‘රජයට පක්‍ෂපාතීව කටයුතු කරනවා‘

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ‘රජයට පක්‍ෂපාතීව කටයුතු කරනවා‘

    ‘රජයට පක්‍ෂපාතීව කටයුතු කරනවා‘ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

    රටේ පවතින රජයට පක්‍ෂපාතීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැම විට කටයුතු කරන බවත් වෛද්‍යවරුන්ගේ සහ රෝගීන්ගේ සුබ සාධනය වෙනුවෙන් සිය සංගමය පෙනී සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඔව් GMOA විතරක් නෙවෙයි සෑම රට වැසියෙක්ම අනිවාර්යෙන්ම රජයට පක්ෂපාත විය යුතුයි.
    ඒත් ආණ්ඩුවට පක්ෂපාතද නැතිද යන්න වෙනත් කාරණාවක්
     
    Oct 30, 2014
    306
    9
    0
    රජයට පක්ෂපතිවීම සහ ආණ්ඩුවට පක්ෂපාති වීම කියන්නේ දෙකක් මං හිතන්නේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂකයෙක් සහ වෛද්‍ය සොර මුලක් එක්ව කෝටි ගණනක කොරියන් ආධාර ගසාකෑම හෙලිවේ: රජයේ දොස්තරලා රාජ්‍ය නොවන සංවිධාන හැදුවේ මැදමූලන නීතියටද?----
    එන්ජීඕ ලේකම් දොස්තර සක්විතිගේ බාප්පා වගේ හොරෙක්: සාක්කි සමග බඩු මාට්ටු------
    (ලංකා ඊ නිව්ස් -2013.දෙසැ.31, පෙ.ව.5.30) පසුගියදා රෝගීන්ගෙන් පලිගැනීමට දින 7 ක් පුරා පොදු රෝහලක් වසා ගිනස් වාර්තාවක් තබා තම ම්ලේච්ඡත්වය රටවැසියා හමුවේ පෙන්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සහ ඊට සම්බන්ධ වෛද්‍ය සොරුන් කණ්ඩායමක් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයකුද එක්වී හවුලේ මහා පරිමාණයෙන් කරගෙන යන විදේශාධාර ගසා කෑමක තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ලාල් පනාපිටිය සහ කපටි රජෙක් වන වෛද්‍ය ප්‍රියන්ත බණ්ඩාර නම් පුද්ගලයෙකුද ඔවුන්ගේ පවුල්වල උදවියද, තවත් රජයේ වෛද්‍යවරුන් හා ව්‍යාපාරිකයින් පිරිසක් ද එක්ව තායිවානයේ 'ත්සූ චි ෆවුන්ඩේෂන්' නම් බෞද්ධ සහන සේවා සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග නිවාරණය සඳහා රජය වෙත ප්‍රදානය කිරීමට නියමිත රුපියල් කෝටි 5 කට අධික මුදලක් පරිහරණය කිරීමට අතරමැදියන් වශයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් (ඇන්ජීඕවක්) 'සුව දිවි පදනම' නමින් පිහිටුවාගෙන ඇත.
    මෙහි ඇති බරපතලම කාරණය නම් රජයේ සේවයේ යෙදෙන වෛද්‍යවරුන් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යන්නේ කුමන නීතිමය පදනමක් මතද යන්නයි. නීතිමය පදනමටත් වඩා වැදගත් වන්නේ වෛද්‍ය වෘත්තිය වැනි පූජනීය වෘත්තියක් නිගරුවට ලක් කිරීමයි. රාජ්‍ය සේවයේ යෙදෙන්නෙකු රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගැනීමේ දී අනිවාර්යයෙන්ම ලබැඳියාවන් අතර ගැටුමකට පත්වීම වළකාලිය නොහැක. එනිසාම රජයේ සේවකයන් රාජ්‍ය නොවන සංවිධාන වල තනතුරු දැරීම නීතියෙන් තහනම් කර ඇත. ඒත් මොවුන්ට එම නීතිය ක්‍රියාත්මක වී නැත.
    මෙම නීති විරෝධී මහා වංචාවට පසුබිම් වන කථාව මෙසේය.
    දිසානායක මුදියන්සේලාගේ ප්‍රියන්ත සෙනරත් බණ්ඩාර, හෙවත් ප්‍රියන්ත බණ්ඩාර නැමැත්තා තායිවානයේ 'ත්සූ චි ෆවුන්ඩේෂන්' නම් බෞද්ධ සංවිධානය සමග සම්බන්ධතා ගොඩනගා ගන්නේ 2008 වසරේ සිටය. ඒ ඔහු බෝ නොවන රෝග (එන්සීඩී) නිවාරණය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන බව එම සංවිධානයට දන්වා ඒ සඳහා පර්යේෂන කිරීමට ආධාර කරන ලෙස හිඟමන් යැදීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ වනවිට ඔහු කෙළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අවසාන වසරේ ශිෂ්‍යයෙකි. එම සම්බන්ධතාවය මත ඔහුට වරින්වර විදේශ ආධාර හා විදේශ ගමන් බිමන් වරප්‍රසාද ලෙස ලැඛෙයි.
    2009-2010 කාලයේ සීමා වාසික වෛද්‍යවරයකු ලෙස පුහුණුවීම ලබන අතරේ ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ සේවා ස්ථානයේ අනුමැතියකින් තොරව වාර කිහිපයක්ම විදේශගත වෙයි. ඒ අනුව ඔහුගේ සීමාවාසික සේවය පිළිබඳ අධීක්ෂණය කරන විශේෂඥ වෛද්‍යවරයා ඔහු අදාළ පුහුණුව සම්පූර්ණ කල බවට සහතික කිරීම ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව ප්‍රියන්ත බණ්ඩාර වෛද්‍යවරයකු ලෙස රජයේ සේවයට එක්වීමට නොහැකි වීමේ අවදානමකට පත් වේ.
    ප්‍රියන්ත බණ්ඩාර මේ ඇබැද්දිය සෞඛ්‍ය අමාත්‍යංශයේ එවකට බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය වෙත දැනුම් දී උදව් ඉල්ලයි. (ඒ සඳහා යැවූ ඊමේල් පණිවුඩය මේ සමග ඇත.) ඒ අනුව වෛද්‍ය ලාල් පනාපිටිය විසින් ප්‍රියන්ත බණ්ඩාරගේ සීමාවාසික සේවය අධීක්ෂණය කළ විශේෂඥ වෛද්‍යවරයාට බලපෑම් කොට පුහුණුව සම්පූර්ණ කළ බවට සහතිකය ලබාදේ. ඊට ප්‍රති උපකාර ලෙස ප්‍රියන්ත බණ්ඩාරගෙන් වෛද්‍ය පනාපිටියට ලැඛෙනුයේ විදේශ සංචාරයකි.
    පසුව වෛද්‍ය පනාපිටියද 'ත්සූ චි ෆවුන්ඩේෂන්' වෙත හඳුන්වාදෙන ප්‍රියන්ත බණ්ඩාර ලංකාවේ බෝ නොවන රෝග මර්දනය පිණිස වෛද්‍ය පනාපිටිය දක්වන දායකත්වය අතිශයෝක්තියෙන් වර්ණනා කරයි. එයින් පැහැදෙන 'ත්සූ චි ෆවුන්ඩේෂන්' නියෝජිතයන් ලංකාවේ බෝ නොවන රෝග වැලැක්වීමේ ක්‍රියාවලියකට ආධාර කිරීමට එකඟ වේ.
    මෙම කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙස ක්‍රියා කළේ වෛද්‍ය රංජිත් රුබේරුය. මෙම වංචාව ඔහුගේ අනුදැනුම ඇතිව ආරම්භ වූවාද යන්න අපැහැදිළිය. ඔහු එතරම්ම වගකීම් විරහිත ලෙස ක්‍රියා කරන, තමා වෙත එවන ඕනෑම ලිපියකට අත්සන් කරන වර්ගයේ ලේකම් වරයෙක් නිසාය.
    සාකච්ඡා වට කිහිපයක්ම වෛද්‍ය ලාල් පනාපිටිය සමග පවත්වන්නේ 'ත්සූ චි ෆවුන්ඩේෂන්' හි 'ඩේඩිඩ් ලියූ' නැමැත්තෙකි.මෙම ආධාර පරිහරණය සඳහා වෛද්‍ය ලාල් පනාපිටිය දක්වන අසීමිත උනන්දුව ගැන සැක කරන 'ඩේවිඩ් ලියූ' ඔහු ගැන වැඩිදුර තොරතුරු සොයා බලයි. ඒ අනුව අනාවරණය වන්නේ වෛද්‍ය ලාල් පනාපිටිය තව දුරටත් බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂ නොව වෛද්‍ය සේවා අංශයේ (සෞඛ්‍ය සේවාවන්හි පත්වීම් හා ස්ථාන මාරු පිළිබඳ) අධ්‍යක්ෂ වරයා බවයි.
    ඒ අනුව විශ්වාසය බිඳවැටීම හේතුවෙන් 'ත්සූ චි ෆවුන්ඩේෂන්' වෙතින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දීමට යෝජිත ආධාර පිළිබඳ ගිවිසුම අත්සන් කළ නොහැකි බව 'ඩේවිඩ් ලියු' විසින් ප්‍රියන්ත බණ්ඩාරට දන්වයි.
    කලබලයට පත්වන පි්‍රයන්ත බණ්ඩාර වෛද්‍ය පනාපිටියගේ අවංකභාවය හා බෝ නොවන රෝග නිවාරණය පිළිබඳ කැපවීම වර්ණනාකර නැවතත් 'ත්සූ චි ෆවුන්ඩේෂන්' සමග එකඟතාවයකට පත්වන්නේ වෛද්‍ය පනාපිටියගේ කැපවීම අදාළ ආධාර ලබාගැනීමට පෙර ඔප්පුකර පෙන්වන බවට පොරොන්දුවක් පිටය.
    ඒ අනුව වෛද්‍ය පනාපිටිය හා ප්‍රියන්ත බණ්ඩාර සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් වෛද්‍යවරුන් හා නිලධාරීන් පිරිසකුත් එක්ව පුණ්‍යායතනයක් පිහිටුවාගෙන එමගින් ජනතාවට සුළු ආධාර කර එම තොරතුරු 'ත්සූ චි ෆවුන්ඩේෂන්' වෙත ඉදිරිපත් කර ඔවුන් රවටා විදේශ ආධාර ලබාගැනීමට තීරණය කරති.
    මේ අතරතුර ප්‍රියන්ත බන්ඩාරට පශ්චාත් සීමා වාසික පත්වීම ලැඛෙනුයේ මොණරාගල මහ රෝහලටය. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේ හොර ජාවාරම කරගෙන යාමේ අවශ්‍යතාවය මත වෛද්‍ය ලාල් පනාපිටියගේ පූර්ණ අනුග්‍රහයෙන් ප්‍රියන්ත බණ්ඩාර මොණරාගල රෝහලේ සේවයට වාර්තා නොකර සිටියි. එහෙත් ඔහු සේවයට වාර්තා නොකළහොත් වැඩ වර්ජනයක් දියත් කරන බවට මොණරාගල රෝහලේ වෛද්‍යවරුන් අනතුරු ඇඟවීම නිසා ප්‍රියන්ත බණ්ඩාර මොණරාගල රෝහලේ සේවයට වාර්තා කරයි. මොණරාගල සිටින අතරතුර ඔහු දිගින් දිගටම වෛද්‍ය පනාපිටිය හා 'ත්සූ චි ෆවුන්ඩේෂන්' සමග සම්බන්ධතා නොකඩවා පවත්වා ගනී.
    මොණරාගල ප්‍රදේශයේ දුප්පත් ජනතාව අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ආධාර නොමිලේ ලබාදීමේ මුවාවෙන් ප්‍රියන්ත බණ්ඩාර මොණරාගල රෝහල තුළ 'සුකර්ම පදනම' නමින් පුණ්‍යාධාර සංවිධානයක් පිහිටුවාගෙන දේශීය හා විදේශීය ආධාර එක් රැස් කරයි. එහි අනුශාසකත්වයට පත් කරගන්නේ මොණරාගල මහ මෙවුනා භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමකි. සභාපති තනතුරට පත්කර ගන්නේ මොණරාගල රෝහලේ එවකට සිටි විශේෂඥ වෛද්‍යවරයෙකි. ප්‍රියන්ත බණ්ඩාර ලේකම් තනතුර දරයි. මෙම 'සුකර්ම' පදනමෙන් මුදල් රැස් කිරීම හැර එදා මෙදාතුර කිසිදු රෝගියකුට ආධාර කර නැත. එසේ ආධාර කළා නම් ඔප්පු කරන ලෙස අභියෝග කළ හැකිය. කිසිදු රෝගියෙකුට ආධාර නොකළද මෙම සුකර්ම පදනම වෛද්‍ය ලාල් පනාපිටියගේ මග පෙන්වීමෙන් මෙහෙයවන පුණ්‍යායතනයක් බව ප්‍රියන්ත බණ්ඩාර විසින් 'ත්සූ චි ෆවුන්ඩේෂන්' වෙත අසත්‍ය කියා වෛද්‍ය පනාපිටියට ලකුණු දමයි.
    අවසානයේදී අදාළ ආධාර ලබාදීමට 'ත්සූ චි ෆවුන්ඩේෂන්' නියෝජිතයෝ එකඟ වෙති.
    ඒ අනුව වෛද්‍ය ලාල් පනාපිටියගේ සභාපතිත්වයෙන් 'සුවදිවි පදනම' හෙවත් 'හෙල්දි ලයිෆ් ෆවුන්ඩේෂන්' නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා එය ලහි ලහියේ රජයේ ලියාපදිංචි කරයි. මෙම සංවිධානයේ ලේකම් ලෙස ප්‍රියන්ත බණ්ඩාර ක්‍රියාකරයි. සම සංස්කාරක වනුයේ වෛද්‍ය ලාල් පනාපිටියගේ බිරිඳ වන වෛද්‍ය හසන්ති ජයලත්ය. තොරතුරු තාක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ඇගේ සහොදරයකු වන ජානක ජයලත් නැමැත්තාය. නීති නිලධාරියා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ලාල් පනාපිටියගේ ඥාතියකු වන අතුල පනාපිටිය නැමැත්තාය. මීට අමතරව ප්‍රියන්ත බණ්ඩාරගේ බිරිඳ වන අමාලි බණ්ඩාර මෙහි සම්පත් ප්‍රවර්ධකයෙක් වශයෙන් පෙනී සිටී. මෙය සම්පූර්ණයෙන්ම හොරුන් කල්ලියක් විසින් ව්‍යාජව අටවා ගන්නා පදනමක් බව මෙයින් තහවුරු වේ. 'සුවදිවි පදනම' වෙනුවෙන් ලබාගැනීමට අපේක්ෂික විදේශ ආධාර මුදල රුපියල් කෝටි 5 කි. මෙම මුදල 'ත්සූ චි ෆවුන්ඩේෂන්' වෙතින් ලබාගැනීමට නියමිත ය. තවත් රුපියල් කෝටියක මුදලක් දේශීය ආධාර වශයෙන් රැස්කිරීමට නියමිතය. (මෙම පදනම ලියාපදිංචියට අදාළ ලියවිලි මේ සමග ඇත. මෙම හොර ව්‍යාපාරයේ තවත් හවුල්කරුවන් හා වැඩි විස්තර එහි සඳහන්ය.)
    මෙම හොර ව්‍යාපෘතියට බැසිල් රාජපක්ෂ නම් සුප්‍රකට හොරාවද සම්බන්ධ කරගනී. ඒ ධනුෂ්ක කීර්තිරත්න නම් පුද්ගලයකු මගිනි. ඔහු මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පෙනී සිටියි. බැසිල් සම්බන්ධ කර ගැනීම සඳහා මෙම ව්‍යාපාරය 'සුව නැගුම' නමින් හැඳින්වීමට ප්‍රියන්ත බණ්ඩාර කටයුතු කරයි. (ඒ සඳහා ලෝගෝ නිර්මාණය කර ගැනීමට යැවූ ඊමේල් පණිවුඩට මෙහි දක්වා ඇත. එමගින් මොවුන්ගේ වංචනික ස්වරූපය මොනවට තහවුරු වේ.)
    මෙම ව්‍යාපෘතියට ප්‍රියන්ත බණ්ඩාර විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හවුල් කරගනී. ඒ අරමුණු දෙකක් ඉටුකරගැනීමටය. එනම් මොණරාගල මහ රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නීති විරෝධී අයුරින් ස්ථාන මාරුවක් සකස් කරගැනීමට හා තම හොර ව්‍යාපෘතියට වෘත්තීය සමිතියේ ආරක්ෂාව ලබාගැනීම සඳහා ය.
    ඒ සඳහා ඔහු කුප්‍රකට වංචනිකයෙක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය වෙත ළං වීමට උත්සාහ කරයි. පසුගිය ජුනි මස පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයේදී ඔහු වෛද්‍ය පාදෙණිය වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කරයි. එම නිලවරණයේදී වෛද්‍ය පාදෙනිය වෙනුවෙන් සියළු ලියවිලි හා අත් පත්‍රිකා මුද්‍රණ කටයුතු කළේ ප්‍රියන්ත බණ්ඩාර විසිනි.
    නිලවරණය ජයගැනීමෙන් පසු වෛද්‍ය පාදෙනිය ඔහුට කළගුණ සලකන්නේ ජාතික අවශ්‍යතාවයක් මත ක්ෂණිකව ඔහු සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට බලපෑම් කිරීමෙනි. ඒ අනුව මොණරාගල සිට කොළඹට පැමිණෙන ප්‍රියන්ත බණ්ඩාර තම ව්‍යාපාර සඳහා හවුල්කරුවකු ලෙස වෛද්‍ය පාදෙනියද එකතුකර ගනී. හොරු එක අත්තේ වසති.
    වෛද්‍ය පාදෙනිය සමග හවුල් වීමට පෙර සිට ප්‍රියන්ත බණ්ඩාර තම හොර ව්‍යාපෘතියේ ප්‍රචාරණය සඳහා පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමි සභාපතිත්වය දරන 'රංගිරි' ගුවන් විදුලි නාලිකාවත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සභාපතිත්වය දරණ 'ශ්‍රද්ධා' මාධ්‍ය ජාලයත් රවටා ගනී. වෛද්‍ය පාදෙනිය සමග හවුල් වීමෙන් පසු ඒ සඳහා පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි සභාපතිත්වය දරණ 'බෞද්ධයා' නාලිකාවත් රවටාගෙන ඇත. රටේ කැපී පෙනෙන චරිතයක් වීමේ විකෘති උන්නති කාමයෙන් පෙළෙන වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සියුම් ලෙස මෙහෙයවන්නේ දැන් ප්‍රියන්ත බණ්ඩාර විසිනි.
    පසුගිය කාලයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උඩ දමමින් කෑගැසූ එහෙත් අවසානයේ ගැසූ ඛෙරයකුත් ඛෙරේ පළුවකුත් නැති කිරිපිටි වල ඩීසීඩී ඇතැයි නිර්මාණය කළ ප්‍රශ්නය එම සියුම් මෙහෙයුමේ ආරම්භයයි. 'බෞද්ධයා' නාලිකා පරිශ්‍රයේ ආරම්භ කළ 'සෙත් සුව මැදුර' නම් මාරකැට්ටුව රටේ ජනාධිපති අතින් විවෘත කරවාගැනීමද එම මෙහෙයවීමේ කූඨ ප්‍රාප්තියකි.
    ප්‍රියන්ත බණ්ඩාර විසින් මෙම සියළු තොරතුරු 'ත්සූ චි ෆවුන්ඩේෂන්' වෙත දැනුම් දෙන්නේ ඔහු විසින් කරන සමාජ සත්කාරයන් බව පෙන්වමිනි. ඒ අනුව දැනට ලැඛෙන රුපියල් කෝටි 5 ට අමතරව තවත් සුවිශාල ආධාර ප්‍රමාණයක් තම 'සුවදිවි පදනම' (බැසිල්ට යන විට 'සුව නැගුම') වෙත ඇදගැනීම ඔහුගේ බලාපොරොත්තුවයි.
    බුද්ධිමත් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් අපි පහත සඳහන් ප්‍රශ්න අසමු.

    1. රාජ්‍ය සේවකයන් ලෙස කටයුතු කරන වෛද්‍ය පාදෙනිය, වෛද්‍ය ලාල් පනාපිටිය, වෛද්‍ය ප්‍රියන්ත බණ්ඩාර ඇතුළු පිරිසට රටේ බෝ නොවන රෝග නිවාරණය ගැන සැබෑ කැක්කුමක් ඇත්නම් අදාළ ආධාර සෘජුවම සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාගත හැකිව තිබියදී අතරමැදි රාජ්‍ය නොවන සංවිධානයක් ලහි ලහියේ පිහිටුවා ගත්තේ ඇයි? (රජයේ සේවකයන් රාජ්‍ය නොවන සංවිධාන වල තනතුරු දැරීම නීතියෙන් තහනම් කර ඇති බව යලිදු මතක් කරමු)

    2. මෙම හොර නීති විරෝධී ව්‍යාපාරය රටේ ජනාධිපති, සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම මත ක්‍රියාත්මක වන්නක් ද? එසේ වන්නේ නම් ඒ සඳහා රටේ පවතින නීතිය වෙනස් කෙළේ කවදා ද?
    3. එසේ නොවන්නේ නම් වහාම මෙම හොර ඇන්ජීඕව තහනම් කර හවුල් කරුවන්ගෙන් ප්‍රශ්න කර සැබෑ තත්වය රටට හෙළි නොකරන්නේ ඇයි?

    4. මෙම හොර ගනුදෙනු දිගින් දිගටම වසන් කරගෙන සිටීම වෙනුවෙන් ප්‍රියන්ත බණ්ඩාර විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලොක්කන් ඇතුළු නිලධාරීන්ටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුළු නිලධාරීන්ටත් දුන් සන්තෝසම් හා විදේශ සංචාර ඇතුළු වරදාන මොනවාද?

    5. රටේ සෞඛ්‍ය සේවය සුරැකීමට සම්මාදම් වන ඉහළම ආයතන දෙක එනම් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙවැනි මහා පරිමාණ වංචාවන්ට අනුබල දේ නම් මහජනතාවගේ සෞඛ්‍ය සේවයට කාගේ පිහිටද?
    දූෂණයට අදාල සාක්ෂි අපැහැදිලි නම් ලංකා ඊ නිව්ස් වෙඩ් අඩවියෙන් කියැවිය හැක Link -

    http://142.4.27.83/Sinhala/news.php?id=23969
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    1488219_643483905716778_788981059_n.jpg
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    Ane.. leddu merenakota strike karana kattiya.. ratatai minissuntai adarema kattiya..

    මහත්තයො.. පුලුවන්නම් කියනවද මෑත කාලයෙ කවද්ද වෛද්‍යවරු ස්ට්‍රයික් කලේ කියලා.??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රජයේ නිලධාරීන් හැමෝම පවතින රජයට පක්ෂපාතීව වැඩ කරන්න බැඳලා ඉන්නවා.
    ඒ අය ආණුඩුවට පක්ෂපාතී කියලා වත් මහින්දට පක්ෂපාතී කියලාවත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ.

    දන්නෙ නැත්තං මැතිවරණ කොමසාරිස්ගෙන්ම ඉගනගන්න :P

     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබේ පුක ඉතින් කොහෙට පස්ස පාතීද කියල පෙනවා නේ ඉතින් උබට නින්ද යන්නේ නැති හේතුව පැහැදිලි නේ පවුල ගූ බලකායට දීලනේ තියෙන්නේ නේ ද?

    :lol:

     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    පැටියා;17441945 said:
    රජයේ නිලධාරීන් හැමෝම පවතින රජයට පක්ෂපාතීව වැඩ කරන්න බැඳලා ඉන්නවා.
    ඒ අය ආණුඩුවට පක්ෂපාතී කියලා වත් මහින්දට පක්ෂපාතී කියලාවත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ.

    දන්නෙ නැත්තං මැතිවරණ කොමසාරිස්ගෙන්ම ඉගනගන්න :P



    ප්‍රවේශමෙන්.! මෙන්න මැකෝගේ අතීත ජිල්මාට්.. !


    ලක්බිමේ මුල්පිටුවෙ පොකට් කාටුනය අඳින එම්.ඩී.වීරරත්න නොවැම්බර් 27 වැනිදා සිය ‘මරිසිපාලයන්’ ලව්වා විශාල කතාවක් මතු කර ඇත. මරිසිපාලගේ බිරිඳ මෙසේ කියයි.

    ‘මැකෝ කියනවා ජනාධිපතිවරණ දින තීරණය එයාගෙලු’

    එවිට මරිසිපාල මෙසේ අසයි.

    ‘එතකොට යෝජනාව කාගෙද?’

    මේ කාටුනයෙන් මතුවන සමස්ථ අදහස විශාල එකකි. ඒ නම් වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු ම ඡන්දදායකයන්ට ‘බබා’ දාන්නේ ය යන්නයි. ප්‍රසිද්ධ රහස් ගැන ඔහු අදහස් ප්‍රකාශකරන්නේ නැතිව හිටියා නම් ගැටළුවක් පැන නැඟෙන්නේ නැත. නමුත් මෙසේ ඉදිරියට පැන අදහස් ප්‍රකාශ කිරීම විසින් ‍ඔහුගේ සමස්ථ භාවිතය ගැනම සැකයක් උපදියි. තමන් සේවය කරන්නේ ආණ්ඩුවට නොවන බවත් තමන් රජයේ සේවකයකු බවටත් ප්‍රකාශ කිරීම හාස්‍ය උපදවයි. ඔහු රාජ්‍යය සහ ආණ්ඩුව අතර වන දේශපාලිනික න්‍යායික අදහස සමාජයට කියන්නට වෙර දරයි. රජය රැකගැනීමට නම් දිවි හිමියෙන් කටයුතු කරන්නට ඔහු පේවී සිටින බවද පවසන ඔහු මේ පුන පුනා කීමට උත්සාහ කරන්නේ තමන් ඉතාම ස්වාධීනව කටයුතු කරන රාජ්‍ය නිලධාරියකු බවයි. හාස්‍ය උපදින්නේ ඔහු ලංකාවේ මැතිවරණකොමසාරිස්වරයා නිසයි.

    අනෙක් පසින් මේ හාස්‍යයේම ඌණපූරණයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මෙම ජනාධිපතිවරණය නිලවශයෙන් කැඳවන්නට පෙරම කී ප්‍රකාශයක සඳහන් විය. ඔහු කීවේ ‘කොම්පියුටර් ජිල්මාට් දමා’ හරි මේ ඡන්දය දිනන බවය. ජනාධිපතිවරයා මේ බැව් කිවේ තමන්ගේ කතාව අසා සිටි ප්‍රේක්ෂාගාරයට හාස්‍ය රසයෙන් පිනවන්නට මෙන්ය. නමුත් හැම හාස්‍යක් තුළම ඇත්ත කිසියම් ප්‍රතිශතයක් ඇති බව හැම කෙනෙක්ම අසා තිබෙන්නට පුළුවන්ය. මෙහිදී මෙම ප්‍රතිශතය ඉතාම ඉහළ අගයක් ගන්නට ඇති ඉඩකඩ පෙන්වා දීමට අප මෙහිදී උත්සාහ කරන්නේ මහින්ද දේශප්‍රිය නම් වන මැතිවරණ කොමසාරිස්වරයාට තමන්ගේ ඉතිහාසය මතක් කර දීමට ය. එසේ කරන්නට අපට සිදුවන්නේ ඔහුගේ මේ විකාරසහගත හැසීරීම නිසාය.

    ඵ් අනූව දශකයේ අගභාගයයි. ගාල්ලේ බහුතරයකගේ කැමැත්ත වූයේ ඵදා ගාලු මහජන කී‍්‍රඬාංගණය එතෙක් පැවති ආකාරයටම ඉදිරියටත් පවතිනවා දැකීමය. නමුත් ඵ් බහුතරයකගේ කැමැත්තට පයින් ගසා ගාලු මහජන කී‍්‍රඬාංගණය ශී‍්‍රලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයට කුමන්ත‍්‍රණකාරී ලෙස පවා දීමට සෘජුවම හවුල් වූවේ කවුදැයි දැන් කාටත් මතක නැත. ගාලු ජනතාවටත්, පාසල් දරු දැරියන්ටත් මහජන කී‍්‍රඬාංගණයේ දොරටු වැසුණි. මේ කුප‍්‍රකට ගනුදෙනුව පිටුපස සිටි ප‍්‍රධානතම චරිතයක් වූයේ එවකට ගාලු ක‍්‍රිකට් සමාජයේ සභාපති, වර්තමාන ශී‍්‍ර ලංකා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය ය. සාධාරණත්වයත්, විශිෂ්ඨත්වයත් එකවිට සාක්‍ෂාත් කළ නොහැක, යනුවෙන් පවසමින් ඔහු එම කුපාඩි ක‍්‍රියාවලිය සාධාරණීකරණය කලේය. ඔහු විශාල මුදල් ගණු දෙනුවක හවුල් කරුවෙකු වෙමින් විශිෂ්ඨ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියක් තැනුවේය. නමුත් ජනතාවගේ අයිතියට, සාධාරණත්වයට පයින් ගැසුවේය.

    මාගේ මතකයේ හැටියට ඒ ද අනූව දශකයේ අග පැවති දකුණු පළාත් සභා මැතිවරණයකි. එදා ගාල්ලේ දේශපාලන බලවතා වූ රිචඩ් පතිරණගේ චක්ගෝලයෙකු වූ කේ.පී.අමරපාල ද ඵහි අපේක්‍ෂකයෙකු විය. ඇමති රිචඞ් ට අවශ්‍ය වූයේ කෙසේ හෝ අමරපාලට පළාත් සභා මන්ත‍්‍රීධූරයක් ලබා දීමයි. රිචඩ්ගේ උවමනාව එවකට ගාල්ලේ සහකාර මැතිවරණ කොමසාරිස් වූ මහින්ද දේශප‍්‍රිය ඉටුකර දුන්නේය. ඒ පලමු වතාවට කොම්පියුටර් ජිල්මාට්ටුවක් අත්හදා බලමින්ය. අනතුරුව ගාල්ලේ ජනතාව අමරපාල හැඳින්වූයේ ‘කොම්පියුටර් පළා බබා’ යනුවෙනි. දැන් ඒවා කාටත් මතක නැත්තේ ඇයිදැයි මට නම් හරිම ප්‍රශ්නයකි.

    වර්තමාන දකුණු පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වන යූ.ජී.ඩී. ආරියතිලක එදා අප‍්‍රසිද්ධියේ මහින්ද දේශප‍්‍රියට චෝදනා කරමින් පැවසූයේ මනාප ඡන්ද ගණන් කිරීමෙන් පසු දෙවන ස්ථානයේ සිටි තමාව පසුපසට ඇද දැම්මේ මහින්ද දේශප‍්‍රිය විසින් බවය. ඒ සිද්ධිය අද ඔහුට පවා අමතකව තිබීම පුදුමයකි. ඔහුගේ චෝදනාව වූයේ තමාට ලැබුණු මනාප ඡන්ද අමරපාලට ලබාදෙන්නට මහින්ද ක්‍රියා කළාය යන්නයි. එසේම එම මැතිවරණයේදීම කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් පොදු පෙරමුණෙන් තරග‍ වැදුණු වාමාංශික අපේක්‍ෂක ඒ.ජී.සී. පියසිරි තමන්ට මන්ත‍්‍රීධූරයක් නොලැබුණේද මහින්ද දේශප‍්‍රියගේ මෙම ,කොම්පියුටර් ජිල්මාට්ටුව, නිසා යැයිද ඔහුම තැන තැන ප්‍රකාශ කළ බව දැන් ඔහුටද අමතකය. මේ චෝදනාවන්ට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රියගේ පිළිතුර වූයේ සුපුරුදු විකාර සහගත මෙගා සිනහවය. නැතිනම් ‘එහෙම කරන්නේ කොහොමද බං?‘ යයි ප‍්‍රශ්ණය ඇසූ එකාගෙන්ම ඇසීමය.

    මෙම ලියුම් කරුගේ මතය නම් මහින්ද දේශප‍්‍රිය ප‍්‍රථම වතාවට සාර්ථකව කොම්පියුටර් ජිල්මාට්ටුවක් අත්හදා බැලුයේ මෙම දකුණු පළාත් සභා මැතිවරණයේදී බවයි. ඵම මැතිවරණයේදී පොදු පෙරමුණෙන් තරඟ වැදුණු සියලු සියලු අපේක්‍ෂකයින්ගේ හෘද සාක්‍ෂිය ඊට සාක්‍ෂි දරණවා නියතය.

    මහින්ද දේශප‍්‍රියගේ විශිෂ්ඨත්වයත්, සාධාරණත්වයත් පිළිබඳව මීළඟ කථාව එන්නේ 1999 ජනාධිපතිවරණයෙන්ය. හොර ජන්ද පත‍්‍රිකා මුද්‍රණය කර ඡන්ද පෙට්ටි මාරු කිරීමට ඇති සූදානමක් පිළිබඳව මැතිවරණ නිරීක්‍ෂකයින්ගේ අවධානය යොමුව තිබුණි. ඡන්ද කොල්ලය සඳහා ආණ්ඩුව මූලිකවම වගකීම් පවරා තිබුණේ දිස්ති‍්‍රක් සමෟද්ධි කළමනාකරුවන්ටය. පසු කාලයකදී එවකට ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ එස්.බී.දිසානායක පවසා සිටියේ තමන් කෙලී සේනානායකට අයත් මුද්‍රණාලයක හොර ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කර රට පුරා බෙදා හැරිය බවයි. ඡන්ද කොල්ලය අතටම අසුවූයේ බෙලිඅත්තෙන්ය. එහි යැවූ හොර ඡන්ද පත‍්‍රිකා අතපසු වීමකින් නියම ඡන්ද පත‍්‍රිකාවේ ප‍්‍රමාණයට කපා නොතිබුණි. එජාප ඡන්ද ගණන් කිරීමේ නිළධාරියෙකුව සිටි නීතිඥයෙකුට මේවා අසුවිය.

    නමුත් ගාල්ලේදී මහින්ද දේශප‍්‍රිය තම රාජකාරිය අකුරටම ක‍්‍රියාවට නැංවූ බවට සැක නැත. මැතිවරණය අවසන්වී දින කීපයකට පසු ඔහුගේ කාර්යාලය පිටුපස හොර රහසේම ඡන්ද පත‍්‍රිකා විශාල ප‍්‍රමාණයක් ගිනි තැබුවේය. එවකට ගාල්ල දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන විසින් මීට අදාල සියලු කාරණා හෙළිදරව් කරගනු ලැබූවත් ඉන් කිසිදු ප‍්‍රථිපලයක් අත්නොවීය. චන්ද්‍රිකා බණ්ඞාරනායක කුමාරතුංග රජය නොපමාව මහින්ද දේශප‍්‍රියට කළගුණ සැලකූයේ ඔහු රාජගිරීයේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා ලෙසට පත් කිරීමෙන්ය.

    මහින්ද දේශප‍්‍රිය යනු මේ වන විට ශ‍්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිළධාරියෙකි. ඡන්දයක් ප‍්‍රකාශයට පත් කිරීමේ සිට අවසන් ඡන්ද ප‍්‍රථිපල නිකුත් කිරීම දක්වා වූ සියලු කාර්යන් ඔහුට කජු කනවා වැනිය. අවසන් ඡන්ද ප‍්‍රථිපලයක් තමන්ට අවශ්‍ය ලෙස සූක්‍ෂමව වෙනස් කිරීමට ඔහු අමරපාලට, අත්හදා බැලූ ක‍්‍රමවේදය මේ වන විට වැඩි දියුණු කර තිබෙනවා යන්න තර්කානුකූල ඇත්තක්ය. ඔහු එතරම්ම ,මාස්ටර් බ්රේන්, චරිතයක් බව මෙම ලියුම්කරු ඉතාම හොඳින් දන්නා කාරණාවකි. 2010 ජනාධිපතිවරණයේදීත්, පසුගියදා අවසන් වූ ඌව පළාත් සභා මැතිවරණයේදීත් යම් ප‍්‍රදේශයන්හි සහ අවසාන ප‍්‍රතිපලයන්හි ඇදහිය නොහැකි ප‍්‍රතිපලයන්ගෙන් පෙන්නුම් කරනුයේ ජිල්මාට්ටු දැමීමේදී තවමත් ඔහුට සුළු සුළු අත්වැරදීම් සිදුවන බවය.

    මෙම ජිල්මාට් කථාව රට පුරා ප‍්‍රචලිතවීමත් සමගම රාජපක්‍ෂ රෙජීමයත්, මහින්ද දේශප‍්‍රියත් නොසිතූ ගැටළුවකට මුහුණ දුන්හ. ජිල්මාට් දමා අවසන් ජන්ද ප‍්‍රතිපලය වෙනස් කළ හැකි නම් ඡන්දය දැමීම සඳහා ජන්ද පොළට යාම නිරර්ථක ක‍්‍රියාවක් ලෙසට ඡන්දදායකයින් කල්පනා කිරීමය. 2010 ජනාධිපතිවරණයේ සිට පසුගිය දා අවසන් වූ බස්නාහිර, දකුණ පළාත් සභා මැතිවරණයන් දක්වා වූ මැතිවරණයන්ගේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබුණේ මේ නිසාය.

    මෙම ලියුම්කරුගේ මතය අනුව ජිල්මාට්ටුවක් තිතටම ක‍්‍රියාත්මක කිරීමට නම් උපරිම ඡන්ද ප‍්‍රතිශතයක් ප‍්‍රකාශයට පත් වී තිබිය යුතුය. තමන්ට අවශ්‍යය ලෙසට ඡන්ද එහාට මෙහාට කළ හැකිවන්නේ එවිටය. මේ නිසා ඡන්දපොළ විශ්වාසය බිඳ වැටී සිටි ඡන්දදායකයා නැවත එහි ගෙන්වීමට රාජපක්‍ෂ රෙජීමයත්, මහින්ද දේශප‍්‍රියත් උපක්‍රමශීලීව පසුගිය ඌව පළාත් සභා මැතිවරණය යොදාගත් බව මේ ලියුම්කරුගේ මතය යි.

    ඌව පළාත් සභා මැතිවරණය ප‍්‍රකාශ කළ දා පටන්ම මහින්ද දේශප‍්‍රිය මතුරන්නට වූයේ ඡන්දය දා උදයේම ඡන්ද පොළට පැමිණ ඡන්දය ප‍්‍රකාශ කරන ලෙසටයි. ජිල්මාට් කථා බොරු බවත්, ඔබේ රහස් ඡන්දය කිසිවෙකුටත් බැලිය නොහැකි යයිද ඔහු පුන පුනා ප‍්‍රකාශ කලේය. අවසානයේ සාධාරණ ඡන්දයක් පැවතියේ නම් බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් අන්ත පරාජයකට පත් වීමට නියමිතව සිටි රජය යාන්තමින් ගොඞදමා දීමට ඔහු සමත් විය. නමුත් මෙය අහම්බයක් නොවීය. ආණ්ඩුව යාන්තමින් ගොඩ දැමීම තුළ ඔවුන්ගේ තවත් බලාපොරොත්තුවක් විය. ඵනම් මීළඟ ජනාධිපතිවරණයේදී රජය පරාජයට පත් කළ හැකි යයි උද්යෝගයක් ජනතාව තුළ ඇති කිරීම තුළින් ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණය ඉහළ දමා ගැනීමයි.

    බැලූ බැල්මට මෙය මහා විකාර කථාවකි. නමුත් මේ කතා කරන්නේ ඡන්ද ජිල්මාට් ගැනය.

    කොම්පියුටර් ඊට අදාල වන්නේ ගණන් හිලව් ඇහැට පෙනෙන තැන එය බවට පත්වීම නිසාය. මෙය හිතලුවක්ම පමණක් නොවේ. මන්ද මෙය ජිල්මාට් ගැන කතාවක් වන නිසාය. එබැවින් අවධානයෙන් සිටින්න. මහින්ද දේශප‍්‍රියගේ කොම්පියුටර් ජිල්මාට්ටුවට අවශ්‍ය විශාල ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයකි. එය ඔහුගේ ජිල්මාට්ටුව අවශ්‍ය ලෙස හසුරුවා ගැනීම පහසු කරවන නිසාවෙනි. 2010 ජනාධිපතිවරණයේදී ඡන්ද ප‍්‍රතිපල නිකුත් කරමින් සිටියදී හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක සැළකිය යුතු කාළ සීමාවකට අතුරුදහන් වීමත්, එම කාළය තුළදී සමස්ථ ප‍්‍රතිපල නිකුත් කිරීමේ කටයුතු මහින්ද දේශප‍්‍රිය විසින් පවරා ගැනීමත්, අනතුරුව දයානන්ද දිශානායකට ආතතිය ඇතිවීමත් සැහැල්ලුවෙන් සැලකිය යුතු කාරණා නොවන්නේය.

    එබැවින් මෙම ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. සෑම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම (ආසන මට්ටමින්) ලැබෙන සියලූම දත්ත (අවසාන ස්වාධීන අපේක්‍ෂකයා දක්වාම) සටහන්ගත කිරීම තුළින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය ගෙනයන ක‍්‍රියාවලියට සාපේක්‍ෂව විකල්ප ඡන්ද ගණන් කිරීමේ ක‍්‍රියාවලියක් පවත්වාගෙන යාමට විපක්‍ෂය අපොහොසත් වූවොත් මේ මහින්ද සිටින තුරු ඒ මහින්දත්, ඒ මහින්ද සිටින මේ මහින්දත් සදාකාලිකවම බලයේ සිටිනවා නියතය.

    මහින්ද දේශප‍්‍රිය යනු කවරෙක්දැයි තවදුරටත් පැහැදීමට තවත් එක් කථාවක් මෙහි සටහන් කළ යුතුමය.

    මේ 2000 දශකයේ මුල ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාළක මණ්ඞලයේ පැවති නිලවරණයකි. අපේක්‍ෂකයින් වූයේ අර්ජුන රණතුංගත්, තිලංග සුමතිපාලත් ය. නිළවරණයට පෙරදින රාත‍්‍රියේ දිවයිනේ සියලූම ක‍්‍රිකට් ක‍්‍රීඞා සමාජයන්හි ඡන්ද හිමි නිළධාරීන් තිලංගගේ නිවසට කැඳවා තිබුණි. ඒ තිලංගට පක්‍ෂව ඡන්දය ලබා දීමේ කොන්දේසියට යටත්ව ඔහුගෙන් ලැබෙන්නා වූ වරදාන වරප‍්‍රසාද ලබා ගැනීමටය. ගාලු ක‍්‍රිකට් සමාජය නියෝජනය කරමින් පැමිණි මහින්ද දේශප‍්‍රිය ද ඒ අතර විය. ඒ වන විටත් ඔහු ශ‍්‍රී ලංකාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විය. කථාබහ අතරතුර ඔහු අපූරු යෝජනාවක් තිලංගට ඉදිරිපත් කලේය. එනම් මේ ඡන්ද සියල්ලම තිලංගට ලැබීමත්, හිටපු ක‍්‍රිකට් නායකයකු වන අර්ජුනට එක් ඡන්දයක්වත් නොලැබීම තුල කිසියම් අකටයුත්තක් සිදුවී යයි යමෙකුට සැකයක් ඇතිවිය හැකි බැවින් ඔහුටත් ඡන්ද 8-10 ක ප‍්‍රමාණයක් ලබා දීම සුදුසු බවයි. එවෙලෙහිම තිලංග පවසා සිටියේ ‘ප්‍රොෆෙසර්නේ ඡන්ද ගැන දන්නේ (තිලංග මහින්ද දේශප‍්‍රිය අමතන්නේ ප්‍රොෆෙසර් යනුවෙනි) එහෙනම් එහෙම කරමු’ යනුවෙනි. ඒ අනුව එම නිළවරණයේදී ජන්ද 8-10 අර්ජුනට ලැබුණි.

    ඒ මහින්ද දේශප‍්‍රිය මෙදා ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයා ය. ජිල්මාට් නිර්මාතෘවරයා ය.!