෴ චීන බෞද්ධ කතා ෴

෴ චීන බෞද්ධ කතා ෴

පණට පණ

හරිත වනය මැදින් ඇළදොළ ගලාගියේ හීන් හඩ නගමිනි.වන මලින් සැරසුණු නිවසක ගෙමිදුලේ පිරිමි දරුවෙක් කෙළිදෙළෙන් පසු විය.විදුලි වේගයෙන් දිව ආ මුව පොවව්වෙක් දරුවාගේ ඇදුමක් අං තට්ටුවේ පටලවාගෙන හැල්මේ දිව ගියේය.මහත් සේ බියට පත් වූ දරුවා බෙරිහන් දිනි.ඒ ශබ්ධය ඇසී කලබලයෙන් දිව ආ මව දුටුවේ කදු අතරින් වේගයෙන් දිව යන මුව පොවුවෙකු සහ තම ඇදුම ගැනීමට ඌ පසු පස දිව යන තම දරුවාය.මුසපත් වූ ඇය මුව පොව්වා හඹා ගියේය.වැඩි දුරක් යාමට පෙර තම දරුවා තණබිමක සුරක්ෂිතව වාඩි වී සිටිනු ඇයගේ නෙත ගැටිණි.මව දුටු දරුවා හිනැහෙමින් දෑත දිගු කළේය.ඔහු වැලදගත් මව සතුටු කදුළු සැලුවාය.

ඇය යළි පැමිණි විට දුටුවේ ඇදහිය නොහැකි දසුනකි.මුව පොව්වා හඹා ගිය මොහොතේ රූස්ස ගසක් ඇයගේ නිවස මත කඩා වැටී තිබූ අතර ගසේ බරට ගෙය කුඩු පට්ටම් වී තිබුණි.දරුවාත් සමග ඇය නිවසේ සිටියා නම් සිදු වන්නේ මහා විනාශයකි.දඩයක්කරුවෙකුගෙන් බේරීමට පැන ආ මුව පොව්වෙකු වසරකට පෙර තම අතු පැලට කඩා වැදුණු අයුරු මවට සිහිපත් විය.එදා එම මුව පොව්වා දුටු මවගේ සිත්සතන් අනුකම්පාවෙන් පිරිණි.රෙදි කැබැල්ලක් ගත් ඇය මුව පොව්වා හණිකට සගවා තැබුවාය.දඩයක්කාරයා මුව පොව්වා පිටුපස දොරෙන් පැන යන්නට ඇතැයි සිතා කෝපයෙන් වෙව්ලුවේය.ඔහු මිදුලට පැන වියරුවෙන් මෙන් යළි කැළයට දිව්වේය.මව රෙදි කැබැල්ල ඉවත් කර මුව පොව්වා කැළයට මුදා හැරියාය.

තමා එදා දැක් වූ මෛත්‍රී කරුණාව ගැන මුව පොව්වාට මතක තිබෙන්නට ඇතැයි ඇයට නිකමට වත් සිතුනේ නැත.රූස්ස ගස් වැටී ඇයත් දරුවාත් මියැදෙන බව මුව පොව්වා කලින් දැන සිටියාද?ඌ යළි පැමිණ දරුවාගේ ඇදුමක් අං තට්ටුවේ පටලාගෙන දිව්වේ කෙළෙහි ගුණ සලකීමටද "තවත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම තම ජීවිතය බේරා ගන්නවා වගේ තමයි"ඇයට කියවිණි.


නමස්කාර සගරාවෙන්. ෴
 
  • Like
Reactions: rcccc and MNV