෴ දුප්පත් කම සහ ආදරය ෴

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    ෴ දුප්පත් කම සහ ආදරය ෴

    attachment.php



    එක්තරා දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගැහැණු ළමයෙකුට තදින්ම ආදරය කළා.. කොහොම හරි අන්තිමට මේ පිරිමි ළමය අර ගැහැණු ළමයට තමන්ගේ ආදරය ප්‍රකාශ කළා.. ගත් කටටම අර පොහොසත් ගැහැණු ළමයා මෙන්න මෙහෙම උත්තර දුන්නා..

    "අහන්න, ඔයාගේ මාසෙ පඩිය හරියට මගේ දවසේ වියදම් ගාන වගේ.. කොහොමද ඔයා මට කන්න අඳින්න දෙන්නෙවත්.. ඔයා කියන්නේ මට ඔයාට ආදරේ කරන්න කියලද..? ඒක කවදාවත් වෙන්නේ නෑ.. අමතක කරල මාව තමන්ගේ තත්වයට ගැළපෙන කෙනෙක් හොයා ගන්න"

    නමුත් මේ දුප්පත් පිරිමි ළමයට මේ ගැහැණු ළමයව අමතක කරන එක නම් ලේසි උනේ නෑ..

    ඊට අවුරුදු දයකට පස්සේ මේ දෙන්න අහම්බෙන් වගේ මුණ ගැහුණා සාප්පු සංකීර්ණයකදී...

    "හේයි, ඔයා මෙහේ.. කොහොමද ඔයාට.? දැන් මම කසාද බැඳලනේ..ඔයා දන්නවද මගේ හස්බන්ඩ්ගේ සැලරි එක..? මාසෙකටම රුපියල් ලක්ෂ දෙකක්.. හිතා ගන්න පුළුවන්ද..? ඒ වගේම එයා ගොඩක් ලස්සනයි.." කාන්තාව අර පිරිමි ළමයට කිව්වා..

    තමන් පණටත් වඩා ආදරේ කල කෙල්ල තමන්ට මෙහෙම කියද්දී අර පිරිමි ළමයාගේ ඇස් කඳුළු වලින් තෙත් උනා..

    විනාඩි කිහිපයක පසුව ඇගේ හස්බන්ඩ් මේ දෙන්න ළඟට ආවා.. ඇය කිසිවක් හස්බන්ඩ්ට පහදල දෙන්න ඉස්සෙල්ල මේ පිරිමි ළමයා දැක්ක ගමන්ම හස්බන්ඩ් කතා කරන්න පටන් ගත්තා...

    "සර්, ඔයා මෙතන..මේ මගේ වයිෆ්" එහෙම කියල ඔහු ඇය වෙතට හැරිලා "ඔයා දන්නවද බබා, මම මිලියන 200ක ප්‍රොජෙක්ට් එකක් කරන්න යන්නේ මේ සර් එක්ක.. ඔයා දන්නවද මේ සර් කාලයක් තිස්සේ ගැහැණු ළමයෙක්ට ආදරේ කරල තියෙනවා.. ඒත් ඒ ගැහැණු ළමය අකමැති වෙල සර්ව නොසළකා හැරිය නිසාලු සර් තවමත් කසාද නොබැඳ ඉන්නේ.."

    •●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
    ☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆'·.¸✮'·.¸☆☆...'·.¸✮'·.¸☆

    **මේ කාතාවෙන් ලොකු පණුවුඩයක් අපිට දෙනවා නේද..? ජීවිතය කියන්නේ එතරම් කෙටි එකක් නෙවෙයි. ඉතින් ඔයා මේ කාලේදි ඔයා ගැන වැඩිය ආඩම්බර වෙන්න යන්න එපා.. අනුන්ව හෙළා දකින්න යන්න එපා.. මොකද ජීවිතය තත්පරයෙන් තත්පරය වෙනස් වෙනවා... සෑමකෙනක්ම අනුන්ගේ ආදරයට ගරු කළ යුතුයි**


    උපුටා ගැනීම- Dreams of Paradise-Facebook
     

    Attachments

    • 386532_281092938594059_154818097888211_708830_229525387_n.jpg
      386532_281092938594059_154818097888211_708830_229525387_n.jpg
      57.8 KB · Views: 166

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    Ow,,meka godak aththa kathaawak,salli,lassana,posh kama thamai hoyanne dan kello godak,,e wagena godak kello me wage thamai,,e wagema wada tika karaganna witharai godak aya inne,,projects,tutes,exam walata help ganna thama uni kaaledi enne godaak aya,,matath ehema athdakimak thiyanawa,,hama udawwakma aran anthimata lagadi kiwwa apahu mesg call eka ayya kiyala..awrudu 2.5k thisse pissek wage love kalaata jara widiyata kiyala anthimata e wachanath ahaganna labuna,,oka thamai godak kellonge aththa thathwe,wasiyata witharai,,bohoooma tika denai inne hoda kello,,e wage kellek labanna pin karannath ona :(
     
    • Like
    Reactions: MSaman