‘හලාල්’ අවජාතකයි..

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ‘හලාල්’ අවජාතකයි..

    ‘හලාල්’ අවජාතකයි.. අංගවිකලයි… කොහොමවත් ඕනෑ නෑ

    gala.-Gnasara-tero.png



    2006 වසරේ දී හලාල් සහතිකය නිකුත් කිරීමට රජය අවසර ලබාදුන්න ද 2007 වසරේ දී එය අවලංගු කර ඇති පසුබිමක දී මින් ඉදිරියට මෙරටට හලාල් සහතිකයක් අවශ්‍ය නැති බව ‘බොදු බල සේනා’ සංවිධානය පවසයි.

    රජය යටතේ හෝ හලාල් සහතිකය නිකුත් නො කළ යුතු බවත්, අන්තවාදීන්ට අසු වී අමාරුවේ නො වැටෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත්, බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

    උලමාවරුන් විසින් හලාල් නමින් අවජාතක, අංගවිකල දරුවෙකු බිහිකර ඇති බවත්, එම දරුවා සුජාත කර ගැනීමට උප්පැන්නයක් ලියා ගැනීමට සඳහා මහානායක හිමිවරු හා ආණ්ඩුවේ පස්සෙන් යන බව ද ඥානසාර හිමියන් ප‍්‍රකාශ කළ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    හලාල් නිපදවන අමුද්‍රව්‍ය නිපදවන උපකරණ, යන්ත‍්‍රානුසාර ඇසුරුම්, ප‍්‍රවාහන ආදී සියල්ල ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ ඉටුකළ යුතු බැවිනුත්, සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලිය ම හලාල් විය යුතු බැවිනුත්, හලාල් නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළ යොදාගන්නා සේවකයන් හුවමාරු කළ නො හැකි බැවිනුත්, හලාල් හා හලාල් නො වන ලෙස භාණ්ඩ වර්ග දෙවර්ගයක් නිපදවීම හා හලාල් සහතිකය නිකුත් කිරීම ආණ්ඩුවට කළ හැකි බවට ද උලමා සංවිධානයේ යෝජනාවක් කිසිසේත් ම ක‍්‍රියාත්මක කළ නො හැකි ඒවා බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

    ඒ අනුව එක ම ආයතනයක් තුළ හලාල් හා හලාල් නො වන දේ නිපදවීම, බෙදා හැරීම, විකිණීම ‘හරාම්’ වන බවත්, එය ඉස්ලාම් දහම අනුවත් කිසිසේත් ම ප‍්‍රායෝගික නො වන කර්තව්‍යයක් බව ද ඥානසාර හිමියෝ පැවසූහ


    http://lankacnews.com/sinhala/news/91186/