‘ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ‘ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ

    ‘ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ


    ගැස්ට්‍රයිටිස් (Gastritis) අද සමාජයේ බොහෝ දෙනෙක් නිතර කතා බහ වන සුලභ රෝගයක්. සිංහලෙන් මෙම රෝගය හඳුන්වන්නේ ‘ආමවාතය’ නමින්.







    ගැස්ට්‍රයිටිස් කුමන අන්දමේ රෝගයක් ද?


    අද සමාජයේ මෙම රෝගය ඉතාම බහුලයි. සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය සායනයකට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 30 ක් පමණ පවසන්නේ තමන්ට ‘ගැස්ට්‍රයිටිස්’ රෝගය ඇති බවයි. ඇතැමුන්ගේ එම ප්‍රකාශ නිවැරදි විය හැකියි. ඇතැමුන් රෝගය පිළිබඳව නොදැන තමන්ට ‘ගැස්ට්‍රයිටිස්’ යැයි පවසනවා.
    ඔවුන් එසේ පවසන්නේ උදරය ආශි‍්‍රතව ඇතිවන ඕනෑම කැක්කුමක්, වේදනාවක් ගැස්ට්‍රයිටිස් රෝගය යැයි වැරදි ලෙස වටහා ගැනීම නිසයි. ඇතැමුන්ගේ මුත්‍රාශය, පිත්තාශය, වකුගඩු ආදී අවයව ආශ්‍රිතව ඇතිවන ගල් නිසා උදරය ආශ්‍රිතව වේදනාවක් ඇතිවීමට පටන් ගන්නවා. එවැනි රෝගීන් සායනවලට පැමිණ පවසන්නේත් තමන්ට ගැස්ට්‍රයිටිස් රෝගය ඇති බවයි.
    ඒ නිසා වඩාත් ම වැදගත් වන්නේ පළමු කොටම උදරය ආශ්‍රිතව ඇතිවන වේදනාව කුමක්දැයි යන්න හඳුනා ගැනීමයි. තමාගේ උදරය ආශ්‍රිතව ඇතිවන වේදනාවට හේතුව ගැස්ට්‍රයිටිස් රෝගය යැයි තමන්ම තීරණය කරගෙන ‘ඩයජින්’ වැනි පෙති වර්ග නිතර ගනිමින් කාලය ගත කිරීම නුවණැති ක්‍රියාවක් නොවේ.
    අප මුඛයෙන් ගන්නා ආහාර පාන ගලනාලය දිගේ ගොස් වැටෙන්නේ මල්ලක් වැනි කොටසකට; ඒ ආමාශය. ආමාශය තුළදී තමයි අප ගන්නා ආහාර ජීර්ණයට පත්වන්නේ. ඒ සඳහා ආමාශය නිකුත් කරන ශ්‍රාවයන් උපකාරී වෙනවා.
    ‘ගැස්ට්‍රයිටිස්’ (Gastritis) ලෙස හඳුන්වන්නේ ආමාශයේ ඇතුළත බිත්ති ඉදිමී රතුවීමයි. එය තරමක භයානක රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. ඒ නිසා මෙම රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදීම සුව කරගැනීම ඉතා වැදගත්.
    ගැස්ට්‍රයිටිස් රෝගය වර්තමාන සමාජයේ බහුලවීමට හේතු කීපයක් ම මූලික වී තිබෙන බව පෙනී යනවා. එයින් ප්‍රධානම හේතුව වන්නේ සමාජයේ බොහෝ දෙනෙක් තුළ දක්නට ලැබෙන අතිධාවනකාරී ජීවන රටාවයි.
    එවිට නිසි වෙලාවට (ආමාශයට අවශ්‍ය වෙලාවට) ආහාර ගත නොහැකි වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ ආහාර දිරවීමට උපකාරී වන ආමාශයික යුෂ, ආම්ලික ද්‍රව්‍ය (හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැනි) ආමාශය තුළ එක්රැස්වීමයි. එහි ප්‍රතිඵලය වන්නේ ගැස්ට්‍රයිටිස් නම් රෝගය ඇතිවීමයි.
    ඒ නිසා නිසි වෙලාවට ආහාර ගැනීම ඉතාම වැදගත්. එමෙන් ම මිනිසුන් තමන් මුහුණපාන විවිධ ගැටලු නිසා නිතර නිතර මානසික ආතතියෙන් පෙළීම ද ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට හේතුවක්. අධික ලෙස මත්පැන් පානය දුම්පානය වැනි පුරුදු මෙම රෝගය ඇතිවීමට මෙන් ම රෝගය වර්ධනය වීමට ප්‍රධාන හේතුවක්.
    ඇතැම් ඖෂධ වර්ග දීර්ඝ කාලයක් ගැනීම නිසාත් ආමාශය තුවාල වී මෙම රෝගය ඇති විය හැකියි. ඇස්ප්‍රින් ආශ්‍රිත ඖෂධ, හෘද වස්තුවේ ආබාධ නිසා දෙන ඖෂධ කොන්දේ ආබාධ සහ සන්ධි ආබාධ සඳහා දෙන වේදනා නාශක ඖෂධ නිසාත් ආමාශය තුවාල වී ගැස්ට්‍රයිටිස් රෝගය ඇති විය හැකියි.
    එමෙන් ම Helicobacter pylori නම් බැක්ටීරියාව ආමාශයට ඇතුළු වී ආහාර සමඟ මුසුවීම නිසාත් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති විය හැකි බවයි නවතම පර්යේෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ

    ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ මොනවාද?


    මෙම රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ උදරය ඉහළ කොටසේ කැක්කුමක් වේදනාවක් ඇතිවීමයි. එසේ ම කෑම අරුචිය වමනයට ඒම පපුව ප්‍රදේශයේ වේදනාවක් ඇතිවීම වැනි රෝග ලක්ෂණ ද මෙහිදී පෙන්නුම් කෙරෙනවා.
    මෙම රෝගය උත්සන්න වී ඇති අවස්ථාවක නම්, තද වමනය සමඟ රුධිරය පිටවීමක් ද සිදුවිය හැකියි. එසේ වන්නේ ආමාශයේ තුවාල ඇති වීම නිසයි. එසේ ම මළ සමඟ රුධිරය පිටවීමක් ද සිදුවිය හැකියි. එවිට මළ කළු පැහැ ගැන්වී තාර වැනි කොටස් ලෙස ශරීරයෙන් පිටවීමේ හැකියාව තිබෙනවා.
    තවත් අවස්ථාවක පපුව ප්‍රදේශයේ ඇතිවන වේදනාවක් ලෙස ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණ මතුවන අවස්ථා තිබෙනවා. එයට හේතුව වන්නේ ආමාශයේ ඇතිවන ප්‍රදාහය නිසා ආමාශය තුළ ඇති ආම්ලික ද්‍රව්‍ය අන්න‍ස්‍රෝතය හෙවත් ගලනාලය දිගේ ඉහළට ගමන් කිරීමයි.
    මෙවැන්නක් සිදුවන්නේ ආමාශයත් ගලනාලයත් අතර ඇති ‘කපාටය’ නිවැරදිව ක්‍රියා නොකරන විටයි. එයට හේතු කීපයක් ම බලපානවා. එය රෝගී තත්ත්වයක්. එය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ Reflux Oesophagitis ලෙසින.
    එසේ ආම්ලික ද්‍රව්‍ය ගලනාලයට ගලා ඒම මගින් ගලනාලය තුවාලවී පපුව ප්‍රදේශයේ වේදනාවක් ඇතිවෙනවා. ඉහත සඳහන් කළ කපාටය දුර්වලවීමට දුම්පානය මත් පැන්පානය බෙහෙවින් ඉවහල් වෙනවා.
    ඒ සඳහා තවත් හේතු කීපයක් ම තිබිය හැකියි. කෙසේ හෝ එම කපාටයේ දුර්වලතාවයෙන් ඇති වන පපුව ප්‍රදේශයේ දැවිල්ල හෘදය ආශ්‍රිත ආබාධයක් බවට ඇතැමුන් වැරදි ලෙස තේරුම් ගන්නවා.
    ආමාශය තුළ ඇති ද්‍රව්‍ය ගලනාලය හරහා නිතර ඉහළට ඒම කපාටයේ දුර්වලතාවය නිසා මෙන් ම ආමාශය තුළ ඇති අවහිරතාවයක් නිසාත් සිදුවිය හැකියි. ඇතැම් විට එය පිළිකාවක් විය හැකියි. ඒ නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ වහාම වෛද්‍ය උපදෙස් පැතීමයි සුදුසු වන්නේ.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ

    ගැස්ට්‍රයිටිස් රෝගය නිවැරැදි ලෙස හඳුනාගන්නේ කෙසේද?


    රෝගියා පවසන රෝග ලක්ෂණවලින් මෙන් ම රෝග ඉතිහාසය, රෝගියාගේ බාහිර ලක්ෂණ ද පරික්ෂා කිරීමෙන් රෝගය නිර්ණය කිරීමේ හැකියාව වෛද්‍යවරයාට තිබෙනවා.
    එසේ වුවත් නිවැරැදි ලෙසට ම රෝගය කුමක්දැයි හඳුනාගත හැක්කේ එන්ඩොස්කොපි (Endoscope) පරීක්ෂාවන් මගින්. මේ සඳහා සිහිනැති කිරීමක් සිදුවන්නේ නෑ. මෙය විනාඩි 4 ක් පමණ කාලයකදී කළ හැකි සරල පරික්ෂණයක්. එමගින් ගලනාලය ආමාශය යන කොටස්වල නියම තත්ත්වය මනා ලෙස දැකගත හැකියි.
    වඩාත් ම වැදගත් වන්නේ පපුව, ගලනාලය, ආමාශය යන ප්‍රදේශවල වේදනාවක් ඇතිවීමට හේතුවන්නේ පිළිකාවක් වැනි තත්ත්වයක් නම්, එය මුල් අවස්ථාවේදීම ඉතා පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව තිබීමයි.


     
    • Like
    Reactions: pavithra_uk

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගැස්ට්‍රයිටිස් ගණන් නොගෙන සිටියොත්?


    ගැටලු කීපයක් ම ඇතිවීමේ හැකියාව තිබෙනවා. රෝගී තත්ත්වය වර්ධනය වී ආමාශය තුළ ඇතිවන තුවාල පිපිරී ලේ ගැලීම ඉන් ප්‍රධානයි. මෙය රෝගියාගේ ජීවිතයට තර්ජනයක් ඇති වීමට ද හේතු විය හැකියි.
    එසේ ම කලක් ආමාශය තුළ ඇති තුවාල සඳහා නිසි ප්‍රතිකාර නොකිරීම නිසා ඒ හා සම්බන්ධ රුධිර නාල පුපුරා යාම මගින් ශරීර අභ්‍යන්තරයේ රුධිරය වහනයක් පවා සිදුවිය හැකියි. ගැස්ට්‍රයිටිස් රෝගයට මූලික අවධියේදීම ප්‍රතිකාර නොකිරීම එම පුද්ගලයාගේ එදිනෙදා ජීවිතය නියම අයුරින් ගෙනයාමට බාධා ඇති කරනවා. ආමාශයේ තුවාල තිබීම ආමාශය නිවැරැදිව ක්‍රියාත්මක නොවීමට බාධාවක්.
    එවිට පුද්ගලයා ගනු ලබන ආහාර වල පෝෂණ කොටස් නිසි පරිදි ශරීරයට උරාගන්නේ නෑ. එවිට ඔහුගේ ප්‍රතිශක්තිය හීන වෙනවා; ශරීරය වැහැරෙනවා.
    එමෙන් ම තමාගේ උදරය ආශ්‍රිතව ඇතිවන වේදනාව කුමක්ද යන්න හඳුනා ගැනීමෙන් පිළිකා වැනි අවදානම් සහගත රෝගී තත්ත්වයන්ගෙන් බේරීමට හැකියාව ලැබෙනවා. ඒ පිළිකා වැනි තත්ත්වයක් ආරම්භයේදී ම හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර කළ හැකි වන නිසයි.



     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ

    ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා වන ප්‍රතිකාර මොනවාද?


    රෝගය ගැස්ට්‍රයිටිස් බව නිසැකවම මුල් අවස්ථාවේදී හඳුනා ගත්විට ඉතා සරල ඖෂධ සමඟ ප්‍රතිකාර ක්‍රම මගින් සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත් ආමාශයේ තුවාල ඇතිවන තරමට රෝගය උත්සන්න වුවහොත් ශල්‍යකර්ම මගින් එම තුවාල වලට ප්‍රතිකාර කිරීමට සිදුවෙනවා.
    ප්‍රතිකාර ආරම්භ කළ විට රෝගියා තම ජීවන රටාව වෙනස් කළ යුතු වෙනවා. නියමිත වේලාවට ආහාර ගැනීම මත්පැන් දුම්වැටි ඉවත දැමීම, සැහැල්ලු ජීවිතයකට හුරුවීම ඒ අතරින් ප්‍රධානයි.
    බොහෝ දෙනෙක් පෙලඹී සිටිනවා ආමාශය ආශ්‍රිත දැවිල්ලක් ඇතිවූ විට ‘ඩයිජින්’ වැනි ඖෂධ ගැනීමට. ඉඳහිට ඇතිවන උදරයේ දැවිල්ලකට එය ගැලපුන ද, මාසයකට අධික කලක් පමණ උදරය ආශි‍්‍රත වේදනාව, දැවිල්ල සඳහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

     
    • Like
    Reactions: rochel1977

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ

    මෙම රෝගයට වෛද්‍යවරයා නිකුත් කරන ඖෂධ ගැනීමේ දී පිළිපැදිය යුතු විශේෂ කරුණු තිබෙනවාද?

    මෙම රෝගයෙන් මිදීමට වෛද්‍ය උපදෙස් අනුවම ක්‍රියා කිරීම වැදගත්. ආමාශයේ ආම්ලික තත්ත්වය උදාසීන කිරීමට දෙන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි සිරප් වර්ග මෙන් ම ඩයිජින් වැනි පෙති වර්ග ගත යුත්තේ ආහාරවේල් දෙකක් අතරතුරයි. ආමාශයේ ආහාර තිබෙන විට එහි ආම්ලික ස්වභාවය අඩුයි.
    එවිට ඉහත ඖෂධ අවශ්‍ය වන්නේ නෑ. එමෙන් ම ආමාශයට අම්ල ගලා ඒම අඩු කරන; නවතන Omeprazole වැනි ඖෂධ ගත යුත්තේ උදෑසන හිස්බඩයි. එම ඖෂධ ගෙන හොඳින් පිරිසුදු ජලය වීදුරුවක් පමණ පානය කිරීම වැදගත්.
    එසේ ම එම ඖෂධ ගෙන පැයක් පමණ ගත වනතුරු ආහාර ගැනීම සුදුසුවන්නේත් නෑ. එසේ නැතහොත් ආහාර ගෙන පැය 2 ක් පමණ ගත වූ පසුවයි ඖෂධ ගැනීම සුදුසු වන්නේ. මෙම රෝගය සුව කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් පරිදි දිගටම ඖෂධ ගැනීම වැදගත්.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ

    ගැස්ට්‍රයිටිස් රෝගීන්ට පාන්, ආප්ප, මුදවන ලද කිරි, යෝගට් වැනි ආහාර අගුණ ද?


    පාන්, ආප්ප වැනි ආහාර නිසා ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවේ යැයි හෝ එම ආහාර ගැනීම නිසා රෝග තත්ත්වය වැඩිවේ යැයි හෝ වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී නෑ. මුදවපු කිරි, යෝගට් ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගයට යම් සහනයක් ලැබෙනවා. විශේෂයෙන් ම යෝගට් ආහාරයට ගැනීම ඉතා සුදුසුයි.
    වඩාත් වැදගත් වන්නේ ආමාශය ප්‍රදේශයේ හෝ ගලනාලය, පපුව යන ප්‍රදේශවල කිසියම් දැවිල්ලක් රිදීමක් ඇත්නම්, එය සුදුසු වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්ෂා කරවා ගැනීමයි. රෝගය ගැස්ට්‍රයිටිස් නම් වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් මෙම රෝගය සුවකර ගත හැකියි.

     
    • Like
    Reactions: sbarro_j

    ebay0007

    Member
    Sep 18, 2009
    615
    19
    0
    kndy
    නියම වැඩක් යාලුව...ඔය අනං මනං trade වලට වඩා මෙ වගේ trade වටිනවා යාලුවා...