෴ ඇමරිකානු රාජ්‍ය රහස් ෴

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ෴ ඇමරිකානු රාජ්‍ය රහස් ෴

    ඇමරිකානු ජනපති සංචාරවල යෙදෙන සෑම අවස්ථාවකම:
    1. දහස් ගණනක් ඇමරිකානු කාර්යමණ්ඩලයක් ඔහු සමඟ සංචාරය කරනු ඇත.

    උදාහරණයක හැටියට මෑතකදී සිදුවූ මැලේසියානු සංචාරයේදී 1600ක කාර්ය මණ්ඩලයක් ඔබාමා සමඟ සහභාගී වූ බවත්, අවසන් වරට ඔබාමා ඉන්දියාවට පැමිණිමේදී 3000ක ඇමරිකානු නිළධාරීන් සහභාගී වූ බවත් වාර්තා වේ. මේ නිළධාරීන් අතරට රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන්, United States Secret Service (USSS) හි ස්නයිපර් භටයන්, තාක්ෂණික නිළධාරීන්, සහාය නිළධාරීන්, රියැදුරන් සහ ඔත්තුකරුවන් ඇතුලත්. මීට අමතරව ආරක්ෂක සුනඛයින්ද රැගෙන යන බව වාර්තා වනවා.

    02.jpg


    ඔබාමාගේ ආරක්ෂක රථ පෙළ

    2. ඔබාමාගේ ආගමනයට සතියකට පමණ පෙර හෙලිකොප්ටර් හා මෝටර් රථ සමඟ තවත් කාර්මණ්ඩලයක් පැමිණේ.

    “Beast” ලෙස හැඳින්වෙන ඔබාමාගේ නිල රථයට අමතරව තවත් Cadillac රථයක් සමඟ ජනපති ආරක්ෂක අංශයේ රථවාහන ද සතියකට පමණ පෙර අදාල ස්ථාන වෙත රැගෙන එනු ලබයි.

    03.jpg


    ඔබාමාගේ නිල රථය ප්‍රවාහණය කරන ආකාරය

    3. දින පහකට පමණ පෙර ආරක්ෂක අංශ විසින් සිය කාර්යභාරය ආරම්භ කරයි:

    ඔබාමා ගැවසෙන පෙදෙස් සම්පූර්ණ පරීක්ෂාවකට පත්කර ඒවා පිළිබඳ විශේෂ වාර්ථාවක් පිළියෙල කරයි. විකිණිමට තබා ඇති අවි ආයුධ පවා පරීක්ෂාවට ලක්කර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දේ සහ සැකකටයුතු දේ පිළිබඳව සොයාබලයි. රථ පෙළපාලිය ගමන්ගන්නා ප්‍රධාන ගමන්මාර්ගයට අමතරව තවත් ගමන්මාර්ග කිහිපයක්ම සූදානම් කරතබාගනියි. ඒ සෑම ගමන් මාර්ගයක් අවටම විශේෂ ස්නයිපර් භට කණ්ඩායම් රඳවා තබයි.

    04.jpg


    ඇමරිකානු රහස් ඔත්තු සේවයේ නිළධාරීන්

    4. ජනපති ආරක්ෂක අංශ සිය මූලස්ථානය ලෙස ආරක්ෂිත හෝටලයක් වෙන්කරගනියි.

    ජනපති ආරක්ෂක මූලස්ථානය සහ ජනපති නවාතැන්ගන්නා හෝටලය ලෙස තෝරාගෙන ඇත්තේ නව දිල්ලියේ ITC Maurya සුපිරි හෝටලයයි. මීට පෙර ඔබාමාගේ ඉන්දීය සංචාරයේදීත් ඔහු ඇතුළු පිරිස නවාතැන්ගෙන ඇත්තේ එම හෝටලයේමයි. වාර්තාවන ආකාරයට මේ හෝටලයේ ඔබාමාගේ කාමරය සඳහා පමණක් ගාස්තුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කි.

    05.jpg


    ඔබාමා මෙවර නවාතැන් ගත් ITC Maurya හෝටලය


    5. ජනපති ආරක්ෂක අංශ විසින් ජනපති සිටින පෙදෙසට ආසන්න පෙදෙස හඳුන්වන්නේ “Kill Zone” ලෙසයි.

    මෙම සීමාවට ඇතුල්වීමට උත්සාහ දරණ ඕනෑම කෙනෙකුට හෝ ඒ පෙදෙස් අනවසරයෙන් රැඳී සිටින ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා ඇමරිකානු රහස් සේවයේ (USSS) අයට අවසරය හිමිවේ.

    06.jpg


    “Game Day” ලෙස හැඳින්වෙන්නේ ජනපති සහභාගීවන උත්සවය හෝ සමුළුව පැවැත්වෙන දිනයයි. ඒ දිනයේදී ක්‍රියාපිළිවෙල තරමක් වෙනස්:
    #6. මෙවර ඉන්දීය ජනරජ දින රැළිය මෑත කාලීන ඇමරිකානු ජනපතිවරයෙක් මිනිත්තු 45කට වැඩි කාලයක් එළිමහනේ විවෘත රැළියකට සහභාගී වන ප්‍රථම අවස්ථාවයි.

    මෙවර ජනරජ දිනයේදී ජනපති ඔබාමා පැය 2කකට අධික එළිමහන් රැළියකට සහභාගී වීමට නියමිත අතර ඒ කාලය ජනපති ආරක්ෂක අංශ නිළධාරීන් හට වැඩි අවධානයකින් සිටීමට සිදුවේ

    07.jpg


    ඇමරිකානු ජනපති වැඩි වේලාවක් එළිමහනේ සිටින අවස්ථාව ලෙස ජනපති ලෙස ජාතිය අමතන ප්‍රථම අවස්ථාව හැඳින්වේ.

    7. ඔබාමාගේ Cadillac One රථය හැරුණුකොට වෙනත් රථයක ඔබාමා ගමන්ගන්නා ප්‍රථම අවස්ථාවත් මෙය විය හැකියි.

    ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය අනුව ආරාධිත අමුත්තා රාජ්පත් සිට රාෂ්ඨපති භවන් දක්වා ගමන්ගන්නේ ඉන්දීය ජනපති සමඟයි. නමුත් ඔබාමාගේ Cadillac One රථය හඳුන්වා දීමත් සමඟ මේ වනතෙක් ඔහු වෙනත් කිසිදු වාහනයක ගමන්ගෙන නැහැ. කෙසේ නමුත් ඉන්දීය ආරක්ෂක නිළධාරීන් පවසන්නේ ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය වෙනස් කළ නොහැකි බවයි. එ බැවින් බොහෝවිට ඔබාමා, නරේන්ද්‍ර මෝඩි සමඟ මෝඩිගේ රථයේ ගමන්කරනු ඇති නමුත් ඔබාමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු වුවහොත් ඔබාමාගේ Cadillac One (The Beast) මෝටර් රථයත් මෙවර රථ පෙළපාලියට එකතු වනු ඇත.

    08.jpg


    මීටඅමතරව ඉන්දීය රජයත් ජනපති ඔබාමාගේ ආරක්ෂාව උදෙසා විශේෂ පියවර අනුගමනය කර ඇත.
    #8. ඔබාමාගේ සංචාරය අතරතුර ආරක්ෂාව සඳහා දිල්ලි නගරයේ 15000කට අධික ආරක්ෂක කැමරා සවිකර ඇත.

    09.jpg


    9. රැලියට දින 3කට පෙර සිට රාජ්පත් හි සියළුම දුම්රිය ස්ථාන, රාජ්‍ය ආයතන සහ මාර්ග වසා ඇත.

    10.jpg


    10. ජනරජ දිනයේ රැළිය පැවැත්වෙන ස්ථානයේ සිට කිලෝමීටර් 450ක ප්‍ර දේශයක අහස ගුවන්යානා හෝ වෙනත් පියාසර යානා ගමන් කිරීම තහනම් කර ඇත.

    11.jpg


    11. ඇමරිකානු ජනපති ගමන්ගන්නා යානය හැඳින්වෙන්නේ Air Force One ලෙසයි.

    මෙවර ඉන්දීය ගමනේදී ඔබාමා ගමන් ගන්නා යානය Air Indian One නමින් හැඳින්වෙන අතර එම යානයත් Air Force One මෙන්ම තාක්ෂණයෙන්, පහසුකම් වලින් හා ආරක්ෂාවෙන්ද උසස් බවයි පැවසෙන්නේ.

    12.jpg


    12. ජනපති හා පිරිස ප්‍රවාහනයට ජෙට් යානා එකක් නොව දෙකක් යොදාගන්නා අතර අනෙක් යානය අමතර යානයක් ලෙසයි රැගෙන යන්නේ.

    14.jpg


    13. ඇමරිකානු ජනපතිගේ නිළ කාමරය වන Oval Office කාමරය මෙන්ම Air Force One ගුවන් යානයේ අභ්‍යන්තරය නිමවා ඇත.

    15.jpg


    14. එම යානයට මිසයිල මඟහැර ගමන් කල හැක.

    16.jpg


    15. 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ප්‍රධාන පෙලේ ආරක්ෂක ස්ථාන වලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ජනපතිගේ ආරක්ෂක ස්ථානය වූයේත් Air Force One යානයයි.

    17.jpg


    ගුවන් ගමනට වඩා සැපපහසු ආරක්ෂිත ආකාරයටයි ඔබාමාගේ නිල රථය Cadillac One නිපදවා ඇත්තේ.

    16. Cadillac Limo මෝටර් රථයක පෙනුම තිබුනත් මේ රථයේ එංජිම ට්‍රක් රථ එංජිමක්.

    18.jpg


    මේ දැක්වෙන්නේ එවැනි එංජිමක් සහිත කැඩිලැක් රථයක්
    17. නිල රථයේ දොරක බර = බොයිං 757 යානයක දොරක බර

    අඟල් 8ක් ඝණකම ඇති මෝටර් රථයේ වීදුරු අඟල් 5ක් පමණ ඝණකමකින් යුක්තයි.


    19.jpg


    18. මේ කාරය මිසයිල ප්‍රහාරයකට වුවත් පහසුවෙන් ඔරොත්තු දෙයි.

    20.jpg


    19. අංශක 180ක කෝණයකින් මෝටර් රථය හැරවිය හැකි අතර ජනපති ඔබාමාට න්‍යශ්ඨික ප්‍රහාරයක් පවා සිය මෝටර් රථයේ සිට මෙහෙයවිය හැක.

    22.jpg



    20. ඇමරිකානු ජනපතිගේ ඉන්දීය ගමනේ වැඩකටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන ගණනක් වැයවේ.

    ඉන්දීය පුවත් වාර්ථා කරන අයුරින් ඔබාමාගේ ඉන්දීය සංචාරයේ කටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන 200කට අධික මුදලක් වැයවේ. (රුපියල් කෝටි 2644කට ආසන්න මුදලක්)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඒකට අපේ ජනාධිපතිතුමා. ඊය. දිවුරුම් දීමට දහදහක්වත් වැය කලේ නෑ. අපි මේව ගැන ලැජ්ජ වෙන්න ඕනෙ. මහින්ද හිටියනම් මෙහෙම වෙන්නෑනෙ. එහෙනං ඔබාමත් එක්ක තරඟෙට වියදම් කරන්නෙ. දැන් ඉන්න ජනාධිපතිත් එක්ක ඇමරිකාවට ලඞ්කාව ගේමක් නෑ සිඞ්හලු. යහපාලනය කියන්නෙ මේකද :P
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ara ranjan wage ekek america we hitiya nam iwarai aiyo salli lol :lol:

    ජනපති හා පිරිස ප්‍රවාහනයට ජෙට් යානා එකක් නොව දෙකක් යොදාගන්නා අතර අනෙක් යානය අමතර යානයක් ලෙසයි රැගෙන යන්නේ.

    ai dekak yanne,emergency ekakadi kohomada anith eka use karanne? :confused:
    MR yaddi helicopter dekak use karanawa kiyala anura kumara kiyala thibba ai ekak kadunoth anith ekata paninnada kiyala, mekai scene eka api nodanna labbawal gana talks denna kalin,ewa gana hoda idea ekak ganna ona,naththam kisima therumak naha :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ara ranjan wage ekek america we hitiya nam iwarai aiyo salli lol :lol:

    ජනපති හා පිරිස ප්‍රවාහනයට ජෙට් යානා එකක් නොව දෙකක් යොදාගන්නා අතර අනෙක් යානය අමතර යානයක් ලෙසයි රැගෙන යන්නේ.

    ai dekak yanne,emergency ekakadi kohomada anith eka use karanne? :confused:
    MR yaddi helicopter dekak use karanawa kiyala anura kumara kiyala thibba ai ekak kadunoth anith ekata paninnada kiyala, mekai scene eka api nodanna labbawal gana talks denna kalin,ewa gana hoda idea ekak ganna ona,naththam kisima therumak naha :yes:

    ඔව් නේද ලංකාව කියන්නෙත් ලෝකේ දියුණුම රටක් සහ ලෝක බලවතෙක්නේ ඉතින් ඇමරිකාවට නෙදෙවෙනි විදිහට අපිත් වියදම් කරන්න එපයි :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ඒකට අපේ ජනාධිපතිතුමා. ඊය. දිවුරුම් දීමට දහදහක්වත් වැය කලේ නෑ. අපි මේව ගැන ලැජ්ජ වෙන්න ඕනෙ. මහින්ද හිටියනම් මෙහෙම වෙන්නෑනෙ. එහෙනං ඔබාමත් එක්ක තරඟෙට වියදම් කරන්නෙ. දැන් ඉන්න ජනාධිපතිත් එක්ක ඇමරිකාවට ලඞ්කාව ගේමක් නෑ සිඞ්හලු. යහපාලනය කියන්නෙ මේකද :P
    මහින්දට වගෙ ජිවිත තර්ජන තියෙනවාද සිරිසෙන මහත්තයාට:P