කාලේකින් බලපු නියම කතාවක්.... එක දිගට කොටස් 11ක් බැලුවා, පොඩ්ඩක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන්. වැඩි වියදමකුත් නැ.... කතාවත් තාත්විකයි.
දෙරණේ සිදු, දෙවෙනි ඉනිම කරන ඩිරෙක්ටර්ස්ලාත් මේක බලලා පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් හොදයි.
සිදු කියන්නේ ලස්සනට ඉවර කරන්න තිබ්බ කතාවක්... දැන් එක විකුණගෙන කනවා. පොඩි හමුදුරුවෝ පන්සලේ නායක හමුදුරුවෝ වෙනකම්ම ඔය කතාව ඇදගෙන යයි. එකම දේ මිනිස්සුන්ට එපා වෙනවා කියන දේට හොදම උදාහරනයක් තමා සිදු කියන්නේ.
දෙවෙනි ඉණිම, ටීවි සීරිස් එකක කොපියක් ගහලා කෙල්ලෝ ටිකක් පෙන්නලා මර්කට් කරන්න හදනවා... කතාවේ කොටස් 10ක් බැලුවේ නැතත්වුලක් නැ ඊළග කොටස බැලුවම ඔක්කම තේරෙනවා. දැන් එකත් මිනිස්සුන්ට එපා වෙනකම් ඇදගෙන ගිහින් විකුනගෙන කයි.
දෙරණේ කුඹියෝ කලා නම් එළවළු බිස්නස් එක කරන සීන් එකට කොටස් 50යි, මැගසින් එක ගහන එකට කොටස් 50යි.. කාර් එක උස්සන එකට කොටස් 50යි.... ගමේ යන සීන් එකට එන්න කොටස් 200ක් වත් බලන්න වෙනවා.
![]()





