‘ඉනියවන්’ කරන්නෙ මොකක්ද? – බූපති නලීන් වික‍්&#

obama2

Member
Apr 18, 2012
424
30
0
‘ඉනියවන්’ කරන්නෙ මොකක්ද? – බූපති නලීන් වික‍්&#

‘ඉනියවන්’ කරන්නෙ මොකක්ද? – බූපති නලීන් වික‍්‍රමගේ

Posted on 16 February 2013.
රාජ්‍යය හා සිනමාව අතර සම්බන්ධය කෙවැනිද? සිනමාව හා පවතින ජන සමාජයක් අතර සම්බන්ධය කෙවැනිද? මේ එක් එක් දේශපාලන අවකාශ අතර දෘෂ්ටිවාදය ජීවමාන වන්නේ කුමන ආකෘතියකින්ද? දෘෂ්ටිවාදය සිය ආධිපත්‍යය සජීවීව ක‍්‍රියාත්මක කරවන්නේ විවෘත, විරුද්ධාභාසයක් තුළද? නැතිනම් ඊනියා මධ්‍යස්ථ සාම්‍යයක් තුළද?

අශෝක හඳගමගේ ‘ඉනියවන්’ (2012) චිත‍්‍රපටය පිළිබඳ චින්තන තටාක විචාර භාවිතයක් වෙනුවට දේශපාලන කියවීමකට යන්නට අද ලංකාවට අවශ්‍යතාවක් පවතීද?


ඉනියවන් චිත‍්‍රපටයට පාදක වන භූමිය නිශ්චිතය. ලංකාව නැමැති රටක වසර තිස් ගණනක ජන අරගලයක් පැවති යාපන අර්ධද්වීපය ඉනියවන් චිත‍්‍රපටයේ කතානායක භූමිකාව නිශ්චිත නියෝජනයක් රැගෙන එයි. ඒ මිල්ටරිමය ලෙස සිංහල රාජ්‍යය අතින් පරාජයට පත්වූ ස්වයං පාලනයක් උදෙසා දෙමළ ජාතික සටන කූටාප‍්‍රාප්තියකට පත් කළ එල්.ටී.ටී.ඊ හෙවත් කොටි සංවිධානයේ හිටපු පුනරුත්ථාපිත සාමාජිකයෙකු ලෙසයි. ඒ අර්ථයෙන් චිත‍්‍රපටය නිශ්චිත භූ දේශපාලනයකට ද එහි පාර්ශවීය සමාජ අරගල කණ්ඩායමකටද නිශ්චිතව නාභිගත වේ. උදාහරණයකට ඉනියවන් චිත‍්‍රපටයේ ඉන්නේ වතුකරයේ දෙමළ ජනතාව නොව යාපන ජනතාවයි. දෙමළ ජනයාගේ දේශපාලන අවකාශ අතරින්ද චිත‍්‍රපටය එක් නිශ්චිත අවකාශයක කැමරාව පිහිටුවයි.


ඉනියවන් : පරණ ජීවිතය අත්හරින තැන


ඉනියවන් චිත‍්‍රපටයට පාදක වන පශ්චාත් යුද යාපනය චිත‍්‍රපටයේ අප දකිනා ආකාරයේ ‘පශ්චාත් තත්ත්වයකට’ පත් වූයේ කුමන ආකාරයේ ඓතිහාසික සාධක මතද? පශ්චාත් යටත් විජිත ඉංග‍්‍රීසි පාලනය දක්වා අවශ්‍ය නම් අපට එහි මුල් රැුගෙන යා හැක. එහි දේශපාලන මූලය ආර්ථිකයයි. ඉංගී‍්‍රසි පාලනයේ රට අභ්‍යන්තර දේශපාලන බල අරගල අවශ්‍යතා උදෙසා සිංහල,දෙමළ,මුස්ලිම් ජාතීන් අතර ඉතා සංකීර්ණ වෙන්කිරීමක් ඉංග‍්‍රීසීන් ඇති කළා. මින් කියවෙන්නේ නෑ ඊට පෙර කිරි පැණි වගේ සාමෙන් හිටපු කට්ටියක්ව ඉංග‍්‍රීසීන් වෙන් කළා කියලා. ඒ වෙනුවට මගේ නාභිගත කිරීම වන්නේ ප‍්‍රථමවරට ඉංග‍්‍රීසි පාලනයේදී ජාතිකත්වය රාජ්‍යයේ තීරණාත්මක පාලන සාධකයක් බවට පත් කළ බවයි. අධ්‍යාපන කේෂත‍්‍රයේ දෙමළ පාසැල්, සිංහල පාසැල් ආදී දෙබෙදුමේ සිට රාජ්‍යයේ ඉහළම ආයතනිකගත අවකාශ දක්වා මේ දෙබෙදුම ඉන් පසු කාන්දු කළා. ඊනියා නිදහස් ලංකාවේ බණ්ඩාරනායක ප‍්‍රමුඛ සියලූ අධිපති සිංහලවාදී පාලකයන් අද දක්වාම අඩු වැඩි වශයෙන් මෙම ප‍්‍රතිවිරෝධතාව බලයාන්ත‍්‍රණයක් තුළ වගේම ධනේශ්වරයට ලංකාව විවෘතවත්ම තව තවත් එහි සංකීර්ණතා ඉතා සියුම් ලෙස තර කරනවා. කෙටියෙන් යුග ගණනක ඉතිහාසයේ ප‍්‍රතිවිරෝධත්මක මූල බීජ ඉහත සලකුණු කළේ ජාතික ගැටලූවේ ආර්ථික ඌනතිවාදී කියවීම දෘෂ්ටිවාදයක් ලෙස ඊනියා වාමාංශිකයන් ඇතුළුව විචාර අක්ෂ්‍යයක් ලෙස භාවිත කිරීම නිසාවෙනුයි. ජාතික ගැටළුවේ උත්පත්තිය ප‍්‍රාග්ධන බල අරගල මූලික පදනමක පිහිටියද එය රාජ්‍යය තුළට සංවිධානාත්මකව එන්නත් වූ පසු බිහිකරනා යථාර්ථයන් බහුගුණය. නලීන් ද සිල්වා වැන්නකු බැලූ බැල්මට ප‍්‍රාග්ධනය මූලික කරගත් සමාජ විචාරයක අද වන විට නොයෙදුණද ඔහු පවා ‘දෙමළාට දෙමළා වීම නිසා අමුතුවෙන් තියන ප‍්‍රශ්නය මොකක්දැයි’ අහන්නේ ඉහත දෘෂ්ටිවාදයේ පිහිටාය.


අප කවුරුත් දන්නා පරිදි යාපනය හා උතුරු නැගෙනහිර මූලිකව බහුජන දෙමළ ජාතික දේශපාලන ව්‍යාපාර බිහි වූයේ ඉහත සඳහන් කළ සිංහල රාජ්‍ය බල පද්ධතියට එරෙහිවය. එවිට එහි දේශපාලන පදනම් ආර්ථික, සමාජමය, සංස්කෘතිමය, ජාතිකමය ආදී බොහෝ කේෂත‍්‍රවලට අදාළ අරගල භූමියකි. ප‍්‍රභාකරන් නැමැති දෙමළ ජාතිකයෙක් සංවිධානාත්මකව සිංහල පරම්පරා කීපයක් අභියෝගයට ලක් කළේ ඉහත දේශපාලන ප‍්‍රතිවිරෝධයේ ආත්ම මූලික මෙන්ම වාස්තවික සාධක ගණනාවක් මත පදනම් වෙමිනුයි.


අප කැමති වුණත් නැතත් කොටි සංවිධානය දෙමළ ජාතික අරගලයේ එකම නියෝජිතයා වූයේ ඓතිහාසික දේශපාලන සාධක බොහෝමයක් මත පදනම් වෙමිනුයි.





ඉනියවන් චිත‍්‍රපටයට එන විට තත්වය කෙවැනිද? ඉනියවන් තුළ සිංහල ප‍්‍රතිවිරෝධය නැමැති සාධකයක් ඇත්තේම නැත. චිත‍්‍රපට රාමුවට එකතුවන බොහෝ දේ අතර ජාතික ප‍්‍රතිවිරෝධතාව හෝ සිංහල රාජ්‍ය ප‍්‍රතිවිරෝධතාවක සංඥාවක් නැත. දැන් අපට අවශ්‍ය නම් ප‍්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සිංහල, දෙමළ ප‍්‍රතිවිරෝධතාව ඉවරද? ජනාධිපතිතුමා කියන්නාක් මෙන් යාපනයේ දැන් තියෙන්නේ ජාතික යුද්ධය ඉවර වූ ආර්ථික යුද්ධයක් පමණක්ද? දෙමළා කළ යුත්තේ දෙමළා තුළම වන ගැටලූ විසඳා ගැනීමට තමා වෙතට හැරීමද? ජාතික ගැටලූව මූලිකව යුද්ධයකට මග පැදවූයේ දෙමළා තුළ වන කුලවාදීත්වය, ආත්මාර්ථකාමීත්වය හෝ උද්දච්චකම වැනි ආත්මීය සාධකද? කැත්ලීන් ජයවර්ධන වැනි විචාරිකාවක් දැන් මාව ප‍්‍රශ්න කරන්න පුළුවන්. කලා කෘතියකට මේ ඔක්කොම පෙන්නන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් විමුක්ති ජයසුන්දර කියන ආකාරයට ‘ ඕවා බලන්න වාර්තා චිත‍්‍රපටියක් බලන්න වෙයි. ඉනියවන් පරිකල්පනයක්. මේක කලාකරුවෙක් අද යාපන ජීවිතය දකින විදිය’. විමුක්තිවම නැවතත් මතක් කරනවා නම් ‘ඇත්ත ලෝකයයි චිත‍්‍රපටියයි පටලවා ගන්න එපා.’


කලාව ගැන ඉහත අභියෝගය සරල නෑ. මේවා කලාවේ යථාර්ථවාදී හෝ සමාජ භාවිතාව පිළිබඳ චිරාත් කාලයක සිට පැවතුණ ගැටලූ. ඇමරිකාව ඉරාකයට එල්ල කළ අමානුෂික ප‍්‍රහාරයෙන් පසු කියන්නට යෙදුණ ජීව අවි හමුනොවුණාම මේ ගැන විමසීමකදි ආරක්ෂක ලේකම් ඊට පිළිතුරු ගොනුකිරීමට දාර්ශනික ප‍්‍රවේශයක් ගත්තා. ඔහු යථාර්තය ගැන අපගේ සංජානනය ශ්‍රේණිගත කළා. ඔහුට අනුව දැනුම තුන් ආකාරය. අපි දන්නා දැනුමවල් තියෙනවා. දන්නවා කියලා අපි දන්නා දේ. තව තියෙනවා දන්නා නොදැනුමක්. අහවල් අහවල් දේ අපි දන්නෑ කියලා අපි දන්නවා. නොදන්නා නොදැනුමුකුක් අපි තුළ පවතින්න පුළුවන් කියලා පරිකල්පනය කරන්න හරි පුළුවන්. එහෙත් මේ රිද්මයාණුකූල පෙළ ගැස්මේ අඩුවක් ස්ලේවෝ ජිජැක් නම් සමාජ චින්තකයා සලකුණු කරනවා. මිනිසුන් තුළ ‘නොදන්නා දැනුමක්’ අන්තර්ගත වනවා නේ දැයි ජිජැක් අහනවා. මේක පුදුම දෙයක්. අපි නොදන්නා දැනුමක් අපි තුළම පවතින්න පුළුවන්ද? මේක අයිති වෙන්නේ අවිඥානික විෂය කලාපයට. මෙහි ස්වයං විරුද්ධාභාසයක් තියෙනවා නේද වගේ අපිට හිතන්න පුළුවන්. ජිජැක් සමකාලීන දෘෂ්ටිවාදය සලකුණු කරන්නෙ මෙම කලාපයෙනි. ඉනියවන් අපට යෝජනා කරන්නේ අපි හොඳටම දන්නා දෙයක් නොදන්නවා වගේ ඉඳගෙන බලාගෙන ඉන්න. සතිපතා යාපනයේ දෙමළ අය අතුරුදහන් වන බව, දෙමළ සංස්කෘතිය බුල්ඩෝසර් කරනවන බව හා මෙකී නොකී බොහෝ ජාතික ප‍්‍රතිවිරෝධතා ඔබ නොදන්නා දැනුමක් කර ගත යුතුයි. එවිට දැනට පවතින කිසිවක් වෙනස් නොවී යාපන සමාජය දැන් පවතින ලෙසටම සාම්‍යයකින් දිගටම පැවතිය හැකි බව ඔබට යළි යළිත් පසක් කර ගත හැක. ඔබ දැනගත යුතු එකම දැනුමක් ඇත, චිත‍්‍රපටයට අනුව යාපනය කුමන අකාරයකට හෝ සංවර්ධනයෙන් ඉදිරියට යනවා. ඔබ හොඳින් හෝ නරකින් ඊට එක් විය යුතුයි.


දෘෂ්ටිවාදය යනු අපගේ අභ්‍යන්තර අවශ්‍යතාවක් වාස්තවික ලෝකයට ප‍්‍රක්ෂේපනය කරන යාන්ත‍්‍රණයක්. මේ වෙලාවේ සිංහලයාගේ ප‍්‍රතිවිරෝධතා කතා කරනවාට වඩා අපිට ලේසියි දෙමළාගේ ගැටලූ පෙන්වන එක. සිංහලයාගේ පරිපූර්ණත්වයට බාධා කිරීමම අපව පවතින යථාර්තවත් ලෝකයෙන් ඉවතට විසිවීමක් කියන දැනුම ඉනියවන් සතුයි. අපේ මූලික ප‍්‍රශ්නවලින් එකකට දැන් අපිට කෙටි පිළිතුරක් ගොනු කළ හැක. චිත‍්‍රපටයක් හා සමාජය අතර සම්බන්ධය කෙවැනිද? චිත‍්‍රපටයක් ඔබ හොඳටම දන්නා දෙයක් නොදන්නවා වගේ බලා ඉන්නේ කොහොමද කියලා පුරුදු කරනවා. ඉනියවන් කරන්නේ ඒක.





ඉනියවන් : අලූත් ජීවිතය අත්හරින තැන


ඉනියවන් ගැන බොහෝ අදහස් දැක්වීම්වල දක්නට තිබෙන පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ අපි හොඳටම දන්නා දෙයක් ලිවීමට නොපැමිණීම. ඒ තමා දේශපාලනික දේශපාලනය මගහරින්න තියෙන ආරාධනාව. මේ යුගයේ දෘෂ්ටිවාදයේ නව අදියර වන්නේ, දෘෂ්ටිවාදය ක‍්‍රියාත්මක වන්නේ ඔබ දන්නා දේ තුළ නොව ඔබ කරනා දේ තුළය. ඉනියවන් චිත‍්‍රපටයේ සුවිශේෂීම ගුණාංගයක් තියෙනවා. ඒ තමයි මේ චිත‍්‍රපටයට අයත් වාස්තවික එළැඹුමක් ගත්විටම අභියෝගයට යන ස්ථාවරයන් තියෙනවා. අයෙකුට ජාතික ගැටලූව ගැන තමාට තිබෙන දේශපාලන ස්ථාවරය සඟවා ඉනියවන් වෙත ප‍්‍රවේශයක් ගන්න බෑ. ඊට වඩා ලේසියි චිත‍්‍රපටය විසින් යෝජනා කරනා දෘෂ්ටිවාදයට අනන්‍ය වෙමින් අදහස් ගොනු කිරීම. අයෙක් කලා කෘතියක අසම්පූර්ණත්වය වටා භ‍්‍රමණය වීම ඓතිහාසික රෝග ලක්ෂණයකි. ග‍්‍රීක මූර්ති කලාව ගත්තද අපට නිරීක්ෂණය කරන්න පුළුවන් දෙයක් තමා ඒවා පූර්ණ ලෙස නිම නොකිරීමේ කලාකරුවාගේ කාංසාව. ඒ පිළිමවල එක්කෝ අත් නැත. නැතහොත් පිළිමයේ තවත් වැදගත් කුමන හෝ කොටසක් නිර්මාණකරුවා විසින්ම සම්පූර්ණ කර නැත. මේ දඬුවම උත්කර්ෂයට නංවනවා කලා විචාර තුළ. ඉනියවන් වැනි වාස්තවික විමර්ශක ද ස්පර්ශ කරන කලා කෘතියක් සමාජයේ මූලිකම ප‍්‍රතිවිරෝධතා මකා දමමින් සිය රාමුව යළි යළි නිමවන දෘෂ්ටිවාදී යාන්ත‍්‍රණය අපි විමසන්නේ කොහොමද?


අපි මේ ගැටලූවට තවත් ප‍්‍රවේශයක් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වූ පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ කාඩර්වරයාගෙන් විමසමු. චිත‍්‍රපටය අවසානය වන විට චිත‍්‍රපටයෙන් නිමවන ඔහු හොඳ මිනිසෙකි. නැතහොත් චිත‍්‍රපටයේ භාෂාවේ නම්, ‘සොඳුරුම මිනිසෙකි’. ආත්මමූලික එළඹුමක් ලෙස මේ චරිතය වටහා ගැනීමේදී අපට මූලික ගැටලූ කිහිපයක් පෙළගැස්විය හැක. චිත‍්‍රපටය දෘෂ්ටිවාදය නඩත්තුවට මේ චරිතය හැඩගැස්වෙන හැටි අපි බලමු. ඔහු පාතාල ආර්ථිකයට යොමුවන්නේ වෙන තෝරා ගැනීමට මගක් නැති නිසාවෙනි. නැතහොත් රියදුරකු ලෙස අහිංසක රැකියාවක් කිරීමට මේ නරක සමාජය ඔහුට ඉඩ නොතබන හෙයිනි. වැළලූ අවි අතට ගන්නේ සිංහලයාට එරෙහිව නොව දැන් දෙමළාට එරෙහිවය. ඔහු ඊට පොළඹවන්නේ සිංහල ප‍්‍රතිවිරෝධතාවක් නොව දෙමළ ප‍්‍රතිවිරෝධතාවක්මය. එපමණක් ද නොව ඔහු කොටි සංවිධානයට සේවය කර ඇත්තේද අනෙකා වෙනුවෙනි. මළමිනියක් සිය නිවෙස ඉදිරිපිට තබා ගිය විට ඔහු අසල්වාසීන්ව අභියෝගයට ලක්කරනා කාරණය ඔහුගේ අතීත ජීවිතය එවන් කුහක මිනිසුන් වෙනුවෙන් කැපකළ බවක් හැඟවීමෙනි. තමාගේ ජීවිතය බේරීම අහම්බයක් ලෙස භාරගන්නා බවට ඔහු අසල්වාසීන්ට යෝජනා කරයි. සමාජයේ පවතින ‘නරක’ අර්ධය ඔහු නිරන්තරව ස්ව ආත්මයෙන් බහිෂ්කරණය කරයි. ඔහුට අශ්ලීල ඉඟිකරමින් නිරන්තර ආරාධනයක යෙදෙනා මුරකරුගේ බිරිඳ ඔහු කිසිදු අනිසි ප‍්‍රයෝජනයකින් තොරව ගෙදරටම ගොස් බස්සවයි. ඇය මුහුණදුන් ඛේදජනක සිදුවීම් ද ඇගේම ස්වයං තීරණයකින් මුහුණ දන් ඒවා මිස ඔහු සම්බන්ධ නොවූ, විරුද්ධ වූ ඒවාය. ඔහු විරුද්ධ වූ මොහොතේ ඇය පාතාලයා වෙත නොගියේ නම් අනතුරු නොවන්නට ද ඉඩ තිබිණ. එතැන දී ද ‘නරක’ ඔහුගෙන් පරිබාහිර වාස්තවිකයකි. චිත‍්‍රපටයේ මේ ‘අලූත් දෙමළ තරුණයා’ (පරණ දෙමළ තරුණයා එල්.ටී.ටී.ඊ ය* හොඳ මිනිසකු පිළිබඳ ෆැන්ටස්මසික දෘෂ්ටිවාදී ප‍්‍රතිමූර්තියකි. දැන් චිත‍්‍රපටයෙන් පුහුණු කරවනා නොදන්නා දැනුමක කලාපයේ අශ්ලීල කලා විරෝධී ප‍්‍රශ්නයක් විමසිය හැක. මේ හොඳ නැතිනම් සොඳුරු මිනිසා බිහිකළේ එල්.ටී.ටී.ඊ යාථාර්තයකින්ද? නැතිනම් පුනරුත්ථාපනයෙන්ද? දැන් ඔහුට අනුව ඩයස්පෝරා සාමාජිකයන්ගේ සිට කොටි සංවිධානය අහිංසකයන්ගේ අතට තුවක්කු දී ඔවුන් පාස්පෝට් හදාගෙන ඇත. (අවාසනාවකට ප‍්‍රභාකරන්ට පාස්පෝට් චෝදනාවක් එල්ල කළ නොහැක.* නරක කොටි සංවිධානයකින් මිදී නරක යුද්ධයකින් මිදී මේ චරිතය බලාපොරොත්තුසහගත ජීවිතයකට අඩිය තියා ඇත. දැන් දෙමළ ජාතික ප‍්‍රශ්නය චිත‍්‍රපටයට අනුව ඉවර වී ඇතිවා සේය. ගැටලූව දෙමළ ධනේශ්වරයයි. තවත් විධිමත්ව කියතොත් ධනේශ්වර දෙමළ සමාජයක සොඳුරු මිනිසකු ලෙස නව ජීවන පැවැත්මයි.





කැත්ලීන්ට වෙනස්ව අපි චිත‍්‍රපටයෙන් මෙහෙම අහමු. යාපනය හා දෙමළ සමාජය ගැන ඉනියවන් චිත‍්‍රපටය මේ කතා වස්තුවම මේ සීමාවම තෝරා ගන්නා දෘෂ්ටිවාදය කුමක්ද? යථාර්තයේ මේ කොටසම තෝරාගන්නට ඉනියවන් නිර්මාපකයන් මෙහෙය වූ ‘නොදන්නා දැනුම’ කුමක්ද? එල්.ටී.ටී.ඊයෙන් ඉවත් වූ දෙමළා මේ තරම් සොඳුරු වූයේ මන්ද? ඔහුගේ මීට පෙර අරගල ජීවිතය මීට සාපේක්ෂව චිත‍්‍රපටයට අනුව කොතරම් අඳුරු වන්නට ඇත්ද?


රාජ්‍යය විසින් සිනමාව හැසිරවීම වෙනුවට සිනමාව ස්වාධීනව, ස්වතීරණයකින් රාජ්‍යයෙන් යෝජිත දැනුම ග‍්‍රහණය කරගෙන ඇත. ‘හොඳ දෙමළා’ යනු කවුදැයි අපට චිත‍්‍රපටයෙන් පෙන්වන විට ‘නරක දෙමළා’ (ජාතිකත්වයට අරගල කරන්නා* ‘නරකෙක්’ වීමේ නොදන්නා දැනුමක් අප තුළ තැන්පත් කිරීමට සිනමාව සමත් වී ඇත. යථාර්තයෙහි ඔබ දැකිය යුතු කොටස පමණක් රාමුගත කිරීම රාජ්‍යයේ සිට සිනමාවට සංක‍්‍රමණය වී ඇත. ඉනියවන් කරන්නේ ඒක.




බූපති නලීන් වික‍්‍රමගේ