෴ ♥ ඒ මගේ මලයි ♥ ෴

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සිරා කතාව බන්.ඔය ලව් කේස් වලට වඩා,කැත නැතුව ෆිට් එකේ බලන්න පුලුවන්.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::love::love::P:P:yes::yes:
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    machan ෴ ♥ සමනල වසන්තය ♥ ෴ katawa nawattuwada.. eka niyameta giyaa.. aparade nawatunee... :( :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-13.jpg


    13.png


    තියෙන මළ ඉලව් ප්‍රශ්න කන්දරාව ඔලුවෙන් බිමට ඇදල දාන්න ඕන වුණත් මට තාමත් ඒ දේ කරගන්න බැරිවුණා.. අනිත්තෙක මේවා මගේ ප්‍රශ්නත් නෙමෙයි.. ඇයි මං මේවට මේ තරම් මැරෙන්නේ..? එහෙම හිතෙද්දි මට බින්දුගෙ අහිංසක මූණ මැවිලා පෙනුණා.. කමක් නෑ.. මං ඇටකිච්චට ගැහුවෙත්, මේ හැමදේම කලෙත් බින්දු වෙනුවෙන්නේ.. මොන ප්‍රශ්නෙ ආවත් ඉස්සරහටත් බින්දු වෙනුවෙන් ඉන්නවා කියලා මං හිතාගත්තා..


    දවසක් දෙකක් හෙමින් සීරුවෙ ගෙවිලා යද්දි මං ගෙයින් එළියටවත් බැස්සෙ නෑ.. පැයක් එක හමාරක්වත් එක තැනක ඉන්න බැරි මං වගේ මනුස්සයෙක් ගේ අස්සට වෙලා ඉන්නෙක අපේ ගෙදර අයට නම් ලෝක පුදුමයක් උනා.. ඒත් අයියා නම් කිව්වෙ ෂුවර් එකටම ඔය හාදයා අලිපත බාල්දියක් පෙරලල ඇති කියලා.. මිනිහගෙ කල්පනාව ඔහොම උනාට අක්කා නම් කිව්වෙ අනිවාර්යෙන්ම ගෑනු ළමයෙක්ගෙ ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා.. ඇත්තටම බලන් ගියාම ඔය කතන්දර දෙකම මට සම්බන්ධයි.. ගෙදර අය මං ගැන මොනවා හිතුවත් මගේ හිතෙ තිබුණෙ ඇටකිච්චට මොකද උනේ කියනෙක.. ඒත් ඒකට උත්තර හම්බ වුණේ තවත් දවසක් පහුවෙලා.. ඒ ජෝයි බොට් යාඩ් එක ළගදි..


    "ඇටකිච්චා තාම හොස්පිට්ල් එකේලු ලොකු පුතේ.."


    මාව දැකපු ගමන් චාමික අතත් වනාගෙන ඉස්සරහට ආවා.. ගැන්සියෙ අනිත් කොල්ලො ටිකත් මං එක්කයි හිටියේ..


    "ඌට ඒ තරම් අමාරුද චාමික..?"


    "නහ්නං.. නහ්නං.. අපේ බන්ටි ඌට ගැහුවෙ හරියට සමුරායි කෙනෙක් පරණ තරහා කාරයකුට ගහනවා වගේනේ.."


    "ඔබ බයිලා නවත්තලා අලුත්ම තත්වෙ කියපං..
    "

    "අලුත්ම තත්වෙ නම් දන්නෙ අමිල තමයි.. රවීන් එක්ක එකතුවෙලා ඌ සම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්ථාව අරගෙන.. දැන් තියෙන්නෙ ඇටකිච්චව මිහිදන් කරන්න තමයි.."


    එක්කො සරිගමයට ජැපනීස් එන්සෙපලයිටීස්.. එහෙමත් නැත්නම් සූකර උණ.. නැත්තං මූ මෙහෙම මරු කියවන්නෙ නෑ..


    "උඹට කියන්න බන්ටි මාර කතන්දරයක් තියෙනවා.. වැඩේ ඒ තරම් ෆිට් නැති හින්දා මං නොකියා හිටියේ.. මේ වලිය සම්පූර්ණයෙන්ම උඹේ බාරෙ තියෙන හන්දා කොල්ලො හැම එකාටම කලින් උඹටයි කියන්න ඕන.."


    මේ වලිය කියලා විශේෂණයක් දාපු හින්දා අමිල කියන්න හදන්නෙ ඇටකිච්චා ගැන කියලා මං තේරුම් ගත්තා.. ඒත් ඌ ඒ කතන්දරේට දාපු වර්ණනා කෑලි ටික හින්දා මේක හිතාගන්න බැරි අමුතු ගතියක් ඇති කියලා මට හිතුණා..


    "බන්ටිට ඉස්සෙල්ල කියනවා කිව්වට අපිටත් කිව්වා වගේ තමයි.. ඇයි යකෝ අපිත් මෙතනනේ ඉන්නේ.. අපිටත් ඇහෙන්න කියපං කැත නැතුව.. අපිත් ආසයි අනුන්ගෙ කුණු අහන්න.."


    ලොකු පුතා ඒ පාර මැද්දට පැන්නා.. හැම එකාටම නිශ්ශබ්ද වෙනන් කියලා මං අමිල දිහාට හැරුණා.. මෙහෙම ගියොත් මේක අහගන්න වෙන්නෑ..


    "මොකක්ද අමිල වෙලා තියෙන්නේ..?"


    "ඇටකිච්චට තවත් කෙල්ලෙක් ඉන්නවා.."


    අමිලගෙ කතාවෙන් හැම එකාගෙම කටවල් ඇරුණා.. ඒ කියන්නෙ මං නිකමට වගේ කියපු දේ අද ඇත්ත වෙලා..


    "පිස්සු හැදෙනවා බං.. මූ එතකොට සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක්ද..? මූව උල තියන්න එපැයි.."


    "ඔන්න ඕක තමයි අසාමාන්‍යතාවය කියන්නේ.. දුප්පත් පොහොසත් භේදය කියන්නේ.. අපිට මෙතන විහිලුවටවත් කෙල්ලෙක් නෑ.. ඇටකිච්චට ස්ටෑන්ඩ් බයි එකකුත් ඉන්නවා.."


    "අපිට වැඩිය ඕකා ගාව වෙන මොනවා ඇතිද අමිල.. නැත්තං අපිටත් කෙල්ලො දෙන්නා දෙන්නා ඉන්න එපාද..? ඕකගෙ මොකක් හරි වැඩි දෙයක් ඇති.."


    කොල්ලො ටික රටේ නැති කතා කියද්දි වැදගත්ම කතාව කිව්වෙ සුරේන්..


    "හැබැයි මචංලා.. ඕකෙන් මේකෙන් නිරෝෂිට ඇඩ්‍රස් නැති වෙනවා.. අපිට දැන් තියෙන්නේ, ඇටකිච්චගෙ ඒ අලුත් ලව් එකට සපෝර්ට් කරන්න.."


    "ෂිහ්.. මේ විත්තිය කලින් හොයා ගත්ත නම් අපිට ඇටකිච්චට නෙලන්න ඕනෙ නෑ.. අඩු ගානෙ ඌ හරි අපිව හොයාගෙන ඇවිත් මං ලව් දෙකක් කරනවා කිව්වා නම් ඌ ඉස්පිරිතාලවල් වල ලගින්න ඕනෙත් නෑනේ.."


    "පිස්සුද ලොකු පුතේ.. ඌට ගහපු එකයි කාරිය.. ඌ කැත නැතිව අපේ බන්ටිගෙන් ගුටි කාපු හින්දනේ උගේ අනිත් රහස් ප්‍රේමය එළියට ආවේ.. නැද්ද බන්ටි.. ඒක හින්දා මේ ක්‍රියාන්විතයේ සියලුම ගෞරවය අපේ බන්ටිටයි යන්න ඕනේ.."


    "එහෙනම් ඇටකිච්චා තව ලව් එකක් කරන ගමනුයි අපේ බින්දුගෙ ආදරේට හොම්බ දාලා තියෙන්නේ.. දැන් ඒ කෙල්ලත් අනාථ වෙනවනේ චාමික.. ෂිහ්.. මට තිබ්බෙ මූට තවත් නෙලන්න.. අපරාදෙ මෙන්න මේ සුරේන් තමයි මාව ඇදගෙන ආවේ.. ඒකා මැරෙයි, ඕකා මැරෙයි කිය කියා.."


    "මැරෙයි කියන්නේ.. ඇත්තටම උඹ ගහපු ගැහිල්ලට මට බය හිතුණා.. අන්තිමට ඌ වැටිලා හිටියෙ හුස්ම ගන්නත් බැරිව.."


    "ඒක නෙමෙයි බන්ටි.. අපි දැන් මොකද කරන්නේ..? නිරෝෂි හම්බවෙලා ඇත්ත තත්වෙ කියමුද..?"


    "කියන එක කෙසේ වෙතත් බන්ටි එදා ඇටකිච්චට ගහපු දවසෙම කිව්වෙ අපි ආරංචියක් යවමු ඇටකිච්චට තව කෙල්ලෙක් ඉන්නවා කියලා.. දැන් බලපංකො බන්ටි.. අපි මවන්න හදපු වැඩේ සිරාවටම සිද්ධ වෙනවනේ.."


    ඇටකිච්චට ඉන්න තවත් කෙල්ලෙක් ගැන නිරෝෂිගෙ කනට ආරංචිය යවන්න කියලා මං වැඩේ බාර දුන්නෙ රවීන්ට.. ඒත් අද මෙතන ඌ නෑ.. ඒ මොනව උනත් මං ප්ලෑන් කරපු විදියටම වැඩේ සිද්ධ වෙලා.. දැන් තියෙන්නෙ මේ කතන්දරේ නිරෝෂිගෙ අතටම අල්ල දෙන එකයි.. ඒත් ඒක කොහොමද කරන්නේ..? මගේ ඔලුවෙ ඊගාවට තිබුණ ප්‍රශ්නෙ ඒකයි..


    "කොහොමටත් බින්දු එන්න කලින් මේ වැඩේ ඉවරයක් කරලා දාන්න ඕන.."


    "තමුසෙට වැඩ ඉවර කරන්න දෙයක් නෑනේ.. තමුසෙ හොදටම වැඩේ කරානේ.. ජරා සතා.."


    වෙඩි බේත් ගබඩාවක් පුපුරලා ගියා වගේ එක පාරටම චට පට ලාගා පත්තු වුණේ කොහෙන්ද කියලා මට හිතාගන්න බැරිවුණා.. වටපිට බලද්දි ගල් ගැහිලා වගේ බලන් ඉන්න කොල්ලො සෙට් එකයි, කේන්තියෙන් උපරිමේටම පිස්සු වැටිලා ඉන්න ඇටකිච්චට සපෝර්ට් කරපු කෙල්ලවයි මං දැක්කා.. කෝ.. මේ මල හොල්මන කොහොමද මෙතෙන්ට ආවේ..


    "තමුසෙ කාටද කතා කරන්නේ..?"


    "කතා කරන්නෙ තමුසෙට.. ගෙවල්වල කුලී වැඩ කරන වට්ටි අම්මා කෙනෙක්ගෙ ජරා සතෙකුට.. තමුසෙ එහෙනම් නලින්දට ඉස්පිරිතාලෙ ලගින්න වැඩේ සිද්ධ කරා.."


    එළ.. එළ.. ගෑනිට කතා කරගන්නත් බෑ.. තරහ කියන්නේ.. එකසිය ගානටත් එහා..
    ඇස් දෙක යකෙක්ගෙ වගේ රතුවෙලා.. මුළු මූණම රතුයි කලුයි අතරෙ පාටක් වෙලා.. මේකි මේ නලින්ද කියලා කිව්වෙ ඇටකිච්චට වෙන්න ඕන.. අපි ඇත්තටම උගේ ඇත්ත නම දන්නෙ නෑනේ..

    "ඔව්.. ඌට ඉස්පිරිතාලෙ ලගින්න වැඩේ කරේ මං තමයි.. ඇයි තමුසෙ මට මොනවා කරන්නද..? නිකං බෙලෙක්කෙ වගේ කට තිබ්බට හතර වටේට වනන්නෙපා.. තමුසෙ දන්නැති උනාට තමුසෙ හරි ගදයි.. හොදට මතක් කර ගන්නවා.. තමුසෙ එදා මට චැලේන්ජ් එකක් දාලායි ගියේ.."


    "චැලේජ්න් එකක්..?"


    "ඔව්.. තමුසෙගෙ මල විකාර ඔලුවට ඒවා මතක් වෙන්නැද්ද..? තමුසෙ මට කිව්වනේ කොන්දක් තියෙනවා නම් වැඩේ කරලම පෙන්නනවා කියලා.. ඔන්න මං දැන් වැඩේ කරලම පෙන්නුවා.. තමුසෙට දැන් කියන්න කිසිම දෙයක් නෑ.. පාඩුවෙ අකුල ගෙන යනවා මිසක.."


    "ඒ කියන්නෙ තමුසෙට කොන්දක් තියෙනවා කියලා පෙන්නන්න අර අහිංසකයට ගැහුවා..?"


    "හලෝ මේ.. වැඩිය උඩ පනින්නෙපා..! මං වැඩිය ඉවසන කෙනෙක් නෙමෙයි තේරුණාද..? තමුසෙගෙ කක්කුස්සි කටේ සැර ටිකක් අඩු කර ගන්නවා.. ඔය සද්ද බද්ද කොහේ හරි ටොයිලට් එකකට ගිහින් දා ගන්නවා.. තමුසෙ දන්නැත්නම් දැනගන්නවා.. චැලේන්ජ් එකක් කියන්නෙ චැලේන්ජ් එකකට.. ඒකෙ ඔය අහිංසකකම් ලියැවිලා නෑ.."


    කෙල්ල එන්න එන්නම වයින් උනා වගේ තේරුණ හින්දා මං ටිකක් සැරට කතා කලා.. ඔව් අප්පා.. කෙල්ලොන්ට ඩිංගක් බුරුල දුන්නොත් ඔලුව උඩ නගින්න එනවා.. මොනව උනත් කොයි තරම් කට ගහගෙන ආවත් මගේ කතාවට කෙල්ල හොදටම බය වුණා කියලා මට තේරුණා..


    "හො.. හොදයි.. මං පස්සෙ බලාගන්නම්කො.. ම.. මං මේක ලේසියෙන් අතාරින්නෑ.."


    "ආයෙ පස්සක් හෝදන්න දෙයක් නෑ.. හෝදන දෙයක් දැන් හෝද ගන්නවා.. නැත්නම් තමුසෙවත් නලින්දයගෙ ඇදට එහා වෝඩ් එකේ ඇඩ්මිට් කරවන්න ඕනද..? නැත්නම් තමුසෙටත් ආසද ගුරුදෙණිය කැඩුම් බිදුම් වෙද මහත්තයගෙ මූණ බලලා එන්න.. ආ..
    "

    "ඒ.. ඒ කියන්නෙ.. තමුසෙ මටත් ගහනවා කියලද චැලේන්ජ් කරන්නේ..?
    "

    "පස් යට ඉන්න ගැඩවිල් පනුවො උඩට ආවම හරියට දගලනවා.. ආයෙ උන්ට අමුතු චැලේන්ජ් එකක් දෙන්න ඕන නෑ.. තමුසෙත් ඒ වගේ කැද හැලියක් හලෝ.. තමුසෙට ගහනවා කියල මගේ වචන නිකං නාස්ති කරන්න මං කැමති නෑ.. හැබැයි වැඩිය උඩ පනින්න ආවොත් කම්මුල් දෙපැත්තටම පාරවල් දෙක තුනක් දීලා මෙතනින් පල්ලෙහාට තල්ලු කරලා දානවා.. තේරුණාද..?"


    කෙල්ලට තවත් ලංවෙන ගමන් මං වලාකුළු බැම්ම පෙන්නුවා.. ඒකිට එකපාරටම 'හ්ග්' ගාලා කියැවුණා.. අර මුලින් මුලින් දාගෙන ආපු රියැලිටි ෂෝ එක පේන මානෙකවත් නෑ.. පව් අප්පා.. කෙල්ල අනාථ වෙලා ඉන්න හැටි දැක්කම පපුව දාලා පිච්චිලා යනවා.. ඒත් ඉතිං මොනවා කරන්නද අප්පේ.. තනිකරම ඉල්ලගෙන නේ කෑවේ.. ගැන්සියෙ කොල්ලො ටිකත් නිවාඩු පාඩුවේ, සම්භාව්‍ය චිත්‍රපටියක් බලනව වගේ බොහොම සාමකාමීව වටවෙලා බලන් ඉන්නවා..


    "ත.. තමුසෙ ම.. මහ කැ.. කැත සතෙක්.. ඉන්නවා මං.. මං තමුසෙගෙ අම්මා හම්බවෙලා කියන්න.. තමුසෙ මේ කරලා තියෙන තිරිසන් වැඩේ ගැන.."


    "තිරිසන් වැඩේ ගැන..? මේ හලෝ.. තමුසෙට මේ අන්තිම හොදින් කියන්නේ.. මාව තිරිසනෙක් කරන්නෙපා කියලා.. එහෙම උනොත් නලින්දයගෙ අතට ගහලා තියෙන සේලයින් බටේ උගේ බෙල්ල වටේ ඔතනවා තේරුණාද..? එතකොට තමුසෙට වෙන්නෙ ඌ මැරෙන හැටි බලන් ඉන්න.."


    "හ්.. ග්.. ම.. මං තමුසෙට හොද.. හොද වැඩක් කරනවා.."


    "ඒක හොදයි.. නරක වැඩ නොකර හොද වැඩ කරන එක.. මාත් ඒවට කැමතියි.. අනික තමුසෙට මොකක්ද නලින්දයා ගැන ඔය තරම් තියෙන පණු අමාරුව.. මොකද උගේ තුන්වෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්නවත් ආස හිතිලද..?"


    "තුන්වෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ්..?"


    කෙල්ලගෙ ඇස් දෙක නළලටම ගියා.. ඒකිට හිතා ගන්න බැරිවුණා මං මොකක්ද කිව්වෙ කියලා.. කෙල්ලො ඔහොමමයි අප්පා.. වෙලාවකට මහ ටියුබ් ලයිට් එකක්.. පත්තු වෙන්නෙ ටිකක් වෙලා ගිහින්..


    "ඔව්.. ඇයි තමුසෙ ඒක දන්නැද්ද..? තව ටික දවසකින් ඌව බෙදාගන්න බැරිව අනිත් ඈයො දෙන්නා කෙහෙවලු පටලව ගත්තාම ඉතුරු වෙන්නෙ තමුසෙනේ.. අන්තිටම සපෝර්ට් කරන්න ගිහින් තමුසෙ ඌ වගේ ජරා සතෙක්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන හැටි අපිටත් බලන්න පුළුවන් වෙයි.."


    "ෂිහ්.. ත.. තමුසෙ මහ කැත සතෙක්.. න.. නලින්ද මට සහෝදරයෙක් වගේ.. එහෙම කෙනෙකුට ඔහොම කියන්නෙ.. ඉන්නවකේ.. තමුසෙ මේ කරපු නරකාදි වැඩේට මං තමුසෙට කරන දේ.. හොදට මතක තියාගන්නවා..! මං තමුසෙගෙ අම්මටත් ඉන්න දෙන්නෑ.. ම.. මං.. මේකෙ පළිය ගන්නවා.. ගන්නවාමයි.."


    ආව වගේම ඇඩ්‍රස් නැතුව කෙල්ල යන්න ගියා.. අම්මප වැහැල වැහැල පායල ආයෙත් වැහැල පෑයුවා වගේ.. බලන් ගියාම ඒකිට තිබ්බෙ තනිකරම කක්කුස්සි කටක්.. ඒකි ගිහිල්ලා ටික වෙලාවක් යනකන් කොල්ලො එකෙක්වත් කතා කරේ නෑ..


    "අම්මපා ලොකු පුතේ.. ඒකි මහ නොසන්ඩාල කෙල්ලෙක් නේ.. බලපංකෝ.. උඹට මරණිය තර්ජන එල්ල කරපු හැටි.."


    "ඕව ගණන් ගන්නෙ කවුද චාමික.. ඔය මොණරා වගේ පස්ස උඩ දාගෙන නැටුවට ඕකිට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නෑ.."


    "ඒ උනාට උඹ ටිකක් පරිස්සම් වෙයන් බන්ටි.. කොයි තරම් අහිංසක විදියට හිටියත් ගෑනු කියන්නෙ පලිගන්න ගියාම හරි දරුණුයි.. උං ඒ වෙලාවට උංගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නෑ.. තමන්ගෙ අරමුණ ඉෂ්ඨ වෙනකන් කෑල්ලක් ගියත් කාගනෙ ඉන්නවා.."


    පිස්සු හැදෙනවා.. ඒ ඔවදන සරිගමයාගෙන්.. ඌ හරියට ගෑනු සීයක් විතර ආශ්‍රය කරලා තියෙන එකෙක් වගේ ඒ කතාව කිව්වේ.. මං දන්න තරමට ඌ ගෑනියෙක් ළගින්වත් යන්නෑ.. ඉතිං ඒ වගේ එකෙක් තමයි අර වගේ කතන්දරයක් මට කියන්නේ..


    "ඒකිට කාගෙන ඉන්න කියපං සුරේන්.. මට මොකද.. ඕකිගෙ ඔය එකසිය ගානටත් එහා තියෙන උණ බහින්නෙ ඇටකිච්චයි, උගේ අනිත් ලව් එකයි එකට ඉන්නවා අහුවුණාම.. කොහොමටත් කොයි වෙලාවක හරි නිරෝෂියි, ඒ කෙල්ලයි එකට මීට් වෙයිනේ.. හොස්පිට්ල් එකේ නර්ස්ලටයි, මල පනින ඇටෙන්ඩන්ලටයි, ලෙඩ්ඩුන්ටයි නියම ජැකී චෑන්ගෙ ෆිල්ම් එකක් සල්ලි නොදීම බලාගතෑකි.. මම නම් හිතන්නෙ ඒ දවස අද හෙටම උදා වෙයි කියලා.."


    "උදා වෙන්නෙ නැතිනම් අපි උදා කරලා දෙමු බන්ටි.. එතකොට ඇටකිච්චට වෙන්නෙ සාගත කාරයෙක් වගේ මැරෙන්න.."


    "ඇයි නිරෝෂිට..? ඒකිට වෙන්නෙ පස්ස විකාගෙන වලාකුලු බැම්මෙන් පනින්න.."


    "ඒක නෙමේ බන්ටි.. අරකි මොකක්ද අර උඩ දාගෙන කෑගැහුවෙ උඹලගෙ අම්මා ගැන කියලා.. ගෙවල්වල කුලී වැඩ කරනවා කියලා.. මට ඒක පැහැදිලි නෑ.."


    ඔන්න දැන් තමයි අමිලට යථාර්තෙ අවබෝධ වෙලා තියෙන්නෙ.. අනිත් ඈයො පිස්සු කියවද්දි මූට අර හොල්මන කියපුවා මතක හිටපු එකනේ වැඩේ කියන්නේ.. ඒ කියන්නෙ මේකා හොද උවමනාවෙන්, සාවධානව ඒකිගෙ කතාව අහගෙන ඉදලා.. බලන් ගියාම මුගේ ඇහුම්කන් දීම ඉතා හොදයිනේ..


    "ඒ මොකක්ද බං ඒ කතාව.. අපටත් පැහැදිලි නෑ.."


    "ඔව්.. ඔව්.. ඒකි ඒ කතාව දිගින් දිගටම කිව්වෙ බන්ටිගෙ අම්මට කියනවා කියලා.. මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඒකි ඕවා උඹලගෙ තාත්තා එක්ක කියන්නැත්තෙ කියලා.."


    "ඒකි සමහර විට බන්ටිගෙ අම්මව දන්නවා ඇති.."


    "නෑ.. නෑ.. ඒකි බන්ටිට බයයි වගේම බන්ටිගෙ තාත්තටත් බය ඇති.."


    "ආ බන්ටි.. කියපංකෝ මොකක්ද ඒ කතාව කියලා.."


    "ඔය කෙල්ල මට දවසක් ටොරින්ටන් පාක් එකේදි චැලේන්ජ් කලානේ.. ඒ චැලේන්ජ් එකට කලින් ඒකි දැකලා තියෙනවා මායි බේබි නැන්දයි ලන්ච් ගන්න, ඩෙවෝන් එකට යනවා.. ඉතිං චැලේන්ජ් එක අස්සෙම ඒකිට දැනගන්න ඕන වුණා බේබි නැන්දා මගේ කවුද කියලා.. මං කිව්වා ඒ මගේ අම්මා කියලා.."


    "පිස්සු හැදෙනවා ලොකු පුතේ.. උඹ නම් මාර බුලට් එකක්.. කෙල්ලොන්ව අන්දන්න ඕන ඔහොමම තමයි.. ඒත් බන්ටි මොකක්ද අර කුලී වැඩ කතාව..?"


    "වැඩේ කියන්නෙ චාමික.. ඔය කෙල්ල අපේ ගෙදර මේ වලියට කලින් ඇවිත් තියෙනවා.."



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "හප්පට සිරි.. කාපංකො රබර්.. ඕකි මොකටද බං උඹලගෙ ගෙදර ආවේ..?"

    "මං හිතන විදියට ඔය කෙල්ල අපේ අක්කගෙ යාලුවෙක්.. ඒත් ඒකි දන්නෑ සමුදිනී කියන්නෙ මගේ අක්කා විත්තිය.."


    කොල්ලො ටික කම්මුල්වල අත තියාගෙන කල්පනා කරන්න ගත්තා.. කතාව කියලත් ඉවර වෙලා මොනවද අප්පා මුං කල්පනා කරන්නේ..


    "මට පේන විදියට නම් වැඩේ සීරියස් පාටයි බන්ටි.. වැරදිලාවත් මේකි උඹලගෙ ගෙදර ඇවිත් හැමෝම ඉස්සරහ මේ කතන්දරේ ලීක් කලොත්.., උඹට ලොකු ප්‍රශ්නයක් වෙයි.. උඹට මේ යාන්තමට තියෙන නිදහසත් නැතිවෙලා යයි.."


    "ඔව් බන්ටි.. චාමිකගෙ කතාව හරි.. උඹලගෙ අම්මා කොහොමත් සැරයිනේ.. උඹේ සියලු ප්‍රතිපාදන මේ සිද්ධියත් එක්ක කපලා දාවි.. උඹට කොයි තරම් ආදරේ කරත් තාත්තටත් උඹව බේරගන්න බැරිවේවි.."


    "ඒ කියන්නෙ දැන් කතන්දරේ යන විදියට බන්ටිව බේරගන්න අපිට ගේමට බහින්න වෙනවා.. ඒකි ඉස්සර වෙන්න කලින් ඒකිගෙ ගේ හොයාගෙන අපි ඒකිව විනාස කරලා දාමු.."


    අමිල අන්තිමට ගෙනාපු යෝජනාව හොද එකක් උනත්.. ඒකට මං කැමති වුණේ නෑ..


    "එපා අමිල.. ප්‍රශ්නයක් ආවොත් මං ඒකට මූණ දෙන්නම්.. මමනේ ඒකිත් එක්කත් වලිය දාගත්තේ.."


    "ඔහොම කතා කරන්නෙපා බන්ටි.. මේක උඹ විතරක් නෙමෙයි.. අපෙත් ප්‍රශ්නයක්.. තනියෙන් මූණ දෙනවට වැඩිය කට්ටියම එක්ක මූණ දෙන එක කොහොමත් හොදයි නේ.."


    "හරි එහෙනම් වැරදිලාවත් මාව ගෙදරින් එළියට දැම්මොත් මට යන්න තැනක් හොයලා තියපල්ලා.. ඔන්න එතකොට උඹලත් මේ ප්‍රශ්නෙට දායක වෙලා.."


    කොල්ලො ටික මූණින් මූණ බලා ගනිද්දි මං හිනාවෙලා කිව්වා.. මුං නිකං බයවෙලා.. බල්ලො බිරුවට කදු පාත්වෙන්නෑ කියලා හොදටම දැන ගෙනත් මුං පිස්සු නටන එකනේ වැඩේ.. අනික මේ බන්ටි ඔහොම තර්ජන නෙමේ.. මරණිය තර්ජන ආවත් බයවෙන්නෑ කියලා දැන දැනත් මුං ඇඹරෙන එකනේ දිරවන්නෙ නැත්තේ.. ඕවා මොනවද අප්පා වෙලා තියෙන දේවල් වල හැටියට..


    ***************************


    ඇටකිච්චා ගැන හිතට දාහක් දේ එද්දි මං ඒවා එකක්වත් පිට කෙරුවෙ නෑ.. අනික ඌටයි, නිරෝෂිටයි උදව් කරන කෙල්ලට පස් පඩංගුවෙ බැන්නට මගේ හිතේ ඇටකිච්චා ගැන ලොකු දුකක් තිබුණා.. මැරෙනකල් ගුටි කෑවත් ඌත් කොල්ලෙක් නේ.. අනික උගේ තියෙන හොදකම කියන්නෙ ඌ තාම පොලීසියට මුකුත්ම කියලා නැති එකනේ.. එහෙම කිව්වා නම්, බන්ටිට ඉතින් සොරිම තමා..


    මගේ සිහි කල්පනාවෙ තරම කොච්චරද කියලා කියනවා නම් මං බස් එකෙන් බැස්සෙ ගෙදරට හුගක් මෙහායින්.. ගෙදරට හැරෙන හංදිය වගේ හංදියක් පහුවෙද්දි මං හිතුවෙ ගෙදර අත ළග කියලා.. දනි පනි ගාලා බෙල් එක ඇදලා ඉවර උනාමයි දැක්කෙ බහින තැන නෙමේ කියලා.. මොනව උනත් වලක වැටෙන එක මොළේට ලාබයක් හන්දා මං පයින්ම ගෙදර එන්න තීරණය කරා.. ඒ තීරණේ කොයි තරම් නිවැරදිද කියලා මට හිතුනෙ ඩිංගක් මෙහායින් තිබ්බ මෙගා කොමියුනිකේෂන් සෙන්ටර් එකට රිංගන මොරීන් අක්කා දක්කමයි.. මේ අන්ත සියමුලි ගෑනු ශරීරෙ මොකද මෙතන කරන්නේ..? මගේ ඔලුවට ආපු පළවෙනි ප්‍රශ්නෙ ඒකයි..


    මම දන්න විදියට නම් මොරීන් අක්කා කොමියුනිකේෂන් අස්සෙ රිංගන්නෙ නෑ.. එයා සාමාන්‍යයෙන් ඉන්නෙ බියුටි කර්චල් සෙන්ටර් අස්සේ.. සමහර විට මොකක් හරි උවමනාවකට එන්න ඇති.. නිකං ඔය ෆොටෝ කොපියක් වගේ දෙයක් ගහගන්න.. කෝකටත් ඉතිං දන්න අදුනන මනුස්සයෙක්නේ.. වාතයක් උනත් කතා කරලම යනවා කියලා මං හිතාගත්තා.. වැඩිම උනොත් ගෙදර ගාවට යනකල් හරි කම්මැලි කමටත් එක්ක ඔහේ මොනව මොනව හරි කියව කියව යතෑකිනේ.. අනිත අපේ අයියව බදින්න ඉන්න සීදේවි ගෑනු පරාණෙනේ..


    කොමියුනිකේෂන් එක ඇතුළට ආවත් මං මොරීන් අක්කව දැක්කෙ නෑ.. ඈ බං.. කෝ මේ මස් පර්වතේ..? මං මගෙන්ම අහගත්තා.. ඒ ඩිංගට කොහෙට වාෂ්ප උනාද..? වටපිට බලද්දි තමයි ඊගාවට මං දැක්කෙ ටෙලිෆෝන් බොක්ස් එක ඇතුලෙ ඉන්න මොරීන් අක්කව.. ගෙදර පැලෙනකල් ටෙලිෆෝන් තියෙද්දි මෙයා මොකද බං මේක ඇතුළෙ කරන්නේ..? ඒ ප්‍රශ්නෙට නම් මට උත්තර තිබ්බෙ නෑ.. හැබැයි මට දෙලෝ රත්වුනේ එයා ඉදපු බොක්ස් එකේ උඩ හරියෙන් රතු පාටට සටහන් වෙලා තිබ්බ දුරකථන අංකෙ දැක්කාම.. අපේ ගෙදර නම්බරේට ඇයි මෙයා කතා කරන්නේ..? මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා.. අපේ ගෙදරින් ලාවට හරි මෙයාට කැමති මං විතරයි.. අනිත් අය මෙලෝ විදියකට මොරින් අක්කට කැමති නෑ.. එහෙව් එකේ මෙයා මේ කතා කරන්නෙ කාටද..?


    ටිකකින් මොරීන් අක්කා හතරපස් පාරක්ම රින්ග්ස් යන්න දීලා, කෝල් එක කට් කරලා, ආයෙත් අපේ ගෙදර නම්බරේ ඩයල් කරා.. ආයෙත් කෝල් එක කට් කරලා, ආයෙත් ඩයල් කරන හැටි මං දැක්කා.. පුදුම පිස්සුවක්නේ යකෝ.. මේ මල හෝන්තුව මොකක්ද මේ කරන්නේ..? කෝල් එකක් ගත්තා නම් කතා කරපංකෝ.. රින්ග්ස් යන්න දීලා කට් කරලා දාන්නේ.. මොරීන් අක්කා කරන වැඩේ මං දැක්කෙ මහ පිස්සු විකාරයක් විදියට.. ඒත් ඒ පිස්සුව මැද්දෙන් මට එක දෙයක් පටාස් ගාලා මතක් වුණා.. දෙයියනේ.. අපේ ගෙදරට පහුගිය දවස්වල දිගට හරහට කෝල්ස් දුන්නේ මෙයාවත්ද..? එහෙම හිතෙද්දි නම් මාව හීතල වෙලා ගියා..


    "බ.. බන්ටි මල්ලි..?"


    ෆෝන් බොක්ස් එකෙන් එළියට එද්දිම මොරීන් අක්කා ගල් ගැහුණා.. ගෑනි කීයටවත් හිතන්නැතුව ඇති බන්ටි කියන නරකාදි සත්වයා මූණ ඉස්සරහටම හම්බ වෙයි කියලා..


    "මොකක්ද මොරින් අක්කෙ ඔයා කරන බලු වැඩේ..?"


    දෙකක් නෑ.. මගෙ ප්‍රශ්නෙන් ගෑනිගෙ මූණ සුදුමැලි වෙලා ගියා.. මාත් ඉතිං ඕන දෙයක් අහන්නෙ පොල්ලෙන් ගැහුවා වගේනේ..


    "අ.. අනේ බන්ටි මල්ලි.. මෙතන කෑගහන්න එපා.. අපි එළියට යමු.. මෙතන මිනිස්සු ඉන්නවා.."


    මොරීන් අක්කා මගේ අතින් ඇදගෙන කොමියුනිකේෂන් එකෙන් එළියට ආවා.. දිග කොන්ඩෙ මුල ඉදන් අගටම එක එක පාට වූල් බෑන්ඩ් දාලා, කොන්ඩෙ ඉස්සරහට අනේක වර්ණ කොන්ඩ කටු ඉවරයක් නැතිවෙන්න ගහලා ඉදපු මොරීන් අක්කා මට පෙනුණෙ ජීවමාන තොරණක් වගේ..


    "දිගට හරහට කොල්ස් දීලා සද්ද නැතුව කට් කලාම එහා පැත්තෙ ඉන්න අයට මතක් වෙන්නෙ මොනව කියල ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.."


    "අනේ වෙරි සොරි බන්ටි මල්ලි.. ම.. මං හිතලා නෙමෙයි ඒක කරේ.."


    හිතල නෙමෙයිලු කරේ.. මෙන්න මේවට තමයි කියන්නෙ මරු කියවනවා කියලා..


    "එහෙනම් අවසිහියෙන්ද..? මේ මොරින් අක්කේ..? ඔයාගෙ අවමගුල් සහගත වැඩ වලින් මටයි ගෙදර ඉන්න නැතිවෙන්නේ.. අපේ ගෙදර මිනිස්සු හිතන්නෙ මමයි මේ වැඩේ කරන්නෙ කියලා.. දැනටමත් මම ගෙදරට බයිට් වෙලා ඉවරයි.."


    "අ.. අනේ ඇයි එහෙම හිතන්නේ..? ඔයාගෙ අක්කා, අම්මා එහෙමත් නැත්නම් බේබි නැන්දා ෆෝන් එක ආන්සර් කරහම මම කෝල් එක කට් කලා තමයි.. ඒත් ඔයාගෙ සුදු අයියා ෆෝන් එකට ආවහම මං කට් කලේ නෑනේ.."


    "ඔයා මොනවද මොරීන් අක්කෙ මේ කරන ගන්දස්කාර වැඩ.. ඕවයින් මේවයින් මටයි පත්තු වෙන්නේ.. ෂිහ්.. පහුගිය දවස්වල අපේ ගෙදර ඈයො මාව අල්ලගෙන කාපු හැටි මතක් වෙනකොට මට ඔයාගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා.."


    "අනේ එපා බන්ටි මල්ලි.. එතකොට මට රිදෙයිනේ.. දැන් කවුද කියන්න ඔයාට බන්නේ.. මං ඔයාලහට ඇවිත් මේක විසදලා දෙන්නම්.."


    "විසදන්න..? අනේ මේ කියන තැනකට වදින්නම්.. ඔයා ටිකක් පාඩුවෙ ඉන්නවද..? අනික ඔය කරන අසමජ්ජාති වැඩේ කරුණාකරලා අදින් පස්සෙ නවත්තන්න ඕන.. තේරුණාද..? තැන්නං බන්ටි වගේ කැත සතෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ කියලා ඔයාට තේරෙයි.."


    "ඔය තරම් නපුරු වෙන්නෙපා බන්ටි මල්ලි.. ඔයා දන්නැති වුණාට මං ඔයාගෙ අයියට ආදරෙයි කිව්වා.."


    "හීනෙන්ද..?"


    මෙයා කොහෙද ඒ වගේ වාර්තාගත වැඩක් කරන්නේ.. ඔහොම දෙයක් කිව්වා නම් අපේ එකා දෙයි මෙයාගෙ කන් බෝල ගැලවෙන්න.. තැන්නං කනේ ඇගිලි ගහගන්න කතා කරයි..


    "නෑ මල්ලි.. පට්ට දවල්.. මං කියපුවා සේරම අහගෙන එයා ෆෝන් එක තිබ්බා.. ඒ කියන්නෙ අහගත්ත ඒවට ඔයාගෙ අයියා කැමතියි කියන එකනේ.."


    "හරි.. ඔයා අයියට මොනවද කිව්වේ..?"


    මං එහෙම ඇහුවා විතරයි ගෑනිගෙ මූණ මහා පැණි හිනාවකින් වැහිලා ගියා.. බලපංකෝ.. ආදරේ පුරෝලා එකයි..


    "අයි ලව් යූ ඩාර්ලින්.. යූ ආ මයි ඩ්‍රීම් බෝයි කියලා.."


    පිස්සු හොද එක.. කියපු වචන ටිකේ තිබ්බෙ පලපුරුදු ගතිය, හෙණ ගහන්න වගේ මට මතක් කරා.. දෙයියො සාලෙ.. මං ඉස්තෝප්පුවෙ.. මේ කලින් දවසක මහා ගොරෝසු කටහඩකින් මං අහගත්තු වචන සෙට් එක නේද..? අර එදා මගේ මුළු දවසම මුස්පේන්තු වුණේ..?


    "ඔයාට නම් පිස්සුව හොදටම ඩබල් වෙලා මොරීන් අක්කේ.."


    "ඇයි බන්ටි මල්ලි.. ඒ වචන වල ව්‍යාකරණ දෝෂ එහෙම තියෙනවද..? නැත්නම් මං ඒ වචන කියලා තියෙන්නෙ අතීත කාලයෙන්ද..?"


    "ඔයා මගුලක් කියනවා.. ඔය වචන ටික ඔයා අයියා කියලා හිතාගෙන කියලා තියෙන්නෙ මට.."


    "න්.. නෑ.. හ්.."


    මොරීන් අක්කගෙ නෑ එකේ තිබ්බ ශෝකය මහවැලි ගගටත් වඩා දිගයි.. ඒ තරම් ඛේදජනකයි.. ආදරේ කියන්නෙ ඉතිං කොහොමටත් බේදවාචකයක් නේ.. හොට්ට පෙරාගෙන අඩන එකනේ ඒකෙ ප්‍රධාන අවයවය.. අතුරු අවයවේ තමයි හෙම්බා නොහොත් හෙම්බිරිස්සාව..


    "ම.. මං.. මං එතකොට ඔයාටද මගේ හද පතුලින්ම මගේ සදාතනික ප්‍රේමය පූජා කරලා තියෙන්නේ.. අයියෝ.. අයියෝ.. එතකොට මං මෙච්චර දවසක් ජීවත්වෙච්චි පරම පවිත්‍ර හීන ලෝකෙ බිදිලා යනවා.. අයියෝ.. ඇයි.. ඇයි.. දෛවය මට මේ තරම් නපුරු කම් කලේ.."


    පරල වෙච්ච ණයකාර කපුමහත්තයෙක් වගේ කෑගහන මොරීන් අක්කා පාර දිගේ දුවගෙන ගියා.. ඇත්තමයි.. අම්මපල්ලා මට එයා කියවපු කිසිම දෙයක් තේරුණේ නෑ.. මට හිතිච්ච එකම දේ තමයි ගෑනිට පිස්සු හැදිලා කියනෙක.. ෂිහ්.. අම්මප.. මේ ආදරේ කියන එකට නම් හිටෝලා මැටි ගැහුවත් මදි.. මිනිස්සු මේ තරම් වේදනාකාරී විදියට හැසිරෙන්නෙ ඔය අටමගලෙ නිසානේ.. ඇයි මේ කාලකන්නි හැත්තට මේ දහම නොතේරෙන්නේ..? ඇයි බන්ටි වගේ මේකෙ යථාර්තය අවබෝධ කර නොගන්නේ.. මේකෙ අවසානය දුක්ක කියලා ඇයි තේරුම් නොගන්නේ..


    එහෙනම් අපේ ගෙදරට සිද්ධ වෙච්ච ටෙලිෆෝන් කතන්දරේ නිර්මාතෘ තමයි සදාදර මොරීන්.. මෙච්චර දවසක් ටෙලිෆෝන් අදෝනාවට දාලා සියලු වැඩ කටයුතු බාධකයකින් තොරව කරලා තියෙන්නෙ මේ මල හොල්මන තමයි.. කවුද අප්පේ ඔහොම දෙයක් හිතුවේ.. මෙයා මේ තරම් පිස්සු විකාරයක් කරයි කියලා බන්ටි කීයටවත් හිතුවෙ නෑනේ.. ඒහෙනම් අයියා කාරයගෙ ෆෝන් එකටත් පැලෙනකන් කෝල් දෙන්න ඇත්තෙ මෙයා තමයි.. සමහර විට එහෙම කෝල් දීලා මේ බන්ටි ගැනත් වචනයක් දෙකක් දාන්න ඇති.. ඒකනේ අයියාකාරයා මට එදා පැලෙනකන් බැන්නේ.. අනික උගෙත් ඉතිං අලි ඔලුවනේ.. කෙල්ලෙක්ගෙන් කෝල් දෙක තුනක් ආව කියලා ඔය තරමට නැට්ට පාගගන්න ඕන නෑනේ.. හරියට නිකං උගේ හොදම අවයවේ කපාගෙන ගියා වගේනේ එදා මට කඩං පැන්නේ..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-14.jpg


    14.png


    දවසේ පැය විසි හතරටත් එහා ගියපු රාජකාරි වැඩ තොගයක් කරා වගේ මහන්සියක් හවස් වෙද්දි මට දැනුණා.. ඇයි ඉතිං.. ජෝයි බෝට් යාඩ් එක ගාවදි අර කෙල්ලත් එක්ක කියව ගත්තු කියව ගැනිල්ලම මැදැයි, ඕනම නිරෝගී පුද්ගලයෙකුගෙ ඔලුව කැක්කුම වැඩි කරන්න..


    "බන්ටි මහත්තයෝ.."


    වත්ත කොනේම හයි කරලා තිබ්බ සිමෙන්ති බංකුව උඩ වාඩිවෙලා ඉදපු මං ඔලුව ඉස්සුවා.. බේබි නැන්දා මං දිහා බලන් හිටියෙ ඒ තරම් හිත හොදකින් නෙමෙයි..


    "මොකද බේබි නැන්දෙ රවන්නේ..?"


    "රවන්නෙ නෙමෙයි.. බන්ටි මහත්තයට දෙකක් දෙන්නයි ඕන.."


    "ඇයි..?"


    "ඇයි කියලා අහන්නේ.. මොනවද මහත්තයො මේ කරන වැඩ..? ඇයි ලොකු නෝනත් එක්ක කතා නොකරන්නේ..? ඇයි රසික මහත්තයත් එක්ක කතා නොකරන්නේ..? එයාලා මොන වැරැද්දක් කරාටද..?"


    "අයියයි, අම්මයි එක්ක මං කතා නොකර හිටියෙ නෑනෙ.. ඔයා ඊයෙත් මං යස අගේට කතා කෙරුවේ.."


    "ඒ කතා කිරිල්ලයි, වෙනදා බන්ටි මහත්තයා කතා කරන කතා කිරිල්ලයි මං නොදන්නවයෑ.. ඔහොම බුම්මගෙන ගේ ඇතුලෙ ඉදලා මහත්තයා කාටද වද දෙන්නේ.. මේ අසරණ මටද..?"


    අම්මපා මෙන්න මේ වගේ වෙලාවල් වලට තමයි ඔලුව කොහේ හරි තුන් හතර පාරක් හයියෙන් ඇනගන්න හිතෙන්නේ.. මොන අවනඩුවක්ද මේ..?


    "මම ඇයි බේබි නැන්දට වද දෙන්නේ..?"


    "බන්ටි මහත්තයා ඔහොම කතාවක් බහක් නැතුව කල්පනා කර කර ඉන්නකොට ඒක මට කොයි තරම් වදයක්ද කියලා දන්නෙ මං විතරයි.. ඉස්සර මේ මුළු ගෙදරම පිරිලා ඉතිරිලා ගියේ බන්ටි මහත්තයගෙ හිනාවෙන්.. මහත්තයා කොයි තරම් දග වැඩ කරාද..? මං ඒවා දිහා කොයි තරම් සංතෝසෙකින්ද බලන් හිටියේ.. මහත්තයා කියන කරන ඒවට මේ ගෙදර අය කොයි තරම් හිනාවුණාද..?"


    "ඔය ඔක්කොම හරි බේබි නැන්දේ.. ඒත් මනුස්සයෙකුට හැමදාමත් එකම විදියට ඉන්න බෑනේ.. මේ සමාජය වෙනස් වෙන විදියට වෙනස් වෙන්න වෙනවා.. එහෙම නැති වුණොත් වෙන්නේ, මං විනාශ වනෙ එක.. බේබි නැන්දා ඒකට කැමතිද..?"


    "මට ඔය හරස් පද තේරෙන්නෙ නෑ මහත්තයෝ.. දෙයියන්ගෙ නාමෙට ඔය හිතේ තියෙන තරහ මරහ අමතක කරලා දාන්න.."


    "මං කාත් එක්කවත් තරහා නෑ.."


    "බන්ටි මහත්තයා ගැන නොදන්න කෙනෙකුට ඔහොම කිව්වට කමක් නෑ.. ඒත් මහත්තයා ගැන පුංචි කාලෙ ඉදලම දන්න මට ඔහොම කිව්වට වැඩක් වෙන්නෑ.. බන්ටි මහත්තයා ඉන්නේ, ලොකු නෝනයි, රසික මහත්තයයි එක්ක තරහින් කියලා මං හොදටම දන්නවා.. මේ ගෙදර කාට ඒක නොතේරුණත්.."


    "සමහර විට බේබි නැන්දා හරි ඇති.. ඇත්තටම අම්මයි, අයියයි මහ හුගාක් රිද්දනවා.. එයාලා නිතරම මං දිහා බලන්නෙ කැලෑ සතෙක් දිහා බලන විදියට.. එයාලා හිතන්නෙ මට දුක කියන දේ දැනෙන්නෑ කියලා.. සන්තෝසෙන් හිනාවෙලා හිටියට මටත් හැගීම් දැනීම් දැනෙන පුංචි හිතක් තියෙනවා කියලා එයාලා හිතන්නෑ.. එදා අර මට කෑගහපු දවසෙත් අම්මා මොනවදෝ කියවගෙන ගියා.. මට ඇත්තටම ඒවා තේරුණෙ නෑ බේබි නැන්දේ.. මාව නිකං වෙනම පැත්තකට දාලයි කතා කලේ.. හරියට මං මහ වැරැද්දක් කරා වගේ.. අයියට ගාඩ්න් එකට යන්න කියලා, අම්මා කලින් ගෙදර ඇවිත්.. මගේ මොන හොරයක් අල්ලන්නද.. බේබි නැන්දෙ අනික මට පේරාදෙණි ගාඩ්න් එකට යන්න බැරිද..?"


    "බන්ටි මහත්තයගෙ හිත රිදිලා කියන්න මං දන්නවා.. අනේ අපි ඕවා අමතක කරලා දාලා ඉස්සර වගේ ඉදිමුකො දෙයියනේ.. හ්ම්.. එන්න අපි ගෙට යමු.. හොදටම හවස් වෙලා.. තව ටිකකින් ලොකු නෝනත් එයි.."


    බේබි නැන්දා, මගේ අතකින් අල්ලගෙන ගේ ඇතුලට යන්නයි හැදුවෙ.. ඒත් ඒ එක්කම වගේ කලුපාට ලොකු යකඩ ගේට්ටුවෙ කොක්ක පහලට වැටෙන සද්දෙ මට ඇහුණා.. ආයෙ හෝදන්න දෙයක් නෑ.. ෂුවර් එකටම අම්මා වෙන්නැති.. මට එහෙම හිතෙද්දි බේබි නැන්දා ඉක්මනට අඩිය තිය තියා ගේ පැත්තට ගියා.. බේබි නැන්දයි, මායි වැඩිපුර කතා කරන එක අම්මට කොහෙත්ම දිරවන්නෙ නෑ..


    ගේට්ටුවෙ කොක්ක පහලට වැටෙන සද්දෙ ඇහිලත් තාම කවුරුවත් වත්තට ඇතුල් වුණේ නෑ.. මං බංකුවෙ වාඩිවෙලාම ඒ පැත්ත දිහා බලන් හිටියා.. අම්මා ආව නම් මෙලහකට වත්තට එන්න ඕන.. එහෙනම් මේ ඇවිල්ලා ඉන්නෙ අම්මා නෙමෙයිද..? මං ගේ පැත්ත දිහා ආයෙත් බලද්දි බේබි නැන්දා ගේ ඇතුලට ගිහිල්ලත් ඉවරයි.. හරියට නිකං උසේන් බෝල්ට් මීටර් සීය දිව්වා වගේ බේබි නැන්දා වාෂ්ප වෙලා ගියේ..


    තවත් විනාඩියක් විතර යද්දි සද්දයක් බද්දයක් නැති හන්දා ගේට්ටුව පැත්තට යන්න මං බංකුවෙන් නැගිට්ටා.. ඔන්න එතකොටම තමයි ගේට්ටුවෙ පලුවක් බාගෙට වගේ වත්ත පැත්තට හැරුණෙ.. ඒ ඇරිච්ච ඉඩකඩෙන් ඇතුලට ආපු කෙනා දැක්කහම මට ආයෙත් බංකුවෙ ඉන්දවුණා.. එමෙකස් ගේමට රිටර්න් එක හැරෙන තැපෑලෙන්ම ඇවිත්.. ඒ ඇවිත් හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි.. ඇටකිච්චගෙයි, නිරෝෂිගෙයි ආදරේට උදව් කරන කෙල්ල.. අද උදේ ජෝයි බෝට් යාඩ් එක ගාවදි මගෙන් අහගත්තු දේවල් වලට අමු අමුවෙම පනිෂ්මන්ට් එක දෙන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ.. දැන් ඉතිං මොකද කරන්නේ..? මාව නැති කරලා දානවා කියලා කිව්වා වගේම මේකි මේ ඇවිල්ලා තියෙන්නෙ කැත නැතුවම ඒ වැඩේ කරන්න කියලා මට තේරුණා..


    කෝකටත් කියලා මං හෙමින් සීරුවෙ කෙල්ල පිටිපස්සෙන්ම ගේ ඇතුළට ආවා.. දැන් ඉතිං මෙයා කියන කරන හැමදේම නොවුණත් ඩිංගක් හරි බන්ටිටත් දැනගන්න පුළුවන්නේ..

    මොනව උනත් මේ කෙල්ල ඇවිල්ලා තියෙන්නෙ නම් හොදකට නෙමෙයි කියනෙක මට තේරුණා.. වැඩේ ඔක්කොටම වැඩිය අවුල් වෙන්නේ සමුදිනී කියන්නෙ මගේ අක්කා කියලා කේලල දැන ගත්තහම.. කවුද අප්පා මෙහෙම දෙයක් හිතුවේ.. මේ හොල්මන ඇඩ්‍රස් නැතුව මේ වගේ කඩන් පාත් වෙයි කියලා..

    කෙල්ලට ගේ ඇතුළට යන්න දීලා මාත් හෙමීට ඒ පිටිපස්සෙන්ම ගියා.. මේකත් නියම හොරා පොළිස් සෙල්ලමක් තමයි.. බේබි නැන්දා ෂුවර් එකටම මේ වෙලාවෙ ඉන්නෙ එයාගෙ කාමරේ.. තව ටිකකින් එයා බුදුන් වදින හන්දා, මේ කෙල්ල ඉස්සරහට බේබි නැන්දා ඒවි කියලා හිතන්න බෑ.. බන්ටිට සදාකාලික ලෙඩක් වැටෙනව නම් වැටෙන්නෙ, අම්මා වැඩ ඇරිලා එනකොට මේ චාරයක් නැති කෙල්ල හිටියොත් තමයි..

    "........ කොයි තරම් හොදද ඔයා ආපු එක.."


    "........"


    "නෑ.. නෑ.. පැටියො මං එහේ එන්නමයි හිටියේ.."


    "........"


    "හරි.. හරි.. කියන්නකො මොකක්ද අප්සට් එක කියලා.. ඔයාගෙ මූණත් එක්ක වෙනස් වෙලා.."


    අක්කගෙ කාමරේ කතා කරන දේවල් යාන්තමට වගේ කොරිඩෝ එකට ඇහෙනවා.. ඒත් හරියටම පැහැදිලි නෑ.. තවත් හොදටම කතාව අහගන්න නම්, අක්කගෙ කාමරේ දොර ළගටම වගේ යන්න වෙනවා.. ඒත් එහෙම යනවා කියන්නෙ හදිසි ආපදාවකදී බන්ටි කාමරේ ඇතුළෙ ඉදලා එන කෙනාගෙ අතටම අහුවෙනවා කියනෙකයි..


    "කවුද අනේ අර ඔයාලගෙ ගෙදර ඉන්නේ..?"


    කාමරේ ඇතුළෙන් එහෙම ඇහෙද්දි මං උඩ ගිහින් බිම වැටුණා.. ඒ කියන්නෙ කෙල්ල මාව දැකලා කියනෙකද..? පපුවෙ ස්පීඩ් එක එකසිය ගානට වැඩි වෙද්දි මං තව අඩියක් අක්කගෙ කාමරේ දිහාට තිබ්බා..


    "කවුරු ගැනද ඔයා ඔය අහන්නේ..?"


    "අර වැඩට ඉන්න වයසක අම්මා.. එයා ඔයාලගෙ කවුද..?"


    කතා දෙක තුනක් නෑ.. මේ කෙල්ල අන්තිම කපටියි.. සද්ද බද්ද නැතුවම නියම තැනට අඩිය තිබ්බා.. දැන් ඉතිං අපේ අක්කා වැඩියෙන් බිව්වහම දාන හෝටල් පාර වගේ කැත නැතුව ඔක්කොම එළියට දාවි..


    "ඔයා ඔය අහන්නෙ බේබි නැන්දා ගැනද..?"


    "ඔව් එයා ගැන තමයි.."


    "ඇයි මේ හදිස්සියෙ ඔයා බේබි නැන්දා ගැන අහන්නේ..?"


    බලන් ගියාම අපේ අක්කටත් ටිකක් විතර මොල දණ්ඩක් තියෙනවා.. මං හිතුවෙ පුදනකොටම කාපි යකා වගේ ඇරලා දාවි කියලා..


    "නිකං.."


    "නිකං වෙන්න බෑ.. අනික ඔයා අද හරි අමුතුයි.. මට කියන්න ඔයා අම්මා එක්ක රණ්ඩු වුණාද..?"


    "අයියෝ නෑ බබා.. එහෙම දෙයක් නෑ.. මට ඔයාලගෙ බේබි නැන්දා ගැන ආරංචියක් ලැබුණා.."


    "මේ අපේ බේබි නැන්දා ගැන..?"


    මේ කෙල්ල හදන්නෙ මොන ගිනි ගෙඩියක් මෙතන පත්තු කරන්නද කියලා මට හිතාගන්න බැරිවුණා.. මොනව උනත් මේකි නම් කිසිම දෙයක් ලේසියෙන් අතාරින්නෙ නැති කෙල්ලෙක් කියලා මේ වෙනකොට මට තේරිලා තිබුණෙ.. මේකි මගෙත්තෙක්ක තියෙන තරහා අසරණ බේබි නැන්දා ළගින් පිට කරයිද කියලත් මට සැක හිතුණා.. එහෙම උනොත් නම් දුවේ මං උඹව මග්ගොන ඇරලයි නතර වෙන්නේ.. අම්මපා ආයෙ දෙකක් නෑ..


    "ඔයාලගෙ ගෙදර ඉන්න බේබි නැන්දා ගැන හැම විස්තරයක්ම ඔයා දන්නවද සමුදි..?"


    "ඔව්.. අපි පුංචි කාලෙ ඉදලමනේ එයා අපි ළග හිටියේ.."


    "ඒක වෙන්න පුළුවන්.. ඒත් මං ඇහුවෙ එයාගෙ පෞද්ගලික තොරතුරු ගැන..?"


    "පෞද්ගලික විස්තරයක් කියලා කියන්න නම් දෙයක් එයාගෙ නෑ.. එයා අපිත් එක්කමනේ ඉන්නේ.."


    "ඔයාලත් එක්ක හිටියට, ඔයා දන්නැති වුණාට, බේබි නැන්දා ලොකු රහසක් හංගගෙනයි ඉන්නේ.."


    පිස්සු හැදෙනවා.. කෙල්ල, ෂර්ලොක් හෝම්ස් වගේ සිරා විදියට කිව්වා.. අපේ අක්කගෙ/ත් දැන් ඇස් බෝල දෙක බිමට වැටෙන සයිස් එකට උඩට ගිහිල්ලා ඇති.. ඇයි යකෝ.. මේක ඇග කිලිපොලා යන ත්‍රාසජනක සිද්ධියක් නේ..


    "රහසක්..? මේ අපේ බේබි නැන්දා..?"


    කාගෙ හරි කතාවක් මෙහෙම අඩමානෙට ඉදගෙන, හොරාට අහගෙන ඉන්නකොටත් මාරම ගතියක් තියෙනවා.. හැබැයි ඉතිං ඒ ගතිය වැඩිවෙන්නෙ ඔය රහසෙ නිර්මාතෘ බන්ටි කියලා කවුරුවත් දැනගත්තහම තමයි..


    "ඔව්.. ඔයාලගෙ බේබි නැන්දා තමයි.. ඔයා දන්නවද.. ඔයා දන්නවද සමුදි.. එයාට ළමයෙක් ඉන්නවා.."


    "ළමයෙක්.. මොන ළමයෙක්ද..?"


    කෙල්ල කියපු කතාව අක්කා සත පහකටවත් විශ්වාස කලේ නෑ කියලා මට අක්කගෙ කටහඩින්ම තේරුණා..


    "මොන ළමයෙක්ද අහන්නෙ සමුදි.. ඔයාලගෙ බේබි නැන්දගෙ පුතා.."


    මහා ලොකු රහමක් හෙලි කාරා වගේ මහා ලොකු ආඩම්බරේකින් කෙල්ල කියවන් ගියා.. පිස්සු හැදෙනවා.. මේක දැන් සිංහල හඩ කවපු දෙමළ පිච්චර් එකක් වගේ.. වචන ඇහිල ඉවර වුණාට පස්සෙ තමයි රූපවල කටවල් හෙල්ලෙන්නේ..


    "ඔයාට පිස්සුද අනේ.. බේබි නැන්දට කොහෙන්ද ළමයෙක්..? අනික එයාට ළමයෙක් ඉන්නවා නම් අපි දන්නෙ නැද්ද..?"


    "ඔයාට මං කියන දේ විශ්වාස නැද්ද සමුදි..?"


    "අනේ මංදා.. විශ්වාස කරන්න තියා හිතාගන්නවත් බැරි කතාවක්නේ ඔයා කියන්නේ.. හොදයි.. ඔය කියන ළමයා කොහෙද ඉන්නේ..?"


    "ඉන්නෙ කොහෙද කියලා නම් මං දන්නෑ.. හැබැයි අපේ වයසෙ විතර පිරිමි ළමයෙක්.."


    "පිරිමි ළමයෙක්..?"


    අක්කගෙ කටහඩ පිරිලා තිබුණෙම අවිශ්වාසෙකින්..


    "ඔව්.. ස්මාට් කොල්ලෙක්.. බේබි නැන්දගෙ පුතෙක් කියලා හිතාගන්නවත් බෑ.. ඒ තරම් හැන්ඩ්සම්.. මූණ, ඇග, අතපය වාත්තු කෙරුවා වගේ.. හැබැයි ඒ බෝයිගෙ කට නම් අන්තිම සවුත්තුයි.."


    බන්ටි ඇදලා හිටියෙ ටීෂර්ට් එකක් හන්දා කරන්න දෙයක් නෑ.. නැත්නම් කොලර් එකවත් උස්ස ගන්න තිබුණා.. අඩේ.. ඒ කියන්නෙ බන්ටි ස්මාට් පොරක් හරිද.. මගේ හිතට ආවෙ අමුතුම ගතියක්.. එහෙනම් කෙල්ල මගෙත් එක්ක පෙරලගෙන රංඩු කළාට, මගේ හැම අවයවයක්ම දිහා හොදට බලලා තියෙනවා..


    "කොහොමද ඔයා ඔච්චර විස්තර දන්නේ..?"


    "ඒක ටිකක් දිග කතාවක් සමුදි.."


    "දිග උනත් කමක් නෑ.. ඒක මට අහන්න ඕන.. බලන් ගියාම මේක මහ පුදුම කතාවක්නේ.. අපිත් දන්නැතුව බේබි නැන්දට කොහොමද පුතෙක් ඉන්නේ..? හරිම පුදුමයි.."


    "ඒකනේ සමුදි.. බලන්න ඉතිං මිනිස්සුන්ගෙ හිත් වල කොයි තරම් රහස් ගොඩක් හැංගිලා තියෙනවද නේද..?"


    අම්මපා.. මේ විකාශනේ වෙන දෙමළ චිත්‍රපටියෙ ඇඩ් කෑලි වැඩියි.. කෝ යකෝ කතාව..? අපිට බලන්නත් එපා වෙනවනේ.. තව කොයි තරම් වෙලා මෙතන්ට වෙලා ඉන්නද..? කොයි තරම් ඇහැයි, කනයි අක්කගෙ කාමරේ පැත්තට දාලා තිබ්බත් එකෙන් දහයෙන් පංගුවක් විතර මං ඉස්සරහ දොර දිහාටත් දාලා තිබ්බෙ.. ඇයි ඉතිං අම්මා, දේවදත්තයෙක් වගේ ඉන්න අයියයි කොයි වෙලාවෙ කඩන් පාත්වෙයිද දන්නෑනේ.. එතන ඉදලා ගෑනු ළමයි දෙන්නගෙ කතාව සෑහෙන්න රහසිගත එකක් උනා.. අවුලක් නෑ.. තරංග ආයාමයද මොකක්ද එක ඩිංගක් වැඩි කරලා මං කණ තවත් ඒ පැත්තට හැරෙව්වා..


    "ඔයාට මතකද නලින්ද..?"


    "නලින්ද කිව්වේ..?"


    "ඇයි සමුදි.. මං ඔයාට අර කලින් කිව්වේ, අපේ කසින් වෙන බෝයි කෙනෙක් ගැන.."


    අප්පට සිරි.. දැන්නේ තොරණෙ විස්තරේ පත්තුවෙන්නේ.. මේ දැන් දෙවනි කොටුව කිව්වා විතරයි.. ඒ කියන්නෙ ඇටකිච්චයි මේ කෙල්ලයි නෑදෑයො.. එහෙනම් ඒකයි මේ කෙල්ල ඇටකිච්චගෙ ආදරේට සපෝට් කලේ..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඉතිං..?"

    "අන්න එයා යාලුවෙලා ඉන්න ගර්ල්ට, ඔයාලගෙ බේබි නැන්දගෙ පුතා ට්‍රයි.."


    මං උඩ ගිහින් බිම වැටුණා.. මොකක්ද යකෝ මේකි මේ කියපු අලුගුත්තේරු කතාව.. ඒ කියන්නෙ මං නිරෝෂිට ට්‍රයි.. අම්මප මේකි කියන කතාවලට කොස් ගහෙත් හැපිලා, දෙල් ගහෙත් හැපිලනේ නතර වෙන්නේ..


    "පස්සේ..?"


    "මේ ළගදි දවසක අපේ නලින්දට ඔය බේබි නැන්දගෙ පුතා හොදටම ගහලා.. දැන් නලින්ද ඉන්නෙ නුවර හොස්පිටල් එකේ.."


    "අනේ.. හරි පව් වැඩක්නෙ කරලා තියෙන්නේ.."


    "ඒකනේ සමුදි.. මට නම් පුදුම තරහයි.. බේබි නැන්දගෙ පුතා කරපු ඒ ජරා වැඩේට.. මං මිනිහට හොද පාඩමක් උගන්වන්නයි හිතන් ඉන්නේ.. බලන්නකෝ.. නලින්දගෙ ගර්ල් කැමති උනේ නෑ කියල නලින්දට ඉස්පිරිතාලෙකට යන්න තරම් ගහන්න ඕනෙද..? අනික නලින්දගෙ ගර්ල් හරිම හොද කෙනෙක්.. මං එයාලව ආශ්‍රය කරන හන්ද දන්නේ.. දෙන්නා අපේ ගෙදරත් ඇවිල්ලා තියෙනවා.."


    හරිම හොද කෙනෙක් වෙන්නෙ කොහොමද, මෝඩ තකතීරු කෙල්ලේ..! නිරෝෂි, නලින්ද එක්ක වගේම අපේ බින්දුත් එක්කත් යාලුයිනේ.. හැබැයි ඉතිං දැන් නම් අපේ බින්දුවට සොරි ඩොට් කොම් තමයි කියලයි බන්ටිට නම් හිතෙන්නේ.. ඇයි හත්තිලව්වේ, උං දෙන්නා ජෝඩු දාලා, මේ කෙල්ලගෙ ගෙදර ගියා කියලා මේකිගෙම බෝක්කු කටින් කියලා තාම විනාඩියක්වත් ගියේ නෑනෙ.. හොද හොද ඒවා ඉතිං බලාගතෑකි..


    "ඔය බේබි නැන්දගෙ පුතා හරිම කපටියි.. දැන් මිනිහා ගෙනියන අලුත්ම ආරංචිය මොකක්ද කියලා ඔයා දන්නවද..?"


    "මොකක්ද..?"


    "අපේ නලින්දට තව ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා.. හොදටම ගහලා ඉවර වෙලත් ලව් එක බ්‍රේක් කරන්න බැරිවුණාම දැන් වෙන ප්ලෑන් එකකට මෑන් බැහැලා.. මම නම් ඔය කතා බින්දුවක්වත් විශ්වාස කරන්නෑ.."


    "නලින්දගෙ ගර්ල් විශ්වාස කරයිද..?"


    "ඒක තමයි මට බය.. එහා හරිම අහිංසක ගර්ල් කෙනෙක්.. ඩිංග ඇත්නම් ඇස් දෙකේ කදුළු පුරව ගන්නවා.. බනින්න ඔන්නෑ.. රවලා බැලුවත් ඇති අඩන්න.. ඉතිං ඔය වගේ නිව්ස් එකක් එයාට ගියොත් මොනවයින් මොනවා වෙයිද දන්නෑ.."


    හප්පොච්චියේ.. මේකි කියන පට්ට කෙබරවල සයිස් එකට මටත් කලන්තෙ වගේ.. ඇයි යකෝ මිනිස්සුන්ට මේ තරම් බොරු කියතෑකිද..? නිරෝෂිගෙ කොහෙද අහිංසකකමක්.. ඒකිට එකසිය ගානටත් එහා ගියපු උණක්නේ තියෙන්නෙ.. පිස්සු හොද එක.. රවල බැලුවත් ඇතිලු අඩන්න.. මොන පිස්සු.. දෙකේ දෙකේ පොල්ලකින් දෙකක් දෙන්න ඕන ඒකිව අඩවන්න.. කොටින්ම අපේ බින්දු ඇඩුවත් ඒකි අඩන එකක් නම් නෑ..


    "ඒක තමයි.. මට නම් පේන විදියට ඒ කොල්ලා මහ වස නපුරෙක් වෙන්නැති.. නැත්නම් ඉතිං ඔය වගේ වැඩ කරයිද නේද..?"


    "අ..පෝ.. සමුදි.. ඒකා ගැන නම් මතක් කරන්නවත් එපා.. මහා ගල් කාෂ්ටක මිනිහෙක්.. තෙතමනයක් කියලා නාමයක් ඒකගෙ පපුවෙ නෑ.. අර අහිංසකයට අල්ලගෙන තඩි බාල තියෙන හැටි දැක්ක නම්.. ඔයා කියන්නෙ මට ඒකව මරන්න තරම් හිතයි.."


    "ඔයාට පිස්සුද..? මේ එක එක රස්තියාදුකාරයො එක්ක මරාගන්න යන්නේ.. ඒකා ඔයාව උස්සගෙන කොහේට හරි යයි.."


    ඉදලා ඉදලා අපේ අක්කා කිව්වෙ ටොයිස් වගේ එලකිරි කතාවක්.. දැන් බලමුකො මේ ඇට පඩත්තල කෙල්ල මොනවද කියන්නෙ කියලා.. අනික ඉතිං මේ බන්ටි නම්, කොයි තරම් ලස්සන උනත්, අතට සල්ලි දුන්නා උනත්, චැලියට ෆුල් ටෑන්ක් ප්‍රෙට්‍රල් ගහලා දුන්නා උනත්, ඔය මල හෝන්තුව නම් උස්සන්නෙ නෑ.. ඊට වැඩිය දාහෙන් සම්පතයි අර මොරීන් අක්කව උස්සන එක.. නැත්නම් හස්ත කර්මාත්නය අරඹන එක..


    "හ්ම්.. බලමුකෝ.. මං ඌට හොද රිටර්න් එකක් දෙනවා සමුදි.. ඌ මටත් චැලේන්ජ් කරා.."


    "මොනවා.. ඒකා ඔයාට හම්බවුණාද..?"


    "නැත්තං.. මං ඒකත් එක්ක හොදටම බැණ ගත්තා.."


    "දෙයියනේ.. ඔයාට නම් පිස්සු.. ඇයි බබා නරකයොත් එක්ක ඔහොම පැටලෙන්නේ.. ඔයා ගෑනු ළමයෙක් නේද..? ඇයි ඔයා පාඩුවෙ ඉන්නැත්තේ..? බලන්න ඉතිං ඒකා දැන් ඕක ලේසියෙන් අතාරින එකක් නෑ.."


    "කමක් නෑ.. ඒකා අතාරින්නෙ නැත්නම් මාත් අතාරින්නෙ නෑ.. මං ඒ නරකාදි කොල්ලට මේ නුවර ඉන්න ඉඩ දෙන්නෑ.. ඔයා බලන්නකෝ මං කරන වැඩේ.."


    "........ ඔයා මොනවද කරන්න හදන්නේ..? ........ "


    අක්කා කතා කරපු ඒ වචන ටිකේ මුලයි අගයි මට ඇහුණෙ නෑ.. මං හිටියෙ සාලෙ ඉස්සරහ දොර දිහාටත් අවධානය දිනාගෙන.. ඒත් අක්කා ඒ කෙල්ලට නම කියලා කතා කරා කියලා ඉවෙන් වගේ මට තෙරුණා.. ඒකිගෙ නම දැනගන්න මගෙ හිතේ කැමැත්තක් තිබුණත් අවශ්‍යම වෙලාවෙ මට ඒක මගෑරුනා..


    "තාම නම් මුකුත් අදහසක් මගේ ඔලුවෙ නෑ.. ඒත් ඔය වගේ කැත කොල්ලෙකුට රිද්දන්න ඕන හිතට.. ඇගට පතට රිද්දලා වැඩක් නෑ.."


    "දෙයියනේ.. ඔයා මොනවද මේ කියවන්නේ..? ඔයා හදන්නෙ ඒ ළමයත් එක්ක ගහගන්න යන්නද..?"


    "නෑ.. නෑ.. ඔයාලගෙ බේබි නැන්දට ටිකක් රිද්දුවොත් ඒකට හොදටම රිදෙයි.. මොකද ඒකා බේබි නැන්දට හුගාක් ආදරෙයි කියලා මට තෙරුණා.."


    මම ප්‍රචාරය කරපු බේබි නැන්දගෙ දරුවගෙ කතාව දැන් කෙටි චිත්‍රපටියකටත් ගහලා.. වැඩේ හිතුවටත් වැඩිය දුර දිග යනවා කියලා මට තෙරුණා.. කෙල්ල කියපු කතාවට අක්කා කටහඩ අවදි කරේ ටිකක් වෙලා ගියාට පස්සේ..


    "ඔයා බේබි නැන්දට රිද්දන එක නම් මං අනුතම තරන්නෑ.. ඒක මේ දේට ගැළපෙන එකක් නෙමෙයි.."


    "එහෙනම් ඒකා නලින්දට ගැහුවේ.. නලින්දගෙ ගර්ල් එක්ක ප්‍රශ්නයක් නම් ඒක එයත් එක්ක බේරගන්න ඕනනේ.. ඇයි නලින්දව ගාව ගත්තේ..?"


    කෙල්ල ඇහුවෙ හුගාක් හොද ප්‍රශ්නයක්.. ඒත් මේ හැමදේම අහගෙන තව කොයි තරම් වෙලා මට මෙතන ඉන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙත් පැත්තකින් තිබුණා..


    "මං කොහොමත් හෙට නලීන්ව බලන්න යනවා.. ඒ ගිහින් මේ ගැන තීරණයක් ගන්නවා.."


    අහපු ප්‍රශ්නෙ පැත්තකින් තියලා කෙල්ල ආයෙත් කිව්වා.. සමහර විට අපේ අක්කා කතා කරපු නැති හින්දා වෙන්නැති..


    "ඔයා බේබි නැන්දට රිද්දන්න හදන්නෙ කොහොමද කියලා මං දන්නෑ.. හැබැයි එහෙම උනොත් තවත් ලොකු ප්‍රශ්නයක් ඔයාට එනවා.. ඔයාට හැප්පෙන්න තියා, හිතන්නවත් බැරි කෙනෙක් මේ ප්‍රශ්නෙට ගෑවෙනවා.. ඒක ඔක්කොටම වැඩිය භයානකයි.."


    "ඒ.. ඒ.. ඒ කවුද සමුදි..?"


    කෙල්ලගෙ කටහඩ වෙව්ලලා ගියා කියලා මට තේරුණා.. ඒ එක්කම තමයි සාලෙ තියෙන ලොකු ජනේලෙකින් මං දැක්කෙ අම්මා ඈතින් එන හැටි.. ඒත් අක්කා කිව්ව භයානක පුද්ගලයා කව්ද කියලා දැනගන්න මට ලොකු ආශාවක් තිබුණා.. සමහර විට අලි මුඩුක්කුවෙ සෝමෙ අයියද දන්නෑ..


    "වෙන කවුරුවත් නෙමේ.. අපේ බන්ටි.. ඔයා ඔය කියන බේබි නැන්දගෙ පුතාට වැඩිය ලක්ෂ වාරයක් අපේ බන්ටි බේබි නැන්දට ආදරෙයි.. බන්ටි ඉන්නකල් ඔයාට බේබි නැන්ද ගාවට කිට්ටු වෙන්නවත් ලැබෙන්නෙ නෑ.."


    "බ.. බන්ටි කිව්වේ.. ඔ.. ඔයාගෙ අයියා රසිකද..?"


    "පිස්සුද අනේ.. අපේ පවුලෙ බඩපිස්සා ඔයා දන්නැද්ද..? එයා ගෑවුණොත් ඇති පළාතක්ම හෝදා පාලුවෙලා යන්න.. හැබැයි ඉතිං එයාගෙ හිතට ඇල්ලුවොත් හදවත ගලවලා දෙයි.."


    "ම.. මං එයාව දැකලා නෑනේ.."


    දැක්කා නම් ඔයාට නූල් හතරක් විතර බදින්න වෙනවා.. මෝඩ කෙල්ලේ.. අම්මා ගෙට ඇතුල්වෙන්න තිබ්බෙ තව තත්පරයක් නැත්නම් දෙකයි.. මං අඩියට දෙකට පඩිපෙළ දිගේ උඩට නැග්ගා.. පඩිපෙළේ ඇන්ද දිගේ පස්ස තියලා පහළට ලිස්සලා එනවට වැඩිය වේගෙන් බන්ටිට පඩිපෙළ දිගේ උඩට දුවන්න පුළුවන්.. එහෙම දුවලා බන්ටි හෝම් රෙකෝඩ් දෙක තුනක් තියලයි තියෙන්නේ..


    ෂිහ්.. අම්මා ආවෙ කතන්දරේ හොදම හරියෙදිනේ.. අක්කයි, ඒ කෙල්ලයි තව මොනවා මොනවා කතා කරයිද දන්නෑ.. කරුමෙට හරි අක්කා මගෙ කාමරේට කඩන් පාත් උනොත් සොරිම තමයි.. එයාගෙ යාලුවට මාව පෙන්නන්න ඇවිත් ඊගාවට අපේ අක්කටයි නූල් බදින්න වේනනේ.. ඇයි ඉතිං මේ අලුගුත්තේරු වලියෙ නිර්මාතෘ බන්ටි කියලා දැනගත්තාම කරන්න ඕන මොනවද කියලවත් එයාට අමතක වෙලා යයි..


    කොහොම කොහොම හරි මං හොද ඕනෑකමින් අහගෙන හිටියෙ අක්කා තියා කිසිම කෙනෙක් මගේ කාමරේ පැත්ත පළාතක ආවෙ නෑ.. වැඩිය ඕන්නෑ.. අර බෝක්කු කට තියෙන කෙල්ලගෙ කටහඩවත් මට ඇහුණෙ නෑ.. එහෙනම් ෂුවර් එකටම අම්මා එනවත්තෙක්කම වගේ කෙල්ල ආපහු යන්න ඇති.. මොනව උනත්, අක්කගෙයි, ඒ කෙල්ලගෙයි කතන්දරේ තව කැරකෙන්න ගියා නම් බන්ටිට සොරිම තමා.. එහෙනම් අර කෙල්ල අනිවා අක්කා එක්ක මගේ කාමරේට එනවා.. ඒ ඇවිත් මේ තමයි මගේ වන් ඇන්ඩ් ඔන්ලි මල්ලි, මිස්ටර් බන්ටි කියලා අක්කා උන්දැට මාව ඉන්ට්‍රොඩියුස් කරහම බන්ටිට දුවන්න පඩිපෙලත් මදි වෙනවා.. දැන් ඉතින් කම් නෑ.. එහෙම දෙයක් උනේ නෑනේ.. මං හිත හදාගත්තා..


    ****************************


    හිතේ තිබ්බ අවුල හින්දම රෑ කෑමත් බාගටෙ කාලා මං ඇදට පැන්නා.. බන්ටි තමයි රෑ කෑම සාමාන්‍යයෙන් උපරිම විදියට භුක්ති විදින්නේ.. ඒත් අද ඒක එහෙම නොවුණු හන්දා ගෙදර අය බාගෙට කටවල් ඇරගෙන බලාගෙන ඉද්දි බන්ටි කැත නැතුව පුටුවෙන් නැගිට්ටා.. ඇත්තටම කන්න තරමේ පිරියක් මට තිබුණෙ නෑ.. වෙච්ච දේවල් වල හැටියට අහපු දේවල් වල හැටියට මෙහෙම හරි හුස්ම ඉහල පහල දාන එක මැදැයි..


    ****************************


    යාංතමට වගේ නින්ද යාගෙන ආවත් මොකක්දෝ අමුතු සද්දයක් ඇහිලා මං ඇහැරුණා.. සද්දෙ ආවෙ කොහෙන්ද, මොකකින්ද කියලා හිතාගනන් බැරිවුණා.. ඇදේ වාඩිවෙලා මං හොද ඕනෑකමින් ඇහුම්කන් දුන්නා.. දෙවෙනි පාරට ඒ සද්දෙ ආවෙ මගේ කාමරේ බැල්කනිය පැත්තෙන්.. ඒ තවත් විනාඩියක් දෙකක් ගියාට පස්සේ.. ඇදගෙන හිටපු ෂෝට පිටින්ම මං බැල්කනි කෑල්ලට ඇතුල් වෙන දොර ළගට ගියා..


    එළියෙ මොකක් නමුත් සිද්ධවෙන හැඩයි.. හැබැයි ඒ සිද්ධ වෙන දේ හොද දෙයක් නෙමෙයි කියලා මට තේරුණා.. කරන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරි උනත්, මං හෙමින් සීරුවෙ බැල්කනියෙ දොර ඇරියා.. බන්ටි කියන්නෙ සාමාන්‍යයෙන් යකෙකුටවත් බය කොල්ලෙක් නෙමෙයි.. ඒත් මේ වෙලාවෙ බයක් එක්ක මිශ්‍ර වුණු අමුතුම හැගීමක් මගේ හිතේ තිබුණා..


    හද එළියටයි, පල්ලෙහා තට්ටුවෙ දාලා තිබුණු ලයිට්ස් වලිනුයි මං දැකපු දේ මට හිතාගන්න බැරිවුනා.. මගේ කාමරේ බැල්කනියට මිහ ඉදල හේත්තු කරලා තිබ්බෙ දිග ඇලුමිනියම් ඉනිමගක්.. මොකාද යකෝ මේ අලුගුත්තේරු වැඩේ කරපු එකා.. අද මුළු දවසෙම මෙහෙම ඉනිමගක් අපේ වත්තෙ තිබුණෙ නෑනේ.. වීරයා වගේ දොර ඇරගෙන බැල්කනියට ආවට මේක හොරෙක්ගෙ වැඩක්ද දන්නෑ.. අපේ මුළු ගෙදරටම සුද්දෙ දාන්නන ආපු එකෙක් උනොත් කතන්දර ගොඩයි.. කෝක උනත් කියලා බැල්කනිය මුල්ලෙ දාලා තිබ්බ මගේ පරණ ක්‍රිකට් බැට් එක මං අතට ගත්තා.. දැන් ඉතිං ඕන අලි දන්ඩෙක් වරෙන් පුතා.. මං දෙන්නෙ ඉස්මුදුණෙන්ම පැණි බේරෙන්න..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා.. මේ කතාවෙ පළවෙනි කොටස මෙතනින් ඉවරයි.. දෙවනි එක මම අලුත් ත්‍රේඩ් එකක දැම්මා.. ෴ ♥ ඒ මගේ මලයි 2 ♥ ෴ කියලා නම දාලා..

    මෙන්න ලින්කුව >>
    http://www.elakiri.lk/forum/showthread.php?t=1400860
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුළුවන් නම් ෆේස්බුක් පේජ් එකට ලයික් පාරක් දාලා..
    https://www.facebook.com/Kathandara.potha

    බ්ලොග් එකට ෆලෝව් පාරක් දාන්නකෝ..
    http://kathandarapoth.blogspot.com/

    ..පුළුවන් නම් විතරක්. වැඩක් නෑ කියලා හිතෙනවා නම් එපා..

     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මම මේ අහන්න කියල හැදුවේ crazybuddy කියන්නේ යෞවන සමින්ද්‍රද කියල. FB 1 ට ගියාම තමයි වැඩේ දැනගත්තේ.
     

    blue_in_rio

    Well-known member
  • පුළුවන් නම් ෆේස්බුක් පේජ් එකට ලයික් පාරක් දාලා..
    https://www.facebook.com/Kathandara.potha

    බ්ලොග් එකට ෆලෝව් පාරක් දාන්නකෝ..
    http://kathandarapoth.blogspot.com/

    ..පුළුවන් නම් විතරක්. වැඩක් නෑ කියලා හිතෙනවා නම් එපා..


    ඔන්න කිව්වා ඉතිං...අපි එහෙම හිතනවද යකෝ ?? :confused::confused::sorry::sorry: