|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හෙට වෙද්දි සතියක් තිස්සෙ ලන්කාවෙ පැටව් ගහල ඉන්න ඉත්තෑවො සෑහෙන දෙනෙක් මැරෙනවා.............අපි අපෙ පුරුදු රිද්මයට එයි......

    Tahir heta 1KM ta wada duwanawa :lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    iththewo wehi wehela neh.... apita semi yanna behe ban. oya dhinuwe kanawata.

    |||෴🏆 ICC Cricket World... 06-27-2019 01:39 PM ponna wesige putho pake talk denne nathuwa idapan, thopi wage ratata garahana ponna sakkili innakal ratata wena sethak na.


    :lol::lol::lol: dawalata kanna bath packet ekak ganna thibba rep tika ban, sathiyak badaginne inna wenne....
    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: SBWoof

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    |||෴🏆 ICC Cricket World... 06-27-2019 01:39 PM ponna wesige putho pake talk denne nathuwa idapan, thopi wage ratata garahana ponna sakkili innakal ratata wena sethak na.


    :lol::lol::lol: dawalata kanna bath packet ekak ganna thibba rep tika ban, sathiyak badaginne inna wenne....
    :rofl::rofl::rofl::rofl:

    :lol::lol:
     
    • Like
    Reactions: Nu1Dnk

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අද එක ඉන්දියාව දිනන එක හොදයි ...

    Nope. India wath thama select wela na. India paradina eka hondai. WI nam dinnath udata enna ba. India walata thawa thiyenne, ENG, BAN. SL oya thunath ekka ada ekath peradunoth Indiawath kota uda. Kota uda team wedi wena eka hondai.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලෝක කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකාවේ මීළග තරගය හෙට (28) යෙදී තිබෙනවා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමගයි. ලෝක කුසලාන තරග මාලාවේ තවදුරටත් රැදී සිටීමට නම් හෙට තරගය ජය ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි.
    ශ‍්‍රී ලංකා පිල ලෝක කුසලානට පෙර සහභාගි වූ අවසන් තරගාවලියද දකුණු අප‍්‍රිකාව සමග ක්‍රීඩා කලේය. එහිදී එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව 5-0ක් ලෙස අන්ත පරාජයකට පත්විය. ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප‍්‍රිකාව සමග පුහුණු තරගයකට ශ‍්‍රී ලංකාව සහභාගි වූ අතර එම තරගයද ශ‍්‍රී ලංකාව පරාජයට පත්විය.
    ඒ හේතුවෙන් හෙට තරගය ජය ගැනීමේ වැඩි ඉඩක් දකුණු අප්‍රිකාවට පවතින බව විචාරක මතයයි.
    කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව හෙට තරගයට පිවිසෙන්නේ ප්‍රතිවාදීන්ගේ තරම දැනගෙන බව ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. මෙම තරගය වෙනුවෙන් ශ‍්‍රී ලංකා පිල චෙස්ටර් ලී හී පිහිටි රිවර් සයිඞ් ක‍්‍රීඩාංගණයේදී පුහුණුවීම් සිදුකරමින් සිටියදී ඔහු මෙම අදහස් මාධ්‍යයට පළ කර සිටියේය.
    "අපි ප‍්‍රධාන අවධානය යොමු කරලා තියෙන්නෙ මේ තරගය සඳහා. මේ තරගයේදී අපි පළමුව පිති ප‍්‍රහාරය දියත් කළත් පන්දු යැව්වත් හොඳ ආරම්භයක් ලබා ගත යුතුයි. ඒ වගේම තරගය පුරාම අපි තරගයේ රැදි සිටිය යුතුයි මොකද කිසිම අවස්ථාවක තරගය අතහරින්න බැහැ. මෑත කාලයේදී අපි දකුණු අප‍්‍රිකාව සමග තරග කිහිපයක් ක‍්‍රීඩා කරලා තියෙන නිසා ඔවුන් ගැන හොඳට දන්නවා. ඔවුන්ගේ ඉන්න හොඳම ක‍්‍රීඩකයන් කවුරුන්ද යන්න අවධානය යොමු කරලා තියෙන්නෙ. ඒ ක‍්‍රීඩකයන් පුළුවන් තරම් තරයෙන් ඈත් කරලා තියන්න තමයි සැලසුම් කරන්නෙ. එංගලන්ත තරගය මෙන් අපේ සියලූම ක‍්‍රීඩකයන් දක්ෂතා දැක්විය යුතුම වෙනවා."
    ‘‘දකුණු අප‍්‍රිකාව සමග තරගයේදී කාසියේ වාසිය ඉතාමත් වැදගත්. මොකද අපි නවසීලන්තය සමග තරගයේදී කාසියේ වාසිය පරාද වුණා. එංගලන්තය සමග තරගයේදී කාසියේ වාසිය දිනා ගත්තා. තණතිල්ල සවස් වෙනකොට තෙත ගතියක් තියෙනවා. කඩුල්ල මන්දගාමී වුවහොත් ලකුණු හඹා යෑම පහසු වෙන්නේ නැහැ."
    "අපිට දකුණු අප‍්‍රිකාව සමග තරගයට පෙර දින හයක දිග විවේකයක් ලැබුණා. හැම තිස්සෙම පුහුණුවීම් කරමින් සිටියා. නමුත් දින දෙකක විවේකයක් ක‍්‍රීඩකයන්ට ලබාදුන්නා එංගලන්ත තරගයෙන් පසුව. ඔවුන්ට එවිට නැවුම් බවකින් තරග වැදිය හැකියි. ඒ දින දෙකේදී ක‍්‍රීඩකයන් හොඳ හැටි විනෝද වුණා."
    "අපි ආරම්භ කරන දෙය ඉදිරියට ගෙන යෑමයි වැදගත් වන්නේ. හොඳම කණ්ඩායම හෝ වේවා නරකම කණ්ඩායම හෝ වේවා ඕනෑම දෙයක් තරගයකදී විය හැකියි. එංගලන්තය ඉකුත් ලෝක කුසලානයේදී බංග්ලාදේශයට පරාජය වු දවසේ ඉදලා මේ ලෝක කුසලාන වෙනකම් හොඳින් සූදානම් වුණා. නමුත් අපි අපේ සංචිතය ගොඩක් ප‍්‍රමාද වෙලා තමයි දැන ගත්තේ." :dull::dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලෝක කුසලාන තරග මාලාවේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයෙන් ලකුණු 64ක පහසු ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව තරගයේ අවසන් පූර්ව වටයට දොර විවෘත කර ගත්තා. ඒ ප්‍රසාද ලකුණු සටහනේ සිවුවෙනි ස්ථානයේ සිටිනා එංගලන්තය තරමක අවදානමකට ඇද දමමින්.
    මෙම පරාජයත් සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනා සිවුවෙනි ස්ථානය සදහා එංගලන්තය, ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය අතර සිවුකෝන් සටනක් ඇතිව තිබෙනවා. ඕස්ට්‍රේලියාව ලැබූ ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ සිවුවෙනි ස්ථානය දිනා ගැනීමට මෙම කණ්ඩායම් හතරටම විවෘතව තිබෙනවා.
    විශේෂත්වය වනුයේ එංගලන්ත කණ්ඩායම හා එහි නායක ඉයන් මෝගන් සිය ප්‍රතිවාදීන් දිගින් දිගටම හෑල්ලුවට ලක් කරමින් කටයුතු කිරීමය. තරගාවලිය ආරම්භයේදි ශ්‍රී ලංකා කණ්ඩායම දැඩිව හාස්‍යයට ලක් කළ මෝගන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් දැක තමන් මවිත වන බවයි.
    ඕස්ට්‍රේලියානු තරගයට පෙරද මෝර්ගන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන ස්ටීව් ස්මිත් හා ඩේවිඩ් වෝර්නර් කෙරෙහි අපහාසාත්මකව අදහස් දැක්වීම විශේෂත්වයකි.
    මේ අනුව අවසන් පූර්ව වටයට පිවිසීම සදහා ශ්‍රී ලංකාව තවත් තරග දෙකක් ජය ගැනීමත්, එංගලන්තය ඉතිරි තරග දෙක පරාජයට ලක් වීමත්, බංග්ලාදේශය හා පාකිස්තානය එලබෙන තරග පරාජය වීමත් සිදු විය යුතුයි.




    :dull::dull::dull:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තමන් වේග පන්දු යවන්නන්ට කිසිදු බියකින් තොරව පිතිකරණයේ යෙදෙන බව යොවුන් ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසනවා. දකුණු අප්‍රිකාව සමග තරගයට පුහුණුවීම් වල නිරතව සිටියදී අවිශ්ක මාධ්‍ය හමුවේ මෙම අදහස් දැක්වූවා.
    තවද ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඉක්මණින් දැවී ගිය කණ්ඩායමට පැමිණි පීඩනය ලිහිල් කිරීමට හැකි වුයේ තමන් ඉක්මනින් ලකුණු ලබා ගත් නිසා බවද අවිශ්ක පවසනවා.
    ‘‘ඉස්සරහට යනකොට කොහොමත් සෙමින් දාන පන්දු යවන්නන් නැහැ. එංගලන්තය සමග තරගයට මම එනකොටම දැනගෙන හිටියා ඒ අයගෙ පන්දු යවන්නන් පැයට කි.මී. 145-148 වගේ වේගයෙන් පන්දු යවන බව. ඒකට ලෑස්ති වෙලා තමයි මම හිටියෙ. කොහොමත් කොච්චර වේගයෙන් පන්දු යැව්වත් මම බය වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි එංගලන්තය සමග තරගයේදී ලකුණු 49 ක් ලබා ගන්න පුළුවන් වුණේ.’’
    ‘‘එංගලන්තය කියන්නෙ ලෝකයේ අංක එකේ කණ්ඩායම. ඒ කණ්ඩායමේ විතරක් නෙමෙයි හැම කණ්ඩායමකම වේගයෙන් පන්දු යවන අය ඉන්නවා. මම බය නැතිව පහර දුන්න නිසා තමයි මට ඒ දේ කරගන්න පුළුවවන්. මොකද එදා තරගයේදී කඩුලූ දෙකක් වැටිලා තිබුණ වෙලාවෙ මමත් අවුට් වුණානම් අපිට පීඩනය වැඩි වෙනවා. මොකද මම ගහන වෙලාවෙ අපිට ලකුණු ටිකක් ආපු නිසා තමයි පීඩනය ලිහිල් වුණේ. ඒ තරගයේදී කුසල් මෙන්ඩිස් අයියා සහ ඇන්ජලෝ මැතිව්ස් අයියා හොඳින් පිතිකරණයේ යෙදුන නිසා තමයි ඒ තරගය දිනන්න පුළුවන් වුණේ.’’
    ‘‘ඇත්තටම ලෝක කුසලානයට ක‍්‍රීඩා කරපු පළමු තරගයේදීම අර්ධ ශතකයක් වාර්තා කිරීමට පුළුවන් වුණා නම් ඒක ලොකු දෙයක්. නමුත් මට අර්ධ ශතකය අහිමි වීම ගැන නම් කනගාටුවක් තියෙනවා. ඒ පහර මම ගැහුව්වෙ වෙන තැනකට. නමුත් පන්දු රකින්නාගෙ අතටම ගියා. තව පොඞ්ඩක් එහා මෙහා වුණා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා. මම බැට් කරන වෙලාවෙ ගොඩක් පන්දු එවන්නෙ ඒ සීමාවෙ තමයි.’’



    :dull::dull::dull:




    Mendis Pkayagen Lorry Talk Denna Purudu wela Muuth



    :lol::lol::lol: