‘මං ජනාධිපති විදියට රටේ අහවල් ******ද යකෝ කරන්න&#354

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
‘මං ජනාධිපති විදියට රටේ අහවල් ******ද යකෝ කරන්න&#354


‘මං ජනාධිපති විදියට රටේ අහවල් ******ද යකෝ කරන්නෙ එතකොට.. පළමු දිනයේම ජනපති ට‍්‍රම්ප්ට මල පනී..



ට්‍රම්ප් තම පළමු රාජකාරී දිනයට පිටත් වුණා..ඔහු තම පළමු රාජකාරිය වශයෙන් CIA හ FBI ප්‍රධානීන් ගෙන්නුවා…ට්‍රම්ප් ඔවුන් ඉදිරියේ බැරෑරැම් මුහුණක් මවාගත්තා..

ට්‍රම්ප් – අපි වහාම ISIS ත්‍රස්තයන් විනාශ කළ යුතුයි…කිසිම ප්‍රමාදයක් වෙන්න බැහැ..

CIA – අපිට ඒක කරන්න බෑ සර්..අපි තමයි තුර්කිය, කටාර්, සවුදිය සමග එකතුවෙලා ඔවුන්ව නිර්මාණය කළේ..ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කළොත් අපිට ඒ රටවල තෙල් සම්පතෙන් ලැබෙන ආධාර ටික නැතිවෙනව…

ට්‍රම්ප් – එහෙනම් පකිස්ථානෙට දෙන ආධර නවත්තපල්ලා…උන්ට ඉන්දියාව එක්කම ගණුදෙණු කරන්න කියපල්ලා..

CIA – අපිට ඒක කරන්න බෑ සර්..ඉන්දියාව බලුකිස්ථනයේ හා කාශ්මිරයේ බලය අල්ලගෙන අපෙන් ආයුධ ගන්න එක නවත්තාවි සර්..උන් ඊළගට ලෝක බලවතෙක් වෙන්න බලාවි..අපි හැමවෙලේම පකිස්ථානය ෆෝම් කළේ ඉන්දියාවෙ අවධානය ලෝකයෙන් ඈත් කරලා, පකිස්ථානය වෙත තියාගන්න තමයි…ඒ නිසා පකිස්ථානය ඇතුලෙ දැන් න්‍යෂ්ටික අවි නිපදවෙන්නෙත් නෑ..

ට්‍රම්ප් – අපි එහෙනම් සවුදිය ඇතුලෙ තියන මුස්ලිම් අන්තවාදී කුඩා ත්‍රස්ත කණ්ඩායම් විනාශ කරලා දාමු..

පෙන්ටගනය – ඒක කරන්න බෑ සර්..අපි ඔවුන්ව නිර්මාණය කළේ හේතුවක් නිසා.ඔවුන් ඉන්න නිසා තෙල් ලිං වල බලය සාමාන්‍ය මනුස්සය අතට යන්නෙ නෑ..අපි ඔවුන්ව මර්දනය කළොත් තෙල් ලිං ඔක්කොම සවුදියෙ සාමාන්‍ය ජනයා අත්පත්කර ගනීවි…

ට්‍රම්ප් – එහෙනම් ඉරානෙට ගහමු

පෙන්ටගනය – බෑ සර් ..අපි උන් එක්ක දැන් සාකච්ඡා කරලා තියෙන්නෙ.අපිට අපේ ඩ්‍රෝන් යාත්‍රා ටික උන්ගෙන් ගන්න අවශ්‍ය වෙනවා..අපි උන්ට ගැහුවොත් රැසියාව අපි එක්ක පැටලෙනවා..එහෙම වුණොත් සිරියාවට රැසියන් කාරයා ගහපු වගේ උන් ඉරානෙ ඇතුලෙ බලය අල්ලයි…

ට්‍රම්ප් – එහෙනම් ඇමරිකාව ඇතුලට මුස්ලිම් උන් එන එක නවත්වලා දාමු..

FBI – බෑ සර්.. එතකොට අපේ මිනිස්සු පාලනයෙන් තොර වෙලා බය නැති වෙනවා..මුස්ලිම් උන් නිසා අපේ උන් බයෙන් ජීවත් වෙන්නෙ…එතකොට උන් බය නැතුව එකතුවෙලා කැරලු ගහනවා පවතින රජයට විරැද්ධව ..

ට්‍රම්ප් – එහෙනම් අපි ධවල මන්දිරය ඇතුලේ ඉන්න ඇමරිකානු නොවන කම්කරැවොන්ගෙ වීසා කැන්සල් කරමු…

CIA – බෑ සර්..ඔබේ පෞද්ගලික වැඩ ඔක්කොම කරන්නෙ බැංගලෝර් වලින් ගෙනාපු ආයතන කම්කරැවන් පිරිසක්..ඔබ ඔවුන්ව එලෙව්වොත් අපිට කම්කරැවො නැති වෙනවා…
( ට්‍රම්ප් බලාපොරොත්තු රහිත වීමෙන් පුටුවට ඇද වැටේ….දිගු හුස්මක් ගනී.. )

ට්‍රම්ප් – මම ජනාධිපතිවරයා විදියට රටේ අහවල් *****ද යකෝ කරන්නෙ එතකොට..??

CIA – සර්…ඔයා මන්දිරේ සැප විදලා විනෝදෙන් ඉන්න…මේ වැඩ ටික පෙන්ටගනය, FBI, CIA බලාගනීවි… සුභ දවසක් සර්…….

– කාවින්ද ගමගේ FB
 
Last edited:
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒකට මෙහෙ ජනාධිපති මාරු වුනොත් මුලිංම හිරේ යන්නෙ හමුදාවෙ අය :sorry: :sorry:
 
  • Like
Reactions: Shaiman