“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&#34

Modgoviya

Member
Aug 25, 2008
3,787
22
0
MaGe KumBuRE
“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&#34

උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න..
එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි.

පහත දැක්වෙන්නේ ඒ ගීතයේ අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝ එකක්, මඳකට එය නරඹන්න…



අටවිසි පිරිතේත්, පිරිත් පේ කිරීමේදීත්, මහ පිරිතේ අන්තිමටත් මේ ආශීර්වාද ගාථා රත්නයෙන් ආශීර්වාද කරන බව බෞද්ධ ඔබ දන්නවා ඇති.

මහා මංගල සූත්‍රයේ අඩංගු මංගල කාරණා ජීවිතයට උදාවෙන්න කියලයි මෙහෙම ආශීර්වාද කරන්නේ, ඒත් මෙම ගයාන් පෙරේරා නැමැති පුද්ගලයා විසින් ඔහුගේ කසිකබල් සින්දු වලට ඒ පිවිතුරු උත්තරීතර ආශීර්වාදය යොදාගෙන තිබෙන්නේ ඊනියා මධුසමයක් එක්ක සම්බන්ධ කරලයි.

මිනිසුන්ගේ රාගය අවුස්සන අනඟ ‍රැඟුමක පසුබිකට මේ පිවිතුරු ගාථාරත්නය යෙදීමෙන් මොවුන් මොකක්ද අදහස් කරලා තියෙන්නේ. මඟුල් ගෙදරකදී වුණත් මේ ගාථා වලින් ආශිර්වාද කරද්දී මනාල යුවළ කොතරම් සංයමයකින් සිටිනවාද කියල ඔබ දන්නවානේ.



සුනිල් පෙරේරාත් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට කොතරම් අපහාස කළ පුද්ගලයෙක්ද කියා ඔබ දනන්වා ඇති. “අයි ඩෝන්ට් නෝ වයි” වැනි ගීත දෙස බලන විට, ඔහුගේ ගීත වල ඇත්තේ සිංහල බෞද්ධයන් කෙරෙහි ක්‍රෝධය නොවේද? ඒ ගැන අනුකම්පා කරමින් කිසිවක් නොකර සිටි නිසා දැන් ඔහුගේ පුතන්ඩියා වන ගයාන් පෙරේරාත් බුදු දහමට දිගට හරහට පහර දෙන්න පටන් අරගෙන. මේ ගැනත් කිසිදු නීතිමය පියවරක් නොගෙන සිටියොත්, රුපියල් ශත ඉදිරියේ ඕනෑම දහදුරා වැඩක් කරන මොවුන් ඉස්සරහට “අකෝන්” කළාක් මෙන් බුදුන් ඉදිරිපිට නිරුවත් කාන්තාවන් නර්තනයේ යෙදෙන ගීත වුණත් හදන්නේ නැතිව සිටීවිද?

මිතුර, මේ අපගේ පූජනීය බුදු දහම ඉලක්ක කරගෙන සැලසුම් සහගතව කරන ලද ප්‍රහාරයක්. අමා මෑණියන් වහන්සේට පස් වරක් පුද දෙන ලද මේ පින් බිමේදීම සිටිමින් ඔවුන් මේ සමච්චලයට ලක් කරන්නේ ඔබගේ මුතුන් මිත්තන් අවූරුදු දෙදහස් හයසීයක් කල් දිවි පුදා ‍රැක ගත් ඒ උතුම් බුදු දහමයි. ඔබට සසර දුකින් එතෙර වීමට උපකාරී කරන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, නිවන් දක්නා තුරා ඔබව ආරක්ෂා කරනා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, එවැනි අසත්පුරුෂයන්ගේ පහත් ආශාවන් තෘප්තිමත් කර ගැනීමට හා නින්දාවට ලක් කිරීමට ඉඩ දී කිසිදු නීතිමය ක්‍රියාවක් ගන්නේ නැතිව උඩබලාගෙන සිටිමුද?​



ඔබ අසා තිබෙන්න පුළුවන් ඉහත දැක්වෙන ඉරාජ්ගේ “සිත්ති මනීලා” ගීතය. අන්න ඒ ගීතය දැන් ශ්‍රී ලංකාව තුළ තහනම් කරලා. ඒකට හේතු වුණේ ඒ ගීතය අතරමැද මුස්ලීමුන්ගේ අල්ලාහ් වෙනුවෙන් සලාත් (Pray) කරන නාදයක් ඇතුළු කර තිබීමයි. එහෙම වෙලා තියෙද්දීත්, අමු අමුවේ බුදු දහමට අපහාස කරන “ටිකෙන් ටික” ගීතය තහනම් නොකළොත් ඉන් හැඟවෙන්නේ සිංහලයන්ගේ රටේ සිංහලයන්ට වඩා මුස්ලීමුන් බලවත් කියල නොවෙයිද?

“මට ඔබට වෙඩි තැබිය හැකිය, ඒත් ඔබට ඒ ගැන පොලීසියටවත් පැමිණිලි කළ නොහැක, ඒ ඔබ අන් අයට මෙත් වඩන බෞද්ධයෙක් බැවිනි, පොලිසීයට පැමිණිලි කළොත් ඔබ මට ක්‍රෝධ කළා වෙයි….. අබෞද්ධ අප දඩයක්කරුවන්ය, ඒත් ඔබ බෞද්ධයෙක් නිසා දඩයම බවට පත් විය යුතුය” ඔන්න ඕක තමයි අද කාලයේ අබෞද්ධයින් විසින් සිංහල බෞද්ධයන්ට කියන්නේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ මෙහෙම දැක්වෙනව.

9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).

සිංහල බෞද්ධයින් වන අපි කිසිදාක සතුරෙකුටවත් වෛර කරන්නේ නෑ. එනිසාම විහින් තම සසර ගමන දික් කරගත් ගයාන් පෙරේරා කෙරෙහිත් අපිට වෛරයක් නෑ. ඒ මෛත්‍රීසහගත සිතුවිලි සහිතවම, ගයාන් ඇතුළු බෞද්ධ විරෝධී කල්ලියේ නීතිවිරෝධී වැඩපිළිවෙළට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි සියල්ලන්ම එක්කාසු විය යුතුයි.

සෑම පොහොයකටම තම මැදුරේදී බණ අසන පින්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි, මේ සිංහල රටේ ථේරවාදී සම්ප්‍රදායේ භාරකරුවා වන ඔබතුමාගෙන් අපි ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ අංශ යොමු කරන ලෙසටයි. ක්‍රිස්තියානි ආගමට අපහාස වෙන “The Da Vinci Code” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, ළමා අපචාරයක් පෙන්වන අසෝක හඳගමගේ “අක්ෂරය” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, බුදු දහමට අපහාස කරන එම “ටිකෙන් ටික…” ගීතයත් තහනම් කර මේ පව්කාරයාට රටේ නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අදාළ අංශ යොමු කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. ඔබතුමාට පියෙක්ට සේ ආදරය කරන සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු කඩ කර ඔබතුමාට ඇති ජනබලය නැති කරගන්න එපා.
 
  • Like
Reactions: Mahaawansha

Modgoviya

Member
Aug 25, 2008
3,787
22
0
MaGe KumBuRE
පිස්සු පුසා;12031465 said:
මේවා කියන්න ඕන මෙයාලගේ සින්දු රසකර කර අහන සුකිරි බටිල්ලන්ට

මමත් මචන් පෞද්ගලිකව මොවුන්ගේ ගීත වලට ප්‍රිය කරනවා නමුත් මෙවැනි ක්‍රියාවන් අපේ බෞද්ද කමට නිගරු කරන ක්‍රියාවන් ම කිසි සෙත් පිළිගන්නේ නෑ
 

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    sad


    Me ratey anik okkoma aagam wenuwen katha karanna konda pana tiyena aagamika nayakayo innawa

    Catholic ayata loku personality ekak tiyena baya nathuwa kata karana Cardinal thumek innawa..Desapalana nayakayo godak innawa

    Muslim ayata podi hari islam walata nogalapena sinduwak,film ekak awoth baya natuwa kelin kata karana aagamika nayakayo,deshapalana nayakayo godak innawa..

    Baudda ayata ehema kawruth naha..ayala huda kala welaa..asarana karala..Godak aagamika nayakayo thamange aagama,prathipaththi desapalakayo,Fm channel,TV channel,dirty business karayo gawa ugastiyala..Ayala baudda aagamika nayakayo unata kiyanne wena agamwala bana..kotinma kiyanawanam unwahansela "nuuuthana pashchathwadee" dewal kiyanne...sadacharaya,sanskruthiya bida damannalu..family concept epalu...
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අන්තවාදීව හිතන්න එපා බන් ඉස්ලාම් වගේ නෙවෙයි බෞදධ දර්ශනය අන්තවාදී නෑ.මෙතන වැරදි විදියට ඡය මංගල ගාථා භාවිතා වෙලා නෑ.මංගල අවස්ථාව නීරෑපනය කීරීමට විතරයි යොදා ගෙන තියෙන්නේ.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Nayana hettiarachige kawruhari sunil ayyalage gewal patthenwath giyadooooooo.... mara seen ne wenne ..:D:D:D
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    937
    113
    අන්තවාදීව හිතන්න එපා බන් ඉස්ලාම් වගේ නෙවෙයි බෞදධ දර්ශනය අන්තවාදී නෑ.මෙතන වැරදි විදියට ඡය මංගල ගාථා භාවිතා වෙලා නෑ.මංගල අවස්ථාව නීරෑපනය කීරීමට විතරයි යොදා ගෙන තියෙන්නේ.
    :):):)
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    937
    113
    meke koheda yako rap karala thiyenne? madusamaya gatha karana awasthawak? umbata pissuda ban?
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    අනේමන්ද මම නම් මේ වීඩියෝ එකේ කිසි වැරද්දක් දකින්නේ නැ
    මෙච්චර කාලෙකට මෙයාලා කිව්වා සින්දු වලින් හොදම එක තමා මේක මට ඔය කියන බ්ලොග් පොස්ට් එකේ විදියට මේ වීඩියෝ එකේ කොහෙද මදුසමයක් ගැන තියෙන්නේ මට එක පෙන්නන්න පුලුවන්ද?
    අනේ මම නම් දැක්කේ වෙඩින් එකක් මිසක් වෙන මුකුත් නෙමේ ඉතින් එකට ඔය ගාථාව දාපු එක වැරද්දක්ද? ?

    අනික ඔය පොස්ට් එකේ මන් දැක්ක කියල තියෙනවා ඉරාජ් ගේ සින්දුවක් තහනම් කරා කියලා
    එත් අනේමන්ද තහනම් කර සින්දුවක් කොහොමද රේඩියෝ චාර්ට් ෂෝ වල ප්ලේ වෙන්නේ ? අනික මියුසික් අඩවි වල තවම ඒ සින්දුව තියෙනවනේ එහෙම නම් තහනම් කර නම් ඒ අඩවි වලින් එක අයින් කරන්න ඕනේ ටීවී චැනල් වල උදේ හවස එක පෙන්නනවා එහෙම නම් එකත් තහනම් කරන්න ඕනේ


    කව්රු මොනා කිව්වත් ටිකෙන් ටික සින්දුව කාලෙකට පස්සේ හිට් වෙච්ච සින්දුවක් ඔයාල ඒ ඒ සින්දුව කියන ගායකයන්ගේ ආගම දිහා බලල ඔහොම කියනවා එක වැරදියි
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අන්තවාදීව හිතන්න එපා බන් ඉස්ලාම් වගේ නෙවෙයි බෞදධ දර්ශනය අන්තවාදී නෑ.මෙතන වැරදි විදියට ඡය මංගල ගාථා භාවිතා වෙලා නෑ.මංගල අවස්ථාව නීරෑපනය කීරීමට විතරයි යොදා ගෙන තියෙන්නේ.


    හරියට හරි
    ගොඩක් වීඩියෝස් වල වෙඩින් එක එහෙම පිටින්ම පෙන්නනවනේ
    මේගොල්ලෝ වෙනසකට එක දාල
    අනික මේකේ කියල තියන විදියට රැප් කරලා නෑනේ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමත් මචන් පෞද්ගලිකව මොවුන්ගේ ගීත වලට ප්‍රිය කරනවා නමුත් මෙවැනි ක්‍රියාවන් අපේ බෞද්ද කමට නිගරු කරන ක්‍රියාවන් ම කිසි සෙත් පිළිගන්නේ නෑ
    මමත් මෙයාගේ සිංදු වලට කැමතියි... නමුත් මේ සිද්දිය සුනිල් පෙරේරාගේ සිංදු තුලත් තියනවා.. මට පේන්නේ මෙයාලා සිංදු වලදි තවත් කෙනෙකුට ආගමකට අපහාස වෙනවද කියන කාරනය සලකන්නෙ නෑ:angry:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අන්තවාදීව හිතන්න එපා බන් ඉස්ලාම් වගේ නෙවෙයි බෞදධ දර්ශනය අන්තවාදී නෑ.මෙතන වැරදි විදියට ඡය මංගල ගාථා භාවිතා වෙලා නෑ.මංගල අවස්ථාව නීරෑපනය කීරීමට විතරයි යොදා ගෙන තියෙන්නේ.

    Uba nam sira kollek
    mama ube keema 100 % k anumata karanawa ban ..