“කැප්ටන් ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යන මැයෙන් රචිත මගේ කෘතිය එළි දැක්වීම 2024 මාර්තු මස 10 වැනි ඉරිදා සිදු කෙරෙන බව මෙසේ ප්‍රකාශයට පත් කරමි. 2022 දී ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය අප ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව අභ්‍යන්තර මැදිහත්වීම් උත්සන්න විය. 2021 පෙබරවාරි මාසයේ දී මා කැප්ටන් ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් අභ්‍යන්තර පාර්ශව මා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටියහ. මා කැප්ටන් ලෙස බලයේ සිටි අවුරුදු දෙකහමාරක පමණ මුළු කාලයම පාහේ එකල ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී තිබූ දරුණු අගාධයෙන් නැවත ගොඩගැනීම සඳගා ගත විය. කුමන්ත්‍රණකාරී බලවේග මා කැප්ටන් ධුරයෙන් නෙරපා හැරීමේ කූට ව්‍යාපාරය 2023 වසර මැද දී ආරම්භ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී තිබූ තත්වයෙන් නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබූ අවස්ථාවකදීය.
මේ රට ටෙස්ට් වරම් ලබා ගත වූ පළමු තිස් වසර තුළ කිසිදාක අත්විඳ තිබූ නැති අන්දමින් අද වන විට මේ ක්‍රීඩාව තුළ OTC ප්‍රමුඛ නුවර බංගලාවේ පාර්ශවයන් විසින් හැසිරවීම සිදු වෙමින් පවතී. මා කැප්ටන් ධුරයෙන් නෙරපා හැරීමේ කූට ව්‍යාපාරය ටෙස්ට් වරම් ලැබීමෙන් පසු සාමකාමී කැප්ටන් හුවමාරු පමණක් අත්විඳ තිබූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නව මානයක් එක් කර ඇත. එම නිසා 2023 සිදුවීම් මේ රටේ ක්‍රිකට් අනාගතයට බරපතළ නිෂේධනාත්මක ආනිසංස ඇති කරන කාරණයකි. මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ OTC සහ නුවර බංගලාවේ අනුග්‍රහය සහිත කැප්ටන් ධූරය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ ඍජු අත්දැකීමකි. ඒ නිසා මේ කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් වේ යැයි මම විශ්වාස කරමි. හෙට, එනම් 2024 මාර්තු මස 10 වැනි ඉරිදා සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසැල්වලින් මගේ කෘතිය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබාගත හැක.