‘සෝවාන් ඵලය’ ~~~

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    පින්වත් naveenenushan,

    "අපි නිවන හැමතැනම හොයන්න ගිහින්" යැයි ඔබ ලියා ඇති දේ මදක් අපැහැදිලියී. කුමක්ද එයින් අදහස් කලේ? එකම එක බුද්ධ ශ්‍රාවකයෙක් හරි ඒ ආකාරයට නිවන හැමතැනම හොයන්න යන බවක් ඔබ දැක තිබෙනවාද? ඔබ එහෙම හොයන්න ගොස් තිබෙනවාද?

    Skylark

    ඔව් මාත්(මගේ සිතුවිලිත් ) ඉස්සර ගියා,

    ගොඩක් අය පන්සලේ හොයන්න යනවා, භාවනා කරන්න හොද තැනක් සෙට් වෙනකන් ඉන්නවා,
    සමහර අය පොත් පත් වල හොයනවා, වෙන ලෝකෙක ඇති කියල හිතෙනවා ,දෙවිකෙනෙක් වෙන්න හිතනවා, පින් කරාම විතරක් නිවන් දකිනවා කියල හිතනවා,

    ධ්‍යාන පස්සේ යනවා , භාවනා කරන කොට එන නිමිති දිගේ යනවා.

    එක එක දේවල් හිත හිත ඒවා පස්සේ යනවා තේරුම් ගන්නේ ටික දෙනය් එක්කෝ පරක්කු වැඩි.

    ගොඩක් අය හොයන්නේ එළියේ , එක ටින්නේ අතුලේ . එහෙම නේද ?

    :yes::yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    බුද්ධ ශ්‍රාවකයෙක් තමන්ගේ දෘෂ්ටිය නිවැරදි වීමට කලින් නිවන ඇත්තේ වෙන ලෝකයකය, බුදුරජානන් වහන්සේ එය වෙත පමුණුවන මඟ කී සේක වගේ වැරදි දෘෂ්ටියකින් හිටියොත් එම පුද්ගලයා නම් නිවන තමන් තුල සෙවීම බැහැරලා නිවන වෙන තැනක ඇතැයි යන අදහසින් නිවන වෙන තැනක සොයන කෙනෙක් ලෙස කියන්න පුළුවන්.

    නමුත් පන්සල් යෑම, භාවනා කරන්න හොද තැන් සෙවීම, පොත් පත් වල දහම් කරුණු සෙවීම, ධ්‍යාන සෙවීම, භාවනා කරන කොට එන නිමිති සුදුසු පරිදි පරික්ෂා කර බැලීම ආදී කවර දේ කරත් ඒ බුද්ධ ශ්‍රාවකයින් බොහෝ දෙනෙක් නිවන සොයා ගත යුත්තේ වෙන තැනකය යන අදහසින් නොවෙයි නේද ඒ කාර්යයන් කරන්නේ? මම නම් දකින්නේ ඒ අය බොහෝ දෙනෙක් නිවන තමන් තුලම සොයා ගත යුතුය යන අදහසින් ක්‍රියා කරන අය. ඒ ක්‍රියාවන් ඔවුන් කරන්නේ තමන් තුලම නිවන සොයා ගැනීමට උපකාර වන ක්‍රියාවන් ලෙසයි මම දකින්නේ.

    ඒ නිසා ගොඩක් අය නිවන සොයන්නේ තමන් තුලමයි, එළියේ නොවෙයි ලෙස දැකීම නේද සුදුසු?

    Skylark