“කික්”එකක් තියෙන ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාර&#354

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    “කික්”එකක් තියෙන ලෝක ප්‍රසිද්ධ මංගල ඡායාර&#354

    විනෝදකාමී අදහසක් ජනිත කරවන මේ අමුතුම තාලේ මංගල ජායාරූපය අනිවාර්යයෙන් ඔබ දැක ඇති...


    Chamikawpblogspotcom1_zps247fec4e.jpg
    විස්තර කියන්න ඕන නෑ කියලා හිතුනත්....

    ඒ පිටිපස්සේ තියෙන පුංචි කතාව දාන්න හිතුවා!!

    තොරතුරු ජයාරූප සියල්ලම අන්තර්ජාලයෙන්...

    බිහිසුණු ඩයිනෝසරයකු මංගල සාදයට එකවර කඩා වැදී විවාහා උත්සවයේ මනාලයා හා මනාලිය මෙන්ම ඔවුන්ගේ යහළු යෙහෙළියන් පණ එපා කියමින් දිව යන අයුරින් දැක්වෙන මෙම සමූහ මංගල ඡායාරූපය ගෙන නිමවා ඇත්තේ Baton Rouge, LA හි පදිංචි ජේ.ක්වින් මිලර් (Quinn Miller) නම් ඡායාරූප ශිල්පියා විසිනි.

    පසුගිය මැයි මස 26 වැනි ඉරිදා ඇමෙරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ The Myrtles Plantation in Saint Francisville හි පැවැති විවාහ මංගල උත්සවයෙන් පසුව ගෙන ඇති මෙම අමුතුම තාලේ අදහස සහිත මනාලයා හා මනාලිය වූයේ විසිතුන් හැවිරිදි

    කැතී යං (Katie Young) හා විසි එක් හැවිරිදි ජේම්ස් ලව්ඩර්
    ( James Lowder) දෙපලයි.


    Chamikawpblogspotcom8_zps94d8e6af.jpg




    ඔවුන් දෙපළම Louisiana State විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අයයි.


    සජීවීව ඩයිනෝසරයකු තමන් පසු පස එලවා ගෙන අයුරු සිතේ මවාගෙන එයට බියවී කැමරාව වෙත දුව එන ලෙස පිරිසට තත්පර 30 ක උපදෙසක් ලබා දුන් මිලර්, ඔහු ගන්නා ලද ප්‍රථම ජායාරූපයෙන්ම එහි සිට 18 දෙනාම හරි ආකාරයෙන් තම කැමරා කාචයට හසු කර ගත් ඔහු



    Chamikawpblogspotcom3_zpsc270969f.jpg

    එයට T-Rex (Tyrannosaurus Rex) ආකාරයේ ඩයිනෝසරයකුගේ පින්තූරයක් Photoshop මගින් එයට එකතු කර තිබුනි.


    Chamikawpblogspotcom2_zps36237d03.jpg

    විවාහයෙන් පසුව ආ බ්‍රහස්පතින්දා දිනයේ තම ෆේස් බුක් පිටුවට මේ පින්තූරය එක්කල ඔහුට ඇමරිකානු මාධ්‍ය ඒ සඳහා වැඩි ප්‍රසිද්ධියක් ලබා දී තිබුනේ "The Today Show," "Good Morning America," Yahoo!, The Huffington Post, CNN හා Fox News වැනි රූපවාහිනි හා වෙබ් අඩවි මගිනි. එලෙසම ඒ සඳහා මේ වන විට Shares 11500 වැඩි ප්‍රමාණයක් හා Like 14000 අධික ප්‍රමාණයක් ඔහුගේ Facebook පිටුවේ එම ජායාරූපයට ලැබී ඇත.

    මේ තියෙන්නේ ඒ පින්තූරෙම වෙන වෙන ආකාරයන්ට නිර්මාණය කරන්න ගත්ත උත්සහයන්........ බලන්නකෝ ඒ ටිකත්..



    Chamikawpblogspotcom5_zps5020507c.jpg


    Chamikawpblogspotcom4_zps310b1e25.jpg


    Chamikawpblogspotcom6_zps47e28bc1.jpg



    මේවා හදන්න මහන්සි වෙච්ච අයට චාමිකයාගේ උපහාරය!!

    ක්වින් මිලර්ගේ facebook පිටුවට මෙතනින් යන්න පුළුවන්...
    මේ තියෙන්නේ ඔහුගේ වෙබ් අඩවිය..
    මේ වන විට එය මේතාක් ලෝකයේ නිමැවුණු ඉතාම අනර්ඝ මංගල ඡායාරූපය බවට පත්ව තිබෙන ආකාරයක් පෙනේ.


    මේ තියෙන්නේ තවත් උත්සහායක්!!


    Chamikawpblogspotcom7_zps50dec424.jpg




    හැමදාම අපි දකින මංගල ඡායාරූපය වලට වඩා නම් මේකේ පොඩි කික් එකක් ඇත්තටම තියෙනවා නේද??




    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල මචන්.ඕක නියමෙට කට්ටිය අතරේ ජනප්‍රිය උන FB නිසා....!
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අර බල්ලොත් එක්ක ඉදලා වෙඩින් ෆොටෝ ගත්තු දබලගේ ෆොටෝ ටිකට බැරිවෙයිද දන්නේ නෑ ඔය වගේ පබ්ලිසිටියක් දෙන්න