‘පූමාපුංකු’ Pumapunku : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතා&

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ‘පූමාපුංකු’ Pumapunku : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතා&

    ‘පූමාපුංකු’ Pumapunku : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව

    මේ අබිරහස තිබෙන්නේ බොලීවියාවේ. ඒක තමයි පූමාපුංකු.

    3.JPG

    පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු’
    පූමාපුංකු, සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා තැනක් නොවේ. ඒත් මේ නගරයේ ඇති ගල් පිළිම පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වී තිබෙනවා. අපට අසන්න ලැබෙන පුරාණයේ පිටසක්වළ ජීවීන් මෙහෙ පැමිණි බවට ඇති ප‍්‍රහෙලිකාවේ ඉතා වැදගත්ම කොටස හැටියට බොලීවියා කඳුකරයේ පිහිටි පූමාපුංකු නටඹුන් ලෙස සැලකෙනවා. වාස්තු විද්‍යාවේ බල මහිමය පෙන්වන හාස්කමක් ලෙස සැලකෙන ගීසාහි පිරමීඩ පවා පූමාපුංකු නටඹුන් හමුවේ පුංචි ළමයකු තැනූ සෙල්ලම් ගෙයක් හා සමාන වෙනවා. ලොව පුරා දකින්න ලැබෙන අනෙක් අබිරහස් පරයන්න පූමාපුංකු සමත් වෙනවා. සැකයක් නැහැ. පූමාපුංකු නගරයේ ඉදිකිරීම් සිදුවුණේ කොහොමදැයි කියන්න මොනම විධියකින්වත් හැකියාවක් ඇත්තේ නැහැ. පූමාපුංකු නගරයේ අති දැවැන්ත නිර්මාණ සියල්ල කිසියම් මහා බලවේගයකින් කැබැලි කර දමලයි තිබෙන්නේ. පූමාපුංකු නගරයේ දකින්න ලැබෙන ගල් කුට්ටි ඉතා නිවැරදිව හා ඉතා සූක්ෂමව කපා වෙන් කරන ලද ඒවා. ඒවා ඉතාම නිවැරදි ආකාරයෙන් එකිනෙක හා සම්බන්ධ වෙනවා. හරියට පුංචි ඔයාලා සෙල්ලම් කරන්න ගන්නා කැබැලි එකතු කරන ප‍්‍රහේලිකාවක් හා සමානයි. මේ නගරයට කිට්ටුම ගල්වල ඇත්තේ සැතපුම් 7,000 ක් දුරිනුයි. මෙහි ඇති මේ අති දැවැන්ත ගල් කණු, ගල් කුට්ටි කොහොමද සැතපුම් ගණනක් දුර ඇති මේ නගරයට රැගෙන ආවේ? පූමාපුංකු පළමු අබිරහස තමයි, ඒ. පූමාපුංකු නගරය පිහිටන්නේ මුහුදු මට්ටමෙන් අඩි 4,000 ක් උසකිනුයි. නගරය අසල කොහේවත් ගස් ඇත්තේ නැහැ. ගල් කුට්ටි ගස් කඳන් මත තබාගෙන තල්ලූ කරගෙන ඒමට ඒ නිසා හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවට දකින්න ලැබෙන්නේ පඳුරු හා තණ කොළ විතරයි. පූමාපුංකු නගරය මොකක්ද? හැදුවේ කොහොමද? ආදී ප‍්‍රශ්න ගණනාවකට පිළිතුරු අපට සිතා ගන්නවත් බැහැ.

    2.JPG

    අයිමාරා ඉන්දියානුවන්
    පුරාවිද්‍යාඥයන් කියන්නේ පූමාපුංකු නගරයේ අද නටබුන්ව ඇති නිර්මාණය කළේ ‘අයිමාරා’ කියන ඉන්දියානු ගෝති‍්‍රකයන් කියලයි. ඒත් මේ වගේ අපූරු මහා පරිමාණයේ නිර්මාණ කරන්න නම් සැලසුම් සකස් කරන්න ඕනෑ. සැලැසුම් අඳින්න ඕනෑ. එහෙම නැතිව මේ වාගේ දෙයක් කරන්න බැහැ. පාෂාණ කුට්ටි එකිනෙක සම්බන්ධ කළ යුතු වන්නේ කොහොමදැයි මූලික සූදානමක් ඇතිවයි, මේ වගේ නිර්මාණයක් කළ හැකි වෙන්නේ. ඒත් ලොව ප‍්‍රධාන පෙළේ පුරාවිද්‍යාඥයන් හැමෝම වගේ අවිවාදයෙන් යුතුව පිළිගන්න කාරණාවක් තමයි, අයිමාරා ඉන්දියානුවන්ට ලේඛන කලාවක් තිබුණේ නැහැ යන්න. එහෙම නම් සැලසුම් නොමැතිව මේ නිර්මාණ හැදුවේ කොහොමද? පුරාණ පිටසක්වළ අමුත්තන් ගැන විශ්වාස කරන කවුරු කවුරුත් පූමාපුංකු සහ ටියවනාකා නටබුන් වෙත වැඩි අවධානයක් යොමු කරන්නේ ඒවායේ ඇති ගුප්ත බව නිසාම නොවේ. ඒ අති දැවැන්ත ගල් කුට්ටි පවා ඔවුන්ව පුදුම කරවනවා. කළු ගල් කුට්ටි කපා සකස් කරන්න කිසියම් ආකාරයක යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කර තිබෙන බව බැලූ බැල්මට පෙනෙනවා. මේ එක් ගල් කුට්ටියක් ටොන් 800 ක් පමණ බරයි. සමහර ගල් කුට්ටි ඔප දමා තිබෙනවා. ඒවා ඉතා සියුම්ව කපා වෙන් කරගෙන තිබෙන බව හොඳින් පෙනෙනවා. අයිමාරා ඉන්දියානුයන්ට ගල් යුගයේ ආයුද, ඒ කියන්නේ ගල් කටු හා මිටි භාවිතා කරමින් මෙවැනි නිර්මාණයක් කරන්න අපහසුයි. මේ ගල් කුට්ටිවල කපා ඇති රේඛා පිහිටන්නේ තනි කෙළින්. කිසිදු පළුද්දක් ඇත්තේ ම නැහැ. එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ඒ රේඛාවල ගැඹුර එක සමානයි. ඒක හරියට අති දක්ෂ නිර්මාණකරුවන් පමණක් තෝරා ගෙන සිදු කළ නිර්මාණයක් හා සමානයි. ඒ නිසා අප පුදුමයට පත් වෙනවා, මේ වගේ නිර්මාණයක් කළේ කොහොමද කියලා.

    1.JPG

    පූමාපුංකු හැදුවේ කොහොමද?
    පූමාපුංකු නගරය නිර්මාණය කිරීමට යොදා ගෙන තිබෙන්නේ පිරමීඩවලට යොදා ගත් ආකාරයේ හුණු ගල් නොවේ. මේවා ග‍්‍රැනයිට් හා ඩයරයිට් පාෂාණයි. ඩයරයිට් පාෂාණවලට වඩා ශක්තිමත් අනෙක් දේ තමයි දියමන්ති. ඒ නිසා මේ පාෂාණ මේ විධියට කපා සකස් කරන්න නම් යොදා ගත් ආයුද දියමන්තිවලින් සකස් කර තිබිය යුතු වෙනවා. වර්තමාන ඉදිකිරීම් කරුවන් පවා පවසා තිබෙනවා, අද ඇති නවීන තාක්ෂණික උපකරණ යොදා ගෙන බවා පූමාපුංකු නටබුන් නැවත නිර්මාණය කිරීමට නොහැකි බව. පූමාපුංකු නිර්මාණය කළේ බොහොම ප‍්‍රාථමීක මට්ටමේ ගල් යුගයේ මිනිසුන්. ඒත් ඔවුන් කළ නිර්මාණ අති විශිෂ්ඨයි. අද අපට එවැනි දෙයක් කරන්න හැකියාවක් නැහැ. කරන්න පුළුවන් ඒත් හරිම අමාරුයි. අපේ පැරැන්නෝ ඇත්තටම හරිම අපූරු, අමුතු දේවල් දැක්කා. අමුතු සිදුවීම් අත්වින්ඳා. ඒත් ඔවුන්ට අත්විඳින්න සිදුවුණේ මොනවාදැයි දැනගන්න අපට හැකියාවක් නැහැ. ඒ සියල්ල නැතිවී ගිහිල්ලා ඉවරයි. හේතුව මොකක්ද දන්නේ නැහැ. ඒත් ඔවුන් අපට ඉතිරි කර ගිය මේ අපූරු නිර්මාණ පමණක් තිබෙනවා. ඒවා අපව පුදුමයෙන් පුදුමයට පත් කරනවා. කොහොමද ඒවා හැදුවේ කියලා. මේ නිර්මාණය හැදුවේ ඇයි කියන කාරණාව වගේම හැදුවේ මොකටද කියන දේත් ප‍්‍රශ්නයක්. ඒකට පිළිතුරු සෙවීම පහසු කාරණාවක් නම් නොවේ.

    from malkekulu web
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    "Ancient Aliens Debunked" බැලුවානම් මේකෙ තියන ගොඩක් දේවල් Aliens සම්බන්ධයක් නැතුව පැහැදිලි කරලා තියනවා, අනිත් එක මේ නිර්මාණ වල ඔය කියන තරම් Accuracy එකක් නැහැ කියලාත් ලස්ලනට පැහැදිලි කරලා දෙනවා
     
    Last edited: