“කොරෝනා අභියෝගයත්” ජාතියක් ලෙස අපට ජයගත හැ&#34

piyal1234

Member
Jul 11, 2014
14
2
3
“කොරෝනා අභියෝගයත්” ජාතියක් ලෙස අපට ජයගත හැ&#34

“කොරෝනා අභියෝගයත්” ජාතියක් ලෙස අපට ජයගත හැකියි

vimal-1.jpg

සුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අපට ජයගත හැකි බවත් ඒ සදහා පෙර අවස්ථාවලදී මෙන්ම සියලූ දෙනා එකමුතුව කැපවීම් කළ යුතුව ඇති බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
තදබදය අවම කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම බෙදාහැරීමේ රාජ්‍ය යාන්ත්‍රණය, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය නිලධාරී රැස්වීමේදී ඒ මහතා මෙසේ පැවසීය.
https://magazine.aboutceylon.com/සුනාමියෙන්-පසු-නැගිට්ටා/
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සදහන් කළේය.
“කොරෝනා වසංගතයට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු දියුණු යැයි සම්මත යුරෝපා රටවලටත් සාර්ථකව මුහුණ දීමට නොහැකි වී තිබෙනවා. එම රටවල් සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවයක් නොමැතිවීම, පෞද්ගලික අංශය සතු සෞඛ්‍ය සේවාවන් ලාභය පිළිබදව සළකා කටයුතු කිරීම ආදී හේතු එසේ වීමට බලපා තිබෙනවා. එනමුත් ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් පැවතීම අපට මෙම වසංගතයට සාර්ථකව මුහුණ දීමට හැකිවීමට එක් හේතුවක් වී තිබෙනවා.
ඉහත රටවල භාණ්ඩ සැපයුම් ජාලයත් සම්පූර්ණයෙන්ම පාහේ පෞද්ගලික අංශය සතුයි. අපේ රටෙත් පෞද්ගලික අංශය සතුව සැපයුම් ජාලා පැවතියත් රාජ්‍ය අංශයටත් සතොස, විවිධ සේවා සමූපකාර සමිති ආදී සැපයුම් ජාල පවතිනවා.
එයත් මෙම අවස්ථාවේදී අපට වාසිදායක වී තිබෙනවා. එසේම රටට විපතක් සිදුවන ඕනෑම මොහොතක යොදවා ගත හැකි රාජ්‍ය හමුදාවක් ද අපේ රට සතුයි. අද නිරෝධායන කටයුතු ශක්තිමත්ව සිදු කිරීමට අපට හැකි වී ඇත්තේ ඒ නිසයි.
ඔස්ටේ්‍රලියාව වැනි රටවල් නිරෝධායන කටයුතු තරු පංතියේ හෝටල්වල සිදු කළත් ඒවාට අදාළ පුද්ගලයා ගෙවීම් කළ යුතුයි. එවැනි තත්වයක් යටතේ කිසිසේත්ම ශක්තිමත් නිරෝධායන වැඩපිළිවෙලක් ද සැකසෙන්නේ නැහැ.:nerd:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙච්චර වසංගතයක් අස්සෙත් විමල් විරවoශ මැතිතුමා ජනතා මෙහෙය නතර කරල නැ..ඔය සම-හරක් බුරා පනින්නෙ මේන්න මේ වගේ සැබෑ ජනතා නියෝජිතයෙක්ට කියන දේ දැන්වත් අවබෝධ වෙත්වා..
     
    Last edited: