‘නිරුවත් කත’ ගේ චිත්‍රය කෝටි 2464 කට විකිණේ..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ‘නිරුවත් කත’ ගේ චිත්‍රය කෝටි 2464 කට විකිණේ..

    1917 වර්ෂයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වූ ඇමීඩියෝ මොඩිග්ලියානි විසින් සිතුවම් කල නිරුවත් කාන්තාවකගේ රුවක් ඇඳුනු චිත්‍රය මෑන්හැටන් නුවරදී කෝටි 2464 ක මුදලකට අලෙවි වී ඇත.

    අයිරිෂ් ජාතික සිත්තරෙක් වන මොඩිග්ලියානි තමන් විසින් අඳින ලද නිරුවත් කාන්තාවන් 22 කගේ චිත්‍ර හේතුවෙන් 19 වැනි සියවසේ යුරෝපයේ සුප්‍රසිද්ධම චිත්‍ර ශිල්පිය බවට පත්විය. කාන්තාවන්ගේ නිරුවත් ආලේඛ්‍ය චිත්‍ර අතර ඔවුන්ගේ එක් එක් හැඩහුරුකම් සහ ඉරියව් සහිත මේ චිත්‍ර ඉතා ආකර්ශණීය විය.

    පසුගිය වසර 12 කා කාලය මුළුල්ලේ මොඩිග්ලියානිගේ චිත්‍ර ගණනාවක් ඩොලර් මිලියන 26 සිට ඩොලර් මිලියන 170 දක්වා මිලකට වරින් වර අලෙවි විය. Nu couche නමින් නම් කර ඇති මෙම සිතුවම අඟල් 58ක් පමණ පළලකින් යුතුය. එය පසුගිය කාලය පුරාවටම ලන්ඩන් නුවර මොඩර්න් ගැලරි හි ඉතා ආරක්ෂා සහිතව තබා තිබුණි.

    මෙම සිතුවමෙන් ලෝක යුද්ධය සමයේ කාන්තාවක් නිරූපණය වන බවත්, නිරුවතට බියක් නැති සැහැල්ලුවෙන් සිටින කාන්තාවකගේ චිත්‍රය තුලින් මොඩිග්ලියානි ‘නූතන නිරුවත’ නැමති අදහස දක්වා ඇති බව බොහෝ විචාරකයන්ගේ මතයයි.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: cresendo

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    ඒ චිත්‍රය දාපන්කෝ බලන්න

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83

    අයිරිෂ් ජාතික සිත්තරෙක් වන මොඩිග්ලියානි තමන් විසින් අඳින ලද නිරුවත් කාන්තාවන් 22 කගේ චිත්‍ර හේතුවෙන් 19 වැනි සියවසේ යුරෝපයේ සුප්‍රසිද්ධම චිත්‍ර ශිල්පිය බවට පත්විය. කාන්තාවන්ගේ නිරුවත් ආලේඛ්‍ය චිත්‍ර අතර ඔවුන්ගේ එක් එක් හැඩහුරුකම් සහ ඉරියව් සහිත මේ චිත්‍ර ඉතා ආකර්ශණීය විය.

    මොඩිග්ලියානි ඉතාලි ජාතිකයෙක් මචන්
    Thanks for sharing