ආණ්ඩුවේ බාධා නොතකා “නම් හෙළිකරනු” විරෝධතාව සාර්ථකව පැවැත්වේ
2010 නොවැම්බර් 15 වෙනි සදුදා, 15:29
යුද්ධය පැවති වකවානුවේ අත්අඩංගුවට ගනු ලැබූ ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ගේ නම් හෙළි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් “අපි ශ්‍රී ලාංකිකයෝ” සංවිධානය විසින් සංවිධානය කරන ලද පෙත්සම් එකතු කිරීමේ ව්‍යාපාරය අති සාර්ථකව යාපනය නගරයේදී පැවැති බව අප වාර්තාකරු පවසයි.
අප ශ්‍රී ලාංකිකයෝ සංවිධානයේ ප්‍රකාශයකයකු පැවසුවේ පෙත්සම් එකතු කිරීමේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කර එම අවස්ථාව සඳහා යාපනයේ වැසියන් විශාල ප්‍රමාණයක් සහභාගීවූ බවයි.
මෙම අවස්ථාවට නායක සෝමවංශ අමරසිංහ, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් කිහිප දෙනෙකු ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් රාශියක් සම්බන්ධ වී සිටියහ.
මෙම අවස්ථාවට සහභාගීවූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු පිරිසකට ඊයේ දිනයේදී මැර ප්‍රහාරයක්ද එල්ල වූ අතර ඉන් බරපතල තුවාල ලැබූ ඔවුන්ට යාපනය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර පවා ලබා ගැනීමට සිදුවිය. කෙසේ වෙතත් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා ඇතුළු එම පිරිස විරෝධතාව සඳහා සහභාගී වී සිටියහ.
2010 නොවැම්බර් 15 වෙනි සදුදා, 15:29 යුද්ධය පැවති වකවානුවේ අත්අඩංගුවට ගනු ලැබූ ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ගේ නම් හෙළි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් “අපි ශ්‍රී ලාංකිකයෝ” සංවිධානය විසින් සංවිධානය කරන ලද පෙත්සම් එකතු කිරීමේ ව්‍යාපාරය අති සාර්ථකව යාපනය නගරයේදී පැවැති බව අප වාර්තාකරු පවසයි.
අප ශ්‍රී ලාංකිකයෝ සංවිධානයේ ප්‍රකාශයකයකු පැවසුවේ පෙත්සම් එකතු කිරීමේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ කර එම අවස්ථාව සඳහා යාපනයේ වැසියන් විශාල ප්‍රමාණයක් සහභාගීවූ බවයි.
මෙම අවස්ථාවට නායක සෝමවංශ අමරසිංහ, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් කිහිප දෙනෙකු ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් රාශියක් සම්බන්ධ වී සිටියහ.
මෙම අවස්ථාවට සහභාගීවූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු පිරිසකට ඊයේ දිනයේදී මැර ප්‍රහාරයක්ද එල්ල වූ අතර ඉන් බරපතල තුවාල ලැබූ ඔවුන්ට යාපනය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර පවා ලබා ගැනීමට සිදුවිය. කෙසේ වෙතත් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා ඇතුළු එම පිරිස විරෝධතාව සඳහා සහභාගී වී සිටියහ.
Den Sinhala Chanda Nethi ake demala chanda walatawath try karamu