“කුඹියෝ” ටීවී සිරිස්

Computerbuddy

Active member
  • Apr 6, 2011
    847
    82
    28
    අනිතිමට දැම්මෙ ඇයි තව 1ක episode තියෙන්නෙ කියල,:eek: හරිනං තව 2ක් තියෙන්න ඕනනෙ,:confused: පේන විදියට 58ක් නෑ 57 ඉවරයි වගේ:(:(:(
    57 and 58 eka digata pennannada danne naa :D:D:D
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    4_MG_6168.jpg



    මෙ තමයි ජෙහාන්ගෙ චරිතය ඇත්තටම රගන,රගපු පොර
    ජනවාරි 8 ලොක්කා ජනාදිපති උනෙ මෙ පොර මxගල එක්ක මෙමම ගෙමක් ගහපු නිසා/ කොන් ආටිස්ට් තමා තුසිත


    :cool::cool::)
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    කූඹියෝ ඉවර වෙන්නෙ මෙහෙමයි (© සසර සැරිසරන පාදඩයා)
    දැන් උඹල හිතුවෙ අද තමයි ටහිකෙන ප්ලොට් ට්ව්ස්ට් එක තිබ්බෙ කියලනෙ. නෑ බොලව් කතාවක ටහිකෙන ප්ලොට් ට්විස්ට් එක තියෙන්නෙ අන්තිමට​. තව එපි තුනක් තියනවා.
    අන්තිම එකේ තියෙන්නෙ මේ වගේ දෙයක්.
    එක්සත් කම්කරු පක්‍ෂෙ මල්දෙණිය සර් ගෙ පක්‍ෂෙත් එක්ක එකතු වෙලා ඡන්දෙන් දිනනවා. මල්දෙණිය සර් අගමැති වෙනවා. එතකොට ජෙහානයා උගේ අර නසරානි හිනාව දානවා.
    එතකොට කතාවේ අතීතාවර්ජනයක් යනවා. ඒ මීට අවුරුදු පහකට කලින් සිද්ධියක්. ඒ කියන්නෙ ජෙහාන් ට මල්දෙණිය සර් කොන්ත්‍රාත් එක දෙන්න අවුරුද්දකට කලින්.
    හෙන පත ලක්‍ෂරි කාමරයක්. ජෙහාන් කවුදෝ පොරක් එක්ක කතා කරනවා. අපිට උගෙ මූණ පේන්නෙ නෑ. උගෙ ඔළුවෙ පිටිපස්ස විතරයි පේන්නෙ. හෙන රළු කටහඬක්.
    "පුතා තමුසෙ තමයි මේකට හරියන නියම පුතයා. තමුසෙ මම කියන විදිහට මේක කරනවකො. වරදින්නෙ නෑ."
    "හරි සර්. දැන් මොකද්ද සර් කියන්නෙ?"
    "පුතා, තමුසෙ දන්නව නේද මල්දෙණිය මහත්තය​?"
    "ඔව් සර්. විපක්‍ෂ නායක තුමා නෙ?"
    "ආන්න හරි. මිනිහ තමයි. ඉතින් ඔය යකාට කවදාවත් ඡන්දෙකින් දිනල මේ රටේ අගමැති ජනාධිපති වෙන්න බෑ. මිනිහත් ඒ බව දන්නව​. ඒ නිසා මිනිහ හැම තිස්සෙම ට්‍රයි කරන්නෙ මොකක් හරි ගේමකින් ඔතැනට යන්න​."
    ජෙහාන් ඇස් පිල්ලන් නොගහ බලාගෙන ඉන්නවා.
    "ඉතින් අයිසෙ ඔය යකාට අගමැති වෙන්න තියෙන ලේසිම විදිහ එක්සත් කම්කරු පක්‍ෂෙත් එක්ක සෙට් වෙන එක​. මිනිහ ඒක දන්නව වෙන්න ඕනෙ. මොකද මිනිහත් අවුරුදු තිහක් මේ ගේමෙ නෙ ඉන්නෙ. හැබයි මිනිහට ඕක කරගන්න බෑ. එච්චර මොළයක් තියෙන එකෙක් නෙවෙයි නෙ. ඒ නිසා මිනිහ ඕක කරන්න මොකෙක් හරි එකෙක් ව යොදා ගන්නම ඕනෙ."
    "හරි. සර් මට කියන්නෙ ඒ මොකෙක් හරි එකා වෙන්න කියල නෙ"
    "නියමයි. මම දන්නව තමුසෙ මීටරේ කියල​. ඒකනෙ මම තමුසෙවම මේකට ගත්තෙ."
    ජෙහාන් ස්වයං තෘප්‍තියෙන් හිනාවක් දානවා.
    "හොඳට අහ ගන්නව පුතා. තමුසෙ මල්දෙණියට පේන්න පොඩ්ඩක් එහෙ මෙහෙ කැරකෙනවා. ඔය යකා කොහොමත් තරුණ කොල්ලො දිහා විපරමෙන් බලනවා. ඉතිං තමුසෙව අනිවා දකින්නම ඕනෙ. දැකපු ගමන් තමුසෙ නසරාණියා කියල මිනිහට තේරෙයි."
    ආයෙත් ජෙහාන් ගෙ හිනාව​.
    "එතකොට මිනිහ තමුසෙට කොන්ත්‍රාත් එක දෙයි. මිනිහ කියයි තමුසෙට එක්සත් කම්කරු පක්‍ෂෙ මිනිහට සෙට් කරල දෙන්න කියල​."
    "මම ඒක බාර ගන්න ඕනෙ?"
    "ඔව්"
    "ඊට පස්සෙ ඒක අල කරන්න ඕනෙ?"
    "හඃ හඃ හඃ"
    නාඳුනන මිනිහගෙ ගොරහැඩි හිනාව​.
    "නෑ පුතා. තමුසෙ ඒක එළ කිරි වගේ කරල දෙන්න ඕනෙ"
    "සර්?"
    "ඔව් අයිසෙ. තමුසෙ ඒක මල්දෙණියට කරල දෙන්න ඕනෙ. ඊට පස්සෙ මල්දෙණිය ඊළඟ ඡන්දෙන් දිනන්න ඕනෙ"
    "මට තේරෙන්නෙ නෑ සර්. මල්දෙණිය ඊළඟ අගමැති වුනාම සර් ට තියෙන වාසිය මොකද්ද​?"
    "පුතා චෙස් අදිනවද​?"
    "ඔව් සර්"
    "පුතා චෙස් අදිනකොට අපි හිතන්නෙ ඊළඟ මූව් එක ගැන නෙවෙයි. තව මූව් හතරක් පහක් ඉස්සරහට​"
    ජෙහාන් ඇස් දෙක පුංචි කරගෙන අහගෙන ඉන්නවා.
    "පුතා. මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඔය මල්දෙණිය කාරය සුපිරි මොළයක් කියල. හැබැයි ඕයි මම නෙ දන්නෙ මිනිහගෙ හැටි. ඉතිං ඔය මිනිහ විපක්‍ෂ නායක වෙලා හිටියොත් මිනිස්සු දිගටම හිතන්නෙ ඔය යකා සුපිරි මොළයක් කියල​. ඒ නිසා මිනිහ කවද හරි අගමැති වෙන්න ඕනෙ. එතකොට තමයි මිනිස්සු දැනගන්නෙ මල්දෙණිය කියන්නෙ මොළයක් නෙවෙයි අලයක් කියල​ එතකොට ඔය යකා තමාගෙ ප්‍රතිරූපය විනාශ කරගන්නවා. මිනිහගෙ පක්‍ෂයේ ප්‍රතිරූපයත් එක්කම​. සමහරවිට ආයෙ ගොඩ ගන්න බැරි වෙන්නම​."
    ජෙහාන් කාපට් එකට හිනාවෙනවා.
    "එතකොට පුතා ඔය එක්සත් කම්කරු පක්‍ෂෙත් දැන් ටික ටික ඔළුව උස්සගෙන එන්නෙ. දැන් බලනවා ගිය පාර ඡන්දෙදි ඔය යක්කු ආණ්ඩු පක්‍ෂෙ ලිස්ට් එකෙන්නෙ ඉල්ලුවෙ. ආණ්ඩු පක්‍ෂෙට ඡන්දෙ දීපු හැම එකාම මනාප දුන්නෙ කම්කරු පක්‍ෂෙ එවුන්ට​. මෙහෙම ගියොත් ඔය යක්කු ටික ආසන හතළිහක් පණහක් ගන්න බැරි නෑ. එහෙම වෙන්න කලින් උංගෙ ප්‍රතිරූපයක් ආයෙ ගොඩ දාන්න බැරි විදිහට විනාශ වෙලා යන්න ඕනෙ. ඒක කරන්න හොඳම විදිහ තමයි මල්දෙණිය ගෙ පක්‍ෂෙට ජැක් ගහන්න සෙට් කරන එක​."
    ජෙහාන් සීලිමට හිනාවෙනවා.
    "එක ගලෙන් කුරුල්ලො දෙන්නයි පුතා"
    "සර් මෙහෙම කියනවට මට සමාවෙන්න ඕනෙ. සර් මාර පොරක් නෙ"
    "හඃ හඃ හඃ"
    ආයෙත් නාඳුනන මිනිහගෙ ගොරහැඩි හිනාව​.
    කැමරාව අංශක එකසිය අසූවක් කැරකෙනවා. අපිට නාඳුනන මිනිහගෙ මූණ පේනවා. බුරුසු උඩු රැවුලෙක්.
    ෆ්‍රේම් එකෙන් පිට ඉඳන් ජෙහාන් ගෙ කටහඬ​.
    "සර් එතකොට මල්දෙණිය අගමැති වුනාම මොකද කරන්නෙ?"
    "පුතා පායන කාලෙට කූඹියො මහන්සි වෙලා කෑම රැස් කරන්නෙ වැස්ස කාලෙට හොඳට කන්න​"
    ගිටාර් පාර​. පසුබිමෙන් තේමා ගීතය යනවා.
    "පායනා කාලෙදී......."
    © සසර සැරිසරන පාදඩයා ☝☝☝
    මොනව වුනත් මාර්තු 17 මේ නාට්‍යය හින්ද කිසිම ආකාරයක මරණයක් ලංකාව තුල වාර්තා වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව....
     

    pissu puuusa

    Junior member
  • 30% share in Perpetual Treasuries

    භාණ්ඩාගාරයේ තියෙන ගාන වෙනස් වෙනවනේද නිතරම.
    එතකොට හරියටම ගානක් කියන්න බැරිවෙයි.:confused:


    Koti 100-300 K?

    මාත් හිතන්නේ අඩුම කෝටි 100 ක් වත් තමා.:yes:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තව ටික දවසකින් කූඹි අපිව දාල යන්න යාවි...
    හැබැයි උබල ලස්සන මතක ගොඩක් ඉතුරු කරා වගේම, බහූබූත නාට්‍ය රැල්ල වෙනස් කරන්න ටර්නින් පොයින්ට් එකක් උනා.. රගපානව කියන්නෙ මොකද්ද, චරිතෙකට සාධාරණයක් කරන හැටි වගේ හුගක් දේ කියල දෙන්න පුලුවන් උනා..ලකා අයිය, ජෙහාන්, ප්‍රියන්ත ,හිරුණි, ටිරාන්,මල්දෙණිය අති සාර්ථකයි උබල...පට්ටයි..
    ඉතින් ලකා අයියෙ මෙතනින් නවතින්නැතුව ඉස්සරහට යමු.. අපි බලන් ඉන්නව මේ වගේම ලස්සන දෙයක් ඉස්සරහටත්..
    උබල ඇත්තටම අපිට දුන්නෙ වෙනම ආතල් එකක්... ආදරෙයි කූඹ්යෝ......




    151245742305121706.jpg
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    භාණ්ඩාගාරයේ තියෙන ගාන වෙනස් වෙනවනේද නිතරම.
    එතකොට හරියටම ගානක් කියන්න බැරිවෙයි.:confused:




    මාත් හිතන්නේ අඩුම කෝටි 100 ක් වත් තමා.:yes:


    ජනාදිපති උපදේශක කමක් :rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මල්දෙනිය කාරයා ජෙහාන්ට වැඩේට කීයක් විතර දුන්නා කියලද උබලා හිතන්නේ?:eek::eek:
    55 එපියේ 20 වෙනි විනාඩියේ ඉදන්...
    ජෙහාන්ට කකුල් දෙක පණ නැතිවෙන්න තරම් ගානක්.:confused::confused:
    meka yanne 2005 jvp mahindata sahyoge gatta eka gena ;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හොඳ වෙලාවට කුඹියෝ බලන ගොඩක් උන් ගේම් ඔෆ් ත්රෝන්ස් බ්‍ර්රෙකින් බෑඩ් ස්පාටකස් එහෙම බලලා නැත්තේ...බැලුවනම් එහෙම ඒවා වල ඉන්න චරිතත් ලංකාවේ දේසපාලන චරිත වලට සමාන කරලා ගොන් ආතල් එකක් ගන්නවා :lol::lol::lol: ටිරියන් ලැනිස්ටර් අපේ අර මන්ත්‍රීතුමා වගේ , සරසි අරකි වගේ , ජෙසී පින්ක්මන් කියන්නේ මෙන්න මුට තමා ෂුවර් එකට වගේ පොස්ට් ගොඩක් බලාගන්න තිබ්බ ඒම උනානම් :lol::lol::lol:

    දැන් ඉතින් රෙප් කපපන්.මට පාඩුවක් වෙයි
    Welcome to the internet :lol: