‘පන්සලේ පියතුමා’

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ‘පන්සලේ පියතුමා’

    14152_10151320250716934_2051242489_n.jpg

    මර්සලිනු ජයකොඩි ගරු පියතුමාට බොහෝදෙනකු කීවේ ‘පන්සලේ පියතුමා’ කියා ය. ඊට සුවිශේෂ හේතුවක් තිබිණි. ඒ කතෝලික පූජකවරයකු වුවත් උන්වහන්සේ සතුව බෞද්ධ විඥානයක් - ජීවන දෘෂ්ටියක් තිබීමයි.

    ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ මීට අවුරුදු දහයකට පමණ ඉහතදී ජයකොඩි පියතුමා ගැන පොතක් ලියූහ. බෞද්ධ භික්ෂුවක් කතෝලික පූජකවරයකු අළලා පොතක් ලියූ ලෝකයේ ප්‍රථම සහ එකම අවස්ථාව එය යයි මම සිතමි. පොත් නම ‘මල් පැලේ උපන් පන්සලේ පියතුමා’ ය. එම පොතේදී තමා ‘පන්සලේ පියතුමා’ යන අන්වර්ථයෙන් හැඳින්වීම ගැන ජයකොඩි පියතුමා මෙසේ අදහස් දක්වා ඇත.

    “ඉතින් කවුරුහරි මට පන්සලේ පියතුමා කියා කියනව නම් මා ඒ ගැන වඩාත් සතුටු වෙනවා. අප කතෝලිකයන් වශයෙන් මේ රටේ සුළු පිරිසක්. නමුත් අප ඒ නිසාම වෙන්වී සිටිය යුතු නැහැ. භික්ෂුන් වහන්සේලාත් එක්ක එකතුවී කටයුතු කරනවා නම් මේ රට, ජාතිය, සංස්කෘතිය ඉතා හොඳ දියුණු තත්ත්වයකට පත්වේවි.”

    මෙලෙස බෞද්ධ පරිකල්පනයකින් යුක්තවීමට ජයකොඩි පියතුමාට එක්තරා හේතුවක් තිබිණි. ඒනම්; උන්වහන්සේගේ මව සිංහල බෞද්ධ ගැමි කාන්තාවක වීමය. කුඩා කල පටන්ම මවගේ ආභාසය ලැබීම ගැන ජයකොඩි පියතුමා ඉහත සඳහන් පොතට මෙසේ අදහස් ප්‍රකාශ කර ඇත.

    “කලාකරුවකුගේ සේවය එක ආගමකට දහමකට සීමාවන්නේ නෑ. ඒක එකක්. අනෙක කතෝලික වුණත් මගේ මවුපියෝ ගැමියෝ. අනෙක් කාරණාව මගේ මව මුලින් බෞද්ධ කාන්තාවක්. ඇය පසුව කතෝලික වුණත් බෞද්ධ සංස්කෘතියේ හරය සම්පූර්ණයෙන් අයින් වුණේ නැහැනෙ.

    ඉතින් මටත් පොඩි කාලේ ලැබුණේ ඒ අම්මාගේ රැකවරණය. ආභාසය. ඒ නැතත් මේක සිංහල බෞද්ධ රටක්නේ. අප දැන් මොන මොන දේවල් කීවත් ඉතිහාසය බොරු කරන්න බැහැනේ. වැඩිම වුණොත් පරම්පරා පහකට, හයකට ඉස්සර මේ කතෝලික සිංහල අය කවුරුත් බෞද්ධ අය. අවුරුදු දහස් ගණනක් සිංහල අයගේ සිතුම් පැතුම් සකස් වුණේ බෞද්ධ අදහස් අනුවයි.”

    මෙහිදී මට සිහිපත් වන්නේ ජයකොඩි පියතුමා ලියූ එක්තරා කවියක කොටසකි.

    පන්සිය වසක් අප ආපසු යන දා ට..
    හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට..
    එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට..
    මාලති මල් නෙළාගෙන යති බුදු ගේට..

    ජයකොඩි පියතුමා තරම් මේ රටේ ආගමික සහජීවනයක් උදෙසා තම අදහස් සෘජුව හා අභීතව ප්‍රකාශ කළ, එහි පැවැත්මට ගී සින්දු ප්‍රබන්ධ කළ කතෝලික පූජකවරයකු තවත් නැතැයි කීම යුක්ති යුක්ත ප්‍රකාශයකි.

    ජයකොඩි පියතුමා එක පැත්තකින් ගීතිකා, නත්තල් කැරොල් හා පසම් වැනි කතෝලිකාගම හා බැඳුණු ගීත ලියූ අතර අනිත් පැත්තෙන් බෞද්ධ ගීත ද ලියූහ. එතුමා ලියූ බෞද්ධ ගී අතර වෙසක් - පොසොන් භක්ති ගීත ද ගණනාවකි.

    සිංහල භාෂාවක්, සිංහල සාහිත්‍යයක් කියා දෙයක් අපේ රටේ අවිච්ඡින්නව පැවැතියේ බෞද්ධ භික්ෂුන් වහන්සේගේ අප්‍රමාණ දායකත්වය නිසා බව ජයකොඩි පියතුමා නිතරම මහත් ඇගැයීමෙන් යුක්තව කියා සිටියේය. ප්‍රවීණ නිවේදක පාලිත සමරසිංහ සමඟ 1987 දී ගුවන්විදුලියේ විචිත්‍රාංගයක් (රේඩියෝ සඟරාව) සඳහා කළ සම්මුඛ සාකච්ඡාවකදී ජයකොඩි පියතුමා මෙසේ ප්‍රකාශ කර ඇත.

    “අපේ සාහිත්‍යය ආවේ පන්සලෙන්නේ... පන්සල් තිබුණු නිසා තමයි සිංහලකම රැකුණේ; සිංහල සාහිත්‍යය රැකුණේ.”

    ‘පන්සල’ යන ශීර්ෂය යටතේ උන්වහන්සේ ලියූ කවියක මෙසේ දැක්වෙයි.

    පන්සලටය පෙර පරපුර අකුරු ගියේ..
    සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ..
    අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ..
    අද වනතුරුම සිවුරේ පඬු ගතිය තියේ..

    දළදාව වැඳ පුදාගත් ලංකාවේ එකම කතෝලික පූජකවරයා ජයකොඩි පියතුමා යැයි මම හඟිමි. එය සිදුවූයේ මෙසේ ය. වරක් මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ ‘දළදාව බලන්න යමුදැයි’ ජයකොඩි පියතුමාගෙන් ඇසූහ. එවිට උන්වහන්සේ ඉතා කැමැත්තෙන්ම ඊට ඉදිරිපත් වූහ.

    දළදාව වැඳපුදා ගැනීමට ගිය ගමනේදී උන්වහන්සේ එවක ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ වූ නිරංජන් විජේරත්න මහතා හමුවූ අවස්ථාවත් අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය පලිපාන චන්දානන්ද මහනාහිමියන් හමුවූ අවස්ථාවත් දැක්වෙන ඡායාරූප කීපයක් මම දැක ඇත්තෙමි.

    අපේ දළදා වහන්සේ පිළිබඳ ජයකොඩි පියතුමා අදහස් දක්වා ඇත්තේ මෙලෙසය.

    “දළදාව කියන්නේ අපේ රටේ තිබෙන ලෝක පූජිත ජාතික වස්තුවක්. අපේ ඉතිහාසයත් එක්ක දැඩි සේ සම්බන්ධ, අපේ සංස්කෘතික අනන්‍යතාව අවුරුද්දක් පාසා අදත් මුළු ලෝකයටම කියාපාන පූජනීය වස්තුවක්. ලංකාවේ පමණක් නෙවේ ලෝකයේමත් බෞද්ධයන් ගරු කරන වස්තුවක්.

    ඉතින් සිංහලයන් හැටියට අපිත් ගිහින් ඒවට සහභාගි වී ඒ ගැන අවබෝධයක් ලබන එක, බලා කියා ගන්න එක වරදක් ද? ලංකාවේ උපන් කෙනකු හැටියට, සිංහලයකු හැටියට මගේ රටට අයිති ජාතික වස්තුවකට ගෞරවය පුද කළාම තියෙන වරද මොකද්ද?” (මල් පැලේ උපන් පන්සලේ පියතුමා - පිටුව 118)

    වන්දනීය සිරිපාදය ගැන ද ජයකොඩි පියතුමා අගනා කවක් ප්‍රබන්ධ කර ඇත. මේ ඉන් උපුටා ගත් කොටසකි..

    මෙහි බුදුන්ගේ පා තබා ඇත වන්දනීයයි සිරිපාදය..
    රැයෙත් උදයෙත් මිහිරියාවයි ඇසේ රැව්දෙන සාදු නාදය..
    පියේ මේකයි දම්ම දීපය මුතු බඳින්නේ අපේ මූදය..
    මෙහෙම ලස්සන වෙන රටක් නැත ඇයට කොයි රට වුව පරාදය..

    පිරිවෙනකින් ගෞරව සම්මානයක් හිමිකර ගත් ලංකාවේ එකම කතෝලික පූජකවරයා ජයකොඩි පියතුමා වන්නේ ය. ඒ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනිනි. එයින් උන්වහන්සේට ‘කාව්‍ය ශාස්ත්‍ර ශිරෝමණි’ සම්මානය පිරිනමන ලදි.

    ‘වෙහෙර’ යනුවෙන් ලියූ කවියක උන්වහන්සේ ඇස යන යන තැන පෙනෙන්ට ප්‍රාර්ථනා කළේ පල්ලි නොව වෙහෙරකි. ඒ කවියෙන් අර්ධයක් මෙසේ ය.

    ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්..
    වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්..
    ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්..
    දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්..

    පල්ලි පිළිබඳ උන්වහන්සේ තුළ ඒ තරම්ම හැඟීමක් තිබුණා යැයි කීම අසීරුය. පාලිත සමරසිංහ සමග කළ ගුවන්විදුලි සාකච්ඡාවේදි උන්වහන්සේ කියා ඇති කරුණක් එසේ සිතන්ට අපට අනුබල දෙයි.

    “පල්ලි ඕනැ තරම් තියෙනවා. ඒ තියෙන තරම් හොඳටම ඇති. පල්ලි නැතුවත් ආගම අදහන්න පුළුවන්. අනිත් අයට මම දන්නේ නැහැ. මට නම් පල්ලි නැතුවත් පුළුවන්. ඕනැම තැනකට ගිහිල්ලා දෙවියන් වහන්සේටයි මටයි හමුවෙන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ. දෙවියන් වහන්සේ කියලා තියෙන්නෙත් එහෙමයි.”

    වෙසක්, පොසොන් වැනි බෞද්ධ ගීත ලිවීම නිසාත් බෞද්ධාගම, බෞද්ධ භික්ෂුන් වහන්සේ නිර්භයව ඇගැයීම නිසාත් මූලධර්මවාදින්ගේ පටු ගර්හාවට ජයකොඩි පියතුමා ලක්වූ වාර අපමණය. එක් අවස්ථාවක උන්වහන්සේ වෙත ලිපියක් එවූ ධර්මෝන්මාදියකු ඉන් කියා සිටීයේ ලෝගුව ගලවා සිවුරක් පොරවා ගන්නා ලෙසය. උන්වහන්සේ එම අධානග්‍රාහි මතවලට කදිම පිළිතුරක් දී ඇත. එය පාලිත සමරසිංහ සමඟ කළ ගුවන්විදුලි කතාබහේදී උන්වහන්සේ කියා ඇත්තේ මෙපරිදිය.

    “ඉතින් මමත් ලියලා ඇරියා, මම ලෝගුවටත් ආදරෙයි, සිවුරටත් ආදරෙයි. මේ දෙකම ආගමික සංකේත පමණක් ය මට ඒකත් හොඳයි මේකත් හොඳයි. දැනට මේක ඇඳගෙන ඉන්නවා. අරකත් ඕනැ වුණොත් ඉස්සරහට ඒකත් අඳිනවා කියලා.”

    ජයකොඩි පියතුමාගේ සුවිශිෂ්ට බෞද්ධ නැඹුරුව මෙරට කතෝලික සභාවේද උදහසට ලක්වූ ආකාරයක් පෙනී යයි. එසේ සිතෙන්නේ උන්වහන්සේම කියා ඇති දෙයකිනි.

    “රේඛාවේ ගීතවලට සම්මාන ලැබෙද්දි ඒක ගන්න යන්න වාහනය දුන්නේ නැහැ. ආවෙත් ගියෙත් ටැක්සියෙන්.”

    කෙසේ වෙතත් ආගම යනු අන් කිසිවක් නොව ආදරයයි. එය උන්වහන්සේ කවියට නඟා අපූරුවට ප්‍රකාශ කළේ මෙලෙසිනි.

    කොයි හංවඩුව ඇතිවුව ආගමැයි කියා..
    කොයි පණිවිඩය තිබිණි ද බයිබලේ ලියා..
    ආදරයයි ආගම යනු හිතේ තියා..
    මල් ගෙන පුදමි ඒ ආගම ලොවේ සොයා..

    සුනිල් මිහිඳුකුල
    සිළුමිණ පුවත්පත
    2009/12/20
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පන්සිය වසක් අප ආපසු යන දා ට..
    හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට..
    එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට..
    මාලති මල් නෙළාගෙන යති බුදු ගේට..
     
    රෝනට වඬින බිංගු ඔබයි කැකුළු මලයි මමයි,මලට සුවඳ ටික ඔබයි සිඟිති පෙති මමයි.:)ජෙසු දෙවියනි ජෙසු දෙවියනි...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රෝනට වඬින බිංගු ඔබයි කැකුළු මලයි මමයි,මලට සුවඳ ටික ඔබයි සිඟිති පෙති මමයි.:)ජෙසු දෙවියනි ජෙසු දෙවියනි...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    reputation_neg.gif
    ‘පන්සලේ පියතුමා’ 05-14-2014 02:55 PM ජේසු පැන්තිරාගේ පොඩි එකා.

    මම බෞද්ධ එත් එක ආගමකට කො‍ටු වෙලා ප‍ටු විදියට හිතන බුරුවෙක් නෙමෙයි.කොහොමත් බුදු දහම ආගමකුත් නෙමෙයි නේ.
    :)
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සුදු සඳ එළියේ නළ මත පොපියන
    හිරි මල් කැකුළක රොන් කෙමියේ
    මුළු මල් වන ලොවැ ඉරණම සැතැපේ
    කුළු ගැන්වෙන තුරු හිමිදිරියේ

    සමනොළ තුඩෙකින් පිනි බිඳු පොදෙකින්
    පණ ගැන්වෙන තුරු හිමිදිරියේ
    පහන් දොරින් එන රැුස් රේඛාවෙක
    උණුසුම ඇසුරුව හිමිදිරියේ

    ඉපැරැණි කඳු යට සැගවුණු මිණි කැට
    පැන පැන බැස යන දිය දහරේ
    ඇදී ඇදී හිඳ මතු වී එන විට
    මැණික් තාරකාවලට හැරේ

    පොඩි රේඛාවෙක රැස් රේඛාවෙක
    මැණිකක මුළු ඉරණම සැතැපී
    එක එක මැණිකක එක එක රූපෙක
    එළියෙන් නැහැවුණු මලක් පිපේ

    වලාපෙළින් සැදි මුතු කුඩයක් යට
    තරඟ නගා ළෙල දෙන මුහුදේ
    සිගිති දොරක් ඇති පොඩි බෙලි කටුවක
    මුතු ඇටයක් සීරුවෙන් හැදේ


    දැන් ඉන්න එක බල්ලෙකුට පුළුවන්ද මේ වගේ ගීත ලියන්න..?:(
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සීතල දුරුත්තක බැස ගිය සුදු සඳ එළිය:(

    සිංහල සාහිත්‍යයටත්, කිතුනු ගීතයටත් මෙහෙයක් කළ මර්සලීන් ජයකොඩි පියතුමාගේ පහත දැක්වෙන ගීයද ඇතුළත් වූයේ රේඛාව චිත්‍රපටයේය. මේ තරම් සොඳුරු සුභාවිත ගීයෙන් ගරු පියතුමා මේ ගීත පවතින තාක් කල් අමරණීයව සිටිනු ඇත. එදා මෙදාතුර මම හුඟක්ම ආදරය කළ ගීතයක් මේක. මේ ගීතය රේඛාව චිත්‍රපටයට සිසිර සේනාරත්නයන් විසින් ගායනා කරන සින්දුවක්.

    ඕලු නෙලුම් නෙරිය රඟලා
    කිකිණි හඬන වලා නඟාලා
    ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
    මගේ කුඩා ඔරුව හබල් ගා
    යමු නැළැවිල්ලේ - නැළැවිල්ලේ - නැළැවිල්ලේ
    ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මාපලගම විපුලසාර හාමුදුරුවෝත් සිංහල බෞද්ද කතෝලික කා අතරත් සමගිය ගොඩනංවපු සංඝරත්නයක්. මට මතක විදියට පාප්තුමා ලංකාවට ආව වෙලාවේ සම්පූර්ණ සැරසිලි කලේ ගොක්කොල වලින්, ඒ සැරසිලි කරන්න මග පෙන්නුවේ මාපලගම විපුලසාර හාමුදුරුවෝ. උන්වහන්සෙයි මර්සලීන් ජයකොඩි පියතුමයි හොද යාලුවෝ. ඒත් අපේ කරුමෙට අද ඒ වගේ හාමුදුරුනමක්වත් සුවාමි කෙනෙක්වත් බේතකටවත් හොයාගන්න නැහැ.:(:(:(:(:(:(

    http://www.ucanews.com/story-archiv...r-january-papal-mass-in-colombo&post_id=46375
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාපලගම විපුලසාර හාමුදුරුවෝත් සිංහල බෞද්ද කතෝලික කා අතරත් සමගිය ගොඩනංවපු සංඝරත්නයක්. මට මතක විදියට පාප්තුමා ලංකාවට ආව වෙලාවේ සම්පූර්ණ සැරසිලි කලේ ගොක්කොල වලින්, ඒ සැරසිලි කරන්න මග පෙන්නුවේ මාපලගම විපුලසාර හාමුදුරුවෝ. උන්වහන්සෙයි මර්සලීන් ජයකොඩි පියතුමයි හොද යාලුවෝ. ඒත් අපේ කරුමෙට අද ඒ වගේ හාමුදුරුනමක්වත් සුවාමි කෙනෙක්වත් බේතකටවත් හොයාගන්න නැහැ.:(:(:(:(:(:(

    katholika pathiwalata gihin balapan one tharan innawa!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    NE BAN MAN KIWUWE SAMAGIYEN WEDA KARANA AYA NEHEYI KIYALAYI. DAN HUGAK AYA ATHMAARTHAKAAMI WELA.

    pissuda ban.... oya wela thiyenne umbala katholika pathi gana danne nathi nisa..... awilla poddak jeewath welama balanna one koi wageda kiyala....... ape pathiwala kattiya athal eke samagiyen innawa...... :P
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ජොනී බට්ට;16658252 said:
    මේ වගේ මිනිස්සු එක්කනම් ආගමික සජීවනේ ගැන කතා කෙරුවැකි :) හම්බයෝ එක්කනේ බැරි :oo:
    :yes::yes::yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මැල්කම් රංජිත් පියතුමත් පංසලේ පියතුමෙක්.එතුමා පන්සල් වල සහ බෞද්ධයන්ගේ සිරිත් චාරිත්‍ර සහ අනුරුවන් පල්ලිය තුල ස්තාපිත කරන කෙනෙක්. සඳකඩ පහන, මල් පූජාසනය පහන් පූජාව යන දේවල් අද පල්ලි තුලට කාවැදිලා තියෙනවා.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මැල්කම් රංජිත් පියතුමත් පංසලේ පියතුමෙක්.එතුමා පන්සල් වල සහ බෞද්ධයන්ගේ සිරිත් චාරිත්‍ර සහ අනුරුවන් පල්ලිය තුල ස්තාපිත කරන කෙනෙක්. සඳකඩ පහන, මල් පූජාසනය පහන් පූජාව යන දේවල් අද පල්ලි තුලට කාවැදිලා තියෙනවා.

    :lol::lol: පක තමයි :lol::lol: