෴ සර්ප ලෝකයේ හැඩකාරයෝ ෴
දකුණු ඇමෙරිකාවේ වැසි වනාන්තර වල ජීවත් වෙන මෙම සර්පයාගේ පැහැය ත්‍රවූ කොළ වේ. අධික විෂ සහිත සතෙකු නොවුණද මෙම සර්පයාගේ විෂ දිගුකාලීනව ශරීරගත වීම නිසා යම් යම් ආසාදන තත්වවලට මුහුණ දීමට සිදුවේ. මොවුන්ගේ වැඩිහිටි සතෙකු අඩි හයක් පමණ දිගින් යුක්තය. තීව්‍ර ලෙස වර්ධනය වූ ඉදිරිපස දත් අනිකුත් සර්පයන්ගේ දත්වලට වඩා ප්‍රමාණයෙන් විශාල අතර ඒවා විෂ දල ලෙස හඳුන්වයි. මහතින් වැඩිම ස්ථානයක විශ්කම්බය අඟල් අටක් පමණ වේ. කොළ පැහැති සිරුර මත විසිරුණු සුදු හා කහ පැහැති කොරපොතු නිසා මොවුන් පහසුවෙන් හඳුනාගත හැකි වේ.
අධික විශ සහිත සර්පයෙකු ලෙස හැඳින්විය හැකි මොවුන් වියළි කලාපීය වනාන්තර වල වැඩි වශයෙන් ජීවත්වේ. මොවුන්ගේ ඛේටයෙහි ඇති විශ, ඕනෑම සත්වයයෙකු අඩපන කිරීමට සමත් වේ. මීඨ අමතරව මාස තුනකට වරක් පමණ ඔවුන් ශරීරයෙන් ඉවත් කරන සමෙහි බාහිකයද විෂ සහිතය. එම සතුන්ගේ මෙන්ම මිනිසාගේද සමේ ආසාදන ඇති විය හැකිය. වැඩිහිටි සර්පයෙකු අඩි 6.5ක් දක්වා දිගින් වැඩේ. රතු, දුඹුරු හෝ තැඹිලි, සුදු හා කළු පැහැය නිසා මොවුන් සර්ප ලෝකයේ කැපී පෙනේ. Thamnophis නමින් හඳුන්වන්නේද Coast Grater සර්පයාමය.
වර්ණවත් කොළ පැහැති මොවුන් Long Nosed Whipped Snake ලෙස හඳුන්වයි. Ahaetulla Nasuta යන විඳ්‍යාත්මක නාමයෙන්ද හඳුන්වයි. මොවුන් වැඩි වශයෙන් ජීවත් වන්නේ ආසියාතික වනාන්තරවලය. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය ඒ අතරින් ප්‍රමුඛවේ. මධ්‍යම ප්‍රමාණයේ විශ සහිත මෙම සර්පයා වැඩි වශයෙන් දෂ්ඨ කරන්නේ දිවා කාලයේදීය. ඉතා සෙමින් ගමන් කරන, අඩි කිහිපයක් දුරට පැනිය හැකි ලෙස ඔවුන් හැඩගැසී තිබේ. අඩි 4ක පමණ දිගින් යුතු මොවුන්ගේ ශරීරයේ කොළ පැහැය අතර සුදු සහ කළු පැහැති රටාවක් විසිරි තිබේ. දියමන්තියක හැඩය ගන්නා හිසත්, උල් වූ මුවත් නිසා මොවුන් අනිකුත් සර්පයන්ගෙන් වෙන් කොට හඳුනාගත හැකිය.
Python නොහොත් පොළඟා නමින් හඳුන්වන මොවුන් පොළොං විශේෂයේ වර්ණවත්ම සර්පයා ලෙස සැලකේ. Python Molurus Bivittatus යන විද්‍යාත්මක නමින්ද මොවුන් හඳන්වයි. මෙම සර්පයා විශේෂ කිහිපයකින් යුතුවන අතර Indian Python ලෙස හඳන්වන ඉන්දියානු පොළඟුන් ලොව විශාලත්වයෙන් 6 වන ස්ථානය ගන්න සර්පයන් බවට පත්වී තිබේ. ගිනිකොණදිග ආසියාව නිජබිම කරගත් මෙම සර්පයන් අඩි 18ක් දක්වා දිගින් වැඩේ අඩි 18ක දිගක් සහිත පොළඟෙකු කිලෝ 70-75 අතර බරකින් යුක්තය. ගොදුරක් වෙලා ගැනීමෙන් අඩපණ කර දැමිය හැකි ලෙස හැඩගැසී ඇති මොවුන්ගේ සිරුර කටු වැනි කොරපොතු නිසා ලිස්සන සුදු ස්වභාවයක් නැත. ඔවුන්ගේ සිරුරේ ඉහළ ප්‍රෙද්ශය තීව්‍ර කහ පැහැයෙන්ද පහළ ප්‍රදේශය සුදට හුරු කහ පැහැයෙන්ද යුත් වේ. සුදු පැහැති වයිරම් රටාව නිසා අලංකාර බවක් ලැබී තිබේ.
නිව්ගිනියාව, ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව නිජබිම කරගත් මොවුන් විද්‍යාත්මකව හඳුන්වන්නේ Morelia Spilota නමිනි. Diamond Python නමින්ද මොවුන් හඳුන්වයි. මොවුන්ගේ ගොදුරු ඩැහැගැනීමේ ක්‍රමවේදය වන්නේද වෙළාගැනීම සහ ගොදුර අඩපණ වනතුරු ටිකින් ටික හිරකිරීමයි. දිගින් අඩි 12ක් පමණ දිගුවන මොවුන් කහ පැහැයට හුරු කොළ පැහැයකින්ද, සිරුර මත පැතිරුණු සුදු හා කළු පැහැති රටාවකින්ද යුක්තයි.
Bitls Nasicornis යන විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම සර්ප විශේෂය මධ්‍යම අප්‍රිකාවේ බහුලව ජීවත් වේ. තරබාරු සර්ප ගණයට අයත් මොවුන් දිගින් සෙන්ටිමීටර් 75-105 ප්‍රමාණයට වර්ධනය වේ. දුඹුරු පැහැ සිරුරේ කහ, සුදු පැහැති රටා සහිත මෙම සර්පයන් විෂ සහිත දළ යුගලයකින්ද යුක්තය. River Jack ලෙස හඳුන්වන්නේද මොවුන්ය.
වර්ණවත් තැඹිලි පැහැයකින් යුතු මෙම සර්ප විශේෂය ජීවත් වන්නේ කොස්ටරිකා, පැනමා සහ දකුණු ඇමෙරිකාවේ උත්තර ප්‍රදේශවලය. මීඨ අමතරව වෙනිසියුලාව, කොලොම්බියාව, ඉක්වදෝරය, පේරු, බොලීවියාව සහ බ්‍රසීලයෙන්ද මොවුන්ගේ යම් යම් විශේස සොයාගත හැකිවේ. දිගින් අඩි 10-18ත් අතර වන මොවුන්ගේ හිස දියමන්තියක හැඩය ගනී. Corallus Enydris යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මොවුන් මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිත දළ 2කින් යුක්තය.
ගිනිකොණදිග ආසියාවෙන් හමුවන මොවුන්ගේ ශරීරයේ ඇති විශේෂත්වය වන්නේ හිසේ සිට අඟ කෙළවර දක්වා එකම මහතකින් යුතු වීමය. වර්ණවත් කොළ පැහැති සිරුරේ කළු පැහැයට හුරු රතු පාටින් කොටු වැනි කොරපොතු පිහිටා තිබේ. ඉතා පහසුවෙන් වැඩි කාලයක් ගස් මුදුන්වල කොළ අතර සැඟවී ජීවත් වේ. මීඨර් 2-5 පමණ දිගින් වැඩෙන ශරීරයකින් යුතු මොවුන්ගේ ජීවිත කාලය වසර 15ක් පමණ වේ. ප්‍රමාණයෙන් කුඩා කුරුල්ලන් සහ කුඩා ක්ෂීරපායී සතුන් මොවුන්ගේ ප්‍රධාන ආහාරයයි. Gonyosoma Oxycphalum යන විද්‍යාත්මක නමින්ද හඳුන්වනු ලබයි. විශ සහිත සතෙකු නොවන අතර, ගොදුර ගිල දැමීමේ ක්‍රමවේදය අනුගමනය කරයි. සාමානය විවහාරයේ ගැරඬියා ලෙස හඳුන්වයි.
කුරුලු ලෝකයේ මෙන්ම මත්ස්‍යය ලෝකයේද විසිතුරු වර්ණවත් සත්වයන් ජීවත්වන බව දැක තිබේ. ලොව වැඩිම වර්ණ සංඛ්‍යාවක් සහිත සතුන් ඇත්තේද කුරුලු ලෝකයේය. නමුත් මෑතක සිට අප්‍රසන්න හැඟීම් දනවන උරග ලෝකයෙන් ද දීප්තිමත් තීව්‍ර වර්ණ සහිත සර්පයන් හමුවන්නට පටන්ගෙන තිබේ. සර්පයෙකු දුටු විට ඇතිවන අප්‍රසන්න හැඟීම මෙවැනි වර්ණවත් සර්පයන් දුටු විට ඇති නොවීමේ පුදුමයක් නැත.
1.Emerald Three Boa
1.Emerald Three Boa
දකුණු ඇමෙරිකාවේ වැසි වනාන්තර වල ජීවත් වෙන මෙම සර්පයාගේ පැහැය ත්‍රවූ කොළ වේ. අධික විෂ සහිත සතෙකු නොවුණද මෙම සර්පයාගේ විෂ දිගුකාලීනව ශරීරගත වීම නිසා යම් යම් ආසාදන තත්වවලට මුහුණ දීමට සිදුවේ. මොවුන්ගේ වැඩිහිටි සතෙකු අඩි හයක් පමණ දිගින් යුක්තය. තීව්‍ර ලෙස වර්ධනය වූ ඉදිරිපස දත් අනිකුත් සර්පයන්ගේ දත්වලට වඩා ප්‍රමාණයෙන් විශාල අතර ඒවා විෂ දල ලෙස හඳුන්වයි. මහතින් වැඩිම ස්ථානයක විශ්කම්බය අඟල් අටක් පමණ වේ. කොළ පැහැති සිරුර මත විසිරුණු සුදු හා කහ පැහැති කොරපොතු නිසා මොවුන් පහසුවෙන් හඳුනාගත හැකි වේ.
2.Coast Grater Snake
අධික විශ සහිත සර්පයෙකු ලෙස හැඳින්විය හැකි මොවුන් වියළි කලාපීය වනාන්තර වල වැඩි වශයෙන් ජීවත්වේ. මොවුන්ගේ ඛේටයෙහි ඇති විශ, ඕනෑම සත්වයයෙකු අඩපන කිරීමට සමත් වේ. මීඨ අමතරව මාස තුනකට වරක් පමණ ඔවුන් ශරීරයෙන් ඉවත් කරන සමෙහි බාහිකයද විෂ සහිතය. එම සතුන්ගේ මෙන්ම මිනිසාගේද සමේ ආසාදන ඇති විය හැකිය. වැඩිහිටි සර්පයෙකු අඩි 6.5ක් දක්වා දිගින් වැඩේ. රතු, දුඹුරු හෝ තැඹිලි, සුදු හා කළු පැහැය නිසා මොවුන් සර්ප ලෝකයේ කැපී පෙනේ. Thamnophis නමින් හඳුන්වන්නේද Coast Grater සර්පයාමය.
3.Green Vine Snake
වර්ණවත් කොළ පැහැති මොවුන් Long Nosed Whipped Snake ලෙස හඳුන්වයි. Ahaetulla Nasuta යන විඳ්‍යාත්මක නාමයෙන්ද හඳුන්වයි. මොවුන් වැඩි වශයෙන් ජීවත් වන්නේ ආසියාතික වනාන්තරවලය. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය ඒ අතරින් ප්‍රමුඛවේ. මධ්‍යම ප්‍රමාණයේ විශ සහිත මෙම සර්පයා වැඩි වශයෙන් දෂ්ඨ කරන්නේ දිවා කාලයේදීය. ඉතා සෙමින් ගමන් කරන, අඩි කිහිපයක් දුරට පැනිය හැකි ලෙස ඔවුන් හැඩගැසී තිබේ. අඩි 4ක පමණ දිගින් යුතු මොවුන්ගේ ශරීරයේ කොළ පැහැය අතර සුදු සහ කළු පැහැති රටාවක් විසිරි තිබේ. දියමන්තියක හැඩය ගන්නා හිසත්, උල් වූ මුවත් නිසා මොවුන් අනිකුත් සර්පයන්ගෙන් වෙන් කොට හඳුනාගත හැකිය.
4.Albino Burmese Python
Python නොහොත් පොළඟා නමින් හඳුන්වන මොවුන් පොළොං විශේෂයේ වර්ණවත්ම සර්පයා ලෙස සැලකේ. Python Molurus Bivittatus යන විද්‍යාත්මක නමින්ද මොවුන් හඳන්වයි. මෙම සර්පයා විශේෂ කිහිපයකින් යුතුවන අතර Indian Python ලෙස හඳන්වන ඉන්දියානු පොළඟුන් ලොව විශාලත්වයෙන් 6 වන ස්ථානය ගන්න සර්පයන් බවට පත්වී තිබේ. ගිනිකොණදිග ආසියාව නිජබිම කරගත් මෙම සර්පයන් අඩි 18ක් දක්වා දිගින් වැඩේ අඩි 18ක දිගක් සහිත පොළඟෙකු කිලෝ 70-75 අතර බරකින් යුක්තය. ගොදුරක් වෙලා ගැනීමෙන් අඩපණ කර දැමිය හැකි ලෙස හැඩගැසී ඇති මොවුන්ගේ සිරුර කටු වැනි කොරපොතු නිසා ලිස්සන සුදු ස්වභාවයක් නැත. ඔවුන්ගේ සිරුරේ ඉහළ ප්‍රෙද්ශය තීව්‍ර කහ පැහැයෙන්ද පහළ ප්‍රදේශය සුදට හුරු කහ පැහැයෙන්ද යුත් වේ. සුදු පැහැති වයිරම් රටාව නිසා අලංකාර බවක් ලැබී තිබේ.
5.Crapet Python
නිව්ගිනියාව, ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව නිජබිම කරගත් මොවුන් විද්‍යාත්මකව හඳුන්වන්නේ Morelia Spilota නමිනි. Diamond Python නමින්ද මොවුන් හඳුන්වයි. මොවුන්ගේ ගොදුරු ඩැහැගැනීමේ ක්‍රමවේදය වන්නේද වෙළාගැනීම සහ ගොදුර අඩපණ වනතුරු ටිකින් ටික හිරකිරීමයි. දිගින් අඩි 12ක් පමණ දිගුවන මොවුන් කහ පැහැයට හුරු කොළ පැහැයකින්ද, සිරුර මත පැතිරුණු සුදු හා කළු පැහැති රටාවකින්ද යුක්තයි.
6.Rhinoceros Viper
Bitls Nasicornis යන විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම සර්ප විශේෂය මධ්‍යම අප්‍රිකාවේ බහුලව ජීවත් වේ. තරබාරු සර්ප ගණයට අයත් මොවුන් දිගින් සෙන්ටිමීටර් 75-105 ප්‍රමාණයට වර්ධනය වේ. දුඹුරු පැහැ සිරුරේ කහ, සුදු පැහැති රටා සහිත මෙම සර්පයන් විෂ සහිත දළ යුගලයකින්ද යුක්තය. River Jack ලෙස හඳුන්වන්නේද මොවුන්ය.
7.Amazon Tree Boa
වර්ණවත් තැඹිලි පැහැයකින් යුතු මෙම සර්ප විශේෂය ජීවත් වන්නේ කොස්ටරිකා, පැනමා සහ දකුණු ඇමෙරිකාවේ උත්තර ප්‍රදේශවලය. මීඨ අමතරව වෙනිසියුලාව, කොලොම්බියාව, ඉක්වදෝරය, පේරු, බොලීවියාව සහ බ්‍රසීලයෙන්ද මොවුන්ගේ යම් යම් විශේස සොයාගත හැකිවේ. දිගින් අඩි 10-18ත් අතර වන මොවුන්ගේ හිස දියමන්තියක හැඩය ගනී. Corallus Enydris යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මොවුන් මධ්‍යම ප්‍රමාණයේ විෂ සහිත දළ 2කින් යුක්තය.
8.Red Tailed Green Ratsnake