පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ සිය යුද අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල විසින් කරන ලද ආරාධනයක් අනුව ජාතික ක්‍රිකට් ආයතනයට ගිය මාර්ෂල් සරත් ෆොන්සේකා යුද්ධයේ දී සතුරා පරාජය කිරීම සඳහා ඔහු විසින් අනුගමනය කරන ලද උපාය උපක්‍රම පිළිබඳව ජාතික ක්‍රිකට් කණ්ඩායම දැනුවත් කළේය.
නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් වූ එම හමුව සංවිධානය කර තිබුණේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන් ම ඔවුන්ගේ ආධාරක කාර්ය මණ්ඩලය හමුවේ ඇති අභියෝග අභිභවනය කිරීම සඳහා මග පෙන්වීමටයි.
සිය අත්දැකීම් තමන් සමඟ හුවමාරු කර ගැනීම සහ සපයන ලද දැක්ම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඔවුන්ගේ කෘතඥතාව පළ කළහ.



BBC Sinhala





open gahaganna ekek nae ne thawama hariyata

