“ලෝකේ කැතම ගැහැණිය”ඒත් මම ජීවිතයට මුහුණ දු&#35

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    “ලෝකේ කැතම ගැහැණිය”ඒත් මම ජීවිතයට මුහුණ දු&#35

    “පාසලේදී හැමදාම විහිළුවට ලක් වුණු මාව “ලෝකේ කැතම ගැහැණිය” කියලා නම් කළ මොහොතේ මම පුදුමාකාර විදිහට දුක් වුණා..” – ඔලුවට වෙඩි තියාගන්න කියලා මට සමහරු කිව්වා, ඒත් මම ජීවිතයට මුහුණ දුන්නා (PHOTOS)

    සංසාරේ කරපු පිනක් නිසා ලැබුණු මිනිස් ආත්මය ආරක්ෂා කරගන්නවා නම් ඒ තමයි ජිවිත ජයග්‍රහණය. ඊට හොදම නිදසුන lizzie velasquez. වර්ෂ 1989 මාර්තු 19 දා ඇමරිකාවේ Texas කියන ප්‍රාන්තයේ ඉපදුණු ඇය අද ලෝකයම දන්න යුවතියක්. වයසට වඩා විරූපී පෙණුම කාලයකදී ඇයව ප්‍රතික්ෂේප කරද්දී ඒ ප්‍රතික්ෂේප කිරීම ඇය විසින්ම අභියෝගයක් කරගත් නිසා කෙට් කලකින්ම ඇය ලෝකයේම අවධානය ගන්න සමත් වෙනවා.

    ඒ නිරහංකාර චරිතය දැන් ලෝකයටම ආදර්ශය සපයමින් motivational speaker කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඇය කෘතීන් ලියනවා.මේ ලෝකේ කැතම ගැහැණිය ලෙස නම් වුණු ඇය ගැන විදෙස් පුවත්පතක සදහන් වූ ලිපියක් හිරු ගොසිප් අපි පරිවර්ථනය කළා. මේ ඒ නිරහංකාර ගැහැණියගේ කතාවයි
    “මම මගේ අම්මාගේ කුසින් මෙලොව එළිය දුටු මොහොතේම මගේ ස්භාවය හා රෝගය ගැන වෛද්‍යවරු මගේ දෙමාපියන්ට කියලා තියෙනවා. ඒ මොහොතේ මගේ අම්මයි තාත්තයි මාව ප්‍රතික්ෂේප කළේ නැහැ.වෛද්‍යවරුට කියලා තියෙන්නේ කොහොම හරි මගේ දරුවාව මම හදාගන්නවා කියලා. ඒ වගේම මගේ දෙමාපියන් මට කිසිම අඩුවක් නොකර මාව සතුටින් තිබ්බා. උස්මහත් කළා. මට අවශ්‍ය සියලු දේ දුන්නා.

    ඔවුන් හිතින් දුක් වෙන්න ඇති ඒත් කොයිම මොහොතකවත් මට එය දැනෙන්න ඉඩ දුන්නේ නැහැ.මම දවසින් දවස ලොකු වෙද්දී මගේ වෙනස මට තේරෙන්න පටන් ගත්තා. මම ගෙදරින් විතරයි ප්‍රතික්ෂේප නොවුණේ. පාසල,මගතොට, මිනිස්සු අතරේ මාව ප්‍රතික්ෂේප වුණා. පාසලේ හැමදාම මාව විහිළුවට ලක් වෙනවා. ඇතැම් දවස්වලට මට ඒ විහිළු දරා ගන්න බැරි තරම්. මම කොලේජ් ඉන්න කාලේ මගේ වීඩියෝ එකක් කවුරු හරි අරගෙන යූ ටියුබ් එකට දාලා තිබුණා. මම දැක්කේ අහම්බෙන්. එහි සටහන් වුණේ “ලෝකේ කැතම ගැහැණිය” කියලා. තත්ත්පර කිහිපයක් විකාශය වෙන ඒ වීඩියෝ එක දින කිහිපයක් ඇතුළත ලක්ෂ 40ක් ඉක්මවලා නරඹලා තිබුණා. ලෝකේ කැතම ගැහැණිය කියලා මාව නම් කරලා තියෙනවා දැක්කම මට පුදුමාකාර දුකක් ඇති වුණේ..
    ඒ වීඩියෝව යටින් එක එක්කෙනා අදහස් ප්‍රකාශ කරලා තිබුණා. කෙනෙක් කියලා තිබුණා එයාලට කරන උදව්වක් විදිහට මගේ ඔළුවට වෙඩි තියා ගන්න කියලා. දුක් මහන්සියෙන් මගේ දෙමාපියන් මාව හැදුවා. මම විතරක් නෙමයි ඒ අයත් අවමන් වින්දා. ඒත් මගේ දෙමාපියන් මට ජිවත් වෙන්න ශක්තිය දුන්නා.පිටස්තරයින්ගේ කෙනෙහිලිකම් මාව ශක්තිමත් කළා. ලෝකේ ඉන්න කැතම ගැහැණිය කියන කතා අහන්න ලියන පොත් කියවන්න අද බොහෝ දෙනා කැමතියි..ඇයි ඒ. මම මාව සුරුපිනියක් විදිහට දැකලා ලෝකේ අවධානය ගන්න කටයුතු කළ නිසයි..”
    ඇය ඇයගේ ලස්සන දුටුව නිසා 2010 වර්ෂයේ “Lizzie Beautiful” කෘතිය ලියනවා. ලෝකේ කැතම ගැහැණිය මේ කියන්නේ මොනවාද කියලා බලන්න මේ කෘතිය බොහෝ දෙනා මිලදී ගන්නවා. මුල් කෘතියම පිටපත් දසදහස් ගණනක් අලෙවි වෙනවා. මේ තමයි ඇයගේ සාර්ථකත්වය.පසුව ඇය 2012 වර්ෂයේ Be Beautiful, Be You, 2014 වර්ෂයේ Choosing Happiness, වර්ෂ 2015 දී S bella, s t misma, වගේම මේ වර්ෂයේ ඒ කියන්නේ 2017 වර්ෂයට ඇය Dare to Be Kind කෘතිය ලියනවා. මේ හැම කෘතියකින්ම ඇය ලෝකයේම අවධානය ගන්නවා. මිට වඩා ඇය අවධානය ගන්නේ ඇයගේ ධනාත්මක චින්තනය ලෝකයට ප්‍රකාශ කරමිනුයි.
    “අනිත් අයට වගේ මට සුන්දර ළමා කාලයක් තිබුණේ නැහැ. තරුණ අවදියට ආවට පස්සේ අනිත් තරුණියන්ට වගේ මට ආදරේ කරන්න පෙම්වතෙක් හිටියේ නැහැ. මමත් ආසාවෙන් හිටියා තරුණයෙකුගේ ආදරය ආරක්ෂාව උණුසුම විද ගන්න. ඒත් මට ඒ දේ උරුම නැහැ.මුල් කාලේ මම දුක් වුණා. ඇඩුවා, නමුත් මම දැන් දුක් වෙන්නේ නැහැ.මම කැමතියි මට සැබෑ ආදරයක් ලැබෙනවා නම්. හැබැයි ඒ ආදරය දැන් මට ලැබිලා තියෙන ප්‍රසිද්ධිය නිසා එන ආදරයක්ද කියන එක ගැන මම ගොඩක් සැළකිලිමත් වෙනවා. මාව අඳුනන්නෙවත් නැති කෙනෙකුගෙන් එන ආදරයක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ..”
    කතා කිරීම රැකියාව කරගත් ඇය ඇයගේ සිහින සැබෑ කරගන්න සෑම දිනකම උත්සහ ගන්න බව පවසනවා. ඒ වගේම ඇතැම් හීන යථාර්ථයක් කිරීමට ඇයට හැකිවීම ඇයට ලැබුණු වරප්‍රසාදයක් හැටියටයි ඇය දකින්නේ. අවංක විය යුතුයි. නමුත් එය දකින තරම් පහසු නැති බවයි ඇය කියන්නේ. අඳුරු වලාකුළු කිසි විටෙකත් ඉවතට නොයයි. අවාසනාවට, අඳුරු වලාකුළු කිසිදාක සදහටම යන්නට යන්නේ නැති බව ඇය කියයි. කුමක් සිදු වුණත්, අඳුරු වලාකුළු අතරින් දීප්තිමත් සූර්යයා සෑම විටම පායන්නට සූදානමින් සිටී. හිරුඑළිය හැම විටම ආපසු පැමිණෙන බැවින් කුණාටුවක් ආවොතින් ඊටද සුදානමින් සිටිය යුතු බව ඇය ලොවට හඩගා කියමින් යථාර්ථය පෙන්වා දෙයි.

    l5.jpg
    l6.jpg
    l7.jpg
    l8.jpg
    l9.jpg
    l10.jpg
    l11.jpg
    l13.jpg
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මිනිස්සුන්ගේ රූපෙට කරන අපහාස උපහාස දැක්කම ලංකාවේ ඉන්න වැඩිමනක් උන් ඊළඟ ආත්මේ ඔයිට එහා ගිහින් ඉපදෙන්නේ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ඇමෙරිකාව ව‍ගේ රටක ඉපදුනු නිසා අපහාස උපහාස මැද උනත් ගෞරවාන්විත ජීවිතයක් ඇය ගෙවනවා. ලංකාව වගේ තුප්පහි මිනිස්සු ඉන්න රටක ඉපදුනානම් එහෙම සිය දිවි නාසාගෙන අවුරුදු ගානක් වෙනවා.
     

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඇමෙරිකාව ව‍ගේ රටක ඉපදුනු නිසා අපහාස උපහාස මැද උනත් ගෞරවාන්විත ජීවිතයක් ඇය ගෙවනවා. ලංකාව වගේ තුප්පහි මිනිස්සු ඉන්න රටක ඉපදුනානම් එහෙම සිය දිවි නාසාගෙන අවුරුදු ගානක් වෙනවා.

    ගෞරවාන්විත ජීවිතයක්