'‘කොකෑස්ටික්‘

Dilharasdr

Member
Dec 15, 2010
1
0
0
cocacolaads1.jpg


අපේ රට ඉතින් සංචාරකයන්ගේ පාරාදීසයක්නේ. කොයි වෙලාවෙ බැලුවත් සුදු අයියා කෙනෙක් හරි සුදු අක්කා කෙනක් හරි ටවුමේ ඉන්නවාමයි. ඉතින් ඔය විදිහට මෙහාට ආපු සුදු අක්කා කෙනෙක් දවසක් කට්ට අව්වෙ තට්ට තනියම දැන් ඉතින් ටවුමෙ සිරි නරඹ නරඹ ඉන්නවා. ඔය අතරේ ටවුමෙ හිටපු වෙන්න ඇමරිකන් ඩයල් එකක් අක්කට ෆලෝ එක දෙනවා.(කොහොම උනත් ගෑණු ළමයෙක් තනි පංගලමේ කොහේවත් යවන්න හොඳ නැති හින්දා වෙන්ඩ ඇති). අක්කත් දැන් ඔය විදිහට ඇවිද ඇවිද ඉඳලා මහන්සි හින්දා කඩේකට ගියා මොනවා මොනවාහරි බොන්න හිතන්. අපේ ඇමරිකන් කාරයාත් ඒ කඩේටම රිංගුවා සුදු අක්කාගෙ පස්සෙන්ම. ඌත් අක්කා හිටපු මේසෙම, අක්කාට ඉස්සරහින් වාඩි වුණා. දැන් වේටර් ආවා මේසෙ ලඟට. සුදු අක්කා ඕඩර් කරා ෆැන්ටා එකක්. අපේ එකාත් සෙකන්ඩ් වෙන ජාතියේ එකෙක් නෙවේ. ඌ ඕඩර් කරා කොකා කෝලා එකක්. වේටර් ඉතින් දෙන්නටම එක විඩේම ෆැන්ටා එකයි කොකා කෝලා එකයි ගෙනත් දුන්නා. සුදු අක්කා ඉතින් ඇවිදලා ඇවිදලා කර්පට් වෙලානෙ හිටියෙ. එයා ෆැන්ටා එක අරන් උගුරක් බීලා අපේ ඇමරිකන් කාරයා දිහා බලලා ‘ෆැන්ටෑස්ටික්‘ කියලා කිව්වා. අන්න අපේ කොල්ලට පත්තු වෙච්ච තැන. පිට පැත්ත ඇමරිකන් කර ගත්තට ඇතුල සිංහලනේ. ඒ උනාට උගේ ටිකිරි මොලේට තේරුණා අක්කා මොකද්ද මේ කිව්වේ කියලා. අපේ මෑනුත් ගත්තා කොකා කෝලා බෝතලේ. බිව්වා උගුරක්. අක්කා දිහා බලා උජාරුවට කිව්වානේ ‘කොකෑස්ටික්‘ කියලා……………….


source http://www.thelastrow.net



hoda num REP denna​

ela