රට තුළ ඩොලර් හිඟයක් නොමැති බවත් ආනයනයන් ඇතුළු කාර්යයන් සඳහා අවශ්‍ය ඩොලර් තිබෙන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
මහ බැංකු අධිපතිවරයා එලෙස පැවැසුවේ, ඊයේ (08) ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති වැඩසටහනකදී ය.
ඩොලර් හිඟයක් තිබේ නම්, පසුගිය වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 22ක භාණ්ඩ ද, පසුගිය මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 2ක භාණ්ඩ ද මෙරටට ආනයනය කළේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේ ය.
ඩොලර් හිඟයක් ඇතිවී ඇත්තේ, ඩොලර් නොමැතිකම නිසා නොව ඩොලර් සඳහා අධික ඉල්ලුමක් පැවතීමේ හේතුවෙන් බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටි අතර ඒ සඳහා කළ යුත්තේ ඩොලර් උපයා ගැනීම සඳහා විකල්ප මාර්ග සහ ක්‍රමවේද සොයා ගැනීම බව ද පවසා සිටියේ ය.
ඩොලර් සඳහා ඉල්ලුමක් පැවතීම නරක දෙයක් නොවන බව ද සිදු කළ යුත්තේ පරිභෝජනය අඩු කිරීම නොව ඩොලර් උපයන විකල්ප මාර්ග සකසා ගැනීම බව ද වැඩිදුරට ත් ප්‍රකාශ කළේය.