සංචාරක පාකිස්තානු පිල හා ශ්‍රී ලංකා පිල අතර පැවැති දෙවැනි තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් (ඛෙත්තාරාම) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයට ගෙනයාමට ශ්‍රී ලංකා පිලේ නිල රූපවාහිනී ප්රචාරක අයිතිය හිමි ටෙන්ස් ස්පෝර්ට් සමඟ අයථා ගනුදෙනුවක් සිදු කළේද යන්න පිළිබඳව සැකයක් මතුව ඇතැයි වාර්තා වේ.
ඒ අදාල තරගය ඛෙත්තාරාමෙන් සූරියවැවට ගෙනයාමට තීරණය ගනු ලැබුවේ දින 6කට ප්‍රථම වීම නිසා මේ සැකය තවත් තීව්‍රවී ඇති බවද පැවසේ.
අපවෙත ලැබෙන තොරතුරු අනුව මේ තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් කළමනාකරු කාල්ටන් බර්නාඩස් හා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංගගේ දැඩි වුවමනාව පරිදිය.
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු ලෙස කටයුතු කරන්නේ සම්පත්ය.
ඔහු තරගය ආර්.ප්‍රේමදාස පිටියෙන් වෙනත් තැනකට රැගෙන යන්නේද විමසා ඇත්තේ තණ තීරුවේ ක්‍රීඩා කිරීමට තිබූ අපහසු තත්ත්වය ගැන සලකා නොවේ.
ක්‍රීඩාංගනයේ තණතීරුවෙන් පිට කොටසේ පැවැති මඩ ස්භාවය සලකාය.
තණතීරුව තිබෙන කොටස ඒ වන විටද වැසුම් යොදා ආවරණය කර තිබී ඇත.
ඒ සම්බන්ධයෙන් අප ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පිටිය සකසන සෙසු සේවකයන්ගෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණතීරුවෙන් පිට කොටස සම්පූර්ණයෙන් වේදීමට දිනක් තදින් අවුව පෑයීම ප්‍රමාණවත් බවයි.
ඒ අනුව පෙනීයන්නේ තරගය කොළඹින් හම්බන්තොටට ගෙන ගොස් ඇත්තේ කොළඹ ක්‍රීඩා කිරීමට එතරම්ම අපහසුවක් නොතිබියදී බවයි.
ටෙන්ස් ස්පොර්ට්ස් ට ඇති වාසිය
තරගය කොළඹින් හම්බන්තොටට ගෙනයාමෙන් ටෙන්ස් පොර්ට්ස් හට වාසි කිහිපයක් අත්විය එකක් නම් එහි සේවකයන්ට දිගටම එහි රැඳී සිටිමින් අනෙක් තරගයට සූදානම් වීමට අවස්තාව උදාවීමයි.
දෙවැන්න නම් ඔවුන්ගේ කැමරා බඩුබාහිරාදිය කොළඹට ගෙනඒමට යන මහන්සිය හා මුදල් ඉතිරිවීමය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාඩුව
අදාල තරඟය කොළඹින් පිට පැවැත්වීම හේතුවෙන් ක්‍රිකට් ආයතනයට මූල්‍යමය වශයෙන් විශාල පාඩුවක් සිදුව තිබේ.
ඒ එම තරගයේ ආදායම සම්පූර්ණයෙන් අහිමිවීම නිසාය.
අදාල තරගය සූරියවැවට ගෙනයාමෙන් පසුව එය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීම නිසා මේ ආදායම අහිමි විය.
එම තරගය ඛෙත්තාරාමයේ පැවැත්වුයේ නම් ඊට ප්‍රේක්ෂකයන් 30,000ත් 35,000 අතර ප්‍රමාණයක් සහභාගිවනු ඇත.
එසේම කොළඹ තරගවල ප්‍රවේශපත් මිලද ඉහලය ඉන්ද වැඩි අදායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් හට ලැබේ.
තරගය කොළඹින්, හම්බන්තොටට ගෙන යද්දී කොළඹ තරගය වෙනුවෙන් වෙන් වූ ප්‍රවේශපත් 2000කට වැඩි ප්‍රමාණයක් විකිණී තිබූ බවද වාර්තා වේ.
රක්ෂණය අහිමිවීම
එම තරගය ඛෙත්තාරාමයේ පැවැත්වීමට වර්ෂාව හරස්වූයේ නම් විශාල මුදලක් ඊට රක්ෂණ වන්දි ලෙස ලැබීමට ඉඩ තිබූ බවත්, අදාල තරගය සූරිය වැව ක්‍රීඩාංගනයේ පවත්වා ඇත්තේ රක්ෂණ ආවරණයක් නොමැතිව බවද මේ අතර වාර්තා වේ.