>>> ‘විජය - කුවණි’ Movie >>>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    >>> ‘විජය - කුවණි’ Movie >>>

    Dulani+Anuradha+1.jpg


    සුගත් සමරකෝන් විසින් නිෂ්පාදනය කරන ලද ‘විජය - කුවණි’ චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රදරශන පටය ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ විසින් නැවැත්වීමට උපදෙස් ලබාදීමෙන් එහි ප‍්‍රධාන නිළියට සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළියගේ චරිතය දුලානි අනුරාධා විසින් නිරූපනය කරනු ලබන අතර අදාල නිළියගේ අඩ නිරුවත් දර්ශන කිහිපයක් ඇතුලත් කර මෙම පූර්ව ප‍්‍රචාරක පටය සකස්කර තිබූ බව පැවසේ.


    එහි පිටපත් 30ක් සකස්කර තිබූ බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.කෙසේවුවද මෙම පූර්ව ප‍්‍රචාරක පටය ප‍්‍රදර්ශනය කළේ නම් දුලානි චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයාට හා නිෂ්පාදකවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්ව සිටි බවද පැවසේ.

    ‘විජය - කුවේණි’ චිත‍්‍රපටයේ විජයගේ චරිතයට පණ පොවනු ලබන්නේ රොජර් සෙනවිරත්න විසිනි.එසේම මෙහි කුවේණිගේ පියා ලෙස අමාත්‍ය මර්වින් සිල්වා මහතා රගපෑම ද විශේෂ සිද්ධියකි.

    සුගත් සමරකෝන් තම සිනමාපටය හඳුන්වා ඇත්තේ ‘මහාවංශය නොකිවු අපේ වංශ කතාව’ ලෙසය.ඉතිහාසය වෙනස් නොකර එහි මිථ්‍යා මත බැහැර කරවීමක් මෙම නිර්මාණය මඟින් සිදුකරන බවද එහි අධ්‍යක්‍ෂවරයා මීට පෙර සඳහන්කර තිබිණි.

    විජය යනු දරුණු, අශීලාචාර රජකු නොවන බවත් කුවේණි යනු මිනීමස් කන යකින්නියක නොවන බවත් මේ චිත‍්‍රපටය හරහා ගම්‍ය කිරීමට අධ්‍යක්‍ෂවරයා උත්සාහ ගෙන ඇතැයි ද පැවසේ.

    ‘විජය කුවේණි’ චිත‍්‍රපටයේ උපතිස්ස බ‍්‍රාහ්මණයා ලෙස ක්ලීටස් මෙන්ඩිස්, විජය රජුගේ පියා ලෙස සඳුන් විජේසිරි, රණදිඝ නමැති යක්ෂ ගෝත‍්‍රික රණශූරයා ලෙස අනුරධර්ම සිරිවර්ධන, කුවේණිගේ ප‍්‍රධාන සේවිකාව ලෙස වසන්ති රංවල සෙසු ප‍්‍රධාන භූමිකා සඳහා රංගනයෙන් දායකවී සිටිති.

    ‘විජය කුවේණි’ චිත‍්‍රපටය සඳහා රංගන ශිල්පීන් එක්දහස් හත්සියයක් (1700) පමණ යොදවා ඇති බවද මුළු චිත‍්‍රපටය සඳහාම රුපියල් මිලියන හතළිහක් (40) වැය වනු ඇති බවද චිත‍්‍රපටයේ නිෂ්පාදක ගයාන් රණධීර මාධ්‍යට පවසා තිබිණි.

    චිත‍්‍රපටයේ රූගැන්වීම් අනුරාධපුරය, රාජාංගණය, ගම්පහ, පිළිකුත්තුව යන ප‍්‍රදේශවල සිදුකෙරෙනු බවද පැවසේ.