මේ වගේ පිච් එකක් අපිට ඉන්දියාවෙදි බලාපොරොත්තු වෙන්න බැහැ.. හරිම කලාතුරකින් ලැබෙන්නේ.. මොනවා උනත් ඒකේ වාසිය අපේ කොල්ලන්ට ලැබුනා..
ඉන්දියාව ගොඩක්ම අධිමානසිකතයකින් හිටියේ.. අහසේ හිටපු උන් පොලවටම වැටුනා...
හැබැයි හොඳ බැටින් පිච් එකක නම් ඉන්දියාව මෙල්ල කරන්න ටිකක් අමාරු වෙයි..
මොනවා උනත් අපේ උන් ගොඩක් හොඳට කරා..
මේවගේ පිච් එකක චන්දි ගහපු ලකුනු 35 ලකුනු විතර වටිනවා.. චාමර ගහපු 25 50ක් විතර වටිනවා..
මම හිතනවා ලෝක කුසලානෙදි නම් මාලිංග කැප්ටන් කරන්න ඕන කියලා.. මොකද ඌ කැප්ටන් කරද්දි මැරිලම ගේම ගහනවා.. අනික ඇන්ජි ඇතුලට ආවම දිලී එක්ක චන්දිට ටීම් එකේ ඉඩක් නැති වෙයි.. මොකද අනිවා දික්වැල්ල හොඳට කරයි.. අනික ඌ කීප් කරනවත් හොඳයි..
මොනවා උනත් අපේ උන් ඊයේ ගොඩක් හොඳට කරා අලුත් ටීම් එකක් විදියට..
ඉස්සරහ තියෙන මැච් ටිකත් හොඳට කරපල්ලා කොල්ලනේ...
ජය වේවා..
සිරාවට මචන් මාලිංගය නිකන් ටීම් එකේ සෙල්ලන් කරන කොට ෆීල්ඩ් කරන්ඩ නැමෙන්නෙවත් කැමති නෑනේ,දාන්නෙත් 130යි උපරිම... ඒත් කැපා උනාම පැන පැන නවත්තන්නේ 135-140 අනිව බෝල දානවා....




