‘රෝසි’ මාලදිවයිනේ?

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ‘රෝසි’ මාලදිවයිනේ?


    roasi.png
    ‘මම හිතන්නේ ඔය සතා මාලදිවයිනට ගෙනියන්න ඇති.ඒ ගැන ජාත්‍යන්තර පොලිසියට පැමිණිළි කරන්න කියලා මම කීවා.මොකද මාලදිවයින වගේ රටකට මේවගේ සතෙක් හරිම වටිනවා.ඒ නිසා එහේ ෆාම් එහෙක ඇති.මේක සුදුරෙද්දකින් වහලා වැඩක් නෑ.ඇත්ත කතාව අපේ සත්තු පිට යනවා’යැයි වනජීවී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා
    මහතා කියයි.



    කොස්ගොඩකැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකින් ‘රෝසි’ නමින් හඳුන්වන සුදු කැස්බෑවා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා දැක්වූයේ එවැනි අදහසකි.මේ අතර කැස්බෑසංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු වූ චන්ද්‍රසිරි තාබෲ මහතා පවසන්නේ ගායනශිල්පී අමල් පෙරේරා මහතා තමන්ගෙන් මෙම කැස්බෑවා ඉල්ලා සිටි බවත් කැස්බෑවා මාලදිවයිනට යැවීමට ඔහු එම ඉල්ලීම කළ බවත්ය.තමා ඊට අකමැතිවූ බවත් ඒ මහතා කීය. කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ජනප්‍රිය ගායක අමල් පෙරේරා මහතා කොස්ගොඩ පොලිසිය හමුවේ බ්‍රහස්පතින්දා(19)පෙනී සිටි බව වාර්තා වේ. සිය නීතීඥවරු මාර්ගයෙන් ඒ මහතා උදෑසන 7.30ට පමණ කොස්ගොඩ පොලිසියට ‍ගොස් ඇත.


    මේ වනවිට කොස්ගොඩ, හිද්දොරුවේ ජීවත් වන ඇලි වර්ගයේ සුදු කැස්බෑවාද කිසියම් පිරිසක් සොරා ගෙන යනු ඇතැයි එම කැස්බෑවාගේ හිමිකරු බිය පළ කරයි. දැනට අතුරුදන්වී සිටින සුදු කැස්බෑවාගේ වර්ගයේ ලොකුම සුදු කැස්බෑවා සිටින්නේ කොස්ගොඩ, හිද්දොරුවේ අමරසේන ප්‍රනාන්දු මහතාගේ කැස්බෑ මධ්‍යස්ථානයේ ය.ගායක අමල් පෙරේරා මෙම ස්ථානයටද මාලදිවයින් මිතුරන් පිරිසක් සමඟ පැමිණි බව අමරසේන ප්‍රනාන්දු මහතා කියයි.


    --ලක්බිම--
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    dan aru kasbaawage lee beela chuu karalath athi..kasbaawawa moodata dammalu ane manda api konde badala naane bn..