්න බෑ.."


    "බේබි නැන්දට ඉතිං අපේ බන්ටිගෙන් තොර ලොවක් නෑනේ.. බන්ටි ගැන කතා කරන්න දුන්නොත් මාසයක් උනත් කියවයි.. බේබි නැන්දා බයවෙන්නෙපා.. බන්ටි කවදාවත් මේ ගෙදර දාලා යන්නෑ.. එයා අපි හැමෝටම ආදරෙයිනේ.."


    "අනේ සමුදි.. දැන් නම් මට හුගක්ම ආසයි බන්ටිව බලන්න.."


    "මං හිතනවා බබා ඔයාගෙ ආසාව ඉක්මනට ඉටු වෙයි කියලා.. හැබැයි ඉතිං රසික අයියා වගේ නෙමෙයි බන්ටි.. එයාට කෙනෙක්ව හිතට ඇල්ලුවොත් ආයෙ ඉතිං හාකොබෝන්ඩ් ගෑවා වගේ තමයි.. මොනවා කරලවත් ගලවන්න බෑ.. ඒ වගේ තමයි එයාට කෙනෙක්ව එපා උනොත්..? ඒකෙම අනිත් පැත්ත..."


    කතාව ටිකක් දුර ඇදිලා යද්දි, බේබි නැන්දා කුස්සියෙන් එළියට ගියා කියලා මට තේරුණා.. ඒ එක්කමයි අක්කයි, නෙත්මියි කුස්සියෙන් යන අඩි සද්දෙ මට ඇහුණෙ.. හපොයි ඔයින් ගියා මැදැයි.. හොදට තිබ්බ අතක් පයක් නොකැඩි.. සමහර විට බේබි නැන්දට හිතෙන්නැති එයා තවත් කුස්සියට වෙලා හිටියොත්, මේ ගෑනු ළමයි දෙන්නා තව කල්ප කාලයක් යනකන් හෙල්ලෙන එකක් නෑ කියලා.. එහෙම උනොත් ඉතිං බේබි නැන්දගෙ බන්ටි මහත්තයා ලොකු අමාරුවක වැටෙනවා කියලා එයාට කියලා දෙන්න ඕන නෑනේ..


    රිංගුව තරම් ඉක්මනට නොවුනත් මං කබඩ් එකෙන් එළියට ආවා.. දැන් ඉතිං පුළුවන් තරම් ඉක්මනට කාමරේට හරි එහෙමත් නැත්නම් වෙන කොහේට හරි සම්ප්‍රාප්ත වෙන එක ඇගට ගුණයි..


    "බන්ටි මහත්තයෝ.. මොකක්ද හැබෑට මේ හැංගි මුත්තං කෙරුවාව..?"


    හෙමින් සීරුවෙ කාමරේට යන්න පඩිපෙළ නගිද්දි ආයෙත් බේබි නැන්දා මගේ ඉස්සරහට ආවා.. මගෙ වෙලාව හොදයි කියන්නේ, අන්තිම හොදයි.. කොහොමද නිකං බේබි නැන්දා වෙනුවට නෙත්මි එහෙම පඩිපෙළ බැහැගෙන ආවා නම්..


    "ඇයි මං බේබි නැන්දට කිව්වේ, ඒ ගැණු ළමයට අලි පචයක් කිව්වා කියලා.."


    "කිව්ව එක හරි.. දැන් ඕවා එලිපෙහෙලි උනහම.. ඇහුණ නේද රෑකටත් නවතින්න එන කතාවක්.."


    "පිස්සුද බේබි නැන්දේ.. අපි ඒක කැන්සල් කරල දාමු.. අනික ඉතිං ලැජ්ජ බය තියෙන ගෑනු ළමයි ඔහොම ගෙවල් ගානෙ රෑය යාමෙ යන්නෑනේ.. අපි ඒක පොයින්ට් එකට අරගෙන වැඩේ ක්ලෝස් කරමු.."


    "බන්ටි මහත්තයා ඉතිං දෙයක් හිතුවොත් හරියටම හරිනේ.. අපිට ආයෙ කරන්න දෙයක් නෑ.."


    "ඒක ඇත්ත.. ඒක නෙමේ බේබි නැන්දේ.. කොහොමද ගෑනු ළමයා.. හරි සීදේවි පාටයි නේද..? හොද අනාගතයක් තියෙනව වගේ පේනවා.."


    "ඒ පාර මොකද..? මෙච්චර කල් කාටවත් ගියේ නැති හිත මේ ගෑනු දැරිවිටවත් ගියාද..?"


    "හිත ගියත් වැඩක් නෑ.. මහ සවුත්තුයි බේබි නැන්දේ.."


    "අර මොකද අප්පේ ඒ..?"


    "අපි තොප්පි හදන්න ගත්තොත්, පොඩි ඈයො උපදින්නෙ ඔලු නැතුව.. ඒ වගේ තමයි මේකත්.. ඔය ළමයට සම්පූර්ණයෙන්ම අයිතිවාසිකම් කියන්නෙ අපේ අයියනේ.. දවසක අපේ අයියා ඔය ළමයා හොදට මගුලක් දාලා කැන්දන් එයි.. මට වෙන්නෙ මොකද දන්නවද..?"


    "මොකක්ද..?"


    "ටයි කෝට් දාල, මල් බොකේ එකක් අතේ තියන් ඉන්න.."


    මං කිව්ව දේට බේබි නැන්දා වචනයක්වත් කිව්වෙ නෑ.. පුරුදු පරිදි තොල, නොපිට පෙරලලා එයා පඩිපෙල බස්සා.. ඒ අංග ලක්ෂන අනුව මං කියපු දේ කවදාවත් වෙන්නෑ කියන පණිවිඩේ තමයි බේබි නැන්දා දුන්නේ.. බලමුකෝ.. අපේ අයියට නෙත්මි නැතිවුණොත් පිණිමුතු හරි ඉන්නවනේ.. බන්ටිටනේ ඔය කවුරුවත් නැත්තේ.



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-10.jpg


    10.png


    නෙත්මි ආව එකෙන් හිතන තරම් අවුලක් වුණේ නැතත්, මං කාමරෙන් එළියටවත් බැස්සෙ නෑ.. ඒත් කොයිම වෙලාවක හරි මට ඇත්තට මූණ දෙන්න වෙනවා කියනෙක මං දැනන් හිටියා.. ඒ වෙලාවෙදි නෙත්මි මං ගැන මොනවා හිතයිද කියන ප්‍රශ්නෙත් මගේ ඔලුවෙ තිබුණා..

    තව ටිකක් හවස් වෙලා නෙත්මිට කෝල් එකක් දෙන්න ඔන් කියන අදහස මගේ ඔලුවට ආවෙ වත්ත පල්ලෙහා බංකුව ළගට යන අතරෙ.. එයත්තෙක්ක එකතුවෙලා ශලනිව හොයාගන්නවා කියලා මං හිතාගත්තා.. ඊට පස්සෙ හෙමින් සීරුවෙ මං කවුද කියනෙක නෝමල් එකේ එයාට කියලා දානවා.. එතකොට කතාව අහවරනේ..

    "අර නැට්ටිච්චි අදත් ආවා නේද..?"

    මගේ සුන්දර කල්පනා ලෝකෙ විනාස කරලා දැම්මෙ මොකාද කියලා බැලුවාමයි මං දැක්කෙ මොරීන් අක්කව.. එයා අපේ ලොකු ගේට්ටු පලුවක් අල්ලගෙන, කක්ක බර හැදිච්ච පුංචි එකා වගේ මං දිහා බලන් හිටියා.. එයාගෙ මුණෙ තිබ්බ පෙනුම, ෆොටෝ එකකට ගන්න පුළුවන් උනා නම් මං ඒක අරගෙන ප්‍රසිද්ධ වැසිකිලියක යන තැන ගහලා තියනවා..

    "මොන නැට්ටක්ද මොරීන් අක්කේ..?"

    "ඇයි අර රූප සුන්දරී.. දැන් රසික නැත් වෙලාවටත් මෙහේ එනව වගේ.. මට නම් හිතෙන්නෙ, රසිකව අල්ලගෙන ඉවර හන්දා ඉතිරි සනුහරේ දැලේ දාගන්නයි ඔය හදන්නේ.. අ..නේ.. ඇත්තට මට මේවා පේනකොට ඇස් දෙක උගුල්ලගන්න හිතෙනවා.."

    "අම්මපා.."

    "බන්ටි මල්ලි මේ.. මාව විහිලුවකට අරන්.. හොදට ඉන්න මොරීන්ව යකෙක් කරගන්න හදන්නෙපා හරිද..? මතක තියාගන්න මමත් හිතක් පපුවක් තියෙන ගෑනියෙක්.."

    ඒක නම් ඉතිං පොට්ටයෙකුට ඇරෙන්න ඕන හාල් දන්ඩෙකුට පේනවනේ.. ඇයි හත්දෙයියනේ.. කොහෙන් කැපුවත් කිලෝ එකයිනේ.. කටු කියලා නාමයක් නෑ.. දෙයියම්පා මස්ම විතරයි.. තනිකරම බ්‍රොයිලර් කුකුල් නාම්බෙක් වගේ..

    "ඔයා දැනගන්න.. මට ඔයාගෙ අයියා නැති උනාට තව ඕන තරම් හැන්ඩ්සම් කොල්ලො ඉන්නවා.. ඇත්තමයි මං ඔයාගෙ අයියට පේන්න කොල්ලො තුන් දෙනෙක් එක්කම යාලුවෙනවා.. මට හිතෙනවා එතකොට රසිකට ඇඩෙයි කියලා.."

    හීනෙන්ද හත්තිලව්වේ.. අපේ එකා වගේ ගල් කාෂ්ඨක එකෙක් විහිලුවකටවත් අඩයිද..? මෙයා මේ විකාරෙන් කියවනවා..

    "අයියට ඇඩෙන එක කෙසේ වෙතත් ඔයාට නම් ඇදනටම ඇඩිලා වගේ මොරීන් අක්කේ.. ආ.. ඇයි මේ.. අද ඇදෙන් බැස්සෙ විට්ටම පැත්තෙන්ද..? වලිගෙ පාගගෙන වගේ මගෙත් එක්ක රණ්ඩු කරන්න හදන්නේ..?"

    "රණ්ඩු කරන්න හදන්නේ..? මේ හැමදේකම මුල ඔයා හින්දනේ.. ඔයා තමයි මේ හැමදේටම වගකියන්න ඕන.."

    "මම.. මේ.. මම..?"

    "ඔව් ඔයා තමයි.. මලක් වගේ සියුමැලි විදියට තිබ්බ මගේ හිතට, ඔයාගෙ අයියා ගැන අදහස් බලෙන් ඔබ්බවලා මාව ගල් ගෙඩියක් කරේ ඔයා නෙමෙයිද..? අඩු ගානෙ ඔයාට යුතුකමක් තිබුණා ඔය පිණිමුතු කියන රූප සුන්දරීව ගෙදරට වද්ද නොගෙන ඉන්න.. අවුරුදු විස්සක් ආශ්‍රය කරපු මොරීන් මේ ළග ඉද්දි, ඔයාට නෑනා කරගන්න හිතුණෙ කොහේවත් ඉන්න උඩැක්කියක්ද..?"

    මොරීන් අක්කා පිස්සුවෙන් කියවනවා.. මං මේ කනෙන් අහලා අර කනෙන් ඒ හැමදේම පිට කරලා දැම්මා.. ඒත් එහෙම පිට කරන්න බැරි දෙයකුත් එයාගෙ කටින් පිට වෙලා තිබුණා.. මං වැඩියෙන්ම අවුල් වුණේ ඒකයි..

    "මොකක්ද ඔයා කියපු අර සුන්දරීගෙ නම..?"

    "ඇයි ඔයාට කටපාඩම් කරන්නද..?"

    අද නම් මොරීන් අක්කා ඇවිල්ලා තියෙන්නෙ මගෙත් එක්ක වලියටමයි කියලා මට හිතුණා.. ඒත් ඉතිං මෙච්චර තරහක්..? මට හිතාගන්න බැරිවුණා.. අනික මොරීන් අක්කා රෑකට හොරෙන් ඉනිං උස්සගෙන මේ වත්තට පැන්නොත් මිසක, මෙහෙම ඕපන් ඩිරෙක්ට් එන එක මට අදහගන්නත් බෑ..

    "කට පාඩම් කරන්න හරි කියන්නකෝ.."

    "සුන්දරීගෙ නම තමයි පිණිමුතු.. මට ඕවා හොයා ගන්නෙක වැඩක් නෙමේ.. මං ඔයිට වඩා දේවලුත් හොයාගෙන තියෙනවා.."

    "ඔයා කියන්නෙ මේ අද උදේ අපේ ගෙදර ආපු ළමයගෙ නම පිණිමුතු කියලද..?"

    "ඇයි ඔයා හදන්නෙ ඒකත් නෑ කියන්නද..? බන්ටි මල්ලි මේ.. මාව විහිලුවකට ගන්නෙපා.. ප්‍රේමය වෙනුවෙන් මට මරාගෙන මැරෙන්න උනත් පුළුවන්.. තේරුණාද..?"

    යකෝ.. මෙයාගෙ කතාව.. එල්.ටී.ටී.ඊ කාරයෙක් වගේනේ.. අනිත් එකාව මරාගෙන මැරෙන්නම තමා උවමනාව..

    "ඔයාට මැරෙන්න බැරි නම් ඕන එකක් කරගන්න.. හැබැයි ඊට කලින් ඔය පටලැවිල්ල දිගෑරගන්න.. මොකද ඒ ගෑනු ළමයගෙ නම නෙත්මි මිසක පිණීමුතු නෙමෙයි.. පිණිමුතු කියන්නෙ වෙන කෙනෙක්.."

    "බොරු කියන්නෙපා බන්ටි මල්ලි.. ඕවා සහගහනවා.. ඔය කෙල්ලගෙ නම පිණිමුතු.. මං දන්නවා, ඔයාගෙ අක්කා සමුදිනිත් ඔය සුන්දරීට කැමතියි කියලා.."

    "මොරීන් අක්කෙ මේ..? මටත් දැන් තද වෙනවා හරිද..? මොන අවමගුලක්ද මේ..? පිණීමුතු කියලා කියන්නෙ සුදුහුම්පල පැත්තෙ ඉන්න ළමයෙක්.. අනික නෙත්මි කියන්නෙ ඔයා ඔය හිතනවට වැඩිය හොද ළමයෙක්.. එයාගෙ හිතේ අපේ අයියා ගැන කිසිම අදහසක් නෑ.. මං ඒක හොදටම දන්නවා.."

    බලන් ඉදල බැරිම තැන මං ටිකක් සැරෙන් කතා කලා.. නැත්තං බෑනේ අප්පා.. මොරීන් අක්කා මගේ ඔලුව උඩටම නගිනවා. අනික නෙත්මියි, පිණිමුතුයි පටලවගෙන..

    "ඇ.. ඇයි බ.. බන්ටි මල්ලි ඔයා ඔය තරම් කැත විදියට මට කතා කරන්නේ..? මොකක්ද මං ඔයාට කරපු වැරැද්ද..?"

    "කිසිම වැරැද්දක් කලේ නෑ මොරින් අක්කේ.. ඔයාට, මං දවස් කීයක් නම් කිව්වද අයියා ගැන තියෙන අදහස අත් ඇරගන්න කියලා.. ඒවා කවදාවත් සිද්ධ වෙන දේවල් නෙමෙයි.."

    "ප.. පපුව හෑරිලා යන කතා කියන්නෙපා මල්ලි.. ඔයාට මං ගැන දුකක් නැද්ද..? මං මගේ කුළුදුල් ප්‍රේමය පුදු කලේ රසික වෙනුවෙන්.. ඔයා ඒක හොදටම දන්නවනේ.."

    "ඔයා එක්ක කතා කරලා වැඩක් නෑ මොරීන් අක්කේ.. මගේ ඔලුවත් රිදෙනවා.. ඔය ප්‍රේම ගැන කතා කරලා.."

    "කමක් නෑ.. මං යන්නම් බන්ටි.. ඔයාටත් කවද හරි මේ වේදනාව දැනෙයි.. අන්න එදාට ඔයාට, මොරීන් අක්කව මතක් වෙයි.. මං කොයි තරම් දුක් වින්දද කියලා හිතෙයි.."

    නපුරු මන්තරකාරියක්, කුමාරයට සාප කරා වගෙ, මොරීන් අක්කා මටත් සාප කරලා යන්න ගියා.. දැන් ඉතිං මුලු හවස් වරුවම මූසල වෙනවා කියනෙක ආයෙ හෝදන්න දෙයක් නැති හන්දා බංකුවෙන් නැගිටලා මං ගෙට ආවා..

    ****************************

    නිරෝෂි මගෙන් ඉල්ලපු උදව්ව ඉෂ්ඨ කරන්න නම් පුළුවන් තරම් ඉක්මනට නෙත්මිව හම්බවෙන්න ඕන කියලා මං දැනන් හිටියා.. මොකද තව ඩිංගක් හරි පරක්කු වෙනවා කියන්නෙ, ඒ ප්‍රශ්නෙ ආයෙ හදන්න බැරි තරම් ඈතට ඇදිලා යනවා කියනෙකයි කියලා මට හිතුණා..

    "හෙලෝ.."

    නෙත්මිගෙ නම්බර් එක ඩයල් කරලා තත්පරයක්වත් ගියේ නෑ.. එහා පැත්තෙන් රිසිවර් එක ඉස්සුවා..

    "මට නෙත්මිට කතා කරන්න පුළුවන්ද..?"

    "ආ..නේ.. රන්දික නේද..? බලන්න.. ඔයාට ෆෝන් කරන්නවත් නම්බර් එකක් නෑනේ.. මං අද ඔයාගෙ අම්මව බලන්න ගියා.."

    මගේ කටහඩ ඇහුණු ගමන්ම නෙත්මි මාව අදුන ගත්තා.. කෙල්ලට එහෙනම් මාව සෑහෙන දුරට මතකයි වගේ.. එත් 'අම්මව බලන්න ගියා' කියලා එයා කිව්වම මගේ හිත ටික්ක අවුල් උනා.. බොරුවට කිව්ව දේ දැන් නම් දුර දිග යනවා වැඩියි කියලා මට හිතුණා.. ඒත් මට කරන්න දෙයක් තිබ්බෙ නෑ..

    "ඇත්තද..? තෑන්ක්ස් නෙත්මි.."

    "තෑන්ක්ස් කරලා මදි.. මට මොනාව හරි අරන් ඕන.."

    කෙල්ල හදන්නෙ මගෙත් එක්ක හුරතල් වෙන්න කියලා මට තෙරුණා.. ඒ වචනවලින් මගේ හිතට දැනුණු අමුතුම මිහිරියාව අතරෙ මගේ හිත අතරමං වුණා.. කෙල්ලගෙ පුංචි වචනෙකට මේ තරම් දෙයක් කරන්න පුළුවන්ද..? මට හිතාගන්න බැරිවුණා.. ඒක හරියට සුරංගනා හීනයක් වගේ..

    "මොනවා හරි කිව්වේ..?"

    "ම්.. මොනව හරි දෙයක්.."

    "හරි.. මං අරන් දෙන්නම්කෝ.. ඔයා දන්නවද මං ඔයාට කතා කලේ ඇයි කියලා..?"

    "ඔව්.."

    පිස්සු හැදෙනවා.. නෙත්මි කොහොමද දන්නෙ මං එයාට කතා කලේ ඇයි කියලා.. ෂුවර් එකට එයා හදන්නෙ විහිලුවක් කරන්න..

    "හා.. කියන්න බලන්න.."

    "හරියට කිව්වොත් මට මොනවද දෙන්නේ..?"

    ඉල්ලන ඕන දෙයක් දෙන්න බැරියෑ අප්පා.. ඒත් කොහොමද ඒක කටක් ඇරලා කියන්නේ.. අනික ටෙලිෆෝන් එකෙන් දේවල් දෙන්න පුළුවන්ද..?

    "අර මං කලින් දෙනවා කිව්ව වගේ තව එකක් දනේනම්.. එතකොට හරිනේ.."

    "ම්.. එහෙනම් ඔයා මට කතා කලේ ඇයිද කියලා කියන්නද..?"

    "හා.."

    "ශලනිව හම්බවෙන්න නේද..?"

    මට නිකං කතා කරගන්නත් වචන නැතිවුණා වගේ.. දෙයියනේ.. නෙත්මිට කොහොමද මගේ හිත කියවන්න පුළුවන් උනේ..

    "ඔ.. ඔයා කොහොමද දැනගත්තේ..?"

    "මට ඉව තියෙනවා රන්දික.. ඔයා හිතන ඕන දෙයක් මට යාංතමට දැනෙනවා.. මං හිතන්නෙ තව ඉස්සරහට ඒක වැඩිවෙයි.."

    "තව ඉස්සරහට කිව්වේ..?"

    "ඒක එතකොට බලමුකෝ.. ඉතිං මට කියන්නකෝ, ඇයි ශලනිව හම්බවෙන්න යන්නෙ කියලා.."

    "නිරෝෂියි, එයාවයි එකට මුණගස්සවන්න.. නිරෝෂි මගෙන් ඉල්ලුවා එයාට ශලනිව මීට් කරවන්න කියලා.."

    "වෙන දේකට නෙමෙයිනේ රන්දික..?"

    "වෙන දේකට කියලා කිව්වේ..?"

    ඇත්තටම මේ කෙල්ල කියන දේවල්, හරිම අමුතුයි.. ඒත් ඒ අමුත්ත ඇතුළෙ අමුතු මිහිරියාවක් තියෙනවා කියලා මගේ හිතට තේරුණා..

    "ශලනිව යාලු කරගන්න.."

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙත්මි ෆෝන් එක තිබ්බා.. මම මේ හැම දෙයක්ම කරන්නේ, ශලනිව යාලු කරගන්න කියලා නෙත්මි හිතන්නෙ ඇයි..? එයා ඇයි මට ඒ වගේ දේවල් කියන්නේ..? ඇත්තටම මට ඕන ශලනිව යාලු කරගන්නද..? ඔය වගේ ප්‍රශ්න හැට හුටාමාරක් විතර හතර වටේ කැරකෙද්දි මගෙ ඔලුවත්තෙක්ක කැරකෙන්න ගත්තා.. ඇත්තටම ශලනිව යාලු කරගන්න උනක් මට නෑ.. අනික මං එයාව හරියකට දන්නෙවත් නෑ..

    "අයියෝ.. කොහෙද බන්ටි ඔයා ගිහින් හිටියේ..?"

    ෆෝන් එක තියාල විනාඩියක්වත් ගියේ නෑ.. මෙන්න අක්කා පිටිපස්සෙන් මතුවුණා..

    "කොහේවත් නෑ.. මෙහෙම තමයි හිටියේ.."

    "අනේ.. මගේ යාලුවෙකුට ඔයාව අදුන්වලා දෙන්න හැම තැනකම හෙව්වා.. කෝ ඉතිං ඔයා හිටියෙ නෑනෙ.."

    "ආ..පෝ.. ගෑනු යාලුවෙක් නේද..?"

    "ඔ..ව්.."

    "කොල්ලෙක් නම් කමක් නෑ.. ඔය කෙල්ලො කියන්නෙ හරිම වාත කේස්.. අන්තිමට මගේ කරේ එල්ලෙන්න හදයි.."

    "ඔයා හරිම නරකයි බන්ටි.. එයා ඒ වගේ කෙනෙක් නෙමෙයි.. හරිම ඩීසන්ට් ළමයෙක්.. අනික මං හිතන්නෑ එයා ඔයාගෙ කාරේ එල්ලෙයි කියලා.."

    "ඒ ඇයි අක්කේ..?"

    "එයාගෙ හිතේ කෙනෙක් ඉන්නවා බන්ටි.."

    ඒකත් එහෙමද..? අම්මපා කවුද දන්නෑ ඒ හිතේ ඉන්නේ.. අහන්න ආසයි අපිටත් කියන්න.. ඒත් මං කිව්වෙ වෙනිං එකක්.. තවත් නෙත්මි ගැන කතා කරන්න ගියොත් බන්ටිව අහුවෙනවා..

    "කෙනෙක් බැරිනම් දෙන්නෙක් හිටපුවාවේ.. ඒක නෙමෙයි අක්කේ.. මොකද අම්මා මේ දවස්වල වැඩි කතාබහක් නැත්තේ.. මං එක්ක කෙසේ වෙතත් තාත්තා එක්කවත් කතා කරන්නෑනේ.. මොකක් නමුත් කුණු වලියක්ද..?"

    "මටත් තේරෙන්නෑ බන්ටි.. හැබැයි මේ ගෙදර හරි ප්‍රශ්නයක් තියෙනවා.. ඒ ප්‍රශ්නෙ මොකක්ද කියලයි මට තේරෙන්නැත්තේ.."

    "අක්කා හිතන්නෙ අම්මගෙයි, තාත්තගෙයි ප්‍රශ්නයක් කියලද.? නැත්නම් අම්මගෙ ඔෆිස් එකේ කේස් එකක් කියලද..?"

    "මංදා බන්ටි.."

    අක්කා එතනින් එහාට මුකුත් කිව්වෙ නෑ.. සමහර විට ඇත්තටම එයා ඒ ගැන දන්නෙ නැතුවත් ඇති.. දන්නැතුව මෙලෝ දෙයක් කියන්න බෑනේ.. හැබැයි ඉතිං බන්ටිට නම් හිතුණෙ මොකක් නමුත් ප්‍රශ්නයක් අත ළග කියලා.. අයියා උනත් ගෙදරට ආවෙ වෙනදට වැඩිය රෑ වෙලා.. අර වෙනදා ගෙදර තිබ්බ සාමකාමී වාතාවරණයයි, කට්ටිය අතරෙ තිබ්බ බැදීමයි ටිකෙන් ටික අඩුවෙලා කියලා, මට කියලා දෙන්න කවුරුත් ඕන උනේ නෑ..

    ****************************

    පහුවෙනිදා උදේ විධායක ශ්‍රේණියෙ කට්ටිය ගෙදරින් පිට වෙනකල් ඉදලා මං චැලිය ස්ටාර්ට් කර ගත්තා..

    "මහත්තයා.. හදිසි ගමනක්ද..?"

    කාට හොරෙන් ගෙදරින් පැන්නත් මට බේබි නැන්දගෙ ඇස් වහන්න බැරි උනා.. අම්මපා අපේ බේබි නැන්දත්, මොරීන් අක්කා වගේම තමයි.. ඇස් දෙකේ බයිනෝ කියුලර් දෙක්කද කොහෙද එල්ලන් ඉන්නේ.. අඩු ගානේ ක්ෂුද්‍ර ජීවියෙකුටවත් ඒ ප්‍රෙද්ශය හරහා යන්න බෑ.. ඉතිං කොහොමද බන්ටි යන්නේ..?

    "ටිකක් හදිසි ගමනක් බේබි නැන්දේ.."

    "මට කියලා යන්න බැරි ගමනක්ද..?"

    "ම්.. එහෙමත් නෑ.. අපේ බින්දුගෙ ගර්ල් මගෙන් උදව්වක් ඉල්ලුවා.. ඒ වැඩේට තමයි මේ ය්නනේ.."

    "හවස් වෙන්න කලින් එනවනේ බන්ටි මහත්තයා.."

    "ඇ.. ඇයි බේබි නැන්දේ.. ඔයාට මාළිගාවටවත් යන්න ඕනද..? ප්‍රශ්නයක් නෑ.. මං එක්ක යන්නම්.."

    "නෑ.. නෑ.. එහෙම දෙයක් නෙමෙයි.. ලොකු නෝනා මේ දවස්වල ඉන්නෙ කේන්තියෙන්.. මට බයයි ඒ කේන්තිය බන්ටි මහත්තයගෙ පිටින් යවයි කියලා.."

    "මගේ පිටින්.. මං මොන වැරැද්දක් කරාටද..?"

    "ඕකනේ මහත්තයට මුකුත් කියන්න බැරි.. නිකං කලබල වෙනවනේ.. මං මේ අනතුරු ඇගවීමක් කරේ.. මතකනේ කලින් පාරක මල්වත්තෙ හුටපටේ.."

    මගේ හිතට එහෙනම් එහෙන් මෙහෙන් දැනිච්ච දේවල් හරි.. මොකක් නමුත් කුණු ගොඩක් ඇදෙන්නයි යන්නේ.. ඔන්න පුතේ.. දැන් නම් බන්ටිට පරිස්සම් වෙන්න වෙනවා.. නැත්නම් ඇඩ්‍රසුත් නැති වෙන එක බුදු ෂුවර්..

    "කමක් නෑ බේබි නැන්දේ.. එක විදියට මං මූණ දෙනවා.. අනික මං වැරැද්දක් කරනවා කියලා මං හිතන්නෑ.. ඔය මගේ වයසෙ අනිත් කොල්ලොන්ගෙන් වගේ මගෙන් මේ ගෙදරට වරදක් නෑනේ.. මං අරක්කු, සිගරැට් බොන්නෑ.. ගංජා, කුඩු බොන්නෑ.. ජරා ගෑනු පස්සෙ යන්නෑ.. අම්මගෙයි, තාත්තගෙයි සල්ලි නාස්ති කරලා කැසිනෝ ගහලා නෑ.. ක්ලබ් යන්නෑ.. මං මගේ පාඩුවෙනේ මේ ගෙදර ඇතුළෙ ඉන්නේ.. ඉතිං මට තේරෙන්නෑ මේ ගෙදර මිනිස්සුන්ට මගෙන් තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා.."

    මං කියවන් ගියපු දේට බේබි නැන්දා වචනයක්වත් කිව්වෙ නෑ.. එයාගෙ මුළු මූණම පිරිලා තිබ්බෙ, අර කලින් දවසක මං දැකපු මහා දුකකින්..

    "මං මහත්තයගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.."

    "ඒ මොකක්ද බේබි නැන්දේ..?"

    "ලොකු නෝනා මොනවා කියාගෙන ආවත්, එකටෙක කියන්න යන්නෙපා.. මහත්තයා කිසිම දෙයක් නොකියා පාඩුවෙ ඉන්න.. එතකොට ලොකු ප්‍රශ්නයක් වෙන්නෑ.."

    "බේබි නැන්දා මොනවා ගැනද ඔය කියන්නේ..? ඔය කියන විදියෙ ලොකු ප්‍රශ්නෙ මොකක්ද..?"

    "ප්‍රශ්න මුකුත් නෑ මහත්තයෝ.. මං කිව්වෙ ඒ වගේ දෙයක් උනොත් කියලා.. මහත්තයා පැටලෙන්න යන්නෙපා.."

    "අම්මට උනත් කෑගහන්න පුළුවන් මං වැරැදි දෙයක් කලොත් නේ..බේබි නැන්ද ාකියනවා වගේ මං ලෙඩක් දාන්නැතුව ඉන්නම්.. එතකොට හරිනේ.."

    "මගේ හොද බන්ටි මහ්තතයා.. එහෙනම් බුදු සරණනින් ඔය යන ගමන ගිහිල්ලා ඉක්මනට ගෙදර එන්න.."

    කලින් චැලිය ස්ටාර්ට් කරගත්තත්, මේ වෙද්දි ඇන්ජිම නැවතිලා තිබුණා.. ඒ හින්දා මං ආයෙත් ස්ටාර්ට් කරගත්තා.. වැව රවුම වටේ ටිකක් දුර එද්දිත් මගේ ඔලුව පුරාම කර කැවුනෙ බේබි නැන්දා කියපු දේවල්.. ටිකක් දුර කල්පනා කරගෙන යනකොට මට තේරුණා බේබි නැන්දා මගෙන් මොනවා හරි හංගනවා කියලා.. ඒත් ඒ හංගන්නෙ මොනවද, ඇයි මගෙන් මොනවා හරි හංගන්නෙ කියලා පැහැදිලි අදහසක් මට තිබ්බෙ නෑ.. එක්කො මොකාක් හරි ලොකු දෙයක් අම්මයි, බේබි නැන්දයි අතරෙ තියෙනවා.. දැන් ඒක ටිකක් එළියට ඇවිල්ල වත්දෝ කියලත් මට නිකමට වගේ හිතුණා..

    "ර.. න්.. දි.. ක.."

    කල්පනාවෙන් කල්පනාවෙන්, මං ජෝයි බෝට් යාඩ් එකත් පහු කරන් ටික දුරක් ගිහින් තිබුණා.. ලොකු ලේන්සුවක් අතේ තියාගෙන එහෙට මෙහෙට වනන නෙත්මිව මං දැක්කෙ ටිකක් වෙලා ගියාට පස්සේ.. යූ ටර්න් එකක් දාලා මං චැලිය අරගෙන ගිහින් නෙත්මි ගාවින්ම නැවැත්තුවා..

    "ශලනි හම්බවෙන්නෙ යන්නෙ මගෙත් එක්ක නෙමෙයිද..?"

    ඒ මුළු මූණෙම පිරිලා තිබුණෙ හරිම ලස්සන හිනාවක්.. මුළු ලෝකෙම අතට ගත්තු කෙනෙක්ගෙ ආඩම්බරේ වගේ දෙයක් හරි අපූරුවට ඒ හිනාවට එක්කහු වෙලා තිබුණා.. හැබැයි ඒ ඇස් දෙක නම් මට කිව්වෙ වෙනින්ම කතාවක්.. ඔක්කොම කතන්දර පැත්තකින් තියලා ඒ ඇස් දෙකේ කතාව හොයන්නත් මට ඒ වෙලාවෙ හිතුණා..

    "ඇයි එහෙම ඇහුවේ..?"

    "නෑ ඉතිං.. මං මෙතන ඉන්නවා දැක දැකත් අහක බලාගෙන ගියේ.. වෙන කෙනෙක් එක්ක යන්න වෙන්නැතිනේ.."

    "මං එහෙම කවුරුත් එක්ක යන්නෑ.. මං යන්නෙ ඔයත්තෙක්ක තේරුණාද..?"

    නෙත්මිගෙ ඔලුවට හිමින් සීරුවෙ ටොක්කක් අනින ගමන් මං කිව්වා.. දිගට දිග කොන්ඩ ගස් ටිකක් ඉස්සරහට ඇවිල්ලා, ඒ මූණට ගෙනාවෙ පුදුම තරම් සුන්දරකමක්.. මොකක්දෝ හිතාගන්න බැරි ලොකු පිං පාටක් නෙත්මිගෙ මූණෙ මතුවෙලා තිබුණා..

    "මොනවද බලන්නේ..?"

    "මු.. මුකුත් නෑ.."

    "නැත්තං කමක් නෑ.. හැබැයි ශලනි දිහා ඔහොම බලලා අහුවුනොත්..?"

    චැලියෙ පිටිපස්සෙන් නගින ගමන් නෙත්මි මගේ උරහිසට බරවුණා..

    "ඔව්.. අහුවුණොත්..?"

    "ආයෙ දෙක්ක නෑ.. මං ඔයාව මරණවා.."

    "ඇයි ඒ..?"

    "නිකං.."

    ඒක මහ පුදුම කතාවක්නේ.. නිකං මිනිස්සු මරන්නෙ මොන රටේද අප්පා.. එතකොට බන්ටිටත් වෙන්නේ, ඇඩ්‍රස් නැතුව මිහිදන් වෙන්නද..? මං යාන්තමට හැරිලා නෙත්මි දිහා බැලුවා.. ඒ මූණෙ තිබ්බෙ පිපෙන්න ඔන්න මෙන්න කිට්ටු කරලා තිබ්බ හිනා ඇබි්තතක්..

    "ඇයි බයවුණාද..?"

    "හ්ම්.. මාව මරනවා කිව්වනේ.."

    මං කිව්ව දේට එයාට එක පාරටම එයාට හිනාවක් ගියා.. ඒ හිනාවෙන්ම නෙත්මි මගේ උරහිස් දෙක තද කරගත්තා..

    "නෙත්මි.."

    "ම්.."

    "ඔයයි, මමයි මෙහෙම යනවා කවුරු හරි දැක්කොත්..?"

    "කවුරු හරි කිව්වේ..?"

    "ඔයාගෙ ගෙදරින්..?"

    "ගෙදරින් ප්‍රශ්නයක් නෑ රන්දික.. එයාලා මගේ ගැන දන්නවා.. ඔයාට මතකද අපි දෙන්නා අර මුලින්ම ටොරින්ටන් පාක් එකේදි රණ්ඩු වුණ වෙලාවේ, මට ඩිංගක් එහායින් හිටපු මල්ලිලා ටික.."

    චිත්‍රපටියක දර්ශන පෙලක් වගේ මගේ හිතට ඒ හැම සිදුවීමක්ම එකින් එක ගලා ආවා.. ඒ සිදුවීමයි, අද මේ සිද්ධවෙන දේවලුයි කොයි තරම් වෙනස්ද..? එදා මායි, නෙත්මියි කා කොටා ගත්තෙ පරණ තරහාකාරයො දෙන්නෙක් වගේ..

    "අන්න එයාලා අදටත් අපේ ගෙදර එනවා.. අම්මලා ඉතිං දන්නවා මට, වැඩිය ඉන්නෙත් පිරිමි යාලුවො කියලා.."

    "ඒක නම් ඉතිං ඇත්ත තමයි.. අර නලින්දව කරේනේ තියන් හිටියේ.."

    "මොකක්ද කිව්වේ..?"

    "මොකක්ද තමයි.. බලන්න එපැයි ඒ දවස්වල මෙයාගෙ තිබ්බ ගණන්.. අපේ නලින්දට මොනවා හරි කරලා තිබුණොත් බලාගන්නම්.. අරකයි, මේකයි.."
    "ඉතිං ඔයත් එහෙමනේ.."

    "මම.. මම කොහොමද එහෙම වෙන්නේ..?"

    ගැටඹෙ පන්සලට මෙහායින් චැලිය නවත්තලා මං නෙත්මිගෙන් ඇහුවා..

    "ඇයි ඔයත් හිටියෙ නිරෝෂිව කරේ තියාගෙන නේ.."

    මේක නම් නියම කටු අත්තක් තමයි.. ගෑවුණොත් ඇති.. තුවාල වෙලා ලේ ගලනකල්ම පැටලෙනවා..

    "නිරෝෂි කරේ තියාගෙන හිටියෙ බින්දුනේ.."

    "එහෙනම් ඔයා තියාගෙන ඉන්න ඇත්තෙ ඔලුව උඩ.."

    "කාවද..?"

    "නිරෝෂිව.."

    "ඇයි මම නිරෝෂිව ඔලුව උඩ තියන් ඉන්නේ..?"

    "ඒක ඉතිං බලන් ඉන්න ඕන කෙනෙකුට පේනවා.."

    "මොනවද බලන් ඉන්න ඕන කෙනෙකුට පේන්නේ..?"

    "ඔයා නිරෝෂිව ඔලුව උඩ තියන් ඉන්න හැටි.."

    මට බකස් ගාලා හිනාවක් ගියා.. මේ කෙල්ල එක්ක නම් කතා කරලා බේරෙන්න බෑ.. තවත් මේ ගැන කතා කරන්න ගියොත් මට පිස්සු හැදිලයි නතර වෙන්නේ.. ශලනිව හම්බවෙන්න යන්න ලොකු ඕනකමක් තිබුණත් මට මේ කතාව මග නවත්තලා දාන්න හිතුණෙ නෑ.. හිත, හිතනවටත් වැඩිය ගතියක් මේ කතාව ඇතුළෙ තියෙනවා..

    "එහෙනම් ඉතිං බලන් ඉන්න අයට තව දේවලුත් පේන්න ඕනනේ.."

    "ඒ මොනවද..?"

    "ඔයා නලින්දව බෙල්ලෙ එල්ලන් ඉන්න හැටි.."

    "නරකයා.. ඔයා මොනවද ඔය කියවන්නේ.. මං කවදද නලින්දව බෙල්ලෙ එල්ලන් හිටියේ..? ඔයානේ දැනුත් මේ නිරෝෂිට උදව්ක රන්න යන්නේ..? අනික බින්දු ඉද්දි ඇයි මේ ප්‍රශ්නෙ කියන්න, නිරෝෂි ඔයාවම තෝර ගත්තේ..? එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් බින්දු නම්, එයාට උදව් කරන්න ඕන බින්දුනේ.. මේ පැත්තක ඉන්න රන්දිකව ඇයි ගාවගත්තේ..?"

    කෙල්ල අහපු දේට දෙන්න තරම් හොද උත්තරයක් මං ගාව තිබුණෙ නෑ.. එයා අහපු දේත් ඇත්ත.. බින්දුත් ළග ඉද්දි ඇයි නිරෝෂි මටම මේක කිව්වේ..? ඒ වෙලාවෙ නොහිතුණු හුගාක් දේවල් මේ වෙලාවෙ මට හිතෙන්න ග්තතා..

    "ආ.. මට කියන්න රන්දික.. ඇයි ඔයා මේ වැඩේ බාරගත්තේ..? ඔයා කැමති නිරෝෂිටද..? ශලනිටද..?"

    මුලින් මොනවා කිව්වත් දැන් අහපු ප්‍රශ්නෙ නම් මේ කේලල ඇහුවෙ ඇත්තටම කියලා මට තේරුණා.. ඒ ඇස් දෙක මට නොකියා කිව්වෙ කෙලින් උත්තරයක් මට දීපං කියලා..

    "වැඩේ බාරගත්තෙ නම් බින්දු හින්දා.."

    "මට ඒක කීයටවත් පිළිගන්න බෑ රන්දික.. හරි.. කමක් නෑ.. මගේ ඊළග ප්‍රශ්නෙට උත්තරේ..?"

    "මොකක්ද..?"

    "ඔයා හුගක් කැමති නිරෝෂිටද..? ශලනිටද..?"

    "මං ඇත්තම කියන්නද..?"

    "කියන්න.. මං අහගෙන ඉන්නේ.."

    "ඔයා මුකුත්ම හිතන්නෙ නෑ නේද..?"

    "කිසිම දෙයක් හිතන්නෑ.."

    "මං.. මං හුගාක්.. හුගාක් කැමති.."

    "ඔව්.."

    "ඔයාට.."

    කෙල්ලගෙ මුණ ජම්බු ගෙඩියක් වගේ රෝස පාට වෙන හැටි මං දැක්කා.. කොහෙන්දෝ ඉදලා ආව ලොකු ලැජ්ජාවකින් ඒ සුදු මූණ වැහිලා ගියා.. බලන් ගියාම කෙල්ලට ලැජ්ජාවත් ඇති පදමට තියෙනවා..

    "අ.. අපි යමු රන්දික.."

    "දැන් ඉතිං සනීපද..?"

    "මොනාටද..?"

    "ඇයි ඉතිං මගෙන් අහගත්තනේ.. කැමති කාටද කියලා.."

    නෙත්මි කිසිම දෙයක් නොකියා සීට් එකේ ආයෙ හරිබරි ගැහුණා.. මටත් වෙන කියන්න දෙයක් තිබ්බෙ නෑ.. චැලිය ස්ටාර්ට් කරනවා මිසක..

    "ඔතනින් පල්ලෙහාට දාන්න.."

    පන්සල ළග ඉදන් ටිකක් දුර එනකන් නෙත්මියි, මගෙයි අතරෙ කතාබහක් වුණේ නෑ.. මොකක්දෝ පුංචි දෙයක් අපි දේනනා අතර මැද්දට ඇවිත් කියලා මට හිතුණා..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මේ පල්ලමෙන්ද..?"

    "අයියෝ නෑ.. පල්ලමට එහායින්.."

    මගේ පිටට හීන් සීරුවෙ ගහන ගමන් නෙත්මි කිව්වා.. කිසිම විලවුන් වර්ගයක් ගාලා නැති නෙත්මි ගාවින්, කෙල්ලෙක් ළගින් එන ගැහැනුකමේ සොදුරු සුවද මට හරි අපූරුවට දැනුණා.. ශලනිගෙ ගෙදර මේ තරම් ළග තිබිච්ච එක ගැන මට මහා ලොකු දුකක් දැනුණා..

    "ඔන්න ඔතන.."

    නෙත්මි පෙන්නුව ගෙදර ලොකු යකඩ ගේට්ටුවකින් සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණා.. ඒ හරියෙ මුළු පළාතම වගේ වැහිලා තිබ්බෙ මූසල පාලුවකින්..

    "කවුරුත් නෑ වගේ.."

    "ඒක තමයි.. හරියට නිකං දවස් ගාණකින් කවුරුවත් ඉදලා නෑ වගේ.. ශලනි මට බොරුවක්වත් කිව්වද..?"

    "ඒ කියන්නෙ ඔයා මීට කලින් මෙතෙන්ට ඇවිත් නැද්ද..?"

    "ඇවිල්ලා තියෙනවා රන්දික.. ඒත් මම ගේ ඇතුළට ගිහිල්ලා නෑ.."

    "ඔයා ආවෙ කාත්තෙක්කද..? නලින්ද එක්කද..?"

    "නෑ.. ශලනි එක්ක.."

    "මට පේන විදියට නම් ශලනි, තාත්තා එක්ක ආපහු රට ගිහින් වගේ.."

    "ඒ කියන්නේ..?"

    මේ කෙල්ල කතන්දරේ අග දන්නවා උනාට මුලයි, මැදයි දන්නෑ කියලා මට මතක් වුණේ ඒ වෙලාවෙ.. පුළුවන් තරම් ෂෝට් ඇන්ඩ් ස්වීට් කරලා ශලනිගෙයි, නිරෝෂිගෙයි පවුල් පසුබිම මං නෙත්මිට කිව්වා.. බලාගෙන ඉද්දිම කෙල්ලගෙ පුංචි ඇස් දෙක උඩ ගියා..

    "අනේ රන්දික.. ඔය ඩිවෝස් කේස් මුකුත්ම ශලනි මට කියලා නෑනේ.. ඇයි රන්දික එයා මට එහෙම කලේ.. අඩු ගානෙ නලින්දට තිබ්බා ඔය ගැන කියන්න.. මං මේ කිසි දෙයක් දන්නැතුවනේ එයාලට උදව් කරන්න ගියේ.. ඇත්තමයි.. මට දැන් මං ගැනම තරහයි.."

    "තමන්ට අවාසි වෙන දේවල් කවුරුවත් එළියට දාන්නෙ නෑ නෙත්මි.. යාලුවො වුණත් එහෙමයි.. ඔයා ඒ ගැන හිතලා හිත නරක් කරගන්නෙපා.. හ්ම්.. අපි දැන් යමු.."

    "චුට්ටක් ඉන්න රන්දික.."

    "ඇයි..?"

    "ඔයා, ඔය කිව්ව කතාවට අනුව ඔයත් එහෙමද..? ඔයාට අවාසි වෙන දෙයක් ඔයා කාටවත් කියන්නෙ නැද්ද..?"

    "ඒ කිව්වේ..?"

    කෙල්ල එන්න හදන්නෙ මොකාටද කියලා මට හිතාගන්න බැරිවුණා.. කතාවෙන් නම් තේරෙන්නෙ මොකක් හරි මරාලයක් වගේ කියලයි..

    "අපි හිතමු ඔයා කලින් ගෑනු ළමයෙක් එක්ක යාලුවෙලා හිටියා කියලා.. එහෙමත් නැත්නම් දැන් සම්බන්ධයක් තියෙනවා කියලා.."

    "ඔය දෙකම වැරදියි.. එහෙම මුකුත් නෑ.."

    "මම කිව්වෙ හිතමු කියලනේ.."

    "හරි ඉතිං.."

    "ඔයා එතකොට ඒ ගැන මට කියන්නැද්ද..?"

    "මොනවා ගැනද..?"

    "පරන සම්බන්ධකම් ගැන..?"

    "මං ඇයි ඔයාට කියන්නේ..?"

    "දැන් ඔයා ළගින් මං ඉන්න හන්දා.."

    "එහෙනම් ඉතිං ඔයත් මට කියන්න ඕනනේ.."

    "මොනවද..?"

    "ඔයාගෙ තිබ්බ දේවල් ගැන.."

    "හරිම නරකයි ඔයා නම්.. කොහොම හරි මාවම මඩවනවා අන්තිමට.. ඇත්තමයි රන්දික.. ඔයාට වගේම මගෙත් ඔය කිසිම විදියක සම්බන්ධයක් තිබිලා නෑ.."

    "ඒ උණාට එකක් තිබුණා නේද..?"

    නෙත්මිගෙ මූන හොදටම අමුතු වේදදි මං ඒ මුණ මැදට එබුණා.. ඇත්තටම අපි ආවෙ මොකටද..? අපි කතා කරන්න ඕන මොනවද කියන දේ අපි දෙන්නටම අමතක වෙලා තිබුණෙ.. මතක් වුණත් ඊට වැඩිය මේ කතා කරන කතාබහෙන් ලබන මිහිරියාව මැද්දෙ, හැමදේම අමතක වුණා වගේ රගපෑවා..

    "මට මුකුත්ම තිබුණෙ නෑ රන්දික.. බොරු කිව්වොත් නම් මං ඔයාට ගහනවා.."

    "නැත්තෙ නෑ.. තිබුණා.."

    "හරි.. තිබුණා නම් කියන්න.."

    "ඇයි රසික..?"

    "නරකයා.. තාමත් ඒක හිතේ තියාගෙනද ඉන්නේ..? ඇත්තමයි රන්දික.. මගේ හිතේ රසික අයියා ගැන කිසිම දෙයක් නෑ.."

    "නැත්තෙ නෑ.. අපි දැක්කනේ එදා බෝට් යාඩ් එක ළගදි බයවුණ බයවිල්ල.."

    "කිව්වහම අහන්නකො රන්දික.."

    "ආ.. මට තවත් එකක් ආරංචියි.."

    "ඔයා නම් මහ ඕප දූප මල්ලක්.. ඔයා හදන්නෙ මාව කේන්ති ගස්සන්න නේද..? හරි කමක් නෑ.. මට කේන්ති ගියත් කමක් නෑ.. මොකක්ද ඔය ආරංචිය..?"

    "රසික ගැන හිතේ නැති වුණාට, රසිකගෙ මල්ලි ගැන හිත වැටිලා කියලා අපිට ආරංචියි.."

    "කවුරු.. රසිකගෙ මල්ලි..?"

    "ඔව්.. ඔව්.. අර බන්ටි කියලා කියන්නේ.. මිනිහ නම් රසිකටත් වැඩිය හැඩකාරයානේ.."

    නෙත්මිගෙ මූණ බලන් ඉද්දිම රතු පාටට හැරුණා.. කෙල්ලට එකසිය ගානට තදවුණා කියලා මට තේරුණා.. ඇත්තමයි.. කේන්ති ගියාම ඒ මුණෙ තිබ්බෙ හිතාගන්න බැරි තරමෙ ගතියක්.. මෙයාට නිතරම කේන්ති අරගෙන ඉන්න බැරිද දන්නෑ..

    "ඉරිසියාකාරයා.. ඔය වගේ කතා මට කිව්වට මං බන්ටිව තාම ඇස් දෙකට දැකලවත් නෑ.."

    ඒක නම් පට්ට පල් බොරුවක්නේ දෙයියනේ.. බන්ටි කියන හාදයා මේ ඇස් ඉස්සරහ දිලිසි දිලිසි ඉන්නේ.. දෙයි හාමුදුරුවනේ.. මිනිස්සුන්ට මේ තර්ම බොරු පිඹින්න පුළුවන්ද..?

    "හා.. ඇයි ඔයා බොරු කියන්නේ..? ඔයා සමුදිනීට කිව්වෙ නැද්ද.. ඔයාට බන්ටිව බලන්න ආසයි කියලා.. බන්ටි ගෙදර හිටියෙ නැති එක වෙනම දෙයක්.. වැරදිලාවත් ගෙදර හිටියා නම් ඔයා හොදට බලනවනේ.."

    "දෙ.. දෙයියනේ.. කවුද ඔයාට ඔය කේලම් ටික කිව්වේ.. අම්මා නේද..? ආ.. රන්දික.. ප්ලීස් මට කියන්න.."

    "කවුරු කිව්වත් මොකද කතාව ඇත්ත නම්..? ඔයත් පැණියා වගේ බන්ටිව බලන්න ඕන කියලා කිව්වනේ.."

    "මොකක්ද කිව්වේ..? මං පැණියෙක් වගේ කිව්වා..?"

    "ඔව්.. ඔයා පැණියෙක් තමයි.. පැණි ගුහාවක්.. නැත්නම් ඉතිං.. කවදාවත් දැකලා නැති බන්ටියෙක් හොයාගෙන යාවිද..?"

    "ප්ලීස් රන්දික.. අපි ඔය කතාව නවත්තමු.. මගේ ඔලුවත්තෙක්ක රිදෙනවා.."

    ඒක නම් ඇත්ත තමා.. ඔය වගේ ඕන නැති කතා කියන එක දිගට අහනකොට මගෙත් ඔලුව රිදෙනවා..

    "සොරි.. මං ආයෙ ඒ වගෙ කතා කියන්නෑ.. ඔයා කැමති නම් බන්ටිව බලන්න.. මං ඒකට මුකුත් කියන්නෑ.. අනික මං කොහොමද ඔයාව නවත්තන්නේ.. මට ඕන උනත්.. ඔයා කරන්නෙ ඔයාට හොදයි කියලා හිතෙන දේනේ.. අපි යමු.."

    "ඔයා අප්සට් උනා නේද රන්දික..?"

    "ඒකට කමක් නෑ.. අපි යමු.. දැන් මෙතන හිටිය වෙලාවත් හුගක් වැඩියි.."

    "වෙලාව ගියාට කමක් නෑ.. ඔයා කැමති නැත්නම් ඒ දේ කරන්න මට ඕනෙ නෑ.. මොකද කවදාවත් දැකපු නැති බන්ටි කෙනෙකුට වඩා මට මගේ යාලුකම වටිනවා රන්දික.. මං ඒ දේ නැතිකරගන්න කැමති නෑ.. අපි මෙතෙන්ට ආවෙත් හිනාවෙවි.. දැන් යන්න ඒනෙත් එහෙමමයි.."

    අර ටීක් බෝල දෙක වගේ දිලිසෙන ඇස් දෙකෙන් මගේ මුණට එබිලා නෙත්මි කිව්වා.. 'යාලුකම' අපේ සම්බන්ධෙට එයා දීපු සරලම නම ඒකයි.. හිතේ තිබ්බ හැමදේටම එයා කිව්වෙ යාලුකම කියලා නම් එතනින් එහාට තවත් කතා කරන්න දයෙක් නෑ.. මං චැලිය ස්ටාර්ට් කරගත්තා.. අමුතුම විදියට කටත් උල් කරගෙන නෙත්මි මගේ ළගට ආවා..

    "ඔයා යන්නද හදන්නෙ රන්දික..?"

    "ඔව්.. නගින්න.. මං ඔයාව බෝට් යාඩ් එක ළගින් දාන්නම්.."

    "ඇයි මේ.. ඔයාට කේන්ති ගිහිල්ලා වගේ.. මං ඔයාට මුකුත් වැරදි දෙයක් කිව්වද රන්දික.."

    "නෑ නෙත්මි.. එහෙම දෙයක් නෑ.. අපි ආපු වැඩෙත් සවුත්තු උනානේ.."

    ඇත්තටම මගේ හිතට මහ මොකක්දෝ දෙයක් වෙලා තිබුණා..නෙත්මි ළග ඉන්න, මගේ හිත කොයි තරම් ආසා කෙරුවත්, මමම එයාගෙන් ඈත්වෙන්න පටන් අරන් තිබුණා.. ඒ ඇයිද කියලා මටවත් හිතාගන්න බැරිවුණා.. හුගාක් වෙලාවට ඒ හැගීම ඉරිසියාවෙ නිවුන් සහෝදරයෙක් කියලා මට අන්තිමට හිතුණා..

    "වැඩේ සවුත්තු උනාට අපි දෙන්නා හුගාක් වෙලා කතා කර කර හිටියනේ.. අඩු ගානෙ ඒකටවත් ඔයාට සංතෝස නැද්ද..?"

    මගේ හිතට දැනුණු ලොකුම සංතෝසෙ ඒකයි කෙල්ලේ කියලා මං කොහොමද කටක් ඇරලා කියන්නේ.. අනික මං විහිලුවට වගේ කියපු බොරුව, දැන් හදාගන්න බැරි තරමට දුර ගිහි්ලලා.. බන්ටියි, රන්දිකයි කියලා කියන්නෙ එකම පුද්ගලයෙකුට කියලා දැන ගත්තම නෙත්මි මං ගැන මොනවා හිතයිද..?

    "මං ඔයාට ඇත්තම කියන්නද..?"

    "හ්ම්.. කියන්න.. මං අහගෙන ඉන්නේ.."

    "ඔයත්තෙක්ක කාලෙ ගතකරන එක හිතට ලොකු සතුටක් තමයි.. ඒත් ඔයා ඔය, නලින්ද, රසික, බන්ටි වගෙ අය ගැන ඉන්ටෙරස්ට් වෙනකොට මට තරහයි.. ඇත්තටම ඒකෙ තරහ ගන්න තරම් අයිතියක් මට නෑ.. ඒ හැමදේම ඔයාගෙ නිදහසනේ නෙත්මි.. මං මේ පිස්සා වගේ කියවනවා.. ඒකයි අවුල.."

    "ඔයා නම් ඇත්තටම පිස්සෙක් තමයි.. ඒ මදිවට මහාම මහ ඉස්පිරිතාලයක්.. ඔයා, ඔය කියපු නම් තුනෙක් එකක් එක්කවත් මගේ කිසිම සම්බන්ධයක් නෑ.. ඒක ඔයත් හොදටම දන්නවනේ රන්දික.. අනික හරි නම් මමයි අප්සට් වෙන්න ඕන.. ඔයා නෙමෙයි.."

    "ඒ ඇයි..?"

    "ඇයි අහන්නේ..? ඔය මේ දැනුත් කරන්නෙ වෙන ගර්ල් කෙනෙක්ව හොයන එක නේද..? මාවත් මැද්දට දාගෙන.. ඔයාට ඩිංගක්වත් හිතෙන්නැද්ද මගෙ හිත රිදෙනවා කියලා..? ඔයාගෙ හිත විතරද රිදෙන්නේ..?"

    "සොරි.. මට ඒක තේරෙනවා.. මං නිරෝෂිට කියලා කරන්නෙ උදව්වක් විතරයි.. ඊට පස්සෙ මං මේ හැමෝගෙන්ම අයින් වෙනවා.. එතකොට ඔයාගෙ හිත රිදෙන එකක් නෑනේ.."

    "වෙරි ගුඩ්.. මගේ හොද පිරිමි ළමයා.."

    නෙත්මි මගේ උරහිස් දෙක කොයි තරම් තද කලාද කියලා කියනවා නම්, තව නූලෙන් එයයි, මමයි දෙන්නම චැලියෙන් මහ පාරට පතබරියන් වෙනවා.. බලන් ගියාම නේතමිටත් තියෙන්නෙ එසේ මෙසේ විසයක් නෙමෙයි..

    "රන්දික.. අ..ර.."

    සුවසෙවන හොස්පිට්ල් එක හරියට යනකොට නෙත්මි එකපාරටම පාරෙ දකුණු පැත්ත දිහාට ඇගිල්ල දික් කලා.. මගේ ඇස් දෙක දැකපු දේ මට විශ්වාස කරගන්නත් බැරිවුණා.. නෙත්මි පෙන්නුවෙ නැත්නම් මං දකින්නෙත් නෑ..

    "රසික අයියා නේද..? තව ගර්ල් කෙනෙක් එක්ක.."

    සුවසෙවන ප්‍රයිවෙට් හොස්පිට්ල් එකේ ඉදලා අපි හිටපු තාර පාර පැත්තට, කෙල්ලෙකුගෙ අතිකිනුත් අල්ලගෙන වීරයා වගේ ආවෙ අයියාකාරයා.. චැලිය නවත්තන ගමන් මං කෙලින්ම නෙත්මි දිහා බැලුවා.. මට ඕන උනේ එයාගෙ මූණෙ මොන වගේ හැගීමක් මතුවෙනවද බලන්න..

    "කෙල්ලට බෙහෙත් අරන් දෙන්න ඇවිල්ලද කොහෙද.. හැබැයි ඉතිං දෙන්නගෙන් කාටවත් ලෙඩ පාටක් නෑ.."

    "ඔයාට හිතෙන්නෙ රන්දික, ඒ රසික අයියගෙ ගර්ල් කියලද..? වෙන කෙනෙක් වෙන්න බැරිද..?"

    "ඔව් ඉතිං.. එහෙමත් වෙන්න පුළුවන්.. ඒත් ඉතිං ඔෆිස් එකේ ඩියුටි ටයිම් එකේ මෙහෙම එනවා කියන්නෙ මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියනෙකනේ.."

    ඒ එක්කම ආපු වීල් එකකට අත දාපු අයියා, අර ගෑනු ළමයත් එක්කම ඒකට නැග්ගා.. බලන් ගියාම මේකා තමයි දවසකටවත් මිනිහා.. ගෙදරදි ඇට් කරන්නෙ සම්පූර්ණ බෝධිසත්ව චරිතෙ.. එලියෙදි අනංගයගෙ රෝල් එක..

    "එයාලා ගියා.. අපිත් යමු රන්දික.."

    මං හිතුවටත් වැඩිය නේතමි ඒ ගැන කල්පනා කරනවා කියලා මට දැනුණා.. ඇත්තටම පොතේ හැටියට නම් එයාට කල්පනා කරන්න දෙයක් තිබෙන්න බෑ.. මොනවා උනත් දෙයියො බැලුවා වගේ තමයි, නෙත්මි එයාලව දැක්කේ.. එහෙම නොවී එකෙ අනිත් පැත්ත උනා නම් අපිටත් බුදු සරණයි කියලා කියන්න තිබ්බා..

    "සමහර විට ඒ රසිකගෙ ගර්ල් නොවෙන්නත් පුළුවන්.."

    කතාවක් බහක් නැතුවම නෙත්මිට කල්පනා කරන්න ඉඩ දීළා බෝට් යාඩ් එක ළගට ආවාම මං කිව්වා..

    "ඔ.. ඔයා කොහොමද කියන්නේ..?"

    "වෙන මුකුත් ඕන නෑ.. ඔයයි, මායි ගැනම ගන්නකෝ.. කවුරු හරි කෙනෙක් අද දවසෙ අපි දෙන්නව දැක්කොත් නම් හිතන්නෙ මොනවද..? ඒක හින්දා ඉතිං ඕකෙ පැති දෙකක් තියෙනවා.."

    "මටත් එහෙම හිතෙනවා රන්දික.."

    "හිතුණට නම් කමක් නෑ.. ඒත් ඇයි ඔයා අප්සට් උනේ.. දැන් ඩිංගකට කලින් ඔයා කිව්වනේ, ඔයාගෙ හිතෙ රසික ගැනවත්, බන්ටි ගැනවත් මෙලෝ දෙයක් නෑ කියලා.."

    "මංදා රන්දික.."

    බලන් ගියාම ගෑනු ළමයි කියන්නෙ මහ පුදුම සත්ව කොට්ඨාශයක්.. කොයි වෙලාවෙ තමන් වෙනස් වෙනවද කියලා එයාලම දන්නෑ.. ඒකත් හරියට නිකං වැස්ස වගේ තමයි.. සමහර වෙලාවට හොදට තල්ලු කරලා, හොද සීතල හුළගකුත් එළියට දාලා සියලු අංග ලක්ෂන පෙන්නුවට මෙලෝ විදියකට වහින්නෑ.. අපි බලන් ඉන්නවා දැන් වහී.. දැන් වහී කියලා..

    "නෙත්මි දැන් මොකද කරන්නේ..?"

    "තව පුංචි පුංචි වැඩ දෙක තුනක් තියෙනවා.. ඒවත් රගෙන හෙමින් සීරුවෙ ගෙදර යනවා.. ඔයා මොකද කරන්නෙ රන්දික..?"

    "මටත් කරන්න දෙයක් නෑ.. ඒත් වැඩිවෙලා මෙහෙම රවුම් ගහන්නත් බෑ.. මොකද මේ දවස්වල මගේ වෙලාව අන්තිම නරකයි.. කොහේ කොහේ ගිහින් අන්තිමට පැටලෙයිද දන්නෑ.. ඔයත් එහෙනම් පරිස්සමට යන්න.."

    "රන්දික.."

    චැලිය ඉස්සරහට ගනිද්දිම මට ආයෙත් නෙත්මිගෙ කටහඩ ඇහුණා.. ඒ පාර මොකක්ද දන්නෑ කතන්දරේ..

    "මට ඔයත්තෙක්ක ටිකක් කතා කරන්න ඕන.."

    දෙයියන්ට ඔප්පු වේචචාවි.. මං නෙත්මි ගැන දන්න හින්දා හොදයි.. නැත්තං වෙන එකෙක් නම් හිතනවා එයාගෙ ඔලුව කොහේ හරි හයියෙන් වැදිල කියලා.. ඇයි අප්පා.. පැය ගානක් මගෙත් එක්ක ඉදලා, කතා බහ කරලා, දැන් ආයෙත් කියනවා ටිකක් කතා කරන්න ඕනලු.. මේවා කාට කියන්නද දෙවියනේ..?

    "දැන්ද..?"

    "නෑ.. නෑ.. වෙන දවසක.. ඒ එක්කම ඔයා මට දවසක් ඇර දවසක්වත් ෆෝන් කරන්න ඕන.."

    "ඇ.. ඇයි ඒ..?"

    "නැත්නම් ඔයාට මාව අමතක වේවිනේ.."

    ඔයාව අමතක කරන එක නම් මට සෑහෙන්න අමාරු වෙයි කෙල්ලේ.. පුංචි කාලෙදි උනත් මට හුගාක්ම ලංවෙච්චි එකම කෙල්ල ඔයා විතරයි.. කිසිම කෙල්ලෙකුට විවෘත නොවිච්ච මේ හිත ඇතුළට, බාධාවක් නැතුවම ඇතුල් වෙච්චි එකම කෙල්ලත් ඔයා විතරයි..

    "ඔයා ඔය කිව්ව දේට, මට කියන්න ලස්සන වචන ටිකක් තියෙනවා.."

    "ඒ මොනවද රන්දික..?"

    "ඔය ඇස් අමතක වෙන්න නම්.. මගේ ඇස් පිය වෙන්න වෙයි.."

    හිනාවත්, කුතුහලයත් එකට මිශ්‍ර වුණු බැල්මකින් එයා මගේ දිහා බලන් ඉද්දි, චැලිය මං ඉස්සරහට ගත්තා.. කෙනෙක්ගෙන් වෙන්වෙලා එද්දි කවදාවත් දැනුණෙ නැති කාංසියක් වගේ හදවත තෙරෙපෙන හැගීමක් මගේ හිතට ඒ වෙනකොට වද දෙන්න පටන් අරන් තිබුණා.. ඒකමයි මං ටිකක් දුර ගිහින් වැව රවුම අයිනට කරලා ආයෙම චැලිය නැවැත්තුවේ..

    "පරිස්සමින් රන්දික..."

    පුරුදු විදියටම ලේන්සුව උඩට කරලා ඈත ඉදන් නෙත්මි අත වනනවා මං දැක්කා.. ආයෙත් හරවගෙන එයා ළගට යන ලෝබ සිතුවිල්ලක් හිත උඩ තෙරපි තෙරපි ආවත් මං චැලිය එහෙම්ම ඉස්සරහට ගත්තා..


    Mathusambandai.gif