|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    907vyq.jpg

    ඉලග මැච් එක කන්න මාව දාපල්ලා හරිද ? :lol::lol:
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    විරාට් කෝලි පමණක් නැති ප්‍රබල ඉන්දියාවට රිදෙන්න සටනක් දුන් සිංහයින්ගේ නවක කණ්ඩායමේ විජයග්‍රහණයේ මල් වෙඩි මත ලියන්නට සිතුවෙමි.. අකුරු ගලපාගන්නේ කෙසේදැයි සිතන්නට තරම්වත් නැති සතුටක් සිතේ පොදියම් වී ඇත.. කිව යුතුමය.. බොහෝ දෙනාගේ අවතක්සේරුව මැද ලැබු අති විශිෂ්ඨ ජයකි මෙයි.. මාලිංග නැති ඩිල්ශාන් නැති මැතිව්ස් නැති අප කණ්ඩායම තරග තුනම අන්ත පරාජයකට ලක් වෙතැයි කියු අනාවැකි බොද කරමින් පලමු තරගයම අති විශිෂ්ඨ ලෙස ජය ගත් මොහොතකි.. මා පෙර කියු පරිදිම අප සැමදා දක්ෂ වූයේ අමාරු දේ කරන්නටය.. මේ එයට උදාහරණයකි.. දිනේෂ් චන්දිමාල් කටු ඔටුන්න දරා සිටින අවසන් සංචාරයයැයි පාරම්බෑ අවධියක ඔහුගේ අද දින නායකත්වය නම් අගනේය.. පලමු මල් වෙඩිල්ල ඔහුගේ නමටය.. දෙවැන්න ඔහුගේ තීරණය මත පලමු පන්දුවාරය ක්‍රියාත්මක කල කසුන් රාජති වෙතය.. නවකයෙකු ලෙස පලමු තරගයේදිම ඔහු පන්දු යැවු ආකාරය පරිණත පන්දු යවන්නෙකුගේ තරමටත් එහාය.. ඔහුගේ මල්ලට කඩුලු 3කි.. දෙවැන්නා වූයේ දසුන් ශානකය.. කසුන්ට අනගි සහයක් ගෙන දෙමින් දසුන්ද පන්දු යැවීය.. චමීරද එම දෙපලේ අනෙක් තුරුම්පුවය. යුවරාජ් අන්මන්ද කරමින් යැවු අධිවේගි පන්දුවෙන්ම ඔහුව අඩපණ කල ආකාරය විශ්මයජනකය.. ප්‍රබල ඉන්දියානුවන් ලකුණු 101ක සීමා කිරිම සිහිනයක් බදුය.. එයද කලේ ඔවුන්ගේ රටේදිමය.. දික්වැල්ලගේ කඩුලු රැකීම මනහරය.. පන්දු රකින්නන්ගේ සුලු අඩුපාඩුකම් මිස අනෙක් සියලුම දේ හොදින් සිදු විය.. පිතිකරණ ගැන කිව යුතුමය.. පලමු කඩුලු දෙක ඉක්මණින් බිද වැටුනත් නොම්බර 3 චන්දිමාල් හා නොම්බර 4 කපුගෙදරගේ සම්බන්ධාතවය තරග අප දෙසට ඇද ගැනීමට රුකුලක් විය.. කපුගෙදර වැන්නෙකුගේ හරි ස්ථානය එය බව තහවුරු විය.. හරි ලේ යැවිය යුත්තේ හරි නහර දිගේ යැයි කියන්නේ මේ නිසාය.. නායකත්ව වගකීම සමගින් දිනේෂ් චන්දිමාල් දියත් කල ඉනිම පැසසුම්සහගතය.. කියන්නට ඇත්තේ එපමණය.. ඉවර කරන්නට මත්තෙන් කිවිය යුතු වන්නේ දෙයකි.. මේ යන ගමන සුභය.. ලෝක කුසලානය අත ලගය.. ඉතිරි තරග දෙකත් රිදෙන්නට නොව අඩන්නටම ගසා ආසියානු කුසලානයත් උස්සලා ලෝක කුසලානයත් ගේන්නට බැරි නැතිය.. අවශ්‍ය වන්නේ මෙවැනි සටනක්ය !!

    #මෙසි
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    :yes::yes::yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    ඉන්දියාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටි වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ආබාධයකට ලක්ව තිබෙනවා.

    පුහුණුවීම් අතරතුර ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි ඉන්දියාවෙන් ලැබෙන මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    බිනුර වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංග සංචිතයට එක්වීමට නියමිතයි.

    සංචිතයට නම් කළ තිලකරත්න ඩිල්ෂාන්ද ආබාධයකට ලක්වීම හේතුවෙන් ඊයේ ( 09)පැවති තරගයට සහභාගි නොවූ අතර ලබන 12 වනදා පැවැත්වෙන දෙවන තරගයට ඔහුට සහභාගිවීමට හැකි වනු ඇති බවයි කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ.

    neth
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ වගේ පිච් එකක් අපිට ඉන්දියාවෙදි බලාපොරොත්තු වෙන්න බැහැ.. හරිම කලාතුරකින් ලැබෙන්නේ.. මොනවා උනත් ඒකේ වාසිය අපේ කොල්ලන්ට ලැබුනා..
    ඉන්දියාව ගොඩක්ම අධිමානසිකතයකින් හිටියේ.. අහසේ හිටපු උන් පොලවටම වැටුනා...
    හැබැයි හොඳ බැටින් පිච් එකක නම් ඉන්දියාව මෙල්ල කරන්න ටිකක් අමාරු වෙයි..
    මොනවා උනත් අපේ උන් ගොඩක් හොඳට කරා..
    මේවගේ පිච් එකක චන්දි ගහපු ලකුනු 35 ලකුනු විතර වටිනවා.. චාමර ගහපු 25 50ක් විතර වටිනවා..
    මම හිතනවා ලෝක කුසලානෙදි නම් මාලිංග කැප්ටන් කරන්න ඕන කියලා.. මොකද ඌ කැප්ටන් කරද්දි මැරිලම ගේම ගහනවා.. අනික ඇන්ජි ඇතුලට ආවම දිලී එක්ක චන්දිට ටීම් එකේ ඉඩක් නැති වෙයි.. මොකද අනිවා දික්වැල්ල හොඳට කරයි.. අනික ඌ කීප් කරනවත් හොඳයි..
    මොනවා උනත් අපේ උන් ඊයේ ගොඩක් හොඳට කරා අලුත් ටීම් එකක් විදියට..
    ඉස්සරහ තියෙන මැච් ටිකත් හොඳට කරපල්ලා කොල්ලනේ...
    ජය වේවා..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113

    හැබැයි හොඳ බැටින් පිච් එකක නම් ඉන්දියාව මෙල්ල කරන්න ටිකක් අමාරු වෙයි..

    ඊළඟ එක අපිට හම්බවෙන්නේ batting pitch එකක්ම තමයි ආයේ එකේ දෙකක් නෑ , ඒත් අපිට හොඳ බැටාලත් ඉන්නවා නේ :yes: