෴♥ ඒ මගේ මලයි 3 ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-06.jpg


    06.png


    ෆෝන් එක ගැන අන්තිම කතාව ගියපු හන්දා මං කාමරේට ආපු ගමන්ම එබිලා බැලුවෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට.. අම්මප කවුරුවත් දැක්කට විශ්වාස කරන එකක් නෑ.. මිස්ඩ් කෝල් තිබ්බා හැට නවයක්.. වැඩේ කියන්නෙ ඒ ඔක්කොම නෙත්මිගෙන්.. මොනව උනත් මං හොද වෙලාවට සයිලන්ස් මෝඩ් දාලා ගියේ.. නැත්නම් මේක එලාම් එක වගේ දිගට හරහට වද්දිද්, ගෙදර මිනිස්සුන්ගෙ පෙෂර් එකත් නගිනවා.. නෙත්මිට ගන්නවද නැද්ද, ගන්නවද නැද්ද..? මං දහ අතේ කල්පනා කරලා, අන්තිමේදි විසි අතෙත් කල්පනා කරලා, කාසියක් උඩ දාන්න තීරණේ කලා.. නෝනා වැටුණොත් ගන්නවා.. පොල්ල වැටුණොත් ඒත් ගන්නවා.. කාසිය හරි කෙලින් හිට්ටොත් ඒත් ගන්නවා.. මං නෙත්මිගෙ නම්බර් එක ඩයල් කරා..

    "බන්ටි මහත්තයෝ.."

    දොර ගාවින් බේබි නැන්දගෙ කටහඩ ඇහෙද්දි මං ෆෝන් එක ඕෆ් කරලා දැම්මා..

    "ඇයි බේබි නැන්දෙ කලබලෙන් වගේ..?"

    "කලබලයක් නෑ.. මෙන්න මේක මහත්තයට දෙන්න කිව්වා.."

    හතරටද, හයටද නමපු සුදු කොළ කෑල්ලක් බේබි නැන්දා මගේ දිහාට දික් කලා.. මේ මොකක්ද බං මේ..?

    "කවුද බේබි නැන්දේ..?"

    "ඕක කියෝලම බලන්නකෝ.."

    මං කෝලේ දිගෑරියා.. හත්තිලව්වයි.. මේක ලියුමක්නේ.. කුරුමිනු අඩු වගේ එහෙට මෙහෙට ගියපු අකුරු අතරෙමං කොලේ පල්ලෙහා බැලුවා.. දෙයියනේ.. මොරීන් අක්කනේ මේක එවලා තියෙන්නේ.. පිස්සුද මන්දා.. මේතතර මූණට මූණ හම්බවෙන්න පුලුවන්කම තියෙද්දි, මොන කෙහෙල්මලකට ලියුම් එවනවද..? ඒත් හුගාක් දුරට ලියමු කියවගෙන යද්දි, මං මං ගැන ලොකු කලකිරීමක් දැනුණා.. මොරීන් අක්කගෙ පැත්තෙන් එයා ගැන මහ පුදුම දුකක් මට දැනුණා..

    "බන්ටි මල්ලි.. මේ ලියුම ඔයාගෙ අතට ලැබෙනකොට මං නුවර නෑ.. මං හුගාක් ආසාවෙන්, සංතෝසෙන් ජීවිතේ ගත කරපු ලස්සන මතකයක් හිත ඇතුළෙ තියාගෙන මෙහෙන් පිටවෙලා යනවා.. එහෙම යද්දි 'මං යනවා' කියලා මට කියන්න ඉන්නෙ ඔයා විතරයි.. මගේ හැම දේකදිම, රසිකට වැඩිය මගේ ළග හිටියෙ ඔයා.. වෙලාවක ඔයාට, මාව විහිලුවක් උනත්, මල වදයක් වුණත්, ඔයා මගේ ළග හිටියා.. මට දක්වපු ඒ කරුණාවන්ත කමට හුගාක් පිං.. නොලැබෙන හුගාක් දේවල් වලට ආසා කිරීම, අන්තිමේදි හිතාගන්න බැරි තරමෙ දුකක් කියලා මං දන්නවා.. රසිකට ඒවා ගැළපෙන්නෙ නෑ කියලා අමාරුවෙන් හරි මං දැන් හිතනවා.. ඒක එහෙම වෙන්න ඇති.. ඔයා වගේම රසිකත් හුගක් ලස්සන හින්දා, රසික හිතනවා ඇති මොරීන් වගේ මහත කෙල්ලෙක්ව මොනවට ලංකර ගන්නවද කියලා.. සමහර විට දවසක රසිකට හිතෙයි, ඇගට වඩා හිත ලස්සන නම් ජීවිතේ හුගාක් සුන්දරයි කියලා.. හුගාක් වෙලාවට මං ආයෙ නුවර එන්නෑ මල්ලි.. ඔය ලස්සන මතකය එක්ක මං හැමදාම ජීවිතෙ අරගෙන යනවා.. හැබැයි එක දෙයක් තියෙනවා.. ඒ තමයි, රසික ආයි කවදා හරි මාව දකින දවසට, එයා මෙච්චර කාලයක් දැකපු මොරීන් නෙමෙයි එයා ඉස්සරහ ඉන්නේ.. ඒක ඔයාටත් තේරෙයි මල්ලි.. මං ඒ ගැන වැඩිය ලියන්නෙ නෑ.. මොකද මටත් කියලා හරි එකම එක ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනනේ.."

    "ඉතිං බන්ටි මල්ලි.. මං ඔයාට හොද අක්කා කෙනෙක් උනාද නැද්ද කියලා මං දන්නෑ.. ඒත් අපි හොද යාලුවො වෙලා හිටියනේ.. ඔයාගෙ නම් කොහොමද කියලා මං දන්නෑ.. මගේ නම් හොදම යාලුවා උනේ ඔයානේ.. මං හැමදේම කිව්වෙ ඔයාට.. ඇත්තමයි බන්ටි මල්ලි.. මට, මගෙ දේවල් කියන්න කවුරුවත් හිටියෙ නෑ.. කන්කරච්චලයක් වුණත්, අමාරුවෙන් හරි මගේ දේවල් අහන් හිටියට ඔයාට හුගක් පින්.."

    "මේ පුංචි රටේ.. මතු කවදා හෝ කොතැනකදි හේ..
    යළි අප හමුවේවි.. යළි අප හමුවේවී.."

    "මං මොරීන් අක්කා.."

    ඇස් දෙක පලාගෙන කදුළු කැට දෙකක් මතුවෙද්දි මං ලියුම ගුලිකරගත්තා.. දෙයියනේ, මේ හැම දේටම මමයි වැරදි.. මොරීන් අක්කගෙ ඔලුවට මුලින්ම මේ විසබීජ් දැම්මෙ මමනේ..

    "ඇ.. ඇයි බන්ටි මහත්තයෝ..?"

    "මොරීන් අක්කා ගිහින් බේබි නැන්දේ.."

    "ඔ.. ඔව් මං දන්නවා.."

    "ඉතිං ඔයා මට නොකිව්වේ..?"

    "මං හිතන් හිටියෙ බන්ටි මහත්තයා ඒ ළමයට අකමැතියි කියලනේ.. ඉතිං වදයක් නොවී ගියහම කොයි තරම් හොදද..? කොයි තරම් සහනයක්ද..?"

    "අනේ නෑ බේබි නැන්දේ.. මං මොරීන් අක්කට කැමතියි.. එයා හරිම පව්.. ඇත්තටම හරිම පව්.. එයා ඔය යන්න ගියපු එකට මාත් හවුල්.. මට වැඩියක්ම හිතට අමාරු ඒකයි.."

    "මට ඕවා තේරෙන්නෑ මහත්තයො.. ඒත් ඔහොම මූණ එල්ලගෙන ඉන්නෙපා.. මං ඒකට ඩිංගක්වත් කැමති නෑ.. මොරීන් ඔය ගියාට ආපහු ඒවි.. මං ඒක සහසුද්දෙන්ම දන්නවා.."

    "ඔයා කොහොමද බේබි නැන්දේ එහෙම කියන්නේ..?"

    "මොරීන්, රසික මහත්තයට කැමති වුණාට, ලෙංගතුකම් පෑවට, එයා හුගාක් කැමැත්තෙන් හිටියෙ බන්ටි මහත්තයව ආස්සරේ කරන්න.. ඒක මං සහසුද්දෙන්ම දන්නවා.. එහෙව් එකේ.. ඔය ගෑනු ළමිස්සිට, බන්ටි මහත්තයා නොදැක ඉන්න බෑ.. කොයි වෙලාවෙ හරි ඒවි.."

    බේබි නැන්දා කියවන් ගියපු දේවල්වල සෑහෙන්න ඇත්තක් තියෙනවා කියලා ආයෙ තර්ක විතර්ක කරන්න ඕන වුණේ නෑ.. ඩිංගක් ආපස්සට කල්පනා කරලා බලපුවාම ඒ හැම දෙයක්ම ඇත්ත.. මොරීන් අක්කා, රසික අයියට ආදරේ කරාට එයා හුගාක් ලංවෙලා ආස්සරේ කරන්න කැමති වුණේ මාව.. ඒකත් හරිම පුදුම දෙයක්.. තමන් ආදරේ කරන්න කැමති දේ පැත්තක තියාලා වෙන දේකට කැමති වෙන එක.. ඒත් එදා මුළු රෑ පුරාම, මොරීන් අක්කා මේ නුවර අතෑරලා දාලා ගියපු එක මගේ හිතට හරියට වද දුන්නා.. තමන් කැමති අය, තමන් ආස කරන දේවල් දාල, ගම අතෑරලා යනවා කියන්නෙ කොයි තරම් විප්පයෝග දුකක්ද කියලා බන්ටිට ආයෙ අමුතුවෙන් කියලා දෙන්න කවුරුවත් ඕන නෑ.. මේ එක දිගට සිද්ධ වෙන හැම දෙයින්ම බන්ටිට ඒක සහසුද්දෙන්ම තේරුම් ගන්න පුළුවන්..

    ****************************

    පහුවෙනිදා, උදේ පාන්දරම, ඇස් දෙක අමාරුවෙන් ඇරලා බලද්දි, මට අමුත්තක් දැනුණා.. නිකං නිකං මේ දවස පට්ට දවාලෙ උදා වුණා වගේ.. ඒ තරම් දාඩිය දාන ගතියක් ආවට වටපිටාව පුරාම තිබ්බේ.. ඒත් ඉතිං එහෙම උනා කියලා බන්ටිට ඇහැ කන පියාගෙන ඉන්න බෑ.. අද කොයි තරම් වැඩ කරන්න තියෙන දවසක්ද අප්පේ..

    "උඹ, නෙත්මිට කතා කලේ නැද්ද..?"

    චැලියත් අරගෙන වැව රවුටම එද්දි මගදිම චාමික හම්බවුණා.. ඌ අහපු දෙයින් මගේ හිතට මහ මොකක්දෝ වෙලා ගියා.. දෙයියනේ.. මිස්කේාල් අච්චර ගානක් තියෙද්දිත් මට කෙල්ලට කතා කරන්න බැරි උනානේ..

    "ෂිහ්.. සිරාවටම අමතක උනා මචං.."

    "මං උඹට එක අවවාදයක් දෙන්නම් ලොකු පුතේ.. ඔය නෙත්මිත් එක්ක තියෙන ඇයි හොදැයිය ගැන නිවැරදි තීන්දුවක් ගනිං.. අනිත් ඒවා පස්සෙ බලගනිං.."

    "ඒ කිව්වේ..?"

    "ඒකිට හිතෙන්න බැරි නෑනේ බන්ටි, ෆෝන් එකක් අරන් දීලා, ඒකට සිම් එකකුත් දාලා දීලා, පැකේජ් එකකුත් අරන් දීලා උඹ කතා නොකර හිටියාම, ඒකිව ගණන් ගත්තෙ නෑ කියලා.."

    "එහෙම නෑ චාමික.. ඇත්තටම මං නෙත්මිට කතා කරන්න ගත්තා.. ඒත් බේබි නැන්දා කාමරේට ආවා.. මං ෆෝන් එක ඕෆ් කරලා කබඩ් එක උඩින් ති්බබා.. තාම ඒක එතන ඇති.."

    "මට ඔය කුණුහරුප තේරෙන්නෑ ලොකු පුතේ.. පුළුවන් තරම් ඉක්මනට මේ මල ඉලව්වෙන් ඈත් වෙන්න බලපං.. මේවයෙන් ඒ තරම් හොද දෙයක් වෙන්නෑ.."

    කතා කර කර ඉදලා චාමික කිව්වෙ මහ අමුතු කතාවක්.. මං මේ හැමදේම කරන්නේ, දේවල් කරේ, යාලුකම වෙනුවෙන්.. ඒ කැපවීම මුංට තේරෙන්නෑ කියලද මට මේ එහෙන් මෙහෙන් කියන්නේ..

    "මට හොදක් වුණත්, නරකක් වුණත් කමක් නෑ.. මං මේ දේ කරන්නෙ නිරෝෂි වෙනුවෙන්.."

    "හරි.. මං ඔය ගැන ආයෙත් කතා කරන්නෑ.. කෝ ඉතිං ඕක ස්ටාර්ට් කරගනිං.."

    එතන ඉදලා ගැටඹෙ පන්සල ළගට එනකල්ම චාමික වචනයක්වත් කතා කලේ නෑ.. මමත් කතා කරන්න කිසිම උත්සාහයක් ගත්තෙ නෑ..

    "කෙල්ල එයිද ලොකු පුතේ..?"

    චාමික ආයෙත් කතා කෙරුවෙ ගැටඹෙ පන්සල ගාව චැලිය නවත්තලත් ටිකක් වෙලා ගියාට පස්සේ..

    "එන නොඑන එක ඒකිගෙ වැඩක්.. මං, මගේ වැඩ කොටස කරා.. හැබැයි එක දෙයක් තියෙනවා.."

    "ඒ මොකක්ද..?"

    "බින්දුයි, නිරෝෂියි වෙනුවෙන් මං මේ කරන්නේ, අන්තිම උදව්ව.. මීට පස්සෙ මං නැතුව උං දෙන්නා ජීවිතේ අරගෙන යාවි.. බන්ටි, උන් දෙන්නගෙන් ටිකක් ඈත්වෙනවා.. ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නෑ.."

    "බ.. බන්ටි.. උ.. උඹ මොනවද මේ කියවන්නේ..?"

    "මං කියන්නෙ මට දැනෙන දේ.. මං නැතුව මේ ජීවන ගමන අරගෙන යන්න උංට පුළුවන් වෙන්නෝන.. මං හැමදාම උංගෙ ළග ඉන්නෙ නෑනේ චාමික.. අනික.. එහෙම හිටියා කියලා ඒකෙ වගතුවක් වෙන්නෙත් නෑ.. දෙයක් අපි ළග තියෙනකොට ඒකෙ වටිනාකමක් අපට දැනෙන්නෑ.. ඇයි ඉතිං දන්නවනේ කොයි වෙලාවෙත් මේක ළග තියෙනවා කියලා.."

    "උඹ ඔය හින්ට් ගහන්නෙ, මං අර ඉස්සෙල්ලා කියපුව හින්දා නේද..? මං එහෙම කිව්වෙ ඇත්තටම උඹ ගැන හිතලා බන්ටි.. ඒකයි.. ආ.. හප්පට සිරි.. මෙන්න නිරෝෂි කඩාගෙන එනවා.."

    පන්සල ඉස්සරහ තාර පාරෙ සීරුවට අඩි තිය තියා ආවෙ නිරෝෂි.. මෙයා කොහොම දැනගත්තද දන්නෑ මං අද ශලනිව හම්බවෙනවා කියලා.. කරුමෙට හරි බින්දුවා මෙතෙන්ට ආවොත් මල කෙලි දහ අටයි..

    "එයා තාම අපිව දැක්කෙ නෑ චාමික.."

    "එහෙනම් බන්ටි, අපි ටිකක් එහාට වෙලා ඉම්මු.."

    "මොනවද බං එහාට වෙලා ඉන්නේ.. අපි මෙතනම ඉමු.. නිරෝෂි අපිව දැක්කොත්, අපි කතා කරමු.. මොකෝ අපි එයාට එන්න කිව්වෙ නෑනේ.."

    "උඹ කියන එකත් ඇත්ත බන්ටි.. එයා අපිව දකිනකල් ඉන්න ඕන නෑ.. ඉදපං මං කතා කරන්න.."

    මං වචනයක්වත් කියන්න කලින්, චාමික මහා සද්දෙට නිරෝෂි කියලා කතා කරා.. උගේ කටහඩ මං හිතන්නෙ පේරාදෙණියටත් ඇහෙන්න ඇති.. යකෝ.. බලන් ගියාම මේකගෙත් තියෙන්නෙ මහ ගාන්ඨාරයක්නේ.. කටහඩේ තිබ්බ සද්දෙටමද කොහෙද නිරෝෂි ඔලුව ඉස්සුවා.. ඒත් ඒ මූණෙ වෙනදා අපි දැක්කම ඇදෙන හිනාව තිබ්බෙ නෑ.. කහ ඉර පැනලා නිරෝෂි අපි දිහාට එනකොට ඒ මුණෙ තිබ්බෙ මහ මුරණ්ඩු ගතියක්.. මොකක්ද අපපේ මේ වෙන්න යන්නේ..?

    "බ.. බන්ටි.. නිරෝෂි අද ටිකක් එක විදියක් වගේ.. බින්දුවත් එක්ක ඩිවෝස් වෙලාද දන්නෑ.."

    "ඒක තමයි මාත් බැලුවෙ.. මූණෙ එක හිනා කෑල්ලක්වත් නෑ.. හුටා.. අපි දිහා බලන්නෙවත් නැතුව අර පන්සල පැත්තට නේද යන්නේ..?"

    "ඒකනේ ලොකු පුතේ.. මේකි ඊයෙ රෑ ඇදෙන්වත් බිමට වැටිලා ඔලුව කොහේ හරි නරක තැනක වැදුනද දන්නෑ.. මෙලෝ වගතුවක් නැති විදියට බලපංකො අපිව පහු කරගෙන ගිය හැටි.. වරෙන් යන්න.. අපි ගිහින් අහමු, අපෙන් වෙච්ච වැරැද්ද මොකක්ද කියලා.."

    වැරැද්ද කියලා චාමික කියනකොටයි මට හරි වැරැද්ද තේරුණේ.. අම්මපා.. මෙච්චර වෙලා මගෙ මොළේ කොහෙද තිබුණෙ.. ළග පාතක ඇලක්වත් තිබුණ නම් මට හිතන්න තිබුණා ඒකෙවත් වැටිලා ඇති කියලා..

    "ශ..ල..නි.."

    මං ටිකක් සද්දෙට කතා කරා.. අපිවත් පහු කරන් පන්සල පැත්තකට යන්න හිටපු කෙල්ල නතර වුණා..

    "යකෝ.. මේ නිරෝෂි නෙමේ, ශලනි.."

    චාමිකට නිකම්ම කියවුණා.. ඔව් ඉතිං.. මං ශලනි කියලා කතා කරපු හන්දා හොදයි.. නැත්නම් මූ තාමත් නිරෝෂි කිය කිය බෙරිහන් දෙනවා.. දැන් එනවා මෙතන කංකුන්ඩා වගේ රෝල් වෙන්න..

    "ඔ.. ඔයා මටද කතා කරේ..?"

    ආපහු හැරිලා කෙලින්ම මං ගාවට ආපු කෙල්ල මගේ මූණ ගිලින්න වගේ බැලුවා.. ඒ තරු ඇස්, මගේ ඇස් පලාගෙන ඇතුළට යද්දි, එයා අඩුවක් නැතුවම මාව පරික්ෂා කරනවා කියලා මට දැනුණා..

    "ඔව්.. ඔයාට තමා.."

    "ඒ කියන්නෙ ඔයා තමයි, ඊයෙ මට ෆෝන් කලේ..?"

    "ආ.. ෆෝන් කලේ නම් මම නෙමෙයි.. මෙන්න මේ චාමික.."

    ලොකු පුතාගෙ ඇස් දෙක නළලටම ගියා.. උගේ මුළු මූණෙම ලියැවිලා තිබ්බෙ වචන පේළියයි.. 'මොන සහගහන අපරාධයක්ද තෝ මේ කරේ..?' කියනෙක..

    "එතකොට කවුද නිරෝෂිගෙ බොයි ෆ්‍රෙන්ඩ්..? ඒත් මෙයාමද..? එහෙමත් නැත්නම් ඔයාද..?"

    "ආ.. නිරෝෂිගෙ බොයි ෆ්‍රෙන්ඩ් නම් මෙතන නෑ.. ඌට බඩේ අමාරුවක් හැදුනා.. ඔයා එනවා කියලා කිව්වාම.."

     
    • Like
    Reactions: tharuolive

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලට හිචිස් ගාලා හිනාවක් පැන්නා.. ඇස් දෙකත් පුංචි කරගෙන කෙල්ල හිනාවෙනකොට අමුතුම ගතියක් තියෙනවා.. ඇටකිච්චා උනත් මේ තරම් පැණි පෙරන්න ඇතිතේ, මේ ලස්සන මීට කලින් දැකපු හින්දා වෙන්නැති..

    "බඩේ අමාරුවක් හැදුණා..?"

    "ඔව්.. ඔයාලා දෙන්නා මාරුවෙයි කියලා.."

    "ඒක නම් එහෙම තමයි.. ඉතිං මට එන්න කියලා කිව්වේ..?"

    දෙකක් නෑ.. මෙයත් නිරෝෂි වගේම තමයි.. ඇදකුද නැතුව කෙලින්ම කතාවට බහිනවා.. බන්ටි කොහොමත් කැමති ඒ වගේ ගෑනු දරුවොන්ට තමයි..

    "ලොකු පුතේ.. අපි මෙතන ඉදන් කතා කරන්න ගියොත්, මේ යන වාහන කන්දරාවෙන් එකකට අඩයක් වෙනවා බුදු ෂුවර්.. ඒක හන්දා අපි පන්සල ළගටවත් යමු.."

    චාමිකගෙ කතාව සීයට පන්සීයක් ඇත්ත හින්දා මං ශලනි දිහා බැලුවා..

    "ඔව්.. චාමික කියනෙක හරි.. අපි අතෙන්ට යමු ලොකු පුතේ.."

    ශලනි ඒක කියපු තාලෙට මට බකස් ගාලා හිනාවක් ගියා.. චාමිකත් හිනාව තද කරගෙන අනිත් පැත්ත බලාගත්තා.. බලන් ගියාම ශලනිත් මං වගේ තමයි.. ගැටඹෙ පන්සල ළගට ගිහිල්ලත් මං කල්පනා කරේ මේ කතාව කොතනින් පටන් ගන්නද කියලා..

    "ඉතිං.."

    ශලනි ආයෙත් මගෙ මූණට එබුණා.. නිරෝෂිගෙ මූණෙ තියෙන හැඩේට හුගාක් සමානකම්, එයා ළග තිබුණත්, හිතා ගන්න බැරි විදේශික ගතියක් ඒ මූණෙ තිබුණා.. ඒ දේ ශලනිට ලොකු සිරියාවක් ගෙනාවා.. ඒ සිරියාව විතරයි, නිරෝෂිගෙ අඩුවකට තිබුණෙ.. අනික ඉතිං මේ දෙන්නව මාරු නොවෙන්න මොකක් හරි අවයවයක් තියෙන්න එපැයි.. ඒතවත් ඉතිං එක වගේද මංදා..

    "මට මුකුත්ම කියන්න නැද්ද ලොකු පුතේ..?"

    "කියන්නෙ මොනවද කියලයි මං කල්පනා කලේ.."

    "ඒ කියන්නෙ කියන්න දේවල් නැද්ද..? එහෙමත් නැත්නම් කියන්න තියෙන දේවල් හුගාක් වැඩිද..?"

    "එච්චරම දෙයක් නම් නෑ ශලනි.. මට තියෙන්නෙ ඔයාගෙන් ප්‍රශ්න දෙක තුනකට උත්තර දැනගන්න.."

    "ඒ මොනවද..?"

    "ඔයාල ආයෙත් එක පවුලක් වගේ ඉන්න කැමති නැද්ද..?"

    "පවුලක් වගේ කිව්වේ..?"

    "ඔයයි, නිරෝෂියි, අම්මයි, තාත්තයි.."

    මෙච්චර වෙලා ලස්සනට හිනාවෙන් පිපිලා තිබුණ මූණ අදුරු වෙලා ගියා.. මං වැරදි දෙයක්වත් කිව්වද..? කරුමෙට හරි ඒකෙ අසභ්‍ය දෙයක්වත් ගෑවිලා තිබුණද..? කෙල්ල මං දිහා බලන් හිටියෙ එහෙම දෙයක් කන් දෙකට ඇහුණා වගේ..

    "ම.. මං කැමති උනත්, තාත්තා ඒකට කැමති නෑ.."

    "ඇයි ඒ..?"

    "තාත්තා හුගක් කළකිරීමෙන් ඉන්නේ.."

    "කවුරු ගැනද..? මොකක් ගැනද..?"

    "මට දැනෙන විදියට අම්මා ගැන.. ඒකනේ නිරෝෂිවයි, අම්මවයි මෙහේ දාලා තාත්තා මාව අරන් රට ගියේ.."

    "අම්මා ගැන කළකිරෙන්න හේතුවක් තිබුණද..?"

    "මනුස්සයෙක්, තවත් කෙනෙක් ගැන හුගාක් කළකිරෙන්න හේතුවක් තියෙන්න ඕනනේ.. ඇත්තටම තාත්තටත් හේතුවක් තිබුණා.. සහර විට මම නොදන්න තවත් හේතු ඇති.. ඒත් දැන් මේවා ආයතේ මතක් කරනෙකේ තේරුමක් තියෙනවද..?"

    ශලනි ඇහුවෙ හොද ප්‍රශ්නයක්.. මේ වෙනකොට අපේ කතාවත් සෑහෙන්න ඉහළ තලයකට ඇවිල්ලා තිබුණා.. චාමික කතාවට සම්බන්ධ වුණේ නැතත ඌ සියල්ලම සාවධානව අහගෙන හිටියා.. ඒකම මැදැයි මේ වෙලාවෙ හැටියට..

    "තේරුම් ඕනෙ තරම් තියෙනවා ශලනි.."

    "හරි.. මටත් ප්‍රශ්නයක් තියෙනවා ලොකු පුතාගෙන් අහන්න.."

    කෙල්ල මට දිගින් දිගටම ලොකු පුතා කියයි වගේ.. ඒකගෙ ආඩම්බරකමටද මංදා මගෙන් නම ඇහුවෙ නෑනේ.. බන්ටි ඉතිං කොහොමත් පැනලා දෙන්නෙත් නෑනේ..

    "ඒ මොකක්ද..?"

    "ඊයෙ මට කෝල් කරපු වෙලාවෙ, කතා කරපු කෙනා කිව්වෙ, නිරෝෂිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා.. ඉතිං ඒ බෝයි ෆ්‍රෙන්ඩ්ට නැති කැක්කුමක්, අපේ ෆැමිලි එක එකතු කරන්න ඔයාලට තියෙන්නෙ ඇයි..? ඔයාල මට මේ බොරුවක් නෙමේ නේද කරන්නේ..? ඇත්තටම මං මෙතෙන්ට ආවෙ, ඒ කෝල් එකෙන් පස්සෙ, නිරෝෂිත් එක්ක ගෙවිලා ගියපු පුංචි කාලෙ ලස්සන දවස් මගේ හිතට ඊයෙ රෑ පුරාම වද දුන්නු නිසා.. ටෙලිෆෝන් කෝල් එකක් විශ්වාස කරලා මං මෙතෙන්ට ආවෙත් ඒ හින්දා.."

    "කතා කරපු කෙනා, නිරෝෂිගෙ බොයි ෆ්‍රෙන්ඩ් කියලා කිව්වෙ නෑනේ.. ඔයා අහපු ප්‍රශ්නෙට එයා කිව්වෙ කැමති දෙයක් හිතාගන්න කියලනේ නේද..?"

    "ඒ කියන්නෙ කෝල් එක දුන්නෙ ඔයා..?"

    "ඒකටත් කැමති දෙයක් ඔයා හිතාගන්නකෝ.."

    මං කිව්ව කතාවට කෙල්ලට ආයෙත් පුංචි හිනාවක් ගියා.. ඒ හිනාවත්තෙක්කම එයා තව ඩිංගක් මට ළංවුනා.. වෙන්න යන දේ හිතාගන්න බැරුවද කොහෙද චාමිකගෙ ඇස් දෙක ලොකු උනා.. මගෙත් නිකං ලාවට වගේ බට්ටා ගැහෙන්න ගත්තා.. බට්ටා කියන්නෙ කවුද කියලද ඇහුවේ..? අම්මපා ඒකවත් දන්නැද්ද හලෝ..? බට්ටා කියන්නෙ හර්දය වස්තුවටනේ..

    "ඉතිං කියන්නකෝ.. මං තව පරක්කු උනොත් තාත්තා මාව හොයයි.."

    ඔන්න ඔය වගේ කතාවලට නම් බන්ටිට නහුතෙට තදවෙනවා.. එකකොට අර ඇටකිච්චා එක්ක නුවර ටවුමෙ හතර වටේ රවුම් ගහනකොට ඔය තාත්තා කොහෙද දන්නෑ හිටියේ..

    "කියන්න තියෙන්නෙ නම් මේකයි.. ඔයයි, නිරෝෂියි එකතු වෙලා අම්මවයි, තාත්තවයි එකතු කරන්න.. ඔයාල දෙන්නට ඒක කරන්න පුළුවන්.."

    "මං හිතන්නෑ ලොකු පුතේ.."

    "හැම වෙලාවෙම බහින කලාවෙන් කතාව පටන් ගන්නෙපා ශලනි.. ඕනම දෙයක් බෑ කිව්වොත් බෑම තමා.. පුළුවන් කියලා පටන් ගත්තොත් වැඩේ නැගලා යයි.."

    "මං තාම නිරෝෂිවවත් හම්බ වුණේ නෑනේ.. අනික අපි දෙන්නා අන්තිමට හම්බවෙලා අවුරුදුම කීයක්ද..? ඉස්සර පුංචි කාලමෙගේ ළග ඉදපු නිරෝෂි දැන් හුගාක් වෙනස්වෙලා ඇති.."

    "වෙනස් වෙන එක කාටත් පොදු දෙයක් ශලනි.. ස්වභාව ධර්මයට අනුව, වෙනස් වෙන්නැති කෙනා වද වෙලා යනවා.. ඒක මිනිහටත් පොදුයි.. අන්න ඒ පොදු ධර්මතාවෙ ඇතුලෙ අපි ජීවිතේ හරි හමන් විදියට ඉස්සරහට අරගෙන යන්න ඕන.. ඔයාලට ඒක පුළුවන්.."

    මං ටිකක් බර වචන දාලා සිරා විදියට කිව්වා.. මං දන්නවා මේ කතාව සෑහෙන්න ශාස්ත්‍රීයයි කියලා.. ඒත් කමක් නෑ.. ඔය වචන වලින් එක පේළියක් හරි කෙල්ලට තේරුණා නම් මට ඇති..

    "මම කොහොමද ලොකු පුතා, තාත්තගෙ හිත වෙනස් කරන්නේ..? අවුරුදු ගානක් තිස්සෙ හිත ඇතුළෙ කැකෑරි කැකෑරි තියෙන තුවාලවල් එකපාරටම සනීප කරන්න පුළුවන්ද..? මට නම් තේරෙන්නෑ.."

    "අපිටත් තේරෙන්නෑ තමයි.. ඒත් කැකෑරි කැකෑරි තියෙන තුවාලවල් වල බෙහෙත් ඩිංගක් දැන් ඉදන්වත් ගෑවොත් අනාගතේට හරි හොදවෙයි.. මොකද කැකෑරෙනවා කියලා දැන දැනත් නිකං ඉන්න ගියොත්, දන්නෙම නැතුව කුණුවෙලා යයි.."

    "ඔයා කියන්නෙ බය හිතෙන කතානේ.."

    "බය හිතෙනවද නැද්ද කියලා මං දන්නෑ.. ඒත් මං හිතනවා, ඔයා ඉක්මනට වැඩේ අත ගැහුවොත් හොදයි කියලා.."

    "හොදයි.. මං ඔයා කියන දේ කරන්න බලන්නම්.. ඊට කලින් මට නිරෝෂිගෙ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න.. ඔක්කොටම කලින් මං නිරෝෂිව හම්බවෙලා ඉන්නෝන.."

    "හරි.. එහෙනම් ඔයාල හැමෝටම එකට එක්කහු වෙලා සතුටින් සාමදානයෙන් ඉන්න ලැබේවා කියලා මායි, චාමිකයි ප්‍රාර්ථනා කරනවා.."

    "ඔයාලා ඔය යන්නද හදන්නේ..?"

    "ඔව්.. අපේ ඩියුටිය හරි.. දැන් තියෙන්නෙ ඔයාගෙ ඩියුටිය. ඒක හරියට කරන්න බලන්න.."

    "තව දෙයක් ලොකු පුතේ.."

    "ඒ මොකක්ද..?"

    මේ කෙල්ල ලොකු පුතේ කියන තාලෙටත් හිනා යනවා.. චාමිකත් කට තද කරගෙන ඉන්නෙ, හිනා යන්න එන හින්දා වෙන්නැති..

    "ඔයා මේ විදියට කැපවෙලා, කාලෙ නාස්ති කරගනෙ මේ දේවල් කරන්නෙ ඇයි..? ඔයාට මේකෙන් මොනවා හරි ලැබෙනවද..?"

    "මේකෙන් මට කිසිම දෙයක් ලැබෙන්නෑ ශලනි.. ඇත්තටම මුකුත්ම නෑ.. මං මේ හැමදේම කරන්නෙ යාලුකම වෙනුවෙන්.. එච්චරයි.."

    කෙල්ල එතනින් එහාට වචනයක්වත් කිව්වෙ නෑ.. හුගාක් තදට මගේ මූණ දිහාට එබිලා, ආපහු හැරිලා යන්න ගියා.. ඒක ඇත්තටම හරි සුන්දර සමුගැනීමක්.. අඩුම ගානෙ යනවා කියලවත් කිව්වෙ නෑ.. ඒත් ඒ ලස්සන ඇස්වල ආයෙත් මාව හම්බවීමේ උවමනාව තියෙනවා කියලා මං දැක්කා..

    "කොහෙන්ද බං අර සංස්කෘත වචන හොයාගත්තේ..? මාව හිරිවැටිලා ගියා ලොකු පුතේ.."

    "කෙල්ලෙක් ළග ඉන්නකොට බන්ටිට ඕවා ඉබේම එනවා චාමික.. ශලනිගෙ ළග ඉද්දි, උඹ මොකද සද්ද වහලා හිටියේ.. මමම විතරනේ බං කතා කළේ.."

    "කතා කරන්නෙ කොහොමද ලොකු පුතේ.. ඒකි තනිකරම මගේ රෝල් එකනෙ ඇක්ට් කරේ.."

    "මට තේරෙන්නෑ.."

    "ඇයි බං.. ඒකි ලොකු පුචා, ලොකු පුචා කියලා ඉවරයක් නැතුව කතා කරද්දි රුපියල් අස්සෙ සතේ එව්වා ගහන්න ඕන්නෑනේ.. මං පාඩුවෙ හිටියා.."

    ලොකු පුතා කියන එකට චාමික කිව්වෙ ලොකු පුචා කියලා.. ඇත්තටම ශලනි ඒ වචනෙ කියද්දි ආවෙ එහෙම වොයිස් එකක් තමයි.. ඒක මතක් වෙලා මටත් හිනා ගියා.. ඒ හිනාවත් එක්කම මං චාමිකයත් ඇදගෙන කහ ඉර පනින්නයි හැදුවේ.. ඒත්..?

    "තමුසෙලා දෙන්නගෙන් කවුද නලින්ද කියන්නේ..?"

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සද්දෙ ආවෙ කොහෙන්ද කියලා බලන්න මං හැරුණා.. චාමික කහ ඉර මැද්දෙ.. හොදට ඇග පත තියෙන සුදු උස මනුස්සයෙක් කහ ඉර පටන් ගන්න තැන හිටගෙන ඉන්නවා මං දැක්කෙ එතකොට..

    "මෑන් අපෙනුයි ප්‍රශ්නෙ ඇහුවේ.."

    කහ ඉර මැද්දෙ හිටපු චාමික, මගේ ළගට ආවා.. වෙන වෙලාවක නම් පාඩුවෙ ඉන්නවා උනත්, නලින්ද කියන නම තිබ්බ හන්දා මං චාමික එක්ක මෑන් ළගට ආවා.. මේකා මොකාද මංදා.. ජීවිතේට දැකලා පුරුද්දක් නෑ..

    "අපෙන්ද ඇහුවේ..?"

    මටත් කලින් චාමික පැනලා දුන්නා.. මම නම් කතාව පටන් ගන්න හැදුවෙ ඔහොම නෙමෙයි..

    "ඔව්.. තමුසෙලාගෙන් තමයි.."

    "ඊට කලින් තමුසෙ කවුද කියලා අපිට කියනවා.."

    චාමික ආයෙත් කතා කරන්න හදද්දි මං ඉස්සරහට පැන්නා.. චාමිකට මේවා තේරෙන්නෑ.. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි දෙන්න ඕන..

    "මම කවුද කියලා තමුසෙලාට වැඩක් නෑ.. මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා.."

    "බලකිරීමක්ද..?"

    ඒක නම් මං ඇහුවෙ කොක්කටම තමයි.. මොන නසරාණියෙක්ද මේ..? දැන් ඩිංගකට කලින්, හින්දි නිළියක් වගේ කෙල්ලෙක් එක්ක රසබර කතාබහක ඉදලා, දැන් මට නියැලෙන්න වෙලා තියෙන්නෙ කක්කා පැකට් එකක් එක්ක වගේ..

    "කැමති විදියකට හිතාගන්නවා.."

    "මූ හදන්නෙ අපට බලහත්කාරකමක්වත් කරන්නද ලොකු පුතේ..? බලපංකො ඇගේ සයිස් එක.. එන්නෙම නුහුරට වගේනේ.."

    "බය නැතුව ඉදපං බං.. මූ වැඩිය උඩ පනින්න ආවොත් මං උගේ පිලමන්ට් එක ගලවනවා.. ඒකෙ දෙකක් නෑ.."

    "මොනවද තමුසෙලා දෙන්නා කුටු කුටු ගාන්නේ..? මං අහපු ප්‍රශ්නෙ මතකද..? තමුසෙලා දෙන්නගෙන් කවුද නලින්ද කියන්නේ..?"

    "තමුසෙ පොලීසියට ගියේ නැද්ද..?"

    "ඇයි..?"

    "ඇයි අහන්නෙ..? අතුරුදන් වීම්, හදුනා නොගත් මළසිරුරු එහෙම තියෙන්නෙ එහේ.. ඒකයි.."

    "ඒ කියන්නෙ නලින්ද කියන එකා මෙතන නෑ.."

    "මං හිතන්නෙ නෑ.. හිටියත් අපි කියන්නෙත් නෑ.."

    "ඒකත් එහෙමද..? මට පේන්නෙ මේ කතන්දරේ තමුසෙලාත් එක්ක මේ විදියට කතා කරලා වැඩක් නෑ.."

    ඒ කියන්නෙ, වලියකට සෙට් වෙමු කියලනේ.. ප්‍රශ්නයක් නෑ.. කොහෙන් ආපු අලගොඩුවෙක්ද මේකා..?

    "එහෙනම් හොද විදියකට කතා කරමු බලන්න.. අපිත් කැමතියි වෙනස් වෙනස් අත්දැකීම් බලන්න.."

    මෑන්ගෙ මූණ කේන්තියෙන්ද මංදා රතුපාටට හැරිලා තිබුණා.. කරන්න දෙයක් නෑ සනා.. ඔයා වැරදි තැනෙන් කුඹුරට වතුර හැරෙව්වේ..

    "තමුසෙලා නලින්දව අසුනනවද..?"

    "ඉස්සෙල්ලත් කිව්වෙ, ඇදිනුවත් අපි කියන්නෑ කියලා.."

    "තමුසෙත් එක්ක කොහොම කතා කරන්නද කියලා මට නම් තේරෙන්නෑ.. තමුසෙ දන්නවද මං කවුද කියලා..? මගේ කේන්තිය ඇවිස්සෙන්න කලින් මට උත්තරේ දෙනවා.."

    "තමුසෙ කවුරු උනත් අපිට කමක් නෑ.. අපි තමුසෙට බයත් නෑ.. ණයත් නෑ.. අනික තමුසෙගෙ කේන්තියට වඩා මගේ කේන්තියෙ රස්නෙ වැඩියි.. ගෑවුනොත් පිච්චෙනවා.."

    මං ටිකක් අලි කතාවක් කිව්වා.. නැතුව බෑනේ අප්පා.. මෑන්ම අපිට කතා කරලා, අපිට බයිට් වෙන්න බෑනේ..

    "කෝ බලමු පිච්චෙනවද කියලා.."

    කතාවත්තෙක්කම, විදිල්ල වගේ මගේ ඉස්සරහට ආපු මෑන් මගේ පපුවට අත තියලා, හයියෙන් තල්ලු කරලා දැම්මා.. මට බින්දුවක්වත් හිතන්න වෙලාවක් තිබු‍ණෙ නෑ.. ඇත්තටම මිනිහගෙන් මං ඒ වගේ ඉක්මනක් බලාපොරොත්තු උනෙත් නෑ.. ගැටඹෙ පන්සල ඉස්සරහදිම මං හතර ගාතෙ දාලා බිමට ඇදන් වැටුණා.. ඒ වැටීමත්තෙක්කම මං දනි පනි ගාලා නැගිට ගත්තෙ මහා කේන්තියකින්.. මේකා හයේ හතරෙ නෙමෙයි, අටේ දොළහෙ උනත් දෙන එක දෙනවා කියලා මං හිතාගත්තා..

    "චාමික ගහපං.."

    චාමිකට ඔලුවෙන් කතා කරන ගමන් මං සුදු මහත මනුස්සයා ඉස්සරහට පැන්නා.. අද තමයි උඹ දැනගන්නෙ, පුංචි උනාට කොච්චර සැරයිද කියලා.. ඒත්..?

    "අප්..ප..ච්චී.."

    මහා සද්දෙට කෑගහගෙන එකපාරටම මායි සුදු මහත මනුස්සයයි අතර මැද්දට පැනපු කෙනාව දැක්කම මාව ගැස්සිලා ගියා.. දෙයියන්ටම ඔප්පු වෙන්න, මේ මනුස්සයා එතකොට ශලනිගෙ තාත්තද..? මට මුකුත් හිතාගන්න බැරිවුණා..

    "ඔ.. ඔයා මොනවද අප්පච්චි මෙතන කරන්නේ..? ඇයි.. ඇයි මේ චාමිකයි, ලොකු පුතයි එක්ක රණ්ඩු වෙන්නේ..?"

    කෙල්ලගෙ කටට සට පට ගාලා වචන ආවා.. ඒකත් හොදයි.. නැත්නම් බන්ටි තවත් අනාගන්නවා..

    "කවුරු.. ලොකු පුතා..?"

    "ඔව්.. චාමික, මෙයාට කතා කරන්නෙ එහෙම තමයි.."

    "එතකොට මෙතන නලින්ද කියන එකා නැද්ද.."

    "නලින්ද කොහෙද අප්පච්චි මෙතන..? අනික ඒ සම්බන්ධකම් මං නවත්තලා හුගක් කල්.. අප්පච්චි ඇයි මේ පාර යන ළමයි එක්ක රංඩු කරන්නේ..?"

    පාරෙ යන ළමයි..? ඒ වචන තුන නම් බන්ටිට හොදටම වැදුනා.. ඒ කියන්නේ, මේ බන්ටි පාරෙ යන ළමයෙක්.. මදැයි උදව් කරන්න ඇවිත්, කැත නැතුව අහගත්ත දේවල්.. චාමිකගෙ මූණෙත් මහා කුණු හිනාවක් මතුවුණා..

    "ඔයා, මේගොල්ලත් එක්ක හුගාක් වෙලා මෙතන කතා කර කර හිටිය හින්දා, මං හිතුවා මෙතන නලින්ද ඇති කියලා.. පහුගිය දවස්වල ඔයා හුගක් දුක් වින්දනේ.. මං ඉතිං බයවුණා, ඔයා ආයෙත් නලින්ද එක්ක පැටලෙයි කියලා.."

    "පිස්සුද අප්පච්චි.. මෙයාලා හුගක් හොද අය.. මෙයාලා ඇවිත් තිබුණෙ මට උදව් කරන්න.."

    "මම ඉද්දි ඇයි ඔයාට කාගෙන්වත් උදව්..?"

    "ඒ ගැන මං ගෙදර ගියාම කියන්නම් අප්පච්චි.. අපි දැන් මෙතනින් යමු.. අනේ.. මං හින්දා ඔයාලට ලොකු කරදරයක් නේද උනේ.. මට සමාවෙන්න.."

    "ආ.. ඒක ප්‍රශ්නයක් නෑ.. පාරෙ යන ළමයින්ට ඔය වගේ දේවල් ගානකුත් නෑ.. ඔයා අප්පච්චිත් එක්ක පරිස්සමට ගෙදර යන්නකෝ.."

    කැපිල්ලට වගේ මං කියද්දි ශලනිගෙ මූණ කලුවෙලා ගියා.. කරන්න දෙයක් නෑ බබා.. ඔයාගෙ මැලේසියන් අච්චාරු තමයි, ආපිට මං ඔයාට බේදුවේ.. දැන් ඉතිං පාඩුවෙ බත් ටික කන්නකො දෙයියනේ කියලා..

    "එහෙනම් අප්පච්චි, අපි ගිහින් එන්නම්.."

    මෙච්චර වෙලා කට වහගෙන ඉදපු චාමිකත්, වැදගත් කතාවක් කිව්වා.. ඒත් ශලනිගෙ අප්පච්චි, මූණ අච්චාරු කරගෙන ඔරං ඔටං වගේ හිටියා මිසක අපි දිහා විහිලුවටවත් බැලුවෙ නෑ.. උඹට හොද නම් අපිට මොකෝ බං.. අපේ නම් උඹ ගැන කැතක් නෑ.. දෙකක් දීගන්න බැරිවුණා මිසක..

    "අ.. අපි යනවා චාමික.."

    ශලනි යනවා කියලා කිව්වෙ චාමිකට.. ඒත් එයාගෙ ඇස් තිබ්බෙ මගෙ මූණ මැද්දේ.. අම්මපා ගෑනු ළමයින්ට පිස්සුද මංදා.. වෙන එකෙක්ගෙ මූණක් දිහා බලාගෙන තව එකෙකුට යනවා කියලා කියන්න.. ඔන්න වපර මනුස්සයෙක් නම් කමක් නෑ.. මේක නිකං පිං වපරයක් බලෙන් ගන්නවා වගේනේ..

    "හප්පේ.. ඇයි ඔයින් ගියා.. උඹට තුවාලද බන්ටි..?"

    ශලනියි, අප්පච්චියි ටිකක් ඈතට ගියාට පස්සෙ චාමික මට ළංවෙලා ඇහුවා.. පුදුමයි මූට බන්ටි කියලා කියවුණ එක, ලොකු පුතා කියලා නොකියා..

    "නෑ.. වැලමිට දෙක ඩිංගක් හීරුනා.. අර පතබරියා වළහෙක් පැන්නා වගේනේ මගේ ඇගට කඩන් පැන්නේ.."

    "හැබැයි බන්ටි.. කෙල්ල ආවෙ නැත්නම්, ඔය වළස් නාම්බා පන්සල ඉස්සරහදිම අපෙන් කනවා.."

    ඒක ඇත්ත.. මොනව උනත් ඔක්කොම අවමගුල් වෙන්නෙ හොදටලු.. නෑ කියනවද..? නැත්තෙ නෑ.. වැඩේ ඇත්ත..

    "ඒකා පටන් ගත්ත වෙලාවෙ ඉදලම ගේම ඉල්ලුවනේ.. මිනිහා හරි නීතිකාරයෙක් වගේ චාමික.. ශලනිගෙයි, නිරෝෂිගෙයි අම්මට මේකව එපා වෙන්න ඇත්තෙත් ඔය වගේ හේතු හින්දා වෙන්නැති.. දැන් උනත් දැක්කෙ නැතෑ රහස් පරික්ෂකයා වගේ අර කෙල්ල පස්සෙන් ඇවිත්, අපි එක්ක අරගත්තේ.. මහ මෝඩ මනුස්සයෙක් බං.. ඩිංගක් හොයලා බලලා, හිතලා මතලා එකා කරන්න එපැයි.. ගඩා ගෙඩි කඩන් කන එකා වගේ නැට්ට පාගන් මැද්දට පැන්නේ..?"

    මගේ හිතේ තියෙන තරහා මං පිට කෙරුවෙ වචන වලින්.. ශලනිගෙ අප්පච්චි තියා කවුරු උනත්, මාව තල්ලු කරලා දැම්මට, දෙක තුනක් ඇන ගන්න බැරිවීම ගැන මං හිටියෙ හුගාක් හිතේ අමාරුවෙන්..

    "හරියටම හරි බන්ටි.. ඒකා නැට්ට පාගගෙනම තමයි.. හප්පට සිරි.. මේ මොකාද බං මේ..?"

    චාමිකගෙ ඇස් තිබ්බෙ, මගේ පිටිපස්සෙ.. මාත් තත්පරේට ඒ දිහාට හැරුණා.. තවත් කුණ්ඩවාලියක්ද දන්නෑනෙ..

    "හ්..හ්ග්.. මොකක්ද අර අන්තිමට කිව්ව කතාව..?"

    මායි, චාමිකයි ඉස්සරහට ආයෙත් ආවෙ ශලනි.. මං වටපිට බැලුවෙ එයාගෙ අප්පච්චි කොහෙද කියලා බලන්න.. ඒත් මනුස්සයා පේනතෙක් මානෙක හිටියෙ නෑ..

    "මොන කතාවද..?"

    "අ.. අර පාරෙ යන ළමයි කියලා කතාවක් කිව්වේ..?"

    "ඒ කතාව මං නෙමේනේ කිව්වෙ.. ඔයානේ.."

    "ම.. මං ඒක කිව්වෙ අප්පච්චිටනේ.. අනික ඒ අවස්ථාවෙ හැටියට වෙන වචනයක් මගේ කටට ආවෙ නෑ.."

    "හරි.. හරි.. ඔයා ඕන විදියට කතා කරන්න.. ඒකට මගේ තහනමක් නෑ.. අනික එහෙම තහනම් කරන්න මං කවුද..?"

    "ඇ.. ඇයි ඔයා ඔහොම කතා කරන්නේ..? ඔයා හදන්නෙ මාව අඩවන්නද..? අප්පච්චි මග දාලා මං ආයෙත් දුවගෙන ආවෙ ඔයා එක්ක කතා කරලා යන්න.. එහෙම නැතුව හිත රිද්දගන්න නෙමෙයි.."

    "කතා කරලා යන්න..?"

    "ඔව්.. ම.. මං ආයෙ ඔයා එකක් කතා කරලා යන්න.."

    "මට ඒක විශ්වාස කරන්න බෑ.."

    "ඇ.. ඇයි..?"

    "ඇයි කියන්නේ..? ඔයා මේ මං කියපු කතාවක් ගැනනේ අහන්න ඇවිත් තිබුණේ..? ඒක එතකොට කතාවක් වෙනවද..?"

    "දෙ.. දෙයියනේ.. මගෙත් එක්ක රංඩුවෙන්න හදන්නෙපා.. අ.. අපි හම්බවෙච්ච පළවෙනි දවසත් අද.. ඔයා හදන්නෙ ඒක අන්තිම දවස කරන්නද..?"

    "ඔයා කැමති නම් ඒත් කමක් නෑ.. මං ඕන දේකට කැමතියි.."

    "ඔයා.. ඔයා නම් හරිම නරකයි.. හරි කමක් නෑ.. ඔයා ඕන දේකට කැමතියි කිව්වනේ.. මං හෙට හවස දෙකට ජෝයි බෝට් එක ළගට එනවා.. ඔයත් එන්නම ඕන.. මං යනවා.."

    මට වචනයක්වත් කියන්න නොදී ඒ ටික කියලා කෙල්ල ආපහු දුවගෙන ගියා.. මැදැයි.. කෙල්ල මගේ වචන වලින් මටම ඇල්ලගෙන ගැහුවනේ.. දැන් මොකද කරන්නේ..?

    "අහිංසකකමට හිටියට කෙල්ල අන්තිමට ඕන තැනට ආවනේ බන්ටි.."

    ආපහු ගෙදර එන්න හදද්දි, චාමික මගේ පිටට ගැහුවා..

    "ඒ කිව්වේ..?"

    "ඇයි උඹව හම්බවෙන්න ඒකි දවසක් දාගත්තනේ.."

    "ඒ මං ගියොත්නේ චාමික.."

    "පිස්සු හැදෙනවා.. ඒ තරම් ආරාධනාවක් ලැබිලත් උඹ යන්නැද්ද ලොකු පුතේ.. ඒකි උඹට බොක්කෙන්මනේ ආරාධනේ දුන්නේ.. අනේ මංදා.. උඹ මොන තැනකින් උපන් එකෙක්ද කියලා.. උඹේ ඔය ලග්න පලාපලේ කෙල්ලෙක් කියලා නාමයක් නැද්ද..?"

    "තාම නෑ චාමික.."

    "එතකොට නෙත්මි.. උඹට පැලෙන්න ආදරේනේ.."

    "මට තේරෙන්නෑ.."

    "බොරු කියන්න විතරක් නම් එපා ලොකු පුතේ.. මේ පහුඋන දවසක් වෙනකන් උඹේ හිතේ ඒකි හිටියා.. දන්නැති වෙන්නෙ කොහොමද..? මට පේන්නෙ, උඹට හරියන කෙල්ලව තාම දෙයියො මවලා නෑ.."

    "ඔය පිස්සු කතා නවත්තලා ගෙදර යමං.. නෙත්මි ගැන මගේ හිතේ තියෙනවා තමයි.. ඒත් ඒක ආදරයක්ද කියලා මං දන්නෑ.. මට එහෙම දෙයක් තාම හිතිලා නෑ.."

    "මාර කතාවක්නේ ලොකු පුතේ උඹ කියන්නේ.."

    "මාර කතාවක් හරි, ඥාන කතාවක් හරි මං කිව්වෙ ඇත්ත.. ආයෙ අපි ඒ ගැන කතා නොකර ඉමු.."

    මං කතාවට ෆුල්ස්ටොප් එක තිබ්බා.. ඇත්තනේ අප්පා.. ඔය මළ ඉලව් ආදරේ ගැන කතා කරන්න ගියොත් කොහේ කොහේ ගිහින් නතර වෙයිද දන්නෑනේ..

    "ඒ කියන්නෙ උඹ හෙට ශලනිව හම්බවෙන්න යන්නෑ.."

    අමම්පා ඔන්න ඕකනේ මුං එක්ක කිසි දෙයක් කරන්න බැරි.. මම කතාව නවත්තලත් ඉවරයි.. මූ ආයෙත් මද කිපිච්ච ඇතා වගේ ඒකම අහනවා.. මුංට කොහොමද දෙයක් උගන්නන්නේ..

    "දැන් එක පාරක් කිව්වනේ නෑ කියලා.. මාව මළ යකෙක් කරගන්නැතුව සද්ද වහලා යමං.."

    එතන ඉදලා ගලහ පාර ගාවින් චාමික බහිනකල් වචනයක්වත් කතා කලේ නෑ.. ඒත් චැලියෙන් බැහැලා ටික දුරක් පයින් ගිහිල්ලා, ආපහු හැරිලා අත පුරෝලම සැලියුට් පාරක් දැම්මා.. උගේ මූළු මූණම පිරිලා තිබ්බෙ ලොකු හිනාවකින්. ඒ හිනාවත්තෙක්කම එකතුවෙලා මං චැලිය ඉස්සරහට ගත්තා..

    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-07.jpg


    07.png


    "බේබි නැන්දේ.. මුකුත් කන්න නැද්දෝ..?"


    මං ගෙට ගොඩ උනේ කුස්සිය පැත්තෙන්.. අම්මප යක්කු දෙන්නෙකුයි, තව පොඩි එකෙකුයි කන්න තරමට බඩගිනියි.. උදේටත් ඒ තරම් හොදට කන්න බැරි උනානේ..


    "කන්න නම් ඕන තරම් දේවල් තියෙනවා.."


    දැන් ටිකකට කලින් තම්බපු අල වගයක් සුද්ධ කරන ගමන් බේබි නැන්දා කිව්වා.. මොකක්ද යකෝ ඒ කඩප්පුලි කතාව.. කන්න ඕන තරම් දේවල් තියෙනවා කියන්නෙ, අද මොකක් හරි එනවවත්ද..?


    "මේ තම්බපු අල ටිකද..?"


    "ඔව්.. බන්ටි මහත්තයා කැමති නම් කන්න.."


    "බේබි නැන්දෙ මේ.. පිස්සු නටන්නැතුව කියන්නකෝ.. වෙනදට අල කිරි හොදි හදන ගෙදර, අල බදින්න ලෑස්ති කරලා තියෙන්නෙ ඇයි කියලා.. කවුද අද කෑමට එන්නේ..?"


    ටයිල් කරපු කුස්සියෙ මේසෙ උඩින් තියලා තිබුණු කුකුල් මස් ගාත් දෙක දිහා බලන ගමනං මං ඇහුවා..


    "බන්ටි මහත්තයට නම් අර කාටද වගේ ඉව තියෙනවා.. ඒත් ඉතිං එන කෙනා එන්න දෙයක් නෑ.. ඇවිල්ලයි තියෙන්නේ.."


    "කවුද බේබි නැන්දේ..?"


    "අර බන්ටි මහත්තයා බොරු කිව්ව ගෑනු ළමයා.."


    බේබි නැන්දා ලාවට වගේ හිනාවෙලා කියද්දි මගේ බඩ පපුව දාලා ගියා.. දෙයියන්ට ඔප්පු වේචචාවි.. එතකොට මේ ඇවිත් තියෙන්නෙ නෙත්මිවත්ද..? එහෙම උනොත් නම් සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුළුයි කියලා තමයි බන්ටිට හිතන්න වෙන්නෙ.. දැන් කොහොමද නෙත්මිව මගාරින්නේ..?


    "ඔය ඇත්තමද..?"


    "මං කවදාවත් බේබි මහත්තයට බොරුවක් කියලා තියෙනවද..?"


    ඒකත් ඇත්ත තමා.. බේබි නැන්දා කිව්ව තරමක් කිව්වෙ ඇත්තනේ.. බන්ටිනේ පච හිල උනේ.. තවත් බලන්න දෙයක් නෑ.. කෑම එක ෂේප් එකේ උඩ කාමරේට එවන්න කියලා මං හෙමින් සීරුවෙ පඩිපෙල නැග්ගා.. මේ හැංගි මුත්තම නම් ලේසියෙන් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි වගේ.. මේකෙන් කොයි වෙලාවෙ හරි බන්ටි වලකජ්ජ ගහනවා..


    කාමරේට ආපු ගමන් මං නෙත්මි දීපු හෑන්ඩ් ෆෝන් එක අතට ගත්තා. තවත් මිස්ඩ් කෝල් අසූ තුනක් ඒ ස්ක්‍රීන් එකේ සටහන් වෙලා තිබුණා.. ඒ හැම කෝල් එකක්ම දීලා තිබුණෙ නෙත්මි.. මේ කෙල්ලට නම් පිස්සුද කොහෙද.. කෝකටත් කියලා මං කාමරේ දොරත් වහලා බැල්කනියට ඇවිත්, නෙත්මිගෙ නම්බර් එක ඩයල් කරා..


    "දෙයියනේ රන්දික.. මං ඔයාට කොච්චර නම් ෆෝන් කලාද../ ඔ්‍ය ෆෝන් එක තියෙන්නෙ ඔයා ළග නෙමෙයිද..? ඇ.. ඇයි රන්දික ඔයා මට මෙහෙම කරන්නේ..?"


    පිස්සු හැදෙනවා.. සතුටු සාමිචි මෙලෝ දෙයක් නෑ.. මෙන්න තොරණෙ විස්තරේ කෙලින්ම ප්‍රශ්න පත්තරේට දාලා.. දැන් ඉතිං නොනගතේ වෙලාවෙ තරහකාරයෙක්ගෙ ගෙදරට කියා වගේ තමා..


    "මං ඔයාට මුකුත් කලේ නෑ.. ඔයා මොනවද මේ කියන්නේ..?"


    "ඔව්.. ඔයා මට ශාරීරිකව මුකුත් කලේ නෑ තමයි.. ඒත් ඔයා මාව මානසික අතින් සෑහෙන්න පහළට තල්ලු කරලා දැම්මා.. අඩුගානෙ ඔයා මං ඉන්නවද, මැරුනද කියලවත් බැලුවද..? ඔයා.. ඔයා දන්නවද රන්දික.. බල්ලෙකුට බත් ටිකක් දැම්මොත් ඌ නැට්ට හරි වනනවා.. ඔයා ඊටත් වඩා පහත් විදියටයි හැසිරෙන්නේ.."


    ඒ කියන්නෙ බන්ටි, බල්ලෙක් කියලද මේ නෙත්මි නොකියා කියන්නෙ.. එයා ගොරෝසු හඩින් වචන පැටලි පැටලි කියපු ඒ කතාව, බන්ටිගෙ බොක්ක පලාගෙන ඇතුළටම ගියා.. මොන කරම් කඩප්පුලි කතාවක්ද..? මේ වගේ කතාවක් අහන්න තරමෙ වැරැද්දක් බන්ටිගෙ අතින් උනාද..? නෙත්මිටම තව තවත් කියවන්න දීලා තවදුරටත් නිහඩ වෙන්න මං තීරණේ කළා.. එයාගෙ හිතේ වේදනාවක් හරි, ඒ හා සමාන වෙන දෙයක් හරි තියෙනවා නම්, ඔහේ පිට කරලා ඇරපුවාවේ.. ඒත් ඒ වේදනාවට බන්ටි පළිද..?


    "ඔ.. ඔයාට යුතුකමක් තිබුණා රන්දික.. මට කෝල් එකක් දෙන්න.. ඔයා මගෙත් එක්ක කතා කරන්න අකමැති නම් ඒකත් කෙලින්ම කියන්න තිබුණා.. එහෙම නැතුව මාව දවස ගානෙ පුච්ච පුච්ච සත පහකටවත් ගණන් ගන්නැතුව හිටියෙ ඇයි..? මට මෙහෙම කරන්න, මං ඔයාට කරපු වරද මොකක්ද..?"


    'තවත් කියවන්නෙපා' කියලා අක්කා, නෙත්මිට කියන සද්දෙ ඒ කතාබහ අතරින් මට ඇහුණා.. නෙත්මිට කොහොම උනත් අක්කට තේරෙන්නැති මට තවත් මේවා දරාගන්න බෑ කියලා..


    "ඔ.. ඔයාගෙ හුගක් දේවල් මං දැන ගත්තම මං ඔයාට අනුකම්පා කරා.. ඔයා ගැන හුගාක් හිතුවා.. ඔයා කන්නෙ කොහොමද..? ඔයා ජීවත් වෙන්නෙ කොහොමද..? ඔයාට සල්ලි තියෙනවද..? ඔය හැමදේම මං කල්පනා කලා.. ඒ වගේ කල්පනා කරපු මට ඔයා දුන්නු තෑග්ග නම් ඉස්තරම් රන්දික.."


    තවත් නම් කට පියන් හිටියොත් බන්ටිට සොරිම තමා.. ඒක හන්දා මං කතාව පටන් ගත්තා..


    "ඔයාට මං හින්දා හිතේ අමාරුවක්, කරදරයක් උනා නම් මං අවංකවම ගණගාටු වෙනවා.. මට වෙලා තියෙන්නෙ මොකක්ද..? මට උනේ මොනවද කියලා කියන්න නොදී ඔයාගෙ සබ්බ සකලෙම කිව්වම එක ගැනත් මං ඔයාට ස්තුති වන්ත වෙනවා.."


    "මට.. මට ඔයාගෙ කණගාටුවෙන්වත්, අවංකකමෙන්වත්, ස්තුතියෙන්වත් වැඩක් නෑ.. ඒවා ඔයාම තියාගන්න.. මීට පස්සෙවත් කතාවෙන් වගේම වැඩ වලිනුත් හරි විදියට වැඩ කරන්න බලන්න.. ඔයාට මුකුත් ප්‍රශ්නයක් නම්, ඒක ෆෝන් කරලා මට කියන්න තිබුණා.. එහෙම නැතුවය මගේ හිත පුච්චන්න, බිංකුණ්ඩෙක් වගේ හැංගිලා ඉන්නෙක වීරකමක් නෙමෙයි.."


    "නෙත්මි.. ප්ලීස්.. ඔය කතාව නවත්තන්න.."


    පිස්සුවෙන් වගේ නෙත්මි කියවගෙන යද්දි ඒ අතරින් මට අක්කගෙ කටහඩ ආයෙම ඇහුණා..


    "නෑ.. නෑ.. සමුදි.. මට මේක මෙයත් එක්ක අද බේරගන්නම ඕන.. ම.. මං විදවන තරම දන්නෙ මං විතරයි.. ඒ.. ඒක ඔයාවත් දන්නවද..? සමුදි.. ඇත්තමයි මට.. මට දැන් පිස්සු වගේ.. ම.. මං කියන්නෙ මොනවද කියලවත් මට තේරෙන්නෑ.."


    "ඔයා, ඔය කොහෙද ඉන්නේ..?"


    කතාව ගලාගෙන ගිය පැත්ත ඒ තරම් හොද නැති හින්දා මං වෙන පැත්තකට හැරෙව්වා..


    "ඔයාගෙ අම්මා ඉන්න තැන.. එතන ඉදනුයි මං මේ කතා කරන්නේ.. ඔයා කොහෙද ඉන්නේ.."


    මං ඉන්නෙ නම්, ඔයා ඉන්න තැනට අඩි පහළොවක් විතර උඩින් කියලා ඔයා දන්නවා නම්, ඔයාගෙ පිස්සුව තවත් වැඩිවෙනවා.. ඒක බුදු ෂුවර්..


    "මං කොහේ හිටියත්, ඔයාට ඒකෙන් ඇති වැඩක් නෑ.. ඔයා හුගාක් දේ කිව්වා.. හුගාක් කතා කලා.. මං මෙච්චර වෙලා නිවාඩු පාඩුවෙ අහගෙන හිටියෙ ඔයාව දවසක් හරි ආස්සරේ කරලා තියෙන හින්දා.. ඔයාට ඔය තරම් කියවන්න දෙයක්, මං ඔයාට කරලා නෑ.."


    "ඔ.. ඔයා.. එ.. එහෙමද හිතන්නේ..?"


    "ඔව්.. මං හිතන්නෙ එහෙම තමයි.. අනික ඔයා හිතනවද මගේ අම්මා ඉන්න තැන වීරයා වගේ, අනිත් අයටත් ඇහෙන්න මහ හයියෙන් කියෙව්වාම ඔක්කොම හරි කියලා.. එතකොට ඔයාගෙ හිතේ මං ගැන තියෙන තරහා ඉවර වේවි කියලා.. ඔයාට සැනසීමක් ලැබේවි කියලා.."


    "ඔයා.. ඔයා මොනවද මේ කියවන්නේ..? මං කාට ඇහෙන්නද කතා කලේ..?
    "

    "ඇයි ඔතන සමුදි අක්කා නැද්ද..? දැන් ඊගාවට එයා අහනැද්ද රන්දික කියන්නෙ කවුද කියලා..? මට පේන්නෙ ඔයා මගේ විස්තර හැම දෙයක්ම එයත් එක්ක කියලා වගේ.. බලන් ගියාම ඔයා සෑහෙන්න යුතුකම් දන්න කෙල්ලෙක්නේ..?
    "

    නෙත්මිගෙ කට සම්පූර්ණයෙන්ම වහන්න ඕන උනේ තවත් පුංචි ප්‍රහාරයක් විතරයි.. එයා කීයටවත් හිතන්නැතුව ඇති මං මේ වැගේ පැත්තකට කතාව ඇදගෙන යයි කියලා..


    "අනික ඔයා කිව්වා, මං මහා පහත් විදියට හැසිරුණා කියලා.. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද, මං කරපු පහත් වැඩේ මොකක්ද කියලා.. ඔයා මට ෆෝන් එකක් දුන්නා කියාලා, ඒකෙන් මං කතා කලේ නෑ කියලා, ඒක පහත් වැඩක් වෙන්නෙ කොහොමද.? ඇත්තටම කියනවා නම් පහත් වැඩ කරේ මම නෙමෙයි ඔයා.."


    "ම.. මම..? මං මොනවද රන්දික ඔයාට කරේ.. හ්ග්.."


    කෙල්ල දැන් අඩන්නයි හදන්නේ.. තවදුරටත් මේ ග්‍රැහැම්බෙල් සංවාදෙ අරන් ගියොත් බන්ටිට බබා හම්බවෙනවා..


    "ඔයා කරේ මොනවද කියලද ඇහුවේ..? ඔයා මට කරපු අති විශාලම බොරුව කරේ කිසිම කැතක් නැතුව.. ඔයා ඩිංගක්වත් හිතුවද මං ඒක කවද හරි දැනගනීවි කියලා.."


    "මා.. මාව පිස්සු වට්ටන්නැතුව කියනවද මං මොකක්ද ඔයාට කරපු බොරුව කියලා..?"


    "ඇයි.. ශලනිගෙ ගෙදර කියලා, අර කොහේවත් තියෙන පාලු බංගලාවකට මාව එක්කන් ගියේ..? මට උදව් කරනවා කියලා, ඔයා හැදුවෙ පිටිපස්සෙන් ඉදන් මට පිහියෙන් අන්නින්නේ.."


    "දෙයියනේ.."


    "දෙයියන්ට කියලා වැඩක් නෑ.. ඔයා මං ගැන හැම දෙයක්ම ඔය සමුදිනී අක්කට කියලා තියෙනවා කියලත් මං දන්නවා.. මං කොහොමද තවත් ඔයාව විශ්වාස කරන්නේ..?
    "

    "අ.. අනේ..
    "

    හිතාගන්න බැරි උගුලකට අහුවෙච්ච සතෙක් වගේ නෙත්මිට අනේ කියලා කියවුණා.. ඇත්තටම මගේ හිතට අනුකම්පාවක් නම් ආවෙ නෑ..


    "එහෙනම් හැම දෙයක්ම හරිනේ.. මං ඔයාට ෆෝන් කලේ නැත්තෙ ඇයි කියලත් ඔයාට දැන් තේරෙනවා ඇතිනේ.. ඔයාගෙ මේ අනර්ඝ තෑග්ගත් මං ආපහු දෙනවා.. ඔයාට මේක ගන්න බැරි නම්, මං ඒක කාගෙ හරි අතේ එවනවා.. මට මේක එපා.."


    "ඔ.. ඔයා ඔය කියන්නෙ ෆෝන් එක ගැනද..?"


    "ඔව්.. ඔයා මට දුන්නෙ ෆෝන් එකනේ.. මං දැනුවත්ව නම් මට වෙන මුකුත් දීලා නෑනේ.."


    "දෙයියනේ ඔය තරම් නපුරු විදියට කතා කරන්නෙපා.."


    "නපුරු උනෙ මම නෙමෙයි ඔයයි නෙත්මි.. ඔයාගෙ ඔය පිටින් පේන තරම්, ඔයාගෙ හිත ලස්සන නෑ.. මං ඒක තේරුම් ගත්තා.."


    "ඔයා.. ඔයා මොනවද මේ කියන්නේ..?"


    "කියන්නෙ මට හිතෙන දේ තමයි.. ඔයා මට ෆෝන් එකක් දුන්නා කියලා, මං ඒක විසි හතර පැයේම කනේ ගහගෙන ඔයාට කතා කරන්න ඕනෙද..? අනික එච්චර දේවල් අපිට කතා කරන්න තියෙනවද..?"


    නෙත්මි ගැන මගෙ හිතේ ලොකු කැමැත්තක් තිබුණත් ඒ හැමදේම පැත්තකට දාලා, හිතේ ගොඩ ගැහිලා තිබ්බ හුගාක් දේ මං එළියට දැම්මා..


    "ඔයා ඔය විදියට හැසිරෙන්නෙ ඇයි දෙයියනේ.. මං ඔයාට මොනවද කලේ..?"


    "ඔයා කරපුවා මං දැන් ඩිංගකට කලින් කිව්වේ.. ඒවා බොරු නෙමේනේ.. ඒ වගේ දේවල් කරන්න, ඔයාගෙ හිත කොයි තරම් හයිය වෙන්න ඕනද..? ඇත්තටම මං ඔයා ගැන හිතන් ඉදපු විදිය නෙමෙයි මේ.. මට උදව් කරනවා කියලා, ඔයා මාව රස්තියාදු කලා.. මගේ යාලුවො ඉස්සරහ මං බොරුකාරයෙක් වෙන තැනට වැඩ කෙරෙව්වා.. කෙනෙක් මාව විහ්වාස කරලා මගෙන් උදව්වක් ඉල්ලුවාම ඒ කෙනා කවුරු උනත් මං උදව් කලා.. එතෙන්දි මං එයා ගෑනුද පිරිමිද කියලා බැලුවෙ නෑ.. ඒත් ඔයා ඒ දිහා බැලුවෙ, මහ අමුතු කෝනෙකින්.."


    "ම.. මං බයවුණා රන්දික.."


    "ඔයා මොනවටද බයවෙන්නේ..? යාලුවෙක් විදියට හරි ඊට එහා ගියපු කෙනෙක් විදියට හරි මාව විශ්වාස කරනවා නම්, මං ගැන බයවෙන්නෙ ඇයි..? ඒ කියන්නෙ ඔයා මාව අවිශ්වාස කරනවා කියනෙකනේ.. ඇත්තමයි.. ඒ වචනෙ තරම් අකමැති වෙන වචනයක් මගේ ජීවිතේ නෑ.."


    "ඔ.. ඔයාට තේරෙන්නෑ රන්දික.."


    "ඔ.. ඔව් නෙත්මි.. මට කිසි දෙයක් තේරෙන්නෑ.. ඔයා කියන හැමදේම අහගෙන, ඔයාට විසි හතර පැයේම කතා කලා නම්, ඔයා අර කලින් කිව්වා වගේ කවුරුවත් ආශ්‍රය කරන්නැතුව බිංකුන්ඩා වගේ ගේ ඇතුළට වෙලා හිටිය නම්, ඔයා කියාවි, මට හැමදේම යස අගේට තේරෙනවා කියලා.."


    "අ.. අපිට මෙහෙම මේස විසදගන්න බෑ රන්දික.. අපි ඩිංගක් හම්බවෙලා කතා කරමු.. ඔයත්තෙක්ක රණ්ඩුවෙලා මට ජීවත්වෙන්න බෑ.. මට.. මට තේරෙන්නෑ දෙයක් ගැන කතා කරලා, කොහොම ඔයත්තෙක්ක විසදගන්නද කියලා.. ඔයා රණ්ඩුවටමනේ එන්නේ.. ප්ලීස් රන්දික.. එක පාරක් මාව හම්බවෙන්න.."


    "බ..ල..මු.."


    මං ෆෝන් එක සම්පූර්ණයෙන්ම ඕෆ් කරලා දැම්මා.. ඒ වෙන මොකක් හින්දවත් නෙමෙයි.. කාමරේට කවුදෝ තඩිබාන සද්දෙ ඇහිලා.. කවුද අප්පා මේ වෙලාවෙ, නෙත්මි මගෙත් එක්ක කතා කරන ගමන්, මගේ කාමරේ ළගට ඇවිල්ලද දන්නෑ.. එහෙම උනොත් වීරයා වගේ කතා කරපු මට, වීරයා මැරිලා පාට් එක තමා ඇක්ට් කරන්න වෙන්නේ..


    "ක..වු..ද..?"


    මට කටහඩ ටිකක් වෙනස් කරලා කතා කලා.. නැතුව බෑනේ අප්පා.. දොරෙන් එහා පැත්තෙ කවුරු ඉන්වද කියලා කවුද දන්නේ..


    "මේ.. මම හලෝ.. ඉක්මනට දොර අරිනවා.."


    ඔන්න දැන් තමා පපුව කූල් උනේ.. අක්කා මොන මගුලක් කරන්න ආවද මංදා.. අරහෙ පල්ලෙහා නෙත්මි ඉන්නවා.. එයත් මෙයාගෙ පස්සෙන් ආව නම් බන්ටිට සොරිම තමා.. මං හෙමීට දොර ඇරියා..


    "ඇයි..?"


    "හැයි තමයි.. මොනවද බන්ටි මේ කරන විකාර වැඩ.. අරහෙ අර ළමයා හොදටම අඩනවා.. එයා, ඔයාට ෆෝන් එකකුත් අරන් දීලා, තව ඔයාගෙන් බැනුම් අහන්නත් ඕන.. මට.. මට තේරෙන්නෑ මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා.."


    නැට්ට කඩපු හූනු තඩියෙක් වගේ ඔන්න අක්කත් ඇඹරි ඇඹරි කෑගහන්න ගත්තා.. මෙයාගෙ මේ ලව්ඩ්ස්පීකරේ ඇහුණ නම්, නිදාගෙන ඉන්න ඈයොත් නැගිටලා එනවා.. අම්මපා අපේ අක්කටත් කිසි දෙයක් තේරෙන්නෑ..


    "කොහෙන් කෙලවර වේවිද කියලා මම නම් දන්නෑ.. ඒත් මට ඕන මේක ඉවරයක් කරලා දාන්න.."


    "මොකක්ද ඔයාට ඉවරයක් කරන්න ඕන..?"


    "මේ පටලැවිල්ල.."


    "ඉතිං.. ඇයි ඔයා ඒකට මේ තරම් කල් ගන්නේ..? ඇයි අර අහිංසක කෙල්ලට දුක් දෙන්නේ..? ඒ කෙල්ල ඔයා ගැන කොයි තරම් හිතනවද..? අඩු ගානෙ ඔය හැමෝම ගැන අනුකම්පා සහගත වෙන හිතට ඒකවත් තේරෙන්නැද්ද..? ආ බන්ටි.. ඔයාට අර කෙල්ල ගැන පුංචි දුකක්වත් නැද්ද..?"


    "දුකක් එන්නෙ කොහොමද අක්කේ.. එයා ඕන දේටයි, එපා දේටයි හැම රෙද්දටම ඇගිල්ල දානවනේ.. අන්තිමට බලන් ගියාම මළ කරදරයක්.."


    බලන් ඉද්දිම එයාගෙ මූණ මැලවිලා ගියා.. එයා කීයටවත් හිතන්නැතුව ඇති මං නෙත්මිට එහෙම කතා කරයි කියලා..



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඔයාට ඕන කරන්නෙ මොනවද කියලා ඇත්තටම මට තේරෙන්නෑ බන්ටි.. හැබැයි තවත් දුරට මටත් මේක ඉවසන් ඉන්න බෑ.. මං මේ හැමදෙයක්ම නෙත්මිට කියනවා.. ඒ අහිංසක කෙල්ල දුක් විදිනවා බලන් ඉන්න මට බෑ.."

    "හැම දේම කිව්වේ..? ඔයා මොනවද නෙත්මිට කියන්නේ..?"


    "බන්ටි කියන්නෙයි, රන්දික කියන්නෙයි එක්කෙනෙක් කියලා.. එතකොට ඔයාගෙ සියලු කලර්ස් ඉවරයි.. තේරුණාද ඔයාට.. තවත් ඔයාට නටන්න දෙන්න බෑ.."


    "ඔයා හිතුවද අක්කෙ ඊට පස්සෙ හැමදේම විසදෙයි කියලා..?"


    "ඇයි..?"


    "ඇයි කියන්නෙ..? නෙත්මිට පුළුවන් වේවිද ඒ වගේ ලොකු ඇත්තක් දරාගන්න..?"


    මං කියපු දේට අක්කා මුකුත්ම කිව්වෙ නෑ.. එයා සද්දයක් බද්දයක් නොකරම දොරත් වහගෙන කාමරෙන් පිටවුණා..


    *****************************


    දවස් දෙක තුනක් හෙමින් සීරුවෙ ගෙවිලා ගියා.. නෙත්මියි, මායි ෆෝන් එකෙන් රංඩු කරගත්තු දවසෙ, එයා අපේ ගෙදරින් ගිහින් තිබුණෙ කෑමත් නොකා.. බේබි නැන්දා යස අගේට හදලා තිබුණු කෑම ටික, කිසිම කැතක් නැතුව එපා කියලා නෙත්මි ගිහින් තිබුණා.. අක්කා ඒ සංසිද්ධියෙ සම්පූර්ණ වැරැද්ද පැටෙව්වෙ මට..


    "බන්ටි.. මොකද අද සද්දෙ වහලා..?"


    සරිගමයලගෙ ගෙදර, ගල් බංකුව උඩ වාඩිවෙලා ඉදපු මං ළගට අමිල ආවා.. කොල්ලො සෙට් එකෙන් මෙතන අඩු බින්දු විතරයි.. එදා නිරෝෂි එක්ක අපේ ගෙදර ආවට පස්සෙ බින්දු මාව හම්බවෙන එක පුළුවන් තරම් මගෑරියා කියලා මට තේරුණා.. උඹට හොද නම් මට මොකෝ බින්දු.. මං උඹේ පස්සෙන් එන්නෑ.. ඒ මේ බන්ටිගෙ හැටි..


    "මුකුත් නෑ අමිල.."


    "ප්‍රශ්නයක් නම් කියපං ලොකු පුතේ.. උඹ දන්නවනේ, උඹ වෙනුවෙන් අපි ඕනම දෙයක් කරනවා කියලා.."


    චාමිකත් ඒ පාර අමිලයගෙ ගායනේට අත්වැල් බැදගෙන ආවා.. පැත්තකින් ඉදපු සරිගමයයි, රවීනුයි තනිකරම බලන් හිටියෙ මගේ කට දිහා.. මොනව උනත්, මං එන්න කලින් මුං අඩුම ගානෙ පැයක්වත් මං ගැන කතා කරන්න ඇති.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ..


    "ඔයා, ශලනිවත් හම්බවෙන්න ගියේ නෑනේ බන්ටි අයියා.. අරහෙන් නෙත්මි ගල්වෙලා බලන් ඉන්නවා.. ඔයා මොනවා කරන්නද හිතන් ඉන්නේ..?"


    "කරන්න නම් හිතේ මුකුත් නෑ රවීන් මල්ලි.. උඹලා ඊට පස්සෙ ශිහාන් කාරයව දැක්කෙ නැද්ද..?"


    "දැකීම කෙසේ වෙතත් අපි ඉන්නෙ මේ ඌව හම්බවෙනකන්.. උගේ මිත්‍රද්‍රෝහී බලුකමට දැක්ක තැන නෙලනවා.. ඒකෙ දෙකක් නෑ.. වැඩේ කියන්නෙ ගුටි කන්න වෙනවා කියලා දැනගෙනද කොහෙද මූ පැත්ත පළාතක නෑ.."


    "නෑ අමිල.. ඌ කොළඹ ගිහින් මොකක්ද කෝස් එකකට.. මං හිතන්නෙ හොටෙල් කෝස් එකක්.. ඕකා ඒ දවස්වල ඉදලම හොටෙල් සයිඩ් එකටනේ කැමැත්තෙන් හිටියේ.. අපෙන් නොකාපු එකේ ඌ දැන් හොටෙල් එකෙන් කනවා ඇති.."


    අපි එදා පේරාදෙණිය ගාඩ්න් එකේ ඇටකිච්චට නෙලපු දවසෙ, ශිහාන් අපේ ගෙදරට වගේම සුරේන්ලගෙ ගෙදරටත් කැත නැතුව ඔත්තුව දීලා තිබුණා.. ඒකෙ වාඩුව ගන්න එදා ඉදලා ඌව හෙව්වත් අද වෙනකන් ඌව, අපිට හම්බ උනේ නෑ.. චාමික කියන විදියට ඌ ගම රට දාලා ගියාවත්ද..? කමක් නෑ.. කමක් නෑ.. ඕන බැතිමතෙක් නුවර මාළිගාව ළගදි හම්බවෙනවා කියලා කතාවක් තියෙනවනේ.. එහෙම උනොත් ඕකව වළාකුලු බැම්මට හේත්තු කරලා හරි නෙලනවා කියලා මං හිතාගත්තා..


    "බ..න්..ටී.."


    හැමෝගෙම කතා නැවතිලා තිබ්බ වෙලාවක අමිල කට ඇරියා.. උගේ මූණෙ හැටියෙන් නම් කතා කරන්න යන දේ මොකක් උනත් ඒක සීරියස් කේස් එකක් කියලා මට තේරුණා..


    "උඹ බින්දු ගැන මොකද හිතන්නේ..?"


    "මට හිතන්න දෙයක් නෑ අමිල.. හිතන ඒවා ඔක්කොම බින්දු හිතලා ඉවරයි.. මං කරපු හැමදේම ගගට කපපු ඉනි වගේ තමා.."


    "උඹ ඕවා ගණන් ගන්නෙපා බන්ටි.. ඌ කවදා හරි හැමදේම තේරුම් ගනියි.."


    "තේරුම් ගනියි..? උඹ ඔය කතා කරන්නෙ කටින්ද එහෙමත් නැත්නම් වෙන කොහෙන් හරිද චාමික..? උඹලා මං ගැන හුගාක් දේ බින්දු එක්ක කිව්වා කියලා, මං දන්නෑ කියලද උඹ හිතන්නේ..? එහෙම කියලත් ඌ අද මෙතන නෑ කියලා කියන්නේ, බින්දුගෙ කැත කම ඇරෙන්න වෙන මොකක්ද..? මං, ඌ වෙනුවෙන් කරපු කියපු හැමදේම උඹල ඌත් එක්ක කියන්නැතිනේ.."


    මගේ කතාවට හැම එකාම මූණින් මූණ බලා ගත්තා මිසක වෙන මොකවත් කෙරුවෙ නෑ.. කවදාවත් අපි කොල්ලො සෙට් එක අතරට ඇවිල්ලා තිබුණෙ නැති මහා කරදරකාර නිහැඩියාවක් ඉබේම වගේ ඇවිල්ලා තිබුණා.. අඩුම ගානෙ, ගිටාර් එක අතේ තිබ්බ සරිගමයවත්, ඒක සද්ද බද්ද නැතුවම අතේ තියන් හිටියා..


    "ලො..කු.. පු..තේ.."


    ඒ කටහඩ ආවෙ කොහෙන්ද කියලා මට මුලින්ම හිතාගන්න බැරිවුණා.. මං කොල්ලො සෙට් එක දිහා බැලුවෙ, ගෑනු හඩින් කතා කෙරුවෙ මොන අලුගුත්තේරුවද කියලා බලන්න.. ඒත් කොල්ලො ටිකත් ගල්වෙලා බලන් ඉන්නකොට, කොහේ හරි වැරදිලා තියෙනවා කියලා මට තේරුණා.. කොහේද බන්ටිට වැරදුණේ..?


    "ලොකු පුතාට මාව මතක නැද්ද..?"


    කොල්ලො හැම එකාගෙම ඇස් තිබ්බෙ අපි ඉදපු තැනට ඩිංගක් එහායින් තිබ්බ සරිගමයලගෙ කලු ගේට්ටුව ළග.. අවුලක් ආබාධයක් නැතිව ගේට්ටුව ඉස්සරහ හිටගෙන හිටියෙ ශලනි.. මේ කෙල්ල කොහොම මාව හොයාගෙන මෙතෙන්ට ආවද මංදා.. දැන් කොල්ලො ටික මං ගැන මොනවා හිතාවිද..? ඩිංගකට කලින් වීරයා වගේ පොර ටෝක් දීලා, දැන් මට අඩන්න තමා වෙන්නේ..


    "ඔයාව නම් මතකයි ශලනි.. ඒත් ඔයා කොහොමද මං ඉන්නෙ මෙතන කියලා දැනගත්තේ..?"


    ලොකු පුතා කියලා මට කතා කරපු හන්දම, අවුලක් නැතුව අදුන ගත්තා මිසක, නැත්තම් සෑහෙන ගේමක් දෙන්න වෙනවා නිරෝෂිවයි, ශලනිවයි වෙන් කරලා අදුනගන්න..

    "මං කොහොම හරි දැනගත්තනේ.."


    "එහෙම බෑ.. මට හරි උත්තරේ ඕන.."


    "මං ඔයාව අහම්බෙන් දැක්කේ.."


    මේක විශ්වාස කරන්න පුළුවන් කතාවක්ද බං.. කෙල්ලො කියන්නෙ, කියන තරමක් පච නේ.. නෑ කියලද කිව්වේ..? මංදා.. බන්ටිට හම්බවෙච්ච ඈයො නම් එහෙමයි.. කට ඇරියොත් කොහෙන් හරි පචයක්..


    "අහම්බෙන් දැක්කා..?"


    "ඔව් ලොකු පුතේ.. මං ඉන්නෙත් මේ පාරෙමනේ.."


    "මේ පාරෙ කිව්වේ..?"


    "මේ පාර කිව්වෙ, මේ පාරට.. කිරි මණ්ඩල පාරට.."


    "එතකොට ඔයා ඉන්නේ..?"


    "අර ඈත වංගුවෙ තියෙන ලොකු ගේ.."


    "ඒ ගෙදර ඉන්නෙ හමුදාවෙ මේජ්ර් කෙනෙක්නේ.."


    "ඔව්.. එයා අපේ ළගම නෑදෑයො.. මායි, අප්පච්චියි ඉන්නෙ එහේ තමයි.. ඉතිං තවත් මොනවද ඔයාට අහන්න තියෙන්නේ.. මගෙන් ප්‍රශ්න පත්තරයක්ම ඇහුවනේ.."


    ශලනි යාන්තමට හිනාවෙලා මගේ මූණට එබුණා.. ඒ හිනාවෙ තිබ්බෙ අමුතුම ආරාධනාවක්.. ඒ ආරාධනාව මොකක්ද කියලා බන්ටිට තේරුණේ නෑ.. අනික ඔය නොතේරෙන අප්‍රභංශ ගැන බන්ටි හිතන්න යන්නෙත් නෑ..


    "අද අප්පච්චි කෝ..?"


    "අප්පච්චි නම් ටවුන් එකට ගියා.. ඒක නෙමේ බලන් ගියාම ඔයා මහ බොරුකාරයෙක්නේ.."


    "ඇයි..?"


    "පෙරේදා ඔයා මාව හම්බවෙන්න ආවෙ නෑනේ.. අච්චරත් හම්බවෙන්න එන්න කියලා.."


    ඔන් බලපං මචෝ ගෑනු ළමයි කතා කරන ලස්සන.. මං ඕවට මොනවා කියන්නද මංදා..


    "මං ඔයාට එනවා කියලා පොරොන්දු උනේ නෑනේ.."


    "ඒකත් ඇත්ත.. මමනේ මෝඩි වගේ වළාකුලු බැම්ම ගාවට වෙලා පැය ගානක් අව්වෙ හිටියේ.. මං අප්පච්චිගෙන් හොදටම බැනුම් ඇහුවා.."


    "ඒකට ඉතිං මං මොනවා කරන්නද..?"


    "ඒ උනාට ඔයා කිව්වනේ ඕන දේකට කැමතියි කියලා.. ඒ අනිත් නම් ඔයා හුගාක් නරකයි.."


    "ඒ කතාව අපි පැත්තකට දාමු ශලනි.. දැන් ඔයා මේ ආවෙ මාව දැකලා ඒ ටික කියලා යන්නද..?"


    "ඔව්.. ඒකත් එක දෙයක් තමයි.."


    "එතකොට අනිත් දේ.."


    "අනිත් දේ තමයි.."


    "බ..න්..ටී.."


    ශලනිට ඉතුරු ටික කියන්න හම්බවුණේ නෑ.. මගේ පිටිපස්සෙන් බින්දුගෙ කටහඩ ඇහුණා.. මේකා කොයි වෙලාවෙද මෙතෙන්ට ආවේ.. මං ඩිංගක්වත් දැක්කෙ නෑනෙ.. වෙලාවකට මගේ ඇස්වලත් හොටුද මංදා..


    "උඹ කොයි වෙලාවෙද ආවේ..?"


    ශලනි ගේට්ටුව ළග ඉද්දිම මං කොල්ලො හිටපු තැනට ආයෙත් ආවා.. බින්දුවා ඉස්සරහ ගේට් එක පැත්තෙන් ආවෙ නෑ කියලා මට ෂුවර්.. ඒ කියන්නෙ මේකා ඇවිත් තියේනනෙ සරිගමයලගෙ ගෙදර පිටිපස්සෙන්.. පස්ස දොරෙන් මිනිස්සු එන්නෙ හොද දේකට වෙන්න බෑනේ.. තනිකරම මේකා මේ රහස් පරීක්ෂක වැඩකට ආපු ගමන්.. මට හිතුණෙ එහෙමයි.. නැත්නම් වැදගත් මහත්තයෙක් වගේ ඉස්සරහ දොරෙන් එන්න බැරියෑ..


    "බන්ටි..! සුරේන්..!! අමිල..!!! ඊට කලින් මට කියපල්ලා නිරෝෂි මොකද මෙතන කරන්නෙ කියලා..? එයා ඇයි මං ඇවිල්ලා ඉන්නවා කියලා දැක දැකත් අහක බලාගෙන ඉන්නේ..? එයා ඉන්නෙ මගෙත් එක්ක තරහෙන් වෙන්නෝන.. උ.. උඹ දන්නවද බන්ටි මේ හුටපට නිසා නිරෝෂි මගෙත් එක්ක සති ගානක් කතා කලේ නෑ.. එයා මගෙත් එක්ක හොදටම තරහා වෙලා.."


    අම්මපා මුගේ මොලේ මැටිද මංදා.. එහෙමත් නැත්නම් ඇස්වල කරගැටද මංදා.. නැත්නම් ඉතිං තමන්ගෙ කෙල්ලව අදුන ගන්න බැරුව වැළපෙන්නෙ මොන හාල් දන්ඩද..? ඔක්කොටම කලින් මූට කණ්නාඩි දෙකක් අරන් දෙද් ඕන..


    "උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නම් උඹට දෙකේ දෙකේ පොල්ලකින් හොදට පතබාලා ඉන්න ඕන.. නැත්නම් උඹට තේරෙන එකක් නෑ.."


    "ඒ.. ඒ කියන්නෙ උඹලා මට ගහන්නයි හදන්නේ..?"


    "නෑ.. උඹව සාමදානයෙන් සතපවන්න හදන්නේ.. ඩිංගක් ඉදපං මං අර කෙල්ලව යවලා එන්නම්.."


    "ම.. මං මෙතන ඉද්දි ඇයි උඹ නිරෝෂිව යවන්න හදන්නේ..? අඩු ගානෙ මායි, නිරෝෂිවයි එකට එක්කහු කරන්නවත් උඹලට හිතෙන්නැද්ද..? උඹට හිතක් පපුවක් කියලා දෙයක් නැද්ද බන්ටි..? ඇයි.. ඇයි උඹ මාව මෙහෙම මරාගෙන කන්නේ..? ඇයි මට මේ තරම් වද දෙන්නේ..?"


    "මං තාම දවල්ට කාලා නැති නිසා.."


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තවත් මූත් එක්ක වචන හරඹ කරොත්, ඇත්තටම බින්දුවට දෙක තුනක් අනින්න හිතෙනවා.. මොන තරම් ෆිට් යාලුවෙක් උනත්.. ඇත්තනේ අප්පා.. කොයි මල යකාද කැමති, සංසාර සාගරේ වගේ අදෝ වැඩියාවල් අහන්න..

    "ආ.. බ..න්..ටී..! හරි අපූරු නමක්නේ.."


    ශලනි ළගට ගියා විතරයි, ඔන්න ආයෙත් පටන් ගත්තා..


    "දැන් මට ලොකු පුතා කියනෙක අයින් කරලා, ඔයාට බන්ටි කියලා කතා කරතැහැකි.. ඒක නෙමේ.. කවුද අර වැට අස්සෙන් හැංගි හැංගි ඔයාගෙ යාලුවො ඉන්න තැනට ආවේ..?"


    කෙල්ල මගෙන් අහන්නෙ බින්දු ගැන.. ඒ කියන්නෙ මේ හාල් දන්ඩා ඇවිත් තියෙන්නෙ වැට අස්සෙන්.. බලන් ගියාම මූ මහ පිංගුත්තර නිකායෙ එකෙක්නේ.. මොනව උනත් මේ කෙල්ලගෙ ඇස් දෙක නම් බයිනෝ කියුලර් එකක් කියලා මං අවුලක් නැතුවම තේරුම් ගත්තා..


    "ආ.. ඒ තමයි බින්දු.."


    "බින්දු කියලා කිව්වේ..?"


    අලි පැටියෙක් කියලා කියන්නත් හදලා මං දත කට පියාගත්තා.. ඇයි දැන් පුංචි ඈයොන්ට හදපු ෆිල්ම් එකක් රට වටේ යනවනේ බින්දු කියලා..

    "බින්දු කිව්වෙ, නිරෝෂිගෙ බෝයි ෆ්‍රෙන්ඩ්.."


    "එයා, ඔයාගෙ යාලුවෙක්ද..?"


    "ඔව්.. ඇයි එහෙම ඇහුවෙ..?"


    "ඒ මනුස්සයා ඔයාට අත් දික් කර කර බනිනවනේ.. අර බලන්නකෝ.. මේ පැත්තටත් එන්න හදනවා.. ඔයාගෙ යාලුවො එයාව අල්ලගෙනයි ඉන්නේ.."


    "ගණන් ගන්නෙපා.. ඌට ඔය මොකක් හරි විෂබීජයක් පෑගිලා.. ඔයා අර කලින් කියන්න ගියපු අනිත් දේ මට කියන්න.. නැත්නම් මේ මගුල් හින්දා ඒකත් අමතක වෙනවා.."


    "ම්.. අනිත් දේ නේද..? මට හෙට නිරෝෂිව හම්බවෙනවා.."


    "හෙට..?"


    "ඔව්.. ඔයා දීපු නම්බර් එකට මං නිරෝෂිට ගත්තා.. අපි දේනනා එකතු උනාම හුගාක් ප්‍රශ්න විසදගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා.. අපේ අම්මයි, තාත්තයි ආයෙ එක්කහු උනොත් ඒකෙ සම්පූර්ණ ගෞරවය ඔයාටයි බන්ටි.. ඔයා තමයි මේ වැඩේට හුගාක් මහන්සි උනේ.."


    "මං ගෞරවයක් බලාපොරොත්තු වෙන්නෑ ශලනි.. ඔයාලා හතර දෙනා හොදින් ඉන්නවා නම් ඒක කොයි තරම් හොදද..? ජීවිතේ කොයි තරම් සුන්දරව අරගෙන යන්න පුළුවන්ද..?"


    "ඒ ඔක්කොම හරි.. ඔයා මේ හැමදේම කරන්නෙ යාලුකම වෙනුවෙන් කියාල එදා කිව්වනේ..?"


    කෙල්ලට එහෙම නම් මං කියපුවා හුගාක් දේවල් මතකයි.. ඒ වෙලාවෙ කෙල්ල ගාව ටේප් රෙකෝඩරයක් තිබ්බද මංදා.. නැත්නම් කොහොමද අප්පා කතා කරපු අකුරුවල හැඩේ පවා තියෙන්නේ..


    "ඔව්.. මං එහෙම කිව්වා තමා.."


    "එහෙනම් ඒ යාලුකම නිසාම, හෙට ඔයාට මගෙත් එක්ක එන්න බැරිද..?"


    "ඔයත්තෙක්ක..?"


    "ඔව්.. නිරෝෂි හම්බවෙන්න යන්න.."


    මේක නම් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් වෙයි වගේ.. ශලනියි, නිරෝෂියි මායි එකම තැනක ඉන්නවා කියනෙක පොළොව වටේ හදවල් දෙකක් පෑව්වා වගේ තමයි.. තව ඔතෙන්ට අඩු නෙත්මි විතරයි.. එයත් ආව නම් හදවල් තුනයි.. එතකොට බන්ටිට කියන්න වෙන්නෙ 'චන්ද්‍රයෝ තුන්දෙනෙක්ම ආවා.. හර්දේ පෙමින් නාව නාවා' කියලා තමයි..


    "බ..ල..මු.."


    "අනේ බලමු කියලා බෑ බන්ටි.. ඔයා කොහොම හරි එන්න ඕන.."


    "හරි.. මං එන්නම්.."


    ඒ වචන තුනට ශලනිගෙ මූණෙ මතුවෙච්ච හිනාවෙ ලස්සන ගැන කියන්න මට වචන ආවෙත් නෑ.. ඒක ඒ තරම් අව්‍යාජ හිනාවක්.. බලන් ගියාම ගෑනු ළමයින්ට කොයි තරම් ලස්සනට හිනාවෙන්න පුළුවන්ද අප්පේ..


    "ඔන්න එහෙනම් වරද්දන්න එපා හොදේ.. මං බලාගෙන ඉන්නවා.."


    හෙමින් සීරුවෙ, අත ගුලි කරලා මගේ උරහිසට පාරක් ගහගෙනම ශලනි එයාගෙ ගෙදර පැත්තට ගියා.. මාත් කිසිදු අවුලකින් තොරව ආපහු හැරුණා.. ඒ වසරෙ හොදම විනෝදාත්මක චිත්‍රපටිය නරඹන්න..


    "මාව.. මාව අතෑරපල්ලා යකෝ.. ඇ.. ඇයි උඹලා මට නිරෝෂි ගාවට යන්න දෙන්නැත්තේ..? නිරෝෂි කියන්නෙ මගේ කෙල්ල.. නිරෝෂිට බන්ටිත් එක්ක ඔය තරම් කතා කරන්න තියෙන්නෙ මොනවද..?"


    බින්දුවා කෑගහන සද්දෙ මට ඈතදිම ඇහුණා.. අම්මපා මූට නම් ජලභිතිකාවට එන්නතක්, තට්ටම් දෙක මැදට ගහන්න වෙයි වගේ.. අර කලිනුත් කිව්වා වගේ මුගේ ඇස්වල කරගැටද මංදා..


    "බන්ටි.. උඹට මං කියන ඒවා ඇහෙන්නැද්ද..? උඹලා ඔක්කොම එකතු වෙලා මාව බයිට් කරන්නෙ ඇයි..? මට මගේ ආදරේ ඕන බන්ටි.. ඇත්තමයි.. නිරෝෂි හම්බ උනේ නැත්නම් මං මැරෙනවා.. එතකොට උඹලට සතුටු හිතෙයිනේ.."


    බලන්න අප්පා මේ ගදයා කියන අලුගුත්තේරු කතාවල හැටි.. මූ වගේ සහගහන වෙල් කක්කුට්ටෙක් මගේ යාලුවෙක් උනානේ..


    "දෙ..යි..ය..නේ.. තොපි එකෙකුටවත් කතා කරන්න බැරිද..? එහෙනම් මාව අතෑරපියව්.. මට නිරෝෂි ළගට යන්න ඕන.. මං ඔය දවස් කීයකින්ද එයාව දැක්කේ..?"


    "කට වහං ඉදපං බත් හරකෝ.. තෝ හදන්නෙ අපේ අම්මටයි, තාත්තටයි තොගේ කෙහෙල්මල් ආදරේ ගැන දැනුම් දෙන්නද..? දෙයි හාමුදුරුවන් පල්ල තෝ තව එක වචනයක් බන්ටිට විරුද්දව කිව්වොත් මං තොගේ කලිසම ඔලුවෙන් ගලවනවා.."


    පිස්සු හැදෙනවා.. ඉවසලා, ඉවසලා බැරිම තැනමද කොහෙද සරිගමයා ගිරිය කඩාගෙන කෑගැහුවා.. උගේ කෑගැහිල්ලට බින්දුගෙ ඇස් දෙක ටොම්බා සයිට් එකට ලොකු උනා.. ඌ කීයටවත් හිතන්නැතුව ඇති සරිගමයා ඔහොම කෑගහයි කියලා..


    "දැන් උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද..?"


    අමිලයි, රවීනුයි එපා කියල කියද්දිම මං බින්දු ඉස්සරහට ගියා.. නැතුව බෑනේ අප්පා.. මූ නිකං ජූජක බමුණගෙ පාට් එකනේ ඇක්ට් කරන් යන්නේ..


    "ඇ.. ඇයි උඹ මට මෙහෙම කරන්නේ..?"


    "මං මොනවද උඹට කලේ..?"


    "මං මෙතන ඉද්දි ඇයි උඹ නිරෝෂිට යන්න දුන්නේ..? උඹලා ඔක්කොම එකතුවෙලා මටත් හොරෙන්, මගේ කෙල්ලව මෙතෙන්ට ගෙන්නගෙන, මගෙන් දැන් අහනවා උඹලා මොනවද කරේ කියලා.."


    "මැට්ටෝ.. මැටි හරකෝ.. බත්කන වස්සෝ.. තෝ තනිකර හුඹහක්.. තොට කියන්න මට තවත් නම් නෑ.. මං උඹට එදත් කිව්වා.. අදත් කියනවා.. හැබැයි ආයෙ කියන්නෑ.. උඹේ ප්‍රේම කතා උඹ තියාගනිං.. මට ඒවා එපා.. දැන් මෙතන මගෙත් එක්ක හිටියෙ නිරෝෂි නෙමෙයි.."


    "මං දන්නවා.. මං දන්නවා.. උඹ ඔය කියන්න හදන්නෙ එතන හිටියෙ ශලනි කියලනේ.. බොරු කියන්නෙපා බන්ටි.. මට මගේ කෙල්ලව අදුනගන්න බැරිද..? ඒ හිනාව මට අදුනගන්න බැරිද..? ඇ.. ඇයි දෙයියනේ උඹල මගේ අවංක ආදරේට මෙහෙම නපුරුකම් කරන්නේ..?"


    "මේ බින්දු.. මං ආයෙ උඹට කියන්නෑ.. මොන මළ කරදරයක්ද යකෝ මේක.. මට තව තද උනොත් උඹේ ඔය අවංක අදරේට මං මල් වඩම් දෙක තුනක් තියලා ලොකු පාංශකූලයක් දෙනවා.. අන්න ඒක මතක තියාගනිං.."


    "ඒ.. ඒ.. උනාට.."


    "ඒ උනාට මේ උනාට කියලා තටමල වැඩක් නෑ.. උඹට මං කියන ඒවා ෂුවර් නැත්නම්, ඔන්න ඔය පාරෙ ඉස්සරහට ගියහම තියෙන තට්ටු දෙකේද තුනේද ගෙයක් හම්බවෙයි.. අන්න ඒකෙ ශලනි ඉන්නවා.. හම්බවෙලා කතා කරලා සැකේ දුරු කරගනිං.."


    "බ.. බන්ටි.."


    "උඹ මගේ නම කියලවත් කතා කරන්නෙපා ගස් ගෙම්බා.. තොගේ මෝල් කලන්තෙට මං පලිද යකෝ..?"


    "බන්ටි.. ටිකක් කූල් වෙයං මචං.."


    "ඔව්.. ඔව්.. ඔය කෑගැහුවා ඇති.."


    අමිලයි, සුරේනුයි මගේ ළගට ඇවිත් අත් දෙකෙන්ම ඇදලා අල්ල ගත්තා.. මුං හැමෝම දන්නවා බන්ටිට මල පැන්නොත් පැනන්ම තමා කියන්න.. ආයෙ ඉතිං කේන්තියට භාජනය වෙච්ච එකාට සොරිම තමා.. ඒ වෙලාවට ඌ සමාව භාජනේක දාලා ගෙනාවත් වැඩක් නෑ.. මං භාජනේටත් පයින් ගහනවා.. ඒ බන්ටිගෙ හැටි..


    "උඹ දැනගනිං බින්දු.. මගේ හිතේ එකයි.. බඩේ එකයි නෑ.. මගේ කටෙන් පිටවෙන්නෙ එකම දේ තමයි.. උඹ ඔය හැංගි හැංගි එන්න ඇත්තෙ, කාගෙ හරි හොරයක් අල්ලන්නනේ.. හැබැයි.. කාගෙ හොර ඇල්ලුවත් උඹට මගේ හොර අල්ලන්න හම්බවෙන්නෑ.. මොකද මං හොර කරන්නැති නිසා.."


    "නෑ.. බන්ටි.. මම.. මේ.."


    "මට උඹත්තෙක්ක කතාවක් නෑ.. උඹේ ප්‍රශ්න උඹම විසදගනිං.. ආයෙ මං ඒවට අතදාන්නෑ.. කොටින්ම උඹගෙ ප්‍රේම කතා මට මොකටද..? උඹම ඒවා ඥාණ කතා කරගනිං.. හැබැයි.. මෙන්න මේකත් මතක තියාගනිං බින්දු.. මාව අවිශ්වාස කරපු එකෙකුට මං කවදාවත් සමාව දෙන්නෑ.. මොකද මං උඹට උදව් කරේ බොක්කෙන්ම.. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි.. ඒක තේරුම ගන්න බැරිවෙච්ච එක උඹේ කරුමේ.."


    "ම.. මට ඩිංගක් කතා කරන්න දීපං බන්ටි.."


    "මං සැරයක් කිව්වනේ.. මගේ නම කියන්නෙපා කියලා.. උඹලගෙ ප්‍රේමෙත් එක්ක මගේ ආයෙ කිසිම සම්බන්ධයක් නෑ.. ඒ මගුල හින්දා මං කාපු පරිප්පු හොදටම ඇති.. හැබැයි මෙන්න මේකත් මතක තියාගනිං.. මං හෙට නිරෝෂිවයි, ශලනිවයි දෙන්නවම හම්බවෙනවා.. උඹ ඕනනම් එතෙන්ටත් ඇවිත් හැංගිලා බලන් ඉදපං.. මොකද උඹට කෙලින් කාට හරි මූණ දෙන්න අමාරුයිනේ.."


    "ඔය.. ඔය කරන්න හදන වැඩේට මං.. මං කැමති නෑ.. බන්ටි.. ප්ලීස්.. ඕක නවත්තපං.."


    මෙච්චර වෙලා, මහා වීරයෙක් වගේ කෑගහගෙන ඉදපු බින්දු මගේ ළගට ආවා.. උගේ අසරණ වෙලා තියෙන මූණ දැක්කම මට පව් කියලත් හිතුණා.. ඒත් ඒ පව් ඔක්කොම හේදිලා යන්නෙ මූ කියන අසමජ්ජාති කතා වලින්නේ..


    "මොන වැඩේටද උඹ අකමැති..?"


    "නිරෝෂිලගෙ පවුල එකතු කරන එකට.."


    "ඇයි..?"


    "එතකොට මට නිරෝෂි නැතිවෙයිනේ.."


    "ඒ කොහොමද..?"


    "ඇයි දෙයිහාමුදුරුවනේ.. උඹට හැමදේම තේරෙන එකේ ඕක තේරෙන්නැද්ද..? එයාලා එකතු උනාට පස්සෙ ඒ හැමෝම ලංකාව දාලා යයිනේ.. එතකොට මට මොනවද වෙන්නේ..?"


    "උඹටත් ඔය මොනවා හරි වෙයි.. දැන් ඔය වෙනවා වගෙ.. මං ශලනිට පොරොන්දු උනා හෙට එයා හම්බවෙනවා කියලා.. ඒක හින්දා මං යනවා.. උඹ මේ දේ සිද්ධ වෙනවට අකමැති නම්, ඒක නිරෝෂිත් එක්ක කතා කරලා විසදගනිං.. මොකද නිරෝෂිනේ උඹේ අලංකාර ආදරේ.. උඹ කිව්වොත් ඒකි අහයි.."


    "අනේ බන්ටි.. උඹ මේකට අත දාන්නැතුව ඉදපං.."


    "දැන් පරක්කු වැඩියි.. මං අත විතරක් නෙමෙයි.. කකුලත් දාලයි තියෙන්නේ.."


    "අ..නේ.. බන්ටි.."


    "අනේ පනේ ගාන්නැතුව පැත්තකට වෙලා ඉදපං.. උඹට දෙයක් ලැබෙන්න තියෙනවා නම් ලෝකෙ විනාස වෙලා හරි ඒක ලැබෙයි.. හැබැයි මතක තියාගනිං.. ලෝකෙම තියෙන වටිනම දේ උඹට ලැබුණත් වැඩක් නෑ..! උඹ උඹේ හොදම යාලුවෙක්ව අවිශ්වාස කරනවා නම්..! ඒ යාලුවා උඹේ හැමදේටම ජීවිතේ දුන්නු එකෙක් නම්..! කොයි වෙලාවෙවත් උමව අතෑරලා ගියේ නැති එකෙක් නම්..! මං යනවා මචංලා.."


    කාටවත් වචනයක්වත් කියන්න ඉඩ නොදී මං චැලිය ස්ටාර්ට් කරගත්තා.. තවත් මෙතන බන්ටිට කතා කරන්න කිසිම දෙයක් නෑ.. කියන්න තියෙන හැමදේම බන්ටි කියලා ඉවරයි..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-08.jpg


    08.png


    චැලියත් හරවගෙන, පාර දිගේ එද්දි, මං නිකමට වගේ ශලනි කියපු ගේ දිහා බැලුවා.. ඇත්තටම ඒක හරි ආටිෆිෂල් විදියට හදපු ගෙයක්.. කොයි පැත්තෙන් බැලුවත් ලස්සනයි.. හරියට නකිං ලස්සන කෙල්ලෙක් ටිකක් කොටට ඇදල පාරෙ යනවා වගේ..

    "හෝව්.. හෝව්.. හෝව්.. චුට්ටක් නවතිමුද..?"

    මට ගේ පහුකරන්න හම්බ වුණේ නෑ.. පැති ගේට්ටුවක් ඇරගෙන ශලනි මතුවුණා.. ඒ ඩිංගකට එයා වෙන ඇදුමක් දාගෙන, හෙයාර් ස්ටයිල් එක වෙනස් කරගෙන.. මොන හැඩේ ඒ මූණට ආවත්, මොන ඇදුම ඇන්දත් ශලනිට ලස්සනයි කියලා මට තේරුණා..

    "චුට්ටක් මොකටද..? ඔන්න මං ඔක්කොම නැවතුනා.."

    චැලිය නවත්තලා මං පුංචි ස්ටෑන්ඩ් එත් ගැහුවා.. බලන්න එපායෑ.. කෙල්ලගෙ මූණෙ හිනා කෝච්චියයි.. සමහර විට මං මෙහෙම නවත්තයි කියලා හිතන්න නැතුව ඇති..

    "මොනව හරි බොමුද බන්ටි..?"

    "එපා.. අපි වෙන දවසක බොමු.. ඉතිං ඇයි මාව නැවැත්තුවේ..? අනික මං කරත්තයකුත් නෙමෙයිනේ දක්කගෙන ආවේ.."

    "ඒ.. ඒ කිව්වේ..?"

    "ඇයි ඉතිං හෝව්.. හෝව් කියලනේ දුවගෙන ආවේ.."

    ශලනිට හිචිස් ගාලා හිනාවක් පැන්නා.. සමහර කෙල්ලො නම් අතින් කට වහගෙන සෝබනේට හිනාවෙනවා බන්ටි දැකලා තියෙනවා.. ඒත් ශලනි එහෙම නෑ.. ඔහේ නිදහසේ පැලෙන්න හිනාවෙනවා.. ඒකයි එයාගෙ තියෙන ගතිය..

    "ඔ.. ඔයා හෙට එනවා නේද බන්ටි..?"

    "ඔව්.. මං ඔයාට ඉස්සෙල්ලා පොරොන්දු උනානේ..! ඉතිං මට කිව්වෙ නෑනේ ඇයි මේ මාව නැවැත්තුවෙ කියලා.."

    "ඒක මමවත් දන්නෑ.."

    "එහෙම දන්නැතුව පාරෙ යන මිනිස්සුන්ව නවත්තනවද.? මොකෙක් හරි කාඩයෙකුට අහුවුණොත් එහෙම ඔයාට ඉස්පිරිතාලෙ යන්න වැඩේ කරයි.. තේරුණාද..?"

    "මං කාඩයොන්ට අහුවෙන්නෑ.."

    "ෂුවර්ද..?"

    "ඔව්.. මට, මාව ෂුවර්.. ඇයි බන්ටි ඔයා නිකං සවුත්තුවට වගේ එහෙම ඇහුවේ..?"

    "නෑ.. සවුත්තුවට නෙමෙයි.. මට නලින්දව මතක් වුණා.."

    "න.. නලින්දව..?"

    "ඔව් නලින්ද තමයි.. ඇයි ඔයා නලින්ද කියලා කෙනෙක් දන්නැද්ද..?"

    ඇස් දෙක ඩිංගක්වත් අහකට ගන්නැතුව මං ඒ ටීක් බෝල වගේ අව්වට දිලිසෙන, පට්ට ඇස් දෙක දිහා බලන් හිටියා.. ශලනිගෙ රෝස පාට මූණ රතු පාට වේගෙන එන හැටි මං දැක්කා.. එයා කීයටවත් හිතන්නැතුව ඇති මං නලින්දව දන්නවා.. ඒ මදිවට නලින්දගෙයි, ශලනිගෙයි තිබ්බ සම්බන්ධෙ ගැනත් දන්නවා කියලා..

    "ද.. දන්නවා.."

    "ඔ.. ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නේද..?"

    "දැන් එහෙම නෑ.. කලින් නම් එහෙමයි.. ඔයා කොහොමච මෙච්චර විස්තරයක් දන්නේ..?"

    "ඒක මෙතෙන්ට අදාලා වෙන්නෑ.."

    "හා.. මම දන්නවා.. එදා පන්සල ගාව අප්පව්වි කතා කරපුවා ඔයා අහන් හිටියනේ.. ඒවා අල්ලගෙන තමයි ඔයා මේ කතා කරන්නේ.."

    "නෑ ශලනි.. ඔයා හිතනවට වැඩිය ලොකු රෝල් එකක් මං මේ හැමදේම අස්සෙ කරා.. ඒත් ඒ හැමදේම දැන් ආපිටට ලොකු කරදරයක් වෙලා තියෙන්නේ.."

    "මට තේරෙන්නෑ බන්ටි.."

    "මං ඔයාට කියන්නම්.. මේ හැමදේම ඔයා දැනගෙන ඉන්නෙකත්, ඔයාට හොදයි.. ඒ වගේම හෙට නිරෝෂිව හම්බවෙන එකේ.. ඔයාව අඩුපාඩු සහිතව එතෙන්ට යවලා තේරුමක් නෑ.. ඔයා මාව මෙහෙම නවත්තපු එකත් හොදයි.. මොකද සමහර විට හෙටින් පස්සෙ මේ කතාවෙ මගේ රෝල් එක ඉවරයි.."

    "ඔ.. ඔයා කියන මුකුත්ම මට තේරෙන්නෑ.."

    "අහගෙන ඉන්න.. එතකොට තේරෙයි.."

    එතන ඉදලා, නිරෝෂිවයි, ශලනිවයි මාරුවෙලා ඇටකිච්චට ඉස්පිරිතාලෙ ලගින්න ගහපු කතාව මුල ඉදන්, අද දක්වාම මං විස්තරේ ශලනිත් එක්ක කිව්වා.. කතාව පරණ උනත් ඒකෙ තියෙන ගතිය, ශලනිගෙ ඉරියව්වලින් මට හොදටම දැනුණා.. එයා හැමදේම අහගෙන හිටියෙ, මං දිහා බලාගෙන හිටියෙ ටයිටැනික් නැව ගිලෙන දර්ශනේ කට ඇරන් බලන් ඉන්නවා වගේ..

    "දෙයියනේ.. ඔයා යාලුවා වෙනුවෙන් කොයි තරම් දේවල් කරලද..? ඒ යාලුවද අර හැංගි හැංගි ඔයාගෙ හොර අල්ලන්න ආවේ..? එයා නම් හරිම කැතයි බන්ටි.. හරිම කැතයි.. මහා හිතක් පපුවක් නැති මනුස්සයෙක්.."

    "එහෙම වෙන්නැති.. ඒත් මං නලින්දට ඇටෑක් කරපු එකෙන් පැත්තක ඉදපු ඔයාටත් ලොකු දුකක් සිද්ධ වුණා.. ඔයාට ඔයාගෙ ආදරේ නැතිවුණා.. අප්පච්චිගෙන් හොදට බැනුම් ඇහුවා.. ඒකට ඉතිං මං ඔයාට සොරි කියලා කියන්නෝන.."

    "නෑ බන්ටි නෑ.. එහෙම කියන්නෙපා.. ඔයා කරපු දේ තමයි හොදම දේ.. නලින්දට ලැබෙන්න තිබ්බ හොදම ෆනිෂ්මන්ට් එක තමයි ඔයා එයාට දුන්නේ.. නැත්තං මං අදටත් එයා මත්තෙ නහිනවා, ඔය කිසිම දෙයක් දන්නැතුව.."

    "ඔයා ඒ සිද්ධිය ගැන දැනන් හිටියෙ කොහොමද..?"

    "මට ආරංචි උනා බන්ටි..! නලින්ද යාලුවෙලා ඉදපු ගර්ල් කෙනෙක්ගෙ අයියා කෙනෙක් එයාට ඇටෑක් කරලා තියෙන්නෙ කියලා.. ඒත් මං ඒක විස්වාස කලේ නෑ.. ඒත් හොස්පිට්ල් එකේදි මං හුගාක් දේවල් දැක්කා.. නලින්ද, ගෑනු ළමයි එයාව වටකරන් හිටපු හැටි.. මට හැමදේම එපාවුණා බන්ටි.. ආදරේ කියන්නෙ මහා බොරුවක් කියලා හිතුණා.. පිරිමි ආදරේ කරන්නෙ ගෑනුන්ගෙ ඇගට විතරයි කියලා මං තෙරුම් ගත්තේ..! හුගාක් අමාරුවෙන් මං ඒ හැමදේම අමත කරලා දැම්මා.. දැන් නලින්ද කියලා කෙනෙක් මගේ ලෝකෙ නෑ.."

    ශලනි ඒ හැමදේම කියාගෙන ගියේ පුදුමාකාර සැහැල්ලුවකින්.. ඒත් ඔය කියන තරම් ඉක්මනට හිතේ ඇදිච්ච ආදරයක් තමන්ගෙ ලෝකෙන් එළියට ඇදලාදාන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ මගේ හිතට ආවා.. ජීවිතේටම කෙල්ලෙකුට ආදරේ කරලා නැති උනත්, ඒ දේ කරන්න බෑ කියලා මට නිකමට වගේ හිතුණා..

    "ඕස්ට්‍රේලියා ඉද්දි මට හුගාක් යාලුවො හිටියා.. මගේ වැකේෂන් වලට, වෙනසකටත් එක්ක තමයි මං අප්පච්චි මාව එක්කරන් මෙහේ ආවේ.. ඒ පුංචි කාලෙදි තමයි, නලින්ද මට ලංවුණේ.. යාලුවො නැතුව, දන්න අදුනන කවුරුවත් නැතුව ගෙවිලා ගියපු මේ ටික කාලෙට නලින්දගෙ බොරු ආදෙර් මට ලොකු ශක්තියක් උනා.. ඒත් දැන් ඒ හැමදෙයක්ම ඉවරයි.. මං අඩලා අඩල හිත හදාගත්තා.. දැන් මට නිවි සැනසිල්ලෙ ආයෙත් මගේ යාලුවො ළගට යන්න පුළුවන්.."

    "එතකොට ඔයාගෙ ෆැමිලි එක..?"

    "ඒක මායි, නිරෝෂියි ගන්න තීරණ අනුව සෙට්ල් වේවි බන්ටි.. කොහොම උනත් මේ හැම දෙයක්ම හොද පැත්තට හැරුනෙ ඔයා හින්දා.. ඔයා හරිම හොද යාලුවෙක් බන්ටි.. ඔයා වගේ කෙනෙක් ජීවිතේ ළගින් ඉන්නවා නම් කාටවත් තනිකමක් දැනෙන එකක් නම් නෑ.."

    ශලනි කියපු අන්තිම වචන ටික මගේ පපුවටම වැදුනා.. ඒත් බන්ටි කරපු හුගාක් හොද දේවල් වලින් අන්තිමට බන්ටිට ලැබුණෙ නරක විතරයි.. ඒක මේ ලස්සන ගෑනු ළමයා දන්නැති එකනේ වැඩේ..

    ****************************

    කල්පනා කරන්න හුගාක් දේ තිබුණත්, මගේ හිත ඒ කල්පනාවල් ගැන මුකුත්ම හිතුවෙ නෑ.. සරිගමයලා, අමිලලා, බින්දුවට ගැහුවද දන්නෙත් නෑ.. බින්දුවගෙ ජරා කතා වලට මං ඉවසුවත් අමිල ඉවසන්නෑ කියලා මට ෂුවර්.. අමිල වලියකට පැටලෙනවා කියන්නෙ අනිවා රවීනුත් පැටලෙනවා.. එහෙම උනොත් මේ කොහේවත් යන ප්‍රේම කතාවක් හින්දා හොදට හිටපු කොල්ලො සෙට් එක සී සී කඩ යන එක නවත්තන්න කාටවත් බෑ..

    වෙනද එකපාරටම මං චැලිය තාර පාරෙන් වැලි පාරට දාන්නෙ වටපිට බලන්නැතුව.. ඒක හරියට වැලෙන්ටිනෝ රෝසි යන ස්පීඩ් එකෙන්ම බෙන්ඩ් එක ගන්නවා වගේ වැඩක් කියලා හිතින් හිතාගෙනයි මං මෙච්චර දවසක්, චැලිය තාර පාරෙන් වැලි පාරට දැම්මේ.. ඒත් අද මට මහා මොකක්දෝ ලොකු තනිකමක් දැනුණා.. ඒ බේන්ට එ ගනිද්දිම.. ඒකයි මං බෙන්ඩ් එක මැදදිම චැලිය කකුල් දෙක බිම ගහලා නවත්ත ගත්තේ..

    ඊට ඩිංගක් උඩින් තිබ්බෙ මොරීන් අක්කගෙ ගෙදර.. වෙනදට වෙලාවක් කලාවක් නැතුව එයා මේ බෝක්කු පඩිය උඩට වෙලා, ඔහේ බලාන ඉන්නවා.. හැමදාම මට එයා විහිලුවක් උනත්, මොරීන් අක්කා නැතුව ගෙවිල ගියපු මේ දවස් කන්දරාව මට මහා පාලුවක් ගෙනාවා.. සමහර විට මට ඉස්සෙල්ලා දැනුණ තනිකම ඒ පාලුවේම කොටසක් වෙන්නැති.. මේ වෙලාවෙ මොරීන් අක්කවත් හිටියා නම්..

    "බන්ටි.."

    ගේට්ටුවෙන් චැලිය ඇතුළට දාන්න හම්බවුණේ නෑ.. ගේට්ටු කණුව ගාව ඉදලා අයියා මුතුවුණා.. මේකා මොකද මේ කවදාවත් නැතුවය හොරා පොලිස් සෙල්ලම් කරන්නේ..? මට කිසි දෙයක් හිතාගන්න බැරිවුණා..

    "ඇයි අයියේ, අද වැඩ නැද්ද..?"

    "නෑ.. නෑ.. වැඩ.. ඒත් මං ෂෝට් ලීව් එක් දාලා ගෙදර ආවා.. ඔෆිස් එකේ ඉන්නත් බෑ.. ඔලුව බරයි.."

    නොන්ස්ටොප් යන බඩේ අමාරුවක් හැදුණත් නිවාඩු ගන්නැති එකා, මෙන්න බොලේ අද ෂෝට් ලීව් දාලා.. ඒ කියන්නෙ මොකක් හරි කක්කා පැකට් එකක් ගාවගෙන වගේ..

    "ඔලුව බර නම් ගහන්න අයියෙ හොද වෙනිවැල් ගැට, කොත්තමල්ලි කෝප්පයක්.. වැඩේ නිට්ටාවටම සුවයි.."

    "ඒ මගුල බිව්වට මේක ඇරෙන්නෑ බන්ටි.."

    එව්වා මෙව්වා බිව්වට ඒක ඇරෙන්නැත්නම් අම්මපා ඕක හිතේ ලෙඩක්.. ආය වෙන දෙයක් නෙමෙයි.. මේකට හිටපු ගමන් ආපු හිතේ ලෙඩේ මොකක්ද..? අර කලිනුත් පාරක් කෙල්ලෙකුට බෙහෙත් අරන් දෙන්න ගිහින්, අතින් කයිට් කරගත්තෙ.. අන්න ඒ වගේ අල ගෙඩියක් වත් වෙන්නැති..

    "ඒක නෙමේ බන්ටි.."

    අයියා කතාව පටන් ගත්තත්, පටන් ගත්තු හැටියෙ මග නතර කරපු හන්දා මං ඒ මූණට එබුණා.. මෙන්න යකෝ ඒ මූණෙ කල්පනා ලෝකයයි.. මං හිතුවා හරි.. මූ මේ තරම් තටමන්නෙ, මොකාක් හරි බාල්දියක් පෙරලගෙන.. අම්මපා ඒකෙ දෙකක් නෑ.. වෙල් වෙද්දු ගාවට ගිහිල්ලා බැරිම තැන දැන් බන්ටි කියන ස්පෙෂලිස්ට් ළගට එන්නැති..

    "මොකක්ද ප්‍රශ්නේ..?"

    "ප්‍රශ්නෙකුත්ම නෙමේ බන්ටි.."

    "එ.. එහෙනම්..?"

    "ඔ.. ඔයාගෙ අ. අර යාලුවව හුගාක් දවසකින් දැක්කෙ නෑ නේද..?"

    "මොන යාලුවද..?"

    මේකා මේ අහන්නෙ නෙත්මි ගැනවත්ද මංදා.. එහෙම උනොත් නම්, ඕන මල ඉලව්වක් වෙන්න ටෙලිෆෝන් නම්බරේ දෙනවා නෙත්මිගේ.. කොහොමටත් නෙත්මි කියලා කියන්නෙ මේකගෙ ඉස් ඉස්සෙල්ලම ට්‍රයි එකනේ.. බන්ටි දන්නැද්ද පහුවුණ දවස්වල නෙත්මි ගැන මේකට තිබ්බ පණුගාය..

    "අ.. අර මහත ගර්ල්..?"

    "ම.. මහත ගර්ල්..?"

    "ඔව්.. ඔව්.. එ.. එයාගෙ නම මොරීන් නේද..?"

    හප්පට සිරි... මෙන්න බලාපල්ලකො වැඩේ.. අල වගේද ගෝවා.. කංකුන් වගේද රාබු.. මට මුකුත් කියාගන්න බැරිවුණා.. මේකට මොරීන් අක්කව පේන්න බැරිවනේ හිටියේ..

    "ඔව්.. මොරීන් තමයි.. ඇයි එයා ඔයාට ආයෙත් කරදර කලාද..?"

    "අයියෝ නෑ බන්ටි.. මං ඒ ඉස්සර කෑගැහුවට එයා මට කරදර කලේ නෑ.. එයා හුග දවසකින් දැක්කෙ නැති නිසයි මං මේ ඔයාගෙන් ඇහුවේ.. ඔයයි, එයයි ගජ යාලුවොනේ.. මං දැක්කා එයාගෙ ගේත් වහලා දාලා තියෙනවා.."

    ඔව්.. ඔව්.. මායි මොරීන් අක්කයි මලට වැලසේ තමයි හිටියේ.. ඒත් ඉතිං මොරීන් අක්කගෙ අති උතුම් ප්‍රේම කතාව හින්දා එයා නුවර දාලා ගියානේ..

    "එයා දැන් මෙහේ නෑ අයියේ.."

    "මොනවා..? මෙහේ නෑ.. ඇයි ඒ..? එයා කොහේ හරි ගිහින්ද..? එයාට මුකුත් ප්‍රශ්නයක්ද..? ඇයි ඔයා, මට ඒ ගැන කිව්වෙ නැත්තේ..?"

    අම්මප මූට විසබීජයක්වත් පෑගිලද මංදා.. ඔය අපු ප්‍රශ්න තොගේට මං කොහොමද උත්තර දෙන්නේ..? අනිත් එක මේ හිටපු ගමන්, මොරීන් අක්කා ගැන මූට හැදිච්ච කක්කා බර මොකක්ද..?

    "කියන්න ඉතිං, ඔයා ඇහුවෙ නෑනෙ.."

    "හරි.. හරි.. බන්ටි.. මගේ හොද කොල්ලා වගේ කියනවකො එයාට මොකද උනේ කියලා.."

    අඩෙ අප්පා.. මුගේ බටර් පාරෙ සැර.. හොද කොල්ලා වගේ කියන්නලු.. මං ටිකක් සෝක ජනක මූණක් මවාගත්තා.. මං දන්නවා මේ මූණ දැක්කම කාටවත් බත් කන්න බෑ කියලා.. අඩන එකෙක් නම් පෙරලි පෙරලි අඩනවා කියලා..

    "ඔයා දන්නවනේ අයියේ.. මොරීන් අක්කා ඔයාගෙ පස්සෙන් ආවා කියලා.."

    "ඔව්.. ඉතිං..?"

    "ඒත් ඔයා, එයාව ගණන් ගත්තෙවත් නෑනේ.."

    "ගණන් නොගත්තෙමත් නෑ බන්ටි.. එයා අර බෝක්කුව ගාව ඉද්දි පස්සෙ පස්සෙ මං එයත් එක්ක හිනා උනානේ.."

    "ඕවා මේවා මං දන්නෑ.. කොහොම හරි තව දුරටත් ඔයා ගැන බලාපොරොත්තු තියන් ඉදලා වැඩක් නෑ කියලා එයාට තේරිලා.. ඒකයි මේ හැම දෙයක්ම දාලා එයා කොළඹ ගියේ.."

    "ඔයා නම් හරිම කැතයි බන්ටි.."

    "ඇයි..?"

    "ඇයි තමයි.. ඔය තරම් දේවල් දැනගෙනත් ඔයා. මට කිසි දෙයක් කිව්වෙ නෑනේ.. ඇයි බන්ටි මට එහෙම කලේ..?"

    ඔන්න බලපංකො මුගේ අමුනුස්ස කතාවෙ හැටි.. මං හැමදේම දැනගෙන මූට කිව්වෙ නෑල්ලු.. අම්මපා ළග පාතක පොලු කෑල්ලක් හරි තිබ්බ නම් මං මේකට ගහන්නෙ අයියා කියලා බලන්නැතුව..

    "මං ඔයාට කිසි දෙයක් කරේ නෑ.. මොරීන් අක්ක මහත වැඩියි කියලා, ඔයාමයි එයාව නෝන්ඩි කරලා කතා කලේ.. මොරීන් අක්කා මළ වදයක් කිව්වෙත් ඔයාමයි.. මොරීන් අක්ක පාරට වෙලා ඇස් රිදෙන කල්, ඔයා එනකල් බලන් ඉද්දි එයාව මගෑරලා හොරෙන්ම ඔෆිස් ගියේ මම නෙමෙයි ඔයා.."

    "ඔ.. ඔය ඔක්කොම හරි බන්ටි.. මං එහෙම කලා තමයි.. ඒත්.. ඒත්.. එයා පේන්න නැති උනාම හරි පාලුයි නේද..?"

    "ඒක නම් ඇත්ත.. ඔයාට කෙසේ වෙතත් මට නම් පාළුයි.. මොකද මේ ගෙදරින් පිට මට විහිලුවක්වත් කරන්න උනත් හිටියෙ එයා විතරයි.."

    "ඔයා මොරීන්ට කැමතිද බන්ටි..?"

    "ඔව්.. අමුතුවෙන් කැමති වෙන්න දෙයක් නෑ.. මං ඉස්සර ඉදලම එයාට කැමතියි.."

    එතන ඉදලා අයියා වචනයක්වත් කතා නොකර අමුනුස්සයෙක් වගේ ගේ ඇතුළට ගියා.. බලන් ගියාම දුකත් හිතෙනවා අප්පා.. ඒත් ඉතිං මොනවා කරන්නද..? මෙච්චර යසට ටයිල් අල්ලලා, ඇලුමිනියම් ෂවර් දාලා, හොට් වෝටර් සෙට් හයි කරලා තියෙද්දි, පල්ලෙහා කුණු කාණුවෙන් කැත නැතුව ඇදගෙන නෑවෙ අපේ අයියනෙ.. ඒකට මොරීන් අක්කවත්, මමවත් පළි නෑ.. හැබැයි ඉතිං එක වෙලාවකට බන්ටිට හිතෙනවා මොරීන් අක්කා ගත්තු ක්‍රියා මාර්ගය හරි කියලා..

    තමන් නැති දුක, පාලුව, අනිත් කෙනාට දැනෙන්න නම්, තමන් එතනින් ඈත් වෙලා යන්න ඕන.. මෙච්චර දවසක් පස්සෙන් ආපු එකා හිටගෙන බ්‍රේක් ගහලා නතර උනාම, ඔන්න ඉස්සරහින් ගණන් දාගනෙ ගියපු එකාට කොකු පණු ගාය හැදෙනවා.. ඊට පස්සෙ ඌ බලනවා මොකක්ද අප්පෙ මගේ පස්සෙන් මේකා එන්නැත්තෙ කියලා.. පස්සෙ, ඉස්සරහින් ගියපු එකා හැම රෙද්දම පැත්තකින් තියලා ආපස්සට එන්න ගන්නවා.. ඕකද මං ආදරේ කියන්නේ..? පිස්සුද, ඕක කොහෙමද ආදරේ වෙන්නේ..? ඕකට කියන්නෙ ස්වභාව ධර්මය කියලනේ.. තව ඕනනම් කියතෑකි කළ කම් පළදේ කියලා..


    Mathusambandai.gif

     

    blue_in_rio

    Well-known member

  • ඈ බොල බල්ලෝ, උඹට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ නේද ? :growl::growl: උඹ හිතන්නේ උඹ මෙහෙම ලින්ක් එකක් දාපුවහම, අපි ඒකෙන් මේ කතාටික බාගෙන ඒවා බලලා, මේ ත්‍රෙඩ් එක නොබලා ඉදියි කියලද ? :oo::oo: තොට ඒවගේ ගඳ ගහන අදහස් තිබුනට මේ එළකිරි එකේ කොල්ලෝ එහෙම කරන් නෑ. :cool::cool: තෝ කරන වැඩෙන් වෙන්නේ මේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා, හැමෝම මේක බලන එක. :lol::lol: තෝ පව් යකෝ...... :eek::eek::P:P
     

    Green Fairy

    Banned
    Mar 17, 2012
    16
    7
    0
    ඈ බොල බල්ලෝ, උඹට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ නේද ? :growl::growl: උඹ හිතන්නේ උඹ මෙහෙම ලින්ක් එකක් දාපුවහම, අපි ඒකෙන් මේ කතාටික බාගෙන ඒවා බලලා, මේ ත්‍රෙඩ් එක නොබලා ඉදියි කියලද ? :oo::oo: තොට ඒවගේ ගඳ ගහන අදහස් තිබුනට මේ එළකිරි එකේ කොල්ලෝ එහෙම කරන් නෑ. :cool::cool: තෝ කරන වැඩෙන් වෙන්නේ මේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා, හැමෝම මේක බලන එක. :lol::lol: තෝ පව් යකෝ...... :eek::eek::P:P

    danna tarama tamai oya.. :rofl: balana un inna nisane damme :P
    ubata epanam nikan hitapan.. awashaya aya gani :lol:
     

    blue_in_rio

    Well-known member
  • danna tarama tamai oya.. :rofl: balana un inna nisane damme :P
    ubata epanam nikan hitapan.. awashaya aya gani :lol:

    අනේ යකෝ තෝ වගේ වල් බල්ලෙක්.බල්ලොන්ට ඉතිං බලුවැඩ කරන්න එපා කිව්වට උන් අහන එකක්යැ.හැබැයි ඉතිං තෝ මේ කරන වැඩේට නම් තොට හෙන ගහනව පරයා.හෙනම ගහනවා. :angry::angry::angry::angry::angry: :growl::growl::growl::growl::growl:
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    ඇයි බං මෙහෙම කඩාකප්පල්කාරී වැඩ කරන්නෙ? උඹ හදන්නේ Crazy Buddy කරන වැඩේට කටුව ගහන්න නෙ? මොකද්ද උඹට තියෙන අප්සෙට් එක? අපේම එකෙකුට නෙ බං උඹ අරින්න හදන්නෙ. උඹට ලැජ්ජ නැද්ද මෙහෙම චා වැඩ කරන්න. එක පාරක් කරලා ආයිත් පාරක් ඒ මස්තබාල්දු වැඩේම කරල උඹ තුට්ටු දෙකේ මිනිහෙක් වෙන්න හදන්නෙ ඇයි බං.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-09.jpg


    09.png


    පහුවෙනිදා උදේ පාන්දර දහයට විතර නැගිටින කොට තමයි මට එකපාරටම මතක් උනේ, අද ශලනියි, නිරෝෂියි හම්බවෙන දවස කියලා.. ෂිහ්.. අම්මපා.. මේ මගේ කාඩ නින්ද හින්දා කවද හරි මං නාත පරිප්පුවක් කනවා.. ඒක බුදු ෂුවර්.. සමහර විට මේ පුරුද්ද එන්න ඇත්තෙ එරීනා එකේ ෆිල්ම් බලලම වෙන්න ඇති.. ඉස්කෝලෙ කට් කරලා වීරයා වගේ ෆිල්ම් බැලුවට, ඒකත් ඉන්ටවල් වෙනකන් විතරයි.. ඇයි ඉතිං ඉතුරු බාගෙ බන්ටි සිරාවටම බුදිනේ..



    "බන්ටි මහත්තයො මොකෝ මේ කලබලෙන්..?"


    "කිසිම කලබලයක් නෑ බේබි නැන්දේ.. අද මට ලන්ච් එපා.."


    "මගෙ අප්පොච්චියේ.. කවදාවත් නැතුව අර මොකෝ..?"


    "අද මට ලස්සන ගෑනු ළමයි දෙන්නෙක්ගෙන් ලන්ච් එක හම්බවෙනවා.. සමහර විට මං නවොත්, ඒකෙන් ගම්‍ය වෙන්නේ, මම ඩිනර් එකටත් ඉන්නවා කියනෙක.."


    "ගමයා වෙනවා කිව්වේ..?"


    "ගමයා කිව්වෙ, තේරුම් ගන්න කියනෙක.. පැහැදිලිද..?"


    "බ..න්..ටී.."


    බේබි නැන්දගෙයි, මගෙයි අර්ථවත්, සාරධර්ම සාකච්ඡාව මැද්දට පැන්නෙ අක්කා.. ෂහ්.. මෙයත් අද ගෙදරද අප්පා.. දැන් ඉතිං ප්‍රශ්න කෝටියයි..


    "ඇයි අක්කා.. අද ඔයාට කොහේවත් ගමනක් බිමනක් යන්න නැද්ද..?"


    "මගේ ගමන් බිමන් පැත්තක තිබුණාවේ.. ඩිංගක් මෙහාට එනවකෝ.."


    ඒ පාර සෑහෙන්න බොන්න වෙන කේස් එකක් වගේ.. අක්කා කවදාවත් කුණු මාලු කෑල්ලක් වගේ මාව පැත්තකට තල්ලු කරන් මෙහෙම යන්නෑ..


    "මොකෝ අවුල..?"


    "අවුල මොකක්ද කියලා ඔයා දන්නවනේ බන්ටි.. ඊයෙ හවස් වරුවෙම මං හිටියෙ පිණීමුතුලහ.."


    "පිණිමුතු කිව්වේ..?"


    "අනේ ඇත්තටම බන්ටි ඔයාට මොනවද මේ වෙලා තියෙන්නේ..? ඔයා පිණිමුතුව දන්නැද්ද..? හරියට නිකං අද ඇහිච්ච නමක් වගේ මගේ මූණ දිහා බලන් ඉන්නේ.."


    "සොරි අක්කේ.. ඔයා දන්නවනේ, මං එයාට කතා කරන්නෙ නේතමි කියලා.. ඔය පිණිමුතු කිය නම මට ඒ තරම් හුරු පුරුදු නෑ.. අම්මප සහතික ඇත්ත අක්කේ.. මං හිතන්නෙ, එයාට ඔය නම දාන්න ඇත්තෙ, එයාලගෙ ලොකු තරහකාරයෙක් වෙන්න ඇති.."


    "ඔයාට මේ කතාව විහිලුවක්ද බන්ටි..? මං මේ සීරියස් කතා කරන්නේ.."


    "මාත් සීරියස් බල්බ් තමයි අක්කේ.. ඔයා හිතුවෙ ටියුබ් ලයිට් කියලද..? හරි.. හරි.. මොකක්ද ඔය මල අඩේ කියලා කියන්නකො.."


    "නෙත්මි හුගාක් ඇඩුවා.. මට තේරෙන්නෑ මං මොනවයද කරන්න ඕන කියලා.. නෙත්මිට ඕන ඔයාව හම්බවෙන්න.. ඇයි ඔයා, එයාව මගාරින්නේ..?"


    "මං එයාව මගෑරියෙ නෑ අක්කේ.. මේ දවස්වල මං ෆුල් බිසී.. අම්බානෙකට වැඩ.. හෙල්ලෙන්න විදියක් නෑ.."


    "ඔයාට මොන වැඩේ තිබුණත්, ඉස්සෙල්ල නෙත්මිව හම්බවෙන්න.. නැත්නම් මට බයයි කෙල්ල අඩලම ලෙඩක්වත් හදාගනියි කියලා.. ඔයා, එයාට කැමති නැත්නම් ඒකත් එයාට කෙලින්ම කියන්න.. එහෙම නැතුව ඔයා මේ මහා පව් වැඩක් කරන්නේ.. ඒ කෙල්ල මෙහෙම අඩ අඩ ඉන්න ඕන කෙල්ලෙක් නෙමෙයි.."


    "ම.. මං නෙත්මිව හම්බවුණා කියලා, එයාගෙ ඇඩිල්ල නතර වෙයිද අක්කේ..? සමහර වෙලාවට එයාගෙ ඇඩිල්ල නතර වෙලා මට අඩන්න වෙයිද දන්නෑ.."


    අක්කා තවත් මොනවා හරි කියන්න කලින් මං ගෙයින් එළියට බැස්සා.. ඇත්තටම නිතරම කදුළු පෙරාගෙන හොට්ට පෙරාගෙන ඉන්න ගෑනු ළමයින්ව බන්ටිට කොහොමත් දිරවන්නෑ.. ඒ අතින් බලන් ගියාම මොරීන් අක්කා කියන්නෙ වීර කාන්තාවක්.. අනික නෙත්මි මොන මගුලකටද මෙහෙම හොට්ට පෙරාගෙන අඩන්නේ..? බන්ටි, නෙත්මිට කැමති එක වෙනම කාරණයක්.. ඒත් හිතට අල්ලන්නෙ නැති දේ නෑ කියලා කෙලින්ම කියන එක ඊට වඩා එහා ගියපු කාරණයක්..


    මාළිගාව ඉස්සරහට යනකොටම මං ඈතින්ම දැක්කා ශලනියි, නිරෝෂියි එකට එක්කහු වෙලා බර කතාවක් දාගෙන ඉන්න හැටි.. ඒ අහළින් පහලින් යන හැමෝගෙම වගේ ඇස් යොමුවෙලා තිබ්බෙ, එක ඉත්තෙ පිපුණ ලස්සන මල් දෙක දිහාට.. එයාල ළගට ගිහිල්ලත් ඩිංගක් වෙලා යනකල් නිරෝෂිව, ශලනිගෙන් වෙන් කරලා අදුනගන්න මට ටිකක් අමාරු වුණා.. ඒත් ශලනිගෙ තිබ්බ විදේශික පෙනුම හන්දා මං ඒ අමාරුව ටිකක් ලේසි කරගත්තා..


    "මං පරක්කුද..?"


    "දෙ.. දෙයියනේ.. බන්ටි ඔයා කොයි වෙලාවෙද ආවේ.. අපි දැක්කෙත් නෑ.."


    "මං දැනුයි ආවේ.. කමක් නෑ.. ඔයාලා දිගටම කතා කරන්න.. ලන්ච් වෙලාවට මට කතා කලාම ඇති.."


    ලස්සන කිඹුල්ලු දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් මං කිව්වා.. මේකත් මරු වැඩක් තමා අප්පා.. කිඹුල්ලු දෙන්නෙක් දෙපැත්තෙන් තියාගෙන, මාත් කිරි මැටි ගිලින කිඹුලෙක් වගේ කට ඇරන් බලන් ඉන්නෙක..


    "ලන්ච් එක වෙලාවට කිව්වේ..?"


    "ඔයාලගෙ ඔය කතා කරන දේවල් ඉවර උනාම, බන්ටිට ඩෙවෝන් එකට එක්කන් ගිහින් හයි ක්ලාස් ලන්ච් එකක් අරන් දෙන්න ඕන හොදද..? මං හිතන විදියට මිනිහා උදේටත් කාලා නෑ.."


    මගේ කතාවට ගෑනු ළමයි දෙන්නා කිසි ලෝබකමක් නැතුව හිනා උනා.. ඒ හිනාවල තිබ්බ ලස්සන එක්ක මාත් දන්නෙම නැතුව එක්කහු උනා.. එතන ඉදලා සම්පූර්ණයෙන්ම පැයකුත්විනාඩි හතලිහක් විතර, ශලනියි, නිරෝෂියි කතා කෙරුවෙ එයාලගෙ ෆැමිලි එක ගැන.. බින්කුංඩා වගේ බන්ටි ඒ හැමදේටම හොමබ දැම්ම කියලද උඹලා හිතන්නේ..? පිස්සුවක් ඇතෑ.. බන්ටි ඒ වගේ කැත වැඩ වලට නෑ.. හැමදේම සාවධානව අහගෙන හිටියා විතරයි..


    "තාත්තා ඩිංගක්වත් කැමති නෑ නිරෝෂි.. ආයෙ අම්මව හම්බවෙන්න.. ඒ ගැන කතා කරනකොටත් එයාට කේන්ති යනවා.."


    ශලනිගෙ කටහඩේ තිබුණෙ ලොකු දුකක්.. නිතරම හිනාවෙලා සිරියාවන්තකමට කතා කරන නිරෝෂිගෙ මූණත් මලානික වෙලා තිබුණා..


    "එතකොට ඔයාලා හදන්නෙ අපි දෙන්නව මෙහේ දාලා ආයෙත් රට යන්නද..?"


    "මංදා නිරෝෂි.. මට නම් කිසි දෙයක් හිතාගන්න බෑ.. මට දැන් කවුරු ලංකාවෙ දාලා ගියත් ඔයාව දාලා යන්න විදියක් නෑ.. අතීතයේ තිබ්බ හුගාක් දේවල් දැන් ආයෙත් එළියට ඇවිල්ලා අලුත් වෙලා.. ඒ කිසි දෙයක් මට අමතක කරන්න බෑ.."


    "මටත් එහෙමයි.. ඔයා නැතුව ගෙවිලා ගියපු ජීවිතේ මොන තරම් පාලු එකක්ද කියලා මට දැනුයි දැනෙන්නේ.. මීටත් කලින් අපි දෙන්නා හම්බ උනා නම්, අපිට කොයි තරම් සංතෝසෙන් ඉන්න තිබ්බද..?"


    "අම්මා මොනවද කියන්නේ..? මට එයාව බලන්න හරි ආසයි.. මට මතක තියෙන කාලෙකින් එයාව දැකලා නෑ.."


    "අම්මා මුකුත්ම කියන්නෑ ශලනි.. සමහර විට ඒ මට දුක හිතෙයි කියලා වෙන්නැති.. ඒත් හුගක් වෙලාවට අම්මා හරියට කල්පනා කරනවා.."


    "අප්පච්චිත් එහෙමයි.. වැරදිලාවත් ඒ ගැන වචනයක්වත් කතා කරන්නෑ.. දැන් ඔන්න ආයෙත් එයාට යන්න හදිස්සි වෙලා.. ටිකට්ස් බුක් කරන්නයි, අනිත් වැඩ වලටයි අප්පච්චි එහෙට මෙහෙට දුවනවා.."


    මෙහෙම ගියොත් නම් තවත් පැයට ගානක් මේ දෙන්නා එකම දේ රිවයින් කර කර ඉදියි.. මට වෙන්නෙ, ඩෙවෝන් එකත් ළග තියාගෙන හද්ද බඩගින්නෙ ඉන්න.. අනේ ඇත්තට ගෑනු ළමයි කියන්නෙ මහා සෝබේරි ජාතියක් අප්පා.. කරන්න තියෙන වැඩේ පැත්තක ගොඩ ගහලා, පරණ අතීතයක් රීමික්ස් කරනවා..


    "මේ.. ඔයාලා දෙන්නා දැන් ගත්තු තීරණේ මොකක්ද..?"


    ඉවසලා ඉවසලා බැරිම තැන මං කතන්දරේ මැද්දට පැන්නා.. නැතුව බෑනේ අප්පා.. තව කොච්චර කියලා ඉවසන්නද..?


    "මොන තීරණේද බන්ටි..?"


    "මොන තීරණේද අහන්නේ.. ඔයාලා අද ආවෙ සතුටු සාමිච්චියෙ යෙදිලා, මට දවල්ටත් කන්න අරන් දීලා ආයෙත් ආවා මගේම ගෙදර යන්නද..?"


    මගේ ප්‍රශ්නෙට කිඹුල්ලු දෙන්නා මූණෙන් මූණ බලාගත්තා.. ඊට පස්සෙ ඒ මූණු දෙකම මගේ දිහාට හැරුණා..


    "අපිට කරන්න ඕන මොනවද කියලා තේරෙන්නෑ බන්ටි.. අපි කිව්වට අම්මයි, අප්පච්චියි ආයෙ එකතු වේවිද..? එයාලා ඈත්වෙලත් හුගක් කල්නේ.."


    "ඔව්.. නිරෝෂිගෙ කතාව හරි.. අප්පච්චි ලංකාවට ඇවිල්ලත්, නුවරට ඇවිල්ලත් අම්මව නිකමට හරි බලන්න ගියේ නෑ.. ඒ කියන්නෙ අප්පච්චි, අම්මව අමතක කරලම දාලා කියනෙක නේද බන්ටි.."


    අම්මපා.. මේ දෙන්නම උස්සගෙන ගිහින් දාන්න ඕන වළාකුලු බැම්මෙන් පහළට.. ඇයි බං කිසිම පොසිටිව් තින්කින්ග් එකක් නෑනෙ.. හිතන්නෙම ඇදේටනේ.. බන්ටිට නම් ඕවට මල පනිනවා..


    "ඒක ඉතිං අහන්න වෙන්නෙ අප්පච්චිගෙනුයි, අම්මගෙනුයි තමයි.."


    "ඉතින් ඔයා කියන්නෙ අපිට මොනවා කරන්නද බන්ටි..?"


    "ඒක තීරණය කරන්න ඕන ඔයාලා දෙන්නා.. මෙතන්දි මං පිටස්තරයෙක් විතරයි.."


    "අනේ අපි එහෙම හිතන්නෑනේ.."


    "ඔයාලා හිතුවෙ නැතිවුනාට ඒකයි ඇත්ත.."


    "නෑ.. නෑ.. බන්ටි ඔයා අපේ කෙනෙක්.. බින්දු වෙනුවෙන් ඔයා කොයි තරම් දේවල් කරාද කියලා මං දන්නවා.. බින්දුට ඒවා අමතක උනාට, මම කවදාවත් ඒවා අමතක කරන්නෑ.."


    "ඒක තමයි.. ඔයා අපිත්තෙක්කම ඉන්න බන්ටි.. ඔයා ළග ඉන්නකොට මහා පුදුම හයියක් හිතට දැනෙනවා.."


    ඉදලා ඉදලා ශලනි මට කිව්වෙ, මාර කතාවක්.. හොදට හිටියි ලොකු පුතේ.. මෙච්චර ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් එක්ක, බන්ටි ඉන්න ගියොත්, වටපිටේ ඈයොන්ගෙ ඉරිසියාවට භාජනේ වෙලා බන්ටි වලකජ්ජ ගහනවා.. ඒකෙ ආයෙ ඇදයක් කුදයක් නෑ..


    "අනේ බන්ටි.. ඔයාම කියන්නකො.. අපි දෙන්නා මොනවද කරන්න ඕන කියලා.. මට හිතෙනවා මායි, ශලනියි ගන්න තීරණේට වඩා හුගාක් හොද අදහසක් ඔයාට ඇති කියලා.."


    "හරි.. එහෙනම් ඔයාලා දෙන්නා, එක්කෙනෙක් අනිත් කෙනාව ගෙදරට එක්කගෙන යන්න.. හුගාක් දේවල් ඉබේටම සිද්ධ වෙයි.. මං හිතනවා, ඔයාලට හොද උත්තරයක් ලැබෙයි කියලා.."


    "ඒ කිව්වේ..?"


    "අනේ අපිට තේරුන්නෑ.. බන්ටි.."


    "මෙහෙමයි.. ශලනි, නිරෝෂිව එක්කගෙන යනවා අප්පච්චි ඉස්සරහට.. නිරෝෂි, ශලනිව එක්ක යනවා අම්මා ඉස්සරහට.. තේරුණාද..? ඊට පස්සෙ සිද්ධ වෙන දේවල් අනුව කතාව ඉබේටම ඉස්සරහට ඇදිලා යයි.."


    මගේ කතාවෙන් ගෑණු ළමයි දෙන්නගෙම මූණු එළිය උනා.. පව්.. ඒ අහිංසක මූණු දෙකේම තිබ්බෙ නැතිවෙලා ගියපු මව් පිය සෙනෙහස ගැන මහා මෙරක් තරම් ආසාවක්.. ඒ ආසාව දැක්කම, ශලනිට මේ වැඩේ හරියට කරගන්න බැරි උනොත් බන්ටි බැහැලම වැඩේ කරනවා කියලා මං හිතාගත්තා..

    "හප්පට සිරි.. මේ අපේ බන්ටිනේ.."


    අපි තුන්දෙනාගෙ සුහද පිළිසදරට හදිසියේ කඩාගෙන පාත්වුණු මැනර්ස් දන්නැති එකා කවුද කියලා බලන්න මං ඔලුව ඉස්සුවා.. දෙයියන්නට ඔප්පු වෙච්චාවි.. මේ පයිතගරස්නේ.. මේකා මොන ප්‍රමේය දාලා මෙතෙන්ට ආවද මංදා.. දැන් ඉතිං මූ ලංකාව විතරක් නෙමෙයි, ඉන්දියාවත් ගිණි තියයි..


    "උඹ මොනවද මෙතන කරන්නේ..? පේන්නැද්ද අපි වැදගත් කතාවක් කියලා.."


    ශලනියි, නිරෝෂියි ඉස්සරහම මං ඌට කඩන් පැන්නා.. එහෙම කරේ නැත්තම් මූ මුදුනා වෙනවා..

    "මං මාළිගාවට ආවා බන්ටි.. ඇයි උඹ මේ සීදේවි ළමයි දෙන්නා ඉස්සරහ මට කෑගහන්නේ.. ඩිංගක් මෙහෙට වරෙන්කෝ වැඩක් අහන්න.."


    පයිතගරස් මගේ අතින් ඇද්දා.. ඒකත් හොදයි.. නැත්තං මූ මොන කුණු හරුපෙ නිරෝෂිලා ඉස්සරා අහයිද කවුද දන්නේ..? ගෑනු ළමයි දේනනා එතන ඉද්දි මං පයිතගරස් එක්ක වාහන පාක් එක පැත්තට ඇවිදගෙන ආවා..


    "ඇයි..?"


    "ඇයි අහන්නේ.. උඹට වටිනවද බන්ටි, බින්දුවගෙ ආදරෙත් එක්ක මාළිගාවට එන්න..?"


    "බින්දුවගෙ ආදරේ..?"


    "ඔව්.. අර ඉන්නෙ නිරෝෂි නෙමෙයිද..? ඒත් මට තියෙන ප්‍රශ්නෙ එතන නිරෝෂිලා දෙන්නෙක් ඉන්නෙ කොහොමද කියනෙකයි.. කොහෙන්ද උඹ අර අනිත් ෆොටෝ කොපිය හොයාගත්තේ..?"


    "උඹ හිතන්නෙ කොහොමද..?"


    "මං නම් හිතන්නෙ නිරෝෂිගෙ කලෝනයක් වෙන්නැති.. නැත්තං ඉතිං.. ඈ.ත. කෝ බං ක්ලෝනේ..?"


    පයිතගරස්ගෙ ඇස් දෙක ලොකු උනා.. ඌ බලාගෙන හිටියෙ ශලනියි, නිරෝෂියි දිහා.. ඒත් වැඩේ කියන්නෙ දැන් එතන ඉන්නෙ නිරෝෂි විතරයි.. දළදා හාමුදුරුවන්ට කියන්න.. ඒපාර කෝ ශලනි..?


    "ක්ලෝනෙ කොහෙද කියලා උඹ පස්සෙ හොයාගනිං.. අර ගෑනු දරුවා තනියම, මං එතෙන්ට යනවා.."


    පයිතගරස් තවත් මොනවදෝ කියවන්න යද්දි මං නිරෝෂි ළගට දුවගෙන ආවා.. ඌ ඕන මගුලක් හිතාගත්තාවෙ.. මං මොකෝ..


    "නිරෝෂි මුකුත් ප්‍රශ්නයක්ද..?"


    "ඔ.. ඔව්.."


    "මොකද ප්‍රශ්නේ..?"


    "ශලනිගෙ අප්පච්චි, ශලනිව ෆලෝ කරගෙන ඇවිත්.. එයා අර එහා පැත්තට දිව්වා.."


    "ශලනිගෙ අප්පච්චි කියන්නෙ, එයා ඔයාගෙත් අප්පච්චිනේ.. ඔහොම තමන්ගෙ දේවල් පිට විදියට සලකලා කතා කරන්නෙපා.. එතකොට ඒවා පිටම දේවල් වෙනවා.."


    "මට තේරෙනවා බන්ටි.. අනේ ඔයා කොයි තරම් හොදද..? ඔයාව ළගින්ම ආස්සරේ කලත්, ඔයාගෙ ඔය හොද ගතිගුණ ටික බින්දු ළංකර ගත්තෙ නෑනේ.."


    "අපි ඔය ගැන පස්සෙ කතා කරමු.. බලන් ගියාම ශලනි කරන්නෙත් මහ පිස්සු වැඩනේ.. හරි නම් එයානේ මෙතන ඉන්නෝන.. එහෙම ඉදලා මේ කතාව හෙමින් සීරුවෙ ඉස්සරහට අරගෙන යන්නෝන.. ෂහ්.. මේ කෙල්ල කොහේ ගියාද දන්නෑනේ.. ඒත් ප්‍රශ්නෙ කියන්නෙ අප්පච්චි දැකලා කෙල්ල දිව්වෙ ඇයි කියලා.."


    මං වටපිට බැලුවා.. ඒත් ශලනි පේන තෙක්මානෙක හිටියෙ නෑ.. මේ තත්පරේට දෙකට කෙල්ල අතුරුදන් වෙලානේ..

    "එයා කොයි පැත්තටද ගියේ..?"


    "මටත් හිතාගන්න බැරිවුණා.. අප්පච්චි කියලා එයා අර වෑන් නවත්තලා තියෙන පැත්තට දිව්වා.."


    "එතකොට කෝ දැන් එයා පෙන්නපු අප්පච්චි..?"


    එහෙම අහලා මට කට ගන්න හම්බ උනේ නෑ.. මහා බර සාරෙට අතක් මගේ උරහිසට වැදුණා..


    "මගේ දරුවා ගාවින් අයින් වෙන්න කියලා මං උඹට දවස් කීයක් කිව්වද..? ඇයි උඹ මේ කිසි දෙයක් අහ්නනැතුව, මාව යකෙක් කරන්න හදන්නේ..?"


    කෝ කියල අහපු අප්පච්චි මායි, නිරෝෂියි ඉස්සරහට ඇවිල්ලා තිබුණා.. මුල ඉදලම මනුස්සයා කතාව පටන් අරන් තිබුණෙ වල්ගෙ පාගගෙන උනත් බන්ටිට ඉවසන්න වෙලා තිබුණා.. ඒකට හේතු දෙකක් තිබුණා.. එකක් මෙතන දළදා මාළිගාව හින්දා.. අනික ශලනිගෙයි, නිරෝෂිගෙයි ආසාවට බන්ටි උදව් කරනවා කියලා පොරොන්දු වෙලා හිටපු හින්දා..


    "දරුවා කියලා කිව්වේ..?"


    මගේ ප්‍රශ්නෙන් ඒ මූණ තවත් රකුසු උනා.. හැබැයි ඒ ඇස් දෙක මගේ මූණෙන් බින්දුවක්වත් අයින් උනේ නෑ.. මෙයා හිතන් ඉන්නවද දන්නෑ මං පැනලා දුවයි කියලා.. එව්වා නම් හදේ අංකල්.. බන්ටි කවදාවත් නිකං පැනලා දුවන්නෑ.. දෙක තුනක් ඇනලම ගතියක් ගන්නවා මිසත..


    "ඇයි ඒකත් උඹට කියලා දෙන්නෝනද..? දරුවා කියලා කිව්වෙ මගේ දරුවට.."


    මනුස්සයගෙ කතාව කොයි තරම් සැර උනත් බන්ටිට තවත් ඉවසන්න වෙලා තිබුණා.. අනිත්තෙක තමයි, ඔය උඹ කියන වචනෙ සැරෙන් කියනකොට මහා අප්‍රසන්න ගතියක් බන්ටිගෙ හිතට එනවා.. ඒක ඉතිං මේකා දන්නෑනේ..


    "මාත් අහන්නෙ කවුද ඒ දරුවා කියලා..?"


    "ශ..ල..නී.."


    මෙච්චර වෙලා, අනිත් පැත්ත බලාගෙන හිටපු නිරෝෂි අපේ පැත්තට හැරුණා.. එයාගෙ අප්පච්චිගෙ මූණ, නිරෝෂි දැකපු ගමන් මල මිණියක් වගේ සුදුමැලි වේගෙන ආවා.. මිනිහා කීයටවත් හිතන්නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා.. මෙච්චර වෙලා මිනිහා වීරයා වගේ කතා කෙරුවෙ, තෙන ශලනි ඉන්නවා කියලා හිතානනේ..


    "නි..රෝ..ෂි.."


    ඒක හරිම පුදුම දෙයක්.. අවුරුදු ගාණක් දැකලා හිටියෙ නැති වුණත්, මනුස්සයා තමන්ගෙ අනිත් දුවව එක තත්පරෙන් අදුන ගත්තා.. අපිට නම් මේ ජෝඩුව කී පාරක් නම් පැටලුණාද අප්පා.. වැඩිය ඕන්නෑ.. බින්දුවට තාම මේ දෙන්නව මාරු වෙනවනේ.. ඌ නිරෝෂිව එච්චර ළගින් ආශ්‍රය කරලත්..


    "අ..ප්..පච්චී.."



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතන ඉදලා මැවුනෙ හරිම සංවේදී දර්ශන පෙළක්.. බන්ටිත් කොයි තරම් ෆිට් බුවා උනත්, සංවේදි දේවල් දකිනකොට හොට්ට බේරෙන්න ගන්නවා.. ඒකනේ පුෂ්නේ..

    "ඇයි අප්පච්චි අපිව බලන්න එන්නැත්තේ..?"


    "මම නෙමේ.. අම්මයි, ඔයයිනේ අපිව බලන්න එන්නැත්තේ.."


    "අපි කොහොමද එන්නෙ අප්පච්චි.. ඔයාල ලංකාවෙ නැතිකොට.. අනික අම්මයි, ඔයයි ඩිවෝස් වෙලා තියෙද්දි මං මොන තරම් දුකක් වින්දද ඔයා මගේ ළග නෑ කියලා.. මං වගේම ශලනිත් නෙ තරම් දුකක් විදින්න ඇතිද අම්මා එයා ළග නෑ කියලා.. ඒ ගැන ඩිංගක්වත් ඔයා හිතන්නැත්තෙ ඇයි..?"


    "අම්මයි, මමයි වෙන් උනත්, අපි දෙන්නා ඔයාලා දෙන්නටම කිසිම අඩු පාඩුවක් වෙන්න නොදී බලාගත්තා නිරෝෂි.. ඒක මගේ පැත්තෙන් වගේම අම්මගෙ පැත්තෙනුත් හරියට කෙරුණා කියන්න මං දන්නවා.. ඒකට චෝදනා කරන්න ඔයාලට බෑ.."


    "මො..න බොරුද අංකල්..?"


    කතාව ගලාගෙන ගියේ තමන් කරපු දේ සාධාරණයි, ඒ සාධාරණ පදනම ඇතුලෙ ඉදන් තමන් හැමදේම හරියට කලා කියලා.. ඕවා අහගෙන ඉන්නකොට කොයි තරම් සංවේදි වෙලාවක උනත් බන්ටිගෙ ලේ කෝප වෙනවා..


    "බො..රු..?"


    "ඔව්.. බොරුවක් නේන්නම්.. ඔයයි, වයිෆුයි මේ කොහේවත් තියෙන ප්‍රශ්නෙකට ඩිවෝස් වෙලා.. ඔයාලගෙ කැමැත්තට ළමයි බෙදාගෙන ඈත්වෙලා ගිහිල්ලා.. දැන් කියනවද හැමදේම හරියට කලා කියලා.. මං ඔයාගෙන් අහන්නෙ අංකල්.. ඔයාට පුලුවන් උනාද අම්මෙක්ගෙ ආදරේ ශලනිට දෙන්න.. මං නම් කීයටවත් හිතන්නෑ, ඒ වගේම නිරෝෂිගෙ අම්මට කවදාවත් බෑ ඔයාගෙන් ලැබෙන ආදරේ නිරෝෂිට දෙන්න.. මොකද.. ඒ ආදරේ වටිනාකම එකම උනත්, ලැබෙන්නෙ දෙවිදියකට.. ඒකයි වෙනස.. අන්න ඒ වෙනස ගැන හිතන්නැතුවයි ඔයා ඔය කතා කරන්නේ.."


    අම්මපා.. බන්ටිටත් දෙයක් පපුවට බැදුණොත් ඒක කතා කරල මිසක පස්ස බලන්නෑ.. මගේ කතාවට අංකල්ගෙ මූණ හතරැස් උනා.. ඇත්තනේ අප්පා.. තවත් බලන් ඉන්න පුළුවන්ද මේවා..


    "තමුසෙට මේවට අත දාන්න කිසිම අයිතියක් නෑ.. තමුසෙ මොන පුළුවන්කාර කමකටද මේ මැද්දට පනින්නේ..? තමුසෙ හින්ද මගේ කෙල්ල සෑහෙන්න දුක් වින්දා.. දැන්වත් තමුසෙ මගේ ඇස් දෙකට පේන්නැති වෙන්න මකබෑ වෙලා යනවා.."


    අවුලක් ආබාධයක් නෑ අංකල් කාරයා කිසිම හිරිකිතයක් නැතුව, මට දෝස් මුරේ දැම්මා.. බන්ටිට මල පැනලා, ඔක්කොම දමල ගහලා සීන් එකෙන් මාරු උනා කියලද හැමෝම හිතන්නෙ..? පිස්සුද යකෝ.. බාරගත්තු වැඩක් මග දාලා, බන්ටි ගියා කියලා කොයි සෙල් ලිපියෙද ලියලා තියෙන්නේ..? මග මැරුණත් ඒක ඉෂ්ඨ කරලා යනවා මිසක..


    "අ..ප්..පච්චී.. බන්ටිට ඔහොම කතා කරන්නෙපා.. ඔයා ඇයි එයාට බනින්නේ..? එයා කිසිම වැරැද්දක් කරලා නෑ.."


    "බ..න්..ටී..? මොන බන්ටියෙක්ද..? මේ නලින්ද කියන යකානේ.."


    අම්මපා මේ මහ මැන්ටලේගෙ නම් කොහේ හරි වයර් ෂෝට් එකක්.. එදා පන්සල ගාවදිත් ශලනි කිව්වා, මං නලින්ද නෙමෙයි කියලා.. බිං ඌරා වගේ එතනදි ඒ කතාව පිළිගත්තට මේ අමුනුස්සයා ආයෙත් පීළි පැනලා වගේ..


    "නෑ අප්පච්චි.. මේ බන්ටි.. නලින්ද කියන්නෙ වෙන කෙනෙක්ට.."


    "එතකොට මෙයා මොකද ඔයාල යන යන තැන යන්නේ..? මට ඇත්ත කියන්න නිරෝෂි.. මෙයා නලින්ද නෙමෙයි නම්, මෙයා බන්ටිද කවුද නම්, මෙයා ඔයාගෙ බෝයි ෆෙන්ඩ්ද..?"


    "නෑ අප්පච්චි නෑ.. බන්ටි කියන්නෙ අපේ හොදම යාලුවෙක්.. ඇත්තම කියනවා නම් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුටත් වඩා ළග යාලුවෙක්.."


    අප්පට සිරි.. මොකක්ද බං ඒ කුඩු කේඩු කතාව.. බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුටත් වඩා ළග එකෙක්..? ඔලුව අවුල්වෙන හින්දා මං ඒ ගැන වැඩිය කතා කරන්න ගියේ නෑ..


    "මං කවුරු උනත්, ඒක මෙතෙන්ට අදාල වෙන්නෑ කියලයි මං නම් හිතන්නේ.. මොකද.. මං කවුරු උනත් මගෙන් පිටවෙන දේයි වැදගත් වෙන්නේ.. ඒ කියන දේ අනුව ඔයාට තීරණේ කරන්න පුළුවන් මං මොන දෙයක් හින්දද මේ දේ කියන්නෙ කියලා.."


    අප්පච්චිගෙයි, දුවගෙයි කතාව මැද්දට ආයෙත් මං පැන්නා.. මං කියන්න හදන්නෙ මොනවද කියලා බලන්න හොද උවමනාවකින් මනුස්සයා මගේ පැත්තට හැරුණා..

    "ඔයා, ශලනිව හරියට බලාගත්තා නම්, රට ඉදලා ලංකාවට ඇවිත් ඔහොම ඩිංග කාලෙකදි, නලින්ද එක්ක යාලු උනේ කොහොමද..? ඔක්කොටම ඉස්සෙල්ලා මට ඒ ගැන කියනවද..?"


    මිනිහෙකුට ඇටෑක් කරන්න ඕන නම්, ඒක කරන්න ඕන කළාව බන්ටි දශමෙටම දන්නවා කියන දේට හොදම උදාහරණය තමයි ඒ අහපු ප්‍රශ්නෙ.. බලන් ඉද්දිම අංකලයගෙ මූණ මළ මිනියක් වගේ සුදුමැලි උනා.. මෙච්චර වෙලා කෑලි දහයෙ ටෝච් එළි දෙකක් වගේ,මගේ ඇස්වලට එල්ලවෙලා තිබ්බ, ඇස්වල තිබ්බ දරදඩුකම සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා..


    "අ..ප්..පච්චී.."


    ශලනි කොහේදෝ ඉදලා ආයෙත් අපි ළගට ඇවිල්ලා තිබුණා.. අපි තුන්දෙනා අතරෙ වෙච්ච කතාබහ එයාට ඇහුණෙ නැති උනත්, හැමදේම බලන් ඉන්න ඇති කියලා ඒ මූණ දිහා බැලුවාම මට හිතුණා..


    "අ.. අපි යමු ශලනි.."


    මගේ ප්‍රශ්නෙට උත්තර නොදීම අංකල්, ශලනිගෙ අතකින් අල්ලගෙන ඉස්සරහට ගියා.. අප්පච්චි අත අල්ලගෙන හිටියත්, ඉස්සරහට ඇවිදගෙන ගියත්, ශලනිගෙ මූණ හැරවිලා තිබ්බෙ මායි, නිරෝෂියි දිහාට.. ඒ මූණෙ තිබ්බ අසරණකම, අහිංසකකම මගේ හිතට මහ මොකක්දෝ ලොකු දුකක් එක්කහු කරා..


    "අනේ බන්ටි.. අප්පච්චි නවත්තන්නකෝ.."


    "ඕන නෑ නිරෝෂි.. එයාලා ඔහොම ගියාවේ.. දැන් අප්පච්චිට කල්පනා කරන්න හුගාක් දේ තියෙනවා.. එයා අර මුලින් හිටපු තැනින් පල්ලෙහාට බැහැලා දැන් කල්පනා කරයි.."


    "අප්පච්චි එහෙම එක පාරට වෙනස් වෙන කෙනෙක් නෙමෙයි බන්ටි.."


    "ඔයා කොහොමද ඒක දන්නේ..?"


    "අම්මා කියලා තියෙන කතා වලින් මං දන්නවා.."


    "ඒ වුණාට හුගද් තද හිත් තියෙන මිනිස්සු තමන්ට වඩාත් සංවේදී දේකදි, හිතාගන්න බැරි ඉක්මනට වෙනස් වෙනවා.. ඔයාල හැමෝම එක පවුලක් විදියට ඉන්න වාසනාවන්ත නම්, ඒ දේ අප්පච්චි කරයි.."


    "මොන දේට උනත් අපිට ඒ තරම් කාලයක් නෑ බන්ටි.."


    "ඇයි ඒ..?"


    "අප්පච්චි, ශලනිවත් එක්ක ලබන සතියෙ ඕස්ට්‍රේලියා යන්නයි හදන්නේ.."


    "එයාල හුග දවසක් ඉන්න නේද ආවේ..?"


    "ඔව්.. නලින්දගෙ ප්‍රශ්නෙ හින්දා අප්පච්චි තීරණයක් අරන්.. ශලනිට ඒක වෙනස් කරන්න අමාරුයි.. අනේ අපි මොකද කරන්නෙ බන්ටි..?"


    නිරෝෂි ඇහුවෙ හොද ප්‍රශ්නයක්.. ඒත් බන්ටි ගාව ඒ ප්‍රශ්නෙට හොද උත්තරයක් තිබුණා..


    "ඔයයි, අම්මයි හෙට උදේම අප්පච්චි හම්බවෙන්න යන්න.. ගිහින් කතා කරන්න.."


    "හෙට..? අම්මා මේ ගැන මුකුත්ම දන්නෑ බන්ටි.. මං කොහොමද එක පාරටම අම්මව එක්කගෙන එන්නේ..?"


    "ඔයා දැන් ගෙදර ගිහිල්ලා අම්මත් එක්ක කතා කරන්න.. ආයෙ එක පවුලක් විදියට ජීවත් වෙන්න ආසයි කියලා කතාව පටන් ගන්න.."


    "අම්මා මට හොදටම බනියි බන්ටි.. මෙච්චර දවසක් ළග ඉදපු එයාට වඩා අප්පච්චි ලොකු උනා කියලා.. ඒක එහෙම නෙමෙයි කියලා මං කොහොමද අම්මට පහදලා දෙන්නේ..?"


    "හොදම ප්‍රතිඵලේ ලබාගන්න නම්, හැමදේටම කෙලින් මූණ දෙන්න නිරෝෂි.. ඔයාගෙ අම්මා ළගට ඇවිත් ඔය ගැන කතා කරන්න මට පුලුවන්.. ඒත ඒකට සුදුසු කෙනා මම නෙමෙයි ඔයා.. ඒ හින්දා බෑ කියලා හිතන්නැතුව අම්මත්තෙක්ක කෙලින් කතා කරන්න.. මට විශ්වාසයි ශලනිත් මොනවම හරි තාත්තත් එක්ක කතා කරලා තියේවි කියලා.."


    "එතකොට ඔයා මට මෙතනින් එහාට උදව් කරන්නැද්ද බන්ටි..?"


    මෙච්චර වෙලා කරපු කතාවෙ හැමදේම පැත්තකින් තියලා නිරෝෂි මගෙන් ඇහුවා..


    "ඔයාටයි, ශලනිටයි හොද ආරම්භයක් මං අරන් දන්නා නිරෝෂි.. දැන් ඔයාල මේක ඉස්සරහට ඇදගෙන යන්න.. ඒත් ඔයා බයවෙන්නෙපා.. මේ බන්ටි අවශ්‍ය වෙලාවට අවශ්‍ය කරන තැන ඇති.. මං යාලුවෙක්ව ලේසියෙන් දාලා යන්නෑ.."


    "ඒක මාත් පිළිගන්නවා.."


    "එහෙනම් ජයවේවා කියලා බන්ටි යන්නයි හදන්නේ.. තව විශේෂ මුකුත් නෑ නේද..?"


    "තියෙනවා.."


    "ඒ මොනවද..?"


    "බින්දු ගැන.."


    "බින්දු ගැන ප්‍රශ්නයක් ඇති කරගන්නෙපා නිරෝෂි.. බින්දු උගේ පණටත් වැඩිය ඔයාට ආදරෙයි.. ඒක මං හොදටම දන්නවා.. ආදරේ වැඩිකමටයි ඔයා පස්සෙ උනත් ඔය තරම් එළවන්නේ.."


    "මං හිතන්නෑ බන්ටි.."


    "හිතන්නෑ කියන්නේ..?"


    "ඔයා හිතන්න.. මගේ අම්මයි, අප්පච්චියි එකට ආපහු එක්කහු කරගන්න මං දගලද්දි මගේ ළගම ඉන්නෝන, මං වැඩියෙන්ම ආදරේ කරන කෙනා නේද..? ඒත් එයා අද මගේ ළග ඉන්නවද..? නෑ බන්ටි.. හුගාක් පිරිමි ළමයි හිතන්නෙ ගෑනු ළමයෙකුට ආදරේ විතරක් තිබ්බම ඇති කියලා.. ඒත් ආදරේ විතරක්ම නෙමේ.. අම්මා, අප්පච්චිගෙන් ලැබෙන ආරක්ෂාව, රැක බලා ගන්නෙක, ලෙඩක් දුකක් කරදරයක් ආවම ඉස්සරහට පැනලා දනි පනි ගාලා හොයලා බලනෙක.. ඒ වගෙ තව හුගාක් දේවල් තියෙනවා.."


    නිරෝෂි නන්ස්ටොප් කියවගෙන ගියා.. කියලා වැඩක් නෑ.. එතකොට බින්දු හැමදෙයින්ම ෆේල් කියලද නිරෝෂි මට නොකියා කියන්නේ.?


    "මොන දේටවත් ඉක්මන් වෙන්නෙපා.. හැමදේම හරියයි.. අපි ඉස්සෙල්ලම අප්පච්චියි, අම්මයි එකතු කරන්න බලමුකෝ.."


    "ඒක ඇත්ත බන්ටි.. හිතේ මොන දේ තිබුණත් ඔයා කියන දේ පිලිගන්න මං කැමතියි.. ඒ නිතරම ඔයා හරි දේ කියන හන්දා.. මං යනවා.."


    තව එක පාරක්වත් මං දිහා බලන්නැතුව නිරෝෂි දළදා මාළිගාවට, අපි ඇතුල් උන පැත්තෙන්ම ආපහු ඇවිදගෙන එළියට ගියා.. මෙතනින් එහාට මේ දන්න කියන මිනිස්සු අතරෙ ජීවිතේ කොහොම ගලාගනෙ යාවිද කියලා නිකමට වත් හිතාගන්න බැරුව, මං දළදා මාළිගාව පුද බිමේ තනිවුණා..


    ****************************


    මැදැයි.. හැමෝටම උදව් කරන්න ඇවිත්, අන්තිමට බන්ටිට දවල්ට කන්නත් නැති උනා.. බන්ටි හිතාගෙන ආවෙ නම් කොහොමද..? ලන්ච් එකට චිකන් එක්ක ෆයිඩ් රයිස්.. දැන් බලන් ගියාම මොන ෆ්‍රයිඩෙක්වත් නෑ.. පට්ට බඩගින්නෙ ගෙදර යන්නයි තියෙන්නෙ.. අම්මපා මොකාද දන්නෑ මං අද උදේ දැකපු නරකාදි සත්වයා..


    "රන්දික.."


    චැලිය ළගට ඇවිල්ලා ඒකට නගින්න හැදුවා විතරයි, මගේ ඉස්සරහ හිටපු කෙනාව දැකලා මං ගැස්සුණා.. මෙයා කොහොමද දන්නෙ මං අද මාළිගාවට එනවා කියලා..


    "නෙත්මි.. කොහේ යන ගමන්ද මේ..?"


    "දළදා වදින්න ආවමත් ඔයාට පේන්නෙ මං වෙන කොහේවත් යනව වගේද රන්දික..? ඔන්න ඔයා නම් අවිත් තියෙන්නෙ දළදා වදින්න නෙමෙයි වෙන මොකක් හරි දේකට වගේ නේද..?"


    කතාව පටන් ගත්තෙම වළියට බර නැකතකින් කියලා මට හිතුණා.. ඕනම කොල්ලෙක්ව පාගල වගේ කතාව ආරම්භ කරහම පටන් ගත්තු තැනම ඒක ලොප් වෙනවා කියලා මේ ළමයින්ට තේරෙන්නෙ නැද්ද මංදා.. මොනවා උනත් ටිකක් සන්සුන් වෙන්න මං හිතාගත්තා.. මොකද අද දවසට සිද්ධ වෙච්ච දේවල් මේ හොදටම ඇති..


    "ඔව්.. මම නම් ආවෙ දළදා වදින්න නෙමෙයි.."


    "මං ඒක දැක්කා රන්දික.. අච්චර බැගෑපත් වෙලා මං ඔයාව හම්බවෙන්න ඕන කියලා කියද්දි, ඔයා කිව්වෙ බලමු කියලා විතරයි.. ඒත් අද ඔයාට නිරෝෂිව හම්බවෙන්න වෙලාව ඕනෙ තරම් තිබුණා.. මට ඇත්ත කියන්න රන්දික.. මේ අලුත් කතාවෙ තේරුම මොකක්ද..? නිරෝෂි එක්ක යාලු බින්දු නෙමේ නේද..?"


    "ඔයා මොනවද නෙත්මි මේ කියවන්නේ..? නිරෝෂි එක්ක යාලු බින්දු නෙමේ නම් වෙන කවුද..?"


    "ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ..? නිරෝෂි එක්ක බින්දු යාළු නම්, අද මෙතන ඉන්න ඕන බින්දු.. ඒත් ඔයයි, නිරෝෂියි ලංවෙලා කතා කර කර ඉද්දි මං දැක්කා බින්දුත් අර ඈත තියෙන ගේට් එක ළග ඉදන් ඔයාල දිහා බලන් ඉන්නවා.. මේවයෙ තේරුම මොකක්ද රන්දික.. ඔයා හුගක් හොද කෙනෙක් කියලා මං දන්නවා.. ඒත් ඇයි මෙහෙම අවිශ්වාස හිතෙන විදියට හැසිරෙන්නේ..?"


    එහෙනම් ඒකත් එහෙමද..? මං ඊයෙ වීරයා වගේ කිව්ව කතාවට, බින්දු එහෙනම් මාළිගාව ළගට ඇවිල්ලා හැමදේම බලන් ඉන්න ඇති.. ඒත් මං වැරදි දෙයක් කෙරුවෙ නෑ.. පිටින් බලන් ඉන්න කෙනෙකුට ඕන අර්ථයකින් දේවල් හිතාගන්න පුළුවන්.. ඒත් මගේ හිතේ තිබ්බෙ මොනවද කියන්න මං දන්නවනේ.. මං කෙලින්ම නෙත්මි දිහා බැලුවා..

    "නෙත්මි.. මට ඔයා කියන දේ තේරෙන්නෑ.. මං අවිශ්වාස විදියට හැසිරුනා කියලා කියන්නෙ ඇයි..? මෙතන දෙනෝ දාහක් ගැවසෙන තැන මං නිරෝෂිත් එක්ක කැත විදියට හිටියෙ නෑ.. අපි දෙන්නා කතා කර කර හිටියා විතරයි.."


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "දෙයියන්ගෙ නාමෙට ඔච්චර හයියෙන් කතා කරන්නෙපා රන්දික.. මං මේ ඔයාට හුගාක් ළංවෙලා ඉන්නේ.. හෙමීට කිව්වා නම් මට හොදට ඇහෙනවා.."

    "හරි.. දැන් ඔයා මොනවද මට කියන්නේ..?"


    "ඔයා ඔය මගෙත්තෙක්ක තරහෙන් නේද කතා කරන්නේ..? ප්ලීස් රන්දික.. අර ඉස්සර වගේ මගෙත්තෙක්ක සැහැල්ලුවෙන් කතා කරන්න.. මං ඔයා ගාවින් ඔහොම සැර නපුරු කෙනෙක් බලාපොරොත්තු වෙන්නෑ.. මං ඔයාගෙන් ඇහුවෙ, බින්දු ඉන්න ඕන තැන ඇයි ඔයා ඉන්නෙ කියලා..? මොකද බින්දු හිටියෙත් අර යකඩ කනුව ගාවනේ.."


    "නිරෝෂි මගෙන් උදව් ඉල්ලුවා.. මං මේ ගැන ඔයාට කලිනුත් කිව්වනේ.. ඉතිං මායි, එයයි හම්බ නොවී උදව් කරන්නෙ කොහොමද..?"


    "ඔයා මට කලිනි කිව්ව වගේ මාත් ඔයාට කලින්ම කිව්වනේ.."


    "මොනවද..?"


    "බින්දු ඉද්දි ඇයි නිරෝෂි ඔයාගෙන් උදව් ඉල්ලන්නෙ කියලා.."


    නෙත්මි හදන්නෙ කතාව එක තැනකට ගේන්න කියලා මට තේරුණා.. කමක් නෑ.. මේ හැමදේකම අවසානයක් තියෙන්න ඕනනේ.. මාත් කැමැත්තෙන්ම ඒ කතාවට අනුබල දුන්නා..


    "ඒක ඉතිං මං දන්නෑ නෙත්මි.. ඒක අහන්න ඕන නිරෝෂිගෙන්ම තමයි.."


    "ඉතිං ඇයි ඔයා ඒක ඇහුවෙ නැත්තේ..?"


    "මොකක්ද..?"


    "බින්දු ඉද්දි මං ගාවට ආවෙ ඇයි කියලා.."


    "මං ඇයි එහෙම අහන්නේ..? එයාට උදව් කරන්න බින්දු අකමැති ඇති.. ඒක හින්දා යාලුවෙක් විදියට මං ළගට එන්න ඇති.."


    "යාලුවෙක්..? ඒක හොද යාලුකම.. මං දැක්කනේ.."


    ඒ වෙනකොට නෙත්මිගෙ මූණ තද රතු පාටට හුරු රෝස පාටකට හැරිලා තිබුණා.. කෙල්ලට ඩෝං යන්න පටන් අරගෙනද, එකසිය ගානට ඩෝං ගිහින්ද මට හිතාගන්න බැරිවුණා.. හැබැයි ඉතිං.. එකසිය ගානට නෙමේ, තුන්සිය ගානට ඩෝං ගියත් මේ බන්ටි නම් සැරෙන්ඩර් නෑ.. ඒක ඔය කොහෙද සෙල් ලිපියකත් කොටලා තිබ්බා..


    "නෙත්මි මේ.. ඇත්තටම මට දැන් ඔයා කියන කතා වලට කේන්ති යනවා.. ඔයා ඔය කියන විදියට මට කවුරුවත් ආශ්‍රය කරන් ඉන්න බැරිද..? මං බිංකුන්ඩෙක් වගේ මේ ගේ ඇතුලට වෙලා ඉන්න ඕනද..? ඒක මාර කතාවක්නේ.."


    "මට සමාවෙන්න රන්දික.. ඔයාව කේන්ති ගස්සවන්න මං හිතුවෙ නෑ.. මට ඕන සාමදානෙන් ඔයත්තෙක්ක මේ ප්‍රශ්නෙ විසදගන්න.."


    "බේරගන්න තරම් ප්‍රශ්නයක් අපිට නෑ නෙත්මි.. ඔයා ඇයි මේ නැති ප්‍රශ්නයක් ඇති කරන්න හදන්නේ..?"


    "නැති ප්‍රශ්නයක්..?"


    "ඔව්.. ඔයයි, බින්දුයි දෙන්නම කරන්න හදන්නෙ ඒක තමයි.. ඔයිට වැඩිය හොද විදියට මේ කතාව ඉවර කරන්න තිබ්බා මමයි, නිරෝෂියි හිටපු තැනට ඔයයි, බින්දුයි දෙන්නම ආව නම්.. ඒත් ඔයාලා දෙන්නම කෙරේ මොකක්ද.. අපේ තුන් හිතකවත් නැති ඒවා හිතින් මවාගෙන, පිපිරි පිපිරි බලාගෙන ඉදපු එක.. ඔයාම කියන්න නෙත්මි.. ඔයාල ඒ කරපු වැඩේ හරිද..? ඔයා හිටියෙ මුළු හිත ඇතුළෙම කුණු පුරවගෙන.. හරින නම් ඔයාට තිබ්බෙ මගෙත් එක්ක එකතුවෙලා ඒ ළමයගෙ ප්‍රශ්නෙ බේරගන්න උදව් කරනෙක නේද..? ඒත් බින්දු වගේම ඔයත් මේ කතාව පටන්ගත්තු නැත ඉදලම, මාව බ්‍රේක් කරන්නයි හිතා ගත්තේ.."


    "බ්‍රේක් කරන්න..?"


    "ඔව්.. නිරෝෂි මගෙන් ඉල්ලපු උදව්ව, නොකෙරෙන තැනට වැඩ කටයුතු කරන්න තමයි ඔයාලා හැදුවේ.. ඒත් හොදට මතක තියාගන්න.. මගෙන් හිගන්නෙක් ඇවිත් උදව්වක් ඉල්ලුවත්, මං ඒක කරලා දීලයි පස්ස බලන්නේ.. එතෙන්දි මට වෙන අලාභෙ ගැන මං හිතුවෙ නෑ.."


    කතාව දිගින් දිගටම ඇදිලා යද්දි, මට මහා වෙනසක් දැනුණා.. හරියට නිකං වරු තුනක් එකදිගට කුලී වැඩ කලා වගේ.. නෙත්මිත් එතනින් එහාට වචනයක් වත් කතා කෙරුවෙ නෑ.. මගේ මූණ දිහා බලාගනෙම එයා මගේ අතකින් අල්ල ගත්තා.. ඒ අතේ තිබ්බ සිනිදු බව මගේ අතට විතරක් නෙමේ, හිතටත් දැනුණා.. මෙච්චර මගෙන් බැනුම් අහ අහ, පල නොකියා පළා බෙදද්දිත්, මගේ ළගට වෙලා ඉන්න නෙත්මි ගැන ලොකු අනුකම්පාවක් හීන් සැරේ හිත ඇතුළට ගලාගෙන එන්න පයන් අරන් තිබුණා..


    "ඔයා අලාභෙ කියලා හැදින්නුවෙ මගෙත් එක්ක තියෙන ආස්සරේ නම්.. ඔයා කැමති තීරණයක් ගන්න.. මං ආයෙ මේ ගැන ඔයත්තෙක්ක කතා කරන්නෑ රන්දික.. ඔයාට කරදරයක් වෙන්නෙත් නෑ.. ඒ දේ හරි ඔයාගෙ හිතට සැනසීමක් වේවිනේ.. හරි.. අපි ඒ කතාව නවත්තමු.. දැන් මට හොද දරුවා වගේ කියන්න.. ඔයා දවල්ට කාලද ඉන්නෙ කියලා..?"


    මොන දේ කිව්වා උනත් නිරෝෂිට, ශලනිට නැති හුගාක් හොද ගතිගුණ නෙත්මිට තියෙනවා කියලා මට හොදටම තේරුණේ එයා ඒ අහපු අන්තිම ප්‍රශ්නෙන්.. ඒ වෙනකොට මං ඇත්තටම බඩගින්නෙ හිටියේ.. ඒ බඩගින්න ගැන විහිලුවට වගේ ඉගි තුන හතරක් අර කිඹුල්ලු දෙන්නට දුන්නා උනත්, එයාලා ඒ ගැන තඹ සත පහක උනන්දුවක් දැක්වුයෙ නෑ.. උඹ සාගින්දරේ ඉදලා හරි අපිට උදව් කරපං කියන හැගීමක් එයාලා ළග තිබ්බේ..


    "දවල්ට කනවා කියා ඇත්තටම මං උදේටවත් හරියට කෑවෙ නෑ.."


    "දෙයියනේ.. මෙච්චර වෙලා..? ඔයාට පිස්සුද රන්දික මේ කෙහෙල්මල් වැඩ හින්දා බඩගින්නෙ ඉන්න.. එන්න අපි හොද නැතකට ගිහිල්ලා ලන්ච් එක ගනිමු.."


    මදැයි.. මං ලන්ච් එක ගන්න ආවෙ කාත් එක්කද..? දැන් ලන්ච් එක ගන්න වෙන්නෙ කාත් එක්කද..? අනේ කාලේ වනේ කෑවා කියන්නෙ ඕවට තමයි..


    "එහෙනම් අපි ඩෙවොන් එකෙන් පාර්සල් ඕඩර් කරලා, අර එහා පැත්තෙ නිදහස් තැනකට ගිහිල්ලා කමු.."


    කිසිදු අවුලකින් තොරව මං වැඩේ එක හෙලාම අනුමත කරා.. කෑමට බීමට බන්ටි ලෝස් නෑ කියලා හැමෝම දන්නවනේ.. බඩගිනි වෙලාවට ඊරි යකයි, මහසෝනයි එක්ක උනත් බන්ටි ලන්ච් එක ගන්නවා.. ඒකෙ දෙකක් නෑ..


    "ඇති යාන්තං.. මං හිතුවා ගත් කටටම බෑ කියයි කියලා.."


    මගේ චැලියට ඩිංගක් එහායින් නවත්තලා තිබ්බ ස්කුබි ඩූ සයිකලේ මං දැක්කෙ එතකොට.. හුටා.. මට එතකොට යන්න වෙන්නෙ නෙත්මිගෙ බයික් එකේද..?

    "නැගලා හයියෙන් අල්ල ගන්න.. හොදද..? මං හරියට බ්‍රේක් ගහනවා.. නැත්තං ලන්ච් එක කෙසේ වෙතත්, ඔයා පාර මැද්දෙ වැටිලා ඉදියි.."


    අම්මපා මේවට තමා කියන්නෙ පොල් පරාල පයින් යනවා කියලා.. ඔයිට වඩා හොද නැද්ද දෙයියනේ, බයික් එකේ යනකොට ඔයාට වමනෙ යයිද දන්නෑ, ශත පනහක් කටට දාගන්න කිව්වා නම්.. ෂිහ් අම්මපා.. විලි ලැජ්ජාවෙ පණ යනවා.. බන්ටි කියන්නෙ සිරා කොල්ලෙක් නේද..?


    "හරි නේද..?"


    කෙල්ල ස්කුබි ඩූ සයිකලේ ස්ටාර්ට් කරලා මගෙන් ඇහුවා.. මාත් කිසිදු අවුලක් නැතුව නෙත්මිගෙ ඉන පැත්තෙන් තද කරලා අල්ල ගත්තා..


    "ඒයි.. මට කුචි හොදද..?"


    ඒක නම් ඉතිං ඇඹරෙන හැටියෙන්ම තේරෙනවනේ.. වෙන ඉතිං අල්ල ගන්න තැනකුත් නෑනේ මේකේ..


    "වැඩිය බ්‍රේක් ගහන්නෙපා.. අන්තිමට මම ඔයාගෙ උකුල උඩ ඉදීවි.."


    "ඒකට නම් කමක් නෑ.. මං ඒකට කැමතියි.."


    මෙච්ච වෙලා මගේ හිත ඇතුලෙ තිබ්බ, මොකක්දෝ නොතේරෙන නොසන්සුන්කම හෙමින් සීරුවෙ දියවෙලා ගියා.. හුගාක් දේවල් ප්ලෑන් කරලා කරනවට වඩා අහම්බෙන් සිද්ධ වෙද්දි, ඒක එන එන විදියට හැඩ්ල් කරද්දි හිතට මාර ගතියක් දැනෙනවා.. ඒ දේ දන්නෙ ඒ සංසිද්ධීය විදගත්තු අය විතරයි ඈ..


    ඩෙවෝන් එකෙන් ලන්ච් එක පාර්සල් කරගෙන, වලාකුළු බැම්ම ළග ලොකු ගහක් යටට වෙලා මායි, නෙත්මියි ඊගාවට කරේ බස බස ගාලා කෑම ටික කාලා දාපු එක.. ඇත්තටම ඒක හරිම මිහිරි අත්දැකීමක් උනා.. සාමාන්‍යයෙන් හිතවත් දෙන්නෙක් හරි, අදුනන දෙන්නෙක් හරි, කෑම කනකොට කෑම පාර්සල්වල තියෙන එළවළු වෑංන මාරු කරගන්නවනේ.. මායි, නෙත්මියි ඒ දේ කරා.. හැබැයි ඉතිං අවුලකට තිබුණෙ අපි දෙන්නගෙම පාර්සල් වල තිබුණෙ එකම ජාතියෙ දේවල් හින්දා.. ඒ ගැන හිනා වෙවී, කතා කර කර කෑම කද්දි නෙත්මිට කෑම ඉස්මොල්ලෙ ගියා.. මං කෙරුවෙ අත් දෙකම උස්සලා එයාගෙ පිටට තඩිබාපු එක.. අම්මප කවුරු හරි බලන් හිටියා නම් ඔලුවෙ අත ගහගන්නවා.. කෙල්ලෙකුට මෙහෙම පාර දෙනවද කියලා..


    "ඒක නම් මගෙත් එක්ක තරහටද කොහෙද හිතලමයි ගැහුවෙ..? නේද රන්දික.."


    "අපෝ නෑ.. යාලු ෆිට් එකට පොල් කඩන්න වගේ ඩෝං ගාලා පතබෑවේ.."


    "ඒක නම් හොද යාලු ෆිට් එක තමා.."


    එතන ඉදලා නෙත්මිගෙ මූණට ලොකු කල්පනාකාරී බවක් ඇවිල්ලා තිබුණා.. කෑම කලා ඉවරවෙලා වතුර බෝතලෙන් අත හොද ගනිද්දි ඒ කල්පනාව සුදු මූණෙ එහෙම්ම ඉතුරු වෙලා තිබුණා..


    "ඇයි නෙත්මි.. මුකුත් ප්‍රශ්නයක්ද..?"


    "නෑ රන්දික.. අපි දැන් යමු.."


    "නෑ.. නෑ.. යන්න කලින් මට කියන්න, ප්‍රශ්නෙ මොකක්ද කියලා.. මට පුළුවන් දෙයක් නම් මං කරන්නම්.."


    "මං කිව්වනේ රන්දික මුකුත් නෑ කියලා.."


    අම්මපා කෙල්ලො කියන්නෙ නම් වැස්ස වගේ.. හුළග වගේ, කොටින්ම කාලගුණේ වගේ වෙනස් වෙන ජාතියක් කියන්නෙ බොරුවක් නෙමෙයි.. ඒ කතාව මුලින්ම ප්‍රකාශ කරපු එකාගෙ කටේ ආනමාලු ගෙඩියක් ඔබන්න ඕන.. ඒක ඒ තරම් සිරා ඇත්ත කතාවක්..


    "නැත්නම් ඉතිං කමක් නෑ.. මට ඔයාගෙ වෙනසක් දැනුණ හින්දයි මං ඇහුවේ.."


    "මං ඉන්නෙ ඔයාගෙ අම්මව හම්බවෙන්න යන්න.."


    "අම්මව..?"


    මං උඩ ගිහින් බිම වැටුණා.. ඒ පාර මොකක්ද අප්පෙ මේ වෙන්න යන්නේ.. ස්කුබී ඩූ සයිකලේ, මගේ චැලිය ගාවින් ආයෙත් නවත්තනකල්ම මං හිටියෙ හොල්මන් වෙලා..


    "ඔව්.. පුළුවන් තරම් ඉක්මනට, සමුදිනීලගෙ ගෙදරින් අයින් වෙලා, ඔයා ළගට යන්න කියලා කියන්න.."


    "ඇයි ඒ..?"


    "අම්මා ඉන්න ඕන ඔයා ළග රන්දිතත ඔයා මේ අරමුණක් නැතුව වගේ හැම තැනම පාවෙන්නෙ, ඔයා ළග කවුරුවත්ම නැති හින්දා.. ඔයාට හිතෙන හිතෙන දේවල් කර කර ඔයා දගලන්නෙ, ඔයාගෙ පිටිපස්සෙ කවුරුවත් නැති හින්දා.."


    "අම්මා මං ළගට ඇවිල්ලා කොහොමද..? එයා නවතින්නෙ කොහෙද..? මං කොහොමද අම්මට සලකන්නේ..?"


    "ඔයාට ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ටික ඔච්චරයි නම්, වැඩේ හුගාක් ලේසියි.. මං ඔයාට උදව් කරන්නම් රන්දික.. අපි ඉස්සෙල්ලම රෙන්ට් එකට පුංචි ගෙයක් හොයමු.. ඊට පස්සෙ අම්මව ඒකට එක්කරං එමු.."


    "ඔයාට පිස්සුද නෙත්මි.. මේ නුවර රෙන්ට් එකට ගෙවල් වල ගාන කීයක් කියලද ඔයා හිතන්නේ..? අනික අවුරුද්දක දෙකක කීමනි ඉල්ලනවා.. ඒවා කවුද දෙන්නේ..?"


    "ඒ හැමදේම මං දන්නවා රන්දික.. අපේ ලොකු අම්මගෙ ගෙයක් තියෙනවා.. අපේ ගෙවල් පාරෙම.. ඒක එච්චර ලොකු නෑ.. ඔයාටයි, අම්මටයි හොදටම ඇති.. ගාන ගැන ලොකු අම්මත් එක්ක කතා කරලා මට බේරුමක් කරගන්න පුළුවන් වෙයි.. ඔයා ඒ ගැන බයවෙන්නෙපා.."


    නෙත්මි ගැන මගේ හිතට ලොකු දුකක් ගලාගෙන ආවා.. එයා මොන තරම් මං ගැන හිතනවද කියන දේට ලොකුම උදාහරණය එයා කතා කරපු වචන අතරෙ තිබුණා.. කෙනෙකුට තවත් කෙනෙක් ගැන මේ තරම් දුරට හිතන්න පුළුවන් නම් ඒ හිත කොයි තරම් ලස්සනද කියලා කවුරුවත් මට කියලා දෙන්න උවමනා උනේ නෑ..


    "මට හරි හමන් රස්සාවක් නැතුව, අම්මව අරගෙන ඇවිල්ලා බෑ නෙත්මි.. එයා ඔය ඉන්න තැනම හිටපුවාවෙ.. හුගාක් කල් ඉදලනේ එයා එහේ ඉන්නේ.. අනික මගේ ළගට ඇවිත් අම්මට ඔය ඉන්නවටත් වැඩිය දුක් විදින්න වෙයි.."


    "ඒ ගැන ඔයා ඩිංගක්වත් හිතන්න ඕන නෑ.. මට ඔයාගෙ බයෝඩේටා එකක් ගෙනැල්ල දෙන්න.. සෙන්ට්‍රල් බෑන්ක් එකට මේ දවස්වල කට්ටිය ගන්නවා.. මගේ මාමට කියලා ඔයාට උදව්වක් අරන් දෙන්න මට බැරිකමක් නෑ.. ඔයා ඔය නිකං ඉන්නවට වැඩිය ඔයාගෙම තැනක නැවතිලා රස්සාවක් කරගෙන අම්මත් බලාගනෙ ඉන්නකොට ජීවිතේ ලස්සනට ගෙවිලා යාවි.."


    ඇත්තටම නෙත්මිගෙ වචන පිහි පාරවල් තුන හතරකට වඩා දරුණුවට මගේ පපුවට වැදුණා.. මේ බොරුව, මීට හුගාක් කාලෙකට කලින් මගේ අතින් නිකමට වගේ කියවුණ බොරුව, එළි කරලා දාන්න කාලෙ ඇවිත් කියලා මට තේරුණා.. නැත්නම් ඉතිං, වහින්නෙ නැතුවම බන්ටිට හෙණ ගහන දවස වැඩි ඈතක නෑ..


    "එතකොට ඔයා කැමති නම් විතරක් මටත් ඒ ගෙදරට ඇවිල්ලා යතෑකි.. ඇයි ඉතිං මාත් ඉන්නෙ ඒ ළගමනේ.."


    මේ රත්තරං කෙල්ලට තියෙන්නෙ මොන තරම් අහිංසක බලාපොරොත්තුවක්ද..? මං නෙත්මි ගැන හිතුවෙ මොන තරම් කැත විදියටද..? ෆෝන් එක්ක අරන් දීලා, මගේ නිදහස සීමා කරන්න හදන, මට නිතරම කරදර කරන කෙනෙක් හැටියටයි මං එයා ගැන හිතුවෙ.. ඒත් මං හිතුවෙවත් නැති විදියට නෙත්මි ඒ හැම දෙයක්ම කඩලා බිදලා දැම්මා.. දැන් මටයි මං ගැන කලකිරීමක් එන්නේ..


    "කියන්න රන්දික.. මං ඔයාගෙ අම්මත්තෙක්ක කතා කරන්නනද..? ඔයා තවත් අනුන්ගෙන් කකා දුක් විදිනවා බලන් ඉන්න මට බෑ.."


    "එහෙම නෙමේ නෙත්මි.. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.."


    "මුකුත් කියන්නෙපා.. මගේ හිත රිද්දන්නැතුව මේ වැඩේ කරගන්න රන්දික.. ඔයා දන්නවද මං මගේ ජීවිතේට කවුරු වෙනුවෙන්වත් මෙහෙම උදව් කරලා නෑ.. මට කවුරු ගැනවත් මෙහෙම හිතිලත් නෑ.."


    "ඔය ඔක්කොම හරි නෙත්මි.. ඒත්.. ඔයා හිතන්නැති විදියෙ දෙයක් මෙතන තියෙවා.."


    තවදුරටත්, නෙත්මිට කියපු බොරුව, හිර කරලා තියාගෙන ඉන්න මට බැරිවුණා.. මං හැදුවෙ මේ ළගින්ම පේන දළදා මාළිගාව ඉස්සරහම ඒ හැමදෙයක්ම නෙත්මිට කියන්න.. ඒත්..?

    "හිතන්නැති මොනව තිබ්බත් කමක් නෑ.. ඔයා අදම නැත්නම් හෙටම ගිහිල්ලා අම්ම හම්බවෙලා කතා කරන්න.."


    "මේකයි නෙත්මි මං කියන්න ගියේ.. මගේ.."


    "ඇති රන්දික ඇති.. දෙයියන්ගෙ නාමෙට.. මං කියනවට මේ දේවත් කරන්නකෝ.. මං ඔයාගෙ හොදටනේ මේ හැමදේම කරන්නේ.. එහෙනම් මං යනවා.. හිතුවටත් වැඩිය මට හොදටම පරක්කු වෙලා.. අම්මයි, තාත්තයි මාව හොයනවා ඇති.. වෙලාවක් තිබ්බොත් මට පුංචි කෝල් එකක් දෙන්න.."


    මට තවත් එක වචනයක්වත් කියන්න නොදීම නෙත්මි මං ගාවින් ඈත්වෙලා ගියා.. හැමදේම හොදට සිද්ධ උනත්, එයාට ඇත්ත කියන්න තිබුණ හොදම අවස්ථාවක් මගෙන් ගිලිහිලා ගියා කියන පසුතැවීම මගේ හිතේ තිබුණා..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-10.jpg


    10.png


    "අදවත් කිව්වද..?"


    ඕං බලපල්ලකො ඉතිං.. මට තාම ගෙට ගොඩවෙන්නවත් හම්බ වුණේ නෑ.. අක්කා ගමදිම කඩන් පැන්නා..


    "මොනවද..? කාටද..?"


    "මොනවද කියලා අහන්නෙ.. ඔයා තමයි බන්ටි කියලා නෙත්මි පිණිමුතු කියන මගේ යාලුවට කිව්වද..?"


    "හම්බවෙන්නෙපායෑ කියන්න.. ඔයා මේ මොනවා කියනවද මංදා.. මගෙත් මොළේ කොලොප්පං වෙනවා ඔයා කියන වචන වලට.. ෂිහ්.."


    "බන්ටි.. මගෙත් එක්ක විහිලු කරන්නෙපා.. දෙයියන්ගෙ නාමෙට මේක දුර දිග යන්න කලින් ඉවරයක් කරන්න.. අන්තිමට මගෙයි, පිණීමුතුගෙයි යාලුකමත් ඉවරවෙයි.."


    අක්කා ඒ අන්තිම ටික කිව්වෙ සෑහෙන සීරියස් පිට කියලා මට තෙරුණා.. ඒත් කියපු බොරුවක්, කාලයක් ගියාට පස්සෙ ඒ බොරුව මත්තෙම ජීවත් වුණාට පස්සෙ, ආපිටට ඒක බොරුවක් කියලා කියනෙක කොයි තරම් අමාරු වැඩක්ද කියලා අක්කට තේරෙන්නැති එකනේ වැඩේ කියන්නේ..


    "බන්ටි මහත්තයට ඔන්න ආපු ගමන්ම ගරහම් බෙල්ගෙන් ඇමතුමක්.."


    මගේ වචන අල්ලගෙන දැන් බේබි නැන්දත් පිස්සු කියවනවා.. අක්කගෙ මූණෙ මෙච්චර වෙලා තිබ්බ අවුල් සහගත භාවය, බේබි නැන්දගෙ කතාවෙන් මැකිලා ගියා.. බලන් ගියාම ගරහම් බෙලුත් මේ ගෙරද සාමාජිකයෙක් වෙලා..


    "හෙලෝ.."


    "උඹ එහෙනම් දැන් තමයි ආවෙ.. නේද..?"


    එහා පැත්තෙන් ඇහුණෙ බින්දුගෙ කටහඩ.. ඌ නිකං එගෙන්ස් එකට වගෙයි කතා කරන්නෙ.. මොන තරම් හොද යාළුවෙක් උනත්, යාලුකටම මං බොක්ක ගලවලා දෙනවා උනත්, ඔය වගේ දර්ශන මට දිරවන්නෑ.. මං ආපු වෙලාවක් ඌට මොකටද..?


    "ඔව්.. ඒක උඹට ප්‍රශ්නයක්ද..?"


    "ප්‍රශ්නයක් තමයි.. උඹ ඊයෙ කිව්වෙ ශලනියි, නිරෝෂියි දෙන්නවම හම්බවෙන්න යනවා කියලා.. ඒත් අද උම හම්බ උනේ නිරෝෂි විතරයි.. ඇයි බන්ටි උඹ මට මෙහෙම බොරු කරන්නේ..?"


    "බින්දු මේ.. මගේ හොදට ඉන්න යකාව අවුස්සගන්නෙපා උඹට පිස්සු හැදුනට මට පිස්සු හැදිලා නෑ.. කතාව තුන් කාලක් විතර ඉවර උනාට පස්සෙ එතෙන්ට ඇවිල්ලා හොරෙන් බලන් ඉදලා වැඩක් නෑ.. උඹට මං එතෙන්ට යන වෙලාව කියලනේ තිබ්බෙ.."


    "මට ඕවා තේරෙන්නෑ බන්ටි.. ඉස්සෙල්ලා මට කියපං මේ වැඩේ තේරුම මොකක්ද කියලා..?"


    "මොන වැඩේද..?"


    "මගේ කෙල්ලට මං ඉද්දි ඒකි, උඹේ උදව් ඉල්ලන්නෙ ඇයි..? ඒකිට පුළුවනනේ මං ගාවට එන්න.. උඹ ඔය කරන වැඩෙන් නිරෝෂි මටත් ගණන් උස්සනවා බන්ටි.."


    "ගණන් ඉස්සිල්ලක් මං දන්නෑ.. අනික නිරෝසි මගෙන් හොර රහසෙ උදව් ඉල්ලුවෙත් නෑ.. උඹල, සරිගමයල හැමෝම ඉස්සරහනේ මගෙන් උදව් ඉල්ලුවෙ.. අනික මායි, නිරෝෂියි හම්බ වුණේ මුළු නුවර ඉන්න ඕන මනුස්සයකුට බලාගන්න පුළුවන් තැනක.. අපි කොහේවත් හෝටලේක හම්බ උනෙත් නෑනේ.."


    "මං එහෙම දෙයක් කිව්නෙ නෑනේ බන්ටි.."


    "නැත්තෙ නෑ.. උඹ මාව අවිශ්වාස කරනවා.. ඒක උඹ හැමදාටම තියාගනිං.. හැබැයි මෙන්න මේක මතක ගියාගනිං.. මං කවුරුවත් කාපු කිරි ටොපි කන්නෑ කියලා.."


    මං ෆෝන් එක තිබ්බා.. එතන ඉදලා දිගින් දිගටම රින්ග්ස් ගියත් මං ආයෙ ෆෝන් එක ඉස්සුවෙ නෑ.. බින්දු දැන් හෝ ගාලා මට ගන්නවා ඇති.. කරන්න දෙයක් නෑ බින්දු.. මේ කතාවෙ මුල ඉදන්ම හැමදේම මං කෙරුවෙ උඹ වෙනුවෙන්.. ඒත් උඹ කැලෑ සතා උනා.. ඒකට මං උඹට සමාවක් දෙන්නෑ..


    *****************************


    "බ..න්..ටී.."


    ලාවට වගේ ඇලට් එකක් දාගෙන හිටපු මං උඩ ගිහින් ඇහැරුණා.. මොකාද බං ඒ පාට දහ අටේ ඕස්ට්‍රේලියන් ගිරවා වගේ කෑගහපු අසමජ්ජාතියා..


    "මොනවද බන්ටි මේ හැන්දෑ ජාමෙ වයසක මිනිස්සු වගේ නිදාගන්නේ..? ඇයි මුකුත් අසනීපයක්ද..?"


    අයියාකාරයා ඒ පාර දොස්තර වැඩේ කරන්න වගේ හදන්නේ.. දොස්තර වැඩේ නම් ඒත් කමක් නෑ.. මු හදන්නෙ වින්නඹු වැඩේ කරන්න..


    "මොන අසනීපයක්ද..? මට නම් පේන්නෙ ඔයා අසනීප වෙලා වගේ.."


    "මම..?"


    "ඔව්.. ඔයා තමා.. ඒකනේ වැඩ ඇරිලා ආපු ගමන් කවදාවත් නැතුව මගේ කාමරේට රිංගුවෙ.."


    "ඔයාටත් අර මොකාටද වගේ හැමදේම තේරෙනවා බන්ටි.. ඔයා දන්නවද වැඩක්..?"


    ඔය කියන්න හදන්නෙ එකදාස් අටසිය බර ගණන් වල ප්‍රවෘත්තියක්.. ඒක බන්ටිට සහසුද්දෙන්ම කියන්න පුළුවන්.. බන්ටි නොදන්න අලුත් නිව්ස් එකක් මේ කාකුබාලයා දන්නෙ කොහොමද අප්පා..?


    "මොකක්ද..?"


    "අර ඔයාලෙ යාලුවා.. මොරීන්..?"


    "ඔව්.. මගේ යාලුවා මොරීන්.. ඉතිං..?"


    "අන්න එයා ඉදපු ගෙදරට අලුත් කෙල්ලෙක් ඇවිත්.."


    "අලුත් කෙල්ලෙක්..?"


    ඒක නම් හොද නිව්ස් එකක් තමයි.. ඒත් ඔය නිව්ස් එක බන්ටිට මිස් උනේ කොහොමද..? මෙතන මොකාක් හරි අවුලක් තියෙනවා.. මට හිතුණෙ එහෙමයි..


    "ඔව් බන්ටි.. මං ටිකක් ඈතට වෙන්න දැක්කේ.. කොන්ඩෙ ස්ට්‍රේට් කරලා.. ටිකක් තඹ පාට ගැහිච්ච කෙල්ලෙක්.. හැබැයි ලස්සනයි.. චාම් පාටකුත් තිබ්බා.."


    අයියාකාරයා හෝ ගාලා ගියවනවා.. බන්ටි දන්නැතුව මොරීන් අක්කගෙ ගෙදර ඉන්නෙ කවුද අප්පා..? මට මුකුත් හිතාගන්න බැරිවුණා.. මොරීන් අක්කා වෙන කාට හරි ගේ දීලද..?


    "මං හිතුවා ඔයා මෙලහකටත් දන්නවා ඇති කියලා.. බලන් ගියාම මං හොදයිනේ.."


    කාමරෙන් යන ගමන් අයියාකාරයා මහා අලුගුත්තේරු කතාවක් කිව්වා.. මං මෙලහකටත් දන්නවා ඇති කියලා හිතුවලු.. මුගේ කට කොටියම කන්න එපාද..? හරියට නිකං මේ මුළු නුවරම ඉන්න ගෑනු ළමයින්ගෙ ග්‍රාමසේවක මං වගේනේ මුගේ කතාව.. අඩුගානෙ මේකා සහෝදරකමට හරි හිතන්න එපාද, ඌට තරම් මේනියාවක් මට නෑ කියලා..


    ****************************


    පහුවෙනිදා උදේ මං එළියට බහිනකොටම මෙන්න චාමික අපේ ගේට්ටුව ඉස්සරහ.. උගේ මූණත් නිකං කක්ක බර හැදිච්ච පොඩි එකෙක්ගෙ වගේ.. මොකක් නමුත් අකුසල කර්මයක් උදේ පාන්දරම පඩිසන් දීලා කියලා මට නිකමට හිතුණා..


    "මොකෝ බං..?"


    "මට අරූගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා ලොකු පුතේ.."


    "මොකාගෙයි..?"


    "අපේ බින්දුවගේ.. මං මේ ඒක කරන්න යන්න කලින් උඹව හම්බවෙන්න ආවෙ, ඒක කරාට කමක්නැද්ද කියලා අහන්න.."


    මූත් වෙලාවකට අමුම අමු පිස්සු තමයි නටන්නෙ.. මොකෙක් හරි මේ කතාව අහන් හිටියා නම් ඌ ඇගේ හැම හිලකින්ම හිනාවෙයි.. ඇයි අප්පා.. මේකා දේවදත්තයා වගේ උදේ පාන්දරම ඇවිත්, තව එකෙක්ගෙ බෙල්ල මිරිකන්න..


    "උඹ අද උදේ ඇදේ කොයි පැත්තෙන්ද බැස්සේ..?"


    "ඇයි..?"


    "නෑ.. විට්ටම පැත්තෙන් බැහැපු එකෙක් වගේ උඹේ කතාවත්.. කමක් නෑ.. මොකක්ද වෙලා තියෙන්නෙ කියපං.."


    "කලින් දවස උඹට මතකනේ.. අපි සරිගමයලහදි සෙට් උනේ.. අර උඹ කලින් තදවෙලා ආවේ..?"


    "ඉතිං..?"


    "එදා බින්දුවා අපෙන් බේරුනේ උගේ පෙර පිනකට.. අමිලයා තව නූලෙන් ඌට ගහනවා.. බින්දු කියන්නෙ, උඹ නිරෝෂිව සෙට් කරගෙනලු.. ඒකට, ඇස්කිමෝලට ග්‍රීක් උගන්නනවා වගේ කොයි තරම් කිව්වත් තේරෙන්නෑ.. ඌ අහන්නෙම නිරෝෂි ගැන ඌට නැති කැක්කුමක් උඹට ඇතිවෙන්නෙ කොහොමද කියලා.."


    "ඉතිං..?"


    "ඉතිං කියන්නෙ ලොකු පුතේ.. ඊයෙ ඌ උඹව ෆලෝ කරලා.. උඹයි, නිරෝෂියි විතරයි කිව්වා මාළිගාව ළග හිටියේ.. ඌට දැන් බූට් එක කියලා ඌට හොදටම විශ්වාසයිලු.. උඹ නිරෝෂිව සිරාවටම දාගෙන කියලා ඌ දිවුර දිවුරා කියනවා.."


    "තව..?"


    "තව කියන්නෙ ලොකු පුතේ.. මේ උණහපුලු පැටියා කියනවා උඹ නිරෝෂිලගෙ ෆැමිලි එක, එකට එක්කහු කරොත් ඌ මැරෙනවලු.. නිකං නෙමේ, උඹ ඉස්සරහට ඇවිල්ලලු මැරෙන්නෙ.. උඹටත් හැමදාම විදවන්න.."


    "එච්චරද..?"


    "නෑ තව තියෙනවා.."


    "ඊයෙ උඹට කතා කරලා ඌ කියන්න තියෙන දේ කිව්වලු.."


    "මොනවද..?"


    "නිරෝෂිව අතෑරලා ශලනිත් එක්ක ඕන මගුලක් කරගන්න කියලා.."


    "මොන බොරුද චාමික.. ඕක පට්ට කෙබරයක්.. ඌ එහෙම දෙයක් මට කිව්වෙ නෑ.. මමයි ඌට කිව්වෙ, කවුරුවත් කාපු කිරි ටොපි මං කන්නෑ කියලා.."


    "පස්සෙ ලොකු පුතේ මූ පිස්සු හැදිච්ච බලු නාම්බෙක් වගේ ඔය ගැන කිය කියා කෝල් දෙනවා දෙනවා ඉවරයක් නෑ.. බැරිම තැන මං ෆෝන් එක අයින් කරා.. දැන් අද උදෙත් ආයෙ පටන් ගත්තා.. උදේ මං ආනසර් කලාම ඌ කියනවා වෙනින්ම කතාවක්.."


    "ඒ මොකක්ද..?"


    "නිරෝෂිව ඌට අහිමි කලොත් ඌ අපි හැමෝවම මරන්නෙ බෙල්ල මිරිකලලු.. ඉතිං මං මේ ඊට කලින් යනවා උගේ බෙල්ල මිරිකන්න.."


    කතා කරලා කරලා ඉවරවෙලා චාමික කිව්වෙ තවත් ගෝත කතාවක්..

    "මේ පිස්සු නටන්නැතුව ඉදපං බං.. ඔය මගුල් කතාව නවත්තලා දාලා, අපි පොඩි ගතියක් හීනියට ගම්මු.. උඹ ආපු එකත් හොදයි.. උඹටයි, මටයි පොඩි ගමනක් යන්නත් තියෙනවා.."


    "උඹේ පොඩි ගමන් ගැන මං දන්නෙ නැතුවයි ලොකු පුතේ.. අන්තිමට උත්තරද්‍රැවයටත් එහා ගිහිල්ලනේ නතර වෙන්නෙ.. ආ.. ඒ පාර මොකද බං උඹ වට පිට බල බලා බෙල්ල කඩාගන්න යන්නේ..? කවුරු හරි පෝස්ටර් එකක්වත් ගහලද..?"


    මොරීන් අක්කගෙ ගේ පැත්තට යන පාර දිහා මං ටිකක් ඕනෑකමින් බැලුවා.. මොකද කියනවා නම් අයියා ඊයෙ හවස දුන්නු ආරංචිය මගේ ඔලුව හිරවෙලා තිබුණ හින්දා.. මිනිහ කිව්වත් වගේ ගෑනු ළමයෙක් දැක්ක නම්, මොරීන් අක්කා කාට හරි ගේ විකුණලා ඇතිවද්දෝ කියලා මට නිකමට හිතුණා.. ඒත් මං කිසිම කෙල්ලෙක් නම් දැක්කෙ නෑ.. ඒ පැත්ත පළාතම මහ මූසල විදියට පාලුවෙලා ගිහින් තිබුණා..


    "නෑ බං.. මං මේ බැලුවෙ මොරීන් අක්කා ඉන්නවද කියලා.."


    "උඹටත් ඒකි නැතුව මාසයක් හමාරක් ඉන්න බෑ නේද ලොකු පුතේ..? උඹටත් හැදෙනවා කොකු පණු ගාය.."


    ඇත්තටම, අන්තිමට මොරීන් අක්කව හම්බවෙලා කොයි තරම් කාලයක් නම් ගෙවිලා ගියාද..? අපේ ගේ ඇතුළෙදි වෙච්ච දේවල් ගැන එළියෙ ඉදන් අහගෙන ඉදලා, මට මොරීන් අක්කා කොයි තරම් දේවල් කිව්වද..? මං පිළිගත්තත් නැතත් එයා ඒ කිව්ව දේවල් අද වෙනකොට හුගාක් ඇත්ත විදියට මගේ ඇස් ඉස්සරහ තියෙනවා..


    "අපි මේ කොහෙද යන්නේ..?"


    "කෑනොගහ යමං.."


    වැලි පාරෙන් තාර පාරට දානකොටම චාමික කට ඇරියා..

    "ආයෙ සරිගමයලහ යන්නෙ ඇයි බන්ටි..? ඌ අද ගෙදර නෑ.. ඌට මියුසික් ක්ලාස්නෙ.."


    කුන්ඩසාලෙට ඇවිල්ල සුරේනලගෙ ගෙවල් පැත්තට චැලිය දානකොටම චාමික ආයෙත් කෑගහන්න පටන් ගත්තා.. මුගේ ඔක්කොහමත් හොදයි.. ඒත් මේ නන්ස්ටොප් ඇහෙන චක චකේ තමයි ඉවසන්න බැරි..


    "හප්පොච්චියේ.. උඹ මෙහේටද මේ එන්න ආවේ..?"


    ශලනියි, අප්පච්චියි ඉන්න ගේ ඉස්සරහ චැලිය නවත්තලා මං බහින්න හදද්දි, චාමිකගෙ කට ආයෙත් ඇරුණා.. ඌට කෑ නොගහ ඉදපං කියලා සංඥාවක් දෙන ගමන් මං ගේට්ටුව ඇරෙගෙන වත්ත ඇතුලට ඇතුල් වුණා.. පුදුමාකාර සුන්දර විදියට ඒ ගෙදර මිදුල ලස්සනට හදලා තිබුණා.. ආපු වැඩෙත් අමතක වෙලා මං උද්‍යාන අලංකාරයෙන් වශිවෙලයි හිටියේ..


    "ඇ..යි..?"


    ශලනිගෙ අප්පච්චි ළගටම ඇවිල්ලා ඒ ප්‍රශ්නෙ අහනකල් මං එයාව දැක්කෙ නෑ.. මගේ ඇස් තිබ්බෙ, හිටවල තිබ්බ හැම ගහකම වගේ පිපිලා තිබුණ මල් දිහාවට..

    "මං ඊයෙ ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා.. ඒකට මට උත්තරයක් ලැබුනෙ නෑ.. අදවත් උත්තරයක් හම්බ වේවිද කියලා බලන්නයි මං ආවේ.."


    "මේ.. මං ඊයෙ ඉවසුවෙ, මගේ කෙල්ල ළග හිටපු නිසා.. අන්න ඒක මතක තියාගනිං.. එහෙම නොවුණ නම් මං උඹට දෙන්නෙ පොලු පාරක්.."


    "බ.. බන්ටි.. මොනවද බං මූ මේ කියවන්නේ..? ඌ අපිට පොලු පාරක් දෙන්න කලින්, අපි ඌට පොලු පාරක් දෙමු.. තට්ටෙන් පැණි බේරෙන්න.. ඒ පැණිත් එක්ක මී කිරි හට්ටියක් ගෙනල්ල කනවද නැත්නම් හොස්පිට්ල් යනවද කියනෙක ඌ බලාගනීවි.."


    "තමුසෙලා මෙතනින් යනවද නැත්නම් මං 119ට කතා කරන්නද..?"


    මොනව උනත්, මේ මනුස්සයා ගැන මං මෙච්චර වෙලාවක් ඉවසුවෙ ශලනිගෙයි, නිරෝෂිගෙයි අප්පච්චි හින්දා.. ඒත් මේකා ඔරේ රන් කියලා මගෙන් ගේම ඉල්ලනවා.. මං ෂේප් එකේ ගේමට බහිනකොට මූ ඩිමාන්ඩ් කරන එකනේ වැඩේ..


    "අංකල්.. තමුසෙට කොන්දක් නෑ කියලා කැත නැතුව ඔප්පු කර එකට තැන්ක්යූ.. තමුසෙ 119ට බැරිනම් 120ට කෝල් කරනවා.. මට මොකෝ.. මගෙ අතින් පයින් යනවද..? හැබැයි ඒ මහත්තුරු මෙතෙන්ට එනකොට මං මෙතන නෑ.. එතකොට ඒකටත් උත්තර දෙන්න, දැන්ම ඉදන් කට හදා ගන්නවා.."


    අංකල් කාරයගෙ මූණ කේන්තියෙන් පුපුරන්න වගේ තිබ්බෙ බොහොම ඩිංගයි.. කරන්න දෙයක් නෑ පුතා.. ඔයයි මෙහෙම ඇදගෙන නෑවෙ.. ඒ එක්කම වගේ ගෙදර බැල්කින්යෙන් ශලනි මතුවුණා.. බංගලි රෝස මලකටත් වැඩිය ලොකු හිනාවක් ඒ මූණෙ පිපිණා..


    "හලෝ.. බන්ටි ඔයාලා දැන්ද අවේ..?"


    "ඔව්.. මේ දැන් ආවා විතරයි.. අපි අප්පච්චිත් එක්ක ඩිංගක් කතා කරා.. තමුසෙට ලැජ්ජ නැද්ද දූලා දෙන්නෙක් ජාතක කරලා එකෙක් විතරක් ළග තියාගෙන හදන්න.. තමුසෙ හිතන්නෙ නිරෝෂි කියන්නෙ අල්ලපු ගෙදර මිනිහගෙ කියලද..? ඔයා උදේට කාලද ඉන්නෙ..?"


    කතාවෙ මුලයි අගයි ශලනිට කියලා මැද කොටසින් මං අංකලයට කතා කලා.. මගේ කතාවට අංකල්කාරයගෙ ඇස් දෙක උඩ ඉන්දුනා.. චාමිකටත් වැඩේ නැගලා යනවා..


    "ඔය තියෙන මහන්තත්වකම් අතෑරලා, ගෑනියි ළමයි දෙන්නයි ළං කරගෙන වැදගත් විදියට ජීවිතේ අරගෙන යනවා, ගමට, රටට නෝන්ඩි නොවී.. මං ඇහුවෙ ඔයා උදේට කෑවද කියලා..?"


    ඉස්සෙල්ල වගේම මං අප්පච්චියි දූයි දෙන්නම එක්ක කතා කරා.. චාමිකත් ළග ඉදගෙන මගේ කතාවෙන් මාර ගතියක් ගන්නවා..


    "දැන් තමා කාලා ඉවර උනේ.. ඔයාලත් එන්න.. ප්ලීස්.."


    "අපි ගෙදරින් කාලා ආවෙ ශලනි.. හොදට මතක තියා ගන්නවා.. ප්‍රශ්න වලින් පැනලා යන එක නෙමෙයි වීරකම.. ඒ ප්‍රශ්න වලට මූණ දීලා, හරි හමන් උත්තරයක් හොයාගන්නෙක.. බලනවා කොයි තරම් ලස්සනට තමුසෙට ජීවත්වෙන්න පුළුවන්ද කියලා.. ඔහොම ඉන්න ශලනි අපි මේ වත්ත චුට්ටක් බලලා එන්නම්.."


    "මං පොලීසියට කියන්න කලින් තමුසෙලා දෙන්නා මෙතනින් යනවද නැද්ද..?"


    "අපි මෙතනින් යන එක නෙමේ ප්‍රශ්නෙ අංකල්.. තමුසෙට පිරිමිකමක් නැති එකනේ ප්‍රශ්නේ.."


    "මගේ පිරිමිකම ගැන උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද මිනිහෝ..?"


    දැන් නම් ශලනිගෙ තාත්තා නියම ගානට ට්‍රැක් එකට ඇවිල්ලා කියලා මට තේරුණා.. කියලා වැඩක් නෑ.. ඔහොම යං.. ඔහොම යං.. ගිහිල්ලා හැප්පෙනකල්ම උඹ දන්නෑ..


    "ප්‍රශ්නෙ මේකයි.. වැරදිලාවත් තමුසෙගෙ නෝනා මහත්තයා තමුසෙ ඉස්සරහට ආවොත්, තමුසෙට යන්න පාරක් නැතිවෙනවා ඒකයි.."


    "ඒ ගැන තමුසෙලා බයවෙන්නෙපා.. මගේ නෝනා කවදාවත් මං ඉස්සරහට එන්නෑ.. ඒක මට විශ්වාසයි.."


    "ෂුවර්ද..?"


    "ඔව්.. මගේ නේනා ගැන තමුසෙලට වැඩිය හොදට මං දන්නවා.. එයාගෙ තියෙන මහන්තත්වෙයි, ලොකුකමයි එක්ක එයා කවදාවත් මං ළගට එන්නෑ.. ඒක හින්දා මගේ පිරිමිකම දැන තමුසෙලා කරදර වෙන්න ඕන නෑ.."


    "බලාපංකො බන්ටි මුගේ තියෙන ඝනකම.. දෙන්න හිතෙනවා මූට මේ මල් පොච්චි දෙක තුනක් පෙරලගෙන බිමට වැටෙන්න.."


    "කෑ නොගහ ඉදපං.. අන්න ශලනි එනවා.."


    චාමික බැලුවෙම, අංකල් එක්ක කොක්ක දාගන්න.. ඒත් කොක්කක් දාගන්නවට වඩා වැඩිය වැඩක් මෙතන කරන්න තියෙනවා කියලා මං දැනගෙන හිටියා.. රංඩුවට හරි අංකල් එක්ක කතාව දිගටම ඇදගෙන යන එකෙත් ලොකු වැදගත්කමක් තිබුණා..


    "මගේ දුව එන්න කලින් තමුසෙලා මෙතනින් යනවද නැද්ද..?"


    "ඇයි එක දුවෙක් විතරක්.. අපි අනිත් දුවත් ආවහම යන්නම්.. වැඩිය උඩ පනින්නැතුව ඉන්නවා.."


    දත් ඇදි දෙක තද කරන් මං තොල්වලින් විතරක් කිව්වා.. ඒ වෙනකොට ශලනි අපි තුන්දෙනාට හුගාක් ලංවෙලා හිටියා..

    "අපි ඉන්න තැන ලස්සනද බන්ටි..?"


    "ලස්සනයි.. හැබැයි ඔයා තරම් නෑ.."


    මගේ උත්තරේට අංකල්කාරයගෙ මූණ කුණ්ඩ හට්ටියක් වගේ උනා.. ශලනිගෙ මූණෙ නම් හරි අපූරු හිනාවක් පිපුණා..


    "ඇයි අප්පච්චි, බන්ටිලට ඇතුළට එන්න කිව්වෙ නැත්තෙ..?"


    "මං.. මේ එන්න කිය කියා හිටියේ.. කෝ ඉතිං එන්න බෑලුණේ.."


    හප්පට ඩෙන.. මේකගෙ කතාව බලපල්ලකො.. අපිට මෙච්චර වෙලා මූ අම්ම මෝ නැතුව බැනලා.. දැන් කියනවා එන්න කිව්වලු.. මේව හොදයි අම්මපා පාර්ලිමේන්තුවට යවන්න.. මූ හරියන්නෙ ඒ වගේ තැනකට තමා..


    "මං ඊයෙ එනගමනුයි, රෑයි, ඔයාල ගැන අප්පච්චිට හුගාක් විස්තර කිව්වා බන්ටි.. අප්පච්චි ඔයාල එක්ක හොදට කතා කෙරුවෙ ඒක හින්දා.. නැත්නම් ඔයාල බලයිනෙ අප්පච්චි එකපාරටම වෙනස් උනේ කොහොමද කියලා.. නේද අප්පච්චි..?"



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ආ.. ඔ.. ඔව්.. ඔව්.. ඒක තමයි.."

    "මගෙ සන්තෝ..! ලොකු පුතේ බලාපං.. මුගේ අමරණිය රගපෑමට මගේ ඇග කිලිපොලා යනවා බං.. මේකා නම් ඔරිජිනල් පොරක්.."


    හැම කතාවක්ම අස්සෙ, චාමික මගේ පිටිපස්සෙ ඉදන් මුමුණනවා.. බකස් ගාලා හිනා යන්න ආවත් මං හිනාව තද කරගත්තා.. මූටත් කට පියන් ඉන්න බැරි හැටි..


    "ඉතිං බන්ටි.. අපි යමුකො ගේ ඇතුළට.."


    "නෑ ශලනි.. බන්ටිලා කැමතියිලු මෙහෙම්ම ඉන්න.. මොකද මේ වගේ ලස්සන තැනක් මීට කලින් ජීවිතේට දැකලා නෑල්ලුනේ.."


    "ආනේ.. ඇත්තද බන්ටි..?"


    "ඔව් ශලනි.. අපි මෙහෙමම ඉන්නම්.. අනික අපි මේ සුරේන්ලහට ආපු ගමන්.."


    "ඉන්න මං ඔයාලට බොන්න මොනා හරි ගේන්නම්.."


    අපිට, තවත් වචනයක්වත් කියන්න දෙන්නැතුවම ශලනි ගේ ඇතුළට දිව්වා.. මං කෙලින්ම බැලුවෙ අංකල් දිහා.. ශලනි ආයෙ එන්න කලින් මට මේ කතාව ඉවර කරන්න ඕන උනා..


    "මේ වගේ ලස්සන තැනක් මීට කලින් දැකලා නෑ වගේම, තමුසෙ තරම් කැත මිනිහෙකුත් අපි මීට කලින් දැකලා නෑ.."


    "ඇයි..?"


    "අවුරුදු ගානකින් ලංකාවට ඇවිත්, තමුසෙගෙ අනිත් දරුවව නොබල ඉන්න තරමෙ, හයියක් ඔය පපුවට තියෙනවා කියන්නෙ, ඒ කැතකම ගැන කියන්න වචන නෑ කියනෙකයි.. අනික තමුසෙයි, නෝනයි මොන අටමගලෙට ඩිවෝස් වුණාද කියලා අපි දන්නෑ.. ඒත් මට නම් පේන්නෙ, තමුසෙ වගේම එයත් මහ කැත හිතක් තියෙන ගෑණියෙක් වෙන්නැති කියලා.."


    මගේ කතාවට අංකල් කාරයගෙ හකු පාඩ දෙක තද වෙන හැටි මං දැක්කා.. කමක් නෑ.. බන්ටි, අද මෙතනින් යන්නෙ, උඹේ අර්ශස් අමාරුව චෙක් කරලම තමයි..


    "තමුසෙල දෙන්නගෙ කැතකම කොයි තරම්ද කියනවා නම්, මේ කිසි දෙයක් නොදන්න පුංචි ඈයො දෙන්නවත්, අයින් කරලා, ඈත් කරලා දැම්මා.. තමුසෙ වගේම පහත් ගෑණියෙක් තමයි ශලනිගෙ අම්මත්.."


    "මේ.. මං මේචචර වෙලා ඉවසුවෙ මේක මගේ තැන හින්දා.. කරුණාකරලා මගෙන් මැරුම් කන්නැතුව මෙතනින් පලයල්ලා.. නැත්නම් මං ශලනි ඉස්සරහයි උඹලගෙ බෙලි දෙක මිරිකන්නෙ.. අනික මගේ නෝනා ගැන ඔහොම කතා කරන්න උඹට තියෙන අයිතිය මොකක්ද පරයෝ..?"


    ඔන්න දැන් තමයි නියම සභ්‍ය වචන ඩිංගෙන් ඩිංග එළියට එන්න පටන් ගත්තෙ.. මටත් ඕන වෙලා තිබ්බෙ ඒකමයි.. ඒත් මං කරන්න හදන දේ ගැන ඩිංගක්වත් දැනීමක් තිබ්බෙ නැති චාමික, අංකල්කාරයා වගේම මල පැනලා ඒක පිට කරගන්න විදියක් නැතුව වැළපුනා..


    "උඹේ නෝනා ගැන මං කොහොම කතා කලත් උඹට කැක්කුමක් ඇතිවෙන්න බෑනේ.. ඒ වගේම තමයි, නිරෝෂි ගැනත් උඹට කැක්කුමක් ඇතිවෙන්න බෑ.. ඒ දෙන්නම දැන් උඹට නෙමෙයි, මේ බාහිර ලෝකෙටයි අයිති.. ඒ ලෝකෙ තමයි අපි ඉන්නෙ.. තේරුණාද..? උඹ ගිරිය පුප්පගෙන උඩ පැන්නට වැඩක් නෑ.."


    "මොකක්ද යකෝ උඹ කිව්වේ..?"


    "එක දරුවෙක් ඕස්ට්‍රේලියාවට අරන් ගිහින් උඹ ආතල් එකේ හිටියට, උඹ අනිත් දරුවයි ඒ දරුවගෙ අම්මයි මෙහේ වෘකයො අතරට දාලයි ගිහින් තිබුණෙ.. මෙහේ මිනිස්සුන්ට ඒ දෙන්නට ඕන හතුරුකමක් කරන්න පුළුවන් වෙන විදියටයි උඹ දාලා ගියේ.. සමහර විට ඒක මහා ලොකු පලිගැනීමක් කියලා උඹට හිතෙන්නැති.. ඒත් ඒක අපිට පේන්නෙ උඹේ කොන්දක් නැතිකම කියලා.. උඹ ගාව අවුරුදු ගානක් ආදරයෙන් හුරතල් වෙච්ච ගෑනු මනුස්සයා, පුංචි දරුවෙකුත් එක්ක මෙහෙම තනි කරලා යන්න කැලෑ සතෙක්ටවත් බෑ.. ඒ අතින් උඹ මහා අන්ත තිරිසනෙක්.. නොදන්නකමට, උඹ මට ඩිංගකට කලින් පරයා කිව්වා.. ඒත් ඇත්ත වශයෙන්ම උඹයි පරයා.. ඒක මතක තියාගනිං.."


    බන්ටි කතා කරන්න ගියාම කාටවත් නවත්තන්න බෑ.. ඒක තමයි කටුක උනත් ඇත්ත යථාර්ථය.. මගේ ළග ඉදපු චාමික උනත්, මගේ කතාවෙන් හොදටම හොල්මං වෙලයි හිටියේ.. ඌට උනත් හිතාගන්න බැරි වෙන්නැති මේ වගේ දේවල් බන්ටි කොහොමද කියන්නෙ කියලා.. අනික මොන මල ඉලව් කැක්කුමක්ද කියලා..


    "මට වැඩිය වයසින් වැඩි, මගේ තාත්තා වගේ මිනිහෙකුට මේ වගේ කතා කරන්න සිද්ධ වෙච්ච එක ගැන මං ලැජ්ජ වෙනවා.. තමුසෙට තව හුගාක් දේවල් ඉගෙන ගන්න තියෙනව කියලා දැන්වත් තේරුම් ගන්නවා.. තමන්ගෙ දුවගෙ හොර අල්ලන්න පස්සෙන් යන්න කලින් ඒ ළමයත් එක්ක ආදරෙන් කතා කරලා ඒ ප්‍රශ්න බෙදාගන්නවා..එතකොට ඔය තරම් පැට්‍රෝල් පුච්චන්න ඕන නෑ.. තමුසෙගෙ නෝන මහත්තයටත් වෙලා ඇත්තෙ ඔය දේම තමයි.. තමුසෙයි, එයයි දෙන්නම වීර චරිත මවන් ගියාට, තමුසෙලගෙ නිවුන්නු දෙන්නම ඒ අයට ඕන ලෝකෙ හොයන් ගිහින් ඉවරයි.. අඩු ගානෙ, දැන්වත්, මේ මොහොතෙ ඉදලවත්, ඩිංගක් කල්පනා කරනවා.. තමුසෙට ළූණු බිකක් තරම්වත් මොළයක් ඇතිනේ.. අන්න ඒ කළදවත් පාවිච්චි කරනවා.. ඔයිට වැඩිය දේවල් තමුසෙට කියන්න මට තේරෙන්නෑ.. මං යනවා.."


    බාගෙට වැහිලා තිබ්බ ගේට්ටු පියන අරින්න මං අත දික්කරා.. මටත් කලින් චාමික එළියට පැනලා තිබුණා..


    "ත.. තමුසෙ කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"


    "මෙච්චර වෙලා සතෙක් වගේ කෑගහලා කෑගහලා තමුසෙ දැනුයි මගෙන් හරි ප්‍රශ්නෙ ඇහුවේ.. ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔය මං කියපු දේවල් ඇතුළෙ තියෙනවා.. ඩිංගක් මහන්සි උනොත් හොයා ගැතෑකි.. අපි යමු චාමික.."


    "යන්න එපා.. යන්න එපා.. මට ඒ උත්තරෙත් දීලා යනවා.. තමුසෙ කියන විදියට තමුසෙ හැමදේම දන්න කෙනානේ.. තමුසෙ මට ඒකත් කියලම යනවා.."


    ආපහු එන්න චාමිකත් එක්ක එලියට අඩිය තියලත් මං ආපහු හැරුණා..


    "තමුසෙගෙ නෝනවයි, අනිත් දරුවවයි ළගට අරගෙන මනුස්සයෙක් වගේ ජීවිතේ අරගෙන යනවා.. අඩුගානෙ ඒක තමුන්ගෙ ශරීර සෞඛ්‍යයටත් හොද වේවි.."


    "තමුසෙ ඇයි මේ ප්‍රශ්න ගැන මේ තරම් වද වෙන්නේ..? මගේ කෙල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් එක්කවත් තමුසෙ යාලු නැත්නම්, තමුසෙට මොකක්ද තියෙන කැක්කුම..?"


    අංකල්කාරයගෙ ඒ වචන සෙට් එකෙන් මට මාර ගතියක් ආවා.. මගේ කෙල්ලො දෙන්නගෙන් කියලා කිව්වම ශලනිගෙ තැන නිරෝෂිටත් තියෙනවා කියලා මගේ පපුවට අවුලක් නැතුවම දැනුණා..

    "මට කිසිම කැක්කුමක් නෑ.."


    "එහෙනම්..?"


    "අම්මා කෙනෙක්ගෙ ආදරයයි, තාත්තා කෙනෙක්ගෙ ආදරයයි එකට එකතුවෙලා තියෙන පවුලක ළමයි කොයි තරම් සතුටින් ඉන්නවද කියලා මං දන්නවා.. පුළුවන්කමක් තියෙනවා නම් තමුසෙයි, නෝනයි එකතුවෙලා ජීවිතේ ඉතිරි කාලෙවත් ඔය අහිංසක කෙල්ලො දෙන්නට ඒ ආදරේ ඇති තරම් දීලා දානවා.. එතකොට ඔය ළමයි කවදාවත් පිට යන්නෙ නෑ.. වෙන එකෙක්ගෙ ආදරයක් හොයන් යන්නෑ.. ඒ වගේම මට තවත් දෙයක් කියන්න ඕන.. මං අද මේ කතා කරපු විදිය, මගේ කතා කරන විදිය නෙමෙයි.. ඒක මං කතා කරන අනිත් කෙනාගෙ වචන භාවිතයත් එක්ක සිද්ධ උන දෙයක්.. මට වඩා වැඩිහිටියෙක් හින්දා, මගෙන් නරක වචනයක් කියවුණා නම් මං තමුසෙගෙන් සමාව ඉල්ලනවා.. ඒ දේට මං කවදාවත් ලැජ්ජ වෙන්නෑ.."


    අංකල්කාරයා කට ඇරගෙන බලන් ඉද්දි මං චාමිකත් නග්ගගෙන කුණ්ඩසාලෙ හංදියට ආවා.. ඌ තාමත් චුරු චරු ගානවා.. ඉවරයක් නෑ..


    "මොකක්ද බං ලොකු පුතේ, උඹ ඒ අන්තිමට කරපු කුණුහරුප අසික්කිත වැඩේ..?"


    "ඇයි..?"


    "හැයි කියලා අහන්නෙ..? එච්චර ලස්සනට උගේ බ්‍රේන් වොෂ් කරලා, ඇයි උඹ එතනින් පැනලා එන්න මේ තරම් හදිස්සි උනේ..? තව ටිකක් ඉදලම අපිට එන්න තිබුණනේ.."


    "තව ඩිංගක්වත් ඉන්න බෑ චාමික.. මොකද අද දවසෙ කොයි වෙලාවෙ හරි නිරෝෂියි, අම්මයි ඔතෙන්ට එනවා.. එතකොට අපි එතන ඉන්නෙක හරි නෑ.."


    "ඒකත් එහෙමද..? උඹ නම්, මං හිතන් හිටියටත් වැඩිය මාර ඉහළයි ලොකු පුතේ.. අම්මප මං උඹේ කතාව අහන් හිටියෙ කම්පිත වෙලා.. මොලෝ දෙයක් හිතාගන්න බැරුව.."


    "කම්පිත වෙලා කිව්වෙ..?"


    "ඒකෙ තේරුම මාත් දන්නෑ ලොකු පුතේ.. උඹ නිකං නොබැදි ජාතීන්ගෙ සමළුව අමතනවා වගේ සිරාම විදියට අර මැටි මෝලට ජාතිය ඇමතුව හැටි බලන් ඉන්න ලස්සනයි.. ෂහ්.. අපේ කොල්ලො ටික මෙතන හිටියා නම්..? ප්‍රශ්නයක් නෑ.. පරිසර වර්ණනාද, සංස්කෘතික සංදර්ශනද, අරවද මේවද ඔක්කොම දාලා මං උංට කියන්නම් ඇගපත කිලිපොලා යන්න.."


    "කොහොම හරි මට ඕන උනේ, නිරෝෂි අම්මව එක්කගෙන ශලනි ළගට එනකොට මහ මනුස්සයගෙ ඔලුවට යම් කිසි දෙයක් දාලා තියෙන්න.. ඒක මං හිතුවටත් වැඩිය හොදට ඉෂ්ඨ වුණා කියලා මං හිතනවා.. සමහර විට මෑන් මගෙත්තෙක්ක හොදට කතා කරා නම් ඔය දේ මගෙන් කියවෙන්නැති වෙන්න පවා තිබුණා.. ඒත් මේ කෙල්ලො දෙන්නා දැන්වත් වාසනාවන්ත නම්, මෙතන ඉදන් ජීවිතේ හරි පැත්තට ගලාගෙන යාවි.."


    "ඔව් ලොකු පුතේ.. උඹ කියනෙක හරි.. ඒක ආයෙ අවුලක් නැතුවම ආතල් එකට සිද්ධ වුනා.. උඹට අර වචන සෙට් එක කොහෙන් ආවද කියලයි මං මේ තාමත් කල්පනා කරන්නෙ..? උඹ ඊයෙ රෑ 'මානව විපර්යාසයෙ මූල ධර්ම' වගේ පොතක්වත් කියෙව්වද..?"


    "පිස්සු කියවන්නෙපා බං.. පොත් කියවලා ඔය වගේ කතා කරන්න පුළුවන්ද..? ඒක ඒ වෙලාවට ඔරිජිනල් විදියට ඇගෙන්ම එන්නෝන.."


    "ඒක මං පිළිගන්නවා ලොකු පුතේ.. හැබැයි මට එක ප්‍රශ්නයක් තියෙනවා.."


    "ඒ මොකක්ද..?"


    "ශලනිත් එක්ක යාලුවෙලා හරි, මොනව වෙලා හරි, කසාද බදින එකාට නම් දෙයියන්ගෙ පිහිටයි.."


    "ඒ මොකද බං..?"


    "මොකද අහන්නෙ.. බොන්න මොනව හරි හදාගෙන එන්න ඒකිට ඔය තරම් වෙලා ගියා නම්, කෑම ටිකක් කාලා යන්න ඉන්න කියලා ගියා නම්, උඹටයි මටයි හෙට හැන්දෑවෙ තමයි එන්න වෙන්නෙ.."


    හැමදේම කියවලා ඉවරවෙලා චාමික අතන්තිමට මහා කුණු කතාවක් කිව්වා.. කුණු කතාවක් උනත්, ඒ කතාවෙත් ගත යුතු ඇත්තක් තිබුණා.. දැන් ඉතිං අප්පච්චිටයි, දූටයි අවුලක් නැතුවම මටයි, චාමිකටයි ගෙනාපු කූල් ඩ්‍රින්ක් හරි මොනා හරි ගිලලා දාතැහැකි..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-11.jpg


    11.png


    චාමික ගලහ පාර ගාවින් දාලා මං ගෙදර එන්න ආවා.. ශලනිගෙ අප්පච්චිට ඔය විදියට කතා කරපු එක හොදයි.. නැත්නම් ඔය මනුස්සයා කවදාවත් හැදෙන්නෙ නම් නෑ..


    "බන්ටි මහත්තයෝ.."


    ගෙදර ඇවිත් කාමරේට ඇතුල්වෙන්න හම්බ වුණේ නෑ.. මෙන්න බේබි නැන්දා මගේ පස්සෙන්ම ඇවිත්..


    "ප්‍රශන්යක්ද බේබි නැන්දෙ..?"


    හැමෝගෙන්ම අහන සුපුරුදු ප්‍රශ්නෙ මං එයාගෙනුත් ඇහුවා..


    "ඔව්.."


    "ඒ පාර මොකක්ද..?"


    "ගරහම්බෙල්ගෙ කෙහෙල්මලට කලින් ලෙඩේම ආයෙම හැදිලා.."


    "ඒ කිව්වෙ..?"


    බේබි නැන්දා කිව්වෙ මඤ්ඤං කතාවක්.. හරියට නිකං බන්ටි කියන කතා වගේ තමයි.. අහන් ඉන්න එකා ෆුල් හොල්මං..

    "දවසට විසි තිස් ගමනක් වදිනවා.. කනක් ඇහිලා ඉන්න නෑ.. දුවගෙන ඇවිල්ලා ඉස්සුවාම මොකෙක්වත් කතා කරන්නෑ.."


    බේබි නැන්දා මේ කියන්නෙ ටෙලිෆෝන් එක ගැන කියලා මට තේරුණේ ටික වෙලාවක් ගිහින්.. අම්මප මගේ මොළෙත් වෙලාවකට වැඩ කරන්නෙ එක පැත්තයි.. හැබැයි ඉතිං බේබි නැන්දා කියන විදියට, මේ වැඩේ කරන්නෙ කවුද..? ඔන්න ඉතිං මොරීන් අක්කවත් මේ ළග පාතක හිටියා නම් මට ඩිංගක් හරි හිතාගන්න තිබුණා.. ඒත් ඉතිං එයා දුර හිටියා කියලා මේ වගේ කුපාඩි වැඩක් නොකර ඉන්නවා කියලා නොහිත ඉන්නත් බෑනේ..


    "අ.. ඔන්න.. ඔන්න ආයතේ වදිනවා.. බන්ටි මහත්තයම බලන්න.. මං යනවා.."


    බේබි නැන්දා යන්න කලින් මං ෆෝන් එක ළගට ගියා.. කියන්න බෑනේ අප්පා.. සමාජ ආචාර ධර්ම අනුව මට කුණුහබ්බයක්වත් කියන්න උනොත්..? බේබි නැන්දා ළග තියාගෙන ඕවා කියන්න පුළුවන්ද.. කෝකටත් කියලම දැහැමෙන් සෙමෙන් මං ෆෝන් එක ඉස්සුවා..


    "බන්ටි.. මං මේ බින්දු.."


    කියලා වැඩක් නෑ.. මූද එතකොට බේබි නැන්දව බයිට් කරලා තියෙන්නෙ.. එත් ඉතිං ඇයි මූ කතා නොකර හිටියේ..


    "ඇයි..?"


    "මං කී සැරයක් නම් ගත්තද..? උඹ ගෙදර නෙමෙයිද හිටියේ..?"


    "මං කොහේ හිටියම උඹට මොකද..?"


    "ඇයි බන්ටි උඹ ඔහොම කතා කරන්නෙ..? මං උඹට කරපු වැරැද්ද මොකක්ද..?"


    "උඹ කරපු කිසිම වැරැද්දක් නෑ.. ආයෙ කරුණාකරලා මෙහෙට කෝල් අරන් මේ ගෙදර මිනිස්සුන්ට අර්ශස් හදවන්න එපා.. කියන දේ තේරුම් ගනිං.."


    "කවදාවත් නැතුව උඹ මට ඔහොම කතා කරන්නෙ ඇයි බන්ටි..?"


    "ඒකට හේතුව උඹ දන්නවා.. එහෙම දැන දැනත් කොලේ වහල ගහන්න හදන්නෙපා.. මං උඹට උදව් කරන්න හැදුවෙ, උදව් කරේ, උපරිම සද්භාවයෙන්.. ඒත් උඹට ඒක මදි උනා.. උඹ හොදට මතක තියාගනිං බින්දු.. මෙච්චර ළගින් ඉදපු මාව අවිශ්වාස කරන්න උඹට පුළුවන් උනා නම්, මගේ ලෝකෙන් උඹව ඈතට ඇදලා දාන එක මට ඒ තරම් වැඩක් නෙමේ.."


    "අ.. අපි හැමදෙයක්ම අමතක කරමු බන්ටි.. උඹ දන්නවනේ.. මං නිරෝෂි හින්දා පිස්සු වැටිලා හිටියෙ කියලා.."


    "ඒ හින්ද තමයි යකෝ, මං පාරට බැහැලා මෙච්චර හරියක් කෙරු.. උඹ නිරෝෂිත් එක්ක නාවලපිටියෙ මගුල් නටද්දි, මං අර අහිංසකයෙකුට අල්ලන් තඩිබෑවේ.. උඹට කරපුවා කිය කියා ඇවිදින්න තරම් මං පහත් නෑ.. ඒක හන්දා මේ කතාව මෙතනින් නවත්තමු.. මට උඹේ කටහඩවත් අහන්න ඕන නෑ.."


    "බ..න්..ටි.. මං කියන දේ අහපං.."


    "උඹ කියන දේ අහපු බන්ටි මලා.. ඒ උඹ බන්ටිව අවිශ්වාස කරපු දවසෙ.. දැන් ඉන්නෙ වෙන බන්ටි කෙනෙක්.. නිකාං ෆෝන් බිල නග්ග ගන්නැතුව ඕක තියපං.. මට උඹත්තෙක්ක කතාවක් නෑ.."


    බන්ටි එහෙම තමයි.. එකට ඉන්නකොට ඇගේ කෑල්ලක් ගලවල දීලා හරි ෆිට් එක පෙන්නනවා වගේම, එපා උනොත් ආයෙ එපාම තමයි.. මොන දහන් ගැටේ ගහගෙන ආවත් ළගට ගන්නෙ නෑ..


    "බ..න්..ටී.."


    "ෆෝන් එක තියපං.. උඹට මීට පස්සෙ බන්ටි කියලා යාලුවෙක් නෑ.. තේරුණාද..?"


    "බ..න්..ටී.."


    බින්දු තවත් මොනවදෝ කියද්දිම මං ෆෝන් එක තිබ්බා.. ඇත්තටම මට ඌත්තෙක්ක මලේ මල පැනලයි තිබුණෙ.. ඇයි අප්පා.. මූට සත්‍යය වටහ ගන්න බැරිවුණේ... මට පිස්සුද දෙයියනේ උගේ කෙල්ල පස්සෙ යන්න.. හරියට නිකං ලංකාවෙ කෙල්ලොයි, ගෑනුයි සාගතයක් ඇවිත් වද උනා වගේ.. තවත් ටික වෙලාවක් යද්දි ආයෙම ෆෝන් එක වදින්න ගත්තා.. මේ වහුකුණා නම් හැදෙන පාටක් නෑ.. දැන් එක පාරක් සුද්ද සිංහලෙන් කියලත් මූ අහන්නෑනෙ.. ඉදපංකො ගත්තු ගමන් අමු තිත්ත කුණුහරුපෙන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න..


    "මං උඹට කිව්වා නේද ආයෙත් කතා කරන්නෙපා කියලා.. මොන මල වදයක්ද යකෝ මේ.. තොට සිංහල තේරෙන්නැද්ද බූරුවො මගේ ඇගේ ලේ කෝප කරන්න හදන්නේ..?"


    රිසිවර් එක ගත්තු ගමන් මං කියවගෙන කියවගෙන ගියා.. දැන් නම් මට බින්දු එක්ක ටෙලිෆෝන් එක පොලේ ගහන්න තරම් කේන්තියි.. මූ මගේ ඉවසීම චෙක් කරනවද කොහෙද..?


    "ර..න්..දි..ක..?"


    ෆෝන් එකේ එහා පැත්තෙන් ඇහුණු කටහඩින් මං උඩ ගිහින් බිම වැටුණා.. දෙයියනේ.. මේ නෙත්මි නේද..? එයා.. එයා කොහොමද මේ වෙලාවෙ කතා කරන්නෙ..? මට මුකුත්ම හිතාගන්න බැරිවුණා..


    "රන්දික, ඔයා කොහෙද ඔහේ..? ඔ.. ඔයා මොනවද කරන්නේ..? ඔයා කොයි වෙලාවෙද ආවේ..?"


    කතා කරන්න දෙයක් නෑ.. බන්ටි ටක්කෙටම ඇහුවුණා.. ප්‍රශ්නම පත්තරයයි.. දැන් ඉතිං මොකද කරන්නෙ..? අර බූරු තඩියගෙ අවමගුල් සහගත වැඩ හින්දනේ මම මේ ඉල්ලගෙන කන්නෙ.. ඌ උදේ වරුවම බේබි නැන්දට වද දීලා, ඊට පස්සෙ මගේ බෙල්ල මිරිකන්නයි, අර කිව්වත් වගේ මේ වැඩ සිද්ධ කරන්නෙ.. දෙයි හාමුදුරුවනේ.. ඇස් දෙකට පේන්න ඉදලා නම් තව කමක් නෑ.. මොන තරම් හතුරෙක්ද අප්පා.. මූ..


    "ක.. කවුද මේ කතා කරන්නෙ..? ම.. මට ටිකක් ඇහෙනවා මදි.. කවුද මේ..?"


    එක්දහස් අටසිය ගණන්වල බොරුවක් මං ගැහුවා.. ෆෝන් එක තියලත් බෑ.. අතේ තියන් ඉන්නත් බෑ.. ෂහ්.. ෂහ්.. මාත් ඉදල ඉදල මාර කොටි වලිගෙකටනේ අහු උනේ.. උනායින් උනේ නෑ මට මෙහෙම වැඩක්..


    "ඔයාට මාව ඇහෙන්නැද්ද රන්දික.. මං නෙත්මි කතා කරන්නෙ.. ඔයා සමුදිනීලගෙ ගෙදර මොකද කරන්නෙ..? අම්මව බලන්න ආවද..?"


    කෙල්ල මගේ කටට යාන්තං උත්තරයක් හොයලා දුන්නා.. නැත්නම් ඉතිං බන්ටි කපෝතියි තමා..

    "ආ.. ඔව්.. ඔව්.. ම.. මං අම්මව බලන්න ආවා.."


    "ඔයා මොනව කියලද ගේ ඇතුළට ආවේ.. ඔයා එනවට අම්මා කැමති උනාද..?"


    "අම්මා නම් කැමති උනා.. ඒත් එන්න මගේ කිසිම කැමැත්තක් තිබුණෙ නෑ.. මේ ගෙදර විජේරත්න මහත්තයලට අම්මා විස්තරේ කියලා.."


    "ඉත්..තිං.. එයාල අම්මට හොදටම බැනලද..? මෙච්චර කාලයක් මේ වගේ රහසක් තියන් හිටියා කියලා.."


    "අපොයි නෑ.."


    "නෑ.. ඒක හරි පුදුමයිනෙ රන්දික.."


    "පුදුම වෙන්න දෙයක් නෑනෙ නෙත්මි.. ඒ අය අනුන්ගෙ මල ඉලව් හොයන්නෙ නෑනේ.."


    මගේ කතාවෙන් නෙත්මිගෙ පැත්ත තත්පර ගානකට නිශ්ශබ්ද උනා.. ඒත් කෙල්ලට මගෙන් අහන්න නොසෑහෙන්න ප්‍රශ්න පත්තරයක් තියෙනවා කියලා මට තේරුණා..


    "ඔ.. ඔයා ඔය හින්ට් එක ගැහුවෙ මටද රන්දික..?"


    "තොප්පිය හරි නම් දාගන්න.. අවුලක් නෑ.."


    "ඇ.. ඇයි ඔයා තරහෙන් කතා කරන්නෙ..? මං ඔයාට මොනවද කරේ රන්දික..?"


    "ඔයා සමුදිනීට මගේ ගැන විස්තර කිව්වෙ නැද්ද..? ඒකනේ අම්මට, මං ගැන කියන්න වෙලා තියෙන්නෙ.. මතකද මං ඒ ගැන කලින් දවසකත් ඔයාගෙන් ඇහුවා.. ඔයා සද්ද නැතුව ඒක මගෑරලා දැම්මා.."


    "අ.. අනේ ඒක මම හිතලා කරපු දෙයක් නෙමේ රන්දික.. මං සමුදිනීගෙන් අහන්නම් ඇයි ඒක අම්මටයි, තාත්තටයි කිව්වෙ කියලා.."


    "නෑ.. නෑ.. ඕන නෑ.. දැන් ඔය කියපුව ඔහොම්මම තිබුණාවෙ.. මායි, අම්මයි එකතුවෙලා ඒවා බේරගන්නම්.."


    "අනේ ඔහොම කතා කරන්නෙපා රන්දික.. මං ඔයාට හිතලා වැරැද්දක් කලේ නෑ.. ඔයා ඔය ගෙදර ෆෝන් එකට ආන්සර් කෙරුවෙ ඔහේ කවුරුවත් නැද්ද..?"


    "නෑ.. කවුරුවත් නෑ.. අම්මයි, මායි විතරයි.."


    "ඔයාට කියන්න ලොකු ආරංචියක් තියෙනවා.. ඔයාව මෙහෙම හරි හම්බ උන එක ලොකු දෙයක්.. නැත්නම් ඒක කියන්නත් තව දවස් ගානක් බලන් ඉන්න වෙනවා.."


    මොන හේතුවටද මංදා, නෙත්මි ආරංචියක් කියලා කියනකොටම මගේ පපුව ඩග ඩග ගාන්න ගත්තා.. මොකක් හරි අවමගුලක්ම තමා.. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ..


    "ආරංචියක්..?"


    "ඔව්.. ඔයා දන්නවද සමුදිනීගෙ බන්ටි මල්ලි.. අර ඔයා මටත් විහිලු කරේ.. මං ඔහේ එන්නෙ එයාව බලන්න කියලා.."


    "ඉතිං..?"


    "ශලනිගෙ හොදම යාලුවා දැන් බන්ටිලු.."


    "ක.. කවුද කියන්නෙ..?"


    අම්මප මට ගොත ගැහුණා.. මොන අවනඩුවක්ද දෙයියනේ මේ විකාශනය වෙන්නෙ..? බන්ටිට සැනසීමක් ලැබෙන්නෙම නැද්ද..? දෙයියො හදන්නෙ ඔක්කොම නාට්ටි ටික එක පාර විකාශනේ කරන්නද..?


    "කවුද කියන්නෙ අහන්නෙ..? ශලනි තමා කිව්වෙ.. එයාලගෙ ෆැමිලි එක ආයෙත් එක්කහු කරන්න බන්ටි සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.. වැඩිය ඕන්නෑ.. අද උදෙත් බන්ටි එහෙ ගිහිල්ලා.."


    "ඇත්තද..? ඔයාට නම් හරි සතුටුයි වගේ නේද..?"


    "සතුටු නැද්ද රන්දික.. ඔයා දැන් නිරෝෂිගෙ කරදරෙන් නිදහස්නේ.. බන්ටි දන්නෙම නැතුව ඒ බරට කරගහලනේ.. හැබැයි හළනි කියන්නෙ හරිම හොද කෙල්ලෙක්.. බන්ටිට කෙල්ලෙක් නැති උනොත් හොදයි.."


    කතාව එන්න එන්නම සිත් ඇද ගන්නා සුළුයි කියලා මට තේරුණා.. නෙත්මි හදන්නෙ දැන් අහම්බෙන් කතාව මැද්දට පැනපු බන්ටිගෙ කරේ ශලනිව එල්ලන්න.. ඒත් අහම්බෙන් කියලා හිතන්නෙ නෙත්මිනේ..


    "ඇයි..?"


    "නෑ.. එතකොට ශලනියි, බන්ටි එකතු වෙයිනේ.. ඔයාට එතකොට කාගෙන්වත් කරදරයක් නෑ.. ඔයාට නිදහසේ මාව හම්බවෙන්නත්, මට කතා කරන්නත් පුළුවන්.. ඒකම හිතට කොයි තරම් සහනයක්ද රන්දික..?"


    ඇත්තටම මට නෙත්මි ගැන ලොකු දුකක් හිත ඇතුලෙන්ම දැනෙන්න පටන් අරන් තිබුණා.. අහම්බයකින් විහිලුවට වගේ කියපු මේ මහ විසාල බොරුව, දැන් දලු දාලා, අතු දාලා මහා විසාල ගහක් විදියට හැදිලා.. දැන් මොනම විදියකටවත් මේක මෙහෙමයි, මං ඔයාට බේබි නැන්දා කියන්නෙ, මගේ අම්මා කියල කිව්වෙ බොරුවක් කියලා කියන්න බෑ.. කිව්වත් නෙත්මි පිළිගන්නෙකකුත් නෑ..


    "රන්දික.."


    "ම්.."


    "මං දැන් ඔහේ එන්නද..?"


    "මෙහේ..? ඔ.. ඔයාට පිස්සුද නෙත්මි..?"


    "ඇයි ඔයා මට පිස්සුද කියලා අහන්නෙ..? මං ඔහේ ආපු නැති ගෙදරක්ද..?"


    "ඒ උනාට ඔයා නිතරම මෙහේ එන්න එපා.."


    "ඇයි..?"


    "මං කැමති නෑ.. මෙහේ ඉන්න බන්ටි කියන එකා හරිම වසයි.. ඌට ගෑනු ළමයි පේන්න බෑ.. ඔයා ඔය ශලනිව මිනිහට සෙට් වෙනවට කැමති වුණාට, මිනිහා ගැන දන්න කිසිම කෙල්ලෙක් මිනිහට ලංවෙන්නෑ.."


    "මං බන්ටිට බය නෑ රන්දික.. මං ඔහේ එන්නෙ සමුදිනී හින්දා මිසක බන්ටි නිසා නෙමෙයි.. ඔයාව මට හම්බවෙන්නත් කලිනුයි මං මිස්ටර් විජේරත්නලහ ආවෙ.. ඒත් පුදුමෙ කියන්නෙ, කවදාවත් මට බන්ටිව හම්බ උනේ නැති එක.. මුලින් මුලින් සමුදිනී මට බන්ටිව අදුන්වලා දෙන්න ලොකු උනන්දුවක් පෙන්නුවා.. ඒත් දැන් එයාගෙ ඒ උනන්දුව බින්දුවක්වත් නෑ.. ඉතිං ඔයා හිතන විදියට මං තාම බන්ටිත් එක්ක කතා කරලවත් නෑ.."


    දෙයි හාමුදුරුවනේ.. මෙහෙමත් පට්ට කෙබර කෙලින ගෑනු ළමයෙක්.. වෙන රටක තානාපති කෙනෙක් මෙයාව දැක්කොත් අම්මපා දෙකක් නෑ.. අරගෙන යනවා ඒ රටේ පච හිල විදියට.. මෙච්චර මගෙත් එක්ක කතා කරන ගමන් කියනවා 'මං තාම බන්ටිත් එක්ක කතා කරලවත් නෑල්ලු..' එතකොට මේ කතා කරන්නෙ කාත් එක්කද..? බන්ටිගෙ තාත්තත් එක්කද..?


    "එහෙනම් මං තියන්නම් නෙත්මි.."


    "ඇ.. ඇයි රන්දික..?"


    "නෑ.. අම්මත් බලන් ඉන්නවා.. ඊළගට උත්තර දෙන්න බැරි ප්‍රශ්න ගොඩක් මගෙන් අහයි.."


    "හරි.. එහෙනම් හොද ළමයා වගේ මං එදා කිව්ව දේ ගැන දැන් අම්මත් එක්ක කතා කරලම යන්න.."


    "මොන දේද..?"


    "ඔය ඩිංගට ඒකත් අමතක උනාද..? ඇයි මං කිව්වෙ අපේ ලොකු අම්මගෙ ගෙදර ඇනෙක්ස් එකක් ගැන.. ඔයාට එහේ ඉන්න පුලුවන්.. මං ලොකු අම්මත්තෙක්ක කතා කරා.."


    දැන් නම් මේක මහ වණයක් වෙන්නයි යන්නෙ.. මේ කෙල්ල ඒ ඩිංග ගෙවලුත් හොයලා.. තවත් දුරට මේ බොරුව අරන් ගියොත් බන්ටිට ඇඩ්‍රස් හිටන් නැතිවෙනවා..


    "ඔච්චර හදිස්සි වෙන්නෙපා නෙත්මි.. මං ඔයාට ඒ ගැන අම්මත්තෙක්ක කතා කරලම කියන්නම් කිව්වනේ.."


    "හරි.. එහෙනම්.. ඔයා මාව හම්බවෙන්නෙ කවදද..?"


    "ඇ.. ඇයි නෙත්මි..?"


    "ම.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.."


    "දෙයක් කියන්න..?"


    "ඔව්.. හැමදාම ඒ දේ මං හිතේ හිර කරන් ඉන්නෙ, අහම්බෙන් හරි ඔයාව හම්බවුණා දාකට කියන්න.. ඇත්තටම ඔයා හම්බ උනත් මට ඒ දේ කියන්න ශක්තියක් තිබුණෙ නෑ.. ඔය මූණ දිහා බලාගෙන ඉන්නකොට මගේ හිතෙන් ඒක එළියට එන්නෙම නෑ රන්දික.."


    කෙල්ල ඒ පාර කියන්න හදන්නෙ මොනව ගැනද..? තවත් බල්දියක්ද දන්නෑ.. මුළු ශරීරයම වැහෙන්න වැටෙන..

    "ඉතිං මෙහෙම කියන්න.."


    "එහෙම බෑ රන්දික.. ඒ වගෙ මුළු හිත පුරාම තියෙන දෙයක්, දැනෙන දෙයක් කියන්න ඕන ඔයා ළගින් තියාගෙන.. මොකද ඔයා හින්ද දැනෙන දෙයක්නේ මං කියන්න යන්නෙ.."


    කෙල්ල හදන්නෙ බන්ටිට ආදරෙයි කියන්නවත්ද..? එහෙම උනොත් බන්ටි මොනවද කියන්නෙ..? ආදරෙයි, ආදරෙන් ලැබෙන වේදනාවයි, බතුයි, පොල් සම්බෝලයි වගේ ජාති ජාතිත් එකට පතන් ඉන්න හන්ද බෑ කියලා කියනවද..? බලමු.. බලමු.. නෙත්මි තාම මුකුත් ඇහුවෙන නෑනේ..


    "මටත් තියෙනවා ඔයාට දෙයක් කියන්න.."


    ඇත්තටම මගේ හිතටත් හරිම පුදුමයි, ඒ මගෙන් පිටවුණු වචන ටික ගැන බේබි නැන්දා මගෙ අම්මා කියලා කියපු බොරුව පුලුවන් තරම් ඉක්මනට හදා ගන්න මට ඕන උනා..



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මො.. මොකක්ද රන්දික..?"

    නෙත්මිගෙ කටහඩේ තිබ්බ හැගීම්බර, ආසාව, කුතුහලය අඩුවක් නැතුවම මගේ හිතට දැනුණා..


    "ඔයාව හම්බවෙන ඊළග දවසෙ මං ඒක කියන්නම්.. ඊට පස්සෙ ඔයා තීරණයක් ගන්න, මොනවද කරන්න ඕන කියලා.."


    "දෙයියනේ.. ඔයා මාව බය කරනවා රන්දික.."


    "නෑ.. නෑ.. බයවෙන්න දෙයක් නෑ.. ඔයා, ඔය මට කියන්න යන දේ, මං මේ දේ කිව්වයින් පස්සෙ මට කියන්න.. එතකොට ඔයාට, තව ටිකක් හිතලා මට ඔය කියන්න යන දේ කියන්න පුළුවන්.. එහෙනම් මං තියන්නම් නෙත්මි.."


    "එපා.. එපා.. එපා.. ඔයා ඔය කියන්න හදන්නෙ ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලද රන්දික..? මට ඒකට උත්තරයක් දීලම ෆෝන් එක තියන්න.."


    "ඒ ගැන නම් බයවෙන්නෙපා.. මට තාම ගර්ග් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ.."


    නෙත්මි මහා දිගට ලොකු හුස්මක් අරන්, හයියට පිට කරන සද්දෙ ඊගාවට මට ඇහුණා.. මහා බරක් වගේ ඒ හුස්ම ටික මගේ පපුවෙ තැන්පත් වෙද්දි මං ෆෝන් එක තිබ්බා..


    *****************************


    "බන්ටී.. අර වැඩේ බැලුවද..?"


    හොදටම හවස් වෙලා ගෙදර ආපු අයියා මගේ කාමරේට කඩන් වැදුනා.. ඉයර්ෆෝන් එක දාගෙන ෆෝන් එකෙන් සින්දුවක් අහ අහ හිටපු හින්දා මට මිනිහා කියපු දේ ඇහුණෙ නෑ..


    "මොකක්ද අයියෙ..?"


    "ඇයි බන්ටි.. මං කිව්වෙ අර මොරීන්ලහට කවුද ඇවිල්ලා කියලා.. ඒ ගැන බැලුවෙ නැද්ද..?"


    අම්මට සිරියා.. මේන් බලපල්ලකො මූට හැදිච්ච උණ සන්නිපාතෙ තරම.. කලින් මේ ගෙදර ජීවත්වෙච්ච අයියකාරයමද මේ ඉන්නෙ කියලා බලන්න මං ඇස් දෙකත් පිහදාලා මිනිහා දිහා බැලුවා.. ඔව්.. ඔව්.. මේ ඌම තමයි..


    "මං උදේ බැලුවා.. කවුරුවත් හිටියෙ නෑ.."


    "ඔයා එහෙනම් හරියට බලලා නෑ.. මේ දැනුත් හිටියේ.."


    "දැනුත් හිටියා..?"


    "ඔව් බන්ටි.. ලස්සන කෙල්ලෙක්.. ඔයාට බැරිද විස්තර ටිකක් හොයාගන්න..?"


    "අපෝ පුළුවන්.."


    "මං ඔයාගෙ චැලියට ෆුල් ටෑන්ක් තෙල් ගහන්නම්.."


    "මේ මොරීන් අක්කලටහ යන්න..?"


    "නෑ.. නෑ.. ඔයා කැමති තැනකට යන්න.."


    "ඒක මිසක්.."


    "එහෙනම් ඔයා හෙට උදේම වැඩේට බහිනවනේ..?"


    "හෙට මොකද අයියෙ අද මොකද.. මේ දැන්ම වැඩේට බහින්නම්කෝ.."


    අල වගේද ගෝවා.. කන්කුන් වගේද රාබු.. අයියා කට ඇරල් බලන් ඉද්දිම මං ගෙයින් එළියට බැස්සා.. ඊයෙයි, අදයි සම්පූර්ණ දවස් දෙකේම බන්ටි සෑහෙන්න කාර්ය බහුල වුණ හන්දා මේ කතන්දරේ ගැන හොයලා බලන්න බැරි උනානේ.. දැන්වත් බලමුකො බන්ටිගෙ අඩවියට, බන්ටිට නොදන්වා පැමිණි සිරියාවතී කවුද කියලා..

    වත්තෙ ගේට්ටුව ඇරගෙන මං පාරට ආවා.. අපේ එකාව මේ තරම් මෝහනය කරන්න, වික්ෂිප්ත කරන්න කොහෙන් ආපු කරවල කෑල්ලක්ද දන්නෑ.. සමහර විට මොරීන් අක්කගෙ නංගි කෙනෙක්වත්ද දන්නෑ.. ඒත් ඉතිං එයාට කොහෙද නංගිලා.. එයා කසාද බැදලා හැදුවොත් තමයි..

    ඉස්සෙල්ලම මට හම්බ උනේ, මොරීන් අක්කා ඉස්සර නිතරම වාඩිවෙලා ඉදපු බෝක්කු පඩිය.. කිසිදු අවුලකින් තොරව මේ මනුස්සයා පැය ගණන් මෙතන ඉදන් අයියාකාරයා එනකල් බලන් හිටපු එකනේ වැඩේ කියන්නෙ.. ඕකද බං ආදෙර් කියන්නෙ..? ඒකට හරි උත්තරයක් දෙන්න මං වත් දැනන් හිටියෙ නෑ..

    මොකක්දෝ නොතේරෙන අලුත්ම දුක්බර හැගීමක් මගේ හිත පුරාම පාවෙලා ගියා.. ඒ එක්කම තමයි මං දැක්කෙ, මොරීන් අක්කගෙ මිදුලෙ කවුදෝ ඉන්නවා.. මං තවත් ටික් ළංවෙලා බැලුවා.. හිටපු කෙනා කවුරු උනත් හැඩ ගෑනු ළමයෙක් කියලා මට තේරුණා.. ඒත් ඒ කෙල්ල හිටියෙ මට පිටිපස්ස හරවලා.. කවුද බං මේ..? පස්ස පැත්තෙන් ගෑනු ළමයි අදුනා ගැනීමේ කළාව බන්ටි ප්‍රගුණ කරලා තිබ්බෙ නෑ.. ඒකයි ලොකුම ප්‍රශ්නෙ උනේ..

    කෝකටත් කියලා මං මොරීන් අක්කගෙ ගෙදර ගේට්ටුව ළගටම තවත් ලංවෙලා බැලුවා.. කොන්ඩෙ ස්ට්‍රේට් කරල, ටිකක් තඹ පාට ද දුඹුරු පාටද මංදා වගේ වෙන පාටකින් පාට කරලා හිටපු කෙල්ල, මිදුලෙ ඉදන් කොහෙදෝ ඈත දිහා බලාගෙන ඉන්නවා.. කෙල්ල ඇදගෙන ඉදපු ඇදුමත් කෙල්ලගෙ ඇගටම තියල මහල වගෙයි.. කිසිදු අවුලක් නෑ.. කොහේ හරි පොෂ් කෙල්ලෙක්.. ඒකෙ ආයෙ කතා දෙකක් නෑ..

    කෙල්ලට මෙතන ඉදන් කතා කරනවද, නැත්නන් ගේට්ටුව ඇරගෙන වීරයා මමයි කියල වගේ වත්ත ඇතුළට යනවද කියලා හිතාගන්න බැරිව මං ඩිංග වෙලාවක් එතනම හිටියා.. ඒත් ඉතිං ඇතුළට ගිහින් මං මොනවද අහන්නෙ..? ඔයා කවුද..? ඔයා කොහෙ ඉදන්ද මෙහෙට මකබෑ උනේ..? කියල වගේ සාම්ප්‍රදායික ප්‍රශ්න, මේ ජීවිතේට දැකලා නැති කෙල්ලෙක්ගෙන් අහන්න පුළුවන්ද..?

    ඒත් බන්ටිට ඕවා ප්‍රශ්න නෙමෙයි.. මං ගිහින් අහනවා.. 'මීට කලින් මේ ගෙදර ඉදපු මොරීන් අක්කා දැන් කොහෙද..? මං ආවෙ එයාව හම්බවෙන්න කියලා' ඔය තියෙන්නෙ ප්‍රශ්න..

    හිතට ආපු ෆිට් එකටත් එක්ක මං බරාස් ගාලා ගේට්ටුව ඇරගෙන මොරීන් අක්කගෙ වත්ත ඇතුළට ආවා.. මං ගේට්ටුව ඇරගෙන ආපු සද්දෙට මිදුලෙ හිටපු ලස්සන කෙල්ල මගේ පැත්තට හැරුණා.. මොන පුදුමයක්ද මේ..? මගේ ඇස් දැකපු දේ මට අදහගන්නත් බැරිවුණා.. මං.. මං මේ දකින්නෙ හීනයක්ද..? මට මේක විශ්වාස කරන්නත් බෑ..


    "බ..න්..ටි.. මල්ලී..?"

    "මොරීන් අක්කේ.."

    මිදුලෙ හිටපු ලස්සන කෙල්ල වෙනින් කවුරුවත් නෙමේ.. මගේ යාලු ෆිට් එක මොරීන් අක්කා.. මේ නොදැකපු පහුවේචච මාස ගානට එයා හුගක් වෙනස් වෙලා.. මූණෙ සිරියාව බේරෙනවා.. ඇගපතත් ලාවට ගානට ෂේප් වෙලා.. අම්මපා මං මේ පට්ට දවලෙ දකින හීනයක්වත්ද..? කෝකටත් කියලා මං, මමම කොනිත්ත ගත්තා.. සමහර විට මේ මොරීන් අක්කා වගේ වෙන කෙල්ලෙක්වත්ද දන්නෑ.. යකෝ.. මේ මොරීන් අක්කම තමයි.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ.. මට, බන්ටි මල්ලි කියලත් කතා කරානේ..

    "ඔයා එහෙනම් මං ආවා කියලා දැනගත්තා..?"

    අහන්න ප්‍රශ්න කෝටි සීයක් විතර තිබ්බත් අවශ්‍ය ඒවා ටික විතරක් අහනවා කියලා මං හිතාගත්තා..

    "දැනගත්තෙ කොහොමද කියලා මං ඔයාට කියන්නම්.. ඇත්තමයි.. ඔයාව ආයෙත් දකින්න ලැබීම ගැන මට හුගාක් සතුටුයි.. ඔයා නැතුව මට හුගාක් පාලු දැනුණා.. වෙනදට අපි මොනවම හරි බාල්දියක් පෙරලනවනේ.."

    "ඔයාවයි, රසිකවයි දාලා මං මේ ගමන ගියේ හිතකින් නෙමේ බන්ටි මල්ලි.. ඒත් මට යන්න උනා.. මං කොයි තරම් අමාරුවෙන්ද එහෙට වෙලා හිටියෙ.. ඉන්න බැරිම තැන මං ඊයෙ ආපහු ආවා.."

    "එහෙ කියලා කිව්වෙ..?"

    "ඔයා හිනාවෙයි මං මේවා කිව්වම.."

    "හිනාවෙන්න හරි අඩන්න හරි කතාව කියන්නකො මොරීන් අක්කෙ.. ඔයා නම් හිටියට වැඩිය හුගාක් ලස්සන වෙලා.. ඇත්තමයි.. මට අදුනගන්නත් බැරිවෙනවා තව ඩිංගෙන්.."

    "ඔ.. ඔයාට එහෙම පේනවද බන්ටි මල්ලි.. ඔයා.. ඔයා ඔය විහිලුවක් නෙමේ නේද කරන්නෙ..?"

    "පිස්සුද මොරීන් අක්කෙ.. ඔයා ඇත්තටම ලස්සනයි.. ඒකෙ ඇයෙ දෙකක් නෑ.."

    "ර.. රසිකටත් මාව ලස්සනට පෙනේවිද බන්ටි..?"

    "නැතුව.. ඒකගෙ ඇස්වල පෙනීමෙ දුර්වලතාවයක් නෑ.. ඌ ලස්සන දේට ලස්සනයි කියයි.. ඒ වගේ දේට මිනිහා ලොස් නෑ.. ඉතිං කියන්නකො ඔයාගෙ කතන්දරේ..?"

    "මගේ නෑයො වෙන නංගි කෙනෙක් ඉන්නවා, නුගේගොඩ.. එයා බියුටි කල්චර් කෝස් ක්ලාසස් කරන කෙනෙක්.. එයාට සැලෝන් එකකුත් තියනෙවා.. මං එහේ ගියා.."

    "ඉතුරු ටික මට හිතාගන්න පුළුවන් මොරීන් අක්කෙ.. ඔයාගෙ නෑයො වෙන නංගි මොනවා නැතත් ලොස් නැතුව ඔයාව ලස්සන කරලා තියෙනවා.. කලින් හිටියට වැඩිය කාලක් විතර ඔයාගෙ ඇගපතත් බැහැලා.. ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි.."

    "මටත් හරි පුදුමයි බන්ටි.. මමත් ඇත්තටම මෙච්චර වෙනසක් බලාපොරොත්තු වුණේ නෑ.. ඒත් මගේ වාසනාවට ඒක එහෙම්මම උනා.. ඉතිං මට කියන්නකො මං ආවා කියලා ඔයා දැනගත්තෙ කොහොමද කියලා.. ඔයාට මං ආවා කියලා ඉවෙන් වගේ දැනුනද..?"

    "ඔයා මගේ යාලුවනේ මොරීන් අක්කෙ.. වෙනද නම් මට ඔයා හැරුණත් තේරෙනවා.. ඒ තරමට මං ඔයා ගැන සංවේදී වෙනවා.. ඒත් මෙදා පාරෙ සංවේදී උනේ මම නෙමෙයි.."

    "එහෙනම්..?"

    "අයියා.."

    "මෙ.. මේ.. ර.. රසික..?"

    "ඔව්.. රසික තමයි.."

    "දෙයියනේ මට විශ්වාස කරන්නත් බෑ.."

    "මටත් විශ්වාස කරන්න බෑ.. එහෙනම් මොරීන් අක්කෙ ඔයා ආයෙ පැදුරටත් හොරා කොහේවත් යන්නෑනේ..?"

    "නෑ බන්ටි.. මේ සංතෝසජනක අවස්ථාවෙ මං කොහේවත් යන්නෑ.. දැන් මගේ හිත ප්‍රීතියෙන් පිනා ගිහිල්ලයි තියෙන්නෙ.. මගේ මේ දුක්බර ව්‍යායාමය සඵළ වූ බවක් මට දැනෙනවා.."

    මොරීන් අක්කා ඉදලා ඉදලා පිනා කියලා කිව්වෙ මටද මංදා.. ඔව්.. ඔව්.. ඒක කියන්න බෑ.. අර එක පාරක් අයියා කාරයත් මට පින්බතා කියලා කිව්වෙ..

    "එහෙනම් මොරීන් අක්කෙ මං යනවා.. අපි ආයෙ නැවත හමුවෙමු.."

    "හමුවීමක් ගැන මං හිතන්නෑ බන්ටි.. මං දැන් මේ ප්‍රීති ජනක අවස්ථාවෙ සිනා සාගරයෙ කිමිදෙන්නයි යන්නෙ.."

    "කිමිදුනාට කමක් නෑ.. වතුර හෙම වැඩිපුර පෙවුනොත් වලකජ්ජ ගහයි.. මං යනවා.."

    අන්තිමට අපත කතාවකුත් ගියාගෙන මං ගේට්ටුවෙන් එළියට ආවා.. මොරීන් අක්කා බාහිරින්, පෙනුමෙන් වෙනස් වුණත් හිත නම් කලින් තිබ්බ එකමයි.. ඔය අන්තිමට කියපු දේවල් වගේ ඒවනේ එයා කලිනුත් නිතරම කිව්වෙ..

    "බන්ටි.. කවුද ඒ ගෙදර ඉන්න කෙල්ල..? මට නිකං නිකං පුරුදු ගතියකුත් දැනෙනවා.."

    වැලිපාරට පය තියන්න හම්බ උනේ නෑ.. මෙන්න අපේ එකා මග රැකගෙනම ඉදලා.. බලන් ගියාම මූටත් ලේසි පාසු කලන්තයක් නෙමෙයි තියෙන්නෙ.. මූට හයි කරන්න වෙන්නෙ, පොල් තෙල් මොලක් වගේ එකක්..

    "අයියෝ.. ඔයාට ඔයාගෙ පරණ කෙල්ලව අදුනගන්න බැරිවුණානෙ.. වැඩක් නෑ හලෝ.. ඔයාගෙ සංවේදීතාවය නම් බින්දුවයි.. ඔහොමත් අතීතය අමතක කරනවද..?"

    "පරණ කෙල්ල කිව්වෙ..? මං අර බෙහෙත් අරන් දීපු කෙල්ලද..?"

    අයියා පුදුම වෙලා වගේ මගෙන් ඇහුවා.. මිනිහගෙ මූණත් මළානික වෙලා.. පව් අප්පා.. දැක්කම සෝකේ බැරුවා..

    "ඒ හොලමන නෙමෙයි.. මගේ යාලු ෆිට් එක.. මොරීන් අක්කා.."

    "මොනවා.. මො.. මො.. මොරීන්..?"

    අයියගෙ ඇස් දෙක ටොම්බා සයිස් එකට ලොකු උනා.. අම්මප.. ඒ දෙකම එළියට ගලවන් වැටෙයි කියලා මට මහා පරාණ බයක් දැනුණා..

    "ඔව්.. මොරීන් අක්කා තමයි.."

    "පිස්සු හැදෙනවා.. බන්ටි.. එ.. එයා කොහොමද ඔය තරම් ලස්සන උනේ..? අර ඇගපත උනත් සෑහෙන්න අඩු කරගෙනනේ.."

    "ඒවා එහෙම තමයි අයියෙ.. ආදරේ වෙනුවෙන් එයා ඔයිට වැඩිය දේවලුත් කරයි.. දැන් නම් ඉතිං ඔයාට එයා ගැන සලකලා බලන්න වෙනවා.. එහෙම නේද..? අනික එයාගෙ ෆිගර් එක උනත්, දකින එකාගෙ ඇග කිලිපොලා යන ආකාරයට තියෙනවනේ.. මොකද කියන්නෙ..?"

    ආයෙ එහෙනුත් නෑ.. මෙහෙනුත් නෑ.. මං අයියගෙන් කෙලින්ම ඇහුවා.. හප්පට සිරි.. මේකගෙ මූණට මහා පැනි හිනාවක් ආවෙ නැද්ද.. අවුලක් නෑ.. අවුලක් නෑ.. ඒකත් එහෙනම් ජයසිරි මංගලම් කිව්වලු.. ඒ කියන්නෙ බන්ටිගෙ යාලු ෆිට් එක, සදාදරණිය ටයිටැනික් ප්‍රේමවන්තිය එයාගෙ ප්‍රේමය ජයග්‍රහණය කරා කියනෙකනේ.. බලන් ගියාම ප්‍රේමතී ජායතී සෝකෝ විමලෝ කියලා කවුරු හරි විමලටයි, සුමනටයි කියපු කතාව පට්ටපල් බොරුවක්නේ..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-12.jpg


    12.png


    ඊයෙ නිරෝෂියි, අම්මයි ශලනිලහ ගියාද දන්නෑ.. මං ශලනිගෙ අප්පච්චිට කියල ආපු දේවල් වලට, මිනිහගෙ හිතට ආපු කේන්තිය මේ වෙනකොට කාගෙ පිටින් යවලද දන්නෙත් නෑ.. අඩු ගානෙ උනේ මොකද කියල, මට ෆෝන් කරලා හරි කියන්න යුතුකමක් නිරෝෂිට තිබුණා.. වැඩේ ඉස්තරම් විදියට කරගත්තට පස්සෙ හැමෝටම බන්ටිව අමතක උනාද..? කෝකටත් කියලා මං නිරෝෂිගෙ නම්බර් එක ඩයල් කරා.. හුගාක් වෙලා ගියාට පස්සෙ, එහා පැත්තෙන් හෙලෝ කියලා කිව්වෙ නිරෝෂි කියලා මං අදුනගත්තා..


    "මං බන්ටි කතා කරන්නෙ.."


    "දෙයියනේ.. මං ඔයාට මේ ගන්නම් කියලා හිතුවා විතරයි.."


    "මේ වහින්නැති වෙලාවෙ හෙණ පාත් කරගන්න බොරු කියන්නෙපා.. අපිම ඉතිං අරගෙන මොකද උනේ කියලා අහන්න ඕන.."


    "අ.. අනේ බන්ටි.. මාව විශ්වාස කරන්න.. මං ඔයාට දැන් ගන්න කියලා හිතාගෙන තමා කමරේ ඉදලා ආවේ.."


    "හරි.. හරි.. කමක් නෑ.. බට්ටිට ඔය වගේ ඒව ඕන තරම් පුරුදුයි.. සමහරු පුදුම වෙන්නත් එක්ක ඔය වගේ දේවල් කරනවා.. ඊයෙ මොකද උනේ..? ඔයාල ශලනිලහ ගියාද..?"


    "මගෙන් වැරැද්දක් උනා නම් මට සමාවෙන්න බන්ටි.. මං ඔයාව අමතක කලේ නෑ.. එහෙම නම් මට අර ඔයා කලින් කිව්ව වගේ වැස්සක් නැතුවම හෙණ ගහයි.. මගේ ළගින්ම ඉදුපු බින්දුත් මාව තේරුම් ගත්තෙ නැතුව, ඔයා විතරයි මට උදව් කරේ.. මං ඒක කවදාවත් අමතක කරන්නෑ.. ඒක හැමදාටම එහෙමයි.."


    "හරි.. හරි.. ඒ කතාව අපි දැන් නවත්තමු.. දැන් මට කියන්න වෙච්ච දේ.."


    "
    හුගාක් හොද විදියට හැමදේම සිද්ධ වුණා.. මායි, ශලනියි හිතුවටත් වැඩිය හොදට කාලෙත් ගෙවිලා ගියා.. මමයි, අම්මයි එන්නපැය බාගෙකට විතර කලින් තමයි ඔයා එහෙන් පිටවෙලා ගිහින් තියෙන්නෙ.. අපි යනකොට ඔයාලට හදපු බීමත් අතේ තියාගෙන ශලනි හිටියෙ.. ඔයා ඒවවත් බීලා තිබුණෙ නෑ.. කොහොම උනත්, ඔයා අප්පච්චිට හුගාක් දේ කියන්න ඇති කියලා මායි, ශලනියි විශ්වාස කරනවා.. අප්පච්චි හුගාක් වෙනස් වෙලා හිටියෙ බන්ටි හින්දා කියලයි ශලනි කිව්වෙ.."

    "ඔව්.. මං ටිකක් බැන්නා, ඔයාලගෙ අප්පච්චිට.. අපි දෙන්නා එළියෙ ගේට්ටුව ළග ඉදන් හොදටම බැන ගත්තා.."


    "ඔයා ඔය හැමදෙයක්ම කෙරුවෙ අහිංසක පවුලක් එකතු කරන්නනේ බන්ටි.. ඒ පිනම ඇති ඔයාව හැමදාටම සංතෝසෙන් තියන්න.."


    "මං කොහොමත් සංතෝසෙන් තමයි ඉන්නෙ නිරෝෂි.. මට කියන්න.. අම්මයි, තාත්තයි දැන් කැමති උනාද ආයෙත් එකතු වෙන්න.. එයාලා මොකක්ද ගත්තු තීරණේ..?"


    "එයාලා දෙන්නා හුගාක් වෙලා කතා කරා.. අවුරුදු ගානකින් හම්බවුණු හන්දා හිතාගන්නත් බැරි තරමෙ කතා ගොඩක් එයාලට තියෙන්න ඇති.. මායි, ශලනියි වෙනම පැත්තකට වෙලා කතා කර කර හිටියා.."


    "ඉතිං..?"


    "අපි හවස්වෙනකල්ම හිටියෙ එහේ.. අන්තිමේදි අප්පච්චි ශලනිගෙනුයි, මගෙනුයි ඇහුවා අපේ තීරණය මොකක්ද කියලා..? අපි කිව්වා ආයෙත් එකම පවුලක් විදියට ජීවත් වෙන්න ආසයි කියලා.."


    "ඊට පස්සෙ..?"


    "කොයි තරම් කතා කෙරුවත්, අම්මයි, තාත්තයි අන්තිම තීරණේට ආවෙ නෑ.. මම දැක්ක හැටියට නම් තාමත් දෙන්නට දෙන්නා ගැන හිත්ව කුණු ගොඩක් තියෙනවා.. එක්කෙනෙක්වත් අනිත් කෙනාට සමාවක් දෙන්නෑ.. එහෙම කලොත් ඒක බාල්දුවීමක් කියලා හිතනවා වගේ.."


    "එයාලට දොස් කියන්න අපිට බෑ නිරෝෂි.. අවුරුදු ගානක් ඈත්වෙලා, සමාජෙට තනියෙම මූණ දිලා, ඒ දෙන්නම පදම් වෙලා ඉන්නෙ.. ඉතිං අපිට විනාඩියෙන් පැයෙන් දවසෙන් එයාලගෙ හිත හැදෙයි කියලා අපිට හිතන්න බෑ.. ඒකට ටික කාලයක් යාවි.. එතකන් ඔයාටයි, ශලනිටයි තියෙන්නෙ නිතරම ඒ දෙන්නා මුණ ගස්සවන එක.. මං හිතනවා වැඩි කල් යන්නෙ නැතුවම ඔයාලට ප්‍රීතිමත් පවුලක් විදියට ඉන්න පුළුවන් වේවි කියලා.."


    "තැන්ක් යූ බන්ටි තැන්ක් යූ.. ඔයා මේ කරපු උදව්වට, කොහොම ණය ගෙවන්නද කියල මටයි, ශලනිටයි තේරෙන්නෑ.. අපි දෙන්නම ඉක්මනට එනවා ඔයාව හම්බවෙන්න.. ඊට පස්සෙ ඉතුරු ටික අපි කතා කරමු.. මේ හිටිය වගේම ඔයා, මායි, ශලනියි ළගින් ඉදවි කියලා මං හිතනවා.. ඔයා හුගක් හොද කෙනෙක් බන්ටි.. හුගාක් හොද කෙනෙක්.. ඔයාට කවදාවත් දුක්ක වෙන්නෙපා කියලා මං ප්‍රාර්ථනා කරනවා.."


    මගෙයි, නිරෝෂිගෙයි ටෙලිෆෝන් කතාව එතනින් නැවතුණත් එයා කියපු දේවල් දිගේ හිතන්න ඕන තරම් දේවල් තිබුණා.. ඇත්තටම මේ කෙල්ලො කියන දේවල් හිතට අරගෙනත් බෑ.. නොගෙනත් බෑ.. ෆුල් සීරියස් අර ගන්නවද ලාවට සීරියස් අරගන්නවද කියලත් හිතාගන්න බෑ.. කෙල්ලො සම්බන්ධව හැමදේම ඔහොමයි අප්පා.. වැඩිය ඕවා ගැන හිතන්න ගියොත් මේ තියෙන හිතත් නැතිවෙලා බන්ටිට වෙන්නෙ, පොඩිවෙච්ච කමිසයක් ඇදගෙන, විරහ ගී කියන්න.. ඒත් බන්ටි ඒ තරම් අවාසනාවන්ත නෑ කියලා බන්ටිට ෂුවර්..


    ****************************


    චාමික හම්බ උනත් අනිත් කොල්ලො ටික හුග දවසකින් හම්බ වුණේ නෑ කියලා මතක් උනාම මගේ හිතට මහ මොකක්දෝ වගේ දැනුණා.. පහුගිය දවස්වල තිබ්බ අලකලංචි හන්දා අමිලලා, රවීන්ල මොනවද කරන්නෙ කියලවත් චාමිකගෙන් අහන්න බැරිවුණා.. සරිගමය උනත් එදා ශලනිලහ යන්න කලින් දවසෙ හම්බ උනා මිසක ඊට පස්සෙ ඇහැටවත් දැක්කෙ නෑනෙ.. ඒ කියන්නෙ බන්ටි කාර්ය බහුල වෙලාද..? එහෙමත් නැත්නම් කොල්ලො සෙට් එක කාර්ය බහුල වෙලාද..?


    ඒත් කොල්ලො ටික හම්බ වෙන්න කලින් නෙත්මිගෙ කතාව ඉවරයක් කරලා දාන්න මං හිතාගත්තා.. තවදුරටත් මේක ඇදගෙන යන්න ගියොත්, බන්ටිට ඇදගෙනයි නාන්න වෙන්නෙ.. මේක කියල කිව්වෙ, බෙබි නැන්දා අම්මා කියලා කියපු බොරුව.. අන්තිමට නෙත්මි, අක්කව හම්බවෙන්න ආපු දවසක බන්ටි බෙල්ල මුලින්ම අහුවෙන එක බුදු ෂුවර්.. පහුගිය දවස් වලත්, නෙත්මි මෙහේ ආපු වෙලාවල් වල කොයි තරම් ගේමක් දීලද බන්ටි ගේ ඇතුළට වෙලා ශේප් එකේ හිටියෙ.. තවත් නම් මේක කරන්න බෑ.. මං නෙත්මිට ඇත්ත කියනවා.. මං එක හිතින් එක පයින් හිතාගත්තා.. අනික ඒක එයාට ඒ තරම් ගණන් ගන්න දේකුත් නෙමේනේ..


    මොනව උනත් නෙත්මි හම්බවෙලාම මේ ගැන කියනවා කියලා මං තීරණේ කර ගත්තා.. දවස් ගානකට පස්සෙ, එයා දීපු ෆෝන් එක මං ඔන් කරගත්තෙ නෙත්මිට කෝල් එකක් ගන්න.. හෙට හරි අනිද්දා හරි දවසක නෙත්මිව හම්බවෙන්න දාගෙන මං එයාට කියපු බොරුවයි, ශලනිලාගෙ අලුත්ම කතාවයි කියලා දානවා.. ඔන්න එතකොට බන්ටිගෙ හිත පිරිසිදුයි.. දෙපාරක් රින්ග්ස් යනකොටම නෙත්මි ෆෝන් එක ඉස්සුවා..


    "ම.. මං ඔයා ගැන හිතුවා විතරයි රන්දික.. මට හුගාක් සංතෝසයි ඔයා ෆෝන් එක ආයෙත් පාවිච්චියට ගත්තු එක ගැන.."


    "
    මං ඒක පාවිච්චි කරන්නෙ ඔයාට කෝල් කරන්න විතරනේ.. ඔයා දැන් දන්නවද මං ඔයාට මේ කෝල් එක ගත්තෙ ඇයි කියලා..?"

    "ම්.. මට හිතාගන්න බෑ රන්දික.. ඒත් ඔයා මට මෙහෙම කතා කරපු එක ගැන හුගක් සතුටුයි..
    "

    "මට ඔයාව ඉක්මනට හම්බවෙන්න ඕන නෙත්මි.. මං අර දවසක් කිව්වෙ, ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා.. අන්න ඒ ගැන ඔයාට කියන්න.."


    "ම.. මං ඕන වෙලාවක ලෑස්තියි රන්දික.. මට දැන් උනත් එන්න පුළුවන්.. ඔයා කොහෙද ඉන්නෙ..?"


    "මම නම් ඉන්නෙ ගෙදර.."


    එතන ඉදලා තත්පර ගානක නිහැඩියාවක් ගෙවිලා ගියා.. නෙත්මි මොනවා හරි කල්පනා කරනවා කියලා ඉවෙන් වගේ මට තේරුණා..


    "ගෙදර කියලා කිව්වෙ..?"


    "ගෙදර කියලා කිව්වෙ මං ඉන්න තැනනේ.."


    ඒ එක්කම වගේ පල්ලෙහා සාලෙ තියෙන සෙටප් එක දාන සද්දෙ මට ඇහුණා.. ඒ වෙලාවෙ ඉතිං ඔය වගේ වැඩක් කලොත් කරන්නෙ අක්කා තමයි.. එයාගෙ රසාඤ්ඤතාවයත් අපේ සරිගමයගෙ රසවිදීම වගේ තමයි.. උදේ පාන්දරට නන්ස්ටොප් අහනවා.. පට්ට දවාලෙ ක්ලැසික් සහ සෝක ජනක සිංදු.. හැන්දෑවට, රෑට හිපොප් සහ බයිලා මෙලෝ ගැලපීමක් නෑ.. අහන් ඉන්න අප්පිරියයි..


    "ඔ.. ඔයාට බැරිද අද මාව හම්බවෙන්න..?"


    තවත් ටිකක් කල්පනා කරලා නෙත්මි මගෙන් ඇහුවා..


    "බැරිකමක් නෑ.. ඔයා මොකද දැන් කරන්නෙ..?"


    "ම්.. මමද..? මම දැන් ඔයාට කතා කරනවා.."


    එතන ඉදලා මට ඇහුණෙ නෙත්මි හීනියට හිනාවෙන සද්දෙ.. අම්මප කෙල්ලොන්ටත් හුගාක් වෙලාවට පිස්සු.. අහන දේට නෙමේ උත්තර දෙන්නෙ..


    "ඒක නෙමේ රන්දික.. එදා ඔයා සමුදිනීලහ අර ෆෝන් එක අරගෙන කාටද බැණගෙන බැණගෙන ගියේ..?"


    මෙච්චර වෙලා පත ෆුල්ස්ටොප් පන්දු අතෑරපු නෙත්මි, යෝකර් පන්දුවක් එව්වා.. ඕකට ආතල් එකේ නිදැල්ලෙ යන්න ඇරියොත් විකට් කූරු තුන බවුන්රියෙනුත් එළියෙ තියෙයි.. ධර්මරාජෙ ක්‍රිකට් ටීම් එකේ ඉදලත් මට ෆේල් වෙන්න බෑනෙ..


    "ආ.. ඒ අපේ බින්දුටනේ.."


    "බින්දුට.. බින්දු කොහොමද ඔයා සමුදිනීලහ ඉන්නවා කියලා දන්නෙ..? අනික සමුදිනීලගෙ නම්බර් එක බින්දු දන්නෙ කොහොමද රන්දික..?"


    ඒ පාර යෝකර් දෙක තුනක්ම එකපිට වැදුණා..


    "මං ඔය හැමදේටම උත්තර ඔයාව හම්බඋනාම දෙන්නම්.."


    "ඒ කියන්නෙ, මං අහපු ප්‍රශ්නෙ උත්තර දෙන්න අමාරු එකක්ද..?"


    "ඔව්.."


    "ඔයා මාව බය කරනවා රන්දික.."


    "බයවෙන්නෙපා නෙත්මි.. මං යකෙක් නෙමෙයි.."


    "ඔයා යකෙක් නෙමේ කියලා මං දන්නවා.. ඒ වගේම මං ඔයාට බයත් නෑ.. ඒත් ඔයා කියන දේවල් වලට මං හුගාක් බයයි.. අනික මට ප්‍රශ්න දෙක තුනක්ම තියෙනවා.."


    "ප්‍රශ්න දෙක තුනක්..?"


    "ඔව්.. ඔයා ගැන.. ඒ හැමදේම මං හම්බඋනාම අහන්නම්.. හැබැයි මට ඒ හැමදේටම උත්තර ඕන.."


    "ඔයා කැමති විදියක්."


    මං කෝල් එක කට් කරලා දැම්මා.. තවත් දුරට කතා කරන්න ගියොත් අර අලගොඩු මාලුවට වෙච්ච දේ තමයි මටත් වෙන්නෙ.. හත්තිලව්වෙ.. ඌට වෙච්ච දේ දන්නැද්ද..? ගෑනියෙක් ඌව කෑලි වෙන්න කපලා හොදට මිරිස් තුනපහ දාලා උයාගෙන ගෙදර ඈයො එක්ක බෙදාගෙන කෑවා..


    ෆෝන් එක අතේ තියාගෙනම මං පඩිපෙළ බැස්සා.. සාලෙ දාපු සෙට් එක තාම එහෙමමයි.. මේ යන ශෝක ජනක සිංදුවලින් තේරෙන්නෙ අක්කා මේ ළග පාතක ඉන්නවා කියනෙකයි.. සාලෙට අඩිය තියනකොටම ෆෝන් එක ආයෙත් රින්ග් වෙන්න ගත්තා.. ස්ක්‍රීන් එකේ වැටුනෙ කතා කරන්නෙ නෙත්මි කියලා.. ඒත් මං කෝල් එකට ආන්සර් කරන්නෙ නැතුවම අක්කගෙ කාමරේට ඇවිදගෙන ගියා.. කාමරේ ඇතුළෙ මොකක්දෝ පෙරලෙන සද්දෙකුයි, තවත් පුංචි සද්ද බද්ද වගයකුයි ඇහුණා.. අක්කා කාමරේ ඇතුළෙ බොක්සින් ගහනවද මංදා.. ඒත් ඉතිං එයා කාත්තෙක්ක බොක්සිං ගහන්නද..? බන්ටිත් එළියෙ ඉද්දි..


    "අක්කේ.. ඔයාගෙ වන් ඇන්ඩ් ඔල්නි මල්ලි, මිස්ටර් බන්ටි කාමරේට එන්නයි හදන්නෙ.. ඔයා වැදගත් විදියට නේද ඉන්නෙ..?"


    වෙනද වගේම මහා සද්දෙට කාමරේ දොර ගාව ඉදන් මං ඇහුවා.. ඒත් කාමරේ ඇතුලෛන් මට කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ.. ප්‍රතිචාරෙ හම්බ උනේ මගේ පිටිපස්සෙන්..


    "බ..න්..ටී.."


    මං හැරිලා බැලුවා.. ඔලුවෙ අත් දෙකත් තියාගනෙ අක්කා මං දිහා බලන් හිටියෙ බයවෙලා වගේ.. මේ මොකද අප්පා.. මෙයා නිකං ජෝන් සීනා දැක්කා වගේ හොල්මන් වෙලා ඉන්නෙ. ඒත් ඒ එක්කම මගේ හිතට ආපු ප්‍රශ්නෙ අක්කත් ඉන්නෙ එළියෙ නම්, කවුද අක්කගෙ කාමරේ ඇතුලෙ ඉන්නෙ කියලා.. ඒ වෙලාවෙ එකපාරටම මගේ හිතට ආපු නම හින්දා මාව හීතල වෙලා ගියා.. දෙයියනේ නෙත්මි වත්ද..? ඒ ප්‍රශ්නෙට උත්තරේ අත ළගටම ඇවිල්ලා තිබුණා.. මට ඩිංගක්වත් වැරදිලා තිබ්බෙ නෑ..


    "ර..න්..දි..ක.."


    අක්කගෙ කාමරේ දොර ගාවින් ඇහුණෙ නෙත්මිගෙ කටහඩ.. ආයෙ හරිලා බලන්න දෙයක් මට තිබුණෙ නෑ.. මං දේවල් කියන්න කලින්, අහම්බෙන් උදාවෙච්ච මේ අවස්ථාව හින්දා හැමදේම ගගට කපපු ඉනි වගේ වෙනවා කියලා මට දැනුණා..


    "නෙ..ත්..මි.."


    මං එයා ළගට ලංවුණා.. ඒ සුදු මූණ පුරාම පිරිලා තිබ්බෙ පුදුමය කියන අකුරු හතරම විතරයි.. වෙන කිසිම දේකට ඉඩක් ඒ මූණෙ තිබ්බෙ නෑ.. එයා මං දිහා බලන් හිටියෙත්, හරියට කැලෑ සතෙක් දිහා බලනව වගේ.. එයාගෙ ඇස්වල උනත් කිසිම ජීවි බවක් තිබුණෙ නෑ..


    "ම.. මං ඔයාට මේ හැමදේම කියන්නම්.."


    මං ඊගාවට නෙත්මිවත් ඇදගෙන අක්කගෙ කාමරේ ඇතුළට ගියා.. අපි දෙන්නගෙ පිටිපස්සෙන් ආපු අක්කා, කාමරේ දොර ගාව හිටගත්තා..


    "ම.. මං මේ හැමදෙයක්ම ඔයාට කියන්නයි හිටියෙ.. මං දැන් කෝල් එකක් අරගෙන ඔයාව හම්බවෙන්න වෙලාවක් දාගත්තෙත් ඒකයි.. ඒත් මං කෝල් දීලා තියෙන්නෙ මේ ගේ ඇතුලෙම ඉදගෙන ඔයාටනේ.. අනිත්තෙක තමයි නෙත්මි.."


    එතනින් එහාට මට වචනයක් කතා කරන්න හම්බවුණේ නෑ.. තොල් දෙක මැද්දට දබරැගිල්ල තියලා කතා කරන්නෙපා කියන සංඥාව නෙත්මි දුන්නා.. එයාගෙ මූණ දිහා හොදට බලද්දි කලින් තිබ්බ පුදුම සහගත බව දැන් ඒ මූණෙන් මැකිලා ගිහින් තිබුණා.. ඒ වෙනුවට පිළිකුල, තරහා, වෛරය වගෙ අප්‍රසන්න දේවල් මහ හුගක් රෝස පාට මූණ මැද්දට ඇවිල්ලා තිබුණා..


    "ම.. මට කිසි දෙයක් දැනගන්න ඕන නෑ.. මට.. මට ඔයත් එක්ක කතාවකුත් නෑ.."


    "වැරදි පැත්තකට යන්න හදන්නෙපා නෙත්මි.. මං මේ හැමදේම හෙට උදේට ඔයාට කියන්නයි හිටියෙ.."


    "ඇ.. ඇයි ඔයා හෙට උදේ කියන්න හිටියෙ.. ඔයාට තිබ්බනේ ලබන මාසෙ හරි, ලබන අවුරුද්දෙ හරි කියන්න.. මට තේරුණා.. මට තේරුණා.. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා.. සමුදිනී උනත් මේ හැමදේම මගෙන් හැංගුවා.. අවුරුදු ගානක් තිබ්බ අපේ යාලුකමට, සමුදිනී ඔයා දුන්න තෑග්ග නම් ඉස්තරම්.. මං මෙහෙම අනාථයෙක් වගේ රැවටෙන කොට ඔයාලා හැමදාම මට හිනාවෙන්න ඇති නේද..? මං සමුදිනී හම්බවෙන්න ඇවිත් යන දවස්වල ඔයා ඔයා උඩ තට්ටුවට වෙලා, මට පිටිපස්ස පැත්තෙනුත් හිනාවෙන්න ඇති නේද..? හරිම අපූරුයි ඔයාලා එකතු වෙලා කරපු මේ සෙල්ලම.. ඇත්තටම ඔයාලට ලැජ්ජ නැද්ද මනුස්සයෙක්ව මේ විදියට රවට්ටන්න.. රවට්ටගෙන මරාගෙන කන්න.."


    වෙඩි බෙහෙත් ගබඩාවක් පුපුරලා ගියා වගේ, හිතා ගන්නවත් බැරි විදියට නෙත්මි කියවගෙන ගියා.. අක්කගෙ ඇස්වලින් කදුළු බේරෙන්න ගත්තෙ, නෙත්මි, එයාටත් එක එක ඒවා කියනකොට.. මොනවද එයාට කියන්න ඕන කියලවත් මගේ හිතට ආවෙ නෑ..


    "නෙත්මි.. අක්කා මේකට ගාව ගන්න එපා.. එයා මේ කිසිම දෙයක් දන්නෑ.. මේ හැමදේම මං තනියෙම කරපු වැඩ.. ඔයා ඒ හැමදේම මගෙත් එක්ක කතා කරන්න.. ඒවට මූණ දෙන්න මට ශක්තිය තියෙනවා.. අක්කගෙ මේකට සම්බන්ධයක් නෑ.. ඔයාලගෙ යාලුකම් මේ මැද්දට පටලව ගන්නත් එපා.."


    "ඕන බලු වැඩක් කරලා ඒවට මූණ දෙන්න ඔයාට ශක්තිය ඇති.. ඔයා ඒක දැන් ඔප්පු කරලම පෙන්නුවනේ.. ං ගාව ඉදගෙන බන්ටි ගැන කතා කරනකොට, බන්ටි ගැන ඔයා කියපුවා ටිකක් මතක් කර ගන්න.. බන්ටිගෙන් පරිස්සම් ඉන්න.. ඌ හරිම වසයි.. ඌ ගැනු පෙරේතයෙක්.. වගේ කතන්දර කීයක් නම් කිව්වද..? ඒ කියන්නෙ බන්ටි කියලා කෙනෙක් ගැන මං විහිලුවටවත් හොයන්නැතුව ඉන්නනේ.. එතකොට ඔයාගෙ මේ මාස්ටර් ප්ලෑන් එක මාස කීයන් ඉදන් තිබ්බද..? මාව අන්දන්න හිතාගත්තෙ අපි දෙන්නා ඉස්සෙල්ලම හම්බ උන දවසෙද..?"


    "ඔයා හුගක් දේවල් වරද්දගෙන කතා කරනවා නෙත්මි.."


    "නෑ මට මුකුත් වැරදිලා නෑ.. නැති වෙලත් නෑ.. දැන් හැමදේම දන්නවා.. මේ ලෝකෙ කිසිම මිනිහෙක් තමන්ගෙ හතුරෙකුටවත් කරන්නැති මහා පහත් වැඩක් ඔයා මට කරේ.. දවස් දෙකක් නම් කමක් නෑ.. මාස කීයක්ද..? ඔයාට මාව හම්බවෙලා කියන්න බැරි නම් ෆෝන් එකෙන් හරි කියන්න තිබුණා.. අඩු ගානෙ මැසේජ් එකක්වත් එවන්න තිබුණා.. මට දැන් තේරෙනවා.. මට දැන් තේරෙනවා, මං සමුදිනී බලන්න ආපු හැම දවසකම බන්ටි කියන මනුස්සයා මේ ගෙදර නැතිවෙන්නෙ ඇයි කියලා.. හිටියා නම්, එහෙම ඉදලා මගේ මූණ ඉස්සරහට ආව නම්, හොරේ අහුවෙනවනේ.. බලන් ගියාම ඔයා.. ඔයා තරම් කැත ඇහිකුණ්ටකයෙක් කොහේවත් නෑ.. අනික එකක් නම් කමක් නෑ.. ඔයා මට බොරු කීයක් නම් කිව්වද..? ෂිහ්.. මට ඔයා දකිනකොටත් දැන් වස අප්පිරියාවයි.."