‘සතොස’ නමින්ම සතොසින් සහල් ගන්න දැන් පුළුවන්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,450
    8,605
    113
    Sathosa-Rice.png

    ජාතික ‘සතොස’ සන්නාමය යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීමේ පළමු අදියර රජය විසින් ආරම්භ කර ඇත.

    මෙම වැඩසටහන ඊයේ (18) නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටි ලංකා සතොස අලෙවිසැලේදී ඇසුරුම් කරන ලද නාඩු සහ සුදු කැකුළු සහල් නිකුත් කිරීමත් සමඟ ආරම්භ විය.

    මෙම අවස්ථාවට ජාතික සමුපකාර තොග වෙළඳ ආයතනයේ සභාපති කෝසල විල්බාව සහ ලංකා සතොස සභාපති සමිත පෙරේරා සහභාගී වූහ.

    ඒ අනුව, දිවයින පුරා පාරිභෝගිකයින්ට ලංකා සතොස අලෙවිසැල් හරහා අලුතින් හඳුන්වාදුන් ජාතික සතොස සන්නාමය යටතේ එන නාඩු සහ සුදු කැකුළු සහල් මිලදීගැනීමට හැකි වනු ඇත.

    ශ්‍රී ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතනයක් වන ජාතික සමුපකාර තොග වෙළඳ ආයතනය, පෙර පරිපාලනය යටතේ වසාදැමීමට කලින් නියම කර තිබිණි.

    කෙසේවෙතත්, නව ආණ්ඩුව ජාතික සමුපකාර තොග වෙළඳ ආයතනය නැවත පණගැන්වීය.

    ජාතික සමුපකාර තොග වෙළඳ ආයතනය ක්‍රමයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 23ක් සාධාරණ මිල ගණන් යටතේ වෙළඳපොළට හඳුන්වාදෙනු ඇත.

    ගුණාත්මක භාණ්ඩ හිඟය තුරන්කරමින් ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,485
    113
    අයිස් ක්‍රීම්nuth තියෙනව මන් හිතන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    අල, ළූනු, මිරිස් කරල්, හල්මස්සෝ, සැමන්, සීනි, පරිප්පු, හාල්, ධාන්‍ය.... ගන්නවා නම් සතොස මරු. හැබැයි හැම වෙලේම හොඳම බඩු නෑ. සෙනසුරාදා උදේට මම යන්නේ. වෙන තැන් වල සීනි/ ධාන්‍ය වර්ග 1kg පැකට් එකට රු. 20ක් විතර වැඩියි. සබන් bundle offers තියෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සතොස කියන්නේ හොර කන්නේ නැත්තම් හොඳටම ලාභ ගන්නත් පුළුවන් වගේම මාර අඩුවට විකුන්නත් පුළුවන් තැනක්
    අඩුවට විකුණුවම ආණ්ඩුවට ටැක්ස් අඩුවෙනවා කියල දන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: Jihadi john

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    මම නම් කියන්නේ ආණ්ඩුව කවදාවත් බිස්නස් කරන්න හොද නෑ.. බිස්නස් වලට දෙන්න පුලුවන් ඉන්ෆා එක ආණ්ඩුවෙන් හදන්න ඕන.
    අපේ පැත්තේ සතොස , ගරා වැටිච්ච, ජරාවක් තමයි. වැඩ කරන උනුත් එහෙම්මමයි. පෝලිමේ 100 ක් හිටියත් උන් වැඩකරන්නේ උන්ට ඔන ස්පීඩ් එකෙන්. හැමෝම අලුත් අලුත් දේ දුන්නත් ඕක තමයි ඇත්ත. අකාර්යක්ෂමයි. සමහර බඩුත් කොලිටි නෑ.

    කීල්ස් ප්‍රයිවට් ඒවා බලපන් . මාරම ඇක්ටිව්. මම නම් කියන්නේ ආණ්ඩුවයි ප්‍රයිවට් දෙකම මික්ස් වෙලා මේවා කරන්න ඔන. වැඩිය ඖන නෑ. බලපන් සතොස තියෙන ස්පේස් එකයි. කීල්ස් එකයි කම්පෙයා කරලා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator

    pissu huttawal! lankawe gobbeyanta thiyenawa hama huththama anduwen koranna ona pissuwak - ganita hukana ekath anduwen sampoopen karanawam mun kamathi!
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    Sathosa-Rice.png

    ජාතික ‘සතොස’ සන්නාමය යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීමේ පළමු අදියර රජය විසින් ආරම්භ කර ඇත.

    මෙම වැඩසටහන ඊයේ (18) නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටි ලංකා සතොස අලෙවිසැලේදී ඇසුරුම් කරන ලද නාඩු සහ සුදු කැකුළු සහල් නිකුත් කිරීමත් සමඟ ආරම්භ විය.

    මෙම අවස්ථාවට ජාතික සමුපකාර තොග වෙළඳ ආයතනයේ සභාපති කෝසල විල්බාව සහ ලංකා සතොස සභාපති සමිත පෙරේරා සහභාගී වූහ.

    ඒ අනුව, දිවයින පුරා පාරිභෝගිකයින්ට ලංකා සතොස අලෙවිසැල් හරහා අලුතින් හඳුන්වාදුන් ජාතික සතොස සන්නාමය යටතේ එන නාඩු සහ සුදු කැකුළු සහල් මිලදීගැනීමට හැකි වනු ඇත.

    ශ්‍රී ලංකාවේ පැරණිතම රාජ්‍ය ආයතනයක් වන ජාතික සමුපකාර තොග වෙළඳ ආයතනය, පෙර පරිපාලනය යටතේ වසාදැමීමට කලින් නියම කර තිබිණි.

    කෙසේවෙතත්, නව ආණ්ඩුව ජාතික සමුපකාර තොග වෙළඳ ආයතනය නැවත පණගැන්වීය.

    ජාතික සමුපකාර තොග වෙළඳ ආයතනය ක්‍රමයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 23ක් සාධාරණ මිල ගණන් යටතේ වෙළඳපොළට හඳුන්වාදෙනු ඇත.

    ගුණාත්මක භාණ්ඩ හිඟය තුරන්කරමින් ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
    මේක හොද වැඩක් . ගුල්ලෝ ගහපු නැති , ගද නැති හාලක් තරගකාරී මිලකට දෙනවා නම් හොදම වැඩක් .

    අනිත් දේවලුත් මුන්ට බ්‍රෑන්ඩ් කරන්න පුළුවන්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    රවියා විකුණන්න කලින් නම් ඕවා තිබ්බා එලියේ කඩවලත් ගන්න. ඒ කලේ සතොස කියන්නේ ලංකාවේ තිබ්බ ලොකුම බිස්නස් වලින් එකක්. ආණ්ඩුව වාහනයක් ගත්තාත් සතොසෙන් තමා ගන්නේ. ලංකාවේ isusu කලෙත් සතොසෙන්. වික්කට පස්සේ නමත් නැහැ. සතොස නමත් අයිති private company එකකට.
     
    • Like
    Reactions: War Fighter