“ජනාධිපති තාත්තා“ ...?

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    “ජනාධිපති තාත්තා“ ...?

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය දර්ශනී චතුරිකා සිරිසේන විසින් ‘ජනාධිපති තාත්තා‘ නමින් පොතක් ලියා ඇතැයි කියන අතර එම පොත අද (15) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී එලි දැක්වීමට නියමිත ය.
    මෙම පොත සම්බන්ධයෙන් ප්‍රචාරක වීඩියෝ දැන්වීම් පමණක් 6 ක් ඇයට අයත් දැන්වීම් සමාගම් විසින් නිමවා තිබේ. ඒ දැන්වීම් වලින් දැක්වෙන්නේ පරස්පර විරෝධී මතයන්ය. එකකින් පවසන්නේ මෙය චතුරිකා සිරිසේනගේ ස්වයං ආත්ම ප්‍රකාශනය බවයි. තවත් එකකින් පවසන්නේ මෙය ජනාධිපතිවරයාගේ ජීවිත කතාව බවයි. කෙසේ වෙතත් මෙම පොත එලිදැක්වීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී මහාරාජාගේ රූපවාහිනී චැනලයක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ චතුරිකාගේ ප්‍රකාශ වලින් අපට තේරුම් ගත හැකි වූයේ ඇය බොහෝ සිංහල වදන් වල නියමාකාර අර්ථ නොදන්නා බවයි. ඊට උදාහරණ රැසකි. ඇය ‘දෝලනය‘ වන වචනය නිතර භාවිතා කළ නමුත් එය බොහෝ විට යෙදුවේ වැරදි අවස්ථාවන් සඳහා ය. ‘චරිතාපදානය‘ යන වචනය පවා ඇය දන්නේ නැත. ඇය ඒ වෙනුවට පැවසුවේ ‘චරිතප්‍රධානය‘ කියා ය. සිංහල බස නිවැරදිව හසුරුවන තාත්තා විසින් කියවා ඇති ගෙදර තිබෙන පත පොතවත් ඇය පරිශීලනය කර නැති බව මොනවට පෙණින.
    මේ නිසා නිසි ලෙස සරල සිංහල වචන වල අරුත් පවා නොදන්නා චතුරිකා විසින්ම මේ පොත ලීවේ දැයි සැක පහල වූ බැවින් ලංකා ඊ නිව්ස් ඒ පිලිබඳව සොයා බැලීමට තීරණය කෙළේය.
    පොතේ නම සොරකම් කරලා
    අපට ප්‍රථමයෙන්ම හමුවූයේ මෙම පොතේ නම වන “ජනාධිපති තාත්තා“ යන්න පවා ඇය විසින් සොරකම් කරගෙන ඇති බවයි. ‘ජනාධිපති තාත්තා‘ යනු 2001 දී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ප්‍රසිද්ධ නාට්‍යයක නමයි. ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් නිෂ්පාදනය කළ එම නාටකයේ නම චතුරිකා විසින් සොරකම් කර ඇතැයි අප ස්ථිරවම පවසන්නේ ඇය තම පොතට එම සම්මානනීය නම යොදා ගැනීමට පෙර ඉන්දික ෆර්ඩිනැන්ඩු ආචාර්ය තුමන්ගෙන් නිකමට හෝ අසා අවසර ලබා ගැනීමක් හෝ දැනුම් දීමක් හෝ කර නැති නිසාය. එවැනි සදාචාරයක් රැකිය යුතුව තිබිණි. චතුරිකා කරන ලද සොරකම නිසා ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ රාජ්‍ය සම්මානලාභී නාට්‍යයේ පෙළ පොතක් ලෙස ප්‍රකාශනයට පත් කිරීමට දැන් ඉඩක් නැත.
    ඉන් පසුව අප සොයා බැලුවේ මෙම පොත ඇය විසින්ම ලියන ලද්දක්ද කියා ය.
    පොත ලිව්වේ වෙනත් අය
    අප වෙත වාර්තා වූයේ මෙම පොත ඇය විසින් ලියන ලද්දක් නොවන අතර ඇයට එවැනි ලිවීමේ හැකියාවක් නොමැති බවයි. මෙම පොතේ මුල් කොටස් ලියා ඇත්තේ ටෙලිකොම් සමාගමේ වෙළඳ අංශයේ ප්‍රධානියෙකි. ඉන්පසු ඔහු එය අත් හැර දමා ඇති අතර ඉතිරි කොටස් ලිවීම සඳහා වෙළඳ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ අයෙකු දායක කරගෙන තිබේ. ඔහු ද කොටස් කිහිපයක් ලිවීමෙන් පසු අත්හැර දමා ගොස් ඇති අතර ඉන්පසුව තුන් වැන්නෙකු විසින් පොත අවසන් කර තිබේ. මේ අයගේ නම් ගම් අප සතුව තිබෙන නමුත් ඔවුන්ගේ ඉල්ලීම මත නම් ගම් හෙලි කිරීමෙන් වළකිමු.
    ජනාධිපති දරුවන්ගේ පුදුම දක්ෂතා
    ලංකාව වැනි දකුණු ආසියාවේ පසුගාමී රටවල දේශපාලන නායකයන් ඉහළ තනතුරුවලට පත් වූ පසු ඔවුන්ගේ දරුවන්ට එතෙක් නොතිබූ අමුතු ‘දක්ෂතා‘ පහල වීමට පටන් ගනී. පසුගිය වනචර දශකයේ රාජපක්ෂලාගේ දරුවන්ටද එවැනි පුදුමාකාර ‘දක්ෂතා‘ පහළ විය. නාමල් රාජපක්ෂ නීතිඥ විභාගය සමත් වූයේ ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් සියයෙන් 98 ක් ලකුණු ලබා ගනිමිනි. යෝෂිත රාජපක්ෂගේ ‘දක්ෂකම්‘ අනුව එංගලන්තයේ ඩාර්ට්මවුත් රාජකීය නාවික ඇකඩමියේ පුහුණුවට යැවීමෙන් පසු එහිදී සැබෑ ‘දක්ෂකම්‘ හෙලිවීම නිසා එම නාවික ඇකඩමිය ලංකාවට පුහුණුව සඳහා ලබා දී තිබූ අවස්ථාව පවා අහිමි කළේය. රෝහිත රාජපක්ෂ රොකට් විශේෂඥයෙකු වී උඩුගුවනට සැටලයිටයක් පවා යැවූ නමුත් අද දක්වා එය සොයා ගැනීමට නොහැකි වී ඇත. රාජපක්ෂලා පරාජය වුනේ මෙවැනි කියුම් කෙරුම් රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ නිසාය. දැන් චතුරිකා සිරිසේනද විලි ලැජ්ජාවක් නැතිව එම ගමන් මගේම ඉදිරියට ගමන් කරමින් සිටින්නීය. ඇය මේ කරන්නේ මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව විසින් දින සියයකින් ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජනාධිපති පුටුවේ ඉන්දැවූ ඇගේ තාත්තාව ඒ හැට දෙලක්ෂයක් ජනතාවගේ විහිළුවට පාත්‍ර කිරීම බව ඇය නොදන්නවා විය යුතුය. මහින්ද රාජපක්ෂට වන්දි භට්ටියන් විසින් ‘මහරජාණෙනී‘ කී වාරයක් පාසා, වන්දිභට්ටයන් විසින් බුදු රජාණන් වහන්සේට මහින්දගේ ඇති ඥාතීත්වය ගැන පුරසාරම් කී වාරයක් පාසා මහින්ද රාජපක්ෂ රටේ බුද්ධිමත් ජනතාවගේ විහිළුවටත් අගෞරවයටත් පත් වූ බව එකල නාමල්ලාට තේරුම් ගියේ නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු කෝටිපතිනියක වී සිටින චතුරිකාට ද අද දවසේ මෙය තේරුම් යන්නේ නැත.
    ‘ජනාධිපතිධූර අහෝසි නොකළ තාත්තා‘
    දන්නා කාලයේ සිටම ජනතා මුදලින් ජීවත් වූ දර්ශනී චතුරිකා සිරිසේන මේ රටේ ජනතාවට අවංක වී නම් ලියවා ගත යුතුව තිබුනේ ‘ජනාධිපති තාත්තා‘ කියා ආඩම්බරකාර පොතක් නොව, දින සියයක් තුල ජනාධිපති ධූරය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වී පැමිණ දැන් වසර 3 කට ආසන්න වී නමුත් එය ඉටු කර ගැනීමට නොහැකි වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන කණගාටු වී ඔහුට ඒ සඳහා බලපා ඇති බාධක හෙළිකරමින් ‘ජනාධිපතිධූර අහෝසි නොකළ තාත්තා‘ කියා පොතක් ලියවා ගැනීම ය. එවැන්නක් ප්‍රකාශයට පත් කෙළේ නම් එය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපය වැඩි දියුණු කිරීමට හේතුවනු නිසැක ය. එදා සිරිසේන මහතා ජනාධිපති පුටුවේ වාඩි කරවීමට පමණක් නොව ජනහතුරන්ව සිටි රාජපක්ෂලා පන්නා දැමීම සඳහා එක අකුරක් ලියා ගත නොහැකි වූ චතුරිකා දැන් නටන නාඩගම් වලින් සිරිසේන මහතා විනාශ වීම ගැන අපට කණගාටු ය.
    කෙසේ වී නමුත් ලංකා ඊ නිව්ස් මේ සටහන තැබුවේ චතුරිකා සිරිසේනගේම ඉල්ලීම පරිදිය. ඊයේ ඇයගේ සම්මුඛ සාකච්ඡාව අවසානයේ දී ඇය ප්‍රසිද්ධියේ පවසන්නේ තම පොත ගැන ඕනෑම විවේචනයක් කරන ලෙසත් ඇය එය ‘ආඩම්බරයෙන්‘ බාර ගන්නා බවය. ( ඇය කිව යුතුව තිබුනේ ‘නිහතමානීව‘ බාර ගන්නා බව කියා නමුත් එහිදී ද ඇය පාවිච්චි කළේ වැරදි වචනයකි) එබැවින් මෙම විවේචනය පල වූ පසු රටේම සිටින ලංකා ඊ නිව්ස් ලඟ හිතවතුන්ට, අනුග්‍රාහකයන්ට දුරකථන ඇමතුම් දී මේ සටහන ඉවත් කරන්නැයි ඔවුන් ලවා අපට බලපෑම් නොකරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.


    From:- FB
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    E news පොරට නම් හොඳට සුරංගනා කතා ලියන්න පුළුවන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් ඕකෙ ඔය කියන තරන් වරදක් දකින් නැ...තමන්ගෙ තාත්ත කාටත් වටිනව...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම තමා රාජ ඌස්නේ ගහනවා ටික කාලයක් ගියාම කාට උනත්, පොත් ලියාගන්න සින්දු ලියාගන්න එහෙම ආසාවල් උපදිනවා :P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකිට රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් යාන වාහන හෙලිකොප්ටර් බිලියන ගණන් ඉඩම් කොලබ එපර්ට්මන්ටස් අරන් දීල ක්‍රිකට් ග්‍රවුන්ඩ්ස් ටික රෙන්ට් කරන්න දීල අගමැතිගේ වගේ බලතල දුන්නම එතාත්තට වැදලා පුලා මදි මේවගේ පොත් ලියන්න ඕන එක පව් නැ තමා :lol::lol:

    අපිටනම් ඉතිහාසේදී කියන්න වෙන්නේ රටේ අවලම්ම ජනාදිපති කියල :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මරුසිරා;22234047 said:
    ඒකිට රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් යාන වාහන හෙලිකොප්ටර් බිලියන ගණන් ඉඩම් කොලබ එපර්ට්මන්ටස් අරන් දීල ක්‍රිකට් ග්‍රවුන්ඩ්ස් ටික රෙන්ට් කරන්න දීල අගමැතිගේ වගේ බලතල දුන්නම එතාත්තට වැදලා පුලා මදි මේවගේ පොත් ලියන්න ඕන එක පව් නැ තමා :lol::lol:

    අපිටනම් ඉතිහාසේදී කියන්න වෙන්නේ රටේ අවලම්ම ජනාදිපති කියල :dull:

    :lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මරුසිරා;22234047 said:
    ඒකිට රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් යාන වාහන හෙලිකොප්ටර් බිලියන ගණන් ඉඩම් කොලබ එපර්ට්මන්ටස් අරන් දීල ක්‍රිකට් ග්‍රවුන්ඩ්ස් ටික රෙන්ට් කරන්න දීල අගමැතිගේ වගේ බලතල දුන්නම එතාත්තට වැදලා පුලා මදි මේවගේ පොත් ලියන්න ඕන එක පව් නැ තමා :lol::lol:

    අපිටනම් ඉතිහාසේදී කියන්න වෙන්නේ රටේ අවලම්ම ජනාදිපති කියල :dull:

    loweth machan
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    තාත්තා රටේ ලොකුම තනතුරට එනකොට දරුවන්ට ජානවලවත් තිබ්බේ නැති මහ දක්‍ෂතා, වීරකම් ,උගත්කම් මැවෙනවා නිකං සට සට ගාලා....මේ පොත් කෙරුවාවත් ආන් ඒ වගේ එකක්....:lol::lol::lol::lol::lol:ඒක අතීතයෙත් උනා මේ දැන් වෙනවා වගේ වර්ථමානයෙත්...අනාගතයේ දවසක....සත්ගුණවත් ජනතාවාදි උත්තමයෙක් ආවත් වෙන්නත් මේ සිද්ධිම තමයි....
     
    Last edited: