‍ලොතරැයි අලෙවිය 40 % පහලට

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    දිනුම් ලැබීම 100 ට 1.5 යි . රුපියල් 30 ට විකුණන කොට කොහොමද සැප. කලින් තිබුනේ 100 ට 7.3 යි
    බදු ගෙවමු රට හදමු. - ලොතරැයි මණ්ඩලය කියනවා මහපොලටයි උසස් අධ්‍යාපනයටයි ඉස්පිරිතාලවලට බෙහෙත් ගන්න සල්ලි දෙනවලු. මේක ඇත්තද කියන්නම් දන්නේ නැහැ. ජනාධිපති අරමුදලට නම් සල්ලි දෙනවා කියලා දන්නවා.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව :yes: :yes:
    මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20 :yes: :yes:

    මහින්දගේ කාලේ වැඩි කරා වගේම ලොතරැයි විකුණුම්කරු ට ලැබෙන කොමිස් මුදලත් ඒ හා සමාන මුදලකින් වැඩි කළා.
    ඒක නිසා අලවිය ටිකක් අඩු උනත් විකුණන අයට පාඩුවක් උනේ නෑ..
    මේ පාර එහෙම වෙලා නෑ..

    ඒකයි ස්ට්‍රයික් එක.

    ඊයේ විකුණන හාදයෙක් කියනවා වෙනද පෝය දවසට 1200 විතර ටිකට් විකිනුනාට ඊයේ ගියේ 400 ක් විතර කියල.
    ලොතරැයි විකුණන එකෙක් ගෙන් අහල බලන්න කොමිස් මුදලේ කතාව...
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    අනිත් එක තමයි බන් ටිකට් විකිනීම 40%කින් අඩු උනාට ලාබෙ එච්චර අඩු වෙන්නෙ නෑ.. උදාහරනයක් විදියට කලින් 20 ටිකට් 1000ක් විකුනුනා නම් ලාබෙ 20*1000=20000යි. දැන් ඒකෙන් 40%ක් අඩු උනාම ටිකට් 600යි. ඒ කියන්නෙ 30*600=18000යි. අඩු උනේ 2000යි. ඒ කියන්නෙ ලාබෙ අඩු 10%ක් වගේ. මට හිතෙන විදියට ඕකත් හරියයි ටික කාලෙකින්.
    මම නම් ටිකට් ගන්නෙ නෑ. :no::no: ඕක ගන්නවට වඩ හොදයි එකෙන් මාළුපාන් ගෙඩියක් කනව. සල්ලි හොයන්න ඕන නම් මහන්සි වෙන්න වෙනව. :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව :yes: :yes:
    මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20 :yes: :yes:

    මෙකෙ කරල තියෙන්නෙ මිළ වැඩිකරල ඒ සල්ලි රජය ගන්නව ඒහා සමානව විකුනන එකාට ලැබෙන කොමිස් එක වැඩිකරල නැහැ, ඒකයි උන් වර්ජනය කරන්නෙ, සරලව කිව්වොත් "බළලුන් ලවා කොස් ඇට බාවනව"
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනිත් එක තමයි බන් ටිකට් විකිනීම 40%කින් අඩු උනාට ලාබෙ එච්චර අඩු වෙන්නෙ නෑ.. උදාහරනයක් විදියට කලින් 20 ටිකට් 1000ක් විකුනුනා නම් ලාබෙ 20*1000=20000යි. දැන් ඒකෙන් 40%ක් අඩු උනාම ටිකට් 600යි. ඒ කියන්නෙ 30*600=18000යි. අඩු උනේ 2000යි. ඒ කියන්නෙ ලාබෙ අඩු 10%ක් වගේ. මට හිතෙන විදියට ඕකත් හරියයි ටික කාලෙකින්.
    මම නම් ටිකට් ගන්නෙ නෑ. :no::no: ඕක ගන්නවට වඩ හොදයි එකෙන් මාළුපාන් ගෙඩියක් කනව. සල්ලි හොයන්න ඕන නම් මහන්සි වෙන්න වෙනව. :rofl::rofl:

    machn ticket pramanaya newei adayama 40 % kin adu wela
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    machn ticket pramanaya newei adayama 40 % kin adu wela

    දියුණු රටවල මේ වගේ ලොතරැයි වසංගතයක් නෑ බන්. බලපන් බස් එකකට නැග්ගත්, පෙට්‍රල් ගහන්න ශෙඩ් එකේ නැවැත්තුවම, මාකට් එකට ගියාම ලොතරැයි උස්සන් එනව. මේවගෙ ලාබ තියෙන නිසානෙ ඇඟ මහන්සි නොකර ලොතරැයි විකුණන්නෙ. ලාබෙ අඩුවෙලා ඕක කරගන්න බැරිම තත්වයක් තියෙන කාලෙක ඔය මිනිස්සු හරිහමන් රස්සා වලට යයි.

    ත්‍රීවීල් , ලොතරැයි, පේමන්ට් එකේ බඩු විකිණීම වගේ ඒව නවත්තන්න ඕනෙ රටක් හැටියට ඉස්සරහට යන්න
    :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    දියුණු රටවල මේ වගේ ලොතරැයි වසංගතයක් නෑ බන්. බලපන් බස් එකකට නැග්ගත්, පෙට්‍රල් ගහන්න ශෙඩ් එකේ නැවැත්තුවම, මාකට් එකට ගියාම ලොතරැයි උස්සන් එනව. මේවගෙ ලාබ තියෙන නිසානෙ ඇඟ මහන්සි නොකර ලොතරැයි විකුණන්නෙ. ලාබෙ අඩුවෙලා ඕක කරගන්න බැරිම තත්වයක් තියෙන කාලෙක ඔය මිනිස්සු හරිහමන් රස්සා වලට යයි.

    ත්‍රීවීල් , ලොතරැයි, පේමන්ට් එකේ බඩු විකිණීම වගේ ඒව නවත්තන්න ඕනෙ රටක් හැටියට ඉස්සරහට යන්න
    :rolleyes:

    එහෙම එකක් නෑ වෙන රටවල වගේ කැසිනෝ බෙටින් වගේ එවා ලංකාවේ අඩුයි නේ ලොතරැයි සීන් එක තමයි ටිකක් වැඩිපුර තියෙන්නේ.
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0

    මේ රටට කෙලවෙලා තියෙන්නේ තොපි වගේ හැම දේම දේශපාලන කෝණයකින් විග්‍රහ කරන තොපි වගේ නිවටයින් නිසයි. වැරැද්දට වැරද්ද කියන්නත් අසාධාරණයට අසාධාරනය කියන්න තරම් කොන්දක් නෑ. කවුරැ කලත් හොද දේ හොදයි, වැරදි දේ වැරදියි. 1980 ගනන් වල ඉදලා ලොතරැයියක් තිබුනේ රැපියල් 10කට. ඒක 20 වෙලා දැනට අවුරැදු 3 -4 වගේ. දැන් 30 ක් කරලා. ඒක සෑහෙන්න ඉල්ලුමට බලපානවා. මම ඉස්සර ටිකට් 3ක් විතර ගන්නවා දවසකට. දැන් ගන්නේ 1ක් නැත්නම් 2ක් විතරයි. දුප්පත් මිනිහෙක්ට බලාපොරොත්තුවකට කියලා තිබ්බේ මේක විතරයි. දැන් ඒකත් ඈතට ඈතට ඇදිලා යනවා.

    වාසනාව ඇවිල්ලා උඹගෙ කටට අතාරිනකන් බලන් ඉන්න එපා
    මහන්සිවෙලා වැඩක් පලක් කරන්න බලපන්:angry:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලොතරැයි කියන සුදුවේදී විකුනන්නේ හීන, විකුණන හීනේ ගන්නෙ බහුතරයක් දුප්පත් මිනිස්සු. දුප්පතුන් ඉන්න කම්, උන්ට හීන තියෙනකම් ලොතරැයි විකිනෙයි. වැඩවර්ජන සීන් ඒක ඉවරුනම අලවිය වැඩි වෙයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අලෙවි කරුවෝ විරෝධතා.. ලොතරැයි අලෙවිය ලෙල්ලටම වැටේ..

    capture688.jpg

    ලොතරැයියක මිල රුපියල් 30 තෙක් ඉහල නංවීමට විරෝධය පල කරමින් රට පුරා ලොතරැයි අලෙවිකරුවන් හා අලෙවි නියෝජිතයින් 50,000ක් පමණ අද සිට තෙදිනක් ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කල බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමයේ ලේකම් බී.එස්.එස්. මදරසිංහ පවසයි.

    කලින් පැවති රඅපියල් 20 මිලටම ලොතරැයි මිල පහල දමන තෙක් තම විරෝධතාවය පවත්වාගෙන යන බවද කී ඔහු බ‍්‍රහස්පතින්දා දිනට පෙර සාධාරණ විසදුමක් නොලැබෙතොත් දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට යන බවද ඔහු කියයි.

    මේ අතර ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ රට පුරා ලොතරැයි අලෙවිය වේගයෙන් පහල යමින් ඇති බවත් මේ වනවිට එය 50% මට්ටමට පැමිණ ඇති බවත්ය.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔය පහල බැසීම පහුගිය ටිකේ තිබ්බ වැඩවර්ජන නිසා ඕව සමතයකට පත් වුනාම අගේට ආපහු නගිනව :yes: :yes:
    මහින්ද ඉන්න කාලෙ දෙගුණෙකිං වැඩි කලේ 10 -> 20 :yes: :yes:

    මැරිලා ඉපදිලා ද? රු 20 කරා වගේම අවම ත්‍යාගයත් රු 20ක් උනා. අනිත් මුදල් තෑගිත් ඒ වගේ වැඩි උනා.ලක්ෂ 10 ලක්ෂ 20ක් උනා.සුපිරි ත්‍යාගය කෝටියක් උනා.දැන් උනේ ටිකට් එකක මිල 30ක් උන එක විතරයි.රු 20ක් ඇදුනත් පාඩුයි.