‘මෙහෙම ගියොත් අපි ඉවරයි' - ගෝඨා කියයි !
‘ජනාධිපතිතුමාට කියන කිසිදෙයක් කණකට ගන්නෑ. මමයි චමල් අයියයි ඊයෙ පෙරේදා මන්දිරයටම ගිහිල්ලා හම්බවෙලා හැම එකක්ම එකින් එකට විස්තර කරල දුන්නා. කියන වෙලාවට හා කියනව. පස්සෙ කරන්නෙ වෙනින් එකක්. මේ යන විදිහට ගියොත් අපට පාරක තොටක බැහැල යන්නත් බැරිවෙයි. පිටරටකටවත් යන්න බෑනෙ. අන්තිමට අපි සේරටම වෙන්නෙ මූදෙ පනින්න විතරයි. ' යනුවෙන් ඉතා හැඟුම්බර විලාශයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සමීපතම මිතුරෙකුගේ නිවසේදී කඳුළු පිරි දෙනෙතින් පවසා තිබේ.
ආරක්ෂක ලේකම්වරයා එසේ පවසා තිබෙන්නේ මාතර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සාගල රත්නායක මහතාගේ වැඩිමහල් සොහොයුරා වන කාවන් රත්නායක මහතාගේ කොළඹ 07, ෆ්ලවර් රෝඩ් හි පිහිටි නිවසට පසුගියදා පැමිණි වෙලාවේදීය.
‘බැසිල් අයියයි නාමලුයි වැඩ එහෙම්පිටින්ම අවුල්කරගෙන. කැම්පේන් එක දැන් යෝෂිතයි රෝහිතයි බාර අරගෙන. වැඩවල කිසිම කෝඩිනේෂන් එකක් නෑ. මෛත්රී මගේ යාළුව නිසා මං ගැනත් ඒ ගොල්ලන්ට සැකයි වගේ. දැන් වටේ ඉන්න ඇමතිවරු මට විරුද්ධවත් කේලම් කියල. ජනාධිපතිතුමා රට යනකන් ඉදල මම මෛත්රීපාලට එන්න කියල පාවෙන වෙළඳසැල විවෘතකලා කියල. මෛත්රී කොහොමත් මගේ යාළුව තමයි. එයා අපට නැති වුනේ අපේ වැරදි නිසා. දැන් ඒ මිනිහට බැණල වැඩක් නෑ. අපේ වැරදි හදාගත්තෙ නැත්තන් අපි ඉවරයි' යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ මිතුරා වන කාවන් රත්නායක මහතා ඉදිරියේ දැඩි කලකිරීමකින් පවසා ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිත සැනසීම සඳහා කාවන් රත්නායක මහතා විවිධ දේ පවසා ඇතත් ඔහු ටිකවේලාවක් නිහඬව බලාසිට එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. අපගේ ආරංචි මාර්ග පවසන ආකාරයට මෙය විශාල පෙරළියක නිමිත්තක් විය හැක.