“ඝරසරප”

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    3lyrrNd.jpg
    සිනමා නළු අර්ජුන කමලනාත් සිනමාපට කීපයක්ම නිෂ්පාදනය කිරීමට දායක වූවෙකි.මුලින්ම කීපදෙනෙක් සමග එකතු වී “අන්ඩර් ව්ල්ඩ් “නම් සිනමාපටයක් නිෂ්පාදනය කෙරු අර්ජුන පසුව “ඉගිලෙන්න ඇයි දගලන්නේ ” නමින් චිත්‍රපටයක් ,නිපදවිය. මෙම චිත්‍රපට දෙකම විනෝදාස්වාදය පෙරදැරිකරගෙන කෙරු චිත්‍රපටයන්ය. එහි ප්‍රධාන චරිත රගපවේද අර්ජුන කමලනාත්ය.

    මෙවර ඔහු ජයන්ත චන්ද්‍රසිරි වැනි කෘතහස්ත අධ්‍යක්ෂක වරයෙකුට බර පන දරන්නෙක් ලෙස පමණක් එකතු වන්නේ ලංකේය සිනමාවට හොද චිත්‍රපටයක් එකතු කිරීමේ පරමාර්ථයෙන් විය හැක. මෙහි රගපෑමට හෝ ඔහු උත්සුක නොවෙන්නේ තම නිෂ්පාදන කාර්ය නියමිත ලෙස ඉටුකිරීමටය. ජයන්ත චන්ද්‍රසිරි වැනි දක්ෂ එමෙන්ම සම්මානනීය අධ්‍යක්ෂක වරයෙකුට දිය යුතු පූර්ණ නිදහස දීමෙන් සාර්ථක එමෙන්ම විශිෂ්ට චිත්‍රපටයක් බිහි කිරීමට ගන්න උත්සහයක් ලෙස සැලකිය හැක .
    කමල් අද්දරආරච්චි , ජැක්සන් ඇන්තනි,, සංගීතා වීරරත්න ,ශ්‍රියන්ත මෙන්ඩිස්,කුසුම් රේණු ,අමීෂා කවින්ධි, කාවින්ද්‍යා අධිකාරි ,දෙවනක පොරගේ, ප්‍රධාන චරිත රගපාන “ඝරසරප” ලගදීම ලංකේය සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීමට ජයන්ත හා අර්ජුන බලාපොරොත්තු වේ
     
    Last edited: