View attachment 168058
තම සියලු වත්කම් විගණනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිටි වසර 12 දීම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
තමා හෝ පවුලේ ඕනෑම කෙනෙකු අයුතු ලෙස උපයාගත් ධනයක් ලෝකයේ ඕනෑම රටක තිබේනම් නඩු දමන්නැයි ද 2015ට පෙරත් මෙවැනිම චෝදනා කළ බවද නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කීය.
අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ


