“ටිකිරා” අවසානයේ මියගියාය

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    “ටිකිරා” අවසානයේ මියගියාය

    tikira.jpg

    පසුගිය කාලයේ මහනුවර ඇසළ පෙරහැර සමයේ, අයහපත් සෞඛ්‍ය තත්වය සැලකිල්ලට නොගිනිමින් පෙරහැර සඳහා සහභාගී කරගත් බවට දෙස් විදෙස් පාර්ශව වලින් චෝදනා එල්ලවූ “ටිකිරා” ඇතින්න මිය ගිය සංවේගාත්මක පුවත වාර්තාවේ.
    ඇතින්න පෙරහැරේ යෙදවීම
    සත්ව හිංසනයක් ලෙස ප්‍රකටවූ පසු පළමුදින සංචාරයෙන් පසු බලධාරීන් ඇතින්නව ඉන් ඉවත් කළ අතර නිදහසට කරුණු කියමින් දන්වා තිබුනේ බාරයක් ඔප්පු කිරීමට පමණක් ඇයව සංචාරයේ යෙදවූවා මිස පෙරහැරට මෙවර සම්බන්ධ කර නොගත් බවය.
    70 හැවිරිදි වියේ සිටි
    ඇතින්න ආහාර අවශෝෂණ ගැටලුවකින් පීඩා විඳි අතර මේ නිසාම සිරුර වැහැරුණ වයෝවෘද්ධ ලක්ෂණ කැපී පෙනෙන ලෙස මතුව තිබුණි.
    එම ඇතින්න පෙරහැරට සහභාගී කරගැනීමෙන් පසු ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය වල ඉහළින් වාර්තා විය. එම ක්‍රියාව ආන්දෝලනයකට හේතුවක් විය.

    ටිකිරා වෙනුවෙන් බොහෝ සමාජ මාධ්‍ය තුළද වාර්තා පළවූ නමුත් ලංකාවේ බලධාරීන් හැමවිටම උත්සාහ ගෙන තිබුනේ ඇතින්නගේ හිමිකරුවන් ආරක්ෂා වන ලෙස ප්‍රකාශ නිකුත් කිරීමටය.

    ආසියානු ඇතෙකුගේ ආයු කාලය වයස අවුරුදු 50-60 ක් පමණ වන අතර ටිකිරා වයස අවුරුදු 70 වන තෙක්ම තම සේවාව පවත්වාගෙන ගියා ය. එනමුත් බොහෝ දෙනෙකුගේ අදහස වූයේ එතරම් වයස්ගත වන තෙක් ඇතෙකුගෙන් සේවය ලබා ගැනීම නුසුදුසු බවයි.
    කෙසේ වෙතත් සිදුවූ යහපත් දේ නම්, හීලෑ අලි ඇතුන් සඳහා විශ්‍රාම වයසක් හඳුන්වා දීමට මෙරට බලධාරීන් ගේ සහ දේශපාලඥයින් ගේ අවධානය යොමු වීමයි.
     
    • Like
    Reactions: harshana_mahesh

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනම සතෙක් මැරෙනව තමයි, හරිම සාමන්ය දෙයක්..:yes::yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    අලියෙක්ගේ සාමන්‍ය ආයු කාලය අවුරුදු 60 ක් වගේ. අලියකුට අවුරුදු 10 කට සැරයක් වගේ දත් එනවා. දත් set 5 යි. ඒ කියන්නේ අන්තිම දත් ටික එන්නේ 50 ගනන් වල. අපේ වගේ නෙමේ අලින් ගේ දත් ඉක්මනට ගෙවෙනවා. ඉතින් අවුරුදු 60 පැන්නට පස්සේ දත් නැතුව කන කෑම ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේ ඇතින්න අවුරුදු 70 ක් හිටියේ මිනිස්සු ලග හිටිය නිසා. මේහෙම අලි ගැන නෙමේ . අර හබරණ අලි සෆාරි ගෙනියන අලි ගැන කතා කරන්න ඕනේ. උන් අවුරුදු 25ක් විතර යනකොට මැරිලා යනවා. ඒවා අපේ NGO වලට පේන්නේ නැහැ. හැබයි ඉස්සර සත්තු ගැන තිබ්බ එව්වා කතා කලා. හැම ලබ්බටම කෑ ගහන දැන් සෙට් එකට ඔයා පෙන්නේ පෙරහැර හින්දා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Me TIKIRA nisa lankawe nama lokema ketha wuna
    Eka E Sathage Weraddak neme, MAruna A Sathata Honda athmayak Lebewa kiyala Prarthana Karanawa

    Me Athinnage, Ayithikaruta achchu karanna ona, eya thamai weradi wede kare....

    Lankawe perahera nawaththanna godak NGO karayo dangalanwa

    Perahera yana welawata un set wela, alinge es walata light allanawa..
    Mewage weda karala ali kulappu karala wede awussanna godak aya innawa...
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    අලියෙක්ගේ සාමන්‍ය ආයු කාලය අවුරුදු 60 ක් වගේ. අලියකුට අවුරුදු 10 කට සැරයක් වගේ දත් එනවා. දත් set 5 යි. ඒ කියන්නේ අන්තිම දත් ටික එන්නේ 50 ගනන් වල. අපේ වගේ නෙමේ අලින් ගේ දත් ඉක්මනට ගෙවෙනවා. ඉතින් අවුරුදු 60 පැන්නට පස්සේ දත් නැතුව කන කෑම ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේ ඇතින්න අවුරුදු 70 ක් හිටියේ මිනිස්සු ලග හිටිය නිසා. මේහෙම අලි ගැන නෙමේ . අර හබරණ අලි සෆාරි ගෙනියන අලි ගැන කතා කරන්න ඕනේ. උන් අවුරුදු 25ක් විතර යනකොට මැරිලා යනවා. ඒවා අපේ NGO වලට පේන්නේ නැහැ. හැබයි ඉස්සර සත්තු ගැන තිබ්බ එව්වා කතා කලා. හැම ලබ්බටම කෑ ගහන දැන් සෙට් එකට ඔයා පෙන්නේ පෙරහැර හින්දා.

    truestory
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    :yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෙරහැර ඉලක්ක කරලම ගහන්නේ හේතුවක් ඇතුවනේ