“අභිධර්මය අබුද්ධ දේශිතයකැ” කියා බුදු පියාŝ
“අභිධර්මය අබුද්ධ දේශිතයකැ” කියා බුදු පියාණන්ට බැන්නේ ඇයි කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ?
පහත පුන්කලස සිලුමින ලිපිය බලන්ණ...........
ලිපියේ පෙර වදන අනුව මෙම ලිපිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් විසින් තම වදනින්ම කල , කිසිදු සංස්කරණයකට ලක් නොවූ එකක් බව පැහැදිලිව සඳහන් වේ. උන් වහන්සේ පවසන පරිදි 500 ක් වූ භික්ෂූන් වහන්සේට නායකත්වය දෙන එතුමා සිය නායකත්වයට සාධාරණයක් මෙම ලිපියෙන් ඉටු කොට ඇතිදැයි යන්න විමසා බැලීමේදී අපිට ඇති වූයේ බලවත්ම සංවේගයකි.
ධර්මයේ චිර ජීවනය පතන අපි, මුලින්ම උන් වහසේගේ ලිපියේ අපි රතු පැහැයෙන් ලකුණු කොට ඇති කොටස ගැන අවධානය යොමු කරමු. අපි දන්නා පරිදි අති පූජනීය හේන්පිටගෙදර ඤාණසීහ මාහිමිපාණන් අභිධර්මය රැක ගැනීමට උර දුන් ශ්‍රේෂ්ඨ උතුමෙක් විනා එයට විරුද්ධ වූ අයෙක් නොවේ. පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමිගේ සම කාලීන උතුමෙකි. ඒ අනුව පූජ්‍ය කිරිබත්ගොඩ හිමි පවසන පරිදි ඉහත උතුමාගේ ගේ පොතක් කියවූ සැනින් අභිධර්මය පිළිබඳ සැක ඇති වීම අදහා ගැනීමටවත් අපහසු, උත්තම පුද්ගල ගර්හාවකි. ගෙවා අවසන් කල නොහැකි පාප කර්මයකි. එම උතුමා ආර්ය තත්වය ලබා අපවත් වී ඇත්නම්, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි ආර්යෝපවාද කර්මයද කරගෙන නිවන මට එපා යයි කීමක් තරම් ප්‍රභල පාපයකි. කියන ලද පොත කියෙව්වේ පළමුව අඩු තරමින් අභිධර්මය හැදෑරීමේ උත්සාහයක් ගෙන දෝයි යන්න සඳහන් කර නැත. පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි මේ තරම් ප්‍රසිද්ධ නුවූයේ නම්, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි ට අභිධර්මය පිළිබඳ සැක, රේරුකානේ චන්දවිමල මහනාහිමි ආර්ය උතුමාගේ පොත කියවීමෙන්ම ඉපදුන බව පවසනු ඇත. එය අත පුච්චා ගැනීමක් සේ සලකා වැලකුණාදැයි අපිට සැක මතු වන්නේ මෙහිදීය. මහමෙව්නා ශ්‍රාවකයිනී පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගැන ඔබගේ ශ්‍රාස්තෲ තුමාගේ අදහස් විමසන්න. කිසිම තැනක පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි උතුමාගේ ශාසන කර්තව්‍ය ගැන අගය කිරීමක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි විසින් කරනු අපි දැක/අසා නැත්තෙමු. එය ගැටළුවක් නේද?
අපගේ වාසනාවකට අති ඝාම්භීර වූ අභිධර්මය රසවත්ව සිංහලෙන් ඉගෙනීමට සියළු පහසුකම් පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි සම්පාදිත පොත් දෙකක් තුලම ඇත, ඒවා ධර්ම ඝවේෂී උතුම් සංඝරත්නය විසින් අත් පොත් ලෙස භාවිත කිරීම අදත් බහුලව සිදුවේ. අභිධර්මයේ ඉගැන්වීමක ඇති ඕනෑම ගැටළුවකට කෙලින්ම පිළිතුරු එවායේ සොයා ගැන්මට ඇතැයි කීවද එය අතිශෝක්තියක් නොවන තරමට ඒවා පරිපූර්ණ යැයි කිව හැක. මන්ද එම පොත් රචනා කළ පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි උතුමා විසින් ඒ සඳහා සිය ශක්තිය යෙදෙව්වේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිද නහය ලඟටම එරී ඇති මිත්‍යාදෘෂ්ඨිය නම ගොහොරුවේ එවකට සිටි විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන් ද එරී පණ අදිමින් සිටි කලකය.
තමන් අති පණ්ඩිත යැයි සිතා ගත් සත්‍ය වශයෙන්ම ගැඹුරු දහමක් ධාරණය කර ගැනීමේ නොහැකියාව ඇති විශ්ව විද්‍යාල මහාචාර්ය වරු එම හිරි ඔතප් රහිත යමෙක්ට කල හැකි ඉහලම පාප කර්මය එනම් “අභිධර්මය අබුද්ධ දේශිතයකැ” මිත්‍යාදෘෂ්ඨියට බැස ගත්හ. පිහිටක් පදනමක් නැති එම මිත්‍යාදෘෂ්ඨියට පිළිතුරු දී බිඳ දමා ඇත්තේ අන් කවුරුත් නොව මහාචාර්ය පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින්මය, බලන්න, අභිධර්මයේ මූලික කරුණු පොතේ පිටු ix වලින් පටන් ගන්නා සංඥාපනය. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමි සිය බැබලීමට එකම පිහිට කර ගන්නා සූත්‍ර පිටකය ගැන විග්‍රහයක්ද එහි අඩංගු කර ඇත්තේ හරියටම මහමෙව්නාවේ ඔබ වෙනුවෙන්දැයි අපිට පුදුම සිතේ.
මිත්‍යාදෘෂ්ඨියහි බරපතල කම බුදු වදනින්ම සඳහන් වන්නේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහිය, බලන්න.