Unity plaza Laptop Ganne Balagena

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Laptop එකක් ගන්න හිතන් ඉන්නවනම් මේක කියවල ඉන්න කියලා මන් හැමෝටම කියනවා.....
    Sense Micro Distributors, Unity plaza එකේ 1st floor එකේ මේ කියන shop එක තියෙන්නෙ. Shop එකක් කිව්වට මෙතන වෙන්නෙ තනිකරම හොර වැඩ. මන් එහෙම කියන්නෙ මට උන සිදුවීමක් නිසා..
    2020/11/16 උදේ 11 ට විතර මන් ගියා ඔය කියන shop එකට laptop එකක් ගන්න. මේ දවස් වල corona නිසා ගොඩක් තැන්වල laptop ගන්න නැනැ. Metropolitan එකේ බැලුවත් මන් හොයන laptop එක නැති නිසා මන් හිතුවා company warranty දෙන නිසා අවුලක් වෙන එකක් නෑ කියලා. මන් යනකොට ඒ shop එකේ හිටියා තව අම්මා කෙනෙකුයි පුතෙකුයි ඇවිත් laptop එකක් ගන්න. එයාලා ටිකක් වැඩිපුර විස්තර අහන නිසා මට ටිකක් ඒ දෙන්නව මතක හිටියා. මන් laptop එක පෙන්නන්න කිව්වම කිව්ව්වා pay කරාට පස්සෙයි packing කඩන්නෙ ඉස්සෙල්ලා pay කරන්න කියලා. මන් ඒ ටිකත් කරන් මන් ඉස්සරහම packing කඩලා මට Laptop එක දුන්නා software ටිකත් දාලා. මන් එනකොතත් අර දෙන්නා shop එකේ හිටියා එයාලගෙ වැඩේ ඉවර නැතුව..
    මන් ගෙදර අරන් ඇවිත් internet connect කරාම තමය් මට තරු පෙනුනෙ. FB notification සහ email වගයක් එනවා windows mail එකට වෙන කෙනෙක්ගෙ. හොයලා බැලුවම කලින් use කරපු laptop එකක් මට දීලා තියෙන්නෙ බොරුවට අලුත් එකක් වගේ පෙන්නලා.
    මන් තවටිකක් හොයන්‍ යනකොට කලින් user ගෙ phone එකේ contact list එක පවා පෙන්නනවා. මට මේ ප්‍රශ්නෙ ලිහා ගන්න ඔනෙ නිසා contact list එකෙන් එයාගෙ අම්මගෙ සහ අය්යගෙ numbers අරන් call කරලා බැලුව මේ විස්තරේ කියලා.. බලපුවම එදා ඉදලා තියෙන්නෙ මන් ගත්තු laptop eka return කරන්න අරන් ආපු අය. එයාලා එකේ battery එකේ අවුලක් කියලා return කරලා වෙන එකක් අරන්. මන් ඉල්ලපු lap එකත් ඒකම නිසා මන් cash අරන් එන ටිකට lap එකෙ packing එක හදලා මට අලුත් එකක් වගේ දීලා.. උන්ට හදිස්සියට reset කරන්නත් අමතක වෙලා, නැත්තන් මන් හිතන්නෙත් අලුත් එකක්මය් කියලා..
    මන් විස්තර ටික හොයන් ආපහු ගියා shop එකට 2020/11/18 උදෙන්ම. මන් කිව්වම මට දීලා තියෙන්නෙ use කරපු laptop එකක් කියලා එහෙම වෙන්න බෑනෙ sir මන් packing කඩලා අලුත් එකක්මලු දුන්නෙ. පස්සෙ මන් email ටික පෙන්නුවම මිනිහා කාටද call එකක් අරන් මට කියනව කලින් custermer කෙනෙක්ට දෙන්න software දැම්මලු, ඒ customer එයාගෙ email එකට එවෙලෙ log වෙලාලු. ඒත් එයා ඒ lap එක අරන් නැහැලු..
    පස්සෙ මන් කිව්වා මන් කලින් use කරපු කෙනාට කතා කරලයි මන් ආවෙ ඕක return ආපු එකක්නෙ battery අවුලක් කියලා, මන් ඕනෙ නම් ඒ user ට මෙතෙන්ට එන්න කියන්නද ඇහුවම, මට ආයෙ reset කරලා දෙන්නද අහනව lap එක. මට ආයෙ lap එපා කියලා cash දෙන්න කිව්වම මිනිහට කරගන්න දෙයක් නැති නිසා මට cash return කරා.. ඒත් මේ lap එක ආයෙත් කාට හරි මෙයාලා විකුනනවා.. පරිස්සමින්...
    මන් මේ පහල දාලා තියෙන්නෙ warranty card එකයි, control panel එකේ software install කරපු dates ටිකයි, return note එකයි. Softwar මුලින් දාලා තියෙන්නෙ 2020/07/30..
    මේ වගේ හොරුන්ට අහුවෙන්න ක්ලින් දෙපාරක් හිතලා dealers ලගෙන්ම මේ වගෙ දේවල් ගන්න කියන එකයි මගේ අදහස...
    යාලුවන්ට දැනගන්න share කරන්න තව කෙනෙක් අමාරුවෙ වැටෙන්න කලින්....

    Copied from FB post
     

    Attachments

    • 125213657_5422045337820982_4155769544730850131_n.jpg
      125213657_5422045337820982_4155769544730850131_n.jpg
      87.7 KB · Views: 542
    • 125472699_5422045621154287_1389153748421035288_n.jpg
      125472699_5422045621154287_1389153748421035288_n.jpg
      60.3 KB · Views: 557
    • 125808289_5422044997821016_7839283876421614547_n.jpg
      125808289_5422044997821016_7839283876421614547_n.jpg
      103.3 KB · Views: 555

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    මට ලංකාවේ පෙන්නන බැරිම වැඩේ තමයි, සල්ලි වියදම් කරලත් හරි කොලිටි බඩුවක් ගන්න නැති එක, මොනවා හරි හොර කේස් එකක් තියෙනවාම තමයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,104
    1
    57,156
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දැන් මාසෙකට කලින් ලැප් එකක් ගත්ත මෙට්‍රොපොලිටන් එකෙන්. ඒ මොඩල් එකම යුනිටි එකේ තිබුන 20-30ක් විතර අඩුවට. ඒත් යුනිටි එකෙන් ගන්න හිතුනෙ නෑ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,775
    197,907
    113
    Colombo, Sri Lanka
    යුනිටි නම් යන්න එපා මචන් ලැප් ගන්න තනිකරම ඇන්දීම. ඩීල කෙනෙක්ගෙන් ගන්න.ඔය කොහොමහරි බේරිලා. ගොඩක් උන්ට මුන් කට ගහලා ඇගේ ගහනවා. වොරන්ටි නම් ලොවෙත් ගන්න බෑ ඉතින්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,775
    197,907
    113
    Colombo, Sri Lanka
    මම දැන් මාසෙකට කලින් ලැප් එකක් ගත්ත මෙට්‍රොපොලිටන් එකෙන්. ඒ මොඩල් එකම යුනිටි එකේ තිබුන 20-30ක් විතර අඩුවට. ඒත් යුනිටි එකෙන් ගන්න හිතුනෙ නෑ.

    මම දන්නා ඩිලස්ලාගෙන් හොදම මෙට්‍රොපොලිටන් තමයි.කිසිම අව්ලක් රස්තියාදුවක් නෑ (y) (y)
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Math 2011 lap ekak ganna giya winsoft eken Lenovo ekak. thaniyamayi giye
    ekale 60k da koheda dual core ekak. XP dala thibbe gannakota e kiyanne use karapu ekak. brand new ekak one kiyala illanavath mata therumak thibbe na. 🙆‍♀️ 🙆‍♀️ 🙆‍♀️
    eth e Lap eka hodata veda kala. matath vada use kale ape akka movies balanna ehema :P
    avulak avema na. A grade battery ekakuyi keyboard ekayi damma
    thamath thiyenava dan nam slow use karanne na paththaka dala thiyenava