෴ 32 bit -64 bit කියන්නේ මොකක්ද ෴

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ෴ 32 bit -64 bit කියන්නේ මොකක්ද ෴

    E4ILAg7.jpg

    Windows වල Bit size එක ගැන ගොඩක් අය හොයන්නේ නැති වුනාට එක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්.

    කොහොමද මගේ කොම් එකේ 32Bit ද 64Bit ද කියලා බලාගන්නේ?
    My Computer Right click කරලා Properties යන්න.

    අපි මුලින්ම බලමු මේ මොකද්ද 64 & 32 Bit කියල කියන්නේ.ඇත්තම කීවොත් මේ කියන්නේ අපේ Processor එක අපි Input කරන Data, Process කරන්න යොදාගන්න මාර්ගයේ පළල කීවොත් නිවැරදි.මේක හැබැයි තීරණය වෙන්නේ processor එක මත පමණයි මොකද Processor එක 64 Bit නෙමෙයිනම් අපි 64 Bit දාල වැඩක් නෑනේ...! එක නිකන් පුංචි අඩි පාරක බස් එකකට යන්න කීව වගේ නේ.අපේ Processor එක 64 Bit නම් එකේ උපරිම කාර්යක්ෂමතාව ගන්න 64 Bit දාන එක තමයි හොද.මේ වගේම 64 & 32 bit කියල Softwares ත් වර්ග කරනවා.64 Bit Software 64 bit වලට පමණයි නමුත් 32 Bit ඒවත් 64 Bit වලට Support කරනවා.මොකද බස් එකකට පුංචි අඩි පාරක යන්න බැරි උනාට අඩි පාරේ යන අපිට බස් යන පාරේ යන්න පුළුවන් නේ..අන්න ඒ වගේ තමයි.ඒ වාගේම තමයි 32 Bit Operating System එකකට උපරිම දකින්න පුළුවන් 3.41 GB RAM මතකයක් විතරයි.ඔයාල Ram එක 3 GB වලින් එහාට Use කරනවානම් හොදම දේ තමයි 64Bit Operating System එකකට මාරු වෙන එක.එකේ වාසිය තමයි ඔයාලගේ Processor එකත් 64 Bit නම් උපරිම කාර්යක්ෂමතාවෙන් වැඩ කරගන්න වාගේම Ram එකත් හොදටම ප්‍රයෝජනයට අරගෙන Data Process කරගන්න පුළුවන් වීමයි.වැඩෙත් ඉක්මන්.

    2Bit වාසි..

    * පරණ Softwares, Applications බොහොමයක් වැඩකළ හැකිවීම.

    *අඩු RAM එකක් ඇති අයට පවා වැඩකළ හැකිවීම. (අවම 512MB)

    32Bit අවාසි..

    *අලුත් Softwares බොහොමයක් පැමිණෙන්නේ 64Bit ආකාරයටය

    * 4GB RAM වලට වඩා වැඩි වූ විට Support නොකිරීම

    64Bit වාසි..

    *අලුත් Softwares බොහොමයක් පැමිණෙන්නේ 64Bit ආකාරයටය

    *ඇතැම් 32Bit Softwares පවා පහසුවෙන් වැඩ කිරීම.

    *හොද Memory Management එකක් ඇති නිසා පරිගණකය කාර්යක්ෂම වීම.

    *1GB RAM සිට 128GB RAM දක්වා support කිරීම.

    64Bit අවාසි..

    * 32bit ඇතැම් Softwares 64Bit වල වැඩ නොකිරීම.

    මේ නිසා මං ඔයාලට කියන්නේ ඔයාගේ කොම් එකේ RAM එක 2GB හෝ ඊට වඩා තියනවනම් 64Bit හොදයි කියලා.

    හැබැයි ඔයා 64Bit දාන්න කලින් මෙන්න මේ දේවල් ගැනත් හිතන්න ඕනේ.

    1. ඔයා ලග තියන Printers, Scanners වල Softwares 64Bit සදහා තිබීම. (එසේ නොමැතිනම් Google search මගින් 64Bit එක තියනවද කියලා check කරන්න)

    2. ඔයා නිතරම වැඩ කල වටිනා Softwares 64Bit සදහාද setup file එක තිබීම.

    එහෙම තියනවනම් කිසිම අවුලක් නැතුව මේ වැඩේ කරන්න පුළුවන්.

    64Bit දැම්මට පස්සේ ඔයාට C drive එකේ Program files Folders 2ක් දකින්න පුළුවන්.
    එකෙන් Program Files Folder 1 64Bit installed software සදහාද, Program Files (x86) Folder 1 32Bit installed සදහාද වේ.

    උපුටා ගැනීමකි
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අපිත් 64 තමා...
    වෙනස දනිමි....
    කට්ටියට දැනගන්න බෙදාගත්තා එක හොදයි...

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> * 4GB RAM වලට වඩා වැඩි වූ විට Support නොකිරීම

    This is wrong.
    Read this.
    http://en.wikipedia.org/wiki/Physical_Address_Extension

    It's right that application program could not use more than 4GB of RAM. But very rarely an application program does use more than 4GB of ram unless you are speaking about a server computer/data-center.

    Kernel could utilize more than 4GB of memory shared among different application programs. Where kernel allows each page table entry 64-bit into the page table when PAE is enabled.

    However in windows world, even in windows 7 there are licensing issues , so it limit you not using more than 4GB of ram. However in Linux you are free to use.

    However due to the reason of microsoft limitation, most laptops and most mothersboards came with only 4GB maximum support. Due to this reason only such support could be found in data-center computers and server computers.

    But you are speaking processor wise. And instruction set architecture level it could support more than 4GB of memory with PAE extension. So your argument is wrong there.

    however rep+ added.Thanks keep writing.
    Good writings always should have +rep points.

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    2^(32 bit) thama ban 32 bit wala addressable memory. mokak hari extension ekakin puluwan wenda ethi. Architecture eka anuwa processor ekata puluwan echarai. :rolleyes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එල එල.. අපි තාම 32බිට්.. 64බිට් වින්ඩොස් ඉන්ස්ටොල් කරන්න වෙලාවක් තාම නැතො.. 64 බිට් DVD එක මාස දෙකක් විතර ලාච්චුවෙ....

    ++
     
    • Like
    Reactions: sbanurada