‘ඉඩදෙන්න’ කියමින් ඉඩම් ඇල්ලීම

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    ‘ඉඩදෙන්න’ කියමින් ඉඩම් ඇල්ලීම

    මේ රජයේ ඉඩම්ලූ. ඒ හින්දා වහාම පිටවෙන්න කියලා අපට කියනවා. අපි අහන්නේ මේ රජයේ ඉඩම් නම් අපි රජයේ නෙමෙයිද? අපි මේ රටේ මිනිස්සු නෙමෙයිද? ඉඩම් විතරද ඕනෑ. මිනිස්සුන්ට හෙණ ගැහැව්වත් කමක් නැද්ද?’’ ඒ නිල්මිණි සුජීවාය. මේ පැනය අපට මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ මහත්වරුන්ටද ඇය පුන පුනා කියා ඇත. එහෙත් නාගරික සංවර්ධන අධිකාරියේ ඩෝසර් චින්තනයට ගොදුරු වූ මිනිසුන්ට මේ මිනිසුන් නොවීය. ඇගේ මිනිස් හඬ හඬක් නොවීය. අප සිටිනුයේ නාරාහේන්පිට හන්දියේ පොලිස් රෝහලට මුහුණලා ඇති ඉඩමේය. එහි අඩක් ඩෝසර් කොට කටු කම්බි ගසා වෙන්කොට ඇත. එහි අයිතිය කියාපාන, කොටින්ම මිනිසුන් පන්නා නිවෙස් පොළොවට සමතලා කොට සවිකරනු ලබන ජයග‍්‍රාහී පුවරුව පාරට අළලා සිටුවා ඇත.

    ‘‘මේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමකි. ඇතුල්වීම තහනම්.’’ ‘‘මේ තියෙන්නේ අංක 1. මේ තැන ඉඳලා කඩනවා කිව්වා. එකපාරටම ඇවිත් අර පැත්ත කැඩුවා. වැරදීමක් කියලා කිව්වේ. බඩු ටික අස්කර ගන්නවත් දුන්නේ නැහැ. කඩාගෙන ගියා. අපේ අම්මලා හිටියේ ඒ පැත්තේ. දැන් ඒ අයව දෙමටගොඩට ගිහින් දැම්මා. ඒ ඉඩමට කම්බි වැටකුත් ගැහැව්වා. මේ සේරම එකම ඉඩම. අපි අවුරුදු පනහක් විතර ජීවත්වෙන ඉඩම් මේවා. දැන් අපිට කියනවා වනාතට යන්න කියලා. අපේ මව්පියෝ දෙමටගොඩ අපි වනාතේ. දෙමටගොඩ මහල් නිවාස වර්ග අඩි 450යි. වනාතේ වර්ග අඩි 380යි. ඒත් ගෙවන ගාණ එකයි. අපි දැන් ඉන්න මේ ගෙවල් වර්ග අඩි 550-600ක් විතර වෙනවා. ඒවත් මදි. දැන් අපේ පවුල් ලොකුවෙලා. එතකොට අර හුණ්ඩුවල ගිහිල්ලා අපි ඉන්නේ කොහොමද?’ඒ ප‍්‍රියන්තගේ හඬය. නාරාහේන්පිට සිට නුගේගොඩ පැත්තට හැරෙන තැන මේ ඉඩමය. පාර අයිනේමය. මුළු ඉඩම අක්කර දෙකක් පමණය. එය හඳුන්වනු ලබනුයේ බේකරිය වත්ත ලෙසය. එහි තිබූ මුළු නිවාස ගණන සියයකට වැඩිය. එහෙත් දැන් ඉතිරි පනහකටත් අඩු ගණනකි. එයින්ද මේ විරෝධය පානුයේ පවුල් විසිපහක් තරම් කුඩා පිරිසකි.

    ‘මිනිස්සු බයයි. බලෙන් ගිහින් දාන්නේ. ඡන්දය ඉවර වෙනකම් සද්ද නොකර හිටියා. ඡන්දයට පහුවදාම ඉරිදා බි‍්‍රගේඩියර් ආවා. ඇවිත් කිව්වා, උඹලට දුන්න කල් හොඳටම ඇති. වහාම පලයන් නැතිනම් උඹලත් එක්කම ඩෝසර් කරනවා කියලා. අපේ ඇස් පනාපිටම මේ ඉස්සරහ කෑල්ල ඩෝසර් කළා. ඇෙඟ් වස්තරේ පිටින් මිනිස්සු එළියට පැන්නේ. හිටපු ගමන් ආවා. මුලින් කඩන්න හිටියේ මේ පැත්ත. කැඩුවේ අර පැත්ත. එහෙව් එකේ මිනිස්සු පණ බයේ ඉන්නේ. අනෙක දෙමළ මුස්ලිම් අය ගොඩක් බයයියැ’’යි ප‍්‍රියංගිකා කීවාය. මොවුහු මීට අඩසිය වසරකට පෙර සිට මේ තැන්වල ලැගුම් ගෙන සිටින අයය.

    ‘‘අපේ අම්මලා තාත්තලාත් ඒ අයගේ අම්මලා තාත්තලාත් හිටියේ මේ ඉඩම්වල. අපිට ලයිට් වතුර දෙනවා. ඡන්දය ගන්නවා. ඒවා හොඳයි. අපි හෙට වුණත් යන්න කැමතියි. හැබැයි වනාතට නෙමෙයි. අපිට බි‍්‍රගේඩියර් ඇවිල්ලා කිව්වා උඹලට ගැළපෙන තැන තමයි වනාත. එහෙට පලයන් කියලා. ඇයි අපි මිනිස්සු නෙමෙයිද? පහත් කරලා කතා කරන්න අපි අහසින් වැටුණු අයද? හොඳ සමාජයක ඉන්න අපිත් කැමති නැද්ද? අපේ දරුවෝ හොඳට ඉහළට එනවා දකින්න අපි කැමති නැද්ද? අපි කිව්වා හරි එහෙනම් අපිට වනාතේ ගෙවල් පෙන්වන්න කියලා.
    හරි ගිහින් දැන්ම බලපන් කියලා කිව්වා. අපි ගෙදර ඇඳුම් පිටින්ම ගියා. ඒවා ගිනිපෙට්ටි. කාමර දෙකක් තියෙනවා. එකක් 8 × 8. අනෙක 9 × 10. කාමර දෙකට යන තැන පටු කොරිඩෝව කුස්සිය. ඒකේ හැරෙන්න බෑ. පුටු සැට් එකක් දාන්න බැරි කොටු කෑල්ලක් සාලේ. අපි ඇහැව්වා මේවායේ බඩු දාන්නේ කොහොමද කියලා. එතකොට කියනවා බඩු විසිකරලා දාලා වරෙන් කියලා. මගේ පවුලේ හතක් ඉන්නවා. දුවලා දෙන්නෙක් ඉන්නවා. පුතා නැන්දම්මා, මාමණ්ඩි මේ අය කාමර දෙකට දාන්නේ කොහොමද? මායි ගෑනියි ඉන්නේ කොහෙද? නිදාගන්න විතරක් ඇති බඩුමුට්ටු මුකුත් නැතිව. දැන් අපි ඉන්න ගේ මැන්නා. ඒක වර්ග අඩි හයසියයක්. එතකොට ඒකත් මදි. එහෙනම් අපි කොහොමද වර්ග අඩි 380 ගිහින් ඉන්නේ. නැකැත් බලලා උත්සව තියලා විවෘත කරනවා කියපු වනාතේ මහල් නිවාසවල දැන් බලෙන් පදිංචි කරලා. ඒ අයම දන්නවා ඒවායේ ඉන්න බෑ කියලා. උත්සව තියලා දෙන්න තරම් දෙයක් නෙමෙයි ඒ. දෙමටගොඩ මීට වඩා පෙන්නන්න මේ අයට පුළුවන් වුණා. ඇයි වර්ග අඩි 450ක් නේ. මේක 380ක්. හැරෙන්න බෑ. මේක හැදුවේ වනාතේම අයට. ඒ මිනිස්සු බෑ කිව්ව හින්දා බලෙන් අපිව දානවා. අපි යන්නම් අපිට වන්දියක් හරි හොඳ තැනක් හරි දෙන්න. අපිට කියනවා රජයේ සංවර්ධනයට ගන්නවා කියලා. මේ හිස් ඉඩම් බලන්න චීන්නු එනවා. ඒ අය අපේ ඒවාත් බලනවා. මේ ඔක්කොම චීන්නුන්ට විකුණලා අපිව බලෙන් එලවනවා. චීන්නු ඇවිත් ඇවිත් ඉඩම් බලනවා. ඉතින් අනෙක් පැත්තට බි‍්‍රගේඩියර් ඇවිල්ලා තොපි යන්නේ නැත්නම් බලෙන් එලවනවා කියනවා. ඇත්තටම අපි අසරණ වෙලා ඉන්නේ. අපි කියන්නේ ජනාධිපතිතුමා වනාතේ මහල් නිවාසවලට ගිහිල්ලා බලන්න, බලලා කියන්න ඉන්න පුළුවන්ද කියලා. පහළ ප‍්‍රදර්ශනයට හදලා තියෙනවා ලොකු ගෙවල් දෙකක්. එකක බඩු දාලා තියෙනවා. ඒ දෙක බලලා නෙමෙයි අනෙක් ගෙවල් බලලා කියන්න කියලා අපි ජනාධිපතිට කියනවා. දෙමටගොඩත් පෙන්නුවේ මේ අය පෙන්නන්න හදපු ගෙවල්. මේ හුණ්ඩු ගෙවල් බලලා ජනාධිපතිට කියන්න පුළුවන් නම් මේ ගෙවල් නියමයි කියලා අපි හෙට යනවා. කුහරයක් වාගේ පටු තීරුවක් හදලා ඒකෙන් වැටිලා ළමයෙක් දැන් නෝනා වාට්ටුවේ ඉන්නවා. ඒ ළමයාගේ කකුල කැඩිලා. එතකොට අපේ ළමයි හෙට මේ තත්ත්වයට පත්වෙයි.’’ මනෝමනී එක දිගටම කියන්නට වූවාය.

    ‘‘රුපියල් 50,000ක් ගෙවලා රිසිට් එක ගන්න කියනවා. අපි කිව්වේ ගෙවන්න සල්ලි නෑ කියලා. එතකොට අහනවා තොපිලගේ කණේ කරේ අතේ රත්තරන් පුරවගෙන ඉන්නේ ගෙවන්න තමයි සල්ලි නැත්තේ කියලා. මේ වත්තටම එහෙම මාල, වළලූ දාගෙන ඉන්නේ එක්කෙනායි. එයා දිහා බලලා හැමෝටම එහෙම කියනවා. කණකර උගස් තියලා ගෙවපං නැත්නම් පොලියට අරගෙන ගෙවපං කියනවා.
    බල්ලෝ බළල්ලූ ගාණට දාලා මිනිස්සුන්ට කතා කරන්නේ. අපිත් මිනිස්සු. ‘උඹ, තෝ, බල්ලා’ ඔහොම කතා කරන්නේ. වචනයක් කියන්න බෑ බණිනවා. ළමයින්ට ඉන්න තැනක් නැහැ කිව්වාම තොපිලා ළමයි හදාගත්තේ මොකද අහනවා. මේ බි‍්‍රගේඩියර් හැසිරෙන්නේ අපි එයාගේ ඉඩම්වල ඉන්නවා වගේ.’ ටී. නෝනා අනිෂාගේ කතාව එබඳුය.

    ‘‘මම නම් නිකං දුන්නත් යන්නේ නැහැ. ඒ ගෙවල්වල ඉන්න බෑ. හිරකඳවුරක් වගේ. මගේ මහත්තයා තී‍්‍රවිලර් එලවන්නේ. එහේ ගියාම ඒ
    රස්සාවත් නැති වෙනවා. ඒ පැත්තේ ත‍්‍රීවිලරයවත් ගහන්න දෙන්නේ නෑ. තමන්ගේ පැත්තේ නෙමෙයි නම් ස්වීප් එකක්වත් විකුණන්න බෑ. මගේ ළමයි ඉස්කෝලේ යන්නේ මෙහේ. එතකොට ඉස්කෝලේ යන්න එන්න රුපියල් 200ක් විතර යනවා. ගෙවල් කුලී අවුරුදු 20ක් යනකම් 3960 ගානේ මාස්පතා ගෙවන්න ඕනෑ. ලයිට්, වතුර බිල් එක්ක අපි මාසෙට රුපියල් 12,000ක් විතර හොයන්න ඕනෑ. අපි මේ ගෙවල් හදාගත්තේ දුක් මහන්සිවෙලා, කාන්තා සමිතිවල ණය අරගෙන. ඒවට ණය තවම ගෙවනවා. අපි ඉපදුණේත් මේ වත්තේ. දැන් අපිව එළවනවා. අපි මානව හිමිකම් එකේ පැමිණිල්ලක් දැම්මා. ඒවා කිව්වාම බි‍්‍රගේඩියර් කියනවා මානව හිමිකම් තීන්දු අපිට අදාළ නැහැ. අපි මේ ඉඩම් ගන්නවා. උඹලා යනවා නම් පලයන්. නැත්නම් අපි බලෙන් ඩෝසර් කරනවා. එතකොට උඹලාට මේවාත් නෑ ඒවාත් නෑ කියලා. දැන් අපි විරුද්ධ වෙන හින්දා අපිට ඒ ගෙවල් දෙන්නේත් නැහැ කියලා කියනවා. මුලින් විරුද්ධ වුණ කෙනෙක් බැරිම තැන එතනට ගියා. එයාව එලවාගෙන ගෙවල් දෙන්නේ නැහැ කියලා. බලෙන්මයි කරන්නේ. හැමෝම බයවෙලා ඉන්නේ.’’ නිසාරා ද අන්ත අසරණ වී ඇත. ඇතැම් නිවාස කඩා බිඳ දමමින් ඒවායේ උළුවහු, සීට් මිනිස්සු රැුගෙන යති. කළුගලේ ඔළුව ගහගන්න බැරියැ’යි කියමින් ඇතැම්හු ගොලූවන් සේ වනාතට ඇදෙති. ‘මගේ කඩයක් තිබ්බේ පාර අයිනේ. ඒක ඩෝසර් කළා. මුලින් කඩයක් දෙනකම් කඬේ කඩන්නෙත් නැහැ කිව්වා. ඒ මුකුත් නෑ. එකපාරටම ඇවිත් කැඩුවා. හමුදාව යුද්ධයකට එනවා වගේ තුවක්කු අරගෙන ට‍්‍රක් පුරවලා එන්නේ. ඉතින් මිනිස්සු බයයි. අපිට පුළුවන්ද හමුදාව එක්ක හැප්පෙන්න. මගේ කඬේට කඩයක් දෙනවා දෙමටගොඩින්. මට ගෙවල් දෙනවා වනාතෙන්. පුදුම වැඩක්නේ මේක. මේවා කතා කළාම උස්සන්න එනවා. මාර්තු 11 වෙනිදා ? පොලිසිය වත්තට පැනලා මාව හොයනවා. ගෙයක් ගෙයක් ගාණේ මාව හොයනවා මහ රෑ. මම ගිහින් හැංගුණා. පහුවදා පොලිසියට ගියා. ගිහිල්ලා බාරවෙලා ඇයි මාව හොයන්නේ කියලා ඇහැව්වා. එතකොට කියනවා අපිට පැමිණිල්ලක් ආවා උඹ බලෙන් ජේවීපී ඡන්ද පත‍්‍රිකා මිනිස්සුන්ට බෙදනවා කියලා. ඒ නිසයි අත්අඩංගුවට ගන්න ආවේ කියලා. එකම හේතුව මම මේ ගෙවල් කඩනවාට විරුද්ධව කතා කරන එක.

    එදා 12 වෙනිදා පොලිසියට යන්න ඉස්සර බි‍්‍රගේඩියර් ඇවිත් කියනවා මමයි උඹව අත්අඩංගුවට ගන්න කිව්වේ, උඹනේ මෙතන චණ්ඩියා මිනිස්සුන්ට යන්න දෙන්නෙ නැත්තේ, මම කිව්වා උඹව පොලිසියේ පැය 24ක් තියාගන්න. පස්සේ මම බලාගන්නම් කියලා. මේ මිනිස්සු ඔක්කොම ඉස්සරහා කිව්වේ. මම මගේ ජීවිත ආරක්ෂාවට පොලිසියේ ඇන්ටි‍්‍රයක් දැම්මා. දැන් අපිට කිසිම පිළිසරණක් නැහැ. එක මාධ්‍යයක් ඇහැක් ඇරලා බලන්නේ නැහැ.’ ප‍්‍රියන්ත කීවේය. මේ මිනිස්සු අන්ත අසරණ වී ඇත. නාරාහේන්පිට ගම් ලෙස පැවති කල සිට මේ මිනිසුන් මෙහිය. අද නාරාහේන්පිට පදිංචි වූ පවට ඔවුහු වන්දි ගෙවති.

    ‘‘මානව හිමිකම් එකට ගියා කිව්වාම හිනාවෙනවා. අපිට මානව හිමිකම් වැඩක් නැහැ. අපි ඉඩම් ගන්නවා කියනවා. මේ අය ඡන්දය ඉවර වෙනකම් හිටියේ ඡන්දයට පහුවෙනිදාම ඇවිත් කිව්වා. ඉක්මනින්ම පලයන්. ආයේ කියන්නේ නැහැ කියලා. අපි ඒ බව පොලිසියට කියන්න ගියාම නාරාහේන්පිට පොලිසිය කිව්වා පැමිණිලි භාරගන්න බෑ. ආණ්ඩුවේ ආයතනයකට විරුද්ධව පැමිණිලි භාරගන්න බෑ කියලා. එතකොට අපි මානව හිමිකම් ලියුම දුන්නා. ඒක බලලා තමයි පැමිණිල්ල ලියා ගත්තේ.’’ පරමේශ්වරම් මෙන්ම තව බොහෝ අයගේ කතාවද එබඳුය. ‘අපි යන්නම් අපිට ඉන්න පුළුවන් තැනක් දෙන්න.’ ඒ ප‍්‍රියංගිකාගේ ආයාචනයය. මේ සැවොම මිනිස්සුය. මහල් නිවාස නිසි ප‍්‍රමිතියට ඉදිකළේ නම් අපට අසන්නට දක්නට ලැබෙනුයේ මේවායේ ඉඩ වෙන්කර ගැනීමට පොරකන මිනිසුන්ය. එහෙත් අද ඒ වෙනුවට දකින්නට ඇත්තේ මහල් නිවාස ‘එපෝ’ කියා දුවන පිරිසක්ය. කොළඹ ඉඩම් අත්පත් කරගනිමින් ඒ මිනිසුන් පාරට ඇදදැමීම නාගරික සංවර්ධන අධිකාරියේ සෙල්ලමය. නාරාහේන්පිට බේකරිය වත්තේ සිට එය තව බොහෝ දුර යෑමට නියමිතය. අවසරද අනවසරද භේදයක් එහි නැත. මානව හිමිකම්ද නැද්ද භේදයක් නැත. මොවුන් කියනුයේ මේ ඉඩම් රජයේ බවත් ඒවා රජයට ගන්නා බවත් පමණය.
    ඉඩ දෙන්න. මේ නාගරික සංවර්ධන අධිකාරිය පුන පුනා ප‍්‍රසිද්ධ කරන දැන්වීමකි. එහි මහල් නිවාසයක් සහ මුඩුක්කු පරිසරයක් පෙනේ. අනවසර පැල්පත්වාසීන් මහල් නිවාසවල පදිංචි කොට සුබ අනාගතයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ එකම අරමුණ බව දැන්වීම කියාපායි. එහෙත් මේ සුබ අනාගතය වැළඳ ගන්නට මිනිසුන් නොයනුයේ ඇයි? මේ මිනිස්සු හොඳ ජීවිතයකට අකමැතිද? හොඳ නිවසකට අකමැතිද? පැල්පත්වාසීන් මහල් නිවාසයක ළගින්නට බයද? මේ සියල්ල බොරුය. මේ ඉවත් කරන කිසිදු මිනිසකු පැල්පත්වාසීන් නොවේ. මහා සුපිරි ජීවිත නොවූවත් ගෙවල් දොරවල් සාදාගෙන හොඳ ජීවිත ගතකරනවුන් ය. ඇතැමුන් මධ්‍යම පාන්තික ජීවිත ගතකළවුන් ය. එවන් කලක ඔවුන්ට ආණ්ඩුව කියනුයේ පැල්පත්වාසීන් බව ය. ඊට විකල්පය ලෙස මහල් නිවාස දෙති. තමා ගෙවූ ජීවිතයේ අඩක්වත් එහි නැති බව ඔවුහු හොඳාකාරවම දන්නෝය. එබැවින් මොවුහු විරුද්ධ වෙති. ඊට සවන් දෙන්නට හෝ කිසිදු මාධ්‍යයක් කැමති නැත. අද සියලූ මාධ්‍යවලට ‘ඉඩදෙන්න’ දැන්වීම ලැබේ. මේ ඉඩ ඉල්ලනුයේ කාගෙන්ද? මේ ෆ්ලැට් කිරිල්ලට ඉඩ නොදෙනුයේ කවුද? කොළඹ දිස්ත‍්‍රික්කයේ ඡන්ද ප‍්‍රතිඵලම ඊට දෙස් නොදේද? අපට කීමට ඇත්තේ මේ අහිංසක මිනිසුන්ට ඔවුන්ගේ ජීවිත පවත්වාගෙන යන්න ‘ඉඩ දෙන්න’ යන්නය. එය දැන්වීමක් නම් නොවේය.



    ටිරන් කුමාර බංගගමආරච්චි

    - http://ravaya.lk/
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ****, චීන්නු සහ හමුදාව තමයි දැන් ලංකාව පාලනය කරන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් තමා ඔකුන්ට ගහල හරි එලවන්ඩ ඔනෙ තමයි, අද ඔහොම කියුවට ඔකුන්ගෙ, ලමයි පින් දෙයි නරා වලෙන් ගොඩට දැම්ම එකට.:):)
     
    මිනිහෙක් මැරුණ කියන්න මිනිය පෙන්නුවට වැඩක් නෑ රජයෙන් දීපු මරණ සහතිකේ පෙන්නන්න කියන ලෝකයක් මේක. කලබල වෙන්න එපා.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මිනිස්සු එලවලා දැම්මා කියලා කිව්වට ඇත්තටම වෙන්නේ වෙන දෙයක්...ඒ මිනිස්සු ඉන්න තැනින් අයින් කලාට හොද තැනක් හදලා දේනවා...එදාට ඔය මිනිස්සු මොනවත් කියන්නෙ නැ..දෙශපාලන වාසි වලට කතා කලාට ඇත්ත ඒකයි..
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මිනිස්සු එලවලා දැම්මා කියලා කිව්වට ඇත්තටම වෙන්නේ වෙන දෙයක්...ඒ මිනිස්සු ඉන්න තැනින් අයින් කලාට හොද තැනක් හදලා දේනවා...එදාට ඔය මිනිස්සු මොනවත් කියන්නෙ නැ..දෙශපාලන වාසි වලට කතා කලාට ඇත්ත ඒකයි..

    ado owa elawala gewal hadala dena 1 hodai but minisunta inda puluwan widihe gewal hadala dunnoth kattiya okkama sadda nokara yai ne!
    uba hadapu gekata gihin balahan anika ube ge kadala ubawa ethanata damooth?? edata ubata therei
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන්ලා...නගරයක් හදනකොට මේ වගේ ප්‍රශ්න එනවා..එත් ප්‍රායොගිකව හිතලා බලන්න,ඇත්තටම රජයක් විසින් මෙහෙම මිනිස්සු නිකන් එළවලා දායිද..?..පුද්ගලික ඉඩම් අයිතිකාරයෙක් නම් එහෙම කරයි..එත් රජයකට බෑ..තමන්ත අයිති නැති තැනක ඉදගෙන මෙහෙම විරුද්ධ වෙන එක වැරදි...අනිවා අපිට උනත් කාලයක් හිටිය තැනක් දාලා වෙන තැනකට යන්න අමරුයි..එත් තමන්ට අයිති නැති තැනක ඉන්න බෑනේ...සල්ලි නැති නිසයි මෙහෙම නීතිවිරෝධි විධිහට ගෙවල් හදා ගත්තේ..එත් දැන් එයාලට ගෙයක් දෙනවා..කලින් එකට වඩා හොද එකක්..එත් එහෙමයි කියලා සුපිරි තත්වයේ ගෙවල් දෙන්නේ නෑ..හිටපු එකට වඩා හොදයි..දියුනු කරගන්න එක මිනිස්සුන්ගේ වැඩක්..අද අයින් නොකරත් කවදාහරි නගරය සංවර්ධනය කරනකොට මෙයලා අයින් කරනවා..

    හැම එකකටම බෑ කියන නිසයි මේ ප්‍රශ්න..එතන ඉන්න චන්ඩි,දේශපලනය කරන එවුන් තමයි මේ ප්‍රශ්න හදන්නේ..නැත්තන් නීති විරෝධි විධිහට හිටපු අයට එයලගෙම කියල ගෙයක් ලබෙන එක විතරක්ම මදිද..?