“කාලකන්නියෙක්!!!”

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    “කාලකන්නියෙක්!!!”

    couple-on-the-bus.jpg

    “කාලකන්නියෙක්!!!”


    බස් රථය සෙමෙන් ගමන් ඇරඹුවේය. යළිත් මම මට අසුන් කිහිපයක් ඉදිරියෙන් සිටි තරුණ යුවල දෙස බැලීමි. තරුණයා අනුකම්පා සහගත හැසිරීමක හෝ රඟපෑමක නිරතවන බවක් මට හැඟුනි. තරුණිය තරමක් රූමත් තැනැත්තියක් වූ අතර ප්‍රසන්න ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටියාය. තරුණයා කෙරෙන් දිස්වූයේ එතරම් ප්‍රියමනාප පෙනුමක් නොවේ. හේ හැඳසිටි ඩෙනිම් කලිසම හා ටී ෂර්ටයෙනුත් පීරා නොතිබූ කෙස් කලඹිනුත් පෙන්නුම් කළ ඔහුගේ රස්තියාදුකාර පෙනුම දින කිහිපයකින් නොකැපූ රැව්ලෙන් තීව්‍ර වී පෙනුනි. මඳ වේලාවකින් තරුණිය තරුණයා වෙත සමීප වී ඔහුගේ උරහිස මත සිය හිස තබාගත්තාය.

    "පව් අර අහිංසක කෙල්ල"

    මසිත මිමිණුවේය. මද වේලාවකින් තරුණයාට දුරකතන ඇමතුමක් ලැබුනි. ඒ මිතුරකුගෙන් විය යුතුය. මොහු එනතෙක් මිතුරන් මඟ බලා හිඳිනවා විය හැක. ඇමතුමෙන් පසු තරුණයා ශෝකී මුහුණක් මවා පෑවේය. තරුණියද ඔහුගේ ගැටයට හසුවූ බවක් පෙනෙන්නට තිබුනි.

    "කෙල්ලව හොඳට අන්දනවා"

    යළිත් මසිතයි ඒ. දිගු කතාබහකින් පසු තරුණිය සිය පසුම්බිය දිගහැර රුපියල් දහසේ මුදල් නෝට්ටු කිහිපයක් තරුණයා වෙත පෑවාය. තරුණයාද එම මුදල් රැගෙන සිය පසුම්බියට දමා ගත්තේය. ඒ සමඟම තරුණිය ඔහුට යමක් පැවසුවාය. අනතුරුව හේ අසුනින් නැඟී සිට තරුණියගේ මුහුණ දෙස මඳ වේලාවක් බලාසිට අනතුරුව ඇගේ අතින් අල්වා ඈ වෙතට පහත් වී ඇගේ නළල සිපගත්තේ ඔවුන් සිටිනා ස්ථානය පිළිබඳව මදක් හෝ තැකීමක් නොකරය. තරුණයා තරුණියට යමක් පවසා යන්නට හැරෙත්ම සිදුවීම බලා සිටි යමෙක් තරුණයා දෙස බලා,


    “කාලකන්නියෙක්!!!”

    යැයි පවසනු මට ඇසුනි.

    “ඇත්තටම කාලකන්නියෙක්!”

    මගේ සිතද තරුණයා දෙස බලා මුමුණනු මට දැනුනි…

    --------------------------------------------------------------------------------------------------------------
    00000000000000000000000000000000000000000000000000000000000000000000
    --------------------------------------------------------------------------------------------------------------


    “අයියෙ, තරහ නැතුව වෙලාව කියනවද?”

    අසල උන් මැදිවියේ පුද්ගලයාගෙන් මා ඇසුවේ ප්‍රමාද වීදෝයි හැඟුනු නිසාවෙනි.

    “නවයට පහයි මල්ලි”

    ඇයට මා පැවසූයේ උදෑසන නවයට පමණ බස්නැවතුමට පැමිණෙන බවය. මඳ වේලාවකින් ඈතින් බස් රථයක සේයාවක් දිස්විය. දෙගිඩියාවෙන් යුතුව විමසිල්ලෙන් බසය ඇතුලත බැලීමේදී ඇය අතින් මා වෙත සන් කරනු පෙනුනි. මම බසයට ගොඩවී ඇය සිටි අසුන වෙත පියමන් කළෙමි.

    “මං හිතුවා පරක්කු වෙයි වත්ද කියල”

    මම ඇය අසලින් අසුන් ගන්නා ගමන් පැවසීමි. ඇය දෙනෙත් දල්වා සිනාසුනාය. අප්පච්චී රෝහල් ගත කර අදට දින දෙකකි. මේ දින දෙක පුරාවටම ඇය මා හට ලබාදුන් ශක්තිය මෙතෙකැයි කියා නිම කළ නොහැක. මගේ සිත ඇය කෙරෙහි ආදරණීය හැඟීමකින් පිරී ගියේය.

    “දැන් මොකද අයියා අප්පච්චිට?”

    ඇගේ වදන් පෙළත් සමඟින් මගේ සිත තුළ අප්පච්චී රෝහල් ඇඳ මත වැතිර සිටින දුක්බර දසුන් ඇඳී ගියේය. මදෙනෙත් කෙමෙන් තෙත්වී යන අයුරක් මට හැඟුනි.

    “චුට්ටක් විතර අඩුයි….”

    ඇය සෙමෙන් මගේ උරහිස මතට වත්තම් වී මගේ වමත ඇගේ දෑතට මැදි කරගත්තාය.

    “දවස් දෙකකින් හෝදලා නෑ මේක. නාගන්නවත් උනේ නෑ මට.”

    ඇයට නොපහන් හැඟීමක් ඇතිවේදෝයි සිතා මම කීවෙමි. ඇය මද සිනහවක් පා සෙමින් තවත් මා වෙත ළං වූවාය. මම සෙමෙන් මගේ ඇඳුම් දෙස බැලීමි. අප්පච්චී රෝහලට ඇතුළත් කිරීම සඳහා ඇඳගෙන ආ ඩෙනිම් කලිසමත් ටී ෂර්ටයත් ය මා ඇඳන් සිටියේ. කලිසම මෙන්ම ටී ෂර්ටයත් හොඳ හැටි අපවිත්‍ර වී තිබේ. ඇඳිවත මාරු කරනවා තබා කුසට අහරක් ගැනීමට තරම් හෝ විවේකයක් මා හට තිබුනේ නොවේ. අප්පච්චී අසලින්ම සිට ඇතිවන සුළු වෙනස්වීම පවා හෙදියන් වෙත දැනුම්දීම මා වෙත පැවරී තිබුනි. හිත මිතුරන් කිහිප දෙනෙක්ම අප්පච්චී ළඟ නතරවීමට කැමැත්ත පළකල නමුත් කාර්යයෙහි පැවති බරපතලකම සලකා මා විසින්ම අප්පච්චී ළඟ නතර වුනෙමි.

    අම්මා මියගිය දා පටන් මා ඇති දැඩි කළේ අප්පච්චීය. එදවස් පටන් අප්පච්චී අසනීපව රෝහල් ගත කරනා තෙක්ම මාගේ ජීවිතයේ සෙවනැල්ල මෙන් මා පසුපසම සිටියේ අප්පච්චීය. අපි බොහෝවිට ඇසුරු කළේ මිතුරන් සේය. අප්පච්චී……… දෑසින් ගිලිහුනු කඳුලු කැට දෙකක් ඇයගේ දෑත මත පතිත විය. එකෙනෙහිම මාගේ ජංගම දුරකතනය නාදවිය. මම අංකය පරීක්ෂා කළෙමි.

    “පහන් මල්ලි”

    මම ඇයට දෙගිඩියාවෙන් යුතුව පැවසූයේ මා දහවල් ආපසු එනතෙක් අප්පච්චී අසල රැඳී සිටින්නේ පහන් වන නිසාය.

    “ඇයි පහන්”

    “ලොකු අප්පච්චිට චුට්ටක් අමාරුයි වගේ අයියෙ. උදේ ලියල දුන්න ඉන්ජෙක්ෂන් එක දැන් දෙන්න වෙයි කිව්වා. අයියා ඒක අරන් දැන් එනවද?”

    හුස්ම රැල්ලත් සමඟින් ආ වේදනාවක් පපුව හරහා ඇදීගොස් පපුව හිරකරන ගතියක් මට දැනෙන්නට විය. බැංකු පොතේ මුදල් නොමැත. මහපොළ මුදල් ලැබුනේද නැත. මේ හදිස්සියට ඉල්ලන්නට තරම් කෙනෙක්ද නැත.

    “හරි මල්ලි. මම ඉක්මනට අරන් එන්නම්”

    මම එසේ පවසා ඇමතුම විසන්ධි කළෙමි.

    “ඇයි අයියා?”

    ඇය මාගෙන් විමතියෙන් පිරි දෑසින් යුතුව විමසුවාය.

    “අප්පච්චිට ආයෙත් ටිකක් වැඩිවෙලා. දැන් ඉන්ජෙක්ෂන් එකක් දෙන්න තියෙනවාලු”

    මම දෙනෙත් බිමට හරවා පැවසීමි. ලෝකය හිස මත කඩා වැටුනා වැනි හැඟීමක් මා සිත තුළ ඇතිවිය.

    “සල්ලි නැද්ද?”

    ඇය සෙමෙන් මා වෙත ළං වී ඇසුවාය. මා කිසි දිනක මේ තරම් ඇය ඉදිරියේ අසරණ වූ වගත් මතකයේ නොමැත. මම සෙමෙන් හිස දෙපසට සෙලවීමි.

    “ගොඩක් නම් නෑ. මගෙ ළඟ සල්ලි ටිකක් තියෙනවා. මම ඒක දෙන්නම්…”

    ඇය බිය මුසු වූ මඳ ස්වරයකින් යෝජනා කළාය. මම සෙමෙන් ඇයගේ මුහුණ දෙස බැලීමි. අද වෙනතෙක් බස් ටිකට් එකකටවත් මා ඇයගෙන් මුදලක් ලබාගෙන නැත. ඉතින් මම කෙලෙසද ඇයගෙන් මුදල් ලබා ගන්නේ?

    “මම කොහොමද ඔයාගෙන් සල්ලි ගන්නෙ?”

    මම අසරණ ලෙසින් පැවසීමි. ඈ ඉදිරියේ අසරණ වීමට තරම් හේතුවක් මා හට නැත, නමුත් අද වනතෙක් ඈගෙන් සතයකුදු ලබා නොගත් මම කෙලෙසද ඈගෙන් විශාල මුදලක් ලබා ගන්නේ?

    “මම දන්නව අයියා ඔයා කීයටවත් මගෙන් සල්ලි ගන්නෙ නෑ. ඒත් මේක ලොකු හදිස්සියක්. ඔයා බෙහෙත අරන් එනකල් එයාල බලන් ඉන්නවා. අනික මම පිට කෙනෙක් නෙමෙයිනෙ. මේ වෙලාවෙ අපිට වෙන කරන්න දෙයක් නෑනෙ... ”

    ඇගේ වදන් පෙලත් සමඟින් මා හට දැනුනේ කියාගත නොහී හැඟීමකි. එක් පසෙකින් අසරණ බවකුත්, අනෙක් පසින් සතුටක හැඟීමකිනුත් මා සිත පිරී ගියේය.

    “ඔයාට කොහෙන්ද සල්ලි?”

    සාමාන්‍යයෙන් ඈ සතුව එතරම් මුදලක් නොපවතින නිසා මම ඇසීමි.

    “වෙසක් සතියෙ ලොකු අම්මලාගෙ කඩේට කෑම හදල දැම්මා. ඒ සල්ලි ලොකු අම්මා මට දුන්නා”

    ඇය සුපුරුදු දල්වාගත් දෙනෙතින් යුතුව පැවසුවාය. මා සිත පිරීගිය සිතුවිලි සමුදාය වචනයෙන් කියාගත නොහැක. ඇය පසුම්බිය දිගහරිමින් රුපියල් දහසේ නෝට්ටු කිහිපයක් ගෙන මා අත තැබීය. මා එම මුදල් රැගෙන මගේ මුදල් පසුම්බියට දමා ගත්තේ කළ හැකි වෙන කිසිත් නොමවූ හෙයිනි.

    “දැන් යන්න අයියා... නැත්නම් පරක්කු වෙයි”

    මසිත තුළ ඇය කෙරෙන් ඇතිවූ සිතුවිලි සමුදාය තවදුරටත් දරාගත නොහැකි විය. පපුව උතුරා ගලා හැලෙන සෙනෙහසක් මසිත තුළින් ඈ වෙත ඇදී ගියේය. මම අසුනින් නැගී සිට ඇයගේ දිදුලන දෙනෙත දෙස මද වේලාවක් බලා සිටියෙමි. මසිතේ කෙළවරක අප්පච්චීගේ සිනාසෙන මුහුණ ඇඳී ගියේ මටත් නොදැනීමය.
    මම ඇගේ අතෙකින් තදින් අල්වා ගතිමි. සෙනෙහස උතුරා පිටාර ගලද්දී මම ඈ වෙතට පහත් වී ඇගේ නළල සිපගත්තෙමි.

    “මම ගිහින් එන්නම්”

    කඳුලු පිරි දෙනෙත් වලින් යුතුව ඇයත්, මමත් එකිනෙකා දෙස මොහොතක් බලා සිටියෙමු. එය අප අද වනතෙක් ගතකළ ආදරණීයම මොහොත විය. අනතුරුව මා ඈ හට සමුදී බසයෙන් බැස ගැනීමට ආපසු හැරුනි.


    “කාලකන්නියෙක්!!!”


    - පුලස්ති -


    gaththe FB eken....
    repost nam sorry....!!!

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම වැරද්දක් තමයි මේක,හැමතිස්සෙම පිටින් බලල අනුන් ගැන නිමන වලට එනවා,මොන තරං සංස්කෘතිය ගැන,සදාචාරේ ගැන උදම් අනුවත් වැඩක් නැහැ,ඔය වගේ දෙකයි පනහේ පුරුදු එමටයි විශේෂයෙන් බහුතරයක් සිංහල මිනිස්සු අතරේ.(දැන් ගෙරි හම්බය කියල රෙප් කපපියව් පුලුවන්නම්.:lol::lol::lol::lol: ) කවදාවත් අපේ රටේ මිනිස්සු අනුකරණය මිසෙක අනුගමනය කරන්නේ නැහැ කාවවත්.අසුන්දර මිනිස්සුන්ගෙන් පිරුණ, ඇති සුන්දර රටක් මේක......ඒකයි අපි තවමත් මේ පොළොවට ආදරේ.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඇස් වලට කඳුලුත් ආව මචන්. මගේ හිතිනුත් මෙවන් වැරදි වැටහීම් අනන්ත අප්‍රමානව ඇතිවෙලා ඇති. ඒත් මේ කතාවෙන් ලොකු දෙයක් මගේ ජීවිතයට එකතු කරගත්තා..

    ගොඩක් ස්තූතියි මචන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව බං.. පිට ඔපයෙන් කවදාවත් මිනිස්සුන්ව මනින්න බෑ..
    ඒ වගේම පිටින් බලලා තව එකෙක් ගැන නිගමනය කරන්නත් හොඳ නෑ..

    ඕක මිනිස්සු කරන ලොකු වැරැද්දක් මචං.. සල්ලිකාරයෙක් නෝමල් ඇඳුමක් ඇඳන් ගියොත්, එහෙම නැත්තං වාහන තියෙන එකෙක් පාරෙ බස් එකේ නැගලා ගියොත් එක කොටසක් කියනවා මල පෙරේතකම කියලා.. තව කොටසක් කියනවා අන්න බලපං සල්ලි තියෙන මිනිහා පෙන්නන්නෑ කියලා.. තවත් සමහරක් කියනවා උගේ සෝභන නෑ කියලා.. ඔය අපේ ලංකාවෙ හැටි බං..:lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    godak hina wena unde ethule godak duka hitena katawak tiyenawa kiyana ekata meka hoda udaharanayak