විරාට් කෝලි පමණක් නැති ප්‍රබල ඉන්දියාවට රිදෙන්න සටනක් දුන් සිංහයින්ගේ නවක කණ්ඩායමේ විජයග්‍රහණයේ මල් වෙඩි මත ලියන්නට සිතුවෙමි.. අකුරු ගලපාගන්නේ කෙසේදැයි සිතන්නට තරම්වත් නැති සතුටක් සිතේ පොදියම් වී ඇත.. කිව යුතුමය.. බොහෝ දෙනාගේ අවතක්සේරුව මැද ලැබු අති විශිෂ්ඨ ජයකි මෙයි.. මාලිංග නැති ඩිල්ශාන් නැති මැතිව්ස් නැති අප කණ්ඩායම තරග තුනම අන්ත පරාජයකට ලක් වෙතැයි කියු අනාවැකි බොද කරමින් පලමු තරගයම අති විශිෂ්ඨ ලෙස ජය ගත් මොහොතකි.. මා පෙර කියු පරිදිම අප සැමදා දක්ෂ වූයේ අමාරු දේ කරන්නටය.. මේ එයට උදාහරණයකි.. දිනේෂ් චන්දිමාල් කටු ඔටුන්න දරා සිටින අවසන් සංචාරයයැයි පාරම්බෑ අවධියක ඔහුගේ අද දින නායකත්වය නම් අගනේය.. පලමු මල් වෙඩිල්ල ඔහුගේ නමටය.. දෙවැන්න ඔහුගේ තීරණය මත පලමු පන්දුවාරය ක්‍රියාත්මක කල කසුන් රාජති වෙතය.. නවකයෙකු ලෙස පලමු තරගයේදිම ඔහු පන්දු යැවු ආකාරය පරිණත පන්දු යවන්නෙකුගේ තරමටත් එහාය.. ඔහුගේ මල්ලට කඩුලු 3කි.. දෙවැන්නා වූයේ දසුන් ශානකය.. කසුන්ට අනගි සහයක් ගෙන දෙමින් දසුන්ද පන්දු යැවීය.. චමීරද එම දෙපලේ අනෙක් තුරුම්පුවය. යුවරාජ් අන්මන්ද කරමින් යැවු අධිවේගි පන්දුවෙන්ම ඔහුව අඩපණ කල ආකාරය විශ්මයජනකය.. ප්‍රබල ඉන්දියානුවන් ලකුණු 101ක සීමා කිරිම සිහිනයක් බදුය.. එයද කලේ ඔවුන්ගේ රටේදිමය.. දික්වැල්ලගේ කඩුලු රැකීම මනහරය.. පන්දු රකින්නන්ගේ සුලු අඩුපාඩුකම් මිස අනෙක් සියලුම දේ හොදින් සිදු විය.. පිතිකරණ ගැන කිව යුතුමය.. පලමු කඩුලු දෙක ඉක්මණින් බිද වැටුනත් නොම්බර 3 චන්දිමාල් හා නොම්බර 4 කපුගෙදරගේ සම්බන්ධාතවය තරග අප දෙසට ඇද ගැනීමට රුකුලක් විය.. කපුගෙදර වැන්නෙකුගේ හරි ස්ථානය එය බව තහවුරු විය.. හරි ලේ යැවිය යුත්තේ හරි නහර දිගේ යැයි කියන්නේ මේ නිසාය.. නායකත්ව වගකීම සමගින් දිනේෂ් චන්දිමාල් දියත් කල ඉනිම පැසසුම්සහගතය.. කියන්නට ඇත්තේ එපමණය.. ඉවර කරන්නට මත්තෙන් කිවිය යුතු වන්නේ දෙයකි.. මේ යන ගමන සුභය.. ලෝක කුසලානය අත ලගය.. ඉතිරි තරග දෙකත් රිදෙන්නට නොව අඩන්නටම ගසා ආසියානු කුසලානයත් උස්සලා ලෝක කුසලානයත් ගේන්නට බැරි නැතිය.. අවශ්‍ය වන්නේ මෙවැනි සටනක්ය !!
#මෙසි