‘වෙන්ඩ රජා‘ සිහිනය බිඳ වැටීම හෙවත් හොර පෙරක&#3

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    ‘වෙන්ඩ රජා‘ සිහිනය බිඳ වැටීම හෙවත් හොර පෙරක&#3

    හත් හවුල් ආණ්ඩුව හෙවත් 1965 - 1970 ඩඩ්ලි සේනානායක අගමැති වූ වකවානුවේ මහජන බැංකු ලිපිකරු පත්වීමක් සඳහා වන්නිනායක නම් තරුණයෙක් ඉල්ලුම් පතක් යොමුකෙළේය. පත්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ ඔහුට සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමක් ලැබිණ. සම්මුඛ සාකච්ඡාව සඳහා සහභාගී වූ වන්නිනායක තරුණයාගෙන් මූලික ප්‍රශ්න ඇසූ බැංකු ප්‍රධානීහු ඔහුගේ පවුලේ විස්තර විමසන්නට වූහ. ගොවි ජනතාව බහුල කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ මෙම තරුණයාගේ පියාගේ ජීවන වෘත්තිය ගැන කරුණු විමසන විට ඔහු කියා සිටියේ තම පියා රටේ මුදල් ඇමැති බවයි. මෙම පිළිතුරෙන් කළබලයට පත් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය තරුණයාගේ ප්‍රකාශය තහවුරු කර ගැනීමට ප්‍රශ්න කිහිපයක් අසා පුදුමයට පත්වූයේ එවකට මුදල් ඇමැති යූ.බී. වන්නිනායක මහතාගේ පුත්‍රයා බැංකු ලිපිකරු පත්වීමකට ඉල්ලුම් පත්‍රයක් යොමුකර ඇති බව හෝ කිසිවෙකු නොදැන සිටි බැවිනි. කුරුණෑගල ප්‍රදේශයේ වන්නිනායක වාසගම සහිත බොහෝ දෙනෙකු සිටින බැවින් කිසිවෙකු මෙම තරුණයා මුදල් ඇමැතිවරයාගේ පුත්‍රයා යැයි සැක කෙළේ නැත.
    අදාළ සුදුසුකම් සපුරා තිබූ තරුණයාට බැංකු ලිපිකාර පත්වීමක් ලැබුණු අතර තම පුත්‍රයාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් යූ.බී. වන්නිනායක යුවළ මව්පියන් වශයෙන් අපමණ සතුටට පත්වූහ. එහෙත් වන්නිනායක තරුණයාට පළමු පත්වීම ලැබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබූ බැංකු ශාඛාවකට ය. වන්නිනායක තරුණයා සිට පියාට ඉතා කනස්සලු ස්වරූපයෙන් තම පත්වීම පිලිබඳ කරුණු හෙළි කෙළේය.
    මුදල් ඇමැති පියා කියා සිටියේ අනුරාධපුරයේ අපේ උරුමයද දැක බලාගෙන එම ප්‍රදේශයේ ජීවත් වන අසරණ ජනතාවට අවංකව සේවය කරන ලෙසය. මුදල් ඇමැති මෙන්ම යාපහුව පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.බී. වන්නිනායක මහතා සැබෑ පියෙකු වශයෙන් සිය දරුවන්ට මග පෙන්වූ ආකාරය පිලිබඳ මෙය එක් උදාහරණයකි. දේශපාලන බලය අයුතු ලෙස භාවිතා නොකළ යුතු බව ඔහු තම පුතාට පෙන්වා දුන්නේය.
    යූ.බී. වන්නිනායක වූ එම පියා, ආදර්ශයෙන්ද ඒ බව සිය දරුවන්ට පෙන්වා දුන්නේය. එජාප යාපහුව මන්ත්‍රීවරයා වශයෙන් ඔහු දුම්රියේ පාර්ලිමේන්තු ගියේ ය. අගමැතිවරයාට පසුව වඩාත්ම බලවත් මුදල් ඇමැති ධූරය දරණ අවධියේත් ඔහු සුපුරුදු ලෙස දුම්රියෙන් කොටුවට පැමිණ එතැන් සිට සිය නිල රථයෙන් අමාත්‍යාංශයට ගියේ ය. ආර්ථික විශේෂඥයෙකු හෝ ගණකා‍ධිකාරීවරයෙකු නොවූ වන්නිනායක මුදල් ඇමැතිවරයා හත් හවුල් ආණ්ඩුව වෙනුවෙන් සාර්ථක අය වැය 4 ක් ඉදිරිපත් කෙළේය. අද මෙන් දුසිම් ගණන් අය වැය යෝජනා සංශෝධනය කෙළේ නැත. ඔහු අය වැය ඉදිරිපත් කෙළේ අදට වඩා සංකීර්ණ ජාත්‍යන්තර සහ දේශීය දේශපාලන බලවේගයන් සමග පොර බඳිමිනි. එවැනි ජ්‍යෙෂ්ඨ, ප්‍රබල දේශපාලනඥයෙකු වූ යූ.බී. වන්නිනායක මහතා කොළඹ මහ රෝහලේ සාමාන්‍ය වාට්ටුවක මිය ගියේ ය. ඔහුගේ සැප දුක බැලීමට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පෞද්ගලික රෝහලකට ඇතුළු වන ලෙසත් සියළු වියදම් තමන් බලාගන්නා බවත් පැවසීය. එහෙත් එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළ වන්නිනායක මහතා කියා සිටියේ තමන් සාමාන්‍ය ජනතාව සමග රජයේ රෝහලක ප්‍රතිකාර ගැනීමට කැමැති බවයි. එවැනි ආදර්ශමත් පියෙකුගේ දරුවෝ කිසි දිනෙක සිය දේශපාලන බලය අයුතු ලෙස භාවිතා නොකළහ.


    බණ්ඩාරනායකවරු

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති ධූරය දරණ වකවානුවේ සිය දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එක් පෞද්ගලික මෝටර් රථයක් වෙන් කළාය. දරුවන් තිදෙනෙක් සිටින බැවින් ඇතැම් අවස්ථාවන්හි එක් මෝටර් රථයක් ප්‍රමාණවත් නොවීය. එවැනි දිනෙක චන්ද්‍රිකා බණ්ඩාරනායක දියණිය මවගේ ප්‍රයෝජනයට වෙන් කර තිබූ නිල රථයක් සිය මිතුරියකගේ නිවසකට යෑමට ගත්තාය. තම නිල රථයක් චන්ද්‍රිකා භාවිතයට ගෙන ඇති බව දැනගත් අගමැතිනිය පරළ වූවා ය. යළි නිවසට පැමිණි දියණියට හොඳටම දෙහි කැපූ අගමැතිනිය රජයේ දේපොල අයුතු ලෙස භාවිතා නොකළ යුතු බවට සිය දියණියට දැඩි ලෙස අවවාද කළාය. සිය මව එදා තමාට දුන් අවවාද තම දරුවන් දෙදෙනාට තදින් ක්‍රියාත්මක කළ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය පසුව හෙළි කළාය. තම දරුවන් දෙදෙනාට සිය සංචිතයේ තිබූ වාහන අයුතු ලෙස භාවිතා කිරීමට කිසි දිනෙක ඉඩ නොදුන් බව ඇය කියා සිටියා ය. එසේම සිය දේශපාලන බලය භාවිතා කිරීමට ද ඔවුනට ඉඩ නොදුන්නා ය.
    චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති ධූරය දරණ අවධියේ යසෝධරා සහ විමුක්ති ජීවත් වූවාද යැයි රට්ටු දැන සිටියේ නැත. ඉතා නිවුනු තරුණයෙකු වූ විමුක්ති රාත්‍රී සමාජ ශාලාවන්හි හෝ තරු පහේ හෝටල් වල සාද වල දක්නට නොලැබුණු චරිතයකි. ඔහු සිය මූලික අවධානය අධ්‍යාපනයට යොමු කළ තරුණයෙකු විය.
    යුද්දයක් පැවැති වකවානුවක වුව විමුක්ති කුමාරතුංග ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිවරාගෙන ගමන් බිමන් ගියේ, පිස්සු නැටුවේ නැත. මත්පැන් පානය කර ගුටි කෙළි වලට පැටලුනේ නැත. ඔහු සිය මවගේ හෝ පියාගේ මුහුණේ දැලි ගෑවේ නැත. (අවාසනාවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විනාශ කෙළේ සනත් ගුණතිලක වැනි පිං ගොනුන් ය.)
    යූ. බී. වන්නිනායක මුදල් ඇමැතිවරයාට සිය ධූරයේ බලය භාවිතා කරමින් සිය දරුවන්ට ධනය අත් පත් කර ගැනීමේ ව්‍යාපාරික මාර්ග පාදා දීමට ඕනෑ තරම් අවස්ථා තිබිණ. ආණ්ඩුවේ කොන්ත්‍රාත් ලබා ගැනීම හෝ ආණ්ඩුවට භාණ්ඩ සහ සේවා සැපයීමේ ව්‍යාපාර ආරම්භ කර එම දරුවන්ට කෝටිපතියන් වීමට ඉඩ තිබූ බව රහසක් නොවේ. එසේ නොමැති නම් ‘‘ඩීල් කරුවන්‘‘ වශයෙන් ගාන කපා ගැනීමට හැකියාව තිබිණ. එහෙත් වන්නිනායක මුදල් ඇමැතිවරයා එවැනි මාර්ග පිලිබඳව තුන් සිතකින් වත් සිතුවේ නැත. ඔහු සිය දරුවන් එවැනි වැරදි මාර්ගයන්ට යොමු නොකළ බැවින් ඔහුගේ අභාවයෙන් පසුව ද එම දරුවෝ රටට සමාජයට ආදර්ශමත් ලෙස ජීවත් වෙති.
    දෙවරක් පූර්ණ බලැති අගමැතිනිය වශයෙන් රට පාලනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද කිසි විටෙක තම දරුවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ රජයට භාණ්ඩ හා සේවා සැපයීම හරහා කෝටිපතියන් වීමට මග නොපෙන්වූවා ය. ඒ වෙනුවට දරුවන්ට උසස් අධ්‍යාපනයේ ඉහළම ප්‍රතිලාභ ලබා දීමට මවක වශයෙන් උනන්දු වූවා ය. එබැවින් එම දරුවන් අඩු වයසින්ම කෙසේ හෝ මුදල් ඒකරාශී කර ගැනීමේ අරමුණු ඉලක්ක වෙත නිරාවරණය නොවීය. මව අගමැති වූ පමණින් එම දරුවෝ මුදල් ගංගා වල පිනුම් නොගැසූහ. ඊට හොඳම උදාහරණයක් වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිනිය වීමෙන් පසුව නිල නිවසකට හිමිකම් ලැබීමෙන් පසු තම පුද්ගලික වියදම් පියවා ගැනීම සඳහා විජය සහ ඇය එකතු වී හදන ලද නිවස කුලියට දීමට සිදුවීමය.
    චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිනියව සිටි වසර 10 ක කාලය පුරා අනුගමනය කෙළේ ද සිය මව ඇයට ලබා දුන් ආදර්ශයයි. සිය දරුවන් දෙදෙනාට උසස් අධ්‍යාපනය ලබාදීමට උනන්දු වූ ඇය කිසි විටෙක ඔවුන් සිය ආණ්ඩුව සමග ගණුදෙනු කරන ඩීල් කරුවන්, කොමිස් කරුවන් හෝ සිය ජනාධිපති බලතල වලට ආවරණය වී මතුවන ව්‍යාපාරිකයන් බවට පත් කිරීමට උදව් නොදුන්නා ය.


    විමුක්තිගේ ‘පොකට් මනි‘

    විමුක්ති කුමාරතුංග යනු සිය පියා මෙන්ම ඉතා සංවේදී චරිතයකි. ඔහු ඉතා ආදරයෙන් ඇති දැඩි කළ බල්ලන්ට යම් අසනීපයක් වැළඳුනු විට බොහෝ සෙයින් කළබල වන විමුක්ති ඔවුන් බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පශු වෛද්‍යවරයෙකු ලඟට ගෙන ඒම පුරුද්දක් කරගෙන සිටියේය . තමන් ඉතා ආදරයෙන් ඇති දැඩි කරන බල්ලන් සමග පශු වෛද්‍ය සායනයට පැමිණෙන විමුක්ති, පශු වෛද්‍යවරයා සහ ඔහුගේ සහායකයන්ට තම සුරතල් බල්ලන්ගේ රෝගී තත්ත්වයන් විස්තර කරයි. ඉන්පසුව බල්ලන්ට සිදුකරන ප්‍රතිකාර සැළැස්ම වෛද්‍යවරයා හෙළිකළ විට විමුක්ති නගන පළමු ප්‍රශ්නය වන්නේ “ ඩොක්ටර් ට්‍රීට්මන්ට් වලට කීයක් විතර යනවාද?“ යන්නයි. එම ප්‍රකට පශු වෛද්‍යවරයා ලඟට සුරතල් සතුන් රැගෙන එන ඉහළ මධ්‍යම පන්තික ගණුදෙනු කරුවන්ගෙන් බහුතරයක් කිසිදු විටෙක මෙම ප්‍රශ්නය මතු නොකරන තත්ත්වයක් යටතේ රටේ විධායක ජනාධිපතිනියගේ එකම පුත්‍රයා, ප්‍රතිකාර ගාස්තු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම එම පශු වෛද්‍යවරයාට මුලදී විශාල ප්‍රහේලිකාවක් විය. අදාල වෛද්‍යවරයාගේ මුහුණින් මෙම ප්‍රහේලිකාව හඳුනාගත් විමුක්ති “මේවාට අම්මා සල්ලි දෙන්නේ නෑ. මගෙයි, අක්කගෙයි පොකට් මනි වලින් තමයි මේවා කරන්නේ. බිල ගෙවන්න මගේ ලඟ තියෙන සල්ලි ඇති වෙයිද කියලා බලන්න එපැයි..“ සිනහසෙමින් පැවසීය.
    චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සිය පුතා සන්නද්ධ කෙළේ මිල මුදලින් නොව අධ්‍යාපනයෙනි. (එහෙත් රොකට් රෝහිතලා පැළඳුවේ රුපියල් ලක්ෂ දෙක තුනේ පාවහන් ය.)
    විමුක්ති බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර වසර 2005 දී පශු වෛද්‍යවරයෙකු වශයෙන් බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් ප්‍රදේශයේ සේවය කිරීම ආරම්භ කෙළේය. යුරෝපයේ මෙන්ම ඇමරිකාවේත් පශු වෛද්‍ය විද්‍යාව හැදෑරීම සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වඩා දුෂ්කරය. ඒ සඳහා ඉහළම අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය. ලංකාවේ ජනාධිපති පුත්‍රයෙකු වීම බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයට ඇතුලු වීමට සුදුසුකමක් නොවේ. ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලයේ විභාග වලට පිළිතුරු ලියනවා සේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ විභාග වලට පිළිතුරු ලිවිය නොහැකිය. ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වූ විමුක්ති එහි ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටී. ඔහු වසර 2011 සිට බ්‍රිස්ටල් හි Highcroft Veterinary Group නම් පශු වෛද්‍ය සේවා ආයතනයක පශු වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරයි. විමුක්තිට සිය මව ධනය රැස් කර නැත. ඔහුගේ මිත්තණිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විමුක්තිට රොස්මිඩ් පෙදෙසින් හෝ අත්තනගල්ලෙන් ඉඩම් අක්කර ගණනින් මිලදී ගෙන නැත. ( මිත්තණිය ඉඩම් මිලදී ගැනීම කෙසේ වුවද තමන්ට උරුම වූ ඉඩම්ද ජනතාවට පැවරුවාය) විමුක්ති සිය මවගේ පාලන සමයේ ඩීල් දමා ධනය ඒකරාශී කරගෙන නැත. විමුක්තිගේ ධනය “ සොර සතුරන් ගත නොහැකි“ යැයි කියූ අධ්‍යාපනය යි.
    යූ.බී. වන්නිනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග යන දේශපාලනඥයන් ආදර්ශමත්ව සිය දරුවන්ට නිසි මග පෙන්වූ බැවින් ඔව්හු ලෝකයට වැඩ දායක ආදර්ශමත් පුරවැසියන් ලෙස ජීවත් වෙති. අප රටේ වෙනස් යුග දෙකක දේශපාලන බලය සමග ගණුදෙනු කළ චරිත 3 ක් සම්බන්ධ කරගෙන මෙම පූර්විකාව ලිවීමට සිත් වූයේ පසුගිය පොසොන් පොහොය දා හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ‘උපාසක මහතා‘ සිල් සමාදන් වූ අයුරු දැක්වෙන ඡායාරූපත් පසුගිය පාද යාත්‍රාවේ ඒ ‘උපාසක මහතාම‘ දඟර නැටුම් නටමින් යන ඡායාරූපත් දැකීමෙනි.



    උපාසක මහතාගේ දඟර නැටුම

    හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ යනු ‘වෙන්ඩ රජා‘ය. ජනවාරි 8 වෙනිදා ජනතාව විසින් පන්නා දැමූ මහ රජා මැදමූලන නමැති මුදවා නොගත් ප්‍රදේශයට පලා ගොස් එතැන් සිට යළි බැරි බැරි ගාතේ, පීච්චං වෙමින් මේ සටන් කරන්නේ ‘වෙන්ඩ රජාට‘ රටේ නායකත්වයට ඒමට පසුබිම සකස් කිරීම සඳහා ය. සිල් ගන්නේ ද පාද යාත්‍රා යන්නේද ඒ සඳහා ය. තමා දේශපාලන වේදිකාවෙන් බැස ගිය හොත් ශ්‍රීලනිප අවශේෂ නායකයන් ‘වෙන්ඩ රජාව‘ පරසක්වල ගහන බව මහින්ද රාජපක්ෂ හොඳින් දනී.
    දැන් රටේ දේශපාලන ‘අනාගතය‘ සඳහා උරුම කම් කියන්නේ තරුණ වියේදීම බොරුව, ආත්ම වංචාව, සහ මවා පෑම ආත්මය කර ගත් මෙවැනි ‘වෙන්ඩ රජා‘ ලාය. ඔවුන් ගුරු හරුකම්, ආදර්ශ මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් ලැබුවේ වනචර දශකයේදී තාත්තලා, බාප්පලා, රට මෙහෙයැවූ ආකාරය අනුව නිසා ඒ ගැන පුදුම විය යුතු නැත. දූෂනය, භීෂනය, බොරුව, මවා පෑම, සිය ආත්මය කර ගත් දෙමව්පියන්ට සිය දරුවන්ට යහපත් පුරවැසියන් වීමට ආදර්ශ ලබා දිය නොහැක. ලබන වෙසක් පෝයට හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ තමන් ‘රහත්‘ වූ බවට නිවේදනය කළහොත් ඒ ගැන අපි පුදුම නොවෙමු. ගහේ කටු උල් කරන්නට අවශ්‍ය නැත.
    මෛත්‍රීපාල සිරිසේනගේ සහ රනිල් වික්‍රමසිංහගේ නෝන්ජල් දේශපාලන කෙරුවාව නොවන්නට නාමල්ලා සිටිය යුත්තේ පසුගිය පොසොන් පෝයට වැලිකඩ කූරු ගණන් කරමිනි. එසේ වී නම් අම්මලා, තාත්තලා, බාප්පලා සහ දරුවන් සියලු දෙනාට සිල් සමාදන් වන්නට වන්නේ වැලිකඩ බුදු මැදුරේ ය. එහෙත් රටේ අවාසනාවට තවමත් එය යථාර්ථයක් වී නොමැත. ඔවුහු පාරේ ඩෙඟා නටමින් තම පක්ෂ මූලස්ථානයටද හූ කියමින් යාත්‍රා කරති.
    පිලිපීනයේ මාකෝස් එළැවීමෙන් පසුව හෝ ඉන්දුනීසියාවේ සුහර්තෝ එළැවීමෙන් පසුව හෝ බුරුමයේ හමුදා ජුන්ටාව එළැවීමෙන් පසුව හෝ ඒ කිසිදු රටක ජනතාවක් ඒ එළැවූ ඒකාධිපතියා ඉල්ලා පාරේ පෙළපාලි ගියේ නැත. නමුත් ලංකාවේ ඒකාධිපතියා සහ හොර පවුල පසුපස යම් පිරිසක් පෙළපාලි යන්නේ උන්ගේ ඇති දක්ෂතාවයක් නිසා නොව උන්ව එළවා ජනතාව බලය ලබා දුන් නායකයන්ගේ ඇති දුර්වලතාවය නිසා ය.




    රාජපක්ෂ පවුල බේරා ගැනීමේ ඩීල් එක

    අධිකරණ ඇමැති වශයෙන් පෙනී සිටින විජේදාස රාජපක්ෂ වැනි ද්‍රෝහීන් රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීමට දිවි නොතකා සටන් කරමින් සිටින බව රහසක් නොවේ. සියලු ආරක්ෂක ආවරණ යටතේ පසුගිය වසර එක හමාරක කාලය පුරා රාජපක්ෂ පවුල සහ හොර පොල් විපක්ෂය ක්‍රියාත්මක වෙමින් සිටිති. ජනවාරි 8 වෙනිදා මැදමූලනට පළා ගිය මහින්ද රාජපක්ෂගේ හැසිරීම සළකා බලමු. ඔහු පළමු දින හතර පහ සිටියේ අන්දුන් කුන්දුන් වූවෙක් මෙනි. තමාව ජනාධිපතිවරණයට දැක්ක වූ බැසිල් ඇමරිකාවට පළා යෑමත් සමග අසරණ වූ මහින්ද රාජපක්ෂ මැද මූලන කල් ගෙවූයේ නන්නත්තාර වූවෙකු මෙනි. ඔහුගේ දුක සැප විමසීමට පළමු දින කිහිපය තුළ දුරකථන පණිවුඩයක් හෝ ලබා දුන්නේ ඔහුගේ අතිජාත ‘කලු කෝපි‘ මිතුරා වූ රනිල් වික්‍රමසිංහ පමණි. අල්ලස්, දූෂන, මිනීමැරුම්, ඝාතන, පැහැරගෙන යෑම් ඇතුළු අනේක විධ චෝදනා වලට තමා ඇතුළු පවුලේ සාමාජිකයන් වැරදිකරුවන් වන බව දැන සිටි මහින්ද රාජපක්ෂ තම පවුල බේරා ගන්නා ලෙස ‘කලු කෝපි‘ මිතුරාට ආයාචනා කෙළේය. මෙම ආයාචනය ඉදිරියේ ‘කලු කෝපි‘ මිතුරාගේ හිත බටර් කෑල්ලක් මෙන් උණු වී ගියේ ය. ඒ අනුව මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන ඩීල් එකක් දමා ගත්තේය. දිය රෙද්දෙන් බෙල්ල කපන ජාතියේ කපටි කෛරාටිකයෙකු වූ මහින්ද රාජපක්ෂට, රනිල් වික්‍රමසිංහ සමග ඩීල් දැමීමෙන් පමණක් සිය පවුල ආරක්ෂා කර ගත නොහැකි බව පැහැදිලි විය. මෛත්‍රීපාල සිරිසේන සමග ද තම පවුල ආරක්ෂා කර ගැනීමේ ඩීල් එකක් දමා ගැනීම අත්‍යාවශ්‍යම සාධකයන් බව ඔහු අවබෝධ කර ගත්තේ ය. ඒ සඳහා ‘පක්ෂ නායකත්වය‘ නම් කටු ඔටුන්න මෛත්‍රීපාල සිරිසේනට දන් දීමට කැමැති බව ඔහු සිය නියෝජිතයන් හරහා දන්වා සිටියේ ය. ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිප ඡන්ද පදනමින් සියයට එකක් වත් ලබා ගැනීමට නොහැකි වූ මෛත්‍රීපාල සිරිසේන, නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වන බවට ජනතාවට ලබා දුන් පොරොන්දුව බල්ලාට දමා ‘පක්ෂ නායක‘ කටු ඔටුන්න ඉතාමත් අභිමානයෙන් පැළැඳ ගත්තේය. එදා සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිදුවූ වින්නැහිය කණගාටුදායක ය. දැන් තම පක්ෂ කාර්යාලය ඉදිරියෙන් මහින්ද රාජපක්ෂ ‘ආප්පයා ගේ ආප්ප කඩේ‘ යයි කියමින් හූ කියන විටත් විධායක බලතල අතේ තිබෙන ‘පක්ෂ නායකයාට‘ බිල්ලා සේ ගොලුවී සිටීමට සිදුව තිබේ. ශ්‍රීලනිප නායකත්වය ලබා ගැනීමෙන් පසු ඔහුට සිදුවූයේ ‘කොහොල්ලෑ බබා‘ ට සිදුවූ ඉරණම ය.
    ජනාධිපති අගමැති අධිකරණ ඇමැති වැන්නෝ තරගයට මෙන් රාජපක්ෂ පවුල ආරක්ෂා කරද්දී පසුගිය වසර එක හමාරක පමණ කාලය පුරා රාජපක්ෂ පවුල සහ හොරපොල් විපක්ෂය සංවිධානාත්මකව එක් ප්‍රධාන කරුණක් සමාජ ගත කරමින් සිටිති. එනම් රාජපක්ෂ පවුල හෝ රාජපක්ෂ රෙජීමය කිසිදු දූෂනයකට, මිනීමැරුමකට හෝ අබමල් රේණුවක විෂමාචාරයකට සම්බන්ධ නොමැති බවත් සියල්ල පලිගැනීම සඳහා ගොතන අවලාද බවත්ය.
    වනචර දශකයේ ශ්‍රී ලංකාවේ ගොබෙල්ස් වූ ඩලස් අලහප්පෙරුම නමැති මෙරට අංක එකේ දේශපාලන ගණිකාව තොල් පිට පෙරළමින් පසුගිය වසර එකහමාරක් පුරා මෙම ගොබෙල්ස් න්‍යාය සමාජ ගත කරමින් සිටින්නේය. ඩලස් අලහප්පෙරුම යනු රාජපක්ෂලාටම ගැලපෙන දේශපාලන බොරුකාරයෙකි.
    (මහත්මා දේශපාලනයේ සළු පැළැඳ සිටින කපටි කෛරාටික වෘකයෙකු වන ඩලස් අලහප්පෙරුම ගේ ඉතිහාසය භූගෝලය ගැන පසු ලිපියකින් හෙලිකරන්නෙමු)



    “ලැජ්ජයි..! කැතයි..! ගඳයි..!“ මායාකාරයාගේ කතා :frown:

    මෙම නූතන ගොබෙල්ස් ට අත්වැල් සහයෝගය ලබා දීම සඳහා තවත් සුප්‍රකට දේශපාලන ගණිකාවන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ජී.ඇල් පීරිස් ආදීහු ඉදිරිපත්ව සිටිති. මහින්ද රාජපක්ෂට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව පාර්ලිමේන්තුවේ යකා නැටූ මොවුහු ගෝඨාභය රාජපක්ෂට සහයෝගය සඳහා වීදි බැස උද්ඝෝෂන කළහ. මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය නීති විරෝධී කියමින් එය වසා දමන ලෙසට බල කරති. මේ සියල්ලටම ඉහළින් පසුගිය වනචර දශකය තුල කිසිදු වරදක් සිදු නොවූ බව පුන පුනා ප්‍රකාශ කරති. මෙම ගොබෙල්ස් න්‍යාය අනුව සියළු පරීක්ෂණ දේශපාලන පලිගැනීම් ය. යහපාලන රජයේ දේශපාලන නොහැකියාව වසා ගැනීමට සිදුකරන මාධ්‍ය සංදර්ශනය. උදය ගම්මන්පිල නමැති ජාත්‍යන්තර හොරා රුපියල් මිලියන 110 ක මූල්‍ය වංචාවක් සඳහා සැකපිට අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම නම් මායාකාරයා යහපාලන රජයට ඇඟිල්ල දිගු කරමින් “ලැජ්ජයි..! කැතයි..! ගඳයි..!“ යැයි කියා සිටියේ ය. මේ වචන තුන ඩලස් අලහප්පෙරුම තම මුහුණ කණ්නාඩියෙන් බලන සෑම අවස්ථාවකදීම පැවසිය යුත්තකි.
    ඩලස් ප්‍රමුඛ දේශපාලන ගණිකාවන්ට අමතරව රාජපක්ෂ පවුල සහ රෙජීමය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂ සහ හොර පෙරකදෝරු නාමල් ය. තමන් මහජන මුදල් වංචාකර ඇති බව ඔප්පු කළ හැකි නම් සිය දිවි නසා ගන්නා බවත්, බෙල්ල කපා ගන්නා බවත් උගුර දණ්ඩ කපා ගන්නා බවත් මහින්ද රාජපක්ෂ දිගින් දිගටම ප්‍රකාශ කරයි. මූල්‍ය අපරාධ පරීක්ෂණ අංශයට සාක්කි දීමට සතිපතා පැමිණෙන හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ තමන්ට මයික් දිගු කරන ගොලු මාධ්‍යවේදීන්ට කියා සිටින්නේ මේ සියළු පරීක්ෂණ දේශපාලන පලිගැනීම් බවත් තම පවුලේ සාමාජිකයන් රහසින් වත් පව් නොකළ පිරිසක් බවයි. මූල්‍ය පරීක්ෂණ මෙන්ම අධිකරණ ක්‍රියාදාමයට අපහාස කිරීමට ඔහු එය නිරන්තරයෙන් අවස්ථාවක් කර ගනී. හොරු ඇල්ලීමට පොරොන්දු දී බලයට පත් වූ යහාපාලන ආණ්ඩුව පසුගිය වසර එක හමාරක කාලය පුරා හොරු සමග හෙළුවෙන් පෙනී සිටීම හේතුවෙන් ඔවුන් පිළිබඳ ජනතා විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී. එම රික්තය පිරැවීමට ඉදිරියට පැමිණ ඇත්තේ ඩලස්ලාගේ ගොබෙල්ස් න්‍යායයි. ඔව්හු ක්‍රමානුකූලව සැලසුම් සහගතව පසුගිය වසර එක හමාර පුරා රාජපක්ෂ පවුලට සහ රෙජීමයට එරෙහි චෝදනා සහ පරීක්ෂණ ප්‍රෝඩාවක් බව සමාජ ගත කරමින් සිටිති.
    ‘වෙන්ඩ රජා‘ හෙවත් හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂගේ පොසොන් පෝදා සන්දර්ශනයෙන් පසුව මහ බැංකු අධිපති එළැවීමේ නාට්‍යය පසුගියදා රඟ දැක්වීය. දූෂණ විරෝධියෙකු වශයෙන් කළු ඇඳුමින් සැරසුණු ‘වෙන්ඩ රජා‘ අර්ජුන් මහේන්ද්‍රන් එළවන ලෙසට ගිරිය යටින් කෑ ගසමින් යහපාලන ආණ්ඩුවට චෝදනා කෙළේය. සිය පවුලට වඩා යහපාලන ආණ්ඩුව දූෂිත යැයි පැවසූ ඔහු “ඇඟිලි හයේ“ න්‍යායද ඉදිරිපත් කිරීමට අමතක නොකෙළේය. අර්ජුන් මහේන්ද්‍රන් ගේ දූෂණ ගැන කථා කිරීමට ඊටත් වඩා කම්බ හොරෙකු ඉදිරිපත් වීම තරම් තවමත් විහිළුවක් ලොව තිබිය නොහැකිය.



    “මුගේ කට කෑවත් මදිය“

    පිලිපීනයේ නව ජනාධිපති ‘රොද්‍රිගෝ ඩුටේට්‘ රජයේ දේශපාලනඥයන්ගේ වියදම් කපා දැමීම සඳහා නව යෝජනා ගණනාවක් ඉදිරිපත් කෙළේය. පිලිපීන ජනාධිපති සඳහා වෙන්කර තිබූ නිල සුඛෝපභෝගී බෝට්ටුව විකුණා දැමීමට මෙන්ම එතෙක් ජනාධිපතිට වෙන්කර තිබූ නිල ගුවන් යානා, ගුවන් ගිලන් රථ බවට පරිවර්ථනය කිරීමටත් ඔහු තීරණය කර ඇත. ඔහු ඉදිරිපත් කර තිබෙන වඩාත් වැදගත් යෝජනාව වන්නේ පිලිපීන කැබිනට් මණ්ඩලය සඳහා අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී වාහන වෙනුවට අඩු වියදම් වාහනයක් හඳුන්වා දීම ය. Toyota Avanza MPV නම් රථය ඔහු සිය කැබිනට් මණ්ඩලයට හඳුන්වා දී ඇති අතර මෙම රථය ඉඩකඩ සහිත බැවින් ඇමැතිවරුන්ට මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට එහි ගමන් කළ හැකි බව ඔහුගේ අදහසයි. මෙම Toyota Avanza MPV නව රථයක් පිලිපීන පේසෝ 6,75,000 කට පිලිපීනයේ දී මිලදී ගත හැකි අතර එම රථයේ ඇමරිකානු ඩොලර් වටිනාකම 14,600 කි. අදාල මිල ශ්‍රී ලංකා රුපියල් සඳහා පරිවර්තනය කළ අගය රුපියල් ලක්ෂ 21 කි. නැව් ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් එකතු කළ විට බදු රහිතව රුපියල් ලක්ෂ 30 කට පමණ ශ්‍රී ලංකාවට ආනයනය කළ හැකිය. යහපාලන රජයේ මැති ඇමැති වරුන්ට රුපියල් ලක්ෂ 300, 500, 700 විටිනාකමින් යුතු අධි සුඛෝපභෝගී වාහන සඳහා මුදල් වෙන් කිරීම සඳහා පරිපූර්ණ ඇස්මේන්තු ඉදිරිපත් වූ පසුගිය වකවානුවේ පිලිපීන නව ජනාධිපතිවරයාගේ වියදම් අවම කිරීමේ යෝජනා වැඩි අවධානයකට ලක්විය. ඉඩ කඩ සහිත Toyota Avanza MPV රථය මෙරට ඇමැතිවරුන්ට ප්‍රයෝජනයට ගත නොහැක්කේ මන්ද යන්න සමාජ මාධ්‍යයන්හි මෙන්ම ඇතැම් මාධ්‍ය දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරනු ලැබීය. සැබැවින්ම එය ශ්‍රී ලංකාවට සුදුසු යෝජනාවකි. එහෙත් ඒ පිලිබඳව යහපාලන රජය තවම නිල ප්‍රතිචාරයක් දක්වා නැත. ඒ පිලිබඳ වඩාත්ම කළබල විය යුත්තේ ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයට උර දුන් යහපාලනප්‍රේමීන්ය. එහෙත් ඒ පිලිබඳව වඩාත් කලබලයට පත්ව සිටින්නේ හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ය. මෙය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා උපහාසයට ලක් කිරීමට අවස්ථාවක් කර ගන්නා හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ, පිලිපීන ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගයට යහපාලන රජය දක්වන ප්‍රතිචාරය තමන් දැන ගැනීමට කැමැති යයි අසමින් යහපාලන රජය ඔලොක්කුවට ලක් කරයි.
    වනචර දශකයේදී ලැම්බෝගිනි, ඇස්ටන් මාටින්, පෝෂේ වැනි රුපියල් මිලියන ගණන් වටිනා වාහන භාවිතා කළ හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ මෙසේ ඔලොක්කු දමන විට “මුගේ කට කෑවත් මදිය“ යි ගමේ භාෂාවෙන් පැවසිය යුතුය.
    දළදා මාලිගය වටා පවා මෙම අශීලාචාර කුමාරවරු මිලියන ගණන් වටිනා කාර් වලින් රේස් පැද්දේ මහනායක හිමිවරුන්ගේ විරෝධතාවය තුට්ටුවකට මායිම් නොකරමිනි. වනචර දශකයේ “රථ ගාය“ ගැන දිය හැකි හොඳම උදාහරණය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ වාහන වලට සිදුවූ සන්තෑසියයි. වාහන සිය ගණනක් අදටත් සොයා ගැනීමට පවා නොහැකිව තිබේ. ජනවාරි 8 වෙනිදා මැදමූලන නමැති මුදවා නොගත් ප්‍රදේශයට පලා ගිය මහින්ද රාජපක්ෂ එතෙක් තමා භාවිතා කළ රජයට අයත් වෙඩි නොවදින සුඛෝපභෝගී වාහන ඇතුළුව ජනාධිපති වාහන සංචිතයේ තිබූ වාහන සිය ගණනක් බලහත්කාරයෙන් පැහැර ගත්තේය. නීතිය සහ සාමය ඇමැති සාගල රත්නායක මේ බව මෑතකදී යළි තහවුරු කෙළේය. මහරජාට සහ අසීලාචාර කුමාරවරුන්ට තිබූ තරම් “රථ ගායක්“ මෙරට ඉතිහාසයේ කිසිවෙකුට තිබී නැත.
    .
     
    • Like
    Reactions: monson

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    රත්තරන් ඔළුව හෙවත් කන්‍යාරත්නගේ ‘ආචාර්ය‘ නාමල්

    හොර පෙරකදෝරු නාමල්, නේවි යෝෂිත, රොකට් රෝහිත, අදටත් කරන්නේ ප්‍රෝඩාව සහ වංචාව ය. වනචර දශකය තුළ ඔවුන් වංචා කෙළේ රුපියල් බිලියන ගණනක් වූ මහජන මුදල් පමණක් නොවෙයි. “සොර සතුරන්ට ගත නොහැකි යයි“ කියූ අධ්‍යාපනයට ද වංචා කළහ. හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාග සමත් වූ ආකාරය රටටම රහසක් නොවේ. වසර සියයකට අධික කීර්තිමත් ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා නීති විද්‍යාලය මෙතෙක් බිහිකළ විශිෂ්ඨතම ශිෂ්‍යයා නාමල් රාජපක්ෂ ය. ඔහු අවසාන විභාගයේදී ලබා ගත් සියයට 98 ක ලකුණු ප්‍රමාණයට ආසන්න වීමට හෝ වසර සියයටට අධික නීති විද්‍යාලයේ කිසිවෙකු සමත්ව නැත. මෙවැනි නීතිය පිලිබඳ “රත්තරන් ඔළුවක්“ සිටිය යුත්තේ නීති විද්‍යාලයේ හෝ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ආචාර්ය මණ්ඩලයේ ය. නැතිව පාරක් ගානේ දඟර නැටුම් නටමින් නොවේ.
    ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවය නොවන්නට හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ‘ආචාර්ය නාමල් රාජපක්ෂ‘ වශයෙන් වෙස් බැඳීමට සියල්ල සූදානම් කර තිබිණ. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය මෙම ආචාර්ය උපාධිය හොර පෙරකදෝරුවාට පිරි නැමීමට සූදානමින් සිටියේ ය. අංක එකේ රාජපක්ෂ සට්ටැඹියෙක් වූ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න (කන්‍යාරත්න) මෙම මෙහෙයුම දියත් කෙළේය. ස්වාධීන පර්යෝෂණ නිබන්ධනයක් ඉදිරිපත් කර ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ ප්‍රවේශය යටතේ හොර පෙරකදෝරුවාට ආචාර්ය උපාධියක් පිරි නැමීම කන්‍යාරත්නගේ බලාපොරොත්තුව විය. ස්වාධීන පර්යේෂණ නිබන්ධනයක් ඉදිරිපත් කිරීම සඳහා මූලිකව සපුරා ගත යුතු අධ්‍යාපන සුදුසුකම් රාශියක් තිබිය යුතු වුවද හොර පෙරකදෝරුවාට ඒ කිසිවක් නොවීය. එහෙත් කන්‍යාරත්න හොර පෙරකදෝරුවා ඒ සඳහා ලියා පදිංචි කරනු ලැබුවේ අදාල කමිටුවේ ආචාර්යවරුන් කිහිප දෙනෙකුගේම විරෝධය මධ්‍යයේ ය. එක් නිර්භීත ආචාර්යවරයෙකු මෙයට එක හෙළා විරෝධය දක්වන විට උප කුලපති කන්‍යාරත්න ඔහුට තර්ජනය කෙළේ “තමුසේ හදන්නේ මහ රජතුමාගේ පුතාට පීඑච්ඩී දෙන එක බකල් කරන්නද.?“ යි කියමිනි. මෙම විරෝධය හේතුවෙන් අදාළ ආචාර්යවරුයා දිගින් දිගටම කන්‍යාරත්නගේ පලිගැනීමට ලක් වූ අතර අවසානයේ ඔහුට දේශන පැවැත්වීමට පවා අවස්ථාවක් නොදී කපා දමා තිබිණ. ( අදාල ආචාර්යවරයා මේ සිද්ධිය මෑතකදී ජනමාධ්‍යයන්ට හෙලි කෙළේය)
    හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂගේ පර්යේෂන නිබන්ධන කමිටුවේ ප්‍රධානියා වූයේ ද උප කුලපති ආචාර්ය කන්‍යාරත්න ය. කන්‍යාරත්න තම ගෝලයන් දෙදෙනෙකු ලවා නාමල්ගේ පර්යේෂන නිබන්ධනය සකස් කර තිබිණ. එහෙත් ජනවාරි 8 වනදා දේදුනු විප්ලවය හේතුවෙන් හොර පෙරකදෝරුවාගේ ආචාර්ය උපාධියට කෙළවී ගියේ ය.
    ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් “කන්‍යාරත්න පන්නයේ“ ආචාර්ය උපාධි ලබා ගත් බොහෝ දෙනෙකු සිටිති. ඔව්හු සමාජය ඉදිරියේ මහා උගත්තු ලෙස පෙනී සිටිති. එහෙත් ඔවුන්ට ආචාර්ය උපාධි ලැබුණු ආකාරය දන්නේ කන්‍යාරත්න සහ ඔහුගේ හෙංචයියන් කිහිප දෙනෙකු පමණි. ඒ සඳහා මිලියන ගණනින් මුදල් ද හුවමාරු විය. අවාසනාවකට මෙන් යහපාලන ආණ්ඩුවද කන්‍යාරත්නගේ ආචාර්ය උපාධිධාරීන්ට සිය පරිපාලනයේ උසස් තනතුරු ලබා දෙමින් සිටී.
    සර් අයිසැක් නිව්ටන්ගේ පුතා රොකට් රෝහිත

    රොකට් රෝහිත ද සිය වැඩිමහල් සොහොයුරා ගිය මග ම ගමන් කෙළේය. වනචර දශකයේ දී රොකට් රෝහිත හෙළි කළ අන්දමට ඔහු අපොස උසස් පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ සම්මාන සහිතව සමත් වී තිබේ. එහි විශේෂත්වය වන්නේ වසර දෙකක ගණිත විෂය ධාරාව රොකට් රෝහිත “මාස 3 කදී“ අධ්‍යයනය කර විශිෂ්ඨ සාමාර්ථ ලබා ගැනීම ය. මෙවැනි දස්කම් දැක්වීමට රොකට් රෝහිතගේ පියා ‘සර් අයිසැක් නිව්ටන්‘ නම් කම් නැත. නමුත් එය සිදු කරන ලද ආකාරය දන්නේ ජාත්‍යන්තර පාසැල් හිමිකරුවෙකු වූ ද සුනාමියෙන් විපතට පත් ජනයාගේ නිවාස හැදීමට තිබූ මුදල් රුපියල් කෝටි 65 කින් එකදු නිවසක් හෝ නොහදා සාක්කුවේ දමා ගත් කුප්‍රකට රාඩා හොරා වූ ටිරාන් අලස් ය. රොකට් රෝහිතට මාස 3 න් වසර දෙකක ගණිත විෂය ධාරාව උගන්වා අපොස උසස් පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ සම්මාන සහිතව සමත් කර දුන්නේ අන් කිසිවෙක් නොව ටිරාන් අලස්ය. මෙය අමු වංචාවක් බව හෙළිවන්නේ එම සාමාර්ථ කම් රැගෙන බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබීමට ගොස් වසර 2 කින් යලි ආපසු ඒමට රොකට් රෝහිතට සිදුවන නිසාය. සවුත් හැම්ටන් සරසවියේ එරෝනොටිකල් ඉංජිනේරුවකු වීමට බැඳුනු රොකට් රෝහිත පළමු වසර විභාගයෙන් අසමත් විය. ඉන්පසුව ඊලඟ වසරේදී එම විභාගයට මුහුණ දී සමත් නොවුන හොත් ඉන් ඉදිරියට යෑමට කෙතරම් මුදල් තිබුනද නොහැකිය. එහිදී ටිරාන් අලස් කෙනෙකු නොසිටිය බැවින් වසර දෙකක්ම නිකං කාල් ගාමින් සිටි රොකට් රෝහිත හිස් අතින්ම ලංකාවට ආවේය. නමුත් මාධ්‍ය වලට කීවේ තමන් රොකට් ඉංජිනේරුවකු බවයි. සවුත් හැම්ටන් සරසවියෙන් රෝහිත රාජපක්ෂ නම් සිසුවෙකු ඉගෙන ගත්තාද කියා ඇසුවහොත් ‘ඔව්‘ කියනු ඇත. නමුත් ඔහු උපාධිය රැගෙන පිටවූවාදැයි ඇසුවහොත් ‘නැත‘ කියනු ඇත. මෙවන් බොරුකාරයෙක් ලංකාවට පැමිණ සැටලයිටයක් අභ්‍යවකාශයට යැවීම තරම් විහිළුවක් තවත් නැත.
    අප මෙයට පෙර ද පෙන්වා දුන් අන්දමට රාජපක්ෂලා මෙරට අධ්‍යාපනයට සහ විභාග ක්‍රමයේ විශ්වාසනීයත්වයට කළ හානිය ප්‍රභාකරන් පවා උතුරේදී සිදුකෙළේ නැත.
    දොස්තර විමුක්ති අභිමුඛ වීම

    විමුක්ති කුමාරතුංග දේශපාලනයට අවතීර්ණ වනවා යන ආරංචිය පසුගිය කාලය පුරා වරින් වර මතු විය. මෙම ආරංචිය ඉදිරියේ වඩාත්ම කලබලයට පත්වූයේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සට්ටැඹියන් පිරිසයි. ඩලස් අලහප්පෙරුම නමැති දේශපාලන ගණිකාව එය අර්ථ දැක්වූයේ ශ්‍රීලනිපයේ බලය ඇල්ලීමේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කුමන්ත්‍රණයක් වශයෙනි. ‘ඒ උගේ ස්වාමියාගේ හඬය..!‘
    විමුක්ති දේශපාලනයට එක් වෙනවා යනු හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂට එල්ල වන ප්‍රබල අභියෝගයකි. ඔහුගේ ‘වෙන්ඩ රජා‘ සිහිනයට කෙළවීමකි. එබැවින් විමුක්ති යන නම ඇසූ පමණින් රාජපක්ෂලා භූමිතෙල් ගෑවුණු ගැරඬියන් මෙන් දැඟලීම ගැන පුදුම විය යුතු නැත. විමුක්ති දේශපාලනයට අවතීර්ණ වුවහොත් නාමල් සහ විමුක්ති යන චරිත ජනතාව ඉදිරියේ සංසන්දනාත්මක අගැයීමකට ලක්වීම නොවැළැක්විය හැකිය.
    හොරකම, මැරකම, වංචාව, බොරුව ආත්මය කර ගත් රාජපක්ෂලා මෙම සංසන්දනයට මාරාන්තික බියක් දක්වති. එබැවින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ශ්‍රීලනිපය කෙරෙහි ඇති කරන බලපෑම අවම කිරීමට ඔව්හු ක්‍රියාකරති. ශ්‍රීලනිප දොර ඇයට වසා දැමීමට රාජපක්ෂ පවුල මෙන්ම ඔහුගේ ඇම්බැට්ටයෝ කැස කවති. මැදමූලනට පලා ආ මහින්ද රාජපක්ෂ පක්ෂ නායකත්වයේ කටු ඔටුන්න මෛත්‍රීපාල සිරිසේනට විසි කිරීමේ එක් අරමුණක් වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට පක්ෂ නායකත්වය හෝ පක්ෂයේ සැලකිය යුතු බලයක් ලැබීම වැළැක්වීමට ය. අනෙක් පාර්ශවයෙන් වැලිකඩ කූරු ගණන් කළ යුතු තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් බේරා ගැනීමට ය. ඒ අරමුණු දෙකම මේ මොහොතේ ජය ගැනීමට මහින්ද රාජපක්ෂ සමත්ව සිටී. එහෙත් රාජපක්ෂ පවුල මෙන් ඔවුන් වටේ සිටින ඩලස් අලහප්පෙරුමලා වැනි දේශපාලන ගණිකාවන්ට රාත්‍රියේ සුව නින්දක් ලබා ගැනීමට නොහැකිව ඇත්තේ චන්ද්‍රිකා සහ විමුක්ති කුමාරතුංග රෑට රෑට සිහිනෙන් පෙනෙන නිසාය. මේ ගොබෙල්සා උදෑසන නැගිට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරියට ‘ඇගේ වෛරය‘ යැයි අවලාද කියනු නිතර ඇසිය හැක්කේ එබැවිනි.
    රාජපක්ෂ රෙජීමයට සාපේක්ෂකව සදාචාරාත්මක සහ අවංක දේශපාලනයක නිරත වූ බණ්ඩාරනායක වරුන් ශ්‍රීලනිප දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීම රාජපක්ෂලා සහ ඔවුන්ගේ සට්ටැඹියන් සිතන තරම් ලේසි නැත. බණ්ඩාරනායක පවුල සතුව තවමත් ශක්තිමත් දේශපාලන තුරුම්පුවක් පවතී. ඒ විමුක්ති කුමාරතුංග ය. ඒ තුරුම්පුව නිවැරදි මොහොතේ ඇද්ද විට ‘වෙන්ඩ රජා‘ ඇතුළු රාජපක්ෂ පවුලම කුජ්ජිත වනු ඇත
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,785
    113
    රාජපක්‍ෂ පුතාගේ ‘නේවි’ පැටිකිරිය

    මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමේ අතීතය යළි මතක් කළහොත් බොහෝ දේ සිහිපත් වේ. ඒ සියල්ල පසෙක තබා එක් නිෂ්චිත වැකියක් මෙහිදී උපුටා දැක්වීම අවශ්‍යය. ‘පාලකයා යනු ඔබේ දරුවන්ගේ උරුමයෙහි හිමිකරුවා නොව තාවකාලික භාරකරුවා ය.’

    මෙය සඳහන් වෙන්නේ මහින්ද චින්තන 2005 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේය. හරිම අගේ ඇති වාක්‍යයක්ය. මහින්ද රාජපක්ෂ පසුගිය වසර නවය පුරා ‘දරුවාගේ උරුමයෙහි හිමිකරුවා’ නොවන බව ක‍්‍රියාවෙන් තහවුරු කර තිබෙන ආකාරය තවමත් හරිහැටි නොදන්නා බොහෝ දෙනෙකු සිටිති. මේ රටේ රාජ්‍ය පාලන නීති රීති සමාජ හර පද්ධති සහ සිරිත් විරිත් මහින්ද රාජපක්ෂගේ සහ පවුලේ අයගේ වුවමනා එපාකම් අනුව බළල් අතක්, කෙළිබිමක් සහ දඩ බිමක් කරගත් ආකාරය පිළිකුල් සහගතය.


    ඒ පිළිබඳ නොදන්න වුන් ගැන අනුකම්පා කරනවා හැර අන් කළයුතු දෙයක් නැත. මේ සඳහා මූලික වී ක‍්‍රියා කළේ මහින්ද ගෝඨා හෝ බැසිල්ය. ඒ ප‍්‍රසිද්ධියේය. අප‍්‍රසිද්ධියේ තිරය පිටුපස සිට ක‍්‍රියා කළ බොහෝ දෙනෙකු ද රාජපක්ෂ පවුලේ තවත් හිඳිති. නාමල් රාජපක්ෂ ඒ අතරින් කැපී පෙනේ. තාත්තාගේ සහ බාප්පාගේ අමාත්‍යාංශවල කටයුතු වෙනුවෙන් නාමල් රාජපක්ෂගේ මැදිහත් වීම කොපමණ දැයි දන්නේ ඒ පවුලේ උදවිය පමණය. එයින් පිට සියලූ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සීයකට අධික පිරිසක් නාමල් රාජපක්ෂට යටත්ව සිටි ආකාරය අත්දැක තිබේ. ඔවුන් ඒ පිළිබඳව යථා කාලයේ බොහෝ හෙළිදරව් කිරීම් කරනු ඇත. ඒ සඳහා ඉඩකඩ විවෘතව තැබීම යෝග්‍යය.


    වැඩි කතා බහට ලක් නොවන රාජපක්ෂ පුත‍්‍රයකු සිටී. ගගන ගාමියකු වීමට සිහින දකිනා රෝහිත රාජපක්ෂ ය. දැන් ඔහු තාත්තාගේ දේශපාලන වේදිකාවට ආනයනය කර සිටී. මෙහිදී කතා කරන්නේ රෝහිත ගැන නොව යෝෂිත රාජපක්ෂ ගැනය. පවුලේ හුරතල් නාමය ‘යෝ බබා’ ය. යෝ බබා දැන් නාවික හමුදාවේ ලූතිනන් වරයෙක්ය. ඔහු නාවික හමුදාවේ ලූතිනන් පදවියට පත්වූයේ නාමල් රාජපක්ෂ නීති උපාධියෙන් සමත් වූ ආකාරයටමය. එනම් නීතියට ඉහළින් සිටින ‘මහින්ද රාජපක්ෂ ජනාධිපති’ තාත්තාගේ බලතල තම ‘දරුවාගේ උරුමය’ වෙනුවෙන් යෙදවීම තුළින්ය. යෝෂිත රාජපක්ෂට ශ‍්‍රී ලංකා නාවික හමුදාව තෝරා දුන්නේ කුමන අරමුණකින්දැයි අපි නොදනිමු. ඒ ඔවුන්ගේ තෝරා ගැනීමය.
    ශ‍්‍රී ලංකා නාවික හමුදාව පිහිට වූයේ 1950 දෙසැම්බර් 09 වෙනිදාය.


    එදා එයට පූර්වාදර්ශ සියල්ල හිමිවූයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙන්ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සම්බන්ධයෙන් අපේ සමාජයේ තිබෙන්නේ මහේෂාක්‍ය පිළිගැනීමක්ය. ‘සුද්දා වාගේ’ යනුවෙන් හඳුන්වන්නේ ඒ නිසාය. නාවික හමුදාවට එම සුද්දන්ගෙන් ලබාදුන් පූර්වාදර්ශ සියල්ල එළෙසින්ම ආරක්‍ෂා කෙරෙන අතර තත්කාලීන ලෝකයේ නවතාවයන්ද එකතු කර ගත් බව නොඅනුමානය. නිදසුනක් වශයෙන් ආධුනික නාවික සෙබළකුගේ සිට ඉහළ නිලයන් සඳහා බඳවාගන්නා ආධුනික නිලධාරීන් සපුරාලිය යුතු අවම මූලික සුදුසුකම් දැක්විය හැකිය.




    ලකුණු රහස



    නාවික හමුදාවේ විධායක අංශයේ ආධුනික ලූතිනන් වරයෙකු වශයෙන් බැඳීමට අවශ්‍ය අවම අධ්‍යාපනික සුදුසුකම් නිර්දේශ කෙරී තිබිණ. අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ ගණිත අංශයෙන් සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතු විය. එහෙත් එම අධ්‍යාපනික සුදුසුකම 2006/ 07 වර්ෂය සඳහා ඉතා සාහසික ලෙස බිඳ දැමීය. සේනාධි නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් අත්සන් තබන ලද අති විශේෂ ගැසට් පත‍්‍රයකින් එය කළේය. ඒ ‘තම දරුවාට උරුමයක්’ සාදා දීම සඳහාය.


    ලූතිනන් ධුරය සඳහා කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි අයද බඳවා ගැනීමට ඉඩකඩ සැලසීය. මේ උරුමය ලබාදුන්නේ රජකුමාර යෝෂිතට පමණක් නොව ඔහුගේ ළඟම යාළුවාද වන දිසානායක සඳහාය. ඒ දෙදෙනාම නාවික හමුදාවේ ලූතිනන් නිලයේ ආධුනික නිලධාරීන් ලෙස ඇතුළත් විය. ඉන් පසුව 2007/ 08 වසර සිට යළි එම අධ්‍යාපන සුදුසුකම් පෙර තත්වයට පත් කළේය.


    නාවික හමුදා විධායක අංශයේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් වශයෙන් උසස් පෙළ ගණිත අංශයේ සම්මාන සහතික අවශ්‍ය බව නිර්දේශ කර තිබෙන්නේ ආවාට ගියාට නොවේ. නාවිකයන්ගේ ගමන් මාර්ග සහ ගමනේ දුර ප‍්‍රමාණයන් ආදී බොහෝ කටයුතු සඳහා ගණිතය අවශ්‍ය වන බැවින්ය.


    මෙසේ බඳවා ගන්නා ආධුනික නිලධාරීන් ත‍්‍රිකුණාමලයේ නාවික හා සාගරික අභ්‍යාස ආයතනයේ පූර්ණ කාලීන පාඨමාලාව හැදෑරිය යුතුය. එම කාලය තුළ පවුලේ අය සමඟ පවා සම්බන්ධතා පැවැත්විය නොහැකිය. මෙම නියමය බිඳීමට යෝෂිත හා ඔහුගේ මිතුරා දිසානායකට ඉඩ ලැබිණ. පාඨමාලාවේ මුල් වසර තුළ න්‍යායික හා ප‍්‍රායෝගික මෙන්ම ශාරීරික අභ්‍යාස වෙනුවට ඔවුන් දෙදෙනාට වායු සමනය කරන ලද කාමර තුළ අධ්‍යාපනික පාඨමාලාව පමණක් විශේෂයෙන් සකස් කර ඉගැන්වීය. එයට හේතු වශයෙන් සඳහන් කරන ලද්දේ පැවැති ත‍්‍රස්තවාදී යුද්ධයේ තර්ජන තිබෙන බැවින් ජනාධිපතිගේ පුතාට විශේෂ ආරක්‍ෂක විධිවිධාන සලසන ලද බවය.




    පැරෂුට් ශිෂ්‍යත්‍වය


    මුල් වසරේ පාඨමාලාව මේ රාජකීය කුමරාට සහ ඔහුගේ මිතුරාට මාස තුනකට සකස් කර දෙන ලදී. එපමණක් නොව වසරක පාඨමාලාවෙන් පසුව අති විශිෂ්ට දක්‍ෂතා දක්වන ආධුනිකයාට මහා බි‍්‍රතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකු වශයෙන් පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලබාදීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. 2006/07 වසර සඳහා මෙම අති විශිෂ්ට සුදුසුකම ලබාගත්තේ අනුරාධපුරයේ දුප්පත් පවුලක ආධුනිකයෙක්ය. ඔහුව කපා දමා රාජකීය පුත‍්‍රයාට හා මිතුරා යන බානටම බි‍්‍රතාන්‍ය ශිෂ්‍යත්ව ලබා දෙන ලදී. එහි මුල් අදියරේ පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව පරීක්‍ෂණයක් පැවැත්වේ. එයින් දිසානායක සම්පූර්ණයෙන්ම අසමත්ව තිබිණ. ඒ නිසා ඔහු පෙරළා මෙරටට පිටත් කර එවීය. එහිදී යෝෂිත ලබාගත් දක්‍ෂතාව පිළිබඳ සහතිකය අප වෙත ලැබී තිබේ.


    එය Professional Prosress Grid සහතික පත‍්‍රය වේ.SLT RNYOC IC X- RAJAPAKSA Y 1002809M 1002809 යනුවෙන් විභාග අංකය සඳහන් වේ. එහි මාර්ග නීති පිළිබඳ විභාගය (Rule of Road Exam&) යටතේ A,B,C,E,F,G යනුවෙන් ඛණ්ඩ හයක්ය. ් A ඛණ්ඩය සමත්වීමට 70% ගත යුතුය. එයින් 80 ලබා තිබේ. ඊ ද 70%ක් ලබාගත යුතු අතර 78ක් ලබා තිබේ. ඉතිරි ඛණ්ඩ හතරම අසමත්ය.C yd E B ඛණ්ඩ ද සමත්වීම සඳහා 70% ප‍්‍රතිශතයක් ලබාගත යුතු අතර ඔහුට ඇත්තේ ලකුණු 49ක් සහ 29 ක්ය. ෑE හී සාමාර්ථ ලකුණු 80%ක් තිබිය යුතු අතර එයින් 57ක්ද G හී සාමාර්ථය ලකුණු 90%ක් තිබිය යුතු වුවද තිබෙන්නේ 36ක්ය. මේ අනුව ප‍්‍රශ්න පත‍්‍ර හයකින් හතරක්ම අසමත්ය.



    නාවික හමුදාවේ ලූතිනන් නිලයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් නොමැති රජකුමාරයාගේ ටිකිරි මොළේ තරම විෂයන් හතක් අසමත් වීමෙන් පැහැදිලි වේ. විභාගයක් අසමත් වීම සාමාන්‍ය දෙයක්ය. ඒ සඳහා මුහුණ දෙන අවස්ථාවේ පවතින ශාරීරික සහ මානසික තත්වයට අනුව බොහෝ දේ තීරණය වන්නේය. කොටින්ම එය දැනුම මත පමණක් තීරණය නොවන්නේය. සත්‍යය එය වුවද ජනාධිපති බලතල යොදවා අඩු සුදුසුකම්වලට බඳවා ගැනීම අවුරුද්දක පුහුණුව වෙනුවට මාස තුනක පුහුණුව මෙන්ම දක්‍ෂතම සිසුවාට ලබාදෙන ශිෂ්‍යත්වය රාජකීය මජරයෙකුට ලබාදීම ආදී හේතු නිසා පරීක්‍ෂණය අසමත්වීම සාමාන්‍ය තත්වය නොවේ. අම්බරුකම ප‍්‍රදර්ශනය කිරීමක්ය. බලලෝභී පවුල් පාලනයක අමනකම් හෙළිවීමක්ය. ලංකාවෙන් මෙම පාඨමාලාව සඳහා යවන අයෙකු මෙයට පෙර අසමත් වී නොමැත.




    කුරුමානම


    නාවික හමුදාවේ ලූතිනන්වරයෙකු වීම යනු වෙහෙසකර අභ්‍යාසයක ප‍්‍රතිඵලයක්ය. විධායක අංශයේ ලූතිනන් වරයෙකු වීම තවත් වෙහෙසකර අභ්‍යාසයක්ය. මන්ද නාවික හමුදාපති දක්වා යා හැකි මාර්ගය සැලසී තිබෙන්නේ මේ ඔස්සේ වන බැවින්ය. රාජකීය නාවික හමුදාවේ පුහුණුවීමෙන් පෙරළිකාර ලංකාවට කීර්තියක් ගෙනදුන් දක්‍ෂතමයන් අතීතයේ බිහිවී ඇත. ඔවුන් ඉහළටම යාම සඳහා නියම සුදුස්සන් බව ඔප්පු කර ඇත්තේය. නමුත් ජනාධිපතිගේ බලතල අනිසි ලෙස යොදා ඉහළට යැවීමේ මාර්ගය සකස් කර තිබෙන විට දක්‍ෂතා අවශ්‍ය වන්නේ නැත. ‘නිල් බලූකාය’ පිහිටුවාගෙන රටේ තරුණ තරුණියන් අනාථ කරමින් පිස්සු කෙළ වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තු ආ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනතාව ගොනාට ඇන්දවීමේ කලාව ක‍්‍රියාත්මක කිරීම පමණය. නාමල් රාජපක්ෂ කරමින් සිටින්නේ එයය.



    නමුත් නාවික හමුදාවත් නිල් බලූකායේ තරමට හෙළන්නේ නම් තත්වය ඉතා බරපතලය. නාමල් පාර්ලිමේන්තුව ඔස්සේ රජ පුටුවට යා හැකිය. ආඩම්බරකාර තාත්තා සිටින තුරු බාධාවක් නැත. ඕනෑම පිස්සුවක් කෙළිය හැකිය. මැතිවරණවලදී ජිල්මාට් දමා වැඩිම මනාප ලබාගත හැකිය. නාමල්ට රජ පුටුව පිළිබඳ ඉලක්කයක් තිබේ. 2020 දී රටේ රජවීමය. ඒ සඳහා නිල් බලූකාය වැනි සංවිධාන ක‍්‍රියාත්මක කෙරේ. බැසිල් බාප්පා හැරුණු විට අනිකුත් සියලූම ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු නාමල්ට ඕනෑ විදියට අල්ලේ නටවමින් සිටින්නේ යුවරජකම දරමින්ය. මේ පවතින ක‍්‍රමය යටතේ ඊට කිසිම බාධාවක්ද නැත. නාමල් රජකරවීමේ ගමනට සමාන්තරව යෝෂිත නාවික හමුදාපති කරවීමේ ක‍්‍රියාන්විතයක් පවතීනම් එය ඉතාම බරපතලය. දැන් සිදු කෙරෙමින් පවතින්නේ නාවික හමුදාව යෝෂිතකරණය කිරීමය. මේ ජඩ ක‍්‍රමය යටතේ රජවීමට කිසිදු පිළිගත් ක‍්‍රමවේදයක් නැතත් නාවික හමුදාවට පිළිගත් නීති රීති හා විනය ක‍්‍රියාමාර්ග ඇත්තේය.


    යම් හමුදාවක ප‍්‍රධානියා වීම අසීරු කාර්යභාරයකි. එය පහසු දේශපාලන ගේමක් නොවේ. එම හමුදාව තුළ පිළිගත් ක‍්‍රම වේදයක් ඇත. එහි පියවරෙන් පියවර ක‍්‍රමයෙන් ඉහළට යා යුතුය. හැකියාවන් වර්ධනය කරගත යුතුය. දස්කම් ප‍්‍රදර්ශනය කළ යුතුය. යෝෂිත රාජපක්ෂ මේ ක‍්‍රියාවලිය වෙනුවට යුද්ධය පැවැති සමයේ රාජකීය ආරක්‍ෂාව යටතේ හිටියේය. යුද්ධය අවසන් කළ පසුව අළු ගසා දමා පූස් පැටවකු සේ එළියට ආවේය. රගර් ක‍්‍රීඩාව රාජපක්ෂ පවුලේ බූදලයක් කර දී රාජකීය පුතුන්ගේ මජර ශරීර සෙලවීමට තෝ තැන්නක් කරගත්තේය. යෝෂිතගේ කාර්ය වන්නේ රගර් ගැසීමය. අරලියගහ මන්දිරයේ ලැග සිටිමින් තම මිත‍්‍රයා වන දිසානායකද එහි ගෙන්වාගෙන රගර් ගැසීමය. යෝෂිත කුමක් කළ ද නාවික හමුදාවේ විනය මුළුමනින්ම බිඳ දැමීමට දෙවරක් නොසිතයි. ඕනෑම පිස්සුවක් කෙළීමට කිසිවක් බාධා කරගන්නේ නැත.


    පරිවාර සේනා


    නාවික හමුදාවේ ලූතිනන් වරයකුට සහයකයකු මෙන්ම ආරක්‍ෂකයකු වශයෙන් නාවික සෙබළකු ලබාදේ. බඩියා යනුවෙන් ඔහුව හැඳින්වේ. සාමාන්‍ය තත්වය එසේ වුවද ලූතිනන් යෝෂිතට තිබෙන්නේ රාජකීය තත්වයක්ය. රාජකීය කුමාරයකු ලූතිනන් නිලයේ සිටීම නිසාය. ඔහුට බඩියකු දීමේදී රාජකීය සැළකිල්ලක් කිරීමට සේනාධිනායක ආඩම්බරකාර තාත්තාට යුතුකමක් තිබෙන බව තහවුරු කර ඇත. ඒ යෝෂිත රාජපක්ෂගේ බඩියා ලෙස ඉහළ නිලයක් වන ‘ලූතිනන් කමාන්ඩර්’ කෙනෙකු පත්කර සිටීමය.


    මෙය නාවික හමුදාව තුළ දැනට දෘෂ්‍ය මානව තිබෙන එක් දෙයක් පමණය. මතුපිටට නොපෙනෙන බොහෝ දේද රාජකීය කුමාරයා නිසා සිදු කෙරෙමින් පවතී. මේ අතර ප‍්‍රධානම දෙය වන්නේ ගොට්ට අල්ලන්නන්ට ඉහළ වරප‍්‍රසාද සහ ඉහළට යාමේ ‘ෂෝට් කට්’ නිර්මාණය වී තිබීමය. මෙය නාවික හමුදාව තුළ ඉතා බරපතල තත්වයක් ය. වසර හැටක පමණ නාවික හමුදා ඉතිහාසයේ සිදු නොවූ විනය බිඳ දැමීම් මේ නිසා සිදු කෙරේ. නීති බිඳ දැමීම් සිදු කෙරේ. යෝෂිත රාජපක්ෂගේ නිල නොවන බඩියන් සේ ක‍්‍රියාකරන තවත් කීප දෙනෙකුම සිටී. රියර් අද්මිරාල් රොසයිරෝ සහ ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් බණ්ඩාර ඒ අතර කැපී පෙනේ. මොවුන් අයථා ලෙස උසස්වීම් ලබමින් සිටින්නෝය. වන්දි භට්ටකම් කරන ඉහළ නිලයන්ය. සේවා දිගු කිරීම් ද හිමි වේ. එසේ නොකරන අයට ඉක්මනින්ම ගෙදර යාමට සිදුවේ. දක්‍ෂයා කැපී යයි. වන්දි භට්ටකම් කරන අදක්‍ෂයා ඉහළ යයි.


    රාජකීය විදේශ සංචාර ලැබීම යෝෂිතට තිබෙන විශේෂ වරප‍්‍රසාදයක්ය. එමෙන්ම නාවික හමුදාවේ ලූතිනන් වරයකු සහභාගී නොවන සිවිල් කටයුතු හා රාජ්‍ය උත්සව වලටද සහභාගී වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදාක සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වීම විශේෂයෙන් කැපී පෙනේ. මෙය තනිකරම මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප‍්‍රචාරක වැඩක් ලෙස සංවිධානය කර තිබුණු උත්සවයක් ය. යෝෂිත එහි සිටි අයුරු රූපවාහිනී නාළිකාවලින් දැක ගත හැකි විය. දේශපාලනය නාවික හමුදාව තුළ ඉතා තදින් සහ යටින් ක‍්‍රියාත්මක කෙරෙමින් පවතී. ඒ එක් ඉලක්කයක් සහිතවය. ‘පවුලට කිරි -රටට කැකිරි’ න්‍යායට අනුවය. නාමල් රාජපක්ෂ රජ කරන කාලවකවානුවකදී යෝෂිත නාවික හමුදාපති කරවීම ප‍්‍රධානම දේශපාලන ව්‍යාපෘතියයි. ඒ සඳහා බාධාවක් වන නිලධාරීන් කල්තියා විශ‍්‍රාම යැවෙන ආකාරයේ ක‍්‍රියාවලි ගණනාවක් පවතින බව හෙළි වී තිබේ.




    ජිල්මාට් රහස්



    එයට අමතරව දැන් හදිසි තත්ත්වයක් මතුව තිබේ. මහින්ද රාජපක්ෂ ‘ඉල්ලං කෑමක්’ කරගත් ජනාධිපතිවරණ ය එයයි. හැමදේටම පෙර රාජපක්ෂ පවුල ආරක්‍ෂා වීමට නම් මහින්ද රාජපක්ෂ නීතියට ඉහළින් සිටින විධායක ජනාධිපති පුටුවේ සිටිය යුතුය. එය බිඳී ගියහොත් පවුලේ සියලූ දෙනාටම උන් හිටි තැන් අහිමි වෙන බව අමුතුවෙන් කිවයුතු නැත. දැන් ජනාධිපතිවරණයේ පරාජයෙන් බේරීමේ සියලූ ක‍්‍රියාමාර්ග දියත් කෙරෙමින් තිබේ. වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ යෝෂිත රාජපක්ෂට වෙන් කර තිබෙන සුඛෝපභෝගී කාමරයේ අති විශේෂ රහසිගත සාකච්ඡුා පසුගිය දිනවල පැවැත්වීය. එය අවට විශේෂ ආරක්‍ෂාවක්ද යොදා තිබිණ. ඒ පිළිබඳ තොරතුරු ‘ලංකා’ මගින් පසුගිය සතියේ හෙළි කළේය. නාවික හමුදාපති අද්මිරාල් නිලධාරියාව මෙහෙයවන්නේ ලූතිනන් වරයෙක්ය. ජඩ දේශපාලන ගේම්වලට අලගු තැබීමට යාමෙන් මෙවැනි පිළිකුල් සහගත ක‍්‍රියා කොපමණකට නම් යටවිය යුතුද?
    මෙයට පෙර හෙළිවූ තොරතුරු අනුව නාවික හමුදා මූලස්ථානයේ රහසිගත මුද්‍රණ යන්ත‍්‍රයක් පිළිබඳව අනාවරණය විය. ගෝඨාගේ කතා බලෙන් ඇස්සවීම සිදුවේ. එපමණක් නොව දේශපාලන පිල් මාරු කරන කලාකරුවන්ගේ ගේම්වලටද නාවික හමුදාව යොදා ගත්තේ මේ මෑතක බව කාට නැතත් අපට මතකය. සොල්දාදුවන් ගෙන් රුපියල් 100/- කපාගෙන චිත‍්‍රපටියක් පෙන්වූයේ නාවික හමුදාව දේශපාලනීකරණය වීම සහ ඊටත් වඩා පවුලේ බූදලයක් කර ගත් නිසාය. දැන් එයට වඩා තීරණාත්මක ගේමක් ක‍්‍රියාත්මක වේ. පෙනෙන ආකාරයට චමල් රාජපක්ෂ හැර අන් සියලූ දෙනා එකාවන්ව ගහන දේශපාලන ගේමක්ය. ගගනගාමියකු වීමට ‘මැදමුලන බූදලයෙන්’ සල්ලි වියදම් කරන රෝහිත රාජපක්ෂ පවා ගෙන්නාගෙන ආඩම්බරකාර තාත්තා වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරයේ යෙදීමට සිදුවන තරමට තත්වය බරපතල වී ඇත.


    මෙවැනි තත්වයක් තුළ යෝෂිත රාජපක්ෂ වෙනම දේශපාලන ගේමක් ගෙනියමින් සිටී. දැනට තොරතුරු අනාවරණය වන අන්දමට ඉංජිනේරු අංශයේ රියර් අද්මිරාල් එම්.යූ.කේ.පී. බණ්ඩාර එම දේශපාලන ගේමේ විශාල වැඩ කොටසක් යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් කරමින් සිටී. මේ සඳහා ඩබල් කැබ් රථයක් සහ ෆෝක්ස්වැගන් රථයක්ද වෙන්කරදී තිබේ. මේ සියලූදෙනා සහභාගී වූ විශේෂ රහස් සාකච්ඡුාවක් පසුගිය 30 වැනිදා පැවැත්වූ බව හෙළිවීමෙන් දැන් සාකච්ඡුා කරන ස්ථාන වෙනස් කර තිබේ. නිල් බලූකායේ ක‍්‍රියාකාරීන්ගේ සහෝදරයන් කීප දෙනෙක් නාවික හමුදාව තුළ සිටින බවද ඔවුන් දේශපාලන ගේමක සක‍්‍රීය කොටස්කරුවන් ලෙස සිටින බවද මේ වනවිට හෙළි වී තිබේ. මුළු රටම පවුලක බූදලයක් කරගෙන විදේශිකයන්ට සාප කිරීමේ අවස්ථාව උදාකර දී තිබේ. ඒ අතර රටම පවුලේ කෙළි බිමක්, දඩ බිමක් සේම රාජ්‍ය ආයතන සියල්ල බළල් අත් කරගෙන තිබියදී නාවික හමුදාව පමණක් එයින් ගැළවී තිබිය නොහැකිය. එය යෝෂිත රාජපක්ෂගේ සෙල්ලම් පිට්ටනියක්ය. සියලූ අවකෙළි එළිපිට සිදු කළද කිසිවකුත් කටේ කෙළ බිඳක් එයට එරෙහිව හෙළන්නේ නැත. එහෙත් මේ වනසන්නේ රාජපක්ෂ දරුවන්ගේ උරුමයක් නොව රටේ දරුවන්ගේ අනාගත උරුමයන් බව අවධාරණය කිරීමට සිදුව තිබේ. නාවික හමුදාව තිබෙන්නේ යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නොව රටේ ආරක්‍ෂාව වෙනුවෙන්ය. එය අප්පලාගේ පුතාලගේ කෙළිබිමක් නොවේ.




    ප්‍රියදර්ශන දයාරත්න
    ලංකා
    2015 ජනවාරි 07 විශේෂ කලාපය



    අඩු දස්කම් නිසා 2007න් පස්සෙ බ්‍රිතාන්‍ය නාවික පුහුණුව ලංකාවට නෑ

    දිලංක ගුණතිලක

    බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු පාසලේ නාවික පුහුණු පාඨමාලාවට ශ්‍රී ලාංකික නාවික හමුදා කැඩෙට් නිලධාරීන් 2007 වර්ෂයෙන් අනතුරුව සහභාගි කරවාගෙන නැති බවට වාර්තා වෙයි.

    ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම පුහුණුව සඳහා අවසන් වරට සහභාගි වූ ප්‍රභූ පවුල් නියෝජනය කරන කැඩෙට් නිලධාරීන් එම පුහුණුවට සහභාගි වී දැක්වූ අඩු දස්කම් නිසාවෙන් යැයි නාවික හමුදා ආරංචි මාර්ග වාර්තා කරයි.
    අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 2015 ජනවාරි 26 වැනි දින ආරක්ෂක ලේකම්වරයා විසින් කළ නියෝගයකට අනුව 2015 ජනවාරි 27 වැනි දින නාවික හමුදාපතිවරයා විසින් රියර් අද්මිරාල් ඩී.බී.එම්. වෑත්තෑව (සභාපති) කොමදෝරු යූ.එස්.ආර්. පෙරේරා සහ කොමදෝරු එම්.එම්.ජී.බී. මැද්දෙගොඩ යන නිලධාරීන් ඇතුළත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව විසින් සකස් කළ පරීක්ෂණ වාර්තාව 2015 පෙබරවාරි 23 වැනි දින එවකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා වෙත භාර දී ඇත.

    මේ පිළිබඳව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් 'මව්බිම' කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කෙළේ එම සිද්ධියට අදාළ පුද්ගලයා පිළිබඳ වෙනත් සිද්ධියකට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම සිද්ධියට අදාළව ඔහු මේ වන විට නාවික හමුදාවෙන් වැඩ තහනම් කර ඇති බවත්ය.
    ඔහුට එරෙහිව ක්‍රියාත්මක අදාළ අධිකරණමය කටයුත්තෙන් ඔහු නිදහස් වුවහොත් අදාළ ත්‍රිපුද්ගල වාර්තාවේ නිරීක්ෂණ අනුව අදාළ පුද්ගලයා පිළිබඳව නාවික හමුදා පරීක්ෂණයක් සිදු කළ හැකි බව නාවික හමුදාපතිවරයා පැවැසීය.


    - http://mawbima.lk/140-109261-news-detail.html

    From : ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක්ම දීන වූ හැටි

    අපොස සා/පෙල වැඩ 6 ක් අසමත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට ගිය හැටි: ලක්ෂ 217 ක් මහජන මුදල් වියදම් කර ආචාර්ය උපාධියක් ගන්න හැදූ හැටි -වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙලිකරයි (Video)

     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Chaura Rejina pothath kiyawala iwara wela chandrikage hodanna gaththanam thama honda!!
    Waters edge ganadenuwen Usawiyen dhada kaapu ekama madida??
     
    Last edited:
    • Like
    Reactions: Mr.Robot

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mqdefault.jpg
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    එලම ..... ඒත් අන්තිම ටිකට එකඟ නැ .... විමුක්ති කුමාරතුංග ආව කියල මුකුත් වෙනසක් වෙනෙකල් නැ .... විමුක්ති ආවත් නිකන් උවිඳු විජේවීර වගේ වෙයි ... දැන් බණ්ඩාරනායක ල විජේවීර ල වගෙ පරණ දේශපාලනය ඉවරයි ...

    අනික මෙ post එක මම හිතන විදියට ලියල තියෙන්නෙත් 2015 - 2018 අතර වෙන්න ඕනි .... ඉතින් ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා ...

    ඒත් .... රාජපක්ෂ පෞලේ දූෂණ වංචා කාලයේ වැලි තලාවෙන් සැඟවී නොයා යුතුය .... ඔවුනට ඉක්මනට දඬුවම් ලැබේවා යැයි අපි පතමු !!!


    6-Vimukthi-Kumaratunga-son-of-former-President-Chandrika-Bandaranaike-Kumaratunga.jpg

    ☝️ විමුක්ති කුමාරතුංග