෴|| ලෝකයේ කටු සහිත ශරීර ඇති සත්තු 10 || ෴

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ෴|| ලෝකයේ කටු සහිත ශරීර ඇති සත්තු 10 || ෴

    Hedgehog


    hedgehog%201.jpg

    babyhedgehog.jpg

    cute-japanese-hedgehog7.jpg


    ඕගොල්ලොන්ට සොනික්ව මතක ඇතිනේ ? සොනික් කාටුන් එකේ ඉන්නෙත් මේ ජාතියට අයත් ඉත්තෑවෙක් තමයි. සිරා, අහිංසක කාගේත් ආදරය දිනාගන්න පෙනුමක් තමයි මේගොල්ලොන්ට තියෙන්නේ. විවිධ වූ වර්ග 17ක ඉත්තෑවන් මේ ගොඩට අයත් වෙනවා. මේගොල්ලෝ ආහාරයට ගන්නේ කුඩා කෘමින් වගේ සත්තු.


    Porcupine

    porcupine_1369943i.jpg

    6ac791b4e939d4dc4104c64b1b0a68ea.jpg

    කොහොමද කටු ගොඩ :shocked:
    Porcupine-Walking-credit-iStock-177703348-630x416.jpg


    මේ කියන්නෙත් ඉත්තෑ වර්ගයක් ගැනම තමයි. කලින් කියපු ජාතියෙන් මේගොල්ලෝ වෙනස් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආහාර වලින්. මේගොල්ලෝ තමයි ලොව තුන්වනුවට විශාලම දත්වලින් හපන සත්ව විශේෂය. මේ ජාතියට අයත් විවිධ ඉත්තෑ වර්ග 29ක් පමණ ඉන්න බවට වාර්තා වෙනවා. මේ හැමෝටම ඒගොල්ලොන්ට අවේනික තියුණු කටු සහිත ආවරණය තියනවා.


    Echidna

    14_VL_Echidna_3.jpg


    echidnat3_.jpg


    echidna2.jpg


    මේගොල්ලෝ අයිති වන්නේ ක්ෂීරපායි සත්ව ගණයට. සාමාන්‍යයෙන් ක්ෂීරපායින් බිත්තර දැම්මේ නැති උනාට මේගොල්ලෝ බිත්තර මගින් තමයි බෝවෙන්නේ. මෙගොල්ලොන්ට කූරු ඈයා කියලත් කියනවා. මොවුන් සතුව ඇති දිග හොටක් වැනි පිහිටීම නාසය මෙන්ම කට විදියටත් භාවිත කෙරෙනවා. මොවුන්ගේ විවිධ ප්‍රභේද 4ක් සොයාගැනීමට හැකි වන අතර ආහාරයට ගන්නේ කුඹින් සහ වේයන්වයි.


    Thorny dragon (Moloch horridus)

    Thorny-Devil.jpg

    489886347_42edf379cb_b.jpg


    Dragon කියල නම තිබ්බට මේගොල්ලෝ ගිනි පිඹින මකරු නම් නෙමෙයි. මේගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කටුස්සන් විශේෂයක්. අවුරුදු 20ක් පමණ ජීවත් වන මෙම සතුන් ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 20ක් පමණ ලොකුවට වැඩෙනවා. මෙගොල්ලොන්ගේ මුළු ශරීරයම කෝන් හැඩති කටු වලින් ආවරණය වෙලා තියෙන්නේ. බෙල්ල පිටිපස්සේ ඔලුවක් වගේ පේන කොටසකුත් තිබ්බට ඒක ඇත්තම හිසක් නම් නෙමෙයි. සිරා කටු සහිත සතෙක් වගේම සිරා කටුස්සෙක් කියලත් හඳුන්වල දෙන්න පුළුවන්.


    Sea Urchins

    sea-urchins08-sea-urchin_17935_600x450.jpg

    1297662931wexpbhj3.jpg


    මුහුදු ඉකිරි නැත්තන් Sea Hedgehog කියලත් හඳුන්වනවා. මේගොල්ලෝ ගෝලාකාර , ඒවගේම කටු සහිත කුඩා සතුන් කොටසක්. විවිධ වර්ගයේ සත්ව විශේෂ 950ක් පමණ මේ ගණයට අයිති වෙනවා.එම සතුන් විවිධ ප්‍රමාණ වලින් , විවිධ වර්ණ වලින් , ලෝකයේ විවිධ ප්‍රදේශ වල මුහුදේ විවිධ ගැඹුරු මට්ටම් වල ජීවත් වේ. නොගැඹුරු ජලයේ සිටින මුහුදු ඉකිරි නම් අපිට වුනත් පෑගෙන්න පුළුවන් හින්ද ටිකක් පරිස්සම් වුනොත් හොඳයි.


    Porcupinefish

    Porcupine%20Fish%20.jpg

    porcupinefish.jpg

    porcupinefish-pic.jpg


    Blowfish හා Balloonfish යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. විලෝපිකයන්ගෙන් ආරක්ෂාවීමේ මාර්ගයක් ලෙස තම ශරීරය පුම්බා ගන්නා මෙම මාළු විශේෂය පෙනෙන්නේ කටු සහිත බෝලයක් ලෙසයි.


    Spiny Oakworm Moth (Anisota stigma)

    66562530.sioQLbMA.caterpillar2.jpg

    75c-anisota-stigma.jpg


    මෙම සලබයා ආහාරයට ගන්නේ ඕක් බැවින් මෙම නම ලැබී තිබෙනවා. මැසචුසෙට් සහ දකුණු ඔන්ටාරියෝ සිට ෆ්ලොරිඩා දක්වාත් , බටහිර මිනේසොටා, කැන්සාස් සහ ටෙක්සාස් වලින් හමුවේ.


    Crown of thorns starfish

    thorns.jpg

    crown-of-thorns-starfish-phuket-big.jpg

    ocean311crosta_003_rep.jpg


    පසැගිල්ලන් වර්ග 1500ක් පමණ හමුවන අතර ඉන් බොහෝ දෙනෙකුට කටු සහිත ශරීර ආවරණ තිබේ. Crown of thorns starfish නම් පසැගිල්ලා ඒ අතර සුවිශේෂී ලෙස සැලකිය හැක. සෙන්ටිමීටර 25ත් 35ත් අතර ප්‍රමාණයට වැඩෙන මෙම විශේෂයට මෙම නම ලැබී ඇත්තේ මෙම විෂ කටු මගින් ඔටුන්නක ස්වරුපයක් ලබා දෙන බැවිනි. විශාලම පසැගිල්ලන්ගෙන් එකෙකි.


    Armadillo spiny tailed lizard

    tumblr_m4e98dWqB21qkrbwao4_1280.jpg

    spiny-tailed-armadillo-lizard.jpg

    2277376504_7f300aeb8a_z.jpg


    දකුණු අප්‍රිකාවේ කාන්තාර වලින් හමුවේ. මෙගොල්ලොන්ට කොච්චර හයියෙන් හපන්න පුළුවන් ද කිව්වොත් තමන්ගේම හක්ක උනත් කැඩිලා යන්න පුළුවන්. මෙගොල්ලොන්ගේ තවත් සිරා ලක්ෂණයක් තමයි ඒගොල්ලොන්ට අනතුරක් කියල හිතුනම නැට්ට අරන් කටේ ඔබාගෙන බෝලයක් වගේ වෙන එක.

    Spiny Orb-weaver (Gasteracantha)

    3881153862_f7fa751903.jpg

    MQTRYKBR3KURSQORSQJR20H0N0R0E0JRN0TRQQFR7QAR80DQ70R0E0L0U0R090K0P0DR90L0SQ.jpg

    5480981427_7a898c6b33_z.jpg


    Spiny-backed orb-weavers නමින්ද හඳුන්වනවා. මෙම ගණයට අයත් විශේෂ 70ක් පමණ හමුවෙනවා. විශ්කම්භයෙන් මිලිමීටර 30ක් පමණ වෙනවා. ලොව පුරා විවිධ රටවල් වලින් හමු වන අතර මිනිසුන්ට කිසිසේත්ම හානියක් ඇති නොකරයි. එකම ප්‍රශ්නය තමයි ඒගොල්ලොන්ගේ පෙනුම හින්ද දැක්ක ගමන් බයවෙන ගතිය.


    :D;):cool: