MiTec එකෙන් මටත් ඔහොම වැඩක් උනා ups එකක් අරන්. විනාඩි 20ක් වැඩ කරන්න පුළුවන් කිව්වා light නැතිව. ගෙදර ගිහින් පැය 12ක් charge කරලා බැලුවා. විනාඩි 3න් off වෙනවා. මන් call එකක් දාලා කිව්වා ඊට පස්සේ දවසේ. අරන් අවාම අලුත් එකක් දෙන්නම් කිව්වා. මන් ආයේ ගිනිච්චා සතියකින්, වැඩ තිබුන නිසා ඊට පස්සේ දවසෙම යන්න බැරි උනා. අලුත් එකක් දෙන්න බෑ කිව්වා. බැටරිය මාරු කරලා දෙන්න විතරයි කිව්වා පුළුවන්. ඒක දාල charge කරාම විනාඩි 10ක් කිට්ටු වෙන්න තිබුනා. ගෙදර ගියාට පස්සේ විනාඩි 5න් off වෙනවා. ඉඳල හිටලා විනාඩි 10ක් තිබුන වෙලාවලුත් තිබුනා. මාස දෙක තුනකට විතර පස්සේ ආයේ විනාඩි 3න් off වෙන්න ගත්තා. මට එපා වෙලා මන් ආයේ ගියේම නෑ. ආයේ ගියාම ආයේ ඔය වගේ පරණ බටරියක්ම දාල දෙයි.